මැර හිතකට ලං වී *2″

💖”සංජූ……ඉක්මනට එන්නකෝ මැණික………”

“පොඩ්ඩක් ඉන්නකො.මං එන්නම්……..”

මේ මනුස්සයා මොකට කෑ ගහනවද මන්දා.හරියට ලෝක විනාශෙ අත ළගයි වගේනෙ.මූණ පිහදාගෙන ටවල් එක රැක් එකෙන් දාලා මං ශෂී ගාවට ගියා.

“ඇයි ශෂී?……..”

“මල්ලි කතා කරානෙ……..”

“ඇයි ඒ?මොකක් හරි හදිස්සියක්ද?………”

“අම්මට සනීප නැතිලු.එයා නිතරම මං ගැන අහනවලු.ඉතිං අපි දෙන්නා ගිහින් අම්මව බලලා එමුද?මොනවා වුනත් එයා මගේ අම්මනෙ……..”

මෙච්චර කාලයක් තමන්ගෙ ලොකු පුතා උන්නද මළාද කියලා නොබලපු අම්මාට ලෙඩ වුනාට පස්සෙද තමන්ගෙ පුතාව මතක් වෙලා තියෙන්නෙ?…..මට එහෙම හිතුනත් කිව්වෙ නෑ.අම්මා ශෂීට වෙනස්කම් කරත් ශෂී අම්මට ආදරෙයි.

“අපි හෙට ගිහින් අම්මව බලමු ශෂී. දැන් රෑ වෙලානෙ.ඔයා කැමති නම් ටික දවසක් ඉදලාම එමු………”

“අම්මට ඕනි වුනේ,අම්මගෙ හීනෙ වුනේ මාව ඩොක්ටර් කෙනෙක් කරන්න.ඒත් මං කැම්පස් සිලෙක්ට් වෙලත් ගියේ නෑ.පුංචි කාලෙ ඉදන්ම මං ගොඩාක් මුරණ්ඩු කෙනෙක් සංජු.මං කරේ මට ඕනි දේ විතරයි.තාත්තා මැරෙනකොට මට අවුරුදු නවයයි.ඊට පස්සෙ අම්මා වෙන කෙනෙක්ව මැරි කරා.මල්ලි හම්බුනාට පස්සෙ බාප්පා මට ගොඩාක් වෙනස්කම් කරා.

අම්මා වුනත් හැමදාම ගත්තෙ බාප්පගෙ පැත්තමයි.මට වෙනස්කම් කරපු හැමෝටම මං වෛර කරා සංජු.අවුරුදු විස්සක් වෙද්දී මං ඒ ගෙදරින් ඇවිත් තනියම ජීවත් වෙලා.මගේ මහන්සියෙන් අවුරුදු දහතුනක් ගත වෙද්දී අද මං කෝටි ගානක් හම්බ කරලා තියනවා……….”

මට ශෂීන්ද්‍ර ගැන ගොඩාක් දුක හිතුණා. පව් අම්මා මොන තරම් ශෂීන්ද්‍රට වෙනස් කම් කරන්න ඇත්ද?😥😥මං ශෂීන්ද්‍රගෙ උරහිසට හේත්තු වුනා.

“මට ඔයා ගැන ගොඩාක් දුකයි ශෂී. කවුරු නැති වුනත් ඔයාට මං ඉන්නවා………”

“මං ඒක දන්නවා මැණික.ඔයා හින්දා මගෙ ජීවිතේ ගොඩාක් වෙනස් වුනා.මේ පුංචි කෙල්ල මට මෙච්චරටම ආදරේ කරයි කියලා හිතුවෙ නෑ……….”

“ඔයාගෙ අම්මා මට මොනවා කියයිද දන්නෑ නේද ශෂී?………”

“මොනවා කියන්නද?ලේලිගෙ කනෙන් අල්ලලා අහයි මායම් දාලා මගෙ අහිංසක කොල්ලව අල්ල ගත්තා නේද කියලා?………”😁😂😃

“අපොයි වැඩේමයි මායම් දාලා මෙයාව අල්ල ගන්න.බලෙන්ම මාව උස්සගෙන ඇවිල්ලා මට හරියට කරදර කරා නපුරා……..”

“මං නපුරුයි තමයි ඉතිං.ටිකක් සැරට ඉන්න ඕනි.නැත්නම් මේ ගෑනුත් එක්ක වසන්නම බෑ………”😁😂😉

“ඔව් ඉතිං මං දන්නවනේ.ඔයා චන්ඩි මැරයෙක්නෙ……….”


පහුවදා උදෙන්ම අපි ශෂීන්ද්‍රගෙ අම්මව බලන්න යන්න ලෑස්ති වුනා.

“අපි ගොඩාක් දවස් ඉන්නවද ශෂී?……..”

“දවස් දෙක තුනක් ඉදලා එමු සංජු. අම්මව බලා ගන්න මල්ලිගෙ නෝනයි ගෙදර වැඩට ඉන්න ගෑනු කෙනයි ඉන්නවනේ………”

ගව්ම් දෙකතුනකුයි ශෂීන්ද්‍රගෙ ඇදුම් වගේකුයි බෑග් එකට දැම්මා.

“පැය දෙකක් විතර යන්න තියනවා. මැණිකට අමාරුයිද ගොඩක් දුර යන්න?…….”

“කාරෙකේනෙ යන්නෙ ශෂී.එහෙම අමාරුවක් නෑ.ඔයා ඉන්නවනේ……..”😀😀
අපි දෙන්නා ශෂීගෙ අම්මා ඉන්න ගමට පිටත් වුනා.මට අපහසුවක් වෙයි කියලා බයට ශෂී වාහනේ ඩ්‍රයිව් කරේ හිමින්.

“හයියෙන් යමු ශෂී.මේ පාරවල් වල වලවල් නෑනෙ………”

“හයියෙන් ගිහින් ගැස්සුනොත් හොද නෑනෙ මැණික……..”

කොහොම හරි පැය දෙකහමාරක් විතර වෙනකොට අපි ශෂීන්ද්‍රගෙ අම්මාගෙ ගෙදරට ආවා.තට්ටු දෙකේ සුදු පාට තීන්ත ගාපු ගොඩාක් ලස්සන නිවසක් ඒක.වාහනේ වත්ත ඇතුලට දාලා අපි දෙන්නා බැහැලා ගේ ඇතුලට ආවා.මට නම් පුංචි බයකුත් දැනුනා.ශෂීන්ද්‍රගෙ අම්මා මොන වගේ ගතිගුණ තියන කෙනෙක්ද දන්නෑ.මං දුප්පත් කෙල්ලෙක් නිසා එයා මට බනීද?

“ආ……අයියෙ?අම්මේ අයියලා ඇවිල්ලා……..”

අවුරුදු විසිපහක විතර ගෑනු කෙනෙක් අපිව දැකලා එහෙම කිව්වා.මෙයා සමහර විට ශෂීගෙ මල්ලිගෙ වයිෆ් වෙන්න ඇති.එයා මං දිහා බැලුවෙ මහ අමුතු විදියකට.ශෂීන්ද්‍ර මගේ අතින් අල්ලගෙන අම්මා ඉන්න කාමරේට ගියා.කාමරේ ඇදක් උඩ වාඩි වෙලා ශෂීන්ද්‍රගෙ අම්මා හිටියා.අවුරුදු හැටක් විතර ටිකක් මහත පෙනුමක් ශෂීන්ද්‍රගෙ අම්මට තිබුනේ.ඇද අයිනෙ රෝද පුටුවකුත් තිබුනා.ප්‍රශ්ණාර්ථය මුසු බැල්මකින් ශෂීන්ද්‍රගෙ අම්මා අපි දෙන්නා දිහා බලාගෙන හිටියා.මායි ශෂීන්ද්‍රයි අම්මට දණ ගහලා වැන්දා.

“අම්මෙ මේ ඔයාගෙ ලේලි සංජානා. සංජානා මේ මගෙ අම්මා………”

ශෂීන්ද්‍රගෙ අම්මගෙ ඇස් වලට කදුලු පිරෙනවා මං දැක්කා.ශෂීන්ද්‍රට කරපු වෙනස්කම් වලට අම්මා දැන් පසුතැවිලි වෙනවා ඇති.

“මට සමාවෙයං ලොකු පුතේ.උඹට මං ගොඩාක් වැරදි කරා………”

බිදුනු කටහඩින් අම්මා එහෙම කිව්වා.

“දැන් ඒ ගැන හිතන්න එපා අම්මෙ. අම්මට දැන් කොහොමද?………”

“මේ කොන්දෙ කැක්කුමයි,දණිස් කැක්කුමයි ආයෙමත් වැඩිවෙලා පුතේ……..”

“අම්මට වෙද ගෙදරින් බෙහෙත් ගෙනල්ලා ගානවා අයියෙ.ඉංග්‍රීසි බෙහෙත් වලට අම්මා කැමති නෑනෙ……..”

එහෙම කිව්වෙ අර ගෑනු කෙනා.

“මෙහෙන් වාඩි වෙන්න දුවේ.ඔයාට හිටගෙන ඉන්න හොද නෑනෙ……..”

මගෙ අතින් අල්ලලා ශෂීන්ද්‍රගෙ අම්මා එහෙම කිව්වා.මං ඇදෙන් වාඩි වුනා.

“දුවගෙ වයස කීයද?ලොකු වයසක් නම් පේන්නෑ දුවට………”

“දහ නවයයි………”

“අපේ පුතා දුවව එක්කන් ආවෙ බලෙන් උස්සගෙන නේද?………”

ශෂීන්ද්‍රගෙ අම්මා හිනා වෙලා මගෙන් එහෙම අහනකොට මට පුදුමත් හිතුණා අම්මා කොහොමද ඒක දන්නෙ කියලා හිතිලා. මට එකපාරටම බැලුනෙ ශෂීන්ද්‍ර දිහා. එයා අහක බලාගෙන හිනා වෙනවා.

“එක්කන් ආවෙ නම් එහෙම තමයි අම්මෙ.හැබැයි දැන් නම් දුම්මල ගහලාවත් එලවන්න බෑ………”😁😁😀

“මං දන්නවනෙ ලොකු පුතාගෙ හැටි. පව් මේ කෙල්ල.හරිම අහිංසක පාටයි. ඔහොම ජීවත් වෙන්න නම් බෑ දුවේ මේ ගොයියත් එක්ක.ටිකක් තදට සැරට ඉන්න ඕනි.බුරුලක් දෙන්න නම් එපා………”😀😀

“අනේ අම්මෙ දැන් ඇති.අම්මා මාව අමාරුවෙ දාන්නනෙ හදන්නෙ.මේකි මෙහෙම හිටියට කියවන්න ගත්තොත් බදුලු කෝච්චිය වගේ………”

“අනේ පව් පුතේ එහෙම කියන්න එපා. තාම පුංචි කෙල්ලෙක්නෙ.දැන් මාස කීයද දුවේ?………”

“මාස හතරයි අම්මෙ………”

“අනේ ඉතිං දුව කන්න ආස දෙයක් හදලා දෙන්නවත් මට නැගිටගන්න අමාරුයිනෙ.මේ කොන්දෙයි දණිස්සෙයි අමාරුව හින්දා………”

“අනේ ඒ ගැන හිතන්න එපා අම්මෙ.ශෂී මට හැම දෙයක්ම ගෙනත් දෙනවා……..”

“එහෙනම් දුවේ මුහුණ කට හෝදගෙන කාමරේට ගිහිල්ලා විවේක ගන්න. ගොඩාක් දුර ඉදලනෙ ආවෙ………”

ශෂීන්ද්‍රයි මායි ඒ ගෙදර උඩ තට්ටුවෙ කාමරේකට ආවා.හරිම ලස්සනට පිළිවෙලට ඒ කාමරේ තිබුනා.

“මහප්පේ……..”

එහෙම කියාගෙන අවුරුදු හයක විතර ළමයි දෙන්නෙක් කාමරේට ආවා.

“ආ…..කොහෙද ගිහින් හිටියෙ දෙන්නා?…….”

“අපි සෙල්ලම් කරන්න ගියානෙ. චොක්ලට් ගෙනාවද?……..”

ඒ පොඩි දරුවො දෙන්නා ශෂීන්ද්‍රගෙන් එහෙම ඇහුවා.ඒ දෙන්නා නිවුන්නු. අපේ මල්ලිගෙ වයසෙම තමයි දෙන්නම.

“චොක්ලට් ෆ්‍රිජ් එකේ ඇති.හැබැයි බත් කාලා ඉවර වෙලා කන්න ඕනි………”

“කව්ද මේ අක්කි?………”

මාව පෙන්නලා එක දරුවෙක් එහෙම ඇහුවා.

“අක්කා නෙවෙයි පුතේ.මේ ඔයාලගෙ ලොකු අම්මා.දැන් දෙන්නම ගිහින් චොක්ලට් කන්නකෝ……..”

ශෂීන්ද්‍ර එහෙම කිව්වම ඒ දරුවො දෙන්නා දුවලා ගියා.

❤️❤️

දවල්ට කෑම කාලා ඉවර වෙලා මං ටිකක් එලියට ආවා.ගෙදරදී වගෙ නෙවෙයි මෙහෙ පරිසරය මට ගොඩාක් සමීපව දැනුනා.ගම් වල එහෙම තමයි. හරිම ලස්සනයි සුන්දරයි.

“මේ පැත්ත හරිම ලස්සනයි නේද ශෂී?…….”

“ඔව් මැණික.එහෙ වගේ නෙවෙයි මෙහෙ තියෙන්නෙ ගහකොළ වලින් පිරිච්ච නිදහස් සුන්දර පරිසරයක්……..”

අපි කතා කර කර ඉන්නකොට ශෂීගෙ මල්ලිගෙ නෝනගෙ වයසෙ විතර ගෑනු කෙනෙක් ගේ ඇතුලට ගියා.එයාගෙ මූණෙ නම් හිනාවක් ගෑවිලාවත් නෑ.මූසළ බෝම්බයක්ද කොහෙද.

“කව්ද ඒ?………”

“මල්ලිගෙ නෑනා……….”

ශෂී ඒක කිව්වෙ ඕනවට එපාවට වගෙයි.මං ඒක වැඩිය ගනං ගත්තෙ නැ.නිදිමත දැනුනු නිසා කාමරේට ආවා. නිදා ගන්න හැදුවත් නින්ද ගියේ නෑ. තැන මාරු වෙච්චි නිසා වෙන්න ඇති. ටිකක් වෙලා ඇල වෙලා හිටපු මං එලියට යන්න ආවා.වතුර තිබහක් ආපු හින්දා මං කුස්සියට යන්න ගියා. කුස්සියෙන් මට ඇහුනා ශෂීන්ද්‍රගෙ කටහඩ.තව ගැනු ළමේක්ගෙ කටහඩත් ඇහුනා.මං බිත්තිය ගාවට වෙලා අහගෙන හිටියා.

“ඔයා කසාද බැදලා තියෙන්නෙ අච්චර පුංචි කෙල්ලෙක්වද අයියෙ?හොදට පේනවා එයාගෙ මූණ දිහා බැලුවම හොද හොද වන්නම් නටලා යනතං අවුරුදු දහඅට සම්පූර්ණ වෙද්දිම මිනිහෙක්ගෙ කරේ එල්ලිලා මර විසේ ගහලා………”😡😡

දෙයියනේ මේ ගෑනි මට මෙහෙම බනින්නෙ මොකටද?මං මොන වැරැද්දක් කරාටද?

“හොද හිතින් කියන්නෙ මං උඹට.තව එක වචනයක් හරි උඹ සංජානාට කියලා තිබ්බොත් බලාගන්නම්……….”😡😡

“මං ඔයාට කොච්චර ආදරේ කරාද අයියෙ?මං හිතුවෙ නෑ ඔයා වෙන කෙනෙක්ව බදියි කියලා.මං තාමත් ඔයාට ආදරෙයි අයියෙ……….”

දෙයියනේ මේ කෙල්ල මොනවද මේ ශෂීන්ද්‍රට කියන්නෙ?එයා ආදරෙයි කිව්වෙ මගෙ ශෂීන්ද්‍රට😭😭ශෂීන්ද්‍රට මේ කෙල්ලත් එක්ක මොකක් හරි සම්බන්දයක් තිබිලද කලින්?😭😭😭


මගෙ ඇස් වලින් කදුලු ගලන්න වැඩි වෙලාවක් ගියෙ නෑ.මගෙ හිතට දුකක් දැනුනා.දෙයියනේ මේ කෙල්ල මගෙන් ශෂීන්ද්‍රව උදුර ගනීද?මං එහෙම්ම කාමරේට දුවගෙන ආවා.ඇදට වැටිලා මං හොදටම ඇඩුවා.😭😭😭😭😭😭

“සංජු……මොකෝ මේ අඩන්නෙ?ඔයාට කවුරු හරි මොනවා හරි කිව්වද?ඇයි මැණික ඔයා අඩන්නෙ?………”

“ශෂී…..අනේ අපි ගෙදර යමු.අම්මව බලා ගන්න හෂාන් අයියගෙ නෝනයි මල්ලිකා නැන්දයි ඉන්නවනේ.අනේ අපි යමු ශෂී………”😥😥

කදුලු පිරි දෙනෙතින් මං එහෙම කියද්දී ශෂීන්ද්‍ර පුදුම වෙලා වගේ මං දිහා බලාගෙන හිටියා.

“මට ඇත්ත කියන්න සංජු.ඇයි ඔයා මේ හදිස්සියෙන්ම ගෙදර යමු කියන්නෙ? ඇයි රත්තරං මේ අඩන්නෙ?මට කියන්න………”

මතු සම්බන්දයි