ආදරය ගින්දරක්
❤️🔥”ලොකු පුතා😱ඔයා…..ඔයා මේ මොනවද කියන්නෙ?ඔයා කොහොමද මෙහෙම තීරණයක් ගත්තෙ?………..”
“මං මේ තීරණේ ගත්තෙ ගොඩාක් හිතලා වුනාට මෙහෙම දෙයක් වෙයි කියලා මට කලින්ම හිතුණා.මෙයාලගෙ සම්බන්දෙ මං කලින්ම දැනගෙන හිටියා………..”
දෙයියනේ මට සැක හිතුනු දේ ඇත්ත එහෙනම්.මනෝජ් මහත්තයා මේ දේවල් දැනගෙන ඉදලා.ඒක තමයි එහෙනම් මට හැම වෙලේම අර වගේ උපදෙස් දුන්නෙ.
“එහෙනම් ඇයි ලොකු පුතේ ඔයා අපිට කිසිම දෙයක් කිව්වෙ නැත්තෙ?………..”
“ඒකට හේතුවක් තියනවා අම්මෙ.මේ දෙන්නා අතර සම්බන්දයක් තියනවා කියලා ඔයා දැන ගත්තොත් අනිවාර්‍යෙන්ම දෙව්ලිව ගෙදරින් පන්නනවා.එතකොට දෙව්ලි එයාගෙ ගෙදරට ගිහින් තනියම ජීවත් වෙයි.
ගෑණු ළමේක් රෑට හරි දවල්‍ට හරි තනියම ඉන්නවා කියලා ඔය කවුරු හරි රස්තියාදුකාරයෙක් දැන ගත්තොත් එහෙම එදාට මල්ලිගෙ අතින් දෙව්ලිට වෙච්චි තව කී දෙනෙක්ගෙ අතින් සිද්ද වෙයිද?මං කීප වතාවක්ම මල්ලිට කිව්වා මේ සම්බන්දෙ නතර කියලා.
මොකද මෙයා දෙව්ලිට ආදරේ කරන්නෙ ඇත්තටම නෙවෙයි කියලා මට හොදටම තේරුණා.මං දෙව්ලිටත් කීප වතාවක්ම කිව්වා ගෑණු ළමේක් වුනාම පරිස්සමින් ජීවත් වෙන්නෙ කොහොමද කියලා.මං කෙලින්ම කිව්වා නම් මල්ලිත් එක්ක තියන සම්බන්දෙ නතර කරන්න කියලා දෙව්ලි බය වෙලා මෙහෙන් යන්න වුනත් පුලුවන්.ගෑණු ළමේකුට කාගෙවත් ආරක්ෂාවක් නැතුව තනියම ජීවත් වෙන්න අමාරුයි…………”
මට දැනුයි තේරෙන්නෙ මනෝජ් මහත්තයා කියපු දේවල් සේරම ඇත්ත නේද කියලා.පිච්චෙන බව දැන දැනත් ගින්දර ලං කරගන්න එපා කියලා එයා මට කී සැරයක් නම් කියලා ඇත්ද?හැගීම් වලට වහල් වෙලා මං මුලු ජීවිතේම අදුරෙ දා ගත්තා.😥😥
“උඹ අපේ පව්ලෙ නම්බුව විනාශ කරා සුරාජ්.තමුංලා දෙන්නම මේවට වැරදියි. තමුන්ගෙ තත්වෙට ගැළපෙන මිනිස්සුත් එක්ක පෑහෙන්න ගියා නම් මෙහෙම වෙන්නෑ.වැඩකාරි වැඩකාරි විදියට ඉන්න ඕනි අහස අල්ලන්න යන්නැතුව…………”😡😡
සැම්සන් මහත්තයා මටත් හොදටම බැන්නා.තව දුරටත් මට මේ ගෙදර ඉන්න බෑ.ඒ නිසා මං තීරණය කරා මෙහෙන් යන්න.
“මට සමාවෙන්න නෝනා.මට සමාවෙන්න මහත්තයා මං මෙහෙන් යන්නම්.මං හින්දා ඔයාලගෙ පව්ලෙ නම්බුව නැති කරගන්න එපා.සුරාජ් මහත්තයා,මං එදා ඔයාට කිව්වා කවදා හරි මට මෙහෙම දේවල් අහගන්න ලැබෙයි කියලා.ඒත් ඔයා මට කිව්වෙ මොන ප්‍රශ්නෙ මං ඔයත් එක්ක ඉන්නවා දෙව්ලි කියලා.මං රැවටුනා මහත්තයා.මං යන්නම්.ආයෙ කවදාවත් ඔයාලට පේන්න මං එන්නෑ……….”😭😭
එහෙම කියලා ඇස් දෙකෙන් ගලාගෙන ගිය කදුලු ගව්මෙ කරින් පිහදාගෙන මං යන්න හැරුනා.ඒත් මට යන්න නොදී මනෝජ් මහත්තයා මගෙ අතින් අල්ල ගත්තා.
“ඔයා කොහෙවත් යන්න ඕන්නෑ දෙව්ලි. අම්මෙ,තාත්තෙ……මං දෙව්ලිව කසාද බදිනවා.එයාගෙ බඩේ ඉන්නෙ මේ පරම්පරාවෙ ඊළග උරුමක්කාරයා.මට බෑ දෙව්ලිට අසාදාරණයක් වෙන්න දෙන්න.මට මේ දරු පැටියා වැඩි නෑ.
කවුරු මොන දේ කිව්වත් මං ගත්තු තීරණේ වෙනස් කරන්නෙ නෑ.ඔයාලා සද්දෙ නැතුව ඉන්නෙ ඇයි?අම්මෙ දෙව්ලිගෙ බඩේ ඉන්නෙ ඔයාගෙ පුතාගෙ දරුවා.ආදරෙයි කියලා රවට්ටලා මේ අහිංසක කෙල්ලගෙ ජීවිතේ විනාශ කරේ ඔයාගෙ මහ ලොකු මේ පුතා.
ඒ සිද්ද වෙච්චි අපරාධෙට අසාදාරණේට යුක්තිය ඉශ්ට කරන්න ඕනි කියලා ඔයාට දැනෙන්නෙ නැද්ද?මේ දේපළ වලට ආසාවෙ දෙව්ලි මල්ලිට ආදරේ කරා නම් අද මෙයා මේ හැම දෙයක්ම දරාගෙන මෙහෙන් යන්න හදන්නෙ නෑ.අම්මෙ,ඔයත් ගෑනියෙක් නේද?චුට්ටක් මේ අහිංසකීගෙ පැත්තෙනුත් හිතලා බලන්න………….”
මගෙ අතිනුත් අල්ලගෙන මනෝජ් මහත්තයා ඒ කියපු දේවල් ධම්මි නෝනයි,සැම්සන් මහත්තයයි සද්දෙ නැතුව අහගෙන හිටියා.
“ඔයාගෙ කතාව ඇත්ත පුතේ.සුරාජ් පුතා අදුරු කරපු දෙව්ලිගෙ ජීවිතේට ආලෝකයක් වෙන්න ඔයා ගත්තු තීරණේට තාත්තයි මායි ආශිර්වාද කරනවා.ඔයාලා හැමදාම සන්තෝශෙන් ජීවත් වෙන්න……….”
“මං හෙටම දෙව්ලිව කසාද බදිනවා. වෙඩින් ගන්න අවශ්‍ය නෑ.ගෙදර අය විතරක් හිටියම ඇති…………”
“මහත්තයා……….”
එහෙම කියාගෙනම මං මනෝජ් මහත්තයගෙ දෙපා මුල වැටිලා ඒ දෙපා වල ඔලුව තියාගෙන හොදටම ඇඩුවා. මනෝජ් මහත්තයා මගෙ උරහිසින් අල්ලලා මාව නැගිට්ටවලා මගෙ කදුලු පිස දැම්මා.
“දෙව්ලි කිසිම දේකට බය වෙන්න එපා. ඔයාටයි දරුවටයි මං හැමදාම ඉන්නවා………..”
පසුදා උදෑසන☁️🌥️⛅🌥🌤️👇👇👇👇
උදෑසන අටයි විසිහයට යෙදුනු සුබ මොහොතින් මගෙයි මනෝජ් මහත්තයගෙයි විවාහය ලියාපදිංචි වුනා.ගෙදර හැමෝම අපිට සුබ පැතුවත් සුරාජ් මහත්තයා පැත්ත පලාතකටවත් ආවෙ නෑ.නිම්මි නෝනාත් ඇවිත් අපිට සුබ පැතුවා. මනෝජ් මහත්තයා නොහිටින්න අද මගෙ ජීවිතේට මොනවා වෙයිද කියලා මට හිතාගන්නවත් බෑ.
“දෙව්ලි මීට පස්සෙ කවදාවත් ඔයා දුක් විදින්න ඕන්නෑ.සතුටින්ම ඉන්න ඕනි තේරුනාද?………..”
මං මනෝජ් මහත්තයගෙ දෙපා අල්ලලා වැන්දා.🙏එයා මාව නැගිට්ටලා එයාගෙ පපුවට තුරුල් කර ගත්තා.
“ඔයාට ගොඩාක් පිං මහත්තයා.ඔයා හිටියෙ නැත්නම් මටයි දරුවටයි මොනවා වෙයිද කියලා හිතා ගන්න බෑ…………”
“පිස්සු කෙල්ල.දැන් අඩන්නැතුව ඉන්නකො.ඔය සාරිය ඇදන් ඉන්න අමාරුයිනෙ බඩ තියෙද්දී.එන්නකො පොඩ්ඩක්………..”
මනෝජ් මහත්තයා මාව කාමරේට එක්කන් ගිහින් අල්මාරිය ඇරලා ලොකූ බෑග් එකක් දුන්නා.ඒකෙ තිබ්බෙ පාට පාට ගව්ම් වගයක්.බබාලා හම්බෙන්න ඉන්න අම්මලා අදින ගව්ම්.
“අනේ හරිම ලස්සනයි මහත්තයා. ආසාවෙ බෑ………..”
මං ඒ හැම ගව්මක්ම අරන් ඇගට තියලා බැලුවා.
“බාතෲම් එකට වොශ් එකක් දාගෙන මේ ගව්මක් ඇද ගන්න.බෝනික්කියක් වගේ ඉදියි මගෙ දෙව්ලි……….”
මගෙ දෙව්ලි😥😥මනෝජ මහත්තයා මං එයාගෙ කියලා කිව්වෙ හදවතින්ම කියලා මට තේරුණා.ඒක මට අදහගන්න බැරි වුනා.මොකුත් නොකියා බිම බලාගෙන මං ටවල් එකත් අරගෙන බාතෲම් එකට ගිහින් හොදට නා ගත්තා.වතුර ගොඩාක් සීතල නිසා මං ඉක්මනට නාගෙන මනෝජ් මහත්තයා අරන් දීපු රෝස පාට ගව්මකුත් ඇදගෙන කාමරේට ආවා.
මනෝජ් මහත්තයා හිටියෙ බැල්කනියෙ.මාත් හිමිහිට එයා හිටපු තැනට ගියා.මගෙ අඩි සද්දෙ ඇහුනු මනෝජ් මහත්තයා පිටි පස්ස හැරිලා බැලුවා.මං හිනා වුනා.එයා ඇසිපිය නොහෙලා මං දිහා බලාගෙන හිටියෙ පුදුමයෙන් වගේ.මං ලගට කිට්ටු වුනු මනෝජ් මහත්තයා පාත් වෙලා මාව වඩා ගත්තා.
“අනේ මහත්තයා මාව වැටෙයි අනේ. මට බයයි………..”
“පිස්සු කෙල්ල.මං ඔයාව වට්ටන්නෙ නෑ.ම්ම්……සුවදයි මැණික ලග………..”
මාව බිමින් තියපු මනෝජ් මහත්තයා බිමට දණ නවලා මගේ කුස සිප ගත්තා.මගේ ඉන වටේට අත් දෙක යවපු මනෝජ් මහත්තයා මගේ කුසට හේත්තු වුනා.අනේ දෙවියනේ මේ තරම් ආදරක්…..මට දරා ගන්න බෑ.මගෙ ඇහෙන් කදුලක් පතිත වුනා.
“මගෙ මැණික කවදාවත් මාව දාලා යන්නෑ නේද?…………”
මාව අතනොහැරම මනෝජ් මහත්තයා මගෙන් එහෙම ඇහුවා.
“කවදාවත් නෑ මහත්තයා…………”
“මං නම් වැඩිපුරම කැමති දුවෙකුට. මෙයා දුවෙක් වුනොත් හොදයි නේද දෙව්ලි?………….”
“මාත් ආසයි දුවලාට…………”
“යමු දැන් කෑම කන්න.ඔයාට බඩගිනිත් ඇතිනෙ………….”
“බඩගිනි නෑ මහත්තයා…………”
“එහෙම කියලා බෑ.නොකා ඉන්න එපා. අපේ පැටියා පව්නෙ…………”
මනෝජ් මහත්තයා මාත් එක්කම පල්ලෙහාට ගියා කෑම කන්න.අපි යද්දී හැමෝම කෑම මේසෙට ඇවිත් හිටියා. හැමෝගෙම ඇස් යොමු වුනේ අපි දෙන්නා දිහාවට.මං දැක්කා සුරාජ් මහත්තයා හොරෙන් හොරෙන් මං දිහා බලනවා.අපි දෙන්නා ලග පුටු දෙකකින් වාඩි වුනා.
“දුව ඔය ගව්මට ගොඩාක් ලස්සනයි. ඔන්න මං සිරියාවතීට කියලා කිරිකොස් මාලුවක් හැදෙව්වා.දුව ආසයිනෙ……….”
“ඔව් නෝනා මං කිරිකොස් මාලුවට ගොඩාක් ආසයි…………”
“ඒයි…….මගෙ අම්මයි තාත්තයි මේ ඉන්නෙ.ඔයාගෙ නැන්දම්මයි මාමණ්ඩියි.අම්මා,තාත්තා කියන්න පුරුදු වෙනවා මගෙන් ගුටි කන්නැතුව………….”
මනෝජ් මහත්තයා එහෙම කියද්දී ධම්මි නෝනා රවලා බැලුවා එයා දිහා.
“ලොකු පුතා,ඔහොම කතා කරනවද බඩදරු අම්මා කෙනෙකුට?දුවේ ඔයා අපිට අම්මා,තාත්තා කියලා කතා කරන්න.දැන් කෑම කන්න………..”
අප්පිරියාවක් දැනුනත් අමාරුවෙන් හරි බත් කටවල් තුන හතරක් කෑවා.
“ඔය කාලා ඉවරද දුවේ?ඔහොම කාලා බෑ මේ කාලෙදි.දෙන්නෙකුට ඇති වෙන්න කන්න ඕනි………..”
“අනේ අම්මෙ මට වෙන කන්න බෑ අප්පිරියයි වගේ…………”🤢🤢
එකපාරටම වමනෙ යන්න වගේ ආපු නිසා මං කටයි බඩයි අල්ලගෙන කුස්සිය පැත්තෙන් එලියට දිව්වා.කාපු ටික සේරම එහෙම් පිටින්ම වමනෙ ගියා.🤮🤮කැස්සත් හැදුනා.උගුරත් දැවිල්ලයි.
“දෙව්ලි ඔයාට ගොඩාක් අමාරුද මැණික?කාපු ටික සේරම වමනෙ ගියා නේද?…………..”
මනෝජ් මහත්තයා මගෙ පිට අතගාලා ටැප් එකෙන් මූණ කට හෝදවලා කුස්සියට එක්කන් ආවා.මං එහෙම්මම පුටුවක් උඩින් වාඩි වුනා.මට කලන්තෙට වගේ ආවා.
“අනේ මට කලන්තෙයි වගේ මහත්තයා.මං ටිකක් මෙතනින් වාඩි වෙලා ඉදලා එන්නම්………..”
සිරියාවතී නැන්දා හදලා දීපු දොඩම් බීම වීදුරුව බිව්වට පස්සෙයි ඇගට ටිකක් පණක් ලැබුනෙ.
“ඔයා ඔහොම ටිකක් වාඩිවෙලා ඉන්න. මං ඉක්මනටම කාරෙකේ යතුර අරන් එන්නම් ඩොක්ටර් ගාවට යන්න……….”
“කලබල වෙන්න එපා මහත්තයා මේ කාලෙට හැම අම්මා කෙනෙකුටම මෙහෙම තමයි.මේක ටික දවසක් යනකොට හරියනවා…………”
සිරියාවතී නැන්දා එහෙම කිව්වත් මනෝජ් මහත්තයා හිටියෙ ගොඩාක් බය වෙලා.පව් එයා මං ගැන ගොඩාක් හිතනවා.
“මහත්තයා ඔයා බය වෙන්න එපා.දැන් මට අඩුයි.මං තව ටිකකින් කාමරේට යන්නම්……….”
“හරි ඔයා කියනවනම් බෙහෙත් ගන්න යන්න ඕන්නෑ.ආයෙ වැඩි වුනොත් එහෙම බලන් ඉන්න බෑ.උස්සගෙන හරි ඩොක්ටර් ගාවට එක්කන් යනවා………..”
“එහෙම වැඩි වෙන්නෑ…………”
“මං පොඩ්ඩක් එලියට යනවා.ඔයාට මොනවද ගේන්න ඕනි?………..”
“පුහුල් දෝසි…………”😋😋
“හ්ම්ම්.මං අරන් එන්නම්…………”
එහෙම කියලා මනෝජ් මහත්තයා ගියා.
“මනෝජ් මහත්තයා හරිම හොදයි නැන්දෙ.එයා දරුවට ගොඩාක් ආදරෙයි………..”
“මං නෝනට කිව්වෙ මනෝජ් මහත්තා හරිම හොද මනුස්සයෙක් කියලා……….”
දවල්ට උයපු වලං ටික අරගෙන සිරියාවතී නැන්දා එලියට ගියා ඒ ටික හෝදන්න.මං පුටුව උඩට වෙලා තුනටියට අත තියාගෙන හිටියා.ඇගට පුදුම තෙහෙට්ටුවක් දැනුනෙ.පුටුවෙන් නැගිටින්න හදනකොටම කුස්සියට ආවෙ සුරාජ් මහත්තයා.මං අහක බලා ගත්තා.
“තමුසෙ මායම් දාලා අයියවත් අල්ල ගත්තා නේද?ඌ කොහොමත් ඉතිං අනුන් ගැන හිතන එකානෙ.අනුන්ගෙ කුණු ගොඩවල් බාර ගන්න ඌ හරිම දක්ෂයි…………”
“පොඩි පුතා වහපං කට.😡මං අහගෙන හිටියෙ උඹේ කතාව.කුණු ගොඩක් නෙවෙයි යකෝ මේකිගෙ බඩේ ඉන්නෙ මේ පව්ලෙ ඊලග උරුමක්කාරයා.උඹ නම් මගේ බඩින් වදපු දරුවෙක් වෙන්න බෑ.උඹ නම් මහාම මහා තිරිසනෙක්. තව එකපාරක් හරි උඹ මේ අහිංසකීගෙ හිත රිද්දලා තිබ්බොත් මං බලා ගන්නම්.දෙව්ලි යමු පුතේ කාමරේට………….”
අම්මා මාව කාමරේට එක්කන් ආවා. මගෙ හිත හැදෙන්න අම්මා මොන තරම් දේවල් කිව්වත් මට කදුලු පාලනය කර ගන්න බැරි වුනා.සුරාජ් මහත්තයට එයාගෙ ලෙයින් හැදෙන දරුවව කුණු ගොඩක් වුනාට මනෝජ් මහත්තයට ඒක මිල කරන්න බැරි මැණිකක් වුනා.
“ඇයි දෙව්ලි ඔයා අඩන්නෙ?මොකද මේ ඇස් වල කදුලු?………..”
“නෑ…මහත්තයා.මේ…නිකං………..”
“මට බොරු කියන්න ලෑස්ති වෙන්න එපා දෙව්ලි.ඇත්ත කියනවා.මොකද අඩන්නෙ?………..”😠😠
මනෝජ් මහත්තයා මට සැරෙන් කතා කරපු විදියට මට බයත් හිතුණා. මොකුත් නොකියා මං ඒ පපුතුරේ හිස තියා ගත්තා.😥😥
“අඩන්න එපා දෙව්ලි.මට අම්මා කිව්වා මල්ලි ඔයාට කියපු දේවල්.මං ඌටත් දෙකක් දීලයි ආවෙ.හොද වෙලාවට එතෙන්ට තාත්තා ආවෙ.නැත්නම් උගෙ අණ්ඩක් කඩලයි මං නවතින්නෙ.ඔයා බය වෙන්න එපා මැණික.ඔයාට මං ඉන්නවනෙ.දැන් අඩන එක නවත්තන්න.බලන්න මං ඔයාට මොනවද ගෙනාවෙ කියලා………….”
මනෝජ් මහත්තයා මට එයාගෙ අතේ ලොකු පුහුල් දෝසි පාර්සලේ දුන්නා. අම්මෝ ඒක දැක්කා විතරයි මගෙ කටට කෙල උනන්න පටන් ගත්තා.මං ඒකෙන් කෑලි හත අටක්ම කෑවා.කට පුරාම සීනි.
“පොඩි එකෙක් වගේ කට පුරාම සීනි. කූඹියො කයි මැණිකගෙ කට………..”
මනෝජ් මහත්තයා එයාගෙ ඇගිලි තුඩු වලින් මගෙ කට වටේ තිබුණු සීනි පිහදැම්මා.
සති කිහිපයකට පසුව👇👇👇
කිසිම දුකක් නොදී මනෝජ් මහත්තයා මාව හොදට බලා ගන්නවා.සමහර වෙලාවට සුරාජ් මහත්තයා මගෙ හිත රිදෙන වචන කියනවා.ඒ වෙලාවට මං ඒ දේවල් දරා ගත්තෙ ගොඩාක් අමාරුවෙන්.
“පුතා දෙව්ලි දූත් එක්ක ඉක්මනට පල්ලෙහාට එන්න…………”
අම්මා ඇවිත් එහෙම කියලා ඉක්මනට පල්ලෙහාට ගියා.එයා හිටියෙ ටිකක් කලබලෙන් වගේ.මායි මනෝජ් මහත්තයයි පල්ලෙහා සාලෙට යද්දී එතන හිටියේ නිම්මි නෝනගෙ අම්මයි තාත්තයි අයියයි.ගෙදර හැමෝමත් හිටියා.
“ඇයි අම්මෙ මොකක්ද ප්‍රශ්නෙ?……….”
“පුතා නිම්මිගෙ අම්මටයි තාත්තටයි දෙව්ලි දුවත් එක්ක ලොකු ප්‍රශ්නයක් තියනවලු කතා කරන්න……….”
නිම්මිගෙ අම්මටයි තාත්තටයි මොකක්ද මාත් එක්ක කතා කරන්න තියන ප්‍රශ්නෙ?🤔🤔
“දුවේ මට ඔයාගෙන් දෙයක් දැන ගන්න ඕනි.මේ ෆොටෝ එකේ ඉන්නෙ ඔයාගෙම අම්මද?……….”
එහෙම කියලා නිම්මිගෙ තාත්තා පෙන්නපු පින්තූරෙ හිටියෙ මගෙ අම්මා. අම්මා තරුණ කාලෙ.මං වගේමයි.ඒත් මගෙ අම්මගෙ පින්තූරයක් කොහෙන්ද මෙයාලට?🤔🤔
“ඔ….ඔව් අංකල්.ඒත් මගෙ අම්මගෙ පින්තූරයන් කොහෙන්ද ඔයාට?……….”
සුසුමක් හෙලපු නිම්මිගෙ තාත්තා මං ගාවට ආවා.
“දුවේ…..මං…..මං ඔයාගෙ තාත්තා………..”
මතු සම්බන්දයි❤️