ආදරය ගින්දරක්
❤️🔥”ලොකු පුතා,දෙව්ලි දූ මොකක්ද මේ කරන්න හදන්නෙ?ඇයි මේ ගෙවල් අතෑරලා යන්න හදන්නෙ?………….”
“මං මේ තීරණේ ගත්තෙ දෙව්ලිව මැරි කරපු දවසෙමයි.මටයි මල්ලිටයි එක ගෙදරක ඉන්න බෑ.ඔයාලා අපේ ගමන නවත්තන්න හදන්න එපා.මං මේ තීරණේ වෙනස් කරන්න කොහෙත්ම ලෑස්ති නෑ………….”
“ඇයි පුතා ඔයා අපිට කලින් මේ ගැන නොකිව්වෙ?ඔයාලා මෙහෙන් යන්න එපා.දෙව්ලිට අපි කාගෙහරි උදව් ඕනිම කාලෙ මේ…………”
“මගේ ගෑනිවයි දරුවවයි බලා ගන්න පුලුවන්.අපි යන්නෙ කොහෙද කියලා අහන්න එපා එච්චරයි.අපි යමු දෙව්ලි…………”
අම්මටයි තාත්තටයි සිරියාවතී නැන්දටයි වැදලා බඩුටික වෑන් එකේ දාගෙන අපි රාගල යන්න පිටත් වුනා.
“මනෝජ්……උඹලා උදේට කාලද ඉන්නෙ?නංගිට බඩගිනිද දන්නෑ………..”
එහෙම ඇහුවෙ වෑන් එක ඩ්‍රයිව් කරපු මනෝජ්ගෙ යාලුවා හසින්ත.
“කන්නවත් වෙලාවක් තිබ්බෙ නෑ බං. ඔය කොහෙ හරි හොද තැනකින් වාහනේ නවත්තපං………..”
හෝටලයක් ඉදිරිපිට වෑන් එක නැවැත්තුවා.අපි කට්ටියම උදේට කෑම කාලා ආපහු ගමන යන්න පිටත් වුනා. පැය තුනක් විතර යද්දී අපි රාගල තියන මනෝජ්ගෙ ගෙදරට ආවා.
“ලස්සනයිද මැණික අපේ පුංචි මාලිගාව?………….”
වාහනෙන් බැහැලා ගේ පෙන්නලා මනෝජ් මගෙන් එහෙම ඇහුවා.
“අනේ ගොඩාක් ලස්සනයි මනෝජ්. හරිම නිදහස් නිස්කලංකයි…………”
“සාලෙයි කුස්සයි බාතෲම් එකයි කාමර තුනයි ඉස්තෝප්පු කෑල්ලයි තියෙන්නෙ. අපි තුන්දෙනාට ඇති නේද?…………”
“තුන් දෙනෙක්?…………..”🤔🤔
“ඇයි අපේ පැටියත් එක්ක තුන් දෙනෙක් කිව්වෙ.යමු ඇතුලට…………”
මනෝජ් මගෙ අතින් අල්ලගෙන ගේ ඇතුලට ආවා.තනි තට්ටුවේ මේ නිවස බෙහෙවින්ම ලස්සනයි.හරිම නිදහස් තැනක් කියලා මට හිතුණා.කිරි උතුරවලා ඉවර වෙලා ගෙනාපු බඩු අස් කරන්න පටන් ගත්තා.ඒ හැම දේකටම මනෝජ්ගෙ යාලුවො දෙන්නා හසින්තයි විශ්ව යි උදව් කරා.හවස හයට විතර එයාලා ගියා.මං ගේ ඇතුලෙ කාමර වල ඇවිදලා බැලුවා.සාලෙ නම් ටිකක් ලොකුයි.
“මං වොශ් එකක් දාගෙන එන්නම් දෙව්ලි.උදේ ඉදන් වෙලාවක් තිබුනෙම නෑනෙ.ඔය ජනේල් ටික වහලා දාන්න. දැන් රෑ වෙන්නත් ලගයි…………”
“මටත් නාන්න ඕනි…………”
“ඔයා නාන්න එපා මේ මහ රෑ වෙලා. හෙට නා ගන්න………..”
“අනේ අප්පා…………”😫😫
මට රවපු මනෝජ් බාතෲම් එකට ගිහින් හයියෙන් දොර වහ ගත්තා.මූට කේන්තිත් යනවනෙ.ටිකක් අවුස්සලා බලන්නත් හිතයි කොහොමද දන්නෑනෙ.
ජනේල් ටික වහලා දාලා දොරත් වහලා කුස්සියට ගිහින් බත් එක්ක සම්බෝලයි පරිප්පුයි උයලා බිත්තර ඔම්ලට් හැදුවා.ඒ ටික කෑම මේසෙට දාලා ඉවර වෙලා මනෝජ්ට කතා කෑම කන්න.
“අදට මෙහෙම කමු.ලොකු දෙයක් උයා ගන්න බඩු නෑනෙ.හෙට මාකට් එකට ගිහිල්ලා එලවලු මාලු මොනවා හරි අරන් එමු………..”
“මේ කෑම වේල රසයි දෙව්ලි.මෙහෙම කන්න තියනවනම් තමයි මාත් ආස………..”
බත් හැදි කීපයක්ම මනෝජ්ගෙ පංගුවට බෙදලා මාලුවත් බෙදුවා.
“කවන්නකො…………”
හුරතලෙන් වගේ මනෝජ් එහෙම කියද්දී මටත් හිනා.පිගාන ලගට අරන් මං මනෝජ්ට බත් අනලා කැව්වා.ඒ කවන ගමන් මාත් ඒකෙන්ම කෑවා. කාලා ඉවර වෙලා මේසෙත් අස් කරලා නිදා ගන්න හැදුවා.
“ලබන මාසෙ පලවෙනිදා ඉදන් මට ජොබ් එක හම්බෙනවා.ලොකු පඩියකුත් ලැබෙනවා.වැඩි දුරක් නෑ ඔෆිස් එකට.මෙතන ඉදන් කිලෝමීටර් එකහමාරක් වගෙයි තියෙන්නෙ. මැණිකට තනියම ඉන්න පුලුවන්නෙ. දරුවා ලැබෙන්න ලං වෙනකොට අපි ගෙදර වැඩට කෙනෙක්ව ගම්මුකො…………”
“මට තනියම ඉන්න පුලුවන් මනෝජ්………..”
“ඔයා දැන් ඉස්සරහටත් වඩා ලස්සන වෙලා දෙව්ලි.සුදු වෙලා.තව ඉස්සරහට මහත් වෙලා බෝලයක් වගේ ඉදියි…………”
මගේ කොන්ඩෙ අවුල් කරමින් ඒ හිස්කෙස් අතර ඇගිලි තුඩු යවමින් මනෝජ් එහෙම කිව්වා.මං ඒ මුහුණ දිහා බලලා ලැජ්ජාවෙන් වගේ හිනා වුනා.
“මොකෝ මේ ලැජ්ජාවෙන් වගේ හිනා වෙන්නෙ ආ?………….”😊😚
“මුකුත් නෑ………..”☺️😚
“මොකුත් නෑ නෙවෙයි මොනවහරි ඕනි වෙලා වගේ කෙල්ලට……….”😁😉
එහෙම කියලා ටිකක් ඉස්සිලා මගෙ නෙත් වලට එබුනු මනෝජ් මගෙ දෙතොල් සිප ගත්තා.ඔහු මෙලෙස මගේ දෙතොල් සිපගත් පලමු අවස්ථාවයි මේ.ගෙලටවැටී තිබුනු කොණ්ඩය අහකට කල ඔහු මගෙ ගෙල වටේටම ඒ දෙතොල් වල පහස රැන්දුවා.මා ඇද උන් ගව්මේ අත් දෙක පහලට අදිමින් ඒ සෑම තැනකටම පාහේ ඒ දෙතොල් වල පහස එක් කරා. ඉන් පසුව ගව්ම සකස් කල ඔහු මගේ නලල සිපගත්තා.
“දැන් නිදා ගම්මු මැණික………….”
😘🤰
පහුවදා උදේම එලවලු ගේන්න අපි දෙන්නාම ටව්මෙ මාකට් එකට ගියා. මේ පැත්ත ගොඩාක් සීතලයි ඒ නුවරඑළියට කිට්ටු නිසා වෙන්න ඇති. මායි මනෝජුයි දෙන්නම හිටියෙ අත් දිග ජැකට් ඇදගෙන.එලවලු අරන් ගෙදර ආපු අපි දෙන්නා ඒවා ෆ්‍රිජ් එකට දාලා මිදුල අතුගාලා අස් කරන්න පටන් ගත්තා.
“ඔයාට බෑ මැණික මේවා කරන්න. මහන්සි වෙන්න එපා.ඔයා පැත්තකට වෙලා ඉන්න………….”
මට පැත්තකට යන්න කියපු මනෝජ් වත්ත වටේටම උදලු ගාන්න පටන් ගත්තා.මං නිකන් හිටියෙ නෑ.එයා දාඩිය පෙරාගෙන වැඩ කරද්දි මට නිකන් ඉන්න බෑනෙ.මං ඉදල අරන් තණකොල ටික අතුගාලා එක තැනකට දැම්මා.මුලු වත්තෙම රොඩු ටික එකතැනකටම ගිනි තිබ්බා.
“දැන් නම් මුලු වත්තම එලියයි දෙව්ලි. මේ හරියෙන් මල් පැල ටිකක් එහෙම හිටවලා දැම්මා නම් හරි.පහන තියන්න මලක් කඩා ගන්නවත් වත්තෙ මල් ගහක් නෑ.ගහේ ලොවි ඉදිලා වගේ. කඩලා දෙන්නද?…………”
වත්තෙ අයිනෙ තිබ්බ ඉදුනු ලොවි ගහ පෙන්නලා මනෝජ් මගෙන් එහෙම ඇහුවා.අම්මෝ ඉදිච්ච රතුම රතු පාට ලොවි ගෙඩි දකිද්දී මගෙ කටට කෙලත් පිරුනා.🍒🍒🍒🍒🍒🍒🍒🍒🍒🍒🍒
“අනේ හා.කඩලා දෙන්නකෝ.අච්චාරු දාලා කන්න පුලුවන්…………”
මං එහෙම කියපු පමාවට මනෝජ් ගහට නැගලා ලොවි උරයක්ම කඩලා මට දුන්නා.මං ඒ ටික හෝදලා ටිකක් අරගෙන අච්චාරුවක් හැදුවා.කුස්සියෙ පුටුවක් උඩ ඉදගෙනම මං ඒක කෑවා. එකපාරටම මට හයියෙන් කැස්සක් හැදුනා.මනෝජ් දුවගෙන ඇවිත් මගෙ පිටට තට්ටු කරලා පපුවත් අතගෑවා.
“ඕක හිමින් කනවා දෙව්ලි.කවුරු හරි ඕක තමුසෙගෙන් උදුරගන්නවත් හැදුවද?ජීවිතේට ලොවි ගෙඩියක් කාලා නෑ වගේ………..”
“අනේ බනින්න එපා මට.මං හයියෙන් කෑවෙ නෑ.එකපාරටම කැස්සක් ආවෙ…………”
මේ විදියට මාස තුනක්ම ගෙවිලා ගියා. මනෝජ් උදේ හතට විතර කාරෙකේ ඔෆිස් යනවා.හවස පහයි විස්ස විතර වෙද්දී ගෙදර එනවා.මහා ලොකු වැඩක් ගෙදර කරන්නත් නෑ.උයන පිහන වැඩයි මිදුල අතුගාන එකයි ගේ අතු ගාන්න තමයි තියෙන්නෙත්.රෙදි හෝදන්නෙත් වැඩිපුරම වොශින් මැෂින් එකට දාලා.
අපි මෙහාට ඇවිල්ලා මාස තුනක් ගත වුනත් මනෝජ් මාව එයාලගෙ ගෙදර එක්කන් ගියේ නෑ.අම්මවත් තාත්තාවත් මෙහෙ එනවට කැමති වුනේ නෑ.මනෝජ් නම් දෙපාරක් ගිහින් එයාලව බලලා ආවා.මාව එක්කන් යන්නැත්තෙ සුරාජ් ඉන්න නිසා වෙන්න ඇති.මං එහෙ යන්න ඕනි කියලාවත් මනෝජ්ට කිව්වෙ නෑ.
“මනෝජ්………..”
“හ්ම්ම්………..”
“අද හොස්පිටල් ගිය වෙලේ…………”
අද හොස්පිටල් ගියේ මායි අල්ලපු ගෙදර බබා හම්බෙන්න අක්කා කෙනෙකුයි.මනෝජ්ට හදිස්සියෙන්ම බිස්නස් මීටින් එකක් තිබ්බ නිසා මං ඒ අක්කත් එක්කම හොස්පිටල් ගියා. ස්කෑන් කරපු වෙලාවෙ මං ඒ ඩොක්ටර්ගෙන් ඇහුවා මට ලැබෙන්න ඉන්නෙ දුවෙක්ද පුතෙක්ද කියලා. හැබැයි මනෝජ් නම් මට කියලා තිබ්බෙ කලින් බලන්න එපා කියලා. පුතෙක් වුනත් දුවෙක් වුනත් එයාට ප්‍රශ්නයක් නෑ කියලා.ඒත් මට ආස හිතුණා ඒක දැන ගන්න.
“ඔව්.හොස්පිටල් ගිය වෙලේ මොකද වුනේ?…………..”
ෆෝන් එක දිහා බලාගෙනම මනෝජ් එහෙම ඇහුවා.මේකා මට දැන් බනියිද?
“ස්….කෑන් කරා…………”
“හ්ම්ම්.ඊට පස්සෙ?…………”
“නෑ මොකුත් නෑ…………”
මට බය හිතුණා මේකා බනියි කියලා.ඒ හින්දා මං ඊට වඩා මොකුත් කිව්වෙ නෑ. ෆෝන් එක පැත්තකින් තියපු මනෝජ් මගේ පැත්තට හැරුනෙ තරහ මූණකින්.
“මං එපා කියපු දේම කරා නේද තමුසෙ?………..”😠😠
“අනේ ඉතිං………….”😥😥
“හරි කමක් නෑ.දැන් කියනවා බලන්න අපේ පැටියා කෙල්ලෙක්ද කොල්ලෙක්ද කියලා?………..”
“කෙල්ලෙක්…………”
“ශා…….🤩😀😚😃මරුනෙ ඕයි.මාත් ආසාවෙන් හිටියෙ දුවෙකුට.අනේ ශෝක් අප්පා.කෝ බලන්න මගෙ මැණික් කැටේ………..”
එහෙම කියපු මනෝජ් මගෙ ගව්ම පාත් කරලා කුස පිරි මැදලා දෙතොල් තියලා සිප ගත්තා.එයාව දැනිලාද කොහෙද කෙල්ල පයින් ගහන්න පටන් ගත්තා.
“දෙව්ලියෝ කෙල්ලට තාත්තිව දැනිලාද කොහෙද පයින් ගහනවා වගේ.මගෙ මැණික ඉක්මනට තාත්ති ගාවට එන්න ඕනි.මැණික වැඩිපුරම ආදරේ තාත්තිට නේද?…………”
මට මනෝජ් ගැන මහා පුදුමාකර ආදරයක් සෙනෙහසක් ඇති වුනා.අනේ මේ වගේ ආදරයක් මට ලැබෙයි කියලා මං හීනෙකින්වත් හිතුවෙ නෑ.මනෝජ් මටයි දරුවටයි එයාගෙ පණටත් වඩා ආදරෙයි.
මතු සම්බන්දයි