සැඳෑ අඳුර සෙමින් සෙමින් මුළු පරිසරයම වෙලාගනිමින් පවතී. ආකාසය දෙස බලනා විට වර්ෂාවක් අත ළඟම බව පෙනී යයි.මිදුලේ රෙදි වැලෙහි ඇති මගේ ඇඳුම් ගෙන මා ගේ තුලට් ගියෙමි.

“පූර්ණිමා…………..”

“ඇ…..ඇයි අම්මෙ?……………”

“ගේ අතුගාලා දාපන්…………..”

“හා…………….”

රෙදි ටික ඇඳ උඩින් දමා මං ගේ අතු ගෑමට පටන් ගත්තෙමි.අම්මා ඉරිදා පත්තරේ රැගෙන සෙටිය මතින් වාඩි වූවාය.නංගී පොතක් පාඩම් කරමින් සිටියාය.

“කපු මහත්තයා ගෙනාපු යෝජනාව ගැන දූ මොකද කියන්නෙ?………….”

එසේ අසමින් අප්පච්චී පැමිණ අම්මා ළඟින් වාඩි වූවාය.

“අප්පච්චිගෙ කැමැත්තක්………….”

“කපු මහත්තයා යෝජනාව ගෙනාවෙ මටයැ දූටනෙ.දූගෙ කැමැත්ත කියන්න. ඒ උදවිය අදත් කෝල් කරලා ඇහුවා.මං කිව්වා තව දවස් දෙකකින් විතර උත්තරයක් එවන්නම් කියලා.දූ මොකද කියන්නෙ?…………….”

“අප්පච්චිලාත් කැමතියි නම් මගෙ අකමැත්තක් නෑ…………..”

එසේ පැවසූ මං ගේ අතු ගා ඉවර වී මුහුණ කට හෝදාගෙන කුස්සියට පැමිණ ගෙදර සියල්ලන්ටම තේ සෑදුවෙමි.

“දෑවැද්දකුත් එපා කිව්ව එක නම් හොඳයි.අපි කොහෙන් හොයන්නද දෑවිදි.මෙතන තවත් දීගදෙන වයසෙ ගෑනු ළමිස්සියෙකුත් ඉන්නවනෙ………….”

අම්මා අප්පච්චීත් සමඟ එසේ පවනසනවා මම අසා උන්නෙමි.අම්මා යයි ආමන්ත්‍රණය කලද ඒ මගේ සැබෑ මව නොවේ.මගේ අම්මා මිය ගියේ මා උපදිනා විටදීය.මේ සිටිනා ඇය මාගෙ කුඩම්මාය.

“ඔයාට පිස්සුද නන්දනී සඳලිට තාම අවුරුදු දහහතයි.ඒ ළමයට කසාදයක් කරලා දෙන්න තව වයස තියනවා. පූර්ණිමා දූගෙන් ඒ මිනිස්සු දෑවැද්දක් එපා කිව්වට අපි පුලුවන් විදියට දෙයක් දෙන්න ඕනි.නැත්නම් අපි කෙල්ලව හිස් අතින් දුන්නා වෙනවා………….”

“එහෙනම් ඉතිං දෙන එකයි ඇත්තෙ. මට මොකෝ.මට දුක මගෙ කෙල්ල ගැන.ඒකිට කවදා හරි දෙන්න තියන දේවල් වලට එහෙම ඔයා ඇඟිලි ගහන්නෑ ඔන්න…………”

“අප්පච්චී…..තේ බොන්න එන්න. අම්මේ……නංගී තේ බොන්න එන්න…………..”

හැමෝම තේ බොන අතරතුරේද කතා බහ කරේ මට ආ විවාහ යෝජනාව ගැනය.අප්පච්චී නම් ඒ ගැන මහත් උනන්දුවෙන් කතා කලාය.අම්මා නම් සිටියේ ඉරිසියාවෙනි.ඒ මට එම යෝජනාව ගෙන ආ නිවැසියෝ පොහොසත් උදවිය නිසාය.

“අක්කා මේ ගෙදරින් ගියාම මට තමයි ඉතිං පාලු…………”

නැගණිය සඳලි මට එසේ පැවසුවාය. අම්මා(කුඩම්මා)නපුරු අකාරුණික අයෙක් වූවද සඳලි නංගී නම් එසේ නැත.ඇය මට ඉතාමත් ලෙංගතු විය. කුඩම්මාගෙ නපුරු දුෂ්ට ගතිගුණ වලින් බිඳක්වත් ඇයට පිහිටා නැත.ඇය මට වඩා වසර තුනක් බාලය.

“ඒ මොකෝ මෙයා ගියා කියලා ඔයාට පාලු.ගෑණු ළමයි වුනාම හැමදාම ගෙවල් අස්සෙ තියාගෙන බෑ.හරි වයස එද්දී එයාලව කසාද බන්දලා දෙන්න ඕනි.කවදා හරි ඔයාටත් එහෙම තමයි…………”😠😠

“අයියෝ අම්මා ඔයා එක වචනයක් හොඳින් කතා කරනෑනෙ.තරහින්මයි ඉන්නෙ.අක්කි පව් අනේ………….”

“අනේ මේ කාගෙවත් පව් පින් බල බලා ඉන්න වෙලාවක් නෑ මට…………”😠😠

තේ බීලා ඉවර වෙලා මං රෑට උයලා ඉවර වෙලා කාමරේට ආවා.මේ ගෙදර හැම වැඩක්ම වගේ කරන්නෙ මං. කුඩම්මා කරන්නෙ එයාගෙ කන බොන එක විතරයි.අප්පච්චී ඉන්න දවසට විතරයි මට සැනසීමෙන් ඉන්න පුලුවන්. අප්පච්චී වුනත් දන්නවා කුඩම්මා මට වෙනස්කම් කරනවා කියලා.ඒත් එයා බැන්නත් කුඩම්මා කවදාවත් වෙනස් වෙන ජාතියෙ කෙනෙක් නෙවෙයි.

මට ඒ විවාහ යෝජනාව ගෙනාවෙ ලොකු පෝසත් පව්ලකින්.ඒ පව්ලේ එකම පිරිමි දරුවා.එයාගෙ නම ප්‍රභර්ෂ.වයස අවුරුදු විසිහතයි.මට වඩා අවුරුදු හතක් වැඩිමහල්.මගේ නම නෙතූ පූර්ණිමා.මං ඒලෙවල් කරලා ගෙදර ඉන්නෙ.මගෙ අප්පච්චි ගමේ සුළු සුළු ව්‍යාපාර කරපු කෙනෙක්. කුඹුරු පොල් රබර් එහෙම අපිට තියනවා.


ඒ විවාහයට මං කැමැත්ත පල කරාට පස්සෙ මනමාලයගෙ පාර්ශවයෙන් විවාහය ඉක්මන් කරා.ඒ වෙනුවෙන් හැම වියදමක්ම දැරුවේ එයාලා.අපිට තිබුනේ නෑදෑයන්ට ආරාධනා කරන්න තව සුළු සුළු වැඩපල විතරයි.ආරාධනා කරන්න කියලා මහා ලොකු නෑදෑ පිරිසක් අපිට හිටියෙ නෑ.මනාලයාගෙ පාර්ශවයෙන් තීරණය වුනේ එක දවසකින් විවාහය අරන් ඉවර කරන්න.

ඒකට අපිත් කැමති වුනා.විවාහය ගන්න වෙන් කරලා තිබ්බෙ කොළඹ කිංස්බරි හෝටලය.

විවාහය ලං වුනත් මං තාම දෙපාරකට වඩා ප්‍රභර්ෂ එක්ක කතා කරලා නෑ. කීප වතාවක්ම දුරකථනයෙන් නම් කතා බහ කරා.ඒත් මට නම් සමහර වෙලාවට දැනෙන්නෙ ප්‍රභර්ෂ මේ කසාදෙට කැමති නෑ වගේ කියලා.

ඕනම මනුස්සයෙක් තමන්ගෙ විවාහය ලං වෙනකොට තමන්ගේ මනාලිය වෙන්න ඉන්න කෙනත් එක්ක මොන තරම් දේවල් කතා කරනවද?ඒත් ප්‍රභර්ෂ මාත් එක්ක කතා කරන්නෙ වෙන කාගෙ හරි බල කිරීමට වෙන කාගෙ හරි උවමනාවකට කියලා මට හිතෙන්නෙ.

ප්‍රභර්ෂ කවදාවත් මාත් එක්ක ආදරෙන් කතා කරලා නෑ.එයා කතා කරපු අවස්ථා වලදී වුනත් බැනලා නපුරු කම් පෙන්නලත් නෑ.ප්‍රභර්ෂ මොන වගේ කෙනෙක්ද කියලා මට තාම තේරුම් ගන්න බෑ.

ඒත් මොන දේ වුනත් විවාහය ඉක්මන් වෙන එක ගැන මං සන්තෝශ වුනා. කුඩම්මා වගේ නෙවෙයි ප්‍රභර්ෂගේ අම්මා හරිම හොඳයි.කට පුරා මට දුවේ කියලා කතා කරනවා.ප්‍රභර්ෂගේ අම්මා මට හොඳ අම්මා කෙනෙක් වෙයි කියලා මට හිතෙනවා.මේ ගෙදර මං ජීවත් වුනේ වැඩකාරියක් වගේ.

කවදාවත් මට හරියට කන්න ලැබුනෙ නෑ.කුඩම්මයි නංගියි කාලා ඉවර වෙලා ගෙදර බල්ලොන්ට පූසන්ට කෑම දාලා ඉවර වුනාට පස්සෙයි මට කන්න දෙන්නෙ. සමහර දවස් වලට කෑම නැති වුනාම මං ඇල් වතුර වීදුරුවක් විතරක් බීලා ඉඳලා තියනවා.කුඩම්මා මට නිතරම කිව්වෙ අම්මා මරාගෙන ඉපදිච්ච කාලකණ්ණි කෙල්ල කියලයි.මගේ අම්මා කුඩම්මගෙ නෑදෑවෙන නංගි කෙනෙක්.මේ ගෙදරදී විඳපු අපා දුක් මතක් වෙනකොට මට මං ගැනම මහා දුකක් ඇති වෙනවා.

විවාහයට එන්න එන්නම දින ලං වුනා. ප්‍රභර්ෂගේ අම්මා මාත් එක්ක නිතරම වගේ දුරකථනයෙන් කතා කරලා දුක සැප අහනවා.ඒත් ප්‍රභර්ෂ මාත් එක්ක කතා කරන්නෙ දවසකට දෙකකට එක පාරක් විතරයි.සමහර විට එයා රැකියාවත් එක්ක කාර්යබහුල නිසා වෙන්නත් ඇති.

ඒත් එයා කතා කරන එක වෙලාවකදී වුනත් වැඩිය දේවල් කතා කරන්නෙ නෑ.කෑවද බිව්වද මොකද කරන්නෙ කියලා අහනවා විතරයි.එයා ගොඩාක් නිහඬ කෙනෙක් කියලා මට තේරුණා.

එයා නිශ්ශබ්දව ඉන්නවා මං කියෝනවා විතරයි.මං එහෙම හැම වෙලේම කච කච ගාලා කියවන කෙනෙක් නෙවෙයි.මං පුංචි කාලෙ ඉඳන්ම නිහඬ නිශ්ශබ්ද චරිතයක්.මට පාසල් කාලෙදි වුනත් ප්‍රේම සම්බන්දයක් තිබුනෙ නැහැ.පිරිමි ළමුන් කිහිප දෙනෙක්ම මගේ ආදරය පතා මා පසු පස ආවත් මං ඒ කිසිම යෝජනාවක් බාර ගත්තෙ නෑ.ප්‍රභර්ශ තමයි මගේ පළමු ආදරය.මං එයාට ආදරේ කරත් එයා තාම මට ආදරෙයි කියලාවත් නෑ.

❤️👰🤵❤️

කොළඹ කිංස්බරි හෝටලයේදී මගෙයි ප්‍රභර්ෂගෙයි විවාහ උත්සවය පැවැත්වුනා.දෙපාර්ශවයෙන්ම නෑදෑ හිතවතුන් යාළු මිත්‍රයින් විශාල ප්‍රමාණයක් සහභාගී වුනා.මං ඇන්ඳේ සුදු ඔසරිය.මාල හත දාලා සුදු ඔසරිය ඇඳලා මං ගොඩාක් ලස්සනයි කියලා හැමෝම කතා වුනා.ප්‍රභර්ෂ ඇන්ඳේ නිළමෙ ඇඳුම.

ඒ ඇඳුමට එයාට ගොඩාක් ගාම්භීර පෙනුමක් තිබුනා. විවාහ උත්සවේදි වුනත් ප්‍රභර්ෂ මාත් එක්ක ලංවෙලා ආදරෙන් කතා කරේ නෑ.ගල් ගිල්ලා වගේ ඔහේ හිටියා.එයා ඔහේ මඩේ හිටවපු ඉන්නක් වගේ හිටියා.හරියට කාගෙ හරි උවමනාවකට බල කිරිල්ලකට එයා මේකට කැමති වුනා වගේ හිටියෙ.හිනා පොදක් නෑ මූණෙ.

ෆොටෝස් ගන්න වෙලාවෙදි විතරයි ප්‍රභර්ෂ ටිකක් හරි හිනා වුනේ.එයාගෙ මූණෙ තිබුනු හිනාව දිහා මං බලාගෙන හිටියෙ හරිම ආසාවෙන්.

විවාහ උත්සවය ඉවර වෙනකොට හවස හතර විතර වුනා.මධුසමය ගත කරන්න ආවෙ කොළඹ පිහිටි තවත් ප්‍රධාන පෙලේ තරු පහේ හෝටලේකට. කාරෙකෙන් බැහැලා මං ප්‍රභර්ෂගේ අතින් අල්ලගෙන ඒ හොටෙල් එකේ උඩ තිබුනූ රූම් එකකට ආවා.අද අපේ කසාදෙ තිබ්බෙ.අද රාත්‍රිය අපේ මංගල රාත්‍රිය.මගේ හිත අමුතු බියකින් ලැජ්ජාවකින් පිරිලා ගියා.

ඒ රූම් එක අපි දෙන්නා වෙනුවෙන් ගොඩාක් ලස්සනට සරසලා තිබුනා.ඇඳේ රතු රෝස මල් පෙති වලින් පිරිලා තිබුනා. ඇඳ මැද්දේ ලස්සන හංසයෝ දෙන්නෙකුගෙ රුවක් තිබුනා.

“නෙතූ මං වොශ් එකක් දාගෙන එන්නම්…………..”

මං හා කියලා එයා ටවල් එකත් අරගෙන බාතෲම් එකට ගියාට පස්සෙ කොණ්ඩෙ ගහලා තිබ්බ කටු ටික සේරම ගලෝලා කොණ්ඩෙ කඩලා පීර ගත්තා.ඒ කටු සෙට් එක ගැලෙව්වට පස්සෙ ඔලුවට පුදුම සැහැල්ලුවක් දැනුනෙ.බෑග් එකේ තිබුනු වතුර බෝතලේ අරන් වතුර බිව්වා.ඒක පැත්තකින් තියලා සාරියෙ ගහලා තිබ්බ කටු ටිකත් මං කොහොම හරි ගලව ගත්තා.ටික වෙලාවක් යද්දී ප්‍රභර්ෂ බාතෲම් එකේ ඉඳන් එලියට ආවා.

“මාත් වොශ් එකක් දාගෙන එන්නම්………….”

“හ්ම්ම්………….”

අඩුම තරමෙ හා මැණික කියලාවත් කියයි කියලා මං බලාපොරොත්තු වුනා. ඒත් එහෙම කිව්වෙ නෑ.හ්ම්ම් කිව්වා විතරයි.මං ටවල් එකත් අරගෙන බාතෲම් එකට ගිහින් හොඳට නා ගත්තා.ඉන්න බෑ පුදුම සීතලක් තියෙන්නෙ.සීතල හැදිලා වෙව්ලුවත් කමක් නෑ.අරයා ඉන්නවනේ මගේ සීතල නැති කරන්න.😁😉😚☺එහෙම හිතපු මං නාලා ඉවර වෙලා ටවල් එකත් ඇඳගෙන කාමරේට යද්දී ප්‍රභර්ෂ හිටියෙ බැල්කනියට වෙලා කාටදෝ මන්දා කෝල් කර කර.එයා ටිකක් හයියෙන් කතා කරනවා ඇහුනා.මං අහගෙන හිටියා ප්‍රභර්ෂ මෙහෙම කේන්ති ගිහින් කතා කරන්නෙ කාටද කියලා.

“අනේ අම්මෙ මේ ඔය විකාර කරන්න නම් ලෑස්ති වෙන්න එපා.මායි නෙතූ යි අනිද්දා ගෙදර එනවා.ඔයාලා එන්න ඕන්නෑ හොටෙල් එකට……………”😡📲

ඒ කතා කරන්නෙ ප්‍රභර්ෂගෙ අම්මා කියලා මට තේරුණා.ඒත් ඇයි ප්‍රභර්ෂ අම්මත් එක්ක මෙච්චර තරහින් කේන්තියෙන් කතා කරන්නෙ.මොකක්ද ප්‍රභර්ෂ විකාරයක් කියලා කිව්වෙ🤔🤔

“ඔයාලගෙ කීමට මං නෙතූව කසාද බැන්දනෙ.මං මුල ඉදන්ම කිව්වා මට තව කසාදයක් එපා කියලා………..”😡📲

අනේ දෙයියනේ ප්‍රභර්ෂ මාව කසාද බැන්දෙ එයාගෙ අම්මගෙ කීමටද?එතකොට මට සැක හිතුණු දේ හරියටම හරි.එයා මට කැමති නෑ.😭😭

මගේ නෙත් වලින් කඳුලු විසිරුනා.😭😭

තව කසාදයක් එපා කියලා කියන්නෙ ප්‍රභර්ෂ කලින් කසාද බැඳලා හිටපු කෙනෙක්ද?

“නෙතූ…………”

ප්‍රභර්ෂගෙ කටහඬට මං ගැස්සිලා වගේ ඔලුව උස්සලා බැලුවා.එයා මං දිහා බලන් හිටියෙ පුදුම වෙලා වගේ.

“ඇඳුමක් ඇඳගෙන එන්න මට ඔයත් එක්ක ටිකක් කතා කරන්න ඕනි……………”

එහෙම කියලා එයා ආපහු බැල්කනියට ගියා.

මතු සම්බන්දයි❤️❤️