ළමායි…..මේ කතාවෙ කොල්ලගෙ නම තියෙන්නෙ “ශිවන්ග” කියලනේ.ඒ නම චුට්ටක් වෙනස් කරන්වා හොඳේ.දැන් ඒ කොල්ලගෙ නම “ශිවන්ත”)

කාලා ඉවර වෙලා බෑග් එකත් අරගෙන

මං ඒ සිල් මෑණියො පෙන්නපු කාමරේට ගියා.මට කොට්ටෙකුයි පොරවන්න සීට් එකකුයි ගෙනත් දීපු ඒ සිල් මෑණියො මං ගාවින් වාඩි වුනා.

“දැන් ඔය දරුවා නිදා ගන්න.අපි හෙට උදේට කතා කරමු………….”

මං ඒ සිල් මෑණියන්ට දණ ගහලා වැන්දා.එතුමිය කාමරෙන් ගියාට පස්සෙ මං ඒ ඇඳෙන් වාඩි වෙලා බෑග් එක ළඟට ගත්තා.

බෑග් එක අරිනකොට මගෙ අතට මුලින්ම අහු වුනේ ශිවන්ත උදේ මගෙ අතට දීපු බෑග් එක.මට හිතුණා ඒ පාර්සලේ ඇරලා බලන්න.

මං හිමිහිට ඒක විවෘත කරලා බැලුවා.ඒකෙ ලොකුවට ලියලා තිබුනා HAPPY BIRTHDAY JANVI කියලා.ඒ කුඩා පෙට්ටිය විවෘත කරලා බලපු මට මගෙ ඇස් අදහගන්න බැරි වුනා.ඒකෙ තිබ්බෙ රත්තරං මුද්දක්💍හරිම ලස්සන මුද්දක්.

ඒ මුද්දේ මැද තියන පුංචි හාර්ට් එකේ ඉංග්ලිශ් වලින් SJ අකුරු දෙක කොටලා💍 තිබුනා.Jකියන්නෙ ජාන්වි කියන එක.එතකොට S කියන්නෙ ශිවන්ත කියන එකනෙ.ඒත්…….🤔ඇයි ශිවන්ත මට මෙහෙම තැග්ගක් දුන්නෙ. SJ💍 කියන අකුරු දෙක කොටලා මුද්දක් හදලා දුන්නෙ ඇයි?මේ විදියට තෑග්ගක් දෙන්න තරම් අපි දෙන්නා අතර හැඳුනුම්කමක් තිබ්බෙ නෑනෙ.එයාට මාව නයාට අඳුකොළ වගේනෙ හිටියෙ. සාමාන්‍ය තෑග්ගක් දුන්නා නම් මට ඒක ඒ හැටි ගානක් නෑ.ඒත් මේක…..??අනේ මන්දා මට මේක හිතා ගන්නවත් බෑ. ඒත් එක්කම ඒ කවරෙ ඇතුලෙ තුනට හතරට නවපු හාෆ්ෂීට් කොලයක් තිබුනා.මං ඒක අරන් දිගෑරලා බැලුවා. ඒකෙ තිබුනෙ👇👇

හමුවේවා ආයෙ සංසාරේ දෑසින් වෙන් වූ ආදරී……….

හුරතල් මුහුණක හැඩ දැක ගන්නට පෙරුම් පුරා සංසාරේ……….

ඔබ සිහිපත් වන මේ හැම මොහොතෙම ඒ හැම මොහොතෙම නොඉඳුල් සෙනෙහස මතු වේ……….

මා පෙම් මා රසවත් කල රිඳුම් හැඟුම් මැද තනිවේ……….

පෙම් ඉතිහාසේ ඔබේ නමින් හැම පිටුවක් පාසා ලියමී…..//

පරාජයක් නැති ආදරයෙන් බර ඔබ මට හමුවුනු දිනයේ……….

එඩිතර ගැඟුමින් පිළිගන්නට පෙම

සුසුමක් හෙලුවේ රහසේ……….

ජීවන ගමනේ ඔයා සොයා හමුවෙන තුරු සංසාරේ……….//

අනේ දෙයියනේ😭😭මොනවද ශිවන්ත මේ ලියලා තියෙන්නෙ?ඒ කියන්නෙ එයා…..එයා මට ආදරේ කරලද?

ඒකද එයා මට මේ කියන්න හදන්නෙ?ඒත් ශිවන්ත මට කවදාවත් එහෙම දෙයක් ගැන කියලා නෑනෙ.එහෙම දෙයක් කියන්න තියා මට එහෙම දෙයක් මට අඟවලාවත් නෑනෙ.

හැම වෙලේම මං දිහා බැලුවෙ නපුරු විදියටයි තරහෙන්මනෙ.

එයාගෙ හිතේ මං ගැන ආදරයක් තිබ්බා නම් ඇයි මට නොකිව්වෙ?😫😫හැම දෙයක්ම හිතේ හංගගෙන හිටියම මං දන්නවද?😥😥

මං ආපහු අතට ගත්තෙ ඒ මුද්ද💍එහෙනම් ඇත්තටම ශිවන්ත මට ආදරේ හින්දා තමයි මෙහෙම තැග්ගක් දුන්නෙ.

අනේ දෙයියනේ මේ මනුස්සයට එක වචනෙකින්වත් මේ ගැන මට කියන්න තිබ්බා නේද?

මට ආදරෙයි නම් ඇයි මාව ගෙදරින් යැව්වෙ?එයාගෙ අම්මා මාව ගෙදර නවත්තගන්න හදද්දී එයාම ඒ තීරණේට විරුද්ධ වුනේ ඇයි? ඒ මුද්ද ආපහු ඒ පෙට්ටියටම දාලා ඒ හාෆ්ෂීට් කොලෙයි බෑග් එකටම දැම්මා. ෆෝන් එක අරන් බැලුවා.

හත් දෙයියනේ 😱😱මිස් කෝල් 248ක්.මගෙ පපුවට මොකක්ද වුනා.ෆෝන් එකට සයිලන්ස් වැටිලා තිබ්බෙ.ශිවන්ත්ගෙ ගෙදරින් එද්දී ෆෝන් එක බෑග් එකට දා ගත්තු පාර දැන්නෙ බැලුවෙ.ඒ කෝල්ස් 248ම ඇවිත් තිබ්බෙ එකම නම්බර් එකකින් නම් නෙවෙයි.නම්බර් හතරකින්.මගෙ මේ නම්බර එක දන්නෙ ශිවන්තයි එයාගෙ අම්මයි විතරයි.මේ නම්බර් හතරම ශිවන්තගෙ වෙන්න ඇති.ඒ
නම්බරෙන් අන්තිම වතාවට කෝල් එකක් ඇවිත් තිබුනෙ දැනට විනාඩි අටකට කලින්.

එහෙනම් අනිවාර්‍යෙන්ම ආයෙත් දැන් මෙයා කෝල් එකක් ගනියි. එහෙම හිතලා හුස්මක් ගන්න හම්බුනේ නෑ.ඒ නම්බරෙන් ආයෙත් කෝල් එකක් ආවා.ආන්සර් කරනවදෝ නැද්දෝ කියලා මං කල්පනා කරා. එහෙම හිතලා හිතලා මං ඒ කෝල් එක ආන්සර් කරා.කුණුහර්ප වර්ශාවයි. #@&#$=@##

“කොයි ලෝකෙද හු#### යෙ උඹ හිටියෙ?මං මෙච්චර කෝල්ස් ගත්තා. උඹේ කන් ඇහුන්නැද්ද වේ### යෙ? මට ඇත්ත කියපං උඹ අනුරාධපුරේ ගියා කියලා බොරු නේද කිව්වෙ?තෝ කොහෙද ඉන්නෙ?මොන මගුලෙද වේ### යෙ උඹ ගියේ?…………”😡😡📲

අනේ දෙවියනේ ශිවන්ත මට බැනපු විදියට මගෙ ඇඟට දාඩියත් දැම්මා. ශික්…..ගෑණු ළමේක්ට මෙහෙම කුණුහර්ප කියලා බනින්න මේ යකාට ලැජ්ජ නැද්ද?

“ඇ…..ඇයි ඔයා මට මෙහෙම බනින්නෙ?………..”😫📲

“බනින්නෙද?උදේ බස් ස්ටෑන්ඩ් එක දාලා ගියාට මං තොට කී සැරයක් කෝල්ස් ගත්තද?ඒත් ආන්සර් කරේ නෑ. අනුරාධපුරේ ගිහින් හිටපු මගේ යාලුවෙක්ට කියලා උඹ කියපු ගෙදර ඇඩ්‍රස් එකට ගිහින් බැලෙව්වා.උඹ එහෙ පැත්ත පලාතෙවත් ගිහිල්ලා නෑ. මට ඇත්ත කියපං ජාන්වී කොහෙද උඹ ඉන්නෙ?කාත් එක්කද උඹ පැනලා ගියේ?ඇයි උඹ මට බොරු කිව්වෙ අනුරාධපුරේ ගියා කියලා?උඹ දන්නවද උදේ ඉදන් මොන තරම් ගින්දරක්ද මගෙ පපුවෙ පත්තු වුනේ කියලා?……….”😡😡📲

“අනේ…..අනේ ම…..මං කාත් එක්කවත් පැනලා ගියේ නෑ ශිවන්ත සර්.අනේ මං ගැන වැරදියට හිතන්න එපා.ෆෝන් එකේ සයිලන්ස් වැටිලයි තිබ්බෙ.ඒකයි ඇහුන්නැත්තෙ.උදේ එහෙන් එද්දී ෆෝන් එක බෑග් එකට දැම්මට පස්සෙ දැනුයි අතට ගත්තෙ………..”😭😭📲

අඬ අඬාම මං ශිවන්තට එහෙම කිව්වා.එයා හිටියේ කේන්තියෙන් රතු කට්ටත් පැනලා කියලා මට තේරුණා. එහෙම කේන්ති ගන්න තරම් එයාට මාව වටිනවා නම් ඇයි මං ගෙදරින් යනකල් බලාගෙන හිටියෙ.

“දැන් තමුසෙ ඉන්නෙ කොහෙද කියනවා……….”😡😡📲

“නු…..නුවර……….”😭😭📲

“අනුරාධපුරයෙ යනවා කියලා බොරු කියලා ඇයි කියපන් උඹ නුවර ගියේ?……….”😡😡📲

“අනේ……අනේ……මට ඔහොම බනින්න එපා සර්.මට බය හිතුණා මගෙ අප්පච්චි සර්ගෙ යාලුවෙක් හින්දා මං අනුරාධපුරේ ගියා කියලා සර් අප්පච්චිට කියයි කියලා.ඒකයි මං එහෙ යන්නැතුව නුවර ආවෙ.මට සමාවෙන්න සර්………”😭😭📲

මං කොච්චර ඇඬුවත් ශිවන්තගේ කෝපය පිරුණු කටහඬේ අඩුවක් නම් වුනේ නෑ.

“දැන් තමුසෙ නුවර කොහෙද ඉන්නෙ?……….”😡😡📲

“නුවර මාලිගාව කිට්ටුවෙ සිල්මෑණිවරු ඉන්න ආරාමෙක……….”📲

“තමුසෙ කොහොමද එතෙන්ට ගියේ?……….”😡😡📲

“වෑන් එකකින් ගියේ සර්……….”📲

“හු### යෙ මං ඇහුවෙ උඹ කොහොමද ආරාමෙ හොයා ගත්තෙ කියලා……….”😡😡📲

“අපේ හාමුදුරුවෝ මාව ඒ ආරාමෙට යැව්වෙ.මං මාලිගාවට ආවෙ නැත්නම් ලොකු කරදරේකයි වැටෙන්නෙ සර්……….”😥😥📲

“තමුසෙ මං දීපු අර පාර්සලේ බැලුවද?……….”😠😠📲

එවර නම් ශිවන්තගේ කටහඬේ කෝපය මදක් අඩු වුනා.

“ඔ…..ඔව් සර්.මං ඒක බලද්දී තමයි සර්ගෙ කෝල් එක ආන්සර් කරේ……….”📲

“අර කොලේ තිබ්බ දේ කියෙව්වද?තමුසෙට අකුරු තේරෙනවනෙ?……….”📲

“ම….මං ඒක කියෙව්වා සර්.මෙ…… මේ……….”📲

“මොකද මෙ මෙ ගාන්නෙ?තමුසෙ ගොලු වුනාද?……….”📲

“නෑ සර්.මේ…..ඒකෙ තිබ්බ දේවල්?මේ.අර මුද්ද ඒක ගොඩාක් ලස්සනයි සර්……….”📲

“හ්ම්ම්.මං හෙට තමුසෙව එක්කන් යන්න එනවා.ලෑස්ති වෙනවා.මං මාලිගාවට ඇවිත් ඉන්නම් උදේ හත වෙද්දී……….”📲

“සර්…..මාව කොහාටද එක්කන් යන්නෙ?අනේ අප්පච්චි ගාවට එක්කන් යන්න නම් එපා මාව……….”😥😥📲

“තමුසෙට පිස්සුද ඕයි?මං තමුසෙව එක්කන් යන්නෙ මගේ ගෙදරට.හෙට මං එනවා.සිද්ද වුනු හැම දෙයක්ම මට කියනවා……….”😠😠📲

“හා සර්……….”📲

“දැන් නිදා ගන්නවා.ගුඩ් නයිට්……….”📲

“ගුඩ් නයිට් සර්……….”📲


“මොකද බං වුනේ?කොහෙද කෙල්ල ඉන්නෙ?…………”

“ඒකි ඉන්නෙ නුවර බං.අනුරාධපුරේ ගිහින් නෑ.පාන්දර තුන වෙද්දී ලෑස්ති වෙයන් නුවර යන්න.මං ඒකිට කිව්වා ඒකිව එක්කන් යන්න මං එනවා කියලා………….”

“උඹට හොඳටම ශුවර්ද කෙල්ල ඉන්නෙ නුවරමයි කියලා?සමහර විට උඹට ලණුවක් දුන්නා වෙන්න බැරිද?…………”

“ඉස්සෙල්ලා අපි හෙට ගිහිල්ලා බලමු. මං හිතන්නෙ ඒකි ලොකු අමාරුවක වැටෙන්න ගිහින් අනූනවයෙන් බේරිලා තියෙන්නෙ.දැන් ඉන්නෙ නුවර මාලිගාව කිට්ටුවෙ ආරාමෙකලු………..”

“මෙච්චර කට්ට කන්න ඕන්නෑනෙ බං උඹ.කෙලින්ම උඹට ඒකි මෙහෙ හිටපු දවස් වල උඹේ හිතේ තිබුනු දේ කියන්න තිබ්බෙ.එහෙම කිව්වා නම් ඒකි මෙහෙන් යන්නෑනෙ බං…………”

“උඹ දන්නවනෙ මට ඔය ගෑණු ගාව දෙකට තුනට නැවිලා පුරුද්දක් නෑ කියලා…………”

“හරි හරි.හෙට යමුකො…………”

ධනුක පිටත්ව ගිය පසු ශිවන්ත සිය කාමරයට විත් නිදා ගත්තේ අලුත් බලාපොරොත්තුවකින් යුතුවය.


පාන්දර යාමයේ මට විටින් විට ඇහැරුනි.මදක් වැස්ස නිසා සීතල බවක්ද දැනුනි.පාන්දර හයට අවදි වූ මං මූණ කට සෝදාගෙන විත් සූදානම් වූයේ මෙම ආරාමයේ ලොකු මෑණියන්ව මුණ් ගෑසීමටය.මා ඇයගේ කුටියට යන විට ඇය එහි සිටියාය.මම ඇයට දණ ගසා වැන්දෙමි.

“ඔය දරුවා දැන් මොකක්ද කරන්න හිතාගෙන ඉන්නෙ?………..”

පෙරදා සිදූ වූ සියල්ලම මම ඇයට පැවසුවෙමි.ඇය ඒවා හොඳින් අසාගෙන උන්නාය.

“එහෙනම දැන් ඔය දරුවා තේ එකක් බීලා සූදානම් වෙලා මාලිගාවට යන්න. මං ලොකු හාමුදුරුවන්ට කෝල් කරලා කියන්නම්………..”

මා සිටි කුටියට පැමිණි මං ඇදුම් මාරු කරගෙන නැවතත් ඇය වෙත පැමිණ දණ ගසා වැන්ඳෙමි.ඇය මට ආශිර්වාද කරාය.අසල ත්‍රීවිලර් රථයක් මට කතා කර දුන් ඇය මට මාලිගාවට යන්නැයි පැවසුවාය.මම එම ත්‍රීවිලර් රථයට නැග්ගෙමි.පැය භාගෙකින් පමණ මම මාලිගාව වෙතට පැමිණියෙමි.මා එහි යන විටත් ශිවන්ත පැමිණ උන්නාය. ඔහු දුටු මගේ හදගැස්ම වැඩි වූයේ පෙරදා රාත්‍රියේ ඔහු මට පරුෂ වචනයෙන් බැන්න ආකාරය මතක් වීය.

මතු සම්බන්දයි