ගෙදරට ආවට පස්සෙ නම් දැනුනෙ පුදුම සැහැල්ලුවක්.තව දවස් දෙක තුනක් එහෙම ගමේ හිටියා නම් අර දිල්හාරා ශෂීන්ද්‍රව මගෙන් වෙන් කරනවා සත්තයි.හොද වෙලාවට අපි එහෙන් ආවෙ.

“මොනවද මැණික කල්පනා කරන්නෙ?………”

මගේ කුස වටා දෙඅත යවමින් ශෂීන්ද්‍ර එහෙම ඇහුවා.මගෙ හිත ශෂීන්ද්‍රගෙන් එක දෙයක් අහන්න බල කරා.මේ වෙලාවෙ තමයි ඒක අහන්න ඕනි.දැන් නම් මූඩ් එකත් හොද පාටයි.

“ශෂී…..මං දෙයක් අහන්න,මට ඇත්තම කියනවද?……….”

“හ්ම්ම්.ඕන දෙයක් අහන්න.මං මැණිකට බොරු කියන්නෑනෙ………”

“ඊයෙ රෑ දිල්හාරා…..කිව්වෙ මේ……..”

“ඔව් මොකක්ද?………”

දැන් නම් බයයිත් වගේ.මේකාට කේන්ති ගියොත් මට හොදවයින් දෙකක් අහගන්න වෙයිද?කමක් නෑ. පටන් ගත්තු එකේ අහලම ඉන්නවා.

“දිලහාරා ඔයාගෙන් ඇහුවේ ඔයා කොළඹ යන්න කලින් එයාට කියපු දේවල් මතකද කියලා…..ඔයා මොනවද එයාට කිව්වෙ?………”

“පිස්සු කෙල්ල මං එයාව මැරි කරනවා කියලා පොරොන්දු වුනේ නෑ.මං කිව්වෙ දිලූ මං කොළඹ ගියාට ඔයාලව අමතක කරන්නෙ නෑ.ඉක්මනට මං එනවා ඔයාලව බලලා යන්න.මගෙ හොද කෙල්ලනෙ පරිස්සමින් ඉන්න කිව්වා එච්චරයි.ඒ දේවල් කිව්වෙ හිතේ ආදර හැගීමක් තියාගෙන නෙවෙයි සංජු.එයා ඒවා වැරදියියට තේරුම් අරගෙන……..”

“ඔයත් වැරදියිනෙ ශෂී.ඒ විදියට කිව්වම එයා හිතන්න ඇති ඔයා එයාට ආදරෙයි කියලා.එහෙම කියනකොට ඕනම ගෑණු ළමේක් හිතනවා කොල්ලා එයා ගැන විශේෂයෙන් හිතනවා කියලා……….”

“දැන් ඔය කතාව නවත්තමුද මැණික……..”

“හා ඉතිං………”

❤️❤️

“ශෂී……අපේ ගෙදරට ගිහින් එන්න යමු දවසක……….”

“ඒ ඇයි?………”

“පොඩි පොඩි බඩු වගයක් තියනවා අරන් එන්න………”

“ඒ මොනවද?……….”

මූටත් ඕන්නැති මගුලක් නෑ.ඇටේ පැළ වෙච්චි තැන ඉදන් අහනවා.

“මගෙ උප්පැන්න සහතිකේයි තව බඩු ටිකක් තියනවා අරන් එන්න……..”

“තව දවස් දෙකකුනකින් ගිහින් එමු.මේ ඒක නෙවෙයි ඒ ඉඩමට මොකද කරන්නෙ?………”

“ඒ කිව්වෙ?………”

“ඒ ඉඩම තිබ්බෙ ඔයාගෙ නමටනෙ.අපි ඒක විකුණලා ඒ සල්ලි ටික ඔයාගෙ මල්ලිගෙ පොතට දාමු.නිකන් ඉඩම තිබ්බා කියලා වැඩක් නෑනෙ………”

“ම්ම්ම් ඔව් ඒකත් හොද අදහස තමයි නේද………”

හවස් වෙලා ඇග හෝදගෙන සැහැල්ලු ගව්මක් ඇදගෙන මං කාමරේට ආවා. ශෂීන්ද්‍ර හිටියේ බැල්කනියෙ.එයාට කෝල් එකක් ඇවිත්.ලොකු ප්‍රශ්නෙකින් එයා ඉන්නෙ කියලා මට තේරුනා.මං ටිකක් ලගට ගියා.

“කරන්න දෙයක් නෑ මචං.අපි දැන් ඌට කීයක් කියලා චාන්ස් දුන්නද?අන්තිම පාරට හොදින් කියලා බලපං.ඒ අහන්නෙත් නැත්නම් ආයෙ නැගිටින්න බැරි වෙන්න දෙක තුනක් ඇනලා දාපං………”📲

මොකක් හරි ලොකු ප්‍රශ්නයක් වගේ. කාටද දන්නෑ දෙක තුනක් අනින්න කිව්වෙ.ඒක අහන්න ගිහිල්ලා මේ යකාට කේන්ති ගියොත් මට අනියි දෙක තුනක්.

“නෑවද මේ හවස් වෙලා?………”

“නෑ.ඇග හේදුවා විතරයි.කම්මැලියි වගේ අප්පා………”

“එහෙනම් ටීවි බලන්න……..”

“බෑ අප්පා.නිදි මතයි වගේ………”

“නිදි කුබ්බි.තමුසෙගෙ වැඩේම නිදා ගන්න එකමයි නේද?………”

“තාත්ති හරී නරකයි නේද පුතේ. එයාගෙ වැඩේම අම්මිට බනින එකමයි……..”

ශෂීන්ද්‍රට පේන්නම මං කුස අත ගගා එහෙම කිව්වා.ඇදට ඇවිත් මගෙ මුහුණට නැඹුරු වුනු ශෂීන්ද්‍ර මගෙ කන හැපුවා.

“ඌයි මෝඩයෝ රිදුනා මට………”

“මොකද ළමයට කියන්නෙ එයාගෙ තාත්තා නරකයි කියලා.තාත්තා නරක නෑ පුතේ අම්මි තමයි තාත්තිව කේන්ති ගස්සන වැඩ කරන්නෙ……….”

“අනේ ඉතිං ඕකට ඔච්චර කේන්ති ගන්න එපා මං විහිලුවක්නෙ කරේ. ඔහොම කේන්ති ගියොත් ඔයා ඉක්මනටම නාකි වෙයි……..”😁😁

ශෂීන්ද්‍රගේ මුහුණට නැඹුරු වෙලා මං එහෙම කිව්වා.මේ යකාට මාර විදියටනෙ කේන්ති යන්නෙ.කේන්ති ගියාම යාලු කර ගන්නත් ලේසි නෑ මේ ගොයියව.ඇදේ හාන්සි වෙලා අහක බලාගෙනම ඉන්නවා.මාත් එක්ක තරහෙන්ද කොහෙද ඉන්නෙ.

“ශෂී……තරහද රත්තරනේ………”

ඒ නිරුවත් පපුව පුරා ඇගිලි තුඩු යවමින් මං එහෙම ඇහුවා.ඒත් මේකා කතා කරන්නෙම නෑ.හිටපන්කො හොද වැඩක් කරන්න.එහෙම හිතලා නැගිටලා ඇදේම වාඩිවෙලා ඒ මුහුණට පාත් වුනා.මාව ගනං ගන්නෙවත් නැතුව ශෂීන්ද්‍ර අහක බලාගත්තා.මූට ඕනි මාව අවුස්සන්න.අහක බලාගෙන හිටපු ශෂීන්ද්‍රගෙ මුහුණ මං මගේ පැත්තට හරවගෙන පාත් වෙලා ඒ ලා රෝස පැහැති දෙතොල් තද කරලා සිප ගත්තා.මේ විදියට විනාඩියක් දෙකක් ගෙවෙන්න ඇති.ඒ දෙතොල් වලින් මෑත් වූ මා සුදු කම්මුල් රතු වෙනකල් සිප ගත්තා.ශෂීන්ද්‍රගේ ශක්තිමත් දෑත් මගේ පිට වටා එතෙද්දී මං තව තවත් ඒ පපු තුරුලේ උණුසුමට ගුලි වුනා.මාව සයනයේ අනික් පසට හරවා ගත් ශෂීන්ද්‍ර මා ඇද උන් ගව්මේ පටි දෙක උරහිසින් පන්නා ඉන තෙක් පාත් කර ඒ පුරා දෙතොලින් හාදු තැවරුවා.ඉන් නොනැවතී ශෂී මගේ නිරුවත් කුස පුරා ඒ දෙතොල් වල මිහිරි පහස එක් කරා.

“තව ටිකක් කාලා එහෙම මහත් වෙන්න මැණික.මේ චූටි බණ්ඩිය ඇතුලෙ අපේ පැටියා කොහොම ඉන්නවද දන්නෑ………”

“ඉස්සරහට තව කල් යද්දී මහත් වෙනවා ශෂී………”

“ඉක්මනට එන්න පැටියෝ තාත්තිට ඔයාව දකිනකල් ඉවසිල්ලක් නෑ………”

“ඉවසන්නකෝ ශෂී.තාම මාස පහක් වුනා විතරයිනෙ.අපි ඊළග මාසෙ ඩොක්ටර් ගාවට ගියාම අහමු දුවෙක්ද පුතෙක්ද කියලා………”

“එපා ඕන්නෑ.දුවෙක් වුනත් පුතෙක් වුනත් මට නම් මට නම් බේදයක් නෑ………”

“හ්ම්ම්……..”

“දැන් නිදා ගන්න.හොදටම රෑ වෙලා………”

මට ගව්ම ඇන්දවූ ශෂීන්ද්‍ර සීට් එක පෙරෙව්වා.

❤️❤️❤️

දවල් දෙකට විතර ඩොක්ටර් සුධාර ආවා අපේ ගෙදර.දවස් ගානකට පස්සෙයි අපි ඩොක්ටර්ව දැක්කෙ.

“ආ…..උඹව දැක්ක කල්.වරෙන් බං………”

“මේ දවස් ටිකේ වැඩ ගොඩක් වැඩියි බං.ඊයෙ තමයි විවේකයක් ලැබුනෙ. කොහොමද දැන් සංජානාට?මොකක්වත් අවුලක් එහෙම නෑනෙ?………”

“එහෙම මොකුත් අවුලක් නෑ බං. හොදින් ඉන්නවා………”

“උඹට මොකුත් අවුලක් නෑනෙ නේද?………”😁😆😄

“අ…..නෑ බං.මං මේ හොදට ඉන්නෙ………”

ඩොක්ටර් සුධාර ඒක අහපු විදිය මට එච්චර ඇල්ලුවෙ නෑ.උවමනාවෙන්ම ශෂීන්ද්‍රගෙ මුහුණ දිහා බලද්දී මං දැක්කෙ එයාගෙ වම් කණ ට ටිකක් පහලින් රතු වෙච්චි පැල්ලමක් තියනවා🤭😀😚ඒක දකින්න ඇත්තෙ සුධාර අයියා.ඒ සුදු මූණ දකිද්දි මටත් ඉතිං එක විදියකට ඉන්න බෑනෙ.රතු වෙනකල් ඉඹින්න හිතෙනවානෙ😀😁😁😚

දවල් කෑමටත් ඉදලා සුධාර අයියා ගියා. අපිටත් එහෙ එන්න කියලා ආරාධනා කරලයි ගියේ.

දවස් දෙකකට පස්සෙ ශෂීන්ද්‍රයි මායි අපේ ගෙදරට ගියා.අවුරුදු එකහමාරකට විතර පස්සෙයි මං අපේ ගෙදරට ආවෙ.නිවස වටේටම වත්ත පුරා තණකොල වැවිලා කැලේ වගේ තිබුනා.උපන් දා ඉදලාම හැදුනු වැඩුනු නිවස දකිද්දී පුංචි කාලෙ අම්මා තාත්තා තුරුලේ ගෙවී ගිය මතකයන් සිහි වෙද්දී මගේ නෙතට කදුලු ඉනුවා.😥😥😥😥

“ඔයා අඩනවා නේද සංජු?……..”

“න්…නෑ ශෂී.මට පුංචි කාලෙ මතක් වුනා……..”

අගුල කඩලා දොර ඇරගෙන මායි ශෂීන්ද්‍රයි ගේ ඇතුළට ගියා.ගේ හැම තැනකම දූවිලි වලින් පිරිලා තිබුනා.එදා ශෂීන්ද්‍ර මාව අරන් යන්න ආපු දවසෙ මං උදේ නාන්න ඇදපු චීත්තෙ ඒ විදියටම වැල්පටේ තිබුනා.මල්ලීගේ සෙල්ලම් බඩු,අම්මාගෙ ඇදුම් පැලදුම් ඒ විදියටම ඒ තැන් වල තිබුනා.සාලෙ කැබිනට් එක උඩ තිබුනු අම්මාගෙයි තාත්තාගෙයි චායාරූප දෙක දුටු මගේ ඇස් වලට කදුලු පිරුනා.මං අඩාගෙනම ශෂීන්ද්‍රගෙ පපුවට තුරුල් වුනා.

“අනේ මැණික අඩන්න එපා රත්තරං.ඔයා මෙච්චර දුක් වෙයි කියලා හිතුණා නම් මං කීයටවත් ඔයාව මෙහාට එක්කන් එන්නෙ නෑ………”

එහෙම කියලා ශෂීන්ද්‍ර මගෙ ඇස් වල කදුලු පිස දැම්මා.මගෙ අතේ තිබුනු අම්මගෙයි තාත්තගෙයි පින්තූරය දුටු ශෂීන්ද්‍ර එකපාරටම කලබල වුනා.

“මෙ…..මේ ඔයාගෙ තාත්තද සංජු?………”

“ඔ…ඔව් ශෂී.ඇයි?………”

“දෙයියනේ……..”

තාත්තගේ පින්තූරෙ දැකපු ශෂීන්ද්‍ර එකපාරටම හොදටම කලබල වුනා. ඔලුවෙ අත ගහගෙන බිම වාඩි වුනා. මට හිතා ගන්න බැරි වුනා මෙච්චර වෙලා හොදට හිටපු ශෂීන්ද්‍රට එකපාරටම මොකද වුනේ කියලා.ඇයි එයා තාත්තගෙ පින්තූරෙ දැකලා මෙච්චර පුදුම වුනේ?🤔🤔

“ඇයි ශෂී ඔයාට මොකද එකපාරටම වුනේ?ඇයි ඔයා තාත්තගෙ පින්තූරෙ දැකලා කලබල වුනේ?ඔයා මගෙ තාත්තව දන්නවද?……….”

මං කලබලෙන් වගේ එහෙම අහද්දී ශෂීන්ද්‍ර නැගිටලා මං ගාවටම ඇවිත් එයාගෙ අත් දෙකටම මගෙ කම්මුල් මැදි කර ගත්තා.

“මෙයා ඔයාගෙ ඇත්තම තාත්තද සංජු?……….”

“ඔ…..ඔව් ශෂී.ඇයි ඔයා එහෙම අහන්නෙ?……….”

මං පුදුමයෙන් වගේ එහෙම අහද්දී ශෂී අත මිට මොලෝලා බිත්තියට ගැහුවා.

“ශි……මේක වුනේ කොහොමද?නෑ මේක වෙන්න විදියක් නෑ.ශික්………”

“ඔයාට මොකද වුනේ ශෂී?………”

“ඔයාට ගන්න තියන බඩු ටික ඉක්මනට ලෑස්ති කර ගන්න.ගමනක් යන්න තියනවා………”

මගේ සහතික වගේකුයි තව අවශ්‍ය කරන බඩු වගේකුයි ගත්තු මං ශෂීන්ද්‍රත් එක්ක කාරෙකට නැග්ගා.

“ඔයාට එකපාරටම මොකද වුනේ ශෂීන්ද්‍ර?ඇයි ඔයා තාත්තගෙ ෆොටෝ එක දැකලා කලබල වුනේ?………”

“මගෙන් ප්‍රශ්න අහන්න එපා සංජානා. මට අද මේකෙ ඇත්ත නැත්ත දැන ගන්න ඕනි.මේක ඇත්තක් නම් ඉදලා වැඩක් නෑ………”

“මොකක්ද ඇත්තක් කිව්වෙ?ඇයි ඔයාට මොකක්ද තියන ප්‍රශ්නෙ?………”

“මං තමුසෙට කිව්වා ප්‍රශ්න අහන්න එපා කියලා.සද්දෙ නැතුව යමු……”😡😡

ඊට පස්සෙ මං ශෂීන්ද්‍රගෙන් මොකුත්ම ඇහුවෙ නෑ.එයා වාහනේ පැදෙව්වෙ ගෙදරට නෙවෙයි.

“අනේ අපි මේ කොහෙද ශෂීන්ද්‍ර?………”

“කතා කරන්න එපා.සද්දෙ නැතුව ඉන්නවා.අපි යන්නෙ අම්මලාගෙ ගෙදරට……..”😠😠

ඇයි මේ හදිස්සියෙන්ම ශෂීන්ද්‍ර අම්මලාගෙ ගෙදරට යන්නෙ?🤔🤔

මතු සම්බන්දයි❤️