ප්‍රභර්ෂ ඔයාට කෝල් එකක්…………..”

ප්‍රභර්ෂ හිටියේ බාතෲම් එකේ නිසා මං ෆෝන් එක අතට ගත්තා.ස්ක්‍රීන් එකේ සඳහන් වෙලා තිබ්බෙ sendra කියලයි. ආන්සර් කරනවදෝ නැද්දෝ කියලා හිතලා මං කෝල් එක ආන්සර් කරා.

“හෙලෝ…………….”📲

“Hello….prabharsha draling…………”📲

“ප්‍රභර්ෂ බාතෲම් එකේ තව ටිකකින් ගන්න…………..”📲

එහෙම කියලා මං ෆෝන් එක කට් කරා.

ඊට පස්සෙයි මට මතක් වුනේ මං සිංහලෙන් කතා කරාට ඒක සැන්ඩ්‍රාට තේරෙන්නෙ නෑනෙ.

ප්‍රභර්ෂයි සැන්ඩ්‍රායි ගැන මතක් වෙන වාරයක් වාරයක් ගානෙ මට මහා දුකක් ඇති වෙනවා.ප්‍රභර්ෂ මගේ සැමියා වුනාට එයාගෙ අයිතිය තියෙන්නෙ සැන්ඩ්‍රාට වුනත් මගෙ හිතේ ප්‍රභර්ෂ ගැන ලොකූ ආදරයක් ඇති වෙලා තියනවා.

එයාගෙ හිතේ සැන්ඩ්‍රා ගැන තියන ආදරෙන් එක බිඳක්වත් මට ලැබෙන්නෙ නෑ.එයා මං දිහා බලන්නෙ පිට කෙනෙක් දිහා බලන ගානට.මගෙ හිතේ තියන දුක කියන්න මට කවුරුවත් නෑ.

“නෙතූ…………..”

“ඇ…..ඇයි ප්‍රභර්ෂ?…………..”

“තමුසෙ මොකටද මට එන කෝල්ස් ආන්සර් කරේ?ඇත්ත කියනවා තමුසෙ මොනවද සැන්ඩ්‍රාට කිව්වෙ?……………”😡

“ඔයා බාතෲම් එකේ හිටියෙ නිසා මං කෝල් එක ආන්සර් කරේ.මං සැන්ඩ්‍රාට මොකුත් කිව්වෙ නෑ ප්‍රභර්ෂ.මට බොරුවට බනින්න එපා.ඔයා හොඳටම දන්නවනේ මට එයා කියන දේවල් තේරෙන්නෙ නෑ කියලා…………….”

“ඔ..හ්……සොරි නෙතූ.මට ඒක අමතක වුනා.අයැම් වෙරි සොරි…………….”

ප්‍රභර්ෂ තව මොනවහරි කියන්න හැදුවත් මං කාමරේට ආවා.එයා ෆෝන් එකෙන් සැන්ඩ්‍රාට කතා කර කර හිටියා. ප්‍රභර්ෂගේ මුහුණේ තිබ්බෙ සතුටුදායක පෙනුමක්.එයා ගොඩාක් සන්තෝශෙන් සැන්ඩ්‍රා එක්ක කතා කරනවා.ඒ සතුට දැකලා මගෙ මුලු හිතම දුකකින් පිරිලා ගියා.ඇස් වලට කඳුලු ගලාගෙන ආවා.

ඇයි ප්‍රභර්ෂ ඔයා මට කසාදෙට කලින් සැන්ඩ්‍රා ගැන නොකිව්වෙ?එහෙම වුනා නම් මං කීයටවත් ඔයාව කසාද බඳින්නෙ නෑ.මගෙ මුලු හිතම දුකින් පුරවලා ඔයා ගොඩාක් සන්තෝශ වෙනවා ප්‍රභර්ෂ.අනේ එහෙම කරා කියලා මං තුන් හිතකින්වත් සැන්ඩ්‍රාට නපුරක් වෙන්න කියලා නම් පතන්නෙ නෑ.මට මං ගැනම කලකිරීමක් ඇති වුනා.සතුට…..සැනසීම…..ආදරය කියන දේවල් මට කවදාවත් උරුම නැතුව ඇති.😢😢

කාමරේට ආපු ප්‍රභර්ෂ මං දිහා නොබලා කබඩ් එක ඇරලා මොකක්දෝ පෙට්ටියක් අතට අරගෙන ඇඳෙන් වාඩි වුනා.

“නෙතූ පොඩ්ඩක් එන්නකෝ………….”

මාත් ගිහින් ප්‍රභර්ෂ ගාවින්ම වාඩි වුනා. එයා ඒ පෙට්ටිය ඇරලා මට පෙන්නුවා. ඒකෙ තිබ්බෙ ලස්සනම ලස්සන ඔරලෝසුවක්.

“කාටද ප්‍රභර්ෂ මේක?……………”

“අනිද්දා සැන්ඩ්‍රාගෙ උපන් දිනේ නෙතූ. මේක හොඳයි නේද එයාට?…………..”

ඇයි දෙයියනේ ප්‍රභර්ෂ මේ විදියට මගෙ හිත රිද්දන්නෙ?එයාට සැන්ඩ්‍රාට තෑග්ගක් දෙන්න උවමනාවක් තියනවා නම් එයාට ඕනි දෙයක් තෝරලා දෙන්න තිබ්බනෙ මට කියන්නැතුව.එයා මේ විදියට මට රිද්දන්නෙ මං මොන වරදක් කරාටද?එයාගෙ අතේ වැරැද්ද තියාගෙන මගෙ හිත මේ විදියට තලලා දාන්නෙ?😭😭අඩුම තරමෙ නමට හරි මං එයාගෙ බිරිඳ කියලා හිතන්න බැරි ඇයි?😭😭

“ඔයාට හොඳයි කියලා හිතෙන දෙයක් දෙන්න ප්‍රභර්ෂ.එයා ඔයාගෙ වයිෆ්නෙ. එයාගෙ හිතේ තියන දේවල් දන්නෙ ඔයානෙ……………”

“තමුසෙට ජෙලස් නේද?………….”

“ඔයා මගෙන් මෙහෙම පලි ගන්නෙ ඇයි ප්‍රභර්ෂ?මොකක්ද මං ඔයාට කරපු වරද?අඩුම තරමෙ මට මගෙ පාඩුවෙවත් ඉන්න දෙන්න.කිසිම වරදක් නොකරපු මගෙ හිත,ඔයා දැන දැනම මෙහෙම රිද්දන්නෙ ඔයාට හිතක් පපුවක් නැද්ද?…………..”😭😭

එහෙම කියලා මං කඳූත් පිහදාගෙනම බැල්කනියට ඇවිත් රෑ අහස දිහා බලාගෙන හිටියා.ටිකක් වෙලා යද්දී ප්‍රභර්ෂ මං ගාවට ආවා.එයා ගාවින් අහකට යන්න හැදුවත් එයා මගෙ අතින් අල්ලලා මාව නතර කර ගත්තා.

“ඔයා මට ආදරේ කරනවා නේද නෙතූ?…………..”

“මං දන්නෑ………….”

අහක බලාගෙනම මං එහෙම උත්තර දුන්නා.ඔව් මං ප්‍රභර්ෂට ආදරෙයි තමයි. ඒක මට එයාට කියන්න බෑ.කිව්වත් එයාගෙ ආදරේ මට ලැබෙන්නෑනෙ.

“මට ආදරේ කරන්න එපා නෙතූ.මොකද මං කවදාවත් සැන්ඩ්‍රාව අතෑරලා ඔයා ගාවට එන්නෑ.තව මාස හයකින් මං ආයෙ ඇමරිකා යනවා.නොලැබෙන බව දැන දැනත් ඔයා මට ආදරේ කරලා ඔයාගෙම හිත රිද්දව ගන්නවා……………”

“කමක් නෑ ප්‍රභර්ෂ ඔයා මට ආදරේ නොකරාට මං ඔයාට ආදරෙයි.මං මගෙ පාඩුවෙ ඉන්නම්.ඔයා ඕන දෙයක් කර ගන්න.සැන්ඩ්‍රා ගැන කියලා මගෙ හිත රිද්දන්න එපා……………”😭😭

මං අඬද්දී ප්‍රභර්ෂ මාව එයාගෙ උරහිසට හේත්තු කරගෙන ඔලුව අතගෑවා.ඒක මගෙ හිතට පුදුම සැනසීමක් එක් කරා.අනේ මේ විදියටවත් මට ප්‍රභර්ෂට ලං වෙන්න තියනවා නම්.ඒත් එයාව අයිති මට නෙවෙයි කියලා හිතෙන වාරයක් වාරයක් ගානෙ මගේ හිතට දරාගන්න බැරි තරම් දුකක් ඇති වෙනවා. ප්‍රභර්ෂගේ උරහිසින් හිස මෑත් කරපු මං කඳුලු පිසදාගෙන පල්ලෙහාට ගියා.

“මොකද පුතා කියන්නෙ?……………”

“එයා මොනවා කියන්නද අම්මෙ?තව මාස හයකින් ආයෙමත් ඇමරිකාවට යනවලු.අනිද්දා සැන්ඩ්‍රාගෙ උපන් දිනේලු…………….”

ඇස් වලට පිරුනු කඳුලු දෙව්රෙන් පිස දමාගෙන මං අම්මත් එක්කම කෑම හදන්න පටන් ගත්තා.මං දැක්කා ප්‍රභර්ෂ ෆෝන් එකත් කනේ තියාගෙන එළියට යනවා.ඒ දිහා බලලා මං අහක බලාගෙන මං පොල් ටික ගෑවා.

“ආව්……………”

“අනේ ඇයි දුවේ?……………”

“න්…..නෑ අම්මෙ.මේ හිරමණ තලේට අත හීරුණා……………”

“අනේ ලේ එනවා නේද?…………..”

“නෑ අම්මෙ.මං අත හෝදගන්නම්…………..”

සීරුණු ඇඟිල්ල සින්ක් එකට අල්ලලා හෝදලා ප්ලාස්ටර් එකක් අලව ගත්තා.

“දුවේ…..චුට්ටක් මෙහාට එන්නකෝ………….”

“ඇයි අම්මෙ?…………..”

ප්‍රභර්ෂගේ අම්මා වටපිට බලලා ලොකු රහසක් කියන්න වගේ මං ලගට ආවා.

“දුවේ අද පුතාගෙ යාලුවො දෙනෙක් එනවා මෙහාට.එයාලා දෙන්නා ඔයාගෙ වෙඩින් එකට ආවෙත් නෑනෙ.පුතාගෙ හොඳම යාලුවො දෙන්නෙක් නිසා අද පුතා ටිකක් වැඩිපුර ඩ්‍රින්ක් ගනියි.ඔයා මං කියන විදියටම වැඩ කරන්න තේරුණාද?……………”

“අනේ මට බයයි අම්මෙ…………..”

“කිසිම දේකට බය වෙන්න එපා දුවේ. මං ඔයත් එක්ක ඉන්නවනේ.අර ගෑණිගෙන් පුතාව බේර ගන්න ඕනි…………..”

“මට තේරෙනවා අම්මෙ.ඒත් මං කරන්නෙ ලොකු වරදක් නේද අම්මෙ. සැන්ඩ්‍රාටයි ප්‍රභර්ෂටයි දරුවෙක් ඉන්නවනෙ.මං එයාලගෙන් ප්‍රභර්ෂව වෙන් කරොත් ඒ අසරණ දරුවාට මොකද වෙන්නෙ?…………..”😢😢

“ඒ දරුවා මගෙ පුතාගෙ නෙවෙයි.ඒ ගෑණි කලින් කසාද බැඳලා ඩිවෝස් වෙච්චි ගෑණියෙක්…………..”

දෙයියනේ ප්‍රභර්ෂ එහෙනම් මට කිව්වෙ බොරුවක් නේද?අනුන්ගෙ දරුවෙකුට තමන්ගෙ දරුවෙකුට වගේ සළකන්න ප්‍රභර්ෂගෙ හිත මොන තරම් උතුම්ද?

“මේ හැම දේපළක්ම අයිති වෙන්නෙ ඔයාලා දෙන්නගෙ දරුවෙකුට දුවේ. එයාව ඔය ලංසි ගෑණිගෙන් බේර ගන්නම ඕනි.ඒක කරන්න පුලුවන් ඔයාට විතරමයි.ඔයා මං කියපු විදියට වැඩේ කරන්න…………..”


හවස හයට විතර ප්‍රභර්ෂගෙ යාලුවො දෙන්නා ආවා.කෑම කාලා ඉවර වෙලා තුන් දෙනාම එලියෙ ස්තෝප්පු කෑල්ලෙ මත්පැන් බොමින් හිටියා.රෑ නවයට විතර මං බාතෲම් එකට ගිහින් මං නාගෙන කාමරේට ආවා.කණ්ණාඩිය ඉස්සරහට ගිහින් කොණ්ඩෙ පිහදාද්දී මං දැක්කා දොරත් ඇරගෙන වැනි වැනීම ප්‍රභර්ෂ කාමරේට එනවා. කෙලින් හිට ගන්නත් බැරි තරම් එයා ඩ්‍රින්ක්ස් අරගෙනයි හිටියෙ.

“ප්‍රභර්ෂ ඇයි මෙච්චර ඩ්‍රින්ක්ස් ගත්තෙ? බලන්න ඔයාට අද හොඳටම වැඩියිනෙ…………..”

මං ප්‍රභර්ෂගෙ ඉන වටේට අත් දෙක යවලා එයාව තුරුල් කර ගත්තා.ඇස් අඩවන් කරලා සරාගී බැල්මකින් එයා දිහා බැලුවා.මගේ බැලිල්ලට ප්‍රභර්ෂ විසික් වෙලා ගියා වගේ වුනා.ස්ටූල් එක උඩ තිබුණු බීම වීදුරුව අරන් මං ඒක මුවට ලං කරා.එයා ඒ බීම වීදුරුවෙන් බාගයකට වඩා බිව්වා.ප්‍රභර්ෂ හිටියෙ ගොඩාක් මත් වෙලා.එයා කරන දේ එයාටවත් නොතේරෙන ගානටයි එයා හිටියෙ.ප්‍රභර්ෂව ඇඳෙන් වාඩි කරවලා මං එයාගෙ කමිසෙ බොත්තම් එකින් එක ගලවලා ඒ නිරුවත් පපු තුරුලේ ඇඟිලි තුඩු යැව්වා.

“ප්‍රභර්ෂ අයි ලව් යූ ඩාලිං………….”

“සැ…..න්…..ඩ්‍රා මයි ක්වීන්………….”

මගේ තුරුලෙ ඉන්නැද්දිත් ප්‍රභර්ෂට මතක් වෙන්නෙ සැන්ඩ්‍රාවමයි.එයා හොයන්නෙ සැන්ඩ්‍රාගෙ උණුසුම එයාගෙ ආදරේ.මගෙ හිතට මහා ඉරිසියාවක් දැනුනා.නීතියෙන් මට අයිති වුනත් ප්‍රභර්ෂගෙ ආදරේ ඒ උණුසුම හැම දෙයකම අයිතිය ලැබිලා තියෙන්නෙ සැන්ඩ්‍රාට.

මට සමාවෙන්න ප්‍රභර්ෂ මං කවදාවත් ඔයාට මෙහෙම ලං වෙන්න හිතුවෙ නෑ. ඒත් ඔයා සැන්ඩ්‍රාට ආදරේ කරද්දි මට ඒක දරා ගන්න බෑ.අනුන්ගෙ දරුවෙකුට තමන්ගෙ දරුවෙකුට වගේ ආදරේ කරන ඔයා එකම එක සැරයක් මට ආදරෙයි කියලා කියලා නෑ.මහ සාගරයක් තරම් මං ඔයාට ආදරෙයි ප්‍රභර්ෂ.

මත් පැනින් මත් වෙලා හිටපු ප්‍රභර්ෂ එයාගෙ දෙතොලින් මගේ දෙතොල් අල්ල ගත්තෙ මට සියුම් වේදනාවක් දැනෙද්දී.මගේ දෑත් ඔහුගේ නිරුවත් පිට පුරා රටා මවද්දී ප්‍රභර්ෂගේ දෑත් වලින් මං ඇඳ උන් ටවල් ගැටේ ලෙහා දැමුවා. ප්‍රභර්ෂ සමඟ ගත කල අනුරාගී හෝරා කිහිපය මගේ ජීවිතයට නැවුම් මිහිරක් එක් කරා.

සයනයේ මා පසෙකින් වැතිර සිටින ප්‍රභර්ෂගේ පපුවට හිස තබාගෙන මං ගොඩාක් වෙලා හිටියා.ප්‍රභර්ෂට හොඳටම නින්ද ගිහින්.

මතු සම්බන්දයි

Advertisment