ශෂීන්ද්‍ර කාර් එක ගේට්ටුවෙන් ඇතුලට දාලා මාත් එක්ක තාත්තගෙ ෆොටෝ එකත් අරගෙන ගේ ඇතුළට ගියා.මගෙ තාත්තගෙයි ශෂීන්ද්රලාගෙ පව්ලෙ අයයි එක්ක මොකක් හරි ලොකු සම්බන්දයක් තියනවා.ඒකනෙ ශෂීන්ද්‍ර තාත්තගෙ ෆොටෝ එක දැකලා මෙච්චර කලබල වුනේ.
“ආ….අයියලානෙ මේ.මං බැලුවා කව්ද ආවෙ කියලා………”
එහෙම කිව්වෙ ශෂීන්ද්‍රගෙ මල්ලිගෙ නෝනා.ශෂීන්ද්‍රයි මායි අම්මා ඉන්න කාමරේට ගියා.
“ආනේ ලොකු පුතාලා මේ වෙලාවෙ?අනේ කලින් කිව්වෙවත් නෑනෙ එනවා කියලා………”
“ලොකු හදිස්සියකට ආවෙ අම්මෙ. මේක ගොඩාක් ලොකු හදිස්සියක් අම්මෙ.මට අම්මගෙන් දෙයක් දැන ගන්න තියනවා……….”
“ඒ මොකක්ද ලොකු පුතේ?……….”
මටත් හිතාගන්න බෑ ශෂීන්ද්‍රට මොකක්ද මේ තියන ප්‍රශ්නෙ කියලා. කාමරේ අයිනෙ තිබ්බ කබඩ් එක ඇරලා ඒකෙ තිබුන රාමු කරපු ෆොටෝ එකක් අතට ගත්තා.😱😱දෙයියනේ ඒ ෆොටෝ එකේ ඉන්නෙ මගෙ තාත්තනෙ. මගෙ තාත්තගෙ ෆොටෝ එකක් කොහෙන්ද මේ ගෙදරට.මං කතා කරන්න කට අරිනකොටම ශෂීන්ද්‍ර මාව වැලැක්කුවා.මට මේක ලොකු ප්‍රෙහෙලිකාවක් දැන් නම්.
“අම්මෙ මේ ෆොටෝ එකේ ඉන්නෙ කව්ද?………”
ශෂීන්ද්‍ර එහෙම අහනකොට අම්මා ශෂීන්ද්‍ර දිහා බැලුවෙ අමුතු වෙලා ඇස් ලොකු කරන්.
“උඹට මොකද වෙලා තියෙන්නෙ ලොකු පුතේ?මේ උඹේ තාත්තනේ……….”⚡⚡
දෙයියනේ⚡⚡එහෙම වුනේ කොහොමද?මගේ තාත්තා කොහොමද ශෂීන්ද්රගෙත් තාත්තා වුනේ?නෑ…..මේක කොහෙත්ම වෙන්න බෑ.මේක ලොකු වැරදීමක්.
“අනේ අම්මෙ එහෙම වුනේ කොහොමද?සිරිල් වික්‍රමසිංහ කියන්නෙ මගේ තාත්තා.මේ බලන්න……….”
එහෙම කියලා මං මගෙ අතේ තිබුනු අම්මගෙයි තාත්තගෙයි ෆොටෝ එක ශෂීන්ද්‍රගෙ අම්මට පෙන්නුවා. ශෂීන්ද්‍රගෙ අම්මා හිටියෙ හොදටම කලබලෙන් වගේ.මෙතන මොකක් හරි ලොකු දෙයක් වෙලා තියනවා.අනේ දෙවියනේ😥😥ශෂීන්ද්‍ර මගේ…….?අනේ එහෙම නම් වෙන්න එපා.මේ ගැන ඇත්ත අනිවාර්යෙන්ම දන්නෙ ශෂීන්ද්‍රගෙ අම්මා විතරයි.
“කරුණාකරලා මට මේකෙ ඇත්ත කියන්න අම්මෙ.සංජුගෙයි මගෙයි තාත්තා එක්කෙනෙක්ද?මොකක්ද මේකෙ තේරුම?තාත්තා මැරෙනකොට මං හිටියෙ ඉස්කෝලෙ හොස්ටල් එකේනෙ.මට තාත්තගෙ ෆියුනරල් එකටවත් එන්න ඔයාලා ඉඩ දුන්නෙ නෑනෙ.ඇත්තටම එදා තාත්තා මැරුනද?දෙයියන්ගෙ නාමෙට මට ඇත්ත කියන්න අම්මෙ……..”
ශෂීන්ද්‍රගෙ වේගවත් කටහඩ හමුවේ අම්මා හිටියේ කර කියාගන්න දෙයක් නැතුව වගේ.අම්මගෙ ඇස් වලින් කදුලු පොකුරු පිටින් කඩා හැලුනා.😥😥😥
“අවුරුදු තිස් හතරක් තිස්සෙ මං උඹෙන් මේ රහස හංගගෙන හිටියා ලොකු පුතේ.මං හිතුවෙ නෑ උඹට මේක කියන්න සිද්ද වෙයි කියලා.කලබල වෙන්න එපා උඹලා දෙන්නා අයියයි නංගියි නෙවෙයි……..”
අම්මෝ ඇති යාන්තං.මං හිටියේ පුදුම බයකින්.ඒත් අපි දෙන්නා අයියයි නංගියි නෙවෙයි නම් සිරිල් වික්‍රමසිංහ කියන්නෙ අපි දෙන්නාගෙන් කාගෙ තාත්තද?මං ඒ ගැන ශෂීන්ද්‍රගෙ අම්මගෙන් ඇහුවා.
“එහෙනම් මේ ෆොටෝ එකේ අපි දෙන්නගෙන් කාගෙ තාත්තද අම්මෙ?………”
“සිරිල් වික්‍රමසිංහ කියන්නෙ ඔයාගෙ තාත්තා දුවේ.එයා ශෂීන්ද්‍ර පුතාගෙ තාත්තා නෙවෙයි……..”
ඇස් වලින් ගලපු කදුලු දෑතින් පිසදාගෙන ශෂීන්ද්‍රගෙ අම්මා දිගු කතාවකට මුල පුරන්න සූදානම් වුනා.
“මොකක්……මෙයා නෙවෙයි නම් කව්ද මගෙ තාත්තා?කියන්න අම්මෙ මොකක්ද ඔයා අවුරුදු ගානක් තිස්සෙ හංගගෙන ඉන්න රහස?……..”
“මං එක කියන්නම් ලොකු පුතේ.මීට අවුරුදු තිස් පහකට විතර කලින්,,, එතකොට මට අවුරුදු විස්සයි.ඒ කාලෙ අපේ ගමට ආවා රංජිත් කියලා බඩු විකුණන මනුස්සයෙක්.කිහිප වතාවක්ම ඒ මනුස්සයා අපේ ගමට ආවා.ඒ මනුස්සයා නැවතිලා හිටියෙ උඩහ තිබුනු පේලි නිවාස වල ගෙදරක.අපේ ගෙදරටත් ඒ බඩු අරන් කීප වතාවක්ම ඒ මනුස්සයා ආවා.
අපේ තාත්තා ඒ මනුස්සයගෙන් පොඩි පොඩි බඩු කීපයක්ම ගත්තා.ඒ පේලි නිවාසය ලගින්ම තමයි මං ඉස්සර දරුවන්ට සංගීතෙ උගන්නන්න ගියේ.ඒ යන අතරතුර මට කීප වතාවක්ම රංජිත්ව මුණ ගැහුනා.අපි කතා බහ කරා. කාලයක් යද්දී අපි දෙන්නා අතර සම්බන්දයක් ඇති වුනා.ඒකට අපෙ තාත්තා පොඩ්ඩක්වත් කැමති වුනේ නෑ. එයා මිනිස්සු දම්මලා රංජිත්ව හොදටම ගැස්සෙව්වා.
මොන දේ සිද්ද වුනත් මං රංජිත් එක්ක තියන සම්බන්දෙ නතර කරේ නෑ.තාත්තා මොන තරම් දේවල් කරත් රංජිතුයි මායි වෙන් වුනේ නෑ. අන්තිමට තාත්තා රංජිත්ට වෙඩි තියලා මැරුවා.ඒ වනකොටත් ලොකු පුතා මගෙ බඩට ඇවිත් මාසයයි.අම්මටයි තාත්තටයි මුහුණ දෙන්න බැරුව මං ජීවිතේ නැති කරගන්නත් හැදුවා.
අම්මා හිටියේ නිතරම මං ගැන හොද සෝදිසියෙන්.රංජිතුයි මායි අතර සම්බන්දයක් ඇති වෙලා තිබ්බ කාලෙ තාත්තා මට විවාහ යෝජනාවක් අරන් ආවා.එයා තමයි සිරිල් වික්‍රමසිංහ.
මං ඒකට කැමති නෑ කියලා කිව්වා.දවසක් මං සිරිල්ට මං ගැන ඇත්ත විස්තරේ කිව්වා.එයා කැමති වුනා මාවයි දරුවවයි බාර ගන්න.දරුවා ගැන හිතලා මං ඒකට කැමති වුනා.මායි සිරුලුයි කසාද බැදලා අවුරුදු අවුරුදු හතක් විතර එකට ජීවත් වුනා.ඒ කාලෙ සිරිල්ගෙයි එයා වැඩ කරපු කන්තෝරුව තිබ්බ පලාතෙ ගෑනු කෙනෙක් එක්ක සම්බන්දයක් තිබ්බා. අපි අතර ඒ ගැන ලොකුවට ප්‍රශ්න ඇති වුනේ නැ.මං සිරිල්ට කිව්වා ඒ සම්බන්දෙ නවත්තන්න කියලා.එත් එයා ඒක නැවැත්තුවෙ නෑ.කවදාවත් සිරිල් ශෂීන්ද්‍ර පුතාට එයාගෙ දරුවෙක් නෙවෙයි කියලා කිසිම වෙනස්කමක් කරේ නෑ.
ඒ හින්දා මං සිරිල් එක්ක ඒ ගෑනු කෙනා ගැන කියලා රණ්ඩු නොවී මේ සම්බන්දෙ නවත්තන්න කිව්වා. කොච්චර කිව්වත් සිරිල් ඒ සම්බන්දෙ නතර නොකරපු හින්දා අන්තිමට අපි දෙන්නා වෙන් වුනා.ශෂීන්ද්‍ර පුතාට අපි කිව්වෙ තාත්තා මැරුණා කියලා.මට එහෙම කියන්න සිද්ද වුනේ මගේ තාත්තගෙයි අම්මගෙයි කීමට.ඊට පස්සෙත් තාත්තා මට විවාහ යෝජනා කීපයක්ම ගෙනාවා.මං ඒ හැම එකකටම බෑ කිව්වා.අන්තිමට තාත්තගෙ කීමටම මං එක යෝජනාවකට කැමති වුනා.
එයා තමයි හෂාන්(ශෂීන්ද්‍රගෙ මල්ලි)පුතාගෙ තාත්තා.කාලයක් යද්දී මට ආරංචි වුනා සිරිල් ඒ ගෑනු කෙනාව කසාද බැන්දා කියලා.එයාලට මුලින්ම ඉපදුනු දරුවා අවුරුදු පහේදි මැරිලා.ඊට පස්සෙ තමයි සංජානා දුව ඉපදිලා තියෙන්නෙ………..”
කදුලු අතරින්ම ශෂීන්ද්‍රගෙ අම්මා කියූ කතාව මායි ශෂීන්ද්‍රයි අහගෙන හිටියා. හිතට දැනුනේ අමුතුම හැගීමක්.දැන් වෙලාව දවල් දෙකත් වෙලා.හැමෝම අතර තිබ්බේ දිගු නිහැඩියාවක්.
“මං හිටියෙ ගොඩාක් කලබල වෙලා අම්මෙ.මං හිතුවෙ සංජානා මගෙ නංගි කෙනෙක් කියලා.දැන් නම් හිතට ලොකු සැහැලුවක් දැනෙන්නෙ………”
“අවුරුදු තිස්පහක් තිස්සෙ මේ රහස රැකගෙනයි මං හිටියෙ.දැන් මගෙ හිතටත් ලොකු සැහැල්ලුවක් දැනෙනවා පුතේ මේක උඹලාට කිව්වට පස්සෙ………”
“ඒ අතීතය ගැන හිතලා අම්මා දුක් වෙන්න එපා.අම්මට දැන් අපි ඉන්නවනේ……..”
“ඔව් දුවේ.ඔයාලා අද මෙහෙ නවතින්න……..”
“අද බෑ අම්මෙ.අපි පස්සෙ දවසක එන්නම්කො……..”
එහෙම කිව්වෙ ශෂීන්ද්‍ර.කෑම කාලා ඉවර වෙලා අපි දෙන්නා ගෙදර් එන්න පිටත් වුනා.
“ලොකූ බරකින් නිදහස් වුනා වගේ දැනෙනවා සංජු.මං ඇත්තටම හිතුවෙ අපි දෙන්නා එක තාත්තගෙ දරුවො කියලා……..”
“දැන් අපි ඔය කතාව නවත්තමු ශෂීන්ද්‍ර. මාත් හිටියෙ ගොඩාක් බය වෙලා……..”
“මොනවද රෑට කන්න ඕනි?……..”
“ම්ම්ම්🤔🤔කොත්තු කමු……..”
යන ගමන් කොත්තුත් අරන් අපි ගෙදරට ගියා.
💞💞💞
“ශෂී……..”
“ඇයි සංජු……..”
“එන්නකෝ අනේ……..”😆😉
“පොඩ්ඩක් ඉන්නකො මං නාගෙන එන්නම්……..”😊😉
“අනේ ඉක්මනට එන්නකෝ………”😁😊
“හිටපං ගෑනියෙ මං නාගෙන එන්නම්……..”😁😁😆
“අනේ එනවකෝ……..”😁😁
“මොකද?……..”😃😃
බාතෲම් එකේ දොර පොඩ්ඩක් ඇරලා ශෂීන්ද්‍ර සබන් පිටින්ම ඔලුව එලියට දාලා මට කතා කරා.
“කම්මැලියි අනේ……..”😆😆😉
මට රවලා ශෂීන්ද්‍ර බාතෲම් එකේ දොර වහ ගත්තා.මට තනියම හිනා ඉතිං.මට කම්මැලි හිතුණු වෙලාවට ශෂින්ද්රව පොඩ්ඩක් අවුස්සනවා.විනාඩි කිහිපයක් යද්දී ටවල් එකෙන් ඔලුව පිහ දදා කාමරේට ආවා.අවුරුදු තිස්පහක් වුනාට ශෂීන්ද්‍රට තියෙන්නෙ අවුරුදු විසිඅටක විසිනවයක විතර පෙනුම.මාර හැන්ඩ්සම් ඉතිං මගෙ හබියා😚මට වඩා ගොඩාක් එයා සුදුයි. පුදුමයි ඉතිං මේ සුදු බෝලෙට මෙච්චර කාලෙකට මට ඇරෙන්න වෙන කෙනෙක් ගැන ආදර හිතක් පහළ නොවුනේ.
“මොනවද හොර කෙල්ල මං දිහා බලාගෙන කල්පනා කරන්නෙ?මට හරියට නා ගන්න දුන්නෙත් නෑ.සැරින් සැරේට කෑ ගහන්න පටන් ගත්තා……..”
“මට කම්මැලි හිතුණා ශෂී……..”
“මෝඩ කෙල්ල ඇයි මේ කලිසමක් ඇදලා.බඩට හිරයිනෙ කලිසම්………”
“මේක හිර නෑ ශෂී.සැහැල්ලුයිනෙ……..”
මතු සම්බන්දයි