ඉතිං කියන්නෙ ඔයාට පොඩ්ඩක්වත් සන්තෝෂ නැද්ද ශෂී?………”

මං එහෙම ඇහුවත් ශෂීන්ද්‍ර මොකුත් කිව්වෙ නෑ. මං කියපු එක ඇහුනෙ නෑ වගේ එයා ෆෝන් එක දිහාම බලාගෙන හිටියා. මට දැනුනේ පුදුම කේන්තියක් වගේම අසරණ කමක්.හෑන්ඩ් බෑග් එක ඇද උඩට දාලා මං බැල්කනියට ආවා.මට කියා ගන්න බැරි තරම් දුකක් ඇති වුනා😥😥මටත් වඩා දරුවෙකුට ආසාවෙන් හිටියෙ ශෂීන්ද්‍ර.

ඒත් ඇයි එයා මං කියපු එක ඇහුනෙ නැ වගේ හිටියෙ?එයා දරුවට කැමති නැද්ද?මං හිමිහිට පිටි පස්ස හැරිලා ශෂීන්ද්‍ර දිහා බැලුවා.එයා තාමත් හිටියෙ ෆෝන් එක දිහා බලාගෙන.මට ලොකු කලකිරීමක් ඇති වුනා.ඒ වගේම ශෂීන්ද්‍ර ගැන තරහක් ඇති වුනා😠😠හිටපන්කො හොද වැඩක් කරන්න. එහෙම හිතාගෙන මං පොඩි බංකුවක් අරගෙන බිමින් තියලා ඒකට නැගලා බැල්කනියෙන් බිමට පනින්න වගේ හැදුවා.එකපාරටම ශෂීන්ද්‍ර

“ඕයි ඔහොම ඉන්නවා…තමුසෙ ඔය මොකද කරන්න හදන්නෙ?බැහැපං බිමට………”😡😡

මාව ඇදලා බිමට ගත්තු ශෂීන්ද්‍ර අත දිගෑරලා මගෙ කම්මුලට ගැහුවා.👋

“උඹ හැදුවෙ මෙතනින් පල්ලෙහා පැනලා දරුවත් මරාගෙන උඹත් මැරෙන්නද?ආ කියපිය……..”😡😡

මගෙ කොණ්ඩෙන් අල්ලලා තද කරලා කෝපයෙන් ශෂීන්ද්‍ර එහෙම ඇහුවා.මෙච්චර කේන්ති යන්න නම් ඇයි ශෂීන්ද්‍ර ඇයි මං ප්‍රෙග්නන්ට් කියපු වෙලාවෙ සද්දෙ නැතුව හිටියෙ?

“කියන්න ශෂීන්ද්‍ර ඔයාට මේ දරුවා එපා හින්දද මං ප්‍රෙග්නන්ට් කියපු වෙලාවෙ සද්දෙ නැතුව හිටියෙ? ඔයාට මොකද වෙලා තියෙන්නෙ ශෂීන්ද්‍ර?මං මෙතනින් ඇත්තටම පල්ලෙහාට පනින්න හැදුවෙ නෑ.මට ඕනි වුනේ ඔයා ඇත්තටම දරුවටයි මටයි ආදරේද කියලා දැනගන්න………”😭😭

මං එහෙම කියපුවම ශෂීන්ද්‍ර මගෙ කම්මුල් එයා දෝතින්ම අල්ල ගත්තා.

“මට සමාවෙන්න රත්තරං.මං ඒ වෙලාවෙ සද්දෙ නැතුව හිටියෙ ඔයාව ටිකක් අවුස්සන්න.දන්නවද මැණික ඒ වචන ටික තමයි මෙච්චර කාලෙකට මං අහපු සුන්දරම වචන ටික.මට බය හිතුණා ඔයා ඇත්තටම මෙතනින් පල්ලට පනියි කියලා. අනේ මට සමාවෙන්න මැණික……..”😥😥

එහෙම කියලා ශෂීන්ද්‍ර මගෙ ඇස් දෙකේ කදුලු පිස දාලා එයා ගහපු මගෙ කම්මුල සිප ගත්තා.මාව ඒ පපුවට තියලා ඔලුව අත ගෑවා.

“මාත් එක්ක තරහයිද මැණික?……..”

“නෑ.හැබැයි යාලු වෙන්න නම් මට ලොකූ පීට්සා එකක් ගෙනත් දෙන්න ඕනි……….”😀😀

පොඩි එකෙක් වගේ මං එහෙම කියද්දී ශෂීන්ද්‍ර හිනා වුනා.

“එකක් නෙවෙයි දෙකක්ම ගෙනත් දෙන්නම්.තව මොනවද මැණිකට ඕනි?………”😚

මගේ කුසට දෑතම තියාගෙන ශෂීන්ද්‍ර එහෙම ඇහුවා.

“අයිස් ක්‍රීම් ඕනි ම්ම්ම් තව චොක්ලට් ඕනි………”

“මං ගෙනත් දෙන්නම්………”

💓💓

නාලා ඉවර වෙලා මං ගව්මක් ඇද ගත්තා.මට වැඩිය ගව්ම් නෑ.තියෙන්නෙම කලිසම් සායවල් තමයි.ශෂීන්ද්‍රත් එක්ක ගිහින් ප්‍රෙග්නන්ට් අය අදින ගව්ම් ටිකක් ගන්න ඕනි.ඔලුවත් පීරගෙන ඇදෙන් වාඩි වුනු මං ශෂින්ද්‍ර එනකල් බලාගෙන හිටියා.මේ යකා මට පිට්සා හොයන්න එංගලන්තෙ ගියාද?දැන් ගිහිල්ලා පැයකටත් වැඩියි.තාම නෑ.

බලාගෙනම ඉද්දී ශෂීන්ද්‍ර කාමරේට ආවා.එයාගෙ අතේ පාර්සල් ගොඩාක් තිබුනා.

“මේ මොනවද ශෂී?……..”

“බලන්නකො මොනවද කියලා……..”

එහෙම කියලා ශෂීන්ද්‍ර ඒ පාර්සල් ටික මගෙ අතට දුන්නා.මං ඒවා ඇරලා බැලුවා.දෙයියනේ……😱😱
ලස්සනම ලස්සන පාට පාට ගව්ම් ගොඩාරියක් එතන තිබුනා.ඒ ඔක්කොම බබාලා හම්බෙන්න ඉන්න අම්මලා අදින ගව්ම්.අනේ….😍😍මට හරිම අසාවක් ඇති වුනා ඒ ගව්ම් ටික දකිද්දී.

“අනේ ගොඩාක් ලස්සනයි ශෂී.ඔයා කොහොමද මේවා තේරුවෙ?……..”

“ඒ ශොප් එකේ හිටපු ප්‍රෙග්නන්ට් ලේඩි කෙනෙක්ට කියලා තෝර ගත්තෙ.බබාට අපි දෙන්නම ගිහිල්ලා ඇදුම් තෝර ගම්මු.හෙට මේ එකක් අදින්න……….”

මං හරිම ආසාවෙන් ඒ ඇදුම් ටික බැලුවා.ශෂීන්ද්‍ර හිටියේ ගොඩාක් සන්තෝශෙන්.

“ආ…දැන් මේ පිට්සා කාලා ඉන්න.අයිස්ක්‍රීම් ටිකයි චොක්ලට් ටිකයි මං ෆ්‍රිජ් එකට දැම්මා.ඕන වෙලාවට අරන් කන්න………”

එහෙම කියලා ශෂීන්ද්‍ර මට පිට්සා එක දුන්නා.මං ඒ කෑල්ලක් අතට අරන් කාලා බැලුවා.අම්මෝ මාර රසයිනෙ.

“අනේ මේ කෑල්ලක් කාලා බලන්නකො ශෂී.හරිම රසයි අනේ.මං අදයි මේ පළවෙනි පාරට පීට්සා එකක් කන්නෙ……….”

“මෝඩ කෙල්ල.මට නෙවෙයිනෙ දොල දුක තියෙන්නෙ මැණිකෙටනෙ.ඉතිං කන්න……..”

පහුගිය කාලෙ තිබ්බ කෑම අප්පිරියාවට මට මේ පිට්සා එක කන්න පුලුවන් වුනු එක පුදුමයකුත් දැනුනා.කොහොමහරි කෑලි තුන හතරක් විතර කෑවා.අම්මෝ😱😱දැන් නම් ඉස්මුරුත්තාවට වගේ.තියන පෙරේතකමට කාගෙන කාගෙන ගියානෙ.බඩත් අතගගා මං ඇදෙන් ඇල වුනා. අනේ ආයෙ නම් පෙරේතකමට මෙච්චර කන්නෙ නෑ.

“ඇයි මැණික?………”

“කාලා වැඩි වුනා වගේ ශෂී………”

“ඉතිං ඇයි පෙරේති වගේ එච්චර ගොඩාක් කෑවෙ. හරියට කාගෙන කාගෙන ගියේ සෝමාලියාවට පාං කෑල්ලක් දැම්මා වගේ.ගොඩාක් අමාරුද?…….”😠😠

“අනේ බනින්න එපා ශෂී.දැක්කම ආස හිතුණා……..”

“බනින්න නෙවෙයි අනින්න ඕනි හිල් වෙන්න ටොක්කක්.ගොඩාක් අමාරුයිද?යමුද හොස්පිටල්?……..”

“හොස්පිටල් යන්න ඕන්නැ.ටිකක් වෙලා යද්දී හරි යයි……….”

එහෙම කියලා මං නිදා ගත්තා.

💓💓

මායි ශෂීන්ද්‍රයි ගිහින් දරුවාට ඕනි කරන ඇදුම් නාවන්න බේසමක් මදුරු දැලක් ඇතුලු තවත් බඩු ගොඩාක් අරන් ආවා.කාමරේ ගොඩාක් ලස්සනට වෙනස් කෙරුවා.බිත්ති වල ලස්සන පුංචි දරුවන්ගේ පින්තූර එල්ලුවා.

“කාමරේ ගොඩාක් ලස්සනයි ශෂීන්ද්‍ර.ආසාවෙ බෑ මේ බබාලගෙ පින්තූර ටික දකිද්දී………”

“ටුවින්ස්ලා වුනොත් හොදයි නේද මැණික?………”

“ම්ම්ම්.ඔයා කැමති දුවෙක්ටද පුතෙක්ටද?……….”

“මගෙ එහෙම වෙනසක් නෑ සංජු.එක දරුවෙක් නෙවෙයි දරුවො හය හත් දෙනෙක්වත් ඉන්න ඕනි පව්ලක් සම්පූර්ණ වෙන්න.පුංචි පුංචි පැටව් ගොඩාක් ඉන්නකොට කොච්චර ශෝක්ද?……….”

අනෙ අම්මෝ😱😱මේකා නම් කියයි.දරුවො හයක් හතක් වැඩි නැද්ද අප්පා.මංනෙ මාස දහයක් බඩේ තියාගෙන දුක් විදින්න ඕනි.

“ඇයි මැණික ඔයා ආස නැද්ද දරුවො ගොඩාක් හදන්න?………”

අනේ ඉතිං මේ පිස්සාට තියෙන්නෙ මහ පුදුම ආසාවල්නෙ අම්මපා.තේරෙයි දරුවො ගොඩාක් හදලා ලොකු වෙනකොට රණ්ඩු බේරන්න ගියාම.

“හයක් හතක් වැඩි නැද්ද ශෂී?එයාලා ලොකු වෙනකොට ඔයාට එපා වෙයි රණ්ඩු බේරලාම……..”

“එහෙම නෑ මැණික.දැන් බලන්න උදාරගෙ ළමයි තුන් දෙනා.ශෝක් අප්පා.දවසක් මං එහෙ ගියා. ආසාවෙ බෑ ඒ තුන් දෙනාව දකිද්දි………”

“හරි ඉතිං ඔයාගෙ කැමැත්තක්.මට නම් කමක් නෑ.තාත්ති ඉන්නවනේ බබාලව බලා ගන්න………”

💓💓

මේ දවස් වල උදේට තියෙන්නෙ පුදුම සීතලක්. නැගිටින්නවත් හිතෙන්නෙ නෑ.ශෂීන්ද්‍ර නම් අටත් පහු වෙනකල් නිදි.

“ශෂී…..නැගිටින්න කල්පනාවක් නැද්ද?දවල් වෙනකල්ම නිදා ගන්නද හදන්නෙ?………”

“සීතලයි අප්පා……..”

“කමක් නෑ.නැගිටිනවා.තියන කම්මැලිකම. පස්සට එලිය වැටෙනකල්ම නිදි………”

ශෂීන්ද්‍ර පොරවන් හිටපු සීට් එක ඇදලා අරන් මං එහෙම කියලා කෑ ගැහුවා.

“මේ ගෑනිත් එක්ක නම් මොකුත් බෑ අප්පා. නිදාගන්නවත් දෙන්නෙවත් නෑ………”

මටත් බැන බැනම ශෂීන්ද්‍ර ඇදෙන් නැගිට්ටා.මං ගිහින් ජනේල් ටික ඇරලා දැම්මා.මූණ කට හෝදගෙන ඇවිත් ශෂීන්ද්‍ර තේ එක බොන්න පටන් ගත්තා.තේ එක බොන ගමන් ශෂීන්ද්‍ර මං දිහාම බලාගෙන ඉන්නවා මං දැක්කා.එයාගෙ ඇස් තිබුනේ මගේ කුස හරියෙයි.

“හොර ගෙඩියා වගේ කොහෙද බලන්නෙ?……..”

“බඩ ලොකු නෑනෙ සංජු……..”

“අයියෝ…තාම මාස තුනයිනෙ ශෂී.දැන්ම එහෙම පේන්නෑ.තව කල් යනකොට තමයි එහෙම පේන්නෙ……..”

මතු සම්බන්දයි