මැර හිතකට ලං වී 2
💜️”අනේ ප්ලීස් ශෂී……අපි ගෙදර යමු………”😥😥
“හරි මැණික.ඉස්සෙල්ලා මට කියන්න. ඇයි ඔයා මේ හදිස්සියෙන්ම ගෙදර යමු කියන්නෙ?ඇයි මේ අඩන්නෙ?………”
“නෑ….මොකුත් නෑ ශෂී……..”
මට හිතුන්නෑ ශෂීට ඇත්ත කියන්න.අර කෙල්ල ගැන ශෂීන්ද්‍රගෙන් ඇහුවත් ශෂී මට ඇත්ත කියනෙකක් නෑ කියලා හිතුණා.ඒ හින්දා ශෂී මොන තරම් ඇහුවත් මං මොකුත්ම කිව්වෙ නෑ.
“යමු කෑම කන්න……..”
කන්න බෑ කියන්න හිතුනත් බඩගින්නෙ ඉන්න හොද නැති නිසා මං ශෂීත් එක්ක පහළට ගියා කෑම කන්න. මං දැක්කා අර කෙල්ලත් කෑම මේසෙට ඇවිත් ඉන්නවා.ශෂීන්ද්‍රගෙ අම්මාත් හිනා වෙමින් අපි දෙන්නා දිහා බලාගෙන හිටියා.අර කෙල්ලගෙ මුහුණෙ නම් තිබ්බෙ පුදුම නපුරු මූසළ පාටක්.
“මට පුතා කිව්වා දුව කිරි කොස් මාළුව කන්න ආසයි කියලා.මං මේ මල්ලිකාට කියලා දුවටමයි මේ මාළුව හැදෙව්වෙ………”
ශෂීන්ද්‍රගෙ අම්මා එහෙම කියලා මට වැඩිපුර මාළුව බෙදුවා.කෑම කන වෙලාවෙත් සැරින් සැරේ අර කෙල්ල ශෂීන්ද්‍ර දිහාමයි බැලුවෙ.මට නම් පුදුම කේන්තියක් දැනෙන්නෙ.කසාද බැදපු මිනිහෙක්ගෙ පස්සෙන් යන්නෙ මහ ජරා කෙල්ලෙක් තමයි.කන අතරෙදී මට එකපාරටම කැස්සක් ආවා.ශෂීන්ද්‍ර මගෙ පිට අතගාලා වතුර පෙව්වා.
අර කෙල්ලගෙ ඇස් ඉරිසියාවෙන් නලියන්න වුනා.මං අත හෝදගෙන ඉවර වෙලා කුස්සියට ආවා.කේතලෙන් උණු වතුර වීදුරුවක් බීපු මං ආපහු හැරෙනකොටම අර කෙල්ලත් කුස්සියට ආවා.
“ආ……මේ අපේ ශෂීන්ද්‍ර අයියගෙ නෝනනෙ………”
උපහාසයෙන් වගේ ඒ කෙල්ල එහෙම කියද්දී මං හිනා වුනා විතරයි.
“ඇත්ත කියනවා මොන මායමක් දාලද තමුන් මගෙ ශෂීන්ද්‍ර අයියගෙ කරේ එල්ලුනේ?………”😠😠
දත් මිටි කාගෙන ඒ කෙල්ල අහපු විදියට මට බයකුත් දැනුනා.එයාට කොහෙන්ද මගෙ ශෂීන්ද්‍ර එයාගෙ කියන්න අයිතියක්.ඒකටනම් මට දැනුනේ පාලනය කර ගන්න බැරි කේන්තියක්.
“මේ…..මට මායම් දාලා මිනිස්සුන්ව අල්ලගන්න උවමනාවක් නෑ තමුන්ට වගේ.ශෂීන්ද්‍ර කියන්නෙ මගෙ මනුස්සයා මිසක් තමුසෙගෙ මනුස්සයා නෙවෙයි……..”😡😡
මාත් බය නැතුව ඒ කෙල්ලට එහෙම කියලා බැන්නා.
“වේ### කමේ ගිහින් ළමේක්ව හදාගෙනද කොහෙද ශෂින්ද්‍ර අයියගෙ කරේ එල්ලිලා තියෙන්නෙ සල්ලි වලට තියන පෙරේතකමට.තමුන්ට කලින් ඉදලයි මං ශෂීන්ද්‍ර අයියට ආදරේ කරන්න ගත්තෙ.එයා මාව කසාද බදිනවා කියලා පොරොන්දු වෙලත් බැන්දෙ නැත්තෙ තමුං හින්දයි.ජරා ගෑනියෙක් උඹ නම්……….”😡😡
දෙයියනේ…..😱😱මේ කෙල්ල මොනවද මේ කියන්නෙ?ශෂීන්ද්‍ර මෙයාව කසාද බදින්න පොරොන්දුත් වෙලා ඉදලද?නෑ……මගෙ ශෂීන්ද්‍ර එහෙම කෙනෙක් නෙවෙයි.
“බැදපු මිනිහෙක්ගෙ පස්සෙන් යන උඹ තමයි ජරා ගෑනි.අවලමේ ගිහින් මං ළමයි හදා ගත්තෙ නෑ.මේ දරුවා මගෙ මිනිහගේ.තොට හෙන ගහනවා යකෝ අනුන්ගෙ පව්ල් කඩන්න හදනවට……..”😡😡
එහෙම කියලා බැනපු මං තවත් එතන නොරැදී කාමරේට ආවා.දෙයියනේ…….. ඇත්තටම ශෂීන්ද්‍ර ඒ කෙල්ලව බදින්න පොරොන්දු දීලද ඉදලා තියෙන්නෙ?කිසිම බයක් සැකක් නැතිව ඒ කෙල්ල මට එහෙම බැන්නෙ ඒ කෙල්ල ශෂීන්ද්‍රත් එක්ක ඇත්තටම යාලු වෙලා ඉදලද?ශෂීන්ද්‍රත් මට බොරු කරලද?😥😥මේ ගැන ශෂීන්ද්‍රගෙන් අහන්නම ඕනි.
“මං හිතුවෙ ඔයා නිදි කියලා………”
“නෑ මට නින්ද ගියෙ නෑ………”
“මං නැතුව නින්ද ගියෙ නැද්ද මැණිකෙට?……..”
මාව තුරුල් කරගනිමින් ශෂීන්ද්‍ර එහෙම ඇහුවා.ඒ තුරුලෙන් මිදිලා මං ඇදෙන් වාඩි වුනා.
“ඔයාට මොකද වෙලා තියෙන්නෙ සංජු?………”
“මට ඇත්ත කියන්න ශෂී.ඔයා මේ හදිස්සියෙන්ම ගමේ එමුයි කිව්වෙ අම්මව බලන්නද?නැත්නම් අර දිල්හාරා කියන කෙල්ලව බලන්නද?……..”
මං එහෙම කියද්දී ශෂීන්ද්‍රගෙ මුහුණ වෙනස් වුනා.එයා කලබල වුනා.මං දිහා බැලුවෙ පුදුමයෙන් වගේ.
“තමුසෙගෙ ඔලුව හොද නැති වීගෙන එනවද සංජු?………”
“මගෙ නෙවෙයි ඔලුව හොද නැති වීගෙන එන්නෙ ඔයාගෙ ශෂී.දවල් දිල්හාරා කුස්සියෙදි ඔයාට කියපුවා මං අහගෙනයි හිටියෙ.එයා මටත් කිව්වා ඔයා එයාව කසාද බදින්න පොරොන්දු වෙලයි හිටියෙ කියලා.ඒ ඇත්තද ශෂී?……..”
“තමුසෙට පිස්සුද සංජු මං දිල්හාරාව මැරි කරන්න පොරොන්දු වෙලා හිටියෙ නෑ.එනවා යන්න ඒකිගෙන් අහන්න මොකක්ද මේකෙ තේරුම කියලා.පට්ට බැල්ලි………”
“නෑ ශෂී ඉස්සෙල්ලා ඔයා මට ඇත්ත කියලා ඉන්න.ඒ කෙල්ලගෙයි ඔයාගෙයි සම්බන්දයක් තිබ්බද නැද්ද?තිබ්බෙ නෑ කියලා බොරු කියන්න ලෑස්ති වෙන්න එපා.ඒ කෙල්ලට ඔච්චර ලොකුවට බොරුවක් කියන්න උවමනාවක් නෑනෙ………”
“දැන් තමුසෙට මාවද විශ්වාස ඒකිවද?………”😠😠
“මට කාවවත් විශ්වාස නෑ.ඔයා මට බොරු කියනවා ශෂී………”😭😭
මං හොදටම ඇඩුවා.ඇයි දෙයියනේ ශෂීන්ද්‍ර මට මෙහෙම බොරු කරන්නෙ? කිව්වෙ නම් එයා මං ඇරෙන්න වෙන කිසිම ගෑනියෙක්ගෙ ඇගටවත් අතක් තියලා නැති ගානට.
“මෙහාට එනවා අද මේකෙ දෙකෙන් එකක් බේර ගන්න ඕනි.ඒ හු#### ත් එක්ක මගෙ කිසිම සම්බන්දයක් තිබ්බෙ නෑ යකෝ………”😡😡
ශෂීන්ද්‍ර මගෙ අතින් ඇදගෙන පල්ලෙහාට ආවා.කට්ටියම හිටියෙ ටීවි බල බල.ශෂීන්ද්‍ර ඇවිත් රිමෝට් එක අරන් ටීවි එක්ස් ඕෆ් කරා.
“දිල්හාරා මට කියනවා කවද්ද මං තමුසෙව කසාද බදින්න පොරොන්දු දුන්නෙ?………”😡😡
ශෂීන්ද්‍ර එහෙම අහද්දී ගෙදර හැමෝම පුදුම වෙලා කලබල වෙලා වගේ ශෂීන්ද්‍ර දිහා බැලුවා.
“ලොකු පුතා ඔයා මොනවද මේ කියන්නෙ?……….”
“දිල්හාරා…..මං තමුන්ගෙන් අහපු ප්‍රශ්නෙට උත්තර දෙනවා………”😡😡
ඒත් දිල්හාරා කතා කරේ නෑ.
“අයියෙ……ඔයා මොනවද මේ අහන්නෙ?මගේ නංගිගෙයි ඔයාගෙයි මොකක් හරි සම්බන්දයක් තිබ්බද?………”
එහෙම ඇහුවෙ දිල්හාරාගෙ අක්කා.ඒ කියන්නෙ ශෂී ගෙ මල්ලිගෙ නෝනා.
“ඒ වුනාට ඔයා මට ආදරේ කරානෙ ශෂීන්ද්‍ර අයියෙ.කොළඹ යද්දී ඔයා මට කියපු දේවල් ඔයාට මතකද?ඒ හැම දෙයක්ම ඔයා අමතක කරේ මේ කෙල්ල නිසා.ඔයා මගේ ආදරේ අමතක කරලා දැම්මෙ මේ ජරා කෙල්ල නිසා…….”😭😭
“වහපිය බැල්ලි කට………”😡👋
ශෂීන්ද්‍ර අත දිගෑරලා දිල්හාරගෙ කම්මුලට ගැහුවා.දැන් නම් මට හිතෙනවා මේ දෙන්නා අතර මොකක් හරි සම්බන්දයක් තියෙන්න ඇති කියලා.
“යකෝ මං උඹට සැළකුවෙ සහෝදරියකට වගේ.මං කවදාවත් උඹට ආදරෙයි කියලා නෑ.උඹේ හිතේ තිබිච්චි දේවල් වලට මං පලි නෑ.ලැජ්ජ නැද්ද උඹට කසාද බැදපු මිනිස්සුන්ගෙ පස්සෙන් යන්න?……….”😡😡
“දැන් ඕක නවත්තන්න ලොකු පුතේ. දිල්හාරා ඔයාගෙ හිතේ මගෙ ලොකු පුතා ගැන තියන අදහස අයින් කර ගන්න.එයා කසාද බැදපු මනුස්සයෙක්. හෙට අනිද්දට තාත්තා කෙනෙක් වෙන්න ඉන්නෙ……….”
අම්මාත් දිල්හාරාට ඒ විදියට අවවාද කරා.දිල්හාරා මං දිහා බලාගෙන හිටියෙ කොහොම හරි ශෂීන්ද්‍රව එයා ලගට ගන්නවාමයි කියන විදියට.තව දුරටත් මට බෑ මෙතෙන්ට වෙලා කදුලු හලන්න මං කාමරේට ඇවිත් ගෙදර යන්න ඇදුම් ටික බෑග් එකට දා ගත්තා.
“සංජු……මොකද මේ වෙලා තියෙන්නෙ? තමුසෙ කොහෙ යන්නද හදන්නෙ මේ මහ රෑ වෙලා?………”
“කොහෙවත් නෙවෙයි මං ගෙදර යනවා.ඔයා එන දවසක එන්න ශෂී……..”
“තමුසෙට පිස්සුද සංජු.දැන් රෑ නවයත් පහු වෙලා.හෙට උදෙන්ම යමු ගෙදර……….”
පණ්ඩිතයා වගේ ලෑස්ති වුනාට මං කොහොමද තනියම මේ රෑ ගෙදර යන්නෙ?
“මේ බලනවා සංජු.තමුසෙට මාව විශ්වාස නැද්ද?මං කවදාවත් දිල්හාරාට ආදරේ කරේ නෑ.ඒ කෙල්ල කියන්නෙ බොරු………”
“ඔයා ආදරේ කරේම නැත්තං දිල්හාරා කොහොමද ඔච්චර දේවල් කියන්නෙ?………”
ඒ පාර නම් ශෂීන්ද්‍රට හොදටම කේන්ති ගියා.😡😡😡
“දෙයියන්ගෙ නාමෙට මාව විශ්වාස කරපං සංජානා මං කියන්නෙ ඇත්ත………”😠😠
“එතකොට අර කෙල්ල දවල් කුස්සියෙදි කියපුවා බොරුද ශෂීන්ද්‍ර ආ…….මට කියන්න.ඔයා මාව රැවැට්ටුවා ශෂීන්ද්‍ර………”😭😭
“උඹට කියන සිංහල තේරෙන්නෙ නැද්ද හු#### යෙ.මං තෝව රැවැට්ටුවෙ නෑ යකෝ……….”😡😡😡
ශෂීන්ද්‍ර හිටියේ උතුරා යන තරම් කේන්තියකින්.
“මං උඹට හොදින් කියන්නෙ සංජානා මාව විශ්වාස කරනවා නම් විශ්වාස කරපං.නැත්නම් නිකන් හිටපං.මොන හු#### ද මන්දා.මේ ගෑනුන්ට දෙයක් තේරුම් කරලා දෙනවට වඩා ලේසියි ඉබ්බන්ගෙන් පිහාටු ඉල්ලන එක. දෙන්න හිතෙනවා මූණ කට සමතලා වෙන්න……….”😁😡
“ඉතිං දෙනවකො බලාගෙන ඉන්නෙ………”😠😃😠
“දෙනවා තමයි.ඉන්න තත්වෙ ගැන හිතලයි නිකන් හිටියෙ.නැත්නම් තමුසෙට දත් නැතුවයි බත් කන්න වෙන්නෙ………”😠😠
“වරදක් කරපු හින්දනෙ ඔච්චර කේන්ති ගන්නෙ……..”😠😠
“පින් සිද්ද වෙයි ඔය කට වහගනිං සංජානා.නැත්නම් මං……….”😠😠
“ඇයි?නැත්නං මොනවා කරන්නද?………”😠😠
“අම්මපා……උඹට මං මේ අන්තිම වතාවටයි කියන්නෙ.ඔය කට වහගෙන හිටපං.මං මෙච්චර වෙලා ඉවසුවෙ උඹ ඉන්න තත්වෙ ගැන හිතලා.නැත්නම් දනී මං උඹට කරන දේ………”😡😡
“ඇයි මොනවා කරන්නද මට?මං සද්දෙ නැතුව හිටියොත්………”
👋👋කේන්තියෙන්ම අත දිගෑරලා මගෙ කම්මුලට ගහපු ශෂීන්ද්‍ර බැල්කනියට ගිහින් හිටියා.වේදනාවෙන් පුපුරු ගසන කම්මුලත් අල්ලගෙන කොට්ටෙ බදාගෙන මං ඇඩුවා.😭😭පැයක් විතර ගෙව්නා.ශෂීන්ද්‍ර තාම ඉන්නෙ බැල්කනියට වෙලා.මට නින්ද ගියෙත් නෑ.ඒත් මං නින්ද ගියා වගේ හිටියා. කාමරේට ආපු ශෂීන්ද්‍ර ලයිට් එක නිවලා ඇදට ආවා.මට දැනුනා ශෂීන්ද්‍ර මං දිහාම බලාගෙන ඉන්න බව.මගේ පැත්තට හැරුනු ශෂීන්ද්‍ර එයා ගහපු මගෙ කම්මුල සිප ගත්තා.මං ලගටම තුරුල් වෙලා එක අතක් මගෙ ඔලුව ලගින් තියාගෙන අනික් අත මගේ කුස පිරිමැද්දා.
💖💗💙
පහුවදා උදේම අපි ගෙදර යන්න ලෑස්ති වුනා.තව ටික දවසක් ඉදලා යන්න කියලා අම්මා කිව්වත් ශෂීන්ද්‍ර බෑ කිව්වා.ශෂීන්ද්‍ර මාත් එක්ක කතා කරේම නෑ.ඊයෙ වෙච්චි දේට ශෂීන්ද්‍ර මාත් එක්ක තරහින් ඇත්තෙ.දිල්හාරාත් පාන්දරම ගෙදර ගිහින් තිබුනා.පව්…….. ශෂීන්ද්‍ර මට කියපුවා ඇත්ත වෙන්න ඇත්ත වෙන්න ඇති.මාත් ගොඩාක් කලබල වුනානෙ.මීට වඩා ඉවසන්න පුරුදු වෙන්න ඕනි.දැන් කොහොමද මේකාව යාලු කරගන්නෙ🤔🤔දැන් නම් ඉන්නෙ අබ දැම්මත් පුපුරන සයිස් එකේ.ආ…….හරි මතක් වුනා වැඩක්😉😀😊😆ටික දුරක් යද්දී මං සීට් එකේ එහාට මෙහාට හැරිලා බඩත් අල්ලගෙන කෙදිරි ගෑවා.ශෂීන්ද්‍ර එකපාරටම කාරෙක නැවැත්තුවා.
“ඇයි……ඇයි සංජු?ඔයාට මොකද වුනේ?………”
“අනේ මගෙ බඩ කොර වෙලා වගේ ශෂී………”😉😉
“කෝ ඔහොම ඉන්නකො……..”
එහෙම කියලා ශෂී සීට් එක එක ටිකක් පාත් කරා.ඊට පස්සෙ මං ඇදන් හිටපු ගව්මෙ එකේ බොත්තං තුන හතරක් ගලෝලා හිමිහිට බඩ අතගෑවා.
“ගොඩාක් අමාරුද මැණිකට……..”
“ඔයා මාත් එක්ක තරහද ශෂී?……….”
“නෑ වස්තූ.ඒත් මට දුක හිතුණා වරදක් නොකරපු මාව ඔයා සැක කරනකොට……..”
“මට ඔයාව විශ්වාසයි ශෂී………”
එහෙම කියනකොට ශෂීන්ද්‍ර මං දිහා බැලුවෙ මහ අමුතු විදියකට.
“බඩ කොර වෙලා කිව්වෙ බොරුවට නේද?……..”
මට බකස් ගාලා හිනා ගියා.😆😆
“මාව බය කරා ගස් ගෙම්බි………”
මතු සම්බන්දයි