පණ්ඩිතයා වෙන්නැතුව ඔහොම ඉන්නවා.බලනවා තමුසෙගෙ කකුල් හොදටම ඉදිමිලා………”

මාව ඇදෙන් වාඩි කරවලා ශෂීන්ද්‍ර උණු වතුරෙන් මගෙ කකුල් දෙක තවන්න පටන් ගත්තා.මට පව් කියලත් හිතුණා. ශෂීන්ද්‍ර මං ගැන ගොඩාක් හිතනවා.මේ වගේ ආදරයක් ලබන්න මං ගොඩාක් වාසනාවන්තයි.

“දැන් ඇති ශෂී.මේ කාලෙට හැම ගෑනියෙකුටම මෙහෙම තමයි ඉතිං………”

“හරි හරි.මෙයා කියන්නෙ හරියට දරුවො හතර පස් දෙනෙක් වදලා අත්දැකීම් තියන තාලෙටනෙ.ඔහොම ඉන්නවා ඇදටම වෙලා………”

මගෙ කුසට දැන් මාස අටයි හින්දා වෙනදා නොදැනෙන අපහසුතාවයන් මට දැනෙන්නට වුනා.ශෂීන්ද්‍ර මට කිසිම දේකට මහන්සි වෙන්න දෙන්නෑ.හැම දෙයක්ම මට සුමනා නැන්දා කරලා දෙනවා.අඩුම තරමේ මට බාතෲම් එකට ගිහින් තනියම නාන්න දෙන්නෙත් නෑ ලිස්සයි කියලා.මේ දින කිහිපය ගෙවෙනකල් මායි ශෂීන්ද්‍රයි ඉන්නෙ ඇගිලි ගැන ගැන.

“සංජූ…….ඔයා බබාට දාන්න නමක් හිතුවද?………”

“නමක් හිතන්න අපි දන්නෑනෙ දුවෙක්ද පුතෙක්ද කියලා………”

“නම් දෙකක් හිතමු පුතෙකුටයි දුවෙකුටයි……….”

“හ්ම්ම්ම්………”

💐💐

“ශෂී……බලන්නකො අනේ මෙයා පයින් ගහනවා.එක විදියකට ඉන්නෙම නෑ………”

“කෝ බලන්න චුටි පැටියා.අම්මිට සිදෙයි පැටියා පයින් ගහලා.දග මල්ලක් වෙයිද දන්නෑ ලොකු වෙනකොට………”

මගෙ කුස අතගාමින් ශෂීන්ද්‍ර එහෙම කිව්වා.

“ඔව් ඉතිං තාත්තා වගේම වෙයි………”

“ආ…..ඇත්තද?තාත්ති වගේම අහිංසක වෙයි නේද පැටියත්?………”

“අපොයි ඔව් කියලා වැඩක් නෑ.මමනෙ දන්නෙ මෙයාගෙ අහිංසකකම. නපුරා………”

“මං නපුරු නෑ.හැම දේම කරේ මැණිකෙට තියන ආදරේටනෙ………”

මගෙ දෑස් වලට බර වෙමින් ශෂීන්ද්‍ර එහෙම කිව්වා.අම්මෝ ඉතිං මෙයාගෙ මූණෙ තියන මනමාල හිනාව😀😀මේ හිනාවට තමයි මං කැමතිම.මං දිහා බලාගෙනම හිටපු ශෂීන්ද්‍ර මගෙ මුහුණට ලං වුනා.ඒ හිස පිටුපසින් දෑත් යවා තව තවත් ලං වූ මං ඒ දෙතොල් සිපගත්තා.මගෙ කම්මුලේත් ගෙල දෙපසත් ඒ දෙතොල් වල පහස තැවරූ ඔහු මා ඇද උන් බ්ලව්ස් එකේ පටි දෙක උරහිසින් මදක් පාත් කර ඒ පුරාම සිප ගත්තා.ඒ මුහුණ පුරා ඇති රැව්ල් කොට ගෑවෙද්දි නම් මට කිචිත් එක්ක.

“ඇයි මැණිකට අමාරුද මෙහෙම ඉන්නකොට?………”

“නෑ.කිචි වගේ රැව්ල් කොට ඇනෙද්දී………”

“දැන් නිදා ගන්න………”

💐💐🤰🤰

“ශෂී……..”

“ඇයී?………”

“තව ගොඩාක් වෙලා යයිද ඔයා නාලා ඉවර වෙන්න?………”

“නෑ බං පොඩ්ඩක් හිටපං………”

ශෂීන්ද්‍රට හිතේ මං එයාව අවුස්සන්න නිකන් බොරුවට කෑ ගහනවා කියලා. මගෙ ඇගට උදේ ඉදන් ටිකක් අමාරුවක් දැනෙනවා.දැන් දින ගොඩාක් ලග හින්දා බයකුත් දැනුනා. ඉන්න බෑ කොන්දත් රිදෙනවා.බාතෲම් එකේ ඉදන් ආපු ශෂීන්ද්‍ර මං දිහා බැලුවෙ අමුතු වෙලා වගේ.

“ඔයාට අමාරුද සංජු?……….”

“මට ටිකක් අමාරුයි වගේ ශෂී.අපි හොස්පිටල් එකට යමු.ඔයා සුමනා නැන්දට කතා කරන්නකෝ……….”

ශෂී ඉක්මනට සුමනා නැන්දට කතා කරා.ඊට පස්සෙ ඩොක්ටර් සුධාරට කෝල් එකක් දීලා මාව හොස්පිටල් එකට එක්කන් එනවා කියලත් කිව්වා. මගේ බෑග් එක කාරෙකට දාලා සුමනා නැන්දත් ආවා හොස්පිටල් යන්න.වැඩි වෙලාවක් යන්න කලින් අපි හොස්පිටල් එකට ආවා.මට දැනුනේ ඉවසගන්න බැරි වේදනාවක්.මං කෑ ගහලා ඇඩුවා.

“අඩන්න එපා මැණික.දෙයියන්ගෙ පිහිටෙන් ඔයාට කිසිම කරදරයක් නැතුව දරුවා ලැබෙයි.මගෙ රත්තරං බය නැතුව ඉන්නකො………”

“නෝනා බය වෙන්න එපා.නෝනට කිසිම කරදරයක් වෙන්නෑ……….”

ශෂීන්ද්‍රයි,සුමනා නැන්දයි මාව ඒ විදියට සැනසුවා.දවල් වෙද්දී මගෙ අමාරුව ටිකෙන් ටික වැඩි වුනා.හැම අම්මා කෙනෙකුගේම උරුමය වූ දරුප්‍රසූති වේදනාව අතරේ මං දැගලුවා.එක්වරම බිලිදෙකුගේ කෑ ගැසීම් හඩක් මගෙ කන් වලට ඇසුනා.

“මගේ සුභ පැතුම් සංජානා….ඔයාලට පුතෙක්………”🤱

විනාඩි කිහිපයකට පසු ඩොක්ටර් සුධාර මගෙ පුතාව මගෙ තුරුලෙන් තිබ්බා.අනේ😘😘රෝසම රෝස පාටයි මගේ පුතු පැටියා.බෝල ගෙඩියක් වගේ.මට දැනුනේ කියලා නිම කරගන්න බැරි තරම් සතුටක්.මං පුතාට කිරි දුන්නා.අනේ ඉතිං මගෙ චූටි පැටියා ගොඩාක් බඩගින්නෙ ඉදලා වගේ කුක්කු බොනවා.ආසාවෙ බෑ.

“අයියෙ….ශෂී කෝ?………”

“ඉන්න නංගි මං ඌව එක්කන් එන්නම්………”

තප්පර කිහිපයකට පසු ඩොක්ටර් සුධාරත් එක්ක ශෂීන්ද්‍ර කාමරේට ආවා. එයා පුතා දිහා බලාගෙන හිටියේ කියලා නිම කරගන්න බැරි සතුටකින්.

“පුතෙක්………”

මං හිමිහිට ශෂීන්ද්‍රට කිව්වා.ඩොක්ටර් සුධාර ශෂීන්ද්‍රව වැලදගෙන සුභ පැතුවා.මං ගාවින් පුටුවක වාඩි වෙලා ශෂීන්ද්‍ර පුතාගෙ ඔලුව අතගෑවා.කිරි දීලා ඉවරවෙලා මං පුතාව ශෂීන්ද්‍රගෙ අතට දුන්නා.

“ඔයා මෙයාට නමක් හිතුවද ශෂී?………”

“හ්ම්ම් ඔව් මැණික………”

“ඒ මොකක්ද?……….”

“ශෂික සංජාන්………”

“ලස්සනයි ඒ නම………”

වසර තුනකට පසු👇👇

“අනේ බලන්නකො ශෂී මේ ළමයා ඉන්න දෙන්නෑ මට එක විදියකට.කබඩ් එකේ තියන ඇදුම් ඔක්කොම එළියට අදිනවා………”

මං කාමරේ ඉදන්ම ශෂීන්ද්‍රට කෑ ගැහුවා.පුතා මොන වැරැද්ද කරත් ශෂීන්ද්‍ර එයාව හුරතල් කරනවා. ඔහොම හුරතල් කරන්න ගියොත් දවසක මෙයා හොදටම නරක් වෙයි.

“ඕකට ඉතින් ඔච්චර කෑ ගහන්න ඕන්නෑනෙ.රෙදි ටික ඇද්දා නම් ආයෙ ඒ ටික නවලා කබඩ් එකට දාන්න………”

“ඔව් ඉතිං ඔයාට නම් මොකද?ඔය විදියට කොල්ලව හුරතල් කරන්න ගියොත් දවසක අපි දෙන්නට පොලීසි උසාවි ගානෙ රස්තියාදු වෙන්න වෙයි. වැරද්දක් කරාම හුරතල් කරන්න නෙවෙයි පාරක් ගහලා වැරැද්ද හරි ගස්සන්න ඕනි……….”

“ඇයි දැන් තමුසෙ කියන්නෙ ළමයට ගහන්න කියලද?මේ වයසට ළමයි මෙහෙම තමයි………”😡😡

“තාත්තලා පුතාලා ඕනි දෙයක් කරගන්න එකයි ඇත්තෙ එහෙනම්.මට මොකෝ……….”

💐💐💐

පුතා නම් ශෂීන්ද්‍ර වගේමයි. පොඩ්ඩක්වත් කියන දේ නම් අහන්නෙම නෑ.හරිම මුරණ්ඩුයි.රණ්ඩු කෙක්කක්.හැබැයි ඉගන ගන්න නම් ගොඩාක් දක්ෂයි.

වසර විසිතුනකට පසුව👇👇👇

අපේ ලොකු පුතාට දැන් අවුරුදු විසි පහයි.දෙවෙනි පුතාට අවුරුදු විසිඑකයි. දුවට අවුරුදු දහඅටයි.පොඩි පුතා නම් හරිම අහිංසකයි දුවත් ඒ වගේමයි. ඒකට ලොකු පුතා තාත්තා වාගෙම චණ්ඩියි.මේ දවස් වල එයාගෙ ආදර හුටපටයක්.

“දැන් මොකක්ද පුතා ඔයා කරන්නෙ? මධූ දුව ඔයාව මැරි කරන්න කැමති නෑ කිව්වනෙ.එයාව අමතක කරන්න. ඔයාට වෙන කෙල්ලෙක් හොයා ගන්න පුලුවන්.ඔයාට මොනවයින් අඩුවක්ද?……….”

ලොකු පුතා ශෂික ආදරේ කරන ගෑනු ළමයා මධූ පුතාට කැමති නෑ.සමහර විට ඒ පුතාගෙ සෙල්ලකාර ගති පැවතුම් නිසා වෙන්න ඇති.තාත්තගෙම පුතානෙ.පුතා නම් මධූ දුවට ගොඩාක් ආදරෙයි.

රෑ වෙලා මායි ශෂීන්ද්‍රයි පුතා ගැන කතා කරා.

“මට බය මේකා ඔය කෙල්ලව උස්සයිද කියලා……….”

“ඔව් ඉතිං එහෙම නොකරොත් අපි පුදුම වෙන්න ඕනි.තාත්තගෙම පුතනෙ. ඒ අඩි පාරෙම තමයි ඉතිං පුතාත් යන්නෙ………..”

“තාම මතකයි වගේ ඒ අතීතෙ……….”

ශෂීන්ද්‍ර මාව එයාගෙ තුරුලට ඇදලා ගත්තා.

“ඒයි අහකට යනවා.ළමයි දකියි.නාකි විසේ………”😂😁😆

“නාකි වුනත් තාම මීටරේ වැඩ මැණිකේ……….”😁😃😆😊

“මළ කෝලං මෙයාගෙ……….”

එහෙම කියලා මං පුටුවෙන් නැගිටලා ගියා.

“අම්මේ…..අම්මේ………”

පොඩි පුතාගෙයි දුවගෙයි කෑ ගැහිල්ලට මායි ශෂීන්ද්‍රයි සාලෙට දුවගෙන ගියා.

“ඇයි ඇයි මොකද මේ?………”

සාලෙ හිටියෙ අපි අදුරන්නෙ නැති ගෑනු කෙනෙකුයි පිරිමි කෙනෙකුයි.

“අම්මෙ මේ…..මධූ අක්කගෙ අම්මයි තාත්තයි……….”

එහෙම කියලා දුව මට ඒ දෙන්නව පෙන්නුවා.

“මිස්ට ශෂීන්ද්‍ර ඔයාගෙ මහ ලොකු පුතා මගෙ දුවව අහිංසක කෙල්ලගෙ ජීවිතේ විනාශ කරා.කරුණාකරලා මගෙ කෙල්ලට සාදාරණයක් ඉශ්ට කරන්න. නැත්නම් අපි පොලීසි යනවා………”

ඔය කරගෙන තියෙන්නෙ.මකලා වත් හදන්න බෑ මූ නම්.තාත්තා වගේමයි පුතාත්.මං කිව්වා පොඩි කාලෙ ඉදන්ම වැරැද්දක් කරාම පාරක් ගහලා සැර කරලා හදා ගත්තෙ නැත්නම් මෙහෙම දේවල් වෙයි කියලා.

අපිට හොදටම දොස් කියලා මධූ දුවගෙ අම්මයි තාත්තයි ගෙදර ගියා.පැයක් විතර යද්දී ලොකු පුතා ගෙදර ආවා. පුතා ලගට ගිහින් අත දිගෑරලා හොද කම්මුල් පාරක් දුන්නා.

“අම්මෙ………”😢😢

“උඹට සෙල්ලම් බඩුවක් වගේද යකෝ අර කෙල්ලගෙ ජීවිතේ.ඒ ළමයගෙ අම්මයි තාත්තයි දැන් මෙහෙ ඇවිත් අපිට උඹේ හපන්කම් ගැන කියලයි ගියේ.ලෑස්ති වෙයන් ඒ කෙල්ලව කසාද බදින්න………”

“අම්මෙ….මං කොහොමත් මධූව කසාද බදිනවා.එයාව අනාථ කරලා පැනලා යන්න මං හිතුවෙ නෑ………”😢😢

ඊට මාසයකට පසු ලොකු පුතාගෙයි මධූ දුවගෙයි වෙඩින් එක ගත්‍තා.මුලදි දෙන්නගෙ පොඩි පොඩි ගෝරි තිබ්බත් ටික කාලයක් යද්දී දෙන්නා හොදින් ජීවත් වුනා.පොඩි පුතා දැන් පේරාදෙණිය කැම්පස් එකේ ඉගන ගන්නවා.ලොකු දුව ඒලෙවල් කරලා රිසාල්ට් එනකන් ඉන්නවා.ශෂීන්ද්‍ර බිස්නස් වැඩ බලා ගන්නවා.එයා මටයි දරුවන්ටයි ගොඩාක් ආදරෙයි.

ආ….කියන්න අමතක වුනානෙ මගෙ මල්ලි දැන් විවාහකයි.එයත් පුංචි පුතෙකුගේ තාත්තා කෙනෙක්.

අවසාන