“මොනවද කල්පනා කරන්නෙ?තමුන් හිතාගෙන ඉන්න දේවල් සිද්ද වෙන්නෑ. ලෑස්ති වෙනවා ලබන මාසෙ තමුන්ගෙ කසාදෙ.ආයෙ මං නොකිව්වයි කියන්න එපා.තමුන්ට ඕනි දේවල් කරන්න බෑ මේ වහලෙ යට ඉඳගෙන…………”😡😡
ඒ කුඩම්මාගේ කෝපය පිරුනු රවෘද්‍ර හඬය.ඇය තරම් අප්‍රිය ගැහැණියක් මට මට මේ තුන් ලෝකෙවත් නැත.
“මට බෑ ඒ නාකියාව කසාද බඳින්න…………”
“කාටද නාකියා කිව්වෙ?රංජිත්ටද?…………”😡😡
“ඔව් ඌට තමයි.කුඩම්මගෙ ඇස් පේන්නැද්ද?ඌ මට වඩා අවුරුදු විසි දෙකක් වැඩිමහල්.මගෙ තාත්තා වගේ හරියට…………”
“තෝ මගෙ මල්ලිට ඔහොමද කතා කරන්නෙ යකෝ?තෝව මට දැන්මම මේ ගෙදරින් පන්නලා දාන්න පුලුවන්. ඔහොම හිටපන්කො තව ටික දවසක්………..”😡😡
මගේ කම්මුලට වැරෙන් පහරක් එල්ල කල කුඩම්මා එසේ පැවසුවාය.
“තාත්තයි කුඩ්ඩමයි දෙන්නම එකතු වෙලා මාව ඒ නාකියාට කසාද බන්දලා දෙන්න හදන්නෙ ඇයි කියලා මං දන්නවා.මගේම අම්මගෙ දේපළ වලට තියන ආශාවටයි තණ්හාවටයි උඹලා ඔය දේවල් කරන්නෙ.උඹට හොදක් සිද්ද වෙන්නෑ මට කරන්න හදන අපරාධෙට………….”😠😠
“පට්ට බැල්ලි කාගෙ හයියක් අරගෙනද උඹ මට ඔහොම කතා කරන්නෙ?මට හිතෙනවා උඹේ අණ්ඩක් කඩලා දාන්න.උඹ එකක් හොඳට මතක තියා ගනිං ජාන්වි උඹ කසාද බඳින්න ඕනි මගෙ මල්ලි රංජිත්වමයි………..”😡😡
මගේ කෙස් වැටියෙන් අල්ලලා තද කරපු කුඩම්මා එසේ පවසා කාමරෙන් නික්ම ගියා.කුඩම්මා තරම් නපුරු දුශ්ට ගැහැණියක් මිහිපිටදී නම් මා දැක නැත.සුප්‍රසිද්ධ ව්‍යාපාරික ශ්‍රියන්ත අලහප්පෙරුම වන මාගේ පියාගේ දෙවෙනි කසාද බිරිඳ ඇයයි.මගේ මව වන ඔහුගේ පළමු කසාද බිරිඳ මාලිනී රණ්දෙණිගල මිය ගියේ මා ඉපිද දස වසරක් ඉක්ම ගිය තැනය.මව මිය ගියා නොව ඇය සිය දිවි නසා ගත්තාය.ඒ මාගේ පියාගෙ අනියම් සම්බන්දය නිසාය.
ඔවුන් දෙදෙනා අතර රණ්ඩු සරුවල් නිතරම පාහේ සිදු විය.එයට මූලික හේතුව එවකට මාගෙ පියාගේ අනියම් බිරිඳ වූ මේ වන විට දෙවෙනි කසාද බිරිඳව සිටින රෝශිණී ය.මව මිය ගොස් සිව් මසක් ගත වූ තැන පියා කුඩම්මාව විවාහ කරගෙන නිවසට කැන්දන් ආවාය.මාගේ දිවියට කන කොකා හඬන්නට පටන් ගත්තේ එතැන් සිටය.කුඩම්මා මට හොඳින් නම් සැළකුවේ නැත.ඇනුම්,බැනුම්,ගෙරවිලි, ටොකු වැරදුනේ නැත.
මට කිසිඳු දිනෙක පියාගේ ආදරය ලැබුනේ නැත.පියා සිටියේ නමට පමණකි.අතට පයට වැඩකාරයින් නම් අඩුවක් නැතුව සිටියේය.තාත්තාත් කුඩම්මාත් එක්ව මාගේ අම්මා මරා ගත්තා යන සිතුවිල්ල මගේ මනසේ නිතරම පාහේ හොල්මන් කරන්නට විය.මගේ අම්මා ධනවත් වලව් පැලැන්තියක කාන්තාවකි.මාගේ පියාද පොහොසත් පුද්ගලයෙකු වූ අතර ඔහුට අම්මාට තරම් දේපළ මිල
මුදල් තිබුනේ නැත.
අම්මා සිය දිවි නසා ගන්නා විට මට වයස අවුරුදු දහයකි.ඇය මිය යන්නට පෙර ඇගේ අවසන් කැමැත්ත ලියා තිබුණි.ඒ අනුව ඇගේ සියලූම දේපළ ඇය පවරා තිබුනේ මාගේ නමටය.මගේ නම ජාන්වි ශවීන්ද්‍රා අලහප්පෙරුම ය. මාගෙ මවගේ අවසන් කැමැත්ත අනුව මා අවුරුදු දහ අට සම්පූර්ණ වීමට ප්‍රථමයෙන් මිය ගියොත් මේ සියලූම දේපළ අයිති වන්නේ අනාථ නිවාසයකටය.එසේ නොවුනහොත් මේ සියලූම දේපළ වල සම්පූර්ණ හිමිකාරීත්වය හිමි වන්නේ මටය.
මා පිටස්තර අයෙකු හා විවාහ වූවොත් පියාටත් කුඩම්මාටත් මේ දේපළ වලට ඇඟිලි ගැසිය නොහැකි නිසා ඔවුන් දෙදෙනා විසින් මාව කුඩම්මාගේ මල්ලී වන රංජිත් හට විවාහ කරදෙන්නට සැළසුම් කරයි.ඒ මා ගැන සිතා නොව මේ දේපළ කොල්ලකන්නටය.ලබන මාසෙ පළමු සතියේ අඟහරුවාදාට මට වයස අවුරුදු දහ අට සම්පූර්ණ වෙයි. කුඩම්මාගේ මල්ලී වන රංජිත් හට දැන් වයස අවුරුදු හතළිහකි.පෙනුමෙන් සේම වයසින්ද ඔහුත් මාත් පියා සහ දියණිය වැනිය.
මගේම පියා මගේ ජීවිතය විනාශයට ඇද දමන්නට තණන්නීය.තව සති දෙකකින් ඔවුන් මාගේත් රංජිත්ගේත් විවාහය ගන්නට සැළසුම් කර ඇත.මා ඔහු බඳින්නට අකමැති බව කිහිප විටක්ම පියාට පැවසුවත් ඔහුට මාගේ සතුට බිඳක්වත් වටින්නේ නැත.කරන්නට ඇත්තේ එකම එක දෙයකි.එය මා මේ නිවසින් පලා යෑමයි.ඒත් මා එසේ
කොහේ කියා යන්නද?මට කියා කිසිම නෑදෑයෙක් නැත.කොහේ හෝ යන්නට සිතෙයි.තව දුරටත් මේ නිවසේ සිට මට අර මස් වැද්දාව කසාද බඳින්නට බැරි ය.
“පුංචි නෝනා මේ තේ ගෙනාවා…………”
නිවසේ මෙහෙකාරිය වූ අගිරා තේ බන්දේසිය රැගෙන මාගේ කාමරේට පැමිණියායා.අගිරා නැන්දා අප නිවසේ වැඩ කරන්නේ මගේ අම්මා කුඩා කාලයේ සිටය.
“අප්පච්චි කෝ අගිරා නැන්දෙ?…………”
“ලොකු මහත්තයා දැනුයි ආවෙ පුංචි නෝනා.අද නම් මහත්තයා හොඳටම බීලා…………”
“කුඩම්මා කෝ?………….”
“ලොකු නෝනා පුංචි නෝනගෙ මංගල්‍ලෙට ආරාධනා පත්‍ර ලෑස්ති කරනවා………….”
“කුඩම්මා ඒ වැඩේ දැන්ම ඉවර වෙන පාටක් නැද්ද අගිරා නැන්දෙ?…………”
“මොන පිස්සුද පුංචි බේබි.අද නම් රෑ කීය වුනත් ඒ වැඩේ ඉවර කරලා මිසක් පිටුවෙන් නැගිටින්නෑ කිව්වා ඔන්න.මට කියලා කෝපි හදාගෙන ප්ලාස්ක් එකට දාගත්තා………..”
කුඩම්මාත් දැන්ම ඒ වැඩේ ඉවර කරන පාටක් නැත්නම් මේක තමා ගෙදරින් පැනලා යන්න හොඳම වෙලාව. අප්පච්චීත් ආවෙ බීලා නම් එයා කොහොමටත් දැන් නැගිටින්නෙ නෑ.තේ එක බීපු මං හිස් කෝප්පෙ අගිරා නැන්දට දුන්නා.අගිරා නැන්දා ඒකත් අරන් කුස්සියට ගියා.මං ඉක්මනට කබඩ් එක ඇරලා දණිස්ස ගාවට තියන සැහැල්ලු කලිසමකුයි ටීෂර්ට් එකකුයි ඇඳ ගත්තා.මගේ පර්ස් එක අරගෙන ඒකෙන් රුපියල් දාහෙ කොල හතරක් අරන් සාක්කුවට දාගෙන මගේ කුඩා ජංගම දුරකථනයත් අරන් සාක්කුවට දා ගත්තා.ඊට පස්සෙ බැල්කනියට ගිහින් ගේට්ටුව දිහා බැලුවා.
ගේට්ටුවෙ මුර කුටියෙ ඉන්න මුරකාරයො දෙන්නගෙන් එක්කෙනෙක් අද නිවාඩු. ඒකත් මගෙ වෙලාවට හොඳයි.අනික් මුරකාරයා ගේට් එක ළඟම හිටියා. මෙයාව මෙතනින් යවා ගන්න ක්‍රමයක් තිබ්බා නම් හරියටම හොඳයි.ටිකක් වෙලා මං බැල්කනියෙ හැංගිලා වගේ බලාගෙන හිටියා.මං දැක්කා මුරකාරයා එලියෙ තියන වොශ් රූම් එක පැත්තට යනවා.මේක තමයි පැනලා යන්න හොඳම වෙලාව.එහෙම හිතපු මං ඉක්මනට පල්ලෙහාට ඇවිත් ගෙයින් එළියට බැහැලා ගේට් එක ළඟටම ගියා.හොඳ වෙලාවට පොඩි ගේට් එකට ඉබ්බා දාලා තිබ්බෙ නෑ.මං ඉක්මනට ඒ ගේට් එක ඇරගෙන එළියට ආවා.ඇති යාන්තං.දැන් වෙලාව රෑ නවයට විතර ඇති.🕘
මං ඉක්මනට පාර දිගේම දුවලා දුවලා ඉස්සරහටම ආවා.රාත්‍රියේ ඝණ අන්ධකාරය මගේ සිතට බියක් එක් කරා.කුඩම්මා දැන ගත්තොත් මං කාමරේ නෑ කියලා අනිවාර්යෙන්ම මාව හොයන්න එයි.එයාලට මාව අහු වුනොත් එහෙම ආයෙ කවදාවත් මට එයාලගෙන් ගැලවෙන්න බැරි වෙයි.ඒ හින්දා මං පය ඉක්මන් කරලා දිව්වා.
උදව්වක් ඉල්ලන්නවත් කවුරුවත් පාරෙ හිටියෙ නෑ.කිලෝ මීටර් ගානක් මං මං ඔහේ දිව්වා.මං දැක්කා පාරෙ අයිනෙ කාර් එකක් නතර කරලා තියනවා.මා ඒ දෙසට දුවද්දී එක්වරම පය පැටලී මා ඒ කාරෙක අබියසම ඇදගෙන වැටුනා.යලිත් අමාරුවෙන්ම වගේ මං නැගිටිද්දී ඒ වාහනේ හිටපු මිනිස්සු දෙන්නෙක් ඒකෙන් බැහැලා ආවා.
“මේ කව්ද ඔයා?ඇයි මේ මහ රෑ වෙලා පාරෙ.ඔයාට මොකක් හරි කරදරයක් වුනාද?………..”
එක මනුස්සයෙක් මගෙන් එහෙම ඇහුවා.
“අනේ මට උදව් කරන්න.මං ලොකු කරදරේක වැටිලා ඉන්නෙ…………”😭🙏
මං අත් දෙකම එකතු කරගෙන වැඳලා එහෙම ඉල්ලුවා.ඒ මිනිස්සු දෙන්නා මං දිහා බැලුවෙ සැකේකින් වගේ.මං සැරින් සැරේට පිටි පස්ස බැලුවා කුඩම්මා මාව හොයාගෙන එනවද කියලා.
“මොකද තමුං සැරෙන් සැරේට පිටි පස්ස බලන්නෙ?කවුරු හරි තමුංගෙ පස්සෙන් පන්නගෙන ආවද?………….”
“අනේ මහත්තයා කුඩම්මට අහු වුනොත් මාව මරයි.අනේ මාව බේර ගන්න………….”😭🙏
“ඇයි කුඩම්මා තමුංව මරන්නෙ?…………”
“එයා මාව එයාගෙ මල්ලිට කසාද බන්දලා දෙන්න හදනවා.මං ඌට කැමති නෑ…………”😭😭
“ශිවන්ග,අපි මොනවද බං කරන්නෙ? මෙයාට උදව් කරනවද?නැත්නම් අපි මෙයාව පොලීසියට භාරදෙනවද?………..”
අනේ දෙයියනේ මෙයාලා මාව පොලීසියට භාර දුන්නොත් මට ආපහු අප්පච්චියි කුඩම්මයි ගාවට යන්න වෙන්නෙ.එහෙම වුනොත් මගෙ මුළු ජීවිතේම විනාශයි.
“අනේ මහත්තයා පින් සිද්ද වෙයි මාව පොලීසියට ගෙනියන්න එපා.එහෙම වුනොත් පොලීසියෙන් මාව කුඩම්මාටම බාර දෙයි.අනේ එයා මාව මරයි මහත්තයා………..”😭🙏
“දැන් තමුං කියන්නෙ අපිට තමුංව ගෙදර එක්කන් යන්න කියලද?……….”😡😡
“අනේ නෑ……….”
“එහෙනම්?……….”😠😠
ඒ ප්‍රශ්නෙට මාව නිරුත්තර වුනා. දෙයියනේ මං දැන් කොහෙද යන්නෙ. එක් වරම මට මතක් වුනේ අනුරාධපුරයෙ ගල්නෑවෙ තියන මගෙ යාලුවගෙ ගෙදර.එහෙටවත් යන්න පුලුවන් වුනොත් හොඳයි.
“ඕ මයි ගෝඩ් තමුසෙගෙ කකුල් දෙක තුවාල වෙලා ලේ එනවා………….”
කකුලයි අතයි තුවාල වෙලා ලේ ගලන එකේ වේදනාවවත් මට දැනුනෙ නෑ.ඒ තරමටම කුඩම්මා එයි කියන බිය තව තවත් වැඩි වුනා.මගෙ පපුවෙ හදගැස්මත් වැඩි වුනා.
“තමුං නගිනවකො කාර් එකට. බෙහෙත් දාන්න හොස්පිටල් එකකට යමු.තමුසෙව මෙතන දාලා යන්නත් බෑනෙ.මොනවා වුනත් ගෑණු පරානයක්නෙ…………”
ඒ කතාවෙන් මට තේරුණා මට ඔවුන් දෙදෙනාගෙන් කරදරයක් නෑ කියලා. කකුලත් අල්ලගෙන මං අමාරුවෙන්ම පිටි පස්සෙ සීට් එකට නැග්ගා.
“මෙයාව කොහොමද බං අපි හොස්පිටල් එකට එක්කන් යන්නෙ? එතන මිනිස්සු හිතයි අපි මෙයාව කිඩ්නැප් කරලා කියලා.මං කියන්නද මග ෆාමසියක් ගාවින් වාහනේ නවත්තපං………….”
එහෙම කිව්වට පස්සෙ අනික් මනුස්සයා වාහනේ ඩ්‍රයිව් කරා.විනාඩි කිහිපයකින් වාහනේ ෆාමසියක් ඉදිරිපිටදී නැවැත්තුවා.එක මනුස්සයෙක් වාහනෙන් බැහැලා ගිහින් විනාඩි දහයකට විතර පස්සෙ පාර්සලේකුත් අරන් කාරෙකට නැග්ගා.
“ආ මේකෙ බෙහෙත් තියනවා.දා ගන්නවා……….”
එක මනුස්සයෙල් එහෙම කියලා ඒ පාර්සලේ මට දුන්නා.මං ඒක අතට ගත්තා.ඒ මනුස්සයගෙ මොබයිල් ෆෝන් එකට කෝල් එකක් ආවා.ඒ අතරේ මං තුවාලෙට බෙහෙත් දාන්න බැලුවා.හරිම දැවිල්ලයි තුවාලෙ.😢😢
“මෙ….මේ….තමුසෙගෙ නම මොකක්ද?…………..”
“ජාන්වි…………”
“මං ඇහුවෙ සම්පූර්ණ නම?…………”
“ජාන්වි ශවීන්ද්‍රා අලහප්පෙරුම………….”
මං එහෙම කිව්වම ඒ මිනිස්සු දෙන්නා මුහුණට මුහුණ බලා ගත්තා.ඒ ඇයි කියලා මට තේරුනේ නෑ.ටික වෙලාවක් යනකල් එක මනුස්සයෙක් කල්පනා කරා.අනික් මනුස්සයා සීට් එකට හේත්තු වෙලා හිටියා.අර කල්පනා කර කර හිටපු මනුස්සයා කාරෙකට නැගලා මං දිහා බැලුවා.
“තමුසෙ යමු අපේ ගෙදර………..”
ඒ මනුස්සයා මට එහෙම කියද්දී මට බයකුත් දැනුනා.
“බය වෙන්න එපා ඕයි.ගෙදර ඉන්නෙ මායි අම්මයි විතරයි.ධනුකයා යමන් ගෙදරට…………”
පැයක් විතර යද්දී මං හිටපු ඒ වාහනේ තට්ටු තුනේ සුවිසල් මන්දිරයක් තුලට පිවිසියා.වටේටම එක එක ජාතියෙ බල්බ් දැල්විලා තිබුනා.
“ධනුක බලපං හිමිට ගිහින් අම්මා නිදිද කියලා…………”
ධනුක කියන මනුස්සයා ගේ ඇතුලට ගිහින් විනාඩි පහකින් ආපහු විතර ආවා.
“ශිවන්ග,අම්මා නම් නිදිලු බං…………”
“මේ කව්ද…….🤔🤔ජාන්වී බහිනවා වාහනෙන්…………”
මං ඒ බෙහෙත් අරන් වාහනෙන් එලියට බැස්සා.
“තමුසෙ බෙහෙත් දා ගත්තෙ නැද්ද?………..”
“දැවිල්ලයි අප්පා.කකුල හෝදගන්න තිබ්බා නම් හොදයි…………”
“එනවකො මාත් එක්ක…………”
ඒ මනුස්සයා මාත් එක්ක ඒ ගෙයි උඩ තට්ටුවේ කාමරයක් ඇතුලට ආවා.
“ඔයා මේ කාමරේ ඉන්න.හෙට උදේට අම්මා ඔයා කව්ද කියලා ඇහුවොත් මෙහෙම කියන්න………..”
ඒ මනුස්සයා කියපු ටිකට මං හා කිව්වා.
“හ්ම්ම් හා.ඔයාගෙ නම මොකක්ද?………..”
“ශිවන්ග ජයෂාන් ජයවර්ධන…………”
*ජාන්විට එසේ කියූ ශිවන්ග ඇයට නිදා ගන්නැයි පවසා කාමරෙන් එලියට ගියා. ශිවන්ග ජයෂාන් ජයවර්ධන යනු ජාන්වීගෙ පියා වන ශ්‍රියන්ත අලහප්පෙරුමගේ ව්‍යාපාරික මිතුරෙකි. ඔවුන් දෙදෙනා එක්ව ව්‍යාපාර කිහිපයක්ම කර ඇත.ඒවායේ ලාබද විශාල ලෙස හිමි විය.නමුත් ශ්‍රියන්ත අලහප්පෙරුමට සිතා ගැනිමට නොහැකි තරම් ඉක්මනින් ශිවන්ග ජයෂාන් ජයවර්ධන දියුණු විය.ඔහු ව්‍යාපාරික ලෝකෙ දියුණු බලවත් චරිතයක් විය.
කාමරේ ඇඳ උඩ නිදා සිටින ජාන්වී දෙස බලා කට කොනකින් සිනා සුනු ශිවන්ග සිය ජංගම දුරකථනයත් රැගෙන බැල්කනියට ගියේ ශ්‍රියන්ත හට දුරකථන ඇමතුමක් ලබා දී සිය දියණිය තමා ළඟ සිටිනා බව පැවසීමටය*
මතු සම්බන්දයි