නපුරු සිතක් ළඟ
❤️’ශික්……මං මොකක්ද මේ කරන්න හදන්නෙ?ශ්‍රියන්තයට මේකිව අරන් යන්න ඉඩ දුන්නොත් මේකි කියපු විදියට ඒකිගෙ කුඩම්මා ඒකිව බාගෙට මරයි.මොකද දැන් කරන්නෙ?
ෆෝන් එකත් අතේ තියාගෙනම ශිවංග දහ අතේ කල්පනා කරන්න පටන් ගත්තා.අන්තිමට ඔහු හිතුවෙ උදේට ජාන්වීත් එක්ක කතා කරනවා කියලා.
බිත්ති ඔරලෝසුවේ වෙලාව උදෑසන අට ලෙස සටහන්ව තිබුනා.දෙයියනේ මට මෙච්චර වෙලා නින්ද ගියාද?😱මොනවා කරන්නද කියලා හිතා ගන්න බැරි වුනා.දණිසෙයි දකුණු අතේ වැලමිටෙනුයි දැනුනේ පුදුම වේදනාවක්.අර ශිවන්ග කියන මනුස්සයා බෙහෙත් අරන් දුන්නට මං බෙහෙත් දා ගත්තෙත් නෑනෙ.තුවාලෙ හෝදලා බෙහෙත් දා ගන්න ඕනි. බාතෲම් එක තියෙන්නෙ කොහෙද දන්නෑ.අඩිය තියන්න බැරි තරම් දණිස්ස කැක්කුමයි.මං අමාරුවෙන්ම නැගිටලා ඇඳ අල්ලගෙන වාඩි වුනා. එකපාරටම කාමරේ දොර ඇරගෙන ඇතුළට ආවෙ අර ශිවන්ග කියන මනුස්සයයි අවුරුදු පනහක පනස් පහක විතර පෙනුමක් තියන ගෑණු කෙනෙකුයි.සමහර විට මේ අම්මයි පුතායි වෙන්න ඇති.
“අම්මෙ……මේ ජාන්වි.අර මං කියපු ගෑණු ළමයා…………”
ශිවන්ග එයාගෙ අම්මට මාව එහෙම අඳුන්වලා දුන්නා.
“ඔක්කොටම ඉස්සෙල්ලා මේ දරුවගෙ තුවාල වලට බෙහෙත් දාලා ඉන්න. ගොඩාක් අමාරුවෙන් වගේ ඉන්නෙත්………..”
“මං ඊයෙ අරන් දුන්නු බේත් දා ගත්තෙ නැද්ද ඕයි තමුසෙ?අතන බාතෲම් එක තියනවා.ගිහින් ඔය තුවාල ටිකයි මූණ කටයි හෝදගෙන එනවා…………”😡😡
මං දිහා බලලා ශිවන්ග තරහින්ම එහෙම කිව්වා.මං කොර ගගහා අමාරුවෙන්ම බාතෲම් එකට ගිහින් මූණ කට හෝදගෙන තුවාලෙත් හෝද ගත්තා.ලේ මිදිලා වැලි ඇලිලා තිබුනු තුවාලෙට වතුර වැටෙද්දී වේදනාව වැඩිකමට මට කෑ ගැස්සුනා.ඇස් වලින් කඳුලුත් වැටුනා.කොර ගහමින්ම මං ආපහු කාමරේට ආවා.
“මෙතනින් වාඩි වෙනවා බේත් දාන්න………..”
මේ මනුස්සයට ඇයි මෙහෙම තරහ ගිහිල්ලා.සමහර විට මං මෙහෙ ඉන්න හින්දා මෙයාලට කරදර ඇති.ඇදෙන් වාඩි වුනාට පස්සෙ ඒ මනුස්සයා මගෙ කකුල අරන් එයාගෙ ඔඩොක්කුවෙන් තියා ගත්තා.සර්ජිකල් පොඟවපු පුළුන් කෑල්ලෙන් දණිස්සෙ තිබුනු තුවාලෙ පිහ දාද්දි නම් මට තරු විසික් වුනා.
“ආව්…..අම්මෝ අනේ දැවිල්ලයි රිදෙනවා අයියෝ………..”😭😭
“ඔහොම කෑ ගහන්න එපා ඕයි.කට වහගන්නවා………..”😡😡
“ඔහොම බනින්න එපා පුතේ.මේ ළමයා තවත් බය වෙයි…………”
කොහොමින් කොහොම හරි මගෙ කෑ ගැහිල්ලයි වේදනාවයි ගනං ගන්නෙ නැතුව ශිවන්ග මගෙ දණිස්සටයි අතේ වැලමිට ගාවටයි බෙහෙත් දැම්මා.
“දැන් අඬන්නැතුව ඉන්නවා.ඔය දැවිල්ල ගතිය ටිකක් වෙලා යද්දි අඩු වෙයි…………”
දණිස්ස කැඩිලා වගේ රිදෙන්න ගත්තා. මං බොහොම අමාරුවෙන් ඇඳේ වාඩි වුනා.
“ඔය දරුවා ඇයි ගෙදර යනැත්තෙ?කුඩම්මා ඒ තරම්ම ඔය ළමයට වද දෙනවද?…………”
ශිවන්ගගෙ අම්මා මගෙන් එහෙම ඇහුවා.දෙයියනේ😢😢මෙයාලා මාව ආපහු ගෙදර යවයිද?අනේ එහෙම නම් වෙන්න එපා.
“ඔව් ආන්ටි.මගෙ අම්මගෙ දේපළ ටික කොල්ල කන්න අප්පච්චියි කුඩම්මයි මාව කුඩම්මගෙ මල්ලිට කසාද බන්දලා දෙන්න හදනවා.මං ඒ මනුස්සයට කැමති නෑ ආන්ටි.ඌට අවුරුදු හතලිහත් පැනලා.මට ආපහු ගෙදර යන්න බෑ ආන්ටි…………”😥😥
“දැන් එතකොට ඔය ළමයා කොහෙද යන්න බලාපොරොත්තු වෙන්නෙ?ගෙදරින් එළියට බැස්සෙ කොහේ යන්න හිතාගෙනද?……….”
“ගෙදරින් එළියට බැස්සෙ නම් යන්න තැනක් හිතාගෙන නෙවෙයි.මගෙ යාලුවෙක් ඉන්නවා අනුරාධපුරයෙ ගල්නෑවෙ.මං එහාටවත් යනවා ආන්ටි. ගෙදර ගියොත් අප්පච්චියි කුඩම්මායි මාව අර රංජිත්ට කසාද බන්දලා දෙයි. එයාලා හැමෝම මගෙ ජීවිතේ විනාශ කරන්නයි බලාගෙන ඉන්නෙ……..”😭😭
ඇඬූ කඳුලින්ම මං ඒ විදියට කිව්වා.
“පුතා,අපි මේ දරුවව තව ටික දවසක් මෙහෙ තියා ගම්මු.මං කිව්වෙ මේ ළමයට අවුරුදු දහ අට සම්පූර්ණ වෙනකල් තියා ගම්මු.මෙයා මෙහෙ ඉන්න බව ශ්‍රියන්තට දැන ගන්න ඉඩ තියන්න එපා.එයා ආපහු කෝල් කරොත් දුව ගැන ආරංචියක් හම්බුනේ නෑ කියන්න…………”
ආපහු කෝල් කරොත් කියලා කියන්නෙ අප්පච්චී මේ මනුස්සයට කෝල් කරලා මං පැනලා ගියා කියලා කිව්වද?මේ මනුස්සයව අප්පච්චි අඳුරනවද?
“ඔ….ඔයා මගෙ අප්පච්චිව අඳුරනවද?………”
“ඔව්.අවුරුදු හතරක් පහක් තිස්සෙ දන්නවා.ඊයෙ රෑ එයා මට කෝල් කරලා කිව්වා එයාගෙ දුව ගෙදරින් පැනලා ගිහින් කියලා.මගෙ මිනිස්සුන්ව දම්මලා දුවව හොයලා දෙන්න කියලා මගෙන් උදව්වක් ඉල්ලුවා.මට හිතුණා තමුසෙ මෙහෙ ඉන්නවා කියලා කියන්නත්………..”
“අනේ දෙයියනේ ඒක නම් කරන්න එපා. එහෙම වුනොත් මට මගෙ අම්මා වගේ ජීවිතේ නැති කරගන්නයි සිද්ද වෙන්නෙ.අනේ පින් සිද්දවෙයි මං මෙහෙ ඉන්න බවක් මගෙ අප්පච්චිට කියන්න එපා………..”😭🙏
“දුව කලබල වෙන්න එපා.අපි ඔයාව අප්පච්චි ගාවට යවන්නෑ.ඒත් එයාලා ඔයාව හැම තැනකම හොයනවා ඇති. ඔයාට ලේසියෙන් හැංගිලා ඉන්න බැරි වෙයි.ඔය තුවාලෙ සනීප වෙනකල් ඔයා මෙහාට වෙලා ඉන්න.ඊට පස්සෙ අර ඔයා කියපු යාළුවගෙ ගෙදරට අපි ඔයාව ගිහින් ඇරලන්නම්………….”
“ඔයාලට ගොඩාක් පිං මට මෙහෙම උදව් කරනවට…………”
“පුතා මං දැන් ජා ඇලට යනවා.එද්දී මේ දරුවට අවශ්‍ය ඇඳුම් ටිකක් අරන් එන්නම්………….”
එහෙම කියලා ශිවන්ගයි එයාගෙ අම්මයි දෙන්නම කාමරෙන් එලියට ගියා.ඊයෙ රෑ ඉඳන්ම කෑවෙ නැති නිසාද මන්දා පුදුම බඩගින්නක් දැනුනේ.ඒත් බඩගිනියි කියලා කෑම ඉල්ලන්නත් බෑනෙ මේක මං අඳුරන්නෙත් නැති පිට ගෙදරක්නෙ.
“ආ තමුසෙට බඩගිනිත් ඇතිනෙ.මේක කාලා ඉන්නවා.දවල්ට අම්මා තමුසෙට ඇඳුම් වගයක් අරන් දෙයි.එතකොට වොශ් එකක් දා ගන්නවා………..”
මට බත් පිඟානකුයි වතුර බෝතලේකුයි ගෙනත් දීලා ශිවන්ග එහෙම කියලා පුටුවකින් වාඩි වුනා.
“ගොඩාක් පිං අයියෙ ඔයාට………..”
“අයියා??මං කොහොමද තමුසෙගෙ අයියා වුනේ?………..”😡😡
අයියා කිව්වෙ මට වඩා වැඩිමහල් නිසානෙ.මේ යකාට ඒකවත් තේරෙන්නෙ නෑනෙ.
“සොරි මහත්තයා…………”
“මහත්තයා??මහත්තයා කියන්න මං තමුසෙගෙ මිනිහද?…………”😡😡
අනේ දෙයියනේ මේ මනුස්සයට පිස්සුද මට මෙහෙම කතා කරන්නෙ?කසාද මිනිහට විතරද මහත්තයා කියන්නෙ? සහෝදරයෝ වුනාම විතරයිද අයියා කියන්නෙ?
“සොරි මිස්ටර් ශිවන්ග…………”
ඒ පාර නම් ඒ මනුස්සයා මොකුත් කිව්වෙ නෑ.මං කටට දෙකට බත් පිඟානම කාලා වතුර බිව්වා.අම්මෝ දැනුයි ඇඟට පනක් ලැබුනෙ.මං පිඟාන හෝදලා පැත්තකින් තිබ්බා.
මං කල්පනා කරේ ඉස්සරහට ජීවත් වෙන්නෙ කොහොමද කියලා.අප්පච්චී මේ මනුස්සයගෙ යාලුවෙක් නම් එයා මාව අප්පච්චිට අල්ලලා දෙයිද?එයාලා යාලුවොනෙ.මගේ හිතට ඒ විදියට අමුතු බියක් දැනෙන්න පටන් ගත්තා. එහෙනම් මට බෑ අනුරාධපුරේ යන්න.
මං කල්පනා කරේ කොහෙද යන්නෙ කියලා.එහෙම කල්පනා කරමින් ඉන්නැද්දී මට මතක් වුනේ මගෙ අම්මගේ නැන්දාව.එයා ඉන්නෙ නුවර මාලිගාව කිට්ටුවෙ.මට එහාට යන්න පුලුවන් වුනොත් අප්පච්චිගෙනුයි කුඩම්මාගෙනුයි බේරිලා ඉන්න පුලුවන් වෙයි.
දවල් වෙලා නාගෙන ශිවන්ගගෙ අම්මා ගෙනත් දීපු සායකුයි බ්ලව්ස් එකකුයි ඇඳගත්තා.මගෙ අතේ තියෙන්නෙ රුපියල් හාරදාහයි මගෙ පොඩි ෆෝන් එකයි විතරයි.නුවර ඉන්න පොඩි ආච්චි අම්මා ගාවට ගිහිල්ලා ඉස්සරහට ජීවත් වෙන්නෙ කොහොමද කියලා හිතන්න ඕනි.නුවරට පැන ගත්තොත් හරියටම හරි.අප්පච්චිට මාව හොයා ගන්න බැරි වෙයි.
මේ විදියට දින හතක් අටක් ගෙවිලා ගියා.හෙට මගෙ දහ අට වෙනි උපන්දිනේ.මං හෙට මෙහෙන් යනවා. ශිවන්ගගෙ අම්මා මේ දවස් ටිකේ මාව හොඳට බලා ගත්තා.මුල් දවසෙ දෙකේ ශිවන්ග මාත් එක්ක කතා කරත් ඊට පස්සෙ එයා වැඩිය මං ගාවට ආවෙ නෑ. මට ඒ ගැන ගානක්වත් වුනේ නෑ.
මට ඕනි කොහොමහරි මෙතනින් යන්න. කොයි වෙලේ හරි ශිවන්ගගේ කටින් අප්පච්චිට කියවුනොත් මං අනුරාධපුරේ ගියා කියලා.එහෙම වුනොත් අප්පච්චියි රංජිතුයි කුඩම්මයි මාව කොහොම හරි හොයා ගනියි.ඒ හින්දයි මං තීරණය කරේ අනුරාධපුරේ යන්නෑ කියලා.
කවදාවත් මං හිතුව් නෑ මගේ ජීවිතේට මෙහෙම වෙයි කියලා😢😢අම්මා මැරුණාට පස්සෙ මගෙ මුලු ජීවිතේම අඳුරට වැටුනා.අම්මා වුනත් අප්පච්චී හොඳ මනුස්සයෙක් නෙවෙයි කියලා දැනගෙන හිටපු නිසා වෙන්න ඇති හැම දේපලක්ම මගේ නමට පැවරුවේ. දේපළ,සල්ලි,බලයට තියන අධික තණ්හාව නිසා අප්පච්චී එයාගෙ එකම දුවගේ ජීවිතේ සතුට විනාශ කරලා දාන්න හදනවා.අනියම් බිරිඳගේ පහසට මත්ව තම බිරිඳගේ ජීවිතයත් මාරයාට භාර කර මගේ පියා ගැන මට ඇත්තේ කලකිරීම කැටි වූ කෝපයකි.
කොණ්ඩය පීරා එක ගුලියකට බැඳගෙන කටුවක් ගසා ගත් මා ශිවන්ගගේ අම්මා දුන් හෑන්ඩ් බෑග් එකට ඇය දුන් ඇඳුම් කිහිපය දමා ගෙන මගේ ජංගම දුරකථනයත් රැගෙන කාමරෙන් එලියට පැමිණියා.
“ආ…..දුව ලෑස්තිත් වුනාද?මං පුතාට කියන්නම් දුවව අනුරාධපුරේට ගිහින් දාන්න කියලා………….”
“න්……නෑ ආන්ටි මාව බස් හෝල්ට් එකට විතරක් ගිහින් දැම්මම ඇති.මට පුලුවන් බස් එකේ යන්න.උදාරි මාව ගන්න එහාට එනවා කිව්වා………….”
“එහෙනම් දුව දැන් යන්න.මං හිත හදාගෙන නෙවෙයි දුවට මෙහෙන් යන්න කියන්නෙ.මං කැමතියි දුව හැමදාම වුනත් මෙහෙ ඉන්නවා නම්. ඒත් මං මොනවා කරන්නද?දුවට යාලුවගෙ ගෙදර ඉන්න බැරුව ප්‍රශ්නයක් ආවොත් දුව මට කෝල් එකක් දෙන්න.කවුරු විරුද්ධ වුනත් මං දුවව මෙහාට එක්කන් එනවා…………..”
ඇයගේ ඒ කතාවෙන් මට තේරුණා මං මේ ගෙදර අකමැති ඇය නෙවෙයි ශිවන්ග යි කියලා.සමහර විට ශිවන්ගගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් කැමති නැතුව ඇති ගෑණු ළමේක් මේ ගෙදර නවත්ත ගන්නවට.මං ශිවන්ගගෙ අම්මට දණ ගහලා වැන්දා.ඊට පස්සේ පල්ලෙහාට ඇවිත් කාරෙකට නැග්ගා.
කාරෙක එලවගෙන ගියා මිසක් ශිවන්ග මාත් එක්ක එක වචනයක්වත් කතා කරේ නෑ.මෙයාට මොකක් හරි ලොකු ප්‍රශ්නයක් වගේ.පලවෙනි දවස් දෙකේ නම් මාත් එක්ක තරහින් කතා කරා.අද ඇයි දන්නෑ මෙහෙම සද්දෙ නැතුව ඉන්නෙ?🤔🤔
“ඔයා මොකක් හරි ප්‍රශ්නෙකින්ද මිස්ටර් ශිවන්ග?………….”
“ඔව් ඇයි තමුසෙ ප්‍රශ්නෙ විසඳන්නද?………….”😠😠
“අයැම් සොරි.මං වැරදි දෙයක් ඇහුවා නම්…………”
පැයකින් විතර බස් හෝල්ට් එකට ආවා.
“ආ…. මේක තමුසෙ තියා ගන්නවා.ඕක එහාට ගිහිල්ලා බලනවා.දැන්ම බලන්න එපා.මොකක් හරි ප්‍රශ්නයක් වුනොත් මට කෝල් එකක් දෙනවා………….”
එහෙම කියලා කාර් එකේ පිටිපස්සෙ සීට් එකේ තිබුනු පාර්සලයක් මගෙ අතට දීපු ශිවන්ග මට කාර් එකෙන් බහින්න කිව්වා.මං කාර් එකෙන් බැහැලා බස් හෝල්ට් එකේ ඉස්සරහ පැත්තට ගියා.මං දැක්කා ශිවන්ගගේ කාරෙක ඈත යනවා.ඒ දිහා බලලා සුසුමක් හෙලපු මම නුවර යන බස් එකකට නැග්ගා.
පැය හතරක විතර ගමනාන්තයකින් පසුව මං පොඩි ආච්චි අම්මගේ ගෙදරට ආවා.පුංචි කාලෙ අම්මා එක්ක ඇවිත් තිබුනු නිසා මට ගෙදරට යන පාර හොයාගන්න එතරම් අපහසු වුනේ නෑ. වෙලාව දහවල් දෙකට විතර ඇති.ගෙයි දොරකඩට ගිය මං පොඩි ආච්චි අම්මේ කියලා කතා කරා.දොර ඇරගෙන එළියට ආවෙ අවුරුදු හතලිහක විතර ගෑනු කෙනෙක්.
“මේ…..පොඩි ආච්චි අම්මා ඉන්නවද?…………”
“මේ……ඔයා කව්ද?…………”
මං අහපු ප්‍රශ්නෙට උත්තරයක් නොදී ඒ ගෑණු කෙනා මගෙන් එහෙම ඇහුවා.
“පොඩි ආච්චි අම්මා මගෙ අම්මගෙ නැන්දා………….”
“මං එයාගෙ දුව.අම්මා නැති වෙලා දැන් අවුරුදු හතරක් විතර වෙනවා.ඔයා මේ හදිස්සියෙන්ම මෙහෙ ආවෙ ඇයි?මං ඔයාව මීට කලින් දැකලා නම් නෑ. එන්නකො ගේ ඇතුලට?…………”
අනේ දෙයියනේ පොඩි ආච්චි අම්මා මැරිලා කියලා මං දන්නෙ නෑනෙ. සමහර විට අප්පච්චී දැනගෙනත් මට නොකියා ඉන්න ඇති.දැන් මං මොකද කරන්නෙ?මං කොහෙද දැන් යන්නෙ? අනේ දෙයියනේ😭😭මට දැනුනේ වචන වලින් කියා ගන්න බැරි තරම් බියක්.ගේ ඇතුලට ගිය අර ගෑණු කෙනා මට වතුර වීදුරුවක් ගෙනල්ලා දුන්නා.ඒක එක හුස්මට බීපු මං වීදුරුව ටීපෝ එක උඩින් තිබ්බා.
“ඔයාට මොකක් හරි ප්‍රශ්නයක්ද?………..”
මං ඔව් කියලා ඔලුව වැනුවා.
“අම්මා මැරුණා කියලා අපි ශ්‍රියන්ත අයියට පණිවිඩේ ඇරියා.ඒත් එයාලා මළගෙදරට ආවෙ නෑ…………”
ඒ ගැන මං පුදුම වුනේ නෑ.අප්පච්චී අම්මගේ නෑදෑයොත් එක්ක කිසිම සම්බන්දකමක් තියා ගත්තෙ නෑ.
“ඔයාගෙ ප්‍රශ්නෙ මට කියන්න බැරි නම් කමක් නෑ.ඔයාට යන්න තැනක් නැත්නම් මෙහාට වෙලා ඉන්න.ඒක මට ප්‍රශ්නයක් නෙවෙයි.ඔයාගෙ වයස කීයද?එච්චර ලොකු වයසක් නම් පේන්නෑ.ඒකයි ඇහුවෙ………….”
“දහ අටයි…..මේ ඔයාගෙ මහත්තයා දරුවො එහෙම කෝ?………….”
“මගෙ මිනිහා මැරිලා දැන් අවුරුදු දහසයක් විතර ඇති.ලොකු පුතා ඉන්නෙ රට.පොඩි පුතා ඉස්කෝලෙ අට වසරෙ ඉගන ගන්නවා………….”
අට වසරෙ ඉගන ගන්න ළමේකුට අවුරුදු දහහතරයි වයස.මිනිහා මැරිලා අවිරුදු දහසයයි නම් ඒ ලමයා ඒ මැරිච්ච මිනිහගෙ නෙවෙයි.
“කල්පනා කරන්න එපා.මිනිහා මැරුනට මං මැරුන්නෑනෙ ළමයො.ඔයා ඔහොම ඉන්න මං තේ එකක් හදාගෙන එන්නම්…………..”
මට ඒ ගෑනු කෙනා ගැන හිතේ ඇති වුනේ අපහැදීමක්.අපේ අප්පච්චී වගේ තමයි මේ ගෑණිත්.වෙනසක් නෑ.තේ එක හදාගෙන එන්නම් කියලා ඒ ගෑණු කෙනා එන්න පරක්කු වුනා.මං නිකමට වගේ කුස්සිය පැත්තට ගියා.එයා හිටියෙ කෝල් එකක.
“බඩුව පට්ට බං ප්‍රියන්ත.හරියට ඉටි රූපයක් වගේ.දහ අටයි වයස.අල්ල ගත්තොත් සල්ලි කන්දරාවක් හොයා ගන්න පුලුවන්.තාම පැකින් පිට වගේ. උඹ ඇවිත් පාවිච්චි කරලා බොස්ට ගෙනිහින් දීපන්………….”
අනේ දෙයියනේ මගෙ හුස්මත් නතර වුනා ඒ ගෑණු කෙනා කියපු දේවල් ඇහිලා.මෙයා එහෙනම් මං හිතන් හිටියා වගේ හොඳ කෙනෙක් නෙවෙයි. මේ ගෑණි හදන්නෙ මාව කාට හරි විකුණන්න.තවත් හිත හිතා ඉන්න වෙලාවක් තිබුනේ නෑ.ඉක්මනට සාලෙට ඇවිත් බෑග් එකත් අරන් මං කඩුල්ල පැනලා පසු නොබලා වේගයෙන් දිව්වා.මගෙ පපුව හොඳටම ගැහෙනවා.මුළු ඇඟටම දාඩිය දාලා. මහ පාරට ආවට පස්සෙ මට පෙනුනේ ඈතින් දිස් වෙන මාලිගාව.ඉක්මන් පයින් මං පාර දිගේම මාලිගාවට ගියා. මල් මිටියක් අරගෙන බුදුන්ට පූජා කරලා වැඳලා ඉල්ලුවේ කාත් කවුරුවත් නැතුව අතරමං වෙලා හිටපු මට පිහිට වෙන්න පාරක් පෙන්නන්න කියලා.
වෙලාව හවස හයටත් කිට්ටුයි.මගෙ බිය එන්න එන්න වැඩු වුනා.අත පය වෙව්ලනවා.උදව්වක් ඉල්ලන්න තරම් කෙනෙක් ළඟ පාතක හිටියේ නෑ. එහෙම කාගෙන්වත් උදව් ඉල්ලන්නත් බෑ.මගෙ හිතට දැනුනේම අර ගෑණු කෙනා ෆෝන් එකෙන් කතා කරපු දේවලුයි.අනේ බුදු හාමුදුරුවනේ මාව බේර ගන්න.😭😭🙏
සැඳෑ අඳුර කෙමෙන් කෙමෙන් අවට පරිසරය ගිල ගත්තා.මං හිටියේ මාලිගාව ඇතුලේ.ඇස් වලින් කදුලු වැටෙද්දී පපුවේ ගැස්ම වැඩි වුනා.
“ඔය ළමයට මොකක් හරි ප්‍රශ්නයක්ද?…………”
ශාන්තවත් හඬින් එහෙම ඇහුවේ ස්වාමීන්වහන්සේ නමක්.මං ඒ හාමුදුරුවන්ට දණ ගහලා වැන්දා.🙏
“මං ලොකු කරදරේක වැටිලා ඉන්නෙ හාමුදුරුවනේ.අනේ ඔබ වහන්සේට පුලුවන් නම් පිහිට වෙන්න………..”😭🙏
“මනුස්සයෙක් කරදරේක වැටිලා ඉන්නැද්දී පිහිට වෙන එක බොහෝම උතුම් ක්‍රියාවක්.අපේ මහා ගෞතම සම්මා සම්බුදු රජානන් වහන්සේගේ කාලයේ පවා ඒ වගේ උතුම් ක්‍රියාවන් සිදු වුනා.එතුමා අසරණයින්ට පිහිට වුනා.කරුණාවන්ත වුනා.ඔය ළමයා දන්නවා ඇති සුනීත සෝපාක ගේ කතා එහෙම…………”
“එහෙමයි හාමුදුරුවනේ.මං පුංචි කාලෙදි දහම්පාසලේදී ටීචර් අපිට ඒ කතා ඉගැන්නුවා…………”
“දැන් කියන්නකො බලන්න ඔය දරුවා වැටිලා ඉන්න කරදරේ………….”
මගේ පව්ලෙ විස්තරයි මට වෙච්චි හැම දෙයක්ම අකුරක් නෑරම මං ඒ ස්වාමීන් වහන්සේට කිව්වා.
“එතකොට ඔය ළමයගෙ අම්මගෙ නම මොකක්ද?…………”
“හාමුදුරුවනේ මගෙ අම්මගෙ නම මාලිනී රණ්දෙණිගල…………..”
“එතකොට ඔය ළමයගෙ තාත්තා ශ්‍රියන්ත අලහප්පෙරුමද?…………”
“ඔ…..ඔව් හාමුදුරුවනේ.ඒත්….ඒත් ඔබ වහන්සේ කොහොමද?…………..”
“මගෙ අක්කා තමයි මාලිනී රණ්දෙණිගල කියන්නෙ…………..”
ඒ කියන්නෙ මේ ඉන්නෙ ගිහි කාලෙ මගෙ මාමා.අම්මගෙ මල්ලි.මට සතුටකුත් දැනුනා.
“ඔය දරුවාට ඉන්න ප්‍රවේශම් තැනක් මං හොයලා දෙන්නම්.මේ උඩහ තියනවා සිල් මෑණුවරුන්ගෙ ආරාමයක්.මං එතෙන්ට කෝල් එකක් දීලා ඔය දරුවව එතෙන්ට යවන්නම්. හෙට උදෙන්ම ඔය දරුවා පන්සලට එන්න…………..”
නැවතත් හාමුදුරුවන්ට මං දණ ගහලා වැන්දා.🙏පන්සලට ගෙන්නපු වාහනෙන් මං ඒ ආරාමෙට ආවා.
“නායක හාමුදුරුවො මට කෝල් කරලා කිව්වා ඔය දරුවා ගැන.එන්න ඇවිත් වාඩි වෙන්න…………”
එක සිල් මෑණි කෙනෙක් ඇවිත් මට එහෙම කිව්වා.මං ඒ ආරාමෙ ඇතුලෙන් වාඩි වුනා.ඒ මෑණියො මට ආප්ප දෙකකුයි කිරි වීදුරුවකුයි ගෙනත් දුන්නා.මං ඒක කෑවා.
“මෑණියන්ට ගොඩාක් පිං.මම හිටියෙ ගොඩාක් බඩගින්නෙ…………”
“කාලා ඉවර වෙලා අර ඇතුලෙ තියන කුටියෙන් නිදා ගන්න.අපි හෙට උදේට කතා කරමු…………”
මතු සම්බන්දයි…