අපි දිහා ටිකක් වෙලා බලන් හිටපු සුරාජ් එයාගෙ කාමරේට ගියා.මායි දුවයි මනෝජුයි බෑග් ටිකත් අරගෙන උඩ තට්ටුවෙ අපි කලින් හිටපු කාමරේට ආවා.දෝණිගෙ ඇඳුම් මාරු කරලා වෙන ඇඳුමක් ඇන්දෙව්වා.අපිත් ඇඳුම් මාරු කරගෙන දෝණිත් එක්ක පල්ලෙහාට ආවා.

“පුතාලා දැන්ම කෑම කනවද?………..”

“දැන්ම කන්න බෑ අම්මා.බඩගිනි නෑ…………”

මනෝජ් එයාගෙ තාත්තත් එක්ක කතා බහ කරන අතරතුරේ මං දුවත් එක්ක කුස්සියට ආවා.සිරියාවතී නැන්දත් දුවව දැකලා ගොඩාක් සන්තෝශ වුනා.

“අනේ……සීදේවි කෙලි පොඩිත්තියක්. ඔයා වගේමයි දුවේ………..”

සිරියාවතී නැන්දා මේ ගෙදර වෙන හැම දෙයක්ම දන්නවා.මට හිතුණා එයාගෙන් දෙයක් අහන්න.

“මේ ගෙදර මොකක් හරි ප්‍රශ්නයක්ද නැන්දෙ?…………”

“ඇ…..ඇයි දුවේ එහෙම අහන්නෙ?……….”

“නිම්මි අක්කා හරිම අමුතුයි නැන්දෙ. එයා සතුටින් නෙවෙයි ඉන්නෙ.අම්මත් එයත් එක්ක තරහයි වගේ.මට එයාලගෙන් අහන්නත් බෑ………..”

“මේවා කොහොම කියන්නද කියලා හිතා ගන්න බෑ දුවේ.ලොකු නෝනා සූරාජ් මහත්තයට බලකරනවා නිම්මි නෝනව දික්කසාද කරන්නලු…………”

“අනේ දෙයියනේ😢ඒ ඇයි?…………”

“නිම්මි නෝනට වඳයි කියලා කියන්නෙ. අනේ පව්………..”

මට නිම්මි අක්කා ගැන ගොඩාක් දුක හිතුණා.එක අම්මගෙ කුසේ ඉපදුනේ නැති වුනාට අපි දෙන්නා එකම තාත්තගෙ දරුවො.අක්කයි නංගියි. දරුවෙක් වදන්න බෑ කියලා එයාලා කොහොමද නිම්මි අක්කට එච්චර ලොකු අසාදාරණයක් කරන්නෙ?

“දෙව්ලි?………..”

“ආ…..ඇයි මනෝජ්?…………”

“මං තාත්තත් එක්ක පොඩි ගමනක් යනවා.එන්න ටිකක් වෙලා යයි.ඔයා දුවත් එක්ක පරිස්සමින් ඉන්න………..”

“හා මනෝජ්…………”

මං දුවව එක්කරගෙන මිදුලට ආවා. මිදුලෙ තියන ඔංචිල්ලාවෙ දුවත් එක්ක වාඩි වෙලා පැද්දා.එක තැනක ඉන්නම බෑ කෙල්ලට.ඔංචිල්ලාවෙන් බැහැලා මිදුල පුරාම දුවනවා.මටත් ඉතිං එයාගෙ පස්සෙන් දුවන්න වෙලා තියෙන්නෙ.මෙයා වැටිලා තුවාලයක් කර ගත්තොත් මනෝජ්ගෙන් ඒකටත් ගුටි කන්න වෙන්නෙ මට.

“දෝණි…..දුවන්න එපා පුතේ.ඔයා වැටිලා තුවාල වෙයි………..”

“අම්මී….අලක කඩලා දෙන්නකූ……….”

“මොකක්ද?…………”

“අල තෝයි මලක් තීනවා.ඒක බබාත කඩලා දෙන්නකූ………..”

රෝස මල් ගහේ තිබ්බ රතු පාට රෝස මලක් කඩලා මං දූගෙ අතට දුන්නා.දුව ඒ මලත් අතේ තියාගෙන මිදුල වටේ දුවන්න පටන් ගත්තා.නිකමට වගේ වටපිට බලද්දී මං දැක්කා සුරාජ් බැල්කනියට වෙලා අපි දිහා බලාගෙන ඉන්නවා.මට එක්වරම බියකුත් දැනුනා. සුරාජ්ගෙ ඇස් තිබ්බෙ දුව ළඟමයි.මං දුවව වඩාගෙන ගේ ඇතුළට ආවා.

“අම්මී බබාත තෙල්ලම් කලන්න ඕනී………..”

“දැන් සෙල්ලම් කරන්න බෑ.කියන දේ ඇහුවෙ නැත් ගහනවා මං ඔයාට එකක්………….”

මං දෝණිට සැර කරා.එයා දුකින් වගේ සාලෙ තිබ්බ සෝෆාවක නැගලා ඒකෙන් වාඩි වුනා.මං ටීවි එකේ කාටුන් එකක් දාලා දුන්නා දුවට.ඒකෙ ගියේ දඟර වලිගෙ කාටූන් එක.දුවත් ඒක බැලුවා.මං දුවව එතන තියලා කාමරේට ආවා.ගේ ඇතුලෙනෙ ඉන්නෙ. අම්මත් ඉන්නවනෙ.මං බාතෲම් එකට ගිහින් හොඳට නා ගත්තා.නාගෙන වෙන ඇඳුමකුත් ඇඳගෙන පඩිපෙළ බාගයක් බැහැගෙන එනකොට මනෝජ්ගෙ කටහඬ ඇහුනා.

“දෙව්ලී…………”😡😡

ඉතිරි පඩි කිහිපයත් බැහැලා මං කෙලින්ම ආවෙ මනෝජ් ගාවට.

“ඇයි මනෝජ්?………….”

වදනක්වත් කතා නොකළ මනෝජ් අත දිගෑරලා මගෙ කම්මුලට ගැහුවා.පාර වැදුනු කම්මුලත් අල්ලගෙන මං මනෝජ් දිහා බැලුවෙ එකපාරටම එයාට මොකද වුනේ කියලා.

“ළමයවත් අරගෙන වරෙන් උඩට………..”😡😡

එහෙම කියපු මනෝජ් පඩිපෙළ නැගලා කාමරේට ගියා.මං හැරිලා බැලුවා දුව හිටපු තැන දිහා.දෙයියනේ😱😱දුව හිටියේ සුරාජ්ගෙ ඔඩොක්කුව උඩ.මං ටක්ගාලා දුවව ඇදලා මං ගාවට ගත්තා.

“දෝණි එනවා මෙහාට……….”😠😠

“ඕකට ළමයට බනින්න එපා.මමයි ළමයා ගාවට ආවෙ…………”

සුරාජ් ඒ කියපු දේට මොකුත් නොකියා මං කෙල්ල අඬද්දීම කාමරේට එක්කන් ගියා.මනෝජ් හිටියෙ ඇඳේ වාඩි වෙලා කල්පනා කරමින්.

“ආ දෝණි සෙල්ලම් කරන්නකෝ………..”

එහෙම කියපු මං දෝණිගෙ අතට සෙල්ලම් බඩු දෙක තුනක් දීලා එයාව ඇඳෙන් තියලා කාමරේ දොරත් ලොක් කරලා බැල්කනියට ආවා.මනෝජුත් මං ගාවට ආවා.

“ඔයා මාත් එක්ක තරහයිද මනෝජ්?………..”

“තරහ නෙවෙයි මට තමුසෙව මරන්න තරම් කේන්තියක් ආවෙ.සුද්ද සිංහලෙන් කිව්වෙ සුරාජ් ලගට දරුවට යන්න දෙන්න එපා කියලා.මං එනකල් ඉන්න බැරි වුනා තමුසෙට නාන්න…………”😡😡

මගෙ ඇස් වලින් කඳුලුත් වැටුනා මනෝජ්ගෙ ඒ වචන වලට.පිටි අත්ලෙන් කඳුලු පිහදාගත්තු මං මනෝජ්ගෙ පපුවට තුරුල් වුනා.

“මට සමාවෙන්න මනෝජ්.ආයෙ මගෙ අතින් ඒ වගේ වැරදි සිද්ද වෙන්නෑ…………”😥😥

“හ්ම්ම්………..”

“බකමූණා…………”😄😆

මනෝජ් ලඟින් ඈත් වුනු මං දුව ගාවින් වාඩි වුනා.කවුරු හරි දොරට තට්ටු කරන්න පටන් ගත්තා.මනෝජ් දොර ඇරියා.ඇවිත් හිටියේ සිරියාවතී නැන්දා.

“ලොකු මහත්තයා තුන් දෙනාටම පල්ලෙහාට එන්න කිව්වා………..”

“හා අපි එන්නම්…………”

මනෝජ් දුවව වඩා ගත්තා.අපි තුන් දෙනාම පල්ලෙහාට ගියා.සාලෙ මොකක් හරි කලබලයක් කියලා දැනුනා.මගේ තාත්තයි නිම්මි අක්කගේ අම්මයි ඇවිල්ලා හිටියා.

“ඔයාලා කොහොමද මගෙ දුවට මෙච්චර ලොකු අසාදාරණයක් කරන්නෙ?…………”😠😠

නිම්මි අක්කගෙ අම්මා එහෙම ඇහුවෙ මනෝජ්ගෙ අම්මාගෙන්.

“තමුන්ගෙ දුව වඳ ගෑනියෙක්.ඒ වගේ ගෑනියෙක් එක්ක ජීවත් වෙලා මගේ පොඩි පුතාගෙ ජීවිතේ කාලකණ්ණි වෙන්න දෙන්න බෑ.ඒ හින්දා මගේ පුතා නිම්මිගෙන් ඩිවෝස් වෙන්නම ඕනි………….”😡😡

“ආහ්……ඇත්තද ධම්මිකා?තමුං කොහොමද හරියට කියන්නෙ දරුපල නැත්තෙ මගේ දුවටමයි කියලා.මේක තමුංගෙ පුතාගෙ වරදක් වෙන්නත් පුලුවන්…………”😡😡

නියම ඇත්ත නොදැන වුනත් නිම්මි අක්කගේ අම්මා ඒ කරපු චෝදනාවෙන් මනෝජ්ගෙ අම්මගේ කේන්තිය තව තවත් වැඩි වුනා.එයා කතා කරන්න කලින් නිම්මි අක්කා කතා කරා.

“අම්මෙ……මෙයාලට බනින්න එපා. සුරාජ්ට දරුපල තියනවා.මමයි වඳ ගෑනි.මං ලෑස්තියි සුරාජ්ගෙන් ඩිවෝස් වෙන්න.මං හින්දා එයාගෙ ජීවිතේ කාලකණ්ණි වෙන්න මං දෙන්නෑ…………”😭😭

“ඔයාට පිස්සුද දුවේ?ඔයා කොහොමද හරියටම කියන්නෙ වැරැද්ද තියෙන්නෙ ඔයාගෙ අතේ කියලා?………..”

“මං කියන්නෙ ඇත්ත අම්මෙ.මට ඒක ඔයාලට සහසුද්දෙන්ම කියන්න බෑ. සුරාජ්ගෙ වැරැද්දක් නෑ අම්මෙ………….”😭😭

අනේ දෙවියනේ මගෙ අක්කගෙ ජීවිතේට මොනවා වෙයිද?එයාට සාදාරණයක් ඉශ්ට කරන්න දෙවියනී🙏

“කරුණාකරලා හැමෝම දැන් ඔය කතාව නවත්තගන්න.මං නිම්මිව ඩිවෝස් කරන්නෑ.එයාට අම්මා කෙනෙක් වෙන්න බෑ කියලා මට බෑ එයාට අසාදාරණයක් කරන්න.අම්මෙ ඔයාලා අපිට අපේ පාඩුවෙ ඉන්න දෙන්න.අවුරුදු හතරකට කලින් මං කරපු වැරැද්දට අද මං දඬුවම් විඳිනවා. මට බෑ නිම්මිටත් ඒ වරදට දඬුවම් විඳින්න දෙන්න.මං නිම්මිව ඩිවෝස් කරන්නෑ…………”

දැඩි ස්ථ්‍රීර හඬකින් එහෙම කියපු සුරාජ් නිම්මි අක්කගේ අතින් අල්ලගෙන කාමරේට ගියා.හැමෝම ගියාට පස්සෙ අපිත් කාමරේට ආවා.දෝණි නම් හොඳටම නිදි.එයාව ඇඳෙන් තියලා සීට් එක පෙරෙව්වා.

“අපි හෙට ගෙදර යමු දෙව්ලි.මේ ගෙදර ප්‍රශ්නයි රණ්ඩුයි විතරයි…………”

“මටත් ඒක හිතුණා මනෝජ්.අපි හෙට යමු…………”

පහුවදා හවස අපි තුන්දෙනා ගෙදර ආවා.කෙල්ලව නිදි කරවලා තොටිල්ලෙන් තියපු මං බාතෲම් එකට ගිහින් හොඳටම නෑවා.නෑවට පස්සෙ ඇඟේ තිබුණු මහන්සිය නැති වෙලා ගියා වගේ දැනුනා.

ඉක්මනට කුස්සියට ගිය මං වතුර උණු කරා කෝපි බොන්න.කෝපි දෙකකුත් හදාගෙන එකක් මනෝජ්ට දුන්නා.

“සීතලයි දෙව්ලී………..”

“ඒකට තමයි කෝපි හදලා දුන්නෙ…………”😆😉

“වෙන මොකුත් නැද්ද සීතලට?………..”😁😁

“මොනවද?………….”😊😉

“හිටපන්කො පෙන්නන්න මොනවද කියලා…………”😊😊

කෝප්පෙ පැත්තකින් තියපු මනෝජ් මාව ඇදට තල්ලු කරලා මගෙ සිරුරට ගොඩ වෙලා බ්ලව්ස් එක පල්ලෙහාටම ඇද්දා.

“අනේ එපා මනෝජ් සීතලයි අනේ…………”

“ආ…..ඇත්තද මැඩම්ට සීතලයිද?ඇයි දැන් උණු උණුවෙන්ම කෝපි බිව්වෙ?………….”😉😉

“ඔයා මට විහිළු කරනවා මනෝජ්………….”

“නෑ මැණික.මෙතන හරිම සනීපයි බං…………”

මං ඇඳන් හිටපු බ්ලව්ස් එක ඉන ගාවට එනකල්ම පහතට ඇදලා නිරුවත් ළමැදේ මැද සිය කම්මුලක් තියාගෙන මනෝජ් එහෙම කිව්වා.මගේ ඇඟිලි තුඩු ඒ හිසකෙස් අතර එහා මෙහා යැව්වා.මනෝජ්ගේ දෙතොල් වල පහසින් මගේ සිරුර වෙලිලා ගියා.මගේ ගෙල වටේට හාදු තැවරූ ඔහු ඒ කම්මුලක් මගේ කම්මුලේ ස්පර්ශ කරා. දැ නම් හොඳටම කිචි වගේ.

“අනේ කිචි වගේ මනෝජ්.අනේ එපා…………”

මං එපා කියද්දිම මනෝජ් මට හයියෙන් කිචි කවන්න ගත්තා.මට බය හිතුණා කෙල්ල ඇහැරුණොත් එහෙම.

“අනේ එපා මනෝජ් කෙල්ල ඇහැරිලා බලයි මේ මොකද මේ කියලා…………”

“ඉතිං කෙල්ලට කියනවා…………”

“මොකක්ද කියන්නෙ?…………”

“අපි එයාට මල්ලියෙක් ගේන්න ට්‍රයි කරනවා කියලා………….”

“මල්ලියෙක්?………..”

“ඔව් ගේමුද?…………”

“හ්ම්ම් හා………..”

💓💓💓💓

වසර දෙකකට පසුව👇👇👇👇

දැන් මා තවත් පුතෙකුගේ මවකි.අපේ දෝණිට දැන් අවුරුදු පහයි.එයා මොන්ටිසෝරි යනවා.පුතාට නම් තවම වයස අවුරුද්දයි.අපි හතර දෙනාම ගොඩාක් සතුටින් ජීවත් වෙනවා.

සුරාජුයි නිම්මි අක්කයි දරුවෙක් අරන් හදා ගත්තා.එයාලගෙන් අපිට කිසිම ප්‍රශ්නයක් නෑ.

දරුවො දෙන්නයි මායි මනෝජුයි ගොඩාක් හොඳින් ජීවත් වෙනවා.

සමාප්තයි