ප්‍රභර්ෂ……කියන්න…………….”

මං දිහා බලලා සුසුමක් හෙලපු ප්‍රභර්ෂ දොර ලොක් කරලා කාමරේට ආවා. මටත් ඇඳෙන් වාඩි වෙන්න කියලා වෙලා එයත් මං ගාවින්ම වාඩි වුනා.

“කියන්න ප්‍රභර්ෂ,ඔයා අම්මට කියපු දේවල් මට ඇහුනා.මට ඇත්ත කියන්න. මොනවද මේ සිද්ද වෙන්නෙ?………….”😥😥

“මේ මැරේජ් එක සිද්ද වුනේ තනිකරම අපෙ අම්මගෙයි තාත්තගෙයි කීමට.මට ඔයාට ආදරේ කරන්න බෑ නෙතූ.මං කසාද බැඳපු කෙනෙක්…………….”

“ඇයි……ඇයි ඔයා මට මේ ගැන කලින් කිව්වෙ නැත්තෙ?ඇයි මාව රැවැට්ටුවෙ ප්‍රභර්ෂ?…………..”

“මං ඔයාට මේ ගැන කියන්න කීප වතාවක්ම උත්සහ කරා නෙතූ.ඒත් මගෙ අම්මා හින්දයි මට ඒ ගැන ඔයාට කියා ගන්න බැරි වුනේ.

මං ඇමරිකාවෙ ඉන්න කාලෙ ගර්ල් කෙනෙකුට ආදරේ කරා.එයාගෙ නම සැන්ඩ්‍රා.තාත්තා ඇමරිකන්.අම්මා ලංකාවෙ.අපි ගොඩාක් ආදරෙන් හිටියා.මං ලංකාවට ආවට පස්සෙ අම්මටයි තාත්තටයි සැන්ඩ්‍රා ගැන කිව්වා.එයාලා සැන්ඩ්‍රාට පොඩ්ඩක්වත් කැමති නෑ.මං පුලුවන් උපරිමේටත් වැඩිය උත්සහ කරා එයාලව කැමති කර ගන්න.ඒත් එයාලා කැමති වුනේ නෑ.

හිතුවක්කාර වෙලා තීරණයක් ගත්තොත් එහෙම මේ දේපළ වලින් සතයක්වත් මට දෙන්නෑ කිව්වා.මට මේවා ඕන්නෑ.මං හම්බ කරපු දේවල් හොඳටම ඇති.ආපහු මං ඇමරිකාවට ගියේ තීරණයක් අරන්. මායි සැන්ඩ්‍රායි එහෙදි මැරි කරා.අපිට අවුරුදු තුනක පුතෙක් ඉන්නවා.මං ආපහු ලංකාවට ඇවිත් අම්මටයි තාත්තටයි විස්තරේ කිව්වා.එයාලා මට නොසෑහෙන්න බැන්නා.මගෙයි සැන්ඩ්‍රාගෙයි මැරේජ් එක සිද්ද වුනේ ඇමරිකන් ක්‍රමයටනෙ.මගේ අම්මයි තාත්තයි ඒවා පිළිගත්තෙ නෑ.

ඒ වෙනකොටත් එයාලා මට ඔයාව බන්දලා දෙන්න තීරණය කරලා ඉවරයි. මං කියන්න පුලුවන් හැම විදියකටම කිව්වා මට ඔයාව මැරි කරන්න බෑ කියලා.ඒත් එයාලා ඒක ඇහුවෙ නෑ. අන්තිමට අම්මා කිව්වෙ මං ඔයාව මැරි කරේ නැත්නම් එයා ජීවිතේ නැති කර ගන්නවා කියලා.කරන්න දෙයක් නැති හින්දා අන්තිමට මං අම්මා ගැන හිතලා මේ මැරේජ් එකට කැමති වුනේ.

සැන්ඩ්‍රා දන්නෑ මං ආපහු මැරි කරා කියලා.පව් ඒ අහිංසකී ගොඩාක් දුක් වෙයි මං හින්දා.

නෙතූ,ඔයා බය වෙන්න එපා මං ඔයාව කසාද බැන්දට ඔයා ගෙදරින් ආවා වගේ පිරිසිදු කෙල්ලෙක් විදියට ජීවත් වෙන්න පුලුවන්.මං ඔයාට මොකුත් කරන්නෑ.ප්ලීස් නෙතූ මට ආදරේ කරන්න නම් එපා.මට බෑ සැන්ඩ්‍රාට අසාදාරණයක් කරන්න.මං ඔයාව බලන්න ඔයාලගෙ ගෙදර ඇවිත් යන දවසෙ ඔයාලගෙ ගෙවල් ගාව ගෙදරක ගෑණු කෙනෙක් අපිට ඔයා ගැන කිව්වා.

ඔයා ඔයාගෙ කුඩම්මා නිසා විඳින දුක ඒ ගෑණු කෙනා අපිට කිව්වා.මට ඔයා ගැන ගොඩක් දුකයි නෙතූ.බය වෙන්න එපා මං ඔයාව ආපහු ඒ ගෙදරට යවන්නෑ.ඔයා අපේ අම්මලාත් එක්ක හැමදාම අපේ ගෙදර ඉන්න.ඔයා ආදරේ කරන කෙනෙක් හම්බුන දවසට මට කියන්න.මං ඔයාට ඩිවෝස් එක දීලා එයා ගාවට යන්න උදව් කරන්නම්……………..”

ප්‍රභර්ෂ කියපු හැම වචනයක් වචනයක් ගානෙම මගෙ හිතට දරා ගන්න බැරි තරම් මහා ලොකු දුකක් ඇති වුනා.කුඩම්මාගෙ හෙවනින් මිදිලා මං ප්‍රභර්ෂගෙ බිරිඳ වුනේ මට සතුටින් ජීවත් වෙන්න පුලුවන් වෙයි කියලා හිතලා.ඒත් ඒ හැම දෙයක්ම හීනයක් විතරක්ම වෙලා.මං නොකරපු වරදකට අද මං දඬුවම් විඳිනවා.නොදැන හරි මං මගේම කරගෙන තියෙන්නෙ අන්සතු වස්තුවක්.

“ඔයා එක දවසකින් මගෙ මුලු අනාගතේම තීරණේ කරේ කොහොමද ප්‍රභර්ෂ?උපන්න දා ඉඳන්ම මං වින්දෙ දුක විතරමයි.කුඩම්මා මට සළකපු හැටි මං ඔයාට අමුතුවෙන් කියන්න ඕන්නෑනෙ.ඒ හැම දෙයක්ම ඔයා හොඳට දන්නවනෙ.ඒ අපායෙන් ගැලවිලා ඔයා ගාවට එන්න ලැබුනෙ මගෙ වාසනාවකට කියලයි මං හිතුවෙ. මං කුඩම්මා ගාවදි විඳපු හැම දුකක්ම අදින් ඉවරයි කියලයි මං හිතුවෙ.

මට ඔයාගෙ හිතේ ඉඩක් නැති වුනාට කමක් නෑ ප්‍රභර්ෂ.මං ඔයාගෙයි සැන්ඩ්‍රාගෙයි අතරට එන්නෙ නෑ.මං ඔයාගෙන් දික්කසාද වෙලා වෙන කෙනෙක් ගාවට ගියත් මේ සමාජෙ මිනිස්සු මට ඇඟිල්ල දික් කරන්නෙ දික්කසාද වෙච්චි ගෑනියෙක් කියලා මිසක් දික්කසාද වෙච්චි කෙල්ලෙක් කියලා නෙවෙයි.මං ඔයාගෙන් ඩිවෝස් වෙලා තනියම ජීවත් වුනත් මට වෙන කසාදයක් නම් එපා……………”

දැඩි ස්ථ්‍රීර හඬකින් මං එහෙම කිව්වා. ප්‍රභර්ෂ මගෙ තීරණේට මොකුත් කිව්වෙ නෑ.කොට්ටෙයි සීට් එකයි අරන් සෙටියට ගිහින් නිදා ගත්තා.


විවාහයෙන් පස්සෙ අපි ප්‍රභර්ෂගෙ මහ ගෙදරටමයි.ප්‍රභර්ෂගෙ අම්මයි තාත්තයි අපිව ගොඩාක් හොඳින් පිළි ගත්තා.

හැමෝගෙම ආදරේ මට නොඅඩුව ලැබුනා ප්‍රභර්ෂගෙ ආදරේ ඇරෙන්න.

සැන්ඩ්‍රා විදෙස් ජාතික කාන්තාවක් වුනත් එයා ගොඩාක් වාසනාවන්තයි ප්‍රභර්ෂ වගේ කෙනෙකුගේ ආදරේ ලබන්න.ප්‍රභර්ෂ ගොඩාක් හොඳ අවංක මනුස්සයෙක්.

වෙන කෙනෙක් එහෙම නම් මේ අවස්ථාවෙදි තීරණ ගන්නෙ මේ විදියට නෙවෙයි.කාමරේට ඇවිත් මං මගේ ඇඳුම් ටික අල්මාරියෙ එක පැත්තකින් අහුර ගත්තා.ප්‍රභර්ෂගෙ ඇඳුම් ටිකත් මං අල්මාරියෙ අනික් පැත්තෙ දොර ඇරලා ඇහිරුවා.මට එයාගෙ හදවතේ තැනක් නැති වුනාට බිරිඳක් විදියට මං එයාට හැම යුතුකමක්ම ඉශ්ඨ කරනවා කියලා හිතා ගත්තා.අල්මාරියට රෙදි ටික අහුරලා දොර වහන්න හදද්දිම ඒකෙ යට තට්ටුවෙ ලාච්චුව බාගෙට ඇරිලා තියනවා මං දැක්කා.

මං නිකටම වගේ ඒ ලාච්චුව ඇරලා බැලුවා.ඒකෙ අවුරුදු දෙකක් විතර පරණ ඩයරියක් තිබුණා.ඒකෙ ලියලා තිබුනෙ ප්‍රභර්ෂගෙයි සැන්ඩ්‍රාගෙයි ආදරේ මතක සටහන් ගැන.ඒ ඩයරිය අස්සෙ තිබුනා සැන්ඩ්‍රාගෙයි ප්‍රභර්ෂගෙයි ලස්සන ෆොටෝ එකක්.සැන්ඩ්‍රා ගොඩාක් ලස්සන කෙනෙක්.උරහිසින් මදක් පහලට වෙන්න තිබුනු කළු කොණ්ඩෙ එයාට අමුතු ලස්සනක් එක් කරා.

සැන්ඩ්‍රා හොලිවුඩ් නිළියක් වගේ කියලා මට හිතුණා.ඒ ඩයරිය පුරාම ප්‍රභර්ෂගෙ අත් අකුරු වලින් ලියලා තිබුනු ආදර වදන් මගේ නෙත ගැටුණා.එයාලා දෙන්නගෙ ෆොටෝ එක දිහා මං ගොඩාක් වෙලා බලාගෙන හිටියා.මගේ ඇස් වලින් වැටුනු කඳුලු ඒ ෆොටෝ එක මත පතිත වුනා.

මං ඒ ෆොටෝ එක ඩයරිය අස්සෙන් දාලා ඩයටිය ලාච්චුවට දාලා අල්මාරිය ලොක් කරා.

💔💔

ප්‍රභර්ෂ උදේම ඔෆිස් ගියාට පස්සෙ ගෙදර එන්නෙ හවස පහට පහමාරට විතර වෙනකොටයි.ගෙදර ඉන්නෙ ප්‍රභර්ෂගෙ අම්මයි වැඩට ඉන්න ගෑණු කෙනයි එයාගෙ දුවයි විතරයි.

“දුවේ මොකද කල්පනා කරන්නෙ.ගෙදර මතක් වුනාද?……………..”

“න්…..නෑ අම්මෙ.මං මේ නිකන් කල්පනා කරේ…………..”

“මං දන්නවා දුවේ පිටට නොපෙන්නුවට ඔයා අපේ පුතා හින්දා ගොඩාක් දුක් විඳිනවා කියලා.ඒ ගෙදරදීත් ඔයා කුඩම්මා හින්දා දුක් වින්දා.මේ ගෙදරදීත් ඔයාට විඳින්න වෙලා තියෙන්නෙ දුකනෙ.අර ලංසි ගෑණි හින්දා තමයි මේ සේරම.මූට මේ රටේ ගෑණු නෑ වගේ සුද්දියක් හොයාගෙන තියෙන්නෙ……………”😡😡

“ඒත් අම්මෙ එයාලා කසාද බැඳලා නේද?…………….”

“අපි ඒ කසාදෙ පිළිගන්නෑ.අපේ පරම්පරාවට මූ ලැජ්ජ කරා.ඔයා බය නැතුව ඉන්න දුවේ.මේ පව්ලෙ ලේලි ඔයා විතරමයි.ඔය සැන්ඩ්‍රා කියන ගෑණිට මේ පව්ලෙ ඉඩක් නෑ……………”😡😡

“සැන්ඩ්‍රා ගොඩාක් වාසනාවන්තයි අම්මෙ.ප්‍රභර්ෂ එයාට ගොඩාක් ආදරෙයි…………….”😥😥

“මං දන්නවා දුවේ පුතා ඔයා ඒ හැම දෙයක්ම කියන්න ඇති.එයා ඔයාව කසාද බැන්දට ඔයා තාම ගෑණියෙක් නෙවෙයි කියලා මං දන්නවා.ඔයා කොහොම හරි එයාගෙ හිත දිනා ගන්න බලන්න.ඔයා සැන්ඩ්‍රා ගැන හිතන්න එපා.මගෙ පුතාගෙ වුනත් කමක් නෑ ඔය ගෑණිගෙ බඩේ ඉපදිච්ච දරුවෙකුට නම් මේ දේපළ වලින් එක සතයක්වත් ලැබෙන්නෙ නෑ.

ඔයා කොහොම හරි මගෙ පුතාගෙ දරුවෙක් ඔයාගෙ බඩට ගන්නම ඕනි.පුතාගෙන් පස්සෙ මේ දේපළ වලට උරුමක්ක්කාරයෙක් ඉන්න ඕනි.ගෑණු දරුවෙක් වුනත් කමක් නෑ මේ දේපළ අයිති වෙන්න ඕනි ඔයාලා දෙන්නගෙ දරුවෙකුට විතරමයි…………..”

ප්‍රභර්ෂගෙන් දරුවෙක්…….මං දිහා ආදරෙන් බලන්නෙ නැති,මාව පිට කෙනෙක් ගානට දාලා ඉන්න මනුස්සයා කැමති වෙයිද මට දරුවෙක් දෙන්න.

“ඔයා බය නැතුව ඉන්නකො දුවේ.එයාව ඔයාගෙ පැත්තට නම්ම ගන්න අපි කොහොමහරි පොටක් පාද ගම්මු……………”

අම්මා මොනවා කරන්න හදනවද කියලා මට නම් තේරෙන්නෙ නෑ.මට හොඳටම ප්‍රභර්ෂ කවදාවත් මට ආදරේ කරන්නෙ නම් නෑ.

නැවත හමුවෙමු