ආදරය ගින්දරක්
❤️🔥”මොනවා….මගේ තාත්තා.ඒත් එහෙම වුනේ කොහොමද?…………”
මට අදහගන්න බැරි ඒ මනුස්සයා කියපු දේ.එයා කොහොමද මගේ තාත්තා වුනේ?
“ඔව් දුව මං ඔයාගෙ තාත්තා.ඔයා ඔයාගෙ අම්මා වගේමයි.ඔයාව දැක්ක පළවෙනි පාරටම මට මහා අමුත්තක් දැනුනා.එදා ඔයා කුස්සියෙ හිටපු වෙලාවෙ මං වතුර වීදුරුවක් ඉල්ලගෙන ආවෙ බොරුවට.
මට ඕනි වුනේ ඔයා ඇත්තටම දිල්රාණිගෙ දුවද කියලා දැන ගන්න.දිල්රාණිට මගෙ අතින් සිද්ද වුනේ ලොකු අසාදාරණයක්. මං එයාව රැවැට්ටුවා.මට සමාවෙන්න දුවේ.ඔයාගෙ අම්මා හරිම හොද ගැහැණියක්.එයා මාව ගොඩාක් විශ්වාස කරා.ඒත් මං ඒ විශ්වාසෙ කඩ කරා………….”
ඒ මනුස්සයා මගේ තාත්තා කියලා මට අදහගන්න බැරි වුනා.එයා ඇත්තටම මගේ තාත්තා නම් එයා මගෙ අම්මට කරලා තියෙන්නෙ ලොකුම ලොකු අසාදරණයක්.මේ මනුස්සයා නිසා මගෙ අම්මා අවුරුදු විස්සක් තිස්සෙ අපා දුක් වින්දා.
“තාත්තට සමාව දෙන්න දුවේ.එයා කරපු වැරදි දැන් තේරුම් අරගෙනයි ඉන්නෙ.මැරිච්ච අම්මා වෙනුවෙන් හරි තාත්තට සමාව දෙන්න…………”
මං ගාවට ඇවිත් එහෙම කිව්වෙ නිම්මිගෙ අම්මා.එයා වුනත් මේ දේවල් දැනගෙන මාත් එක්කවත් වෛර බැදගත්තෙ නෑ.මට ආදරෙන් කතා කරා.අන්තිමට මං හිත හදාගෙන අම්මා වෙනුවෙන් තාත්තට සමාව දුන්නා.
“තාත්තෙ…………”
මං තාත්තගෙ පපුවට තුරුල් වුනා.එයා මගේ ඔලුව අතගෑවා.උපන් දා ඉදලම මං නොදැකපු මගේ තාත්තා අද මං ගාවට ඇවිත්.
“දුවේ…..මේ ඉන්නෙ ඔයාගෙ අයියා.මේ අක්කා………….”
“අක්කව නම් මෙයා දන්නවනෙ…………”
“දැන් මාස කීයද පුතේ?අපිට දෙන්නෙ මුණුපුරෙක්ද මිණිපිරියක්ද?…………”
එහෙම ඇහුවෙ නිම්මිගෙ අම්මා.
“මාස හතරයි…………”
“දැන් ඉතිං දුක් වෙන්නෙ නැතුව සතුටින් ජීවත් වෙන්න ඕනි.තාත්තාත් ඉන්නවා. මං ඉතිං ඔයාගෙම අම්මා කියලා හිතා ගන්නකෝ………….”
නිම්මිගෙ අම්මා හරිම හොදයි.එයා මට මගේ තාත්තෙ කියලා කතා කරන්න ඉඩ දුන්නා.
❤️🔥
“කව්ද දෙයියනේ හිතුවෙ ඔයා මගෙ නංගි කියලා.නංගි මාත් එක්ක තරහයිද?………….”
නිම්මි අක්කා මගෙ අත් දෙකම අල්ලගෙන ඇහුවා.සුරාජ් මහත්තයා කරපු දේවල් හින්දා මං නිම්මි අක්කත් එක්කත් තරහයි කියලා නිම්මි අක්කා හිතුවෙ.
“නෑ අක්කෙ.මං ඔයත් එක්ක තරහා නෑ…………”
හවස හතරට විතර මනෝජ් මහත්තයගෙ අම්මයි තාත්තයි නිම්මි අක්කයි පන්සලේ රැස්වීමකට ගියා.මනෝජ් මහත්තයත් ගෙදර නෑ. හිටියෙ මායි සිරියාවතී නැන්දයි විතරයි.වැස්සක් වහින්න වගේ තිබුණු හින්දා මං බැල්කනියෙ තිබුනු රෙදි වගයක් අරන් ඇවිල්ලා නවලා අල්මාරියට දැම්මා.ටික වෙලාවකින් කාමරේ දොර ගාවින් අඩි සද්දයක් ඇහුනා.
මං හිතුවෙ මනෝජ් මහත්තයා කියලා.මං හැරිලා බලද්දී දොර ගාව හිටියේ සුරාජ් මහත්තයා.මගෙ පපුවත් ගැහෙන්න ගත්තා බයට.ගෙදර කවුරුවත් නැති වෙලාවෙ සුරාජ් මහත්තයා කාමරේට ආවෙ මට කරදර කරන්නද?
“අනේ සුරාජ් මහත්තයා පින් සිද්ද වෙයි කාමරෙන් එළියට යන්න.අනේ ලගට නම් එන්න එපා………….”😭😭
මං කෑ ගහන්න හදද්දී මං ගාවට පැනපු සුරාජ් මහත්තයා මගෙ කට තද කරලා මාව ඇදට පෙරල ගත්තා.ඒ පෙරලපු පාරට කොන්ද ඇදේ වැදිලා ඉවසන්න බැරි තරම් රිදෙන්න ගත්තා.
“අනේ මාව අතාරින්න සුරාජ් මහත්තයා
අනේ මාව බේරගන්න දෙයියනේ……….”😭😭
මං මහ හයියෙන් කෑ ගැහුවා.ඒත් වැස්ස නිසා කාටවත්ම ඇහුනෙ නෑ. මං ඇදන් හිටපු ගව්මෙ උඩ හරිය කෑලි කෑලි වලට ඉරපු සුරාජ් මහත්තයා උමතුවෙන් වගේ දෙතොල් සිප ගන්න හැදුවා.හැකි තරම් වෙර යොදලා සුරාජ් මහත්තයව අහකට තල්ලු කරන්න හැදුවත් ඌ තිරිසනෙක් වගේ මගෙ කම්මුලට ගහගෙන ගහගෙන ගියා.
“අනේ මට මොකුත් කරන්න එපා සුරාජ් මහත්තයා.අනේ මාව අතාරින්න දෙයියනේ………..”😭😭
මං මහ හයියෙන් කෑ ගහලා ඇඩුවා. ඒත් එක්කම කාමරේ දොර ගාවින් ඇහුනේ මනෝජ් මහත්ටයගෙ කටහඩ. පැනපු ගමන්ම සුරාජ් මහත්තයගෙ බෙල්ලෙන් අල්ල ගත්තු මනෝජ් මහත්තයා හොදටම ගැහුවා.එවලෙම තමයි අම්මයි තාත්තයි නිම්මි අක්කයි ගෙදරට ආවෙ.
“දෙයියන්නේ මේ මොකද මේ?පුතා ඕක නවත්තන්න.ඇයි මේ ගහගන්නෙ?………..”
තාත්තා බොහොම අමාරුවෙන් දෙන්නව දෙපැත්තකට කරා.
“මූ…..මූ මහ තිරිසනෙක් අම්මෙ.මේ කාලකණ්ණියා මං එද්දී දෙව්ලිට කරදර කරන්න හැදුවා.මට පල්ලෙහාටම ඇහුනා දෙව්ලි කෑ ගහන සද්දෙ.දෙව්ලිට හරි දරුවට හරි මොනවා හරි වෙලා තිබ්බා නම් මං උඹව ඉතුරු කරන්නෙ නෑ. කුපාඩි බල්ලා………..”😡😡
“දෙව්ලි,පුතේ ඔයාට මොකුත් කරදරක් වුනේ නෑනෙ.ඔයා හොදින් නේද පුතේ?………..”😥😥
මං ඔලුව වනලා ඔව් කිව්වා.නිරුවත් උඩුකය රෙද්දකින් වසා ගත්තු මගෙ ඇස් වලින් කදුලු වැටුනා.කෝපයෙන්ම සුරාජ් මහත්තයා ලගට ආපු තාත්තා අත දිගෑරලා එයාගෙ කම්මුලට පාරක් ගැහුවා.
“උඹට ලැජ්ජ නැද්ද යකෝ.මේ බඩදරු අම්මා කෙනෙකුටවත් පාඩුවෙ ඉන්න දෙන්නැත්තෙ.මේ උඹේ අයියගෙ ගෑනි. නැතුව උඹ අනාථ වෙච්චි කෙල්ල නෙවෙයි.තෝ වගේ කාලකණ්ණියෙක්ව උස් මහත් අපිටයි යකෝ හෙන ගහන්න ඕනි………..”😡😡
“මං හැමදාම ඉවසුවා සුරාජ් ඔයා අද හැදෙයි හෙට හැදෙයි කියලා.ඔයාට ලැජ්ජාවක් කියලා දෙයක් නැද්ද මේ අහිංසකීට එයාගෙ පාඩුවෙ ඉන්න දෙන්නැත්තෙ?මේ මගෙ නංගි සුරාජ්. මීට පස්සෙ ඔයා මෙයාට මෙයාගෙ පාඩුවෙ ඉන්න නොදුන්නොත් මං මේ ගෙදරින් යනවා………….”😥😡😠
හැමෝම කාමරෙන් ගියා.කෝපයෙන්ම හයියෙන් හුස්ම ගනිමින් මනෝජ් මහත්තයා කාමරේ පුරාම ඇවිද්දා.මං තුනටියට අත තියාගෙනම නැගිට්ටා.
“ආ…ව්……….”
එකපාරටම කොන්දෙන් ආපු වේදනාව නිසා මාව් එහෙම්මම බිම ඉන්දුනා.
“ඇයි….ඇයි දෙව්ලි කොන්ද රිදෙනවද ඔයාගෙ?මට සමාවෙන්න මැණික.මං හිටියෙ අරූත් එක්ක ලොකු කේන්තියකින්.කෝ නැගිටින්න මැණික. මං ඔයාව හොස්පිටල් එක්කන් යන්නම්……….”
“හොස්පිටල් යන්න ඕන්නෑ මහත්තයා. මේක ටිකක් වෙලා යද්දී අඩු වෙයි. ගොඩාක් අමාරු නෑ……….”
මනෝජ් මහත්තයා මාව වඩාගෙන ඇදෙන් තියලා මගෙ ගව්ම ඉන ගාවට එනකල් පාත් කරලා කොන්දෙ බාම් ගාලා සීට් එක පෙරෙව්වා.
“ටිකක් වෙලා යනකල් නැගිටින්න එපා. ඔහොමම ඉන්න………..”
මට එහෙම කියපු මනෝජ් මහත්තයා බැල්කනියට ගිහිල්ලා කාටදෝ මන්දා කෝල් එකක් ගත්තා.විනාඩි විස්සක් විතර ඒ දුරකථන ඇමතුමේ රැදිලා හිටපු මනෝජ් මහත්තයා කාමරේට ආවා.මං ගාවින් වාඩි මගෙ ඔලුව අතගෑවා.
“මැණික අපි හෙට මෙහෙන් යනවා.ඔයා උදෙන්ම නැගිටලා ලෑස්ති වෙලා ඉන්න. කවුරු විරුද්ධ වුනත් අපි මෙහෙන් යනවා.මට බයයි ඔයාටයි අපේ දරුවටයි අරූගෙන් අනතුරක් වෙයි කියලා………..”
“අපි කොහෙද යන්නෙ මහත්තයා?………”
“රාගල තියන මගේ ගෙදරට………..”
“මහත්තයට එහෙත් ගෙයක් තියනවද?………….”
“මං දැන් සතියකට විතර කලින් යාලුවෙකුගේ මාර්ගෙන් ඒ ගේ සල්ලි දීලා ගත්තා.මටයි මල්ලිටයි එක ගෙදර ඉන්න බෑ.මං ඌට බයේ ඔයත් එක්ක මේ පැනලා යන ගමනක් නෙවෙයි මේ. මට හැම දේකටම වඩා ඔයාවයි දරු පැටියාවයි වටිනවා.අපි හෙට සදහටම මේ ගෙදර දාලා යනවා.මගෙ මැණික කැමතියි නේද?…………”
මං මනෝජ් මහත්තයගෙ ඒ තීරණේට අකමැති වුනේ නෑ.මටත් බය හිතුණා මේ ගෙදර ඉන්න.සුරාජ් මහත්තයා බලන්නෙම කොයි වෙලේක හරි මාව කොටු කර ගන්න.එයා ඉන්න ගෙදරම මං ජීවත් වුනේ ගොඩාක් බයෙන්.මේ ගෙදර දාලා ගිහිල්ලා මනෝජ මහත්තයත් එක්ක වෙනම ගෙදරක පදිංචි වෙන්න මාත් ගොඩාක් කැමතියි. මනෝජ් මහත්තයා මොන තීරණේ ගත්තත් ඒ ගන්නෙ මගෙයි දරුවගෙයි යහපත ගැන හිතලා.
“මහත්තයා ගන්න ඕනම තීරණේකට මං කැමතියි………..”
“මං දෙයක් කියන්නද දෙව්ලිට.මෙච්චර කාලයක් හංගගෙන හිටපු රහසක්………..”
“ඒ මොකක්ද මහත්තයා………..”
“සුරාජ් නෙවෙයි මැණික මමයි ඔයාට මුලින්ම ආදරේ කරන්න පටන් ගත්තෙ. ඒක ඔයා දන්නෙ නෑනෙ……….”
අනේ දෙයියනේ මනෝජ් මහත්තයා මොනවද මේ කියන්නෙ?එයා මට ආදරේ කරලාද?ඒත් එයා මට කවදාවත් එහෙම දෙයක් කිව්වෙ නෑනෙ.
“අනේ මහත්තයා මේ…..මේ මට එහෙම දෙයක් කිව්වෙ නෑනෙ………….”
“ඔයා මේ ගෙදර වැඩට ආපු මුල්ම දවස් වලයි මගෙ හිතේ ඔයා ගැන ආදරයක් ඇති වුනේ.ඔයා ගොඩාක් අහිංසකයි අසරණයි කියලා මට තේරුණා.මගෙ හිතේ තියන දේ ඔයාට කිව්වොත් ඔයා බය වෙලා මේ ගෙදර වැඩට එන එකක් නෑ කියලා මට හිතුණා.ඒ හින්දයි මං ඔයාට මගෙ හිතේ තියන දේ ගැන නොකියා හිටියෙ.
ඔයාගෙ අම්මා මැරුණට පස්සෙ ඔයා අඩලා විලාප තිබ්බ හැටි දැක්කට පස්සෙ මට මහා දුකක් ඇති වුනා.අම්මගෙ මරණෙත් එක්ක දුකින් හිටපු ඔයාට කොහොමත් මගෙ හිතේ තියන ආදරේ ගැන කියන්න බෑනෙ.කාලයක් යද්දී මං හිතුවා ඔයාට ඒ ගැන කියන්න.ඒත් මැණික ඒ වෙද්දී මං පරක්කු වැඩියි.මල්ලි ඉස්සර වෙලා. මං හොදාකාරෙන්ම දැනගෙන හිටියා එයා ඔයාව රවට්ටනවා කියලා.ඌ මගෙ සහෝදරයා වුනත් හොද මිනිහෙක් නෙවෙයි.ලස්සන ගෑනු ළමේක් ඌට පේන්න බෑ.
මං කීප වතාවක්ම මල්ලිට කිව්වා ඔයාව රවට්ටන්න නම් එපා කියලා.ඒත් ඌ මං කියන දේවල් ඇහුවෙ නෑ.මං ඔයාට කීප වතාවක්ම නොකියා කිව්වෙ උගෙන් ඈත් වෙන්න කියලා.ඔයා ආදරෙන් අන්ධ වෙලා හිටියෙ.මොන දේ වුනත් මගෙ හිතේ ඔයා ගැන තියන ආදරේ අඩු වුනේ නෑ.ඔයා මොන තත්වෙක හිටියත් මං ඔයාව මං ලගට ගන්න ලෑස්ති වෙලයි හිටියෙ………….”
අනේ මේ වගේ ආදරයක්😥😥ඇයි දෙවියනේ ඔබ වහන්සේ මට මේ ආදරේ මට මුලින්ම නොපෙන්නුවෙ?අපමණ සෙනෙහසකින් මගේ දිහා බලාගෙන හිටපු මනෝජ් මහත්තයා පහත් වෙලා මගේ නලල සිප ගත්තා.මගෙ ඇස් දෙකට කදුලු පිරුනා.මං නැගිටලා ඇදේ ඉදගෙනම මනෝජ් මහත්තයගෙ පපුවට තුරුල් වුනා.
“අනේ මෙච්චර ආදරයක්….මට දරාගන්න බෑ මහත්තයා.මේ හිගන කෙල්ලට මෙච්චර ආදරයක්………”😥😥
මං එහෙම කියද්දී මාව තුරුල් කරගෙන හිටපු මනෝජ් මහත්තයා එකපාරටම හයියෙන් මගේ කණ මිරිකන්න පටන් ගත්තා.
“ආව්…..අනේ මගෙ කණ අතාරින්න මහත්තයා රිදෙනවා…………”
“කවද්ද තමුසෙ හිගන්නියක් වුනේ.උඹ මගේ බිරිද.එරාල් සේනාරත්නගෙ බාල දුව.ඉතිං කොහොමද තමුසෙ ගිහන්නියක් වෙන්නෙ?………..”😠😠
“තාත්තගෙ නම එරාල් සේනාරත්නද?………..”
“අපූරු දෝණිඇන්දා තාත්තගෙ නම දන්නෑ…………”
“අනේ මහත්තයා…………”
“මැණික මට මහත්තයා කියන්න එපා. මං කැමැතියි මැණිකෙ මට නම කියලා කතා කරනවා නම්.මනෝජ් කියන්න…………”
“මට එහෙම පිරුදු නෑනෙ මහත්තයා…………”
“එහෙනම් පුරුදු වෙන්න…………”
“හා මහත්……මනෝජ්…………”
“කෝ ඔහොම ඉන්නවා.මේ ගව්ම ඇදගන්නවකො මං කෑම අරන් එන්නම්………..”
ඉරිච්ච ගව්ම ගලෝලා මං වෙන ගව්මක් ඇද ගත්තා.මනෝජ් මහත්තයයි මමයි කෑම කාලා ඉවර වෙලා ලොකු ට්රැවල් බෑග් දෙකකට ඇදුම් අහුරා ගත්තා.
“දෙව්ලි නිදා ගන්න මැණික ඔයාට නිදිමත නම්.මං මේ ටික බෑග් එකට අහුර ගන්නම්…………”
“නිදිමත නෑ මනෝජ්………..”
“ඇයි පැටියා අම්මිට නිදා ගන්න දෙන්නැද්ද?පයින් ගහනවද?……….”
“තාම නෑ මනෝජ්.තව කල් තියනවනේ………….”
බඩු ටික සේරම බෑග් වලට අහුරලා ඉවර වෙලා අපි දෙන්නා නිදා ගත්තා.
මතු සම්බන්දයි