දුව ලැබෙන්න දීලා තියන දින වලට තව මාස දෙකයි තියෙන්නෙ. මනෝජ් මේ දවස් වල ගෙදරට සවන්ට් කෙනෙක් හොයනවා.ඒත් මං මනෝජ්ට කිව්වා මට මගෙ තව කාලයක් මේ වැඩ ටික තනියම කර ගන්න පුලුවන් කියලා.ඒත් එයා අහන්නෑ.මට කිසිම දේකට මහන්සි වෙන්න දෙන්නෑ.

“ඔයා බය වෙන්න එපා මනෝජ්.තව මාස දෙකක්ම තියනවනේ.එතකොට අපි සවන්ට් කෙනෙක් හොයා ගම්මු. දැන්ම ඕන්නෑ…………”

“ඔව් ඉතිං තමුසෙ පණ්ඩිතයනේ. මහන්සි වෙලා වැඩ කරන්න එපා කිව්වම අහන්නෑ.පරිස්සම් වෙන්න කිව්වම අහන්නෙත් නෑ.බැරි වෙලාවත් බාතෲම් එකේදි ලිස්සුවොත් එහෙම තමුසෙගෙ දැගලිල්ලට…………”😠😠

“ආ……ඒ හින්ද්ද එලියෙන් ශවර් එකක් හයි කරන්න ඕනි කිව්වෙ?………..”

“ඔව්………..”

“ඔයා මං ගැන ගොඩාක් හිතනවා මනෝජ්.බය වෙන්න එපා රත්තරං මං පරිස්සමින් ඉන්නම්…………”

“හ්ම්ම්…………”

“මොනවද දවල්ට උයලා ඕනි?………..”

“ම්ම්ම්…….🤔🤔බත් උයලා ලීක්ස් තෙල් දාලා පරිප්පුයි හාල් මැස්සො බැදුමයි……පුලුවන්ද?…………”

“හ්ම්ම්…..පුලුවන්………….”

මං කුස්සියට ගිහින් හාල් හෝදලා ලිපේ තියලා ලීක්ස් ටික හෝදලා කපන්න ගත්තා.මනෝජ් කුස්සියට ඇවිත් හාල් මැස්සො ටික අරගෙන ඔලු කඩන්න පටන් ගත්තා.

“අම්මා කතා කරා දෙව්ලි………..”

“ආනේ…..මොකද කිව්වෙ?………..”😀😀

“ඔයාව බලන්න ආසයි කිව්වා………..”

මනෝජ් ඒක කිව්වෙ ඕනිවට එපාවට වගේ.ඒක මට හොදටම තේරුණා.

“ඉතිං අපි යමුකො එහෙ…………”

“ඕන්නෑ.අපි යමු.හැබැයි දැන්ම නෙවෙයි.දුව හම්බෙලා අවුරුදු දෙක තුනක් ගියාට පස්සෙ යමු………..”

“හ්ම්ම් හා………..”

ලීක්ස් ටිකයි,හාල්මැස්සො ටිකයි තෙල් දාලා ඉවර වෙලා පරිප්පු මිරිසට හදලා කෑම ටික මේසෙට ඇරියා.කාලා ඉවර වෙලා කෑම මේසෙත් අස් කරලා නාගන්න හැදුවා.

“හිමිහිට යනවා.නැත්නම් තමුසෙව ලිස්සයි.මං එන්නද නාවන්න………….”

“මට තනියම නා ගන්න පුලුවන් මනෝජ්.ඔයා බය වෙන්න එපා සුදූ…………”

නාලා ඉවර වෙලා ටවල් එකත් පටලවගෙන කාමරේට ආවා.හවසට මේ පැත්ත ටිකක් සීතල වැඩියි.

“සීතලයි නේද?මං කෝපි එකක් හදාගෙන එන්නද?………..”

“අනේ හා.ලොකු දෙයක්…………”

මනෝජ් කෝපි එකක් හදාගෙන ඇවිත් මට දුන්නා.දුම් දාන කෝපි කෝප්පෙ මං පිඹ පිඹ බිව්වා.

“ඕක හිමින් බොන්න.නැත්නම් පිච්චෙයි.බලනවා තමුසෙ බාගෙටනෙ මේ කොණ්ඩෙ පිහදාගෙන තියෙන්නෙ. ඒ පාර තව ලෙඩක් හදා ගන්නද හදන්නෙ?මෙහාට දෙනවා ඔය ටවල් එක………..”😠😠

මගෙ අතේ තිබුනු අනික් ටවල් එක අරගෙන මනෝජ් මගෙ ඔලුව පිහදැම්මා.කබඩ් එක ඇරලා ගව්මක් අරගෙන මං ගාවට දැම්මා ඒක ඇදගන්න කියලා.ඒ ගව්ම ඇදගෙන මාත් ගේ අතු ගාලා මිදුලත් අතු ගාන්න ගියා.

“කෝ මෙහාට දෙනවා ඔය ඉදල.මං කිව්වා දෙව්ලි ඔයාට වැඩිය මහන්සි වෙන්න එපා කියලා.ගේත් අතු ගාලා දැන් මිදුලත් අතු ගාන්න හදනවා.මට පුලුවන් මිදුල අතු ගාන්න………..”

“ආදරෙයි මහත්තයෝ………..”

මනෝජ්ගෙ බෙල්ල බදාගෙන මං ඒ සුදු කම්මුලට කිස් එකක් දුන්නා.කොච්චර පණ්ඩිතකම් කියෝලා මට බැන්නත් ඒ කිස් එකට නම් මගෙ හබියා ටිකක් ලැජ්ජා වුනා.

“අහල පහල මිනිස්සු දකියි බං………..”

“ඉතිං මොකෝ?මං ඔයාගෙ වයිෆ්නෙ………..”

“නෑ ඉතිං මං කිව්වෙ අහල පහල කවුරු හරි දැක්කොත් එහෙම ලැජ්ජයිනෙ.කිස් කරන්න ආසයි නම් ගේ ඇතුලට ගිහිල්ලා ඕනම තැනක් කිස් කරන්න………….”😁😁

“ආස ඇති…………”😊😊

“ආ…..ස……යි…………”😁😆

“පිස්සා…………”😄😄

මනෝජ්ගෙ උරහිසට සියුම් පහරක් තට්ටු කරලා මං ගේ ඇතුලට ගියා.

මාස දෙකකට පසුව👇👇👇
🤱🤱🤱🤱🤱🤱🤱🤱🤱🤱

අද උදෑසන හතයි විස්සට මගේ රෝස බෝනික්කි මෙලොව එලිය දැක්කා. රෝසම රෝස පාට හා පැංචියෙක් වගේ. මට හරිම ආස හිතුණා.රෝස පාට චූටි අත පය චූටි කම්මුල් මට හරිම ආස හිතුණා ඒ මූණ රතු වෙනකල් සිප ගන්න.මං දෝණිට කිරි දීලා ඔඩොක්කුවේ තියාගෙන හිටියා.විනාඩි කිහිපයකින් මනෝජ් කාමරේට ආවේ ලොකු රෝස මල් මිටියකුත් අරගෙනයි. ඒ මල් මිටිය මේසෙ උඩින් තියලා මගේ නළල සිපගෙන මට සුබ පතපු මනෝජ් බොහොම පරිස්සමින් දුවව වඩා ගත්තා.එයාගෙ ඇස් වලත් සතුටු කදුලු. හරිම භක්තියෙන් මනෝජ් පුංචි දෝණිගෙ කම්මුලක් සිප ගත්තා.

“මගෙ මැණික් කැටේව දකින්න තාත්ති ගොඩාක් ආසාවෙන් බලාගෙන හිටියෙ. මෙයා හරිම චූටියිනෙ දෙව්ලි.මට එක අතකට වඩා ගන්නත් පූලුවන්…………”

“තාම දවසක්වත් නෑනෙ මනෝජ්.පුංචියි තමයි ඉතිං…………”

“තව මොනවත් ගේන්න ඕනිද ඔය දෙන්නට ඕනි කරන දේවල්?…………”

“එපා මනෝජ්.ඔක්කොම දේවල් ගෙනල්ලනෙ තියෙන්නෙ………….”

“මෙයාට නමක් හිතුවද?………..”

“ඔයා හිතුවද?…………”

“හ්ම්ම්………..”

“මොකක්ද ඒක?…………”

“මනීෂා රන්දි ගුණවර්ධණ…………”

මනෝජ් රන්දිව් ගුණවර්ධණ,මනීෂා රන්දි ගුණවර්ධණ……නම් දෙකම එක වගේමයි.😚😚ගොඩාක් ලස්සන නමක් මනෝජ් හිතලා තියෙන්නෙ.

“අනේ ඒ නම ගොඩාක් ලස්සනයි මනෝජ්.ඒ නම තියමු දුවට………..”

දින කිහිපයකට පසුව👇👇👇

මනෝජ් මාවයි දුවවයි ගෙදර එක්කන් ආවා.ගෙදර වැඩට චන්ද්‍රා කියලා ටිකක් වයසක ගෑණු කෙනෙකුත් ඉන්නවා. එයා තමයි ගෙදර හැම වැඩක්ම කරන්නෙ.දරුවගෙයි මගෙයි වැඩ ගොඩාක් දේවල් මනෝජ් එයාගෙම කැමැත්තෙන් කරනවා.සමහර වෙලාවට මනෝජ් තමයි දුවව නාවන්නෙත්.

“මෙයා ඔයා වගේද මං වගේද දෙව්ලි…………”

දුව නම් මං වගේමයි.මං බයෙන් හිටියේ දුවගෙ පෙනුම සුරාජ්ගෙ වගේ වෙයි කියලා.හොද වෙලාවට දුවට තියෙන්නෙ මගේ හැඩහුරුකමමයි.

“එයා මං වගේ මනෝජ්.හැබැයි ඔයාගෙ පාට එයාට තියෙන්නෙ………..”

“ඒකනේ දෝණි මගේ පාටමයි.ලොකු වුනාම තාත්ති වගේම චෝයි බබෙක් වෙන්න ඕනි.අම්මි වගේ නපුරු වෙන්නැතුව………..”😄😉

“ආ……හොඳ බබා මෙයා.අලි බබා. කවද්ද මං නපුරු වුනේ?………..”😠😠

“ඕං මැණික අම්මිට ඩෝං ගිහිල්ලා.අපි බය වෙයි ඕවට නේද?………….”😄😄

වසරකට පසුව👇👇👇

දැන් අපේ මනීෂා දෝණිට අවුරුද්දයි. එයාගෙ පළවෙනි උපන්දිනේට අපි ගෙදර පුංචි පාටියක් ගත්තා. මනෝජ්ගෙ ඔෆිස් එකේ යාළුවො ගෙන්නලා අහල පහළ කිහිප දෙනෙක්ටත් ආරාධනා කරලා අපි පාටියක් ගත්තා.අපි දෙන්නගෙන් දුව වැඩිපුරම ආදරේ මනෝජ්ට.මනෝජ් වැඩ ඇරිලා ගෙදර එනකල් දෝණි වැටේ එල්ලිලා බලාගෙන ඉන්නවා. මනෝජුත් ආපු හැටියෙම දුවව වඩාගෙන හුරතල් කරනවා.

“දෝණි එන්න බත් කන්න………..”

කවන්න ගියාම වෙනම යුද්ධයක් කරන්න ඕනි.කියන දෙයක් අහන්නෙම නෑ.බොහොම අමාරුවෙන් කටවල් දෙක තුනක් හරි කවා ගන්නෙ.බැරිම තැන ඉරට කූරක් අරගෙන මං කෙල්ලගෙ කකුලට පාරක් ගැහුවා.

“දෙව්ලී……තමුසෙ ළමයට කවනවද? නැත්නම් ළමයව කන්න හදනවද?………..”😠😠

මූණ බෙරි කරගෙන කෙල්ල මං ගාවින් නැගිටලා මනෝජ් ගාවට දුවගෙන ගියා.

“මගෙ වස්තුවට අම්මි ගැහුවද?කොතෙන්ටද ගැහුවෙ?අඬන්න එපා මැණික තාත්ති මැණිකට ගහන්නෑනෙ. තාත්ති ආදරෙයිනෙ……….”

කෙල්ල කොච්චර දඟ වැඩ කරත් මනෝජ් එයාව හුරතල් කරනවා.කවලා ඉවර වෙලා එයාව නිදි කරවලා තොටිල්ලෙන් තියලා සීට් එකත් පෙරෙව්වා විතරයි මනෝජ් පිටි පස්සෙන් ඇවිත් මගේ කුස වටේට අත් දෙක යවලා මාව බදා ගත්තා.

“ආ……මේ මොකද මේ?………..”

“මොකුත් නෑ…………”

“ළමයා ඇහැරෙයි මනෝජ්………..”

“කෙල්ලට දැන් ඇහැරෙන්නෑ එයා නිදිනෙ………..”

“පිස්සා………..”

“පිස්සු හැදිලා තමයි හිටියෙ අවුරුදු දෙකක් විතර.අද නම් මගෙන් බේරෙනවා බොරු දෙව්ලියෝ.තවත් නම් ඉවසන්න බෑ.වරෙන් මෙහාට…………”

ටේබල් ලෑම්ප් එක ඕෆ් කරපු මනෝජ් මාව එයා ගාවට ඇදලා ගත්තා.එලියෙ වැස්ස වහිනවා.හරිම සීතලයි.මං තවත් ඒ උණුසුමට තුරුල් වුනා.

“සීතලයිද? ම්ම්………….”

මං ඔලුව වනලා ඔව් කියලා කිව්වා. එයා මගේ පිටුපසින් ඇවිල්ලා මාව තුරුල් කරගෙන ඒ සීතල දෙතොල් වලින් මගේ ගෙලේ හාදු තැවරුවා.මගේ ඇග හිරිවැටිලා ගියා වගේ දැනුනා. සීතලට මාව වෙව්ලනවා.මාව තුරුල් කරගෙනම එයා මං ඇදන් හිටපු ගව්මේ බොත්තම් එකින් එක ගැලෙව්වා.මගේ නිරුවත් ළමැද පුරා ඒ හැඩි දෑත් දෑත් හා දෙතොල් වල පහස රැන්දුවා.

මාව ඔසවාගෙන සයනය මතට අතහැර දැමූ මනෝජ් ඔහු ඇද සිටි සරම පැත්තකට දමා මගේ සිරුරට බර වුනා.ඒ දෙතොල් මගේ දෙතොල් වල පැටලුනා.සීතලට වෙව්ලන මගේ සිරුර පුරාවටම ඒ දෙතොල් වල උණුසුම පහස රැන්දුවා.පැය කිහිපයක් අනුරාගයෙහි ගිලුනු අප දෙදෙනා එකිනාකට තුරුල් වී නිදා ගත්තා.

වසර දෙකකට පසුව👇👇👇

“දෙව්ලි……ඔක්කොම බඩු ටික හරිද?…………”

“ඔක්කොම හරි මනෝජ්…………”

“එහෙ ගියාට තමුසෙ ගාවම ළමයව තියා ගන්නවා.තේරුණාද?………..”

“ඔව් මනෝජ් තේරුණා………..”

“එහෙනම් දැන් යමු එහෙනම්…………”

මනෝජුයි මායි දුවයි මේ යන්න හදන්නෙ මනෝජ්ලගෙ ගෙදර.මගෙ හිතට සියුම් බියක් වගේ හැඟීමක් ඇති වුනා.සුරාජ් දුවව දැකලා මොකක් වෙයිද?කමක් නෑ මනෝජ් ඉන්නවනේ. සමහර විට දැන් නිම්මි අක්කටයි සුරාජ්ටයිත් දරුවො ඇති.

පැය තුනහාමාරකින් විතර අපි මනෝජ්ලගෙ ගෙදරට ආවා.මීට අවුරුදු හතරකට විතර කලින් අපි දෙන්නා මේ ගෙදරින් ගියාට පස්සෙ මම අද පලවෙනි පාරටයි මේ ගෙදරට ආවෙ. කියන්න තරම් ලොකූ වෙනසක් සිද්ද වෙලා නෑ කියලා වගේ පෙනුනා නිවස දකිද්දී.

“ආනේ……😱😱ලොකු පුතාලා ඇවිල්ලා. සැම්සන් මේ බලන්නකෝ කව්ද ඇවිත් ඉන්නෙ කියලා………..”

මනෝජ්ගෙ අම්මා දුවව වඩා ගත්තා. කෙල්ලත් කට ඇරගෙන හිනා වෙලා ආච්චි ගාවට දිව්වා.අම්මගෙ කටහඬට තාත්තයි නිම්මි අක්කයිත් සාලෙට ආවා.

“අක්කේ කොහොමද ඉතිං?ගොඩ කාලෙකට පස්සෙ ඔයාව දැක්කෙ…………”

නිම්මි අක්කගෙ මුහුණෙ සතුටු දායක පෙනුමක් තිබ්බෙ නෑ.එයා දුකින් වගේ හිටියෙ.නිම්මි අක්කා දුව දිහා හොඳට හොඳට බැලුවා.

“දෝණි මේ ඉන්නෙ ඔයාගෙ ලොකු අම්මා මේ ආච්චි අම්මා…………”

මං දෝණිට නිම්මි අක්කවයි තාත්තවයිත් අදුන්වලා දුන්නා.

“ඔයාගෙ නම මොකක්ද පැටියො?…………..”

නිම්මි අක්කා දුවගෙන් එහෙම ඇහුවා.
කෙල්ල කට උල් කරගෙන “මනීෂා” කියලා කිව්වා.

“දුවගෙ වයස කියද දැන්?…………”

“දැන් අවුරුදු තුනහමාරයි අම්මෙ.පුදුම දග මල්ලක්…………”

කෙල්ලත් කාලෙක ඉදන් අඳුරන අය වගේ ආච්චියි සීයයි ලොකු අම්මායි එක්ක කියෝනවා.

“අම්මේ…………”

එකපාරටම අම්මේ කියාගෙන සාලෙට ආවෙ සුරාජ්.මාව ගැස්සිලා ගියා වගේ දැනුනා.අපිව දැකපු සුරාජ් පුදුම වුනා.

“ආත්තී බබාව බිමින් තියන්නකෝ.බබා දැන් ඔකුයි.බෑලෑ ඉන්න පුලුවන්…………”

අම්මා කෙල්ලව බිමින් තිබ්බා.සුරාජ්ගෙ සද්දෙ ඇහිලා කෙල්ල සුරාජ් දිහා බැලුවා.සුරාජුත් දෝණි දිහා බැලුවා.ඒත් දෝණිට නම් ගානක් නෑ.සුරාජ්ගෙ ඇස් වල තියෙන්නෙ දුකක්ද කණගාටුවක්ද කියලා හිතා ගන්නවත් බෑ.

“තාත්තී කව්ද මේ මාමා?…………”

කෙල්ල මනෝජ්ගෙ අතේ එල්ලිලා සුරාජ්ව පෙන්නලා එහෙම ඇහුවා.

“මේ දෝණිගෙ බාප්පා…………”🔥⚡💥

මතු සම්බන්දයි