සුරාජ් මහත්තයා නිම්මි නෝනව කසාද ගෙදරට කැන්දන් ආවා.ඒ දෙන්නම හිටියේ ගොඩාක් සන්තෝශෙන්.මගෙ සතුට එහෙම් පිටින්ම විනාශ කරලා මගෙ ජීවිතේ අදුරු කරලා සුරාජ් මහත්තයා එයාගෙ අලුත් මනමාලිත් එක්ක සතුටින් ජීවත් වෙනවා.ඒ දිහා බල බල මං සිය දහස් වරක් හදවතින් පිච්චි පිච්චි ජීවත් වුනා. ජීවිතේ නැති කරගන්න හිතුණු වාර අනන්තයි.ඒත් දරුවා ගැන හිතලා මං ජීවත් වුනා.සුරාජ් මහත්තයා මොන තරම් මට වෛර කරත් මට බෑ මගේ කුසේ ඉන්න එයාගෙ දරුවව මරා ගන්න.
“ඔය හැටි හූල්ලන්න එපා දුවේ.අපි බලමු මොනවද කරන්න පුලුවන් කියලා.මං උඹට කිව්වා ඔය පුංචි මහත්තයගෙන් පරිස්සම් වෙලා ඉදපන්. එයා හොද මනුස්සයෙක් නෙවෙයි කියලා.ඒත් උඹ මං කියන දේ ඇහුවෙ නෑ…………”
සිරියාවතී නැන්දා මගෙ ඔලුව අතාගාලා එහෙම කිව්වා.මේ දේවල් ගැන ඇත්ත හැම දෙයක්ම දන්නෙ සිරියාවතී නැන්දා විතරයි.
“මට හිතෙනවා නැන්දෙ ගෙදර යන්න. තව දුරටත් මං මෙහෙ හිටියා කියලා වැඩක් නෑනෙ.සුරාජ් මහත්තයගෙ මූණ දැක දැක මට හිත හදාගෙන ජීවත් වෙන්න බෑ නැන්දෙ.මං මැරි මැරි උපදිනවා වගේ දැනෙනවා…………”😭😭
මං එහෙම කිව්වෙ තව වැඩි කාලයක් මේ දේවල් ධම්මි නෝනගෙන් හංගගෙන ඉන්න බැරි වෙන නිසා. කොයි වෙලාවක හරි ධම්මි නෝනා දැන ගනියි මට දරුවෙක් ලැබෙන්න ඉන්නවා කියලා.ඊට පස්සෙ මේ දරුවගෙ තාත්තා ගැන ඇහුවොත් මං මොනවද කියන්නෙ?මං කොහොමද සුරාජ් මහත්තයා නෙවෙයි කියලා කියන්නෙ?
“එපා දුවේ.මං කොහොමහරි උඹට උදව් කරනවා.මේ සල්ලිකාර පුංචි හාමුලාට අසරණ අහිංසක ගෑනු ළමයින්ගෙ ජීවිත සෙල්ලම් බඩු වගේ.මං කොහොමහරි උඹට සාදාරණයක් ඉශ්ට කරවන්නම්.උඹවයි දරුවවයි අනාථ වෙන්න මං ඉඩ තියන්නෙ නෑ.අපි බලමුකො මොනවද කරන්න පුලුවන් කියලා.මං මේ එළවලු ටික හෝදනකල් උඹ මේ බත් ටික කාපන්.බඩගින්නෙ ඉන්න එපා…………”
“අනේ නැන්දෙ මේවා ලොකු නෝනා දැන ගත්තම මට මොනවා වෙයිද?මට බයයි එයාලා මට මේ දරුවව නැති කරන්න කිව්වොත් එහෙම?………”😭😭
“උඹ බය නැතුව හිටපන්කො දුවේ.ඒ වගේ සහ ගහන අපරාධයක් වෙන්න මං ඉඩ තියන්නෙ නෑ…………”
“දෙව්ලී……….”
මට කතා කරගෙනම ධම්මි නෝනා කුස්සියට ආවා.මං පිගාන හෝදලා රාක්කෙන් නවලා තියලා නෝනා ගාවට ගියා.
“ඇයි නෝනා?………..”
“නිම්මි දුව තනියම එයාගෙ ඇදුම් ටික අස් කරනවා.ඔයත් පොඩ්ඩක් ගිහිල්ලා උදව් කරන්නකො දෙව්ලි……….”
“හා නෝනා………..”
මං නිම්මි නෝනාලගෙ කාමරේට ගියා. හොද වෙලාවට සුරාජ් මහත්තයා කාමරේ හිටියෙ නෑ.නිම්මි නෝනා එයාගෙ ඇදුම් නවනවා.
“ආ එන්න දෙව්ලි.මට පොඩ්ඩක් මේ ඇදුම් ටික නවන්නකො උදව් කරන්නකො………..”
මාත් ඇදේ පැත්තකින් වාඩි වෙලා නිම්මි නෝනට ඇදුම් ටික නවන්න උදව් වුනා.නිම්මි නෝනා ඉන්නෙ ගොඩාක් සන්තෝශෙන්.සුරාජ් මහත්තයා එයාට ගොඩාක් ආදරෙයි.මං ආදරේ කරපු බිරිද වෙන්න හීන දැකපු සුරාජ් මහත්තයව අද වෙන කෙනෙකුට සදාකාලිකවම අයිති වෙලා.දුක විතරයි මට හැමදාම උරුම වුනේ.අද ඒ උණුසුමට වෙන කෙනෙක් තුරුල් වෙලා. මට සිද්ද වෙන්නෙ හැමදාම හූල්ලමින් කදුලු බිබී ජීවත් වෙන්නයි.😥😢
“ඇයි දෙව්ලි සද්දෙ නැතුව ඉන්නෙ?මොනවා හරි කියන්නකො.ඔයාගෙ වයස කීයද?……….”
“අවුරුදු විස්සයි……….”
“ආ…..මට වඩා ඔයා අවුරුදු දෙකක් බාලයි…………”
අපි කතා කරමින් ඇදුම් නව නවා ඉන්න අතරේ සුරාජ් මහත්තයා කාමරේට ආවා.
“නිම්මි මැණික,ඔයා මොකටද මේ වැඩ කරන්නෙ මේ සවන්ට් කෙනෙක් ඉන්නැද්දි?එයාට මේ ටික කරන්න කියන්න………..”
සුරාජ් මහත්තයගෙ ඒ වචන මගේ හදවතට පිහිතුඩකින් අනිනවා වගේ දැනුනා.මට පේන්නම සුරාජ් මහත්තයා නිම්මි නෝනව එයාගෙ තුරුලට ඇදලා අරගෙන මට සමච්චල් සහගත හිනාවක් දැම්මා.ආයාසයෙන් මං අහක බලා ගත්තෙ තුන් හිත පුරාම දුක ශෝකය උතුරා ගලා යද්දී.දෙයියනේ මනුස්සයෙකුට පුලුවන්ද මේ වගේ දරුණු වෙන්න.
මට මොන දුකක් දුන්නත් කමක් නෑ.මගෙ බඩේ ඉන්න එයාගෙ දරුවාටවත් අනුකම්පා කරන්න බැරිද?😥😥සුරාජ් මහත්තයට ඕනි වෙලා තිබ්බෙ මාව එයාගෙ විනෝදෙට ආසාවල් වලට පාවිච්චි කරන්න විතරයි.රෙදි ටික නවලා ඉවර වෙලා මං නිම්මි නෝනට කිව්වා මං යනවා කියලා.
“නෝනා රෙදි ටික නවලා ඉවරයි……….”
එහෙම කියලා කාමරෙන් යන්න හැදුවා.
ඒත් නිම්මි නෝනා මට පොඩ්ඩක් ඉන්න කිව්වා.
“මේ ඇදුම් ටික ඔයාට දෙව්ලි.මේ ගව්ම් ටික ඔයාට ලස්සනට තියේවි……….”
පාට පාට ගව්ම් දෙකකුයි බ්ලව්ස් එකකුයි සායකුයි නිම්මි නෝනා මට දුන්නා.
“අනේ බොහොම ස්තූතුයි නෝනා……….”
“අනේ ඔයාගෙ අත මේ මක් වෙලාද?………..”
මගෙ අතේ වැලමිට ගාව පෙන්නලා නිම්මි නෝනා එහෙම ඇහුවා.මගේ අසරණකම කියලා සුරාජ් මහත්තයා ඉස්සරහ බැගෑපත් වෙලා අඩද්දී සුරාජ් මහත්තයා මාව තල්ලු කරපු වෙලාවෙ මගෙ අත කණ්ණාඩි මේසෙ වීදුරුවෙ වැදිලා තුවාල වුනා.ඒ තුවාලය තමයි නිම්මි නෝනා දැක්කෙ.
“බල්ලෙක් කාලා……….”
මං එහෙම කියද්දී සුරාජ් මහත්තයා එකපාරටම නපුරු වූ දෙනෙතින් මං දිහා බැලුවා.
“ඔතනම කොහොමද දෙව්ලි බල්ලෙක් කෑවෙ?හරියට වීදුරුවකට කැපිලා වගේනෙ…………”
“ඔව් නෝනා බල්ලෙක් ඇගට පනිද්දි මං උගෙන් බේරෙන්න අහකට පැනපු වෙලාවෙ වීදුරුවකට කැපුනා…………”
“ඔයාට තිබ්බෙ ඒ බල්ලට ඌට හොද ගල් පාරක් දෙන්න………..”
කිසිම දෙයක් නොදන්න නිම්මි නෝනා මට එහෙම කිව්වා.
“බල්ලෙක් අපේ කකුළ හපා කෑවට අපි ඒ බල්ලගෙ කකුළ හපා කන්නෙ නෑනෙ නෝනා.බල්ලා බල්ලම තමයි.උගේ බලු ගති නැති වෙන්නෙ නෑ………..”
සුරාජ් මහත්තයා මං දිහා කෝපය පිරුනු දෙනෙතින් බලාගෙන හිටියා.ඒ ඇස් රතු වෙලා තිබ්බා.මං එතනින් ඇවිල්ලා මගේ කාමරේට ඇවිත් නිම්මි නෝනා දීපු රෙදි ටික මගේ කබඩ් එකට දැම්මා.ඇගට හරිම මහන්සියක් දැනුනා.උදේත් වමනෙ ගිය නිසාද මන්දා ඇගටත් පණ නෑ වගේ දැනුනා.ඇගට දැනුනු අපහසුතා එන්න එන්න වැඩි වුනා මිසක් අඩු වුනේ නෑ.ඒත් මං වෙනදා වගේම ගෙදර වැඩ කරා.ඒත් සිරියාවතී නැන්දා මට මහන්සි වෙන්න දුන්නෙ නෑ.
🔥❤️🔥
“තෝ මට නේද වේ### යෙ ඊයෙ බල්ලා කිව්වෙ?තොට කොහෙන්ද හයියක් මට එහෙම කතා කරන්න?ආ කියපිය පරට්ට බැල්ලි?………..”😡😡
කාමරේ ඉදන් එලියට ආපු මගේ කොණ්ඩෙ මුදුනින් තද කරලා අල්ලගෙන ඇදලා සුරාජ් මහත්තයා එහෙම ඇහුවා.
“අනේ මහත්තයා මාව අතාරින්න.අනේ මගෙ කොණ්ඩෙ අතාරින්න දෙයියනේ රිදෙනවා…………”😭😭
මගෙ කොණ්ඩෙන් අල්ලලා ඇදපු සුරාජ් මහත්තයා අත දිගෑරලා මගෙ කම්මුලට ගහලා මාව තල්ලු කරා.ඒ තල්ලු කරපු පාරට මාව ගිහින් වැදුනේ කාමරේ ඉදන් එලියට ආපු ධම්මි නෝනගෙ ඇගේ.ධම්මි නෝනාත් පුදුම වෙලා වගේ මං දිහායි සුරාජ් මහත්තයයි දිහා බැලුවා.
“පොඩි පුතේ ඔයාට මොකද මේ වෙලා තියෙන්නෙ?මොකද දෙව්ලිට ගැහුවෙ? ගෑණු ළමේක්‍ට අත උස්සන්න ඔයාට ලැජ්ජ නැද්ද?………..”
ධම්මි නෝනගෙ සද්දෙට නිම්මි නෝනයි මනෝජ් මහත්තයයි සැම්සන් මහත්තයයිත් සාලෙට ආවා.අනේ දෙවියනේ අද හැම දෙයක්ම හෙලි වෙයි.මං ගොඩාක් අසරණ වුනා.මං හොදටම ඇඩුවා.කදුලු පාලනය කරගන්න මට බැරි වුනා.😭😭😭
“මොකද මොකද මේ සද්දෙ?මොනවද ධම්මිකා මෙතන සිද්ධ වෙන්නෙ?ඇයි මේ දෙව්ලි අඩන්නෙ?………..”
සැම්සන් මහත්තයා එහෙම ඇහුවා.
“පොඩි පුතා මට ඇත්ත කියනවා තමුං මොකටද දෙව්ලිට ගැහුවෙ?තමුන්ට ලැජ්ජාවක් කියලා දෙයක් නැද්ද ගෑණු ළමේකුට අත උස්සන්න………..”😠😠
“මොකක් සුරාජ් දෙව්ලිට ගහන්නෙ මොකටද?අම්මා ඔයාට මොකක් හරි වැරදිමක් වෙලා…………”
නිම්මි නෝනා එහෙම කිව්වා.
“දෙව්ලි මට ඇත්ත කියන්න මොකක්ද මෙතන සිද්ද වුනේ?අපේ පුතා තමුංට ගැහුවෙ ඇයි?සුරාජ්…..මොකද තමුං සද්දෙ නැතුව ඉන්නෙ?දෙන්නම මං අහපු දේට උත්තර දෙනවා……….”😡😡
සැම්සන් මහත්තයා මගෙනුයි සුරාජ් මහත්තයගෙනුයි එහෙම අහද්දී මහෙ බය තවත් වැඩි වුනා.සිරියාවතී නැන්දත් කුස්සියෙ ඉදන් සාලෙ කිට්ටුවට ආවා.මෙච්චර කාලයක් තිස්සෙ හංගගෙන හිටපු දේවල් අද හැමෝටම හෙලි වෙයි.මගෙ ඇස් වලින් නොනවත්වාම කදුලු පිට වුනා.සුරාජ් මහත්තයා එක වචනයක්වත් කතා කරේ නෑ.ගිනි පිටවෙන දෑසින් බලාගෙන හිටියා.
“කරුණාකරලා තමුංලා දෙන්නා මට ඇත්ත කියනවද නැද්ද?……….”😡😡
“දෙව්ලි දුවේ…..හැම දෙයක්ම කියන්න. මේ ඇත්ත තව දුරටත් ඔයාට හංගගෙන ඉන්න පුලුවන් කමක් නෑ………..”
සිරියාවතී නැන්දාත් මට එහෙම කිව්වා.
“මොකක්ද ඒ ඇත්ත?කරුණාකරලා කියන්න………..”😡😡
“මේ…..සුරාජ්…..මහත්තයා මහම මහා ජරා මිනිහෙක්.තිරිසනෙක්……….”
ලොකු නෝනා ඉස්සරහට ගිහින් මං එහෙම කියද්දී නපුරු විදියට මං දිහා බලපු ලොකු නෝනා අත දිගෑරලා මගෙ කම්මුලට ගැහුවා.මාව වැටෙන්න නොදී අල්ල ගත්තෙ මනෝජ් මහත්තයා.
“අම්මෙ ඕක නවත්තන්න.වෙලා තියෙන්නෙ මොකක්ද කියලා අපි තාම දන්නෙ නෑනෙ…………”
“මේ ගෙදරම ඉදන් තමුං කොහොමද මගෙ අහිංසක පුතාට ඔහොම කතා කරන්නෙ?අපි තමුංට හොදින් සැලකුවා වැඩියි………..”😡😡
ධම්මි නෝනා එහෙම කියද්දී මට තව දුරටත් මේ ඇත්ත හංගගෙන ඉන්න බැරි වුනා.
“අහිංසකයෙක්??අද මං කසාද බදින්නෙත් නැතුව අම්මා කෙනෙක් වෙන්න යනවා ඒ ඔයාගෙ මේ මහ ලොකු අහිංසක පුතා හින්දා.මෙයා මගෙ ජීවිතේම විනාශ කරා.ආදරෙයි කියලා මාව රැවැට්ටුවා…………”😭😭😭
අඩාගෙනම මං එහෙම කියද්දී ගෙදර හැමෝම පුදුම වෙලා වගේ මායි සුරාජ් මහත්තයයි දිහා මාරුවෙන් මාරුවට බැලුවා.ඒත් ඒ පුදුම බව මනෝජ මහත්තයගෙ මුහුණෙ එතරම් තිබ්බෙ නෑ.දත් මිටි කාගෙන සුරාජ් මහත්තයා මං ගාවට ආවා.මගෙ හිත බයෙන් ගැස්සුනා.
“දෙව්ලි…..😡😡අවලමේ ගිහිල්ලා එක එකාත් එක්ක ලැගලා ළමයි හදාගෙන එන්න එපා ඒ පව් මගේ කරපිටින් යවන්න.හිගන්නොත් එක්ක බුදියන්න තෝ හිතුවද මට පිස්සු කියලා?…………”😡😡
මං බලාපොරොත්තු වුනු විදියටම සුරාජ් මහත්තයා ඒ හැම වරදක්ම මගේ පිටින් යැව්වා.ඒත් මං නිකන් හිටියෙ නෑ.ධම්මි නෝනයි සැම්සන් මහත්තයයි විශ්වාස කරේ නෑ මං කියන දේවල් ඇත්ත කියලා.එයාලා දෙන්නත් කිව්වෙ මං මේ දේපළ වලට තණ්හාවෙ අනුන්ගෙ ළමයෙක් පෙන්නලා සුරාජ් මහත්තයගෙ කරේ එල්ලෙන්න හදනවා කියලා.
“දෙයියන්ගෙ නාමෙට මාව විශ්වාස කරන්න නෝනා.මං කියන්නෙ බොරු නෙවෙයි.මට ඔප්පු කරන්න සාක්කි තියනවා සුරාජ් මහත්තයා ආදරෙයි කියලා මාව රැවැට්ටුවා කියලා…………”😭😭
“තමුං කියන දේවල් ඇත්ත නෙවෙයි කියලා අපි හොදටම දන්නවා.මගෙ මහත්තයා එහෙම කෙනෙක් නෙවෙයි. අම්මා…මෙයාව දැන්මම මේ ගෙදරින් එලියට දාන්න…………”😠😠
නිම්මි නෝනත් තරහින් කෝපයෙන් පුපුරමින් එහෙම කිව්වා.අද මෙයාලා මාව මේ ගෙදරින් එලියට දැම්මත් මං යන්නෙ ඇත්ත මොකක්ද කියලා තේරුම් කරලා දීලයි.සිරියාවතී නැන්දා අපි ගාවට ආවා.
“ලොකු මහත්තයා දෙව්ලිව මේ ගෙදරින් එළියට දැම්මොත් මාත් යනවා. මෙච්චර වෙලා මේ අහිංසක කෙල්ල කියපු දේවල ඇත්ත.මං මගෙ ඇස් දෙකෙන්ම දැක්කා එදා ලොකු නෝනයි මහත්තයයි බණ්ඩාරවෙල ගියපු දවසෙ රෑ සුරාජ් මහත්තයා දෙව්ලිගේ කාමරේ ඉදන් එළියට යනවා.පින් සිද්ද වෙයි මහත්තයා මේ අසරණීටයි ඒ ලැබෙන්න ඉන්න දරුවටයි සාදාරණයක් ඉශ්ට කරන්න………..”😭😭
ඇස් දෙකේ කදුලු පුරවගෙන සිරියාවතී නැන්දා සැම්සන් මහත්තයට එහෙම කිව්වා.
“තමුං මේ ප්‍රශ්නෙට අත නොදා ඉන්නවා සිරියාවතී.මේක අපේ පව්ලෙ ප්‍රශ්නයක්…………”😡😡
සැම්සන් මහත්තයා එහෙම කියද්දී සිරියාවතී නැන්දා අහකට ගියා.මට දුක හිතුණා මං හින්දා සිරියාවතී නැන්දා බැනුම් අහපු එකට.
“දෙව්ලි තමුසෙ කිව්වා නේද සුරාජ් වැරදිකාරයා කියලා ඔප්පු කරනවා කියලා………..”😠😠
“ඔව් ලොකු නෝනා.පොඩ්ඩක් ඉන්න………..”
එහෙම කියලා මං ඉක්මනට කාමරේට ඇවිත් මගේ කුඩා ජංගම දුරකථනය අරන් සාලෙට ආවා.ඒකෙ එදා සුරාජ් මහත්තයා මගෙ දරුවා නැති කරන්න කියලා බැනපු එක මං රෙකෝඩ් කර ගත්තා.ඒක මං හැමෝටම ඇහෙන්න ස්පීකර් ඔන් කරලා දැම්මා.👇👇👇👇
🔊📲”මං උඹට හොදින් කියන්නෙ දෙව්ලි.ඔය ළමයව නැති කරලා දාපන්. මට ඕකාව එපා.මං තෝව මරනවා ඔය ළමයගෙ තාත්තා මං කියලා එහෙම කාටහරි කියලා තිබ්බොත්.උඹ හිතුවද මං උඹට ආදරේ කරේ ඇත්තට කියලා. මං නිම්මිව මැරි කරනවා.තෝ මගෙ පස්සෙන් ආවොත් එහෙම මං උඹව ඉවරයක් කරලා දානවා”📲🔊
“දැන්වත් මං කියන දේ විශ්වාසයි නේද ලොකු නෝනා.මේ දරුවා සුරාජ් මහත්තයගෙ…………”😭😭
ගොදුරකට ඉව අල්ලන කොටියෙක් වගේ මං ගාවට කිට්ටු වුනු සුරාජ් මහත්තයා මට ගහන්න අත ඉස්සුවා. ඒත් සුරාජ් මහත්තයට මට ගහන්න හම්බුනේ නෑ.සැම්සන් මහත්තයා සුරාජ් මහත්තයගෙ අත ඇල්ලුවා.කෝපයෙන් බලාගෙන හිටපු සැම්සන් මහත්තයා සුරාජ් මහත්තයගෙ කම්මුලට හයියෙන් ගහලා තල්ලු කරා.
“චී…..පොඩි පුතා.අපි හිතුවෙ නෑ ඔයා මේ වගේ දෙයක් කරයි කියලා.අසරණ ගෑනු ළමේක්ගෙ ජීවිතේ ඔයාට සෙල්ලම් බඩුවක් උනාද?තමන්ගෙම ලෙයින් හැදෙන දරුවව මරන්න කියලා කියන්න ඔයා කොහොමද හිත හදා ගත්තෙ?පුංචි කාලෙ ඉදන්ම ඔයා ඉල්ලන ඉල්ලන දේ අරන් දීලා අපියි ඔයාව නරක් කරේ…………”
නිම්මි නෝනත් පැත්තකට වෙලා කදුලු හැලුවා.එයාට වුනත් දරා ගන්න බැරුව ඇති සුරාජ් මහත්තයා මෙහෙම දෙයක් කරා කිව්වම.
“දැන් අපි මොනවද සැම්සන් මේකට කරන්නෙ?නිම්මිගෙයි දෙව්ලිගෙයි දෙන්නගෙම ජීවිත අනතුරේ…………”
“කරන්නෙද?😡😡පේනවනේ පොඩි එකා පොඩි එකා කියලා පුංචි කාලෙ ඉදන්ම මූව හුරතල් කරලා දැන් කරලා තියන දේ.ගෑණුන්ගෙ ජීවිත මුන්ට සෙල්ලම් බඩු වගේ…………”😡😡
“අම්මා මං ලෑස්තියි දෙව්ලිව බාර ගන්න.ඒ දරුවා මගේම කියලා හිතා ගන්න………..”
දෙයියනේ මනෝජ් මහත්තයා😱😱😱
මතු සම්බන්දයි