අපි දිහා ටිකක් වෙලා බලන් හිටපු සුරාජ් එයාගෙ කාමරේට ගියා.මායි දුවයි මනෝජුයි බෑග් ටිකත් අරගෙන උඩ තට්ටුවෙ අපි කලින් හිටපු කාමරේට ආවා.දෝණිගෙ ඇඳුම් මාරු කරලා වෙන ඇඳුමක් ඇන්දෙව්වා.අපිත් ඇඳුම් මාරු කරගෙන දෝණිත් එක්ක පල්ලෙහාට ආවා.
“පුතාලා දැන්ම කෑම කනවද?………..”
“දැන්ම කන්න බෑ අම්මා.බඩගිනි නෑ…………”
මනෝජ් එයාගෙ තාත්තත් එක්ක කතා බහ කරන අතරතුරේ මං දුවත් එක්ක කුස්සියට ආවා.සිරියාවතී නැන්දත් දුවව දැකලා ගොඩාක් සන්තෝශ වුනා.
“අනේ……සීදේවි කෙලි පොඩිත්තියක්. ඔයා වගේමයි දුවේ………..”
සිරියාවතී නැන්දා මේ ගෙදර වෙන හැම දෙයක්ම දන්නවා.මට හිතුණා එයාගෙන් දෙයක් අහන්න.
“මේ ගෙදර මොකක් හරි ප්‍රශ්නයක්ද නැන්දෙ?…………”
“ඇ…..ඇයි දුවේ එහෙම අහන්නෙ?……….”
“නිම්මි අක්කා හරිම අමුතුයි නැන්දෙ. එයා සතුටින් නෙවෙයි ඉන්නෙ.අම්මත් එයත් එක්ක තරහයි වගේ.මට එයාලගෙන් අහන්නත් බෑ………..”
“මේවා කොහොම කියන්නද කියලා හිතා ගන්න බෑ දුවේ.ලොකු නෝනා සූරාජ් මහත්තයට බලකරනවා නිම්මි නෝනව දික්කසාද කරන්නලු…………”
“අනේ දෙයියනේ😢ඒ ඇයි?…………”