කාමරේ ඇතුලට ආපු ගමන්ම සුරාජ් මහත්තයා දොර වහලා දැම්මා. සුරාජ් මහත්තයා හිටියේ හොදටම තෙමිලා.

“මට ටවල් එක දෙනවකෝ.හොදටම තෙමුනා ඕයි……….”

කබඩ් එක ඇරලා මං මගෙ ටවල් එක අරන් සුරාජ් මහත්තයට දුන්නා.මේ වැස්ස නම් අඩු වෙන පාටක් නෑ.තාමත් මහ හයියෙන් වහිනවා.සුරාජ් මහත්තයා මොකටද මගේ කාමරේට ආවෙ ටවල් එකක් ඉල්ලන්න?එයාගෙ කාමරේට ගිහිල්ලා ඔලුව පිහදාගන්න තිබ්බනේ.ඇදගෙන හිටපු ටී ෂර්ට් එකයි ඩෙනිමයි ගලෝලා ටවල් එක ඇදගත්තා.

“මහත්තයා දැන් යන්න.කවුරු හරි දැක්කොත් එහෙම මහත්තයා මං ඉන්න කාමරේ ඉන්නවා.ඒක හොද නෑනෙ……….”

“ගෙදර කවුරුවත් නෑනෙ දෙව්ලි.ඇයි තමුසෙ නිකන් බොරුවට බය වෙලා? මෙන්න මෙහාට එනවා……….”

සුරාජ් මහත්තයා මගෙ අතින් ඇදලා එයාගෙ තුරුලට ගත්තා.මං හිටියෙ හොදටම බය වෙලා.පපුවත් එක්ක ගැහෙනවා.දෙයියනේ සුරාජ් මහත්තයා මට කරදරයක් කරයිද?අනේ එහෙම නම් වෙන්න එපා.

“අනේ මාව අතාරින්න මහත්තයා………”

“තමුසෙ ඇයි මේ බය වෙලා?මට ඇත්ත කියනවා තමුසෙ මට ආදරෙයි කිව්වෙ බොරුවටද?මාව තමුසෙට පිට කෙනෙක්ද?………..”😠😠

“අනේ නෑ මහත්තයා මං මහත්තයට ඇත්තටම ආදරෙයි.ඒත් මට බයයි……….”

“බය වෙන්න එපා දෙව්ලි.මාව අයිති තමුසෙට විතරයි.තව ටික කාලයක් ඉන්නවකෝ.මං තමුසෙව කසාද බදිනවා……….”

එහෙම කියපු සුරාජ් මහත්තයා උමතුවෙන් වගේ මගෙ දෙතොල් සිප ගත්තා.පපුව පුරා සිහින් ගැස්මක් ඇති වෙද්දී සුරාජ් මහත්තයා මං ඇදන් හිටපු ගව්මේ අත් දෙක උරහිසින් පැන්නුවා.

“අනේ එපා මහත්තයා.මේ දේ නම් කරන්න එපා.මට ජීවත් වෙලා වැඩක් නෑ……….”😥😥

“ඒ කියන්නෙ තමුසෙ මාව රැවැට්ටුවා දෙව්ලි.තමුසෙට මේ දේවල් දෙන්න වෙන කවුරුහරි ඉන්නවද?………..”😠😠

මගෙ කට මිරිකගෙන,ඇස් රතු කරගෙන සුරාජ් මහත්තයා එහෙම ඇහුවා.ඒ හැඩි දැඩි දෑත් වලට මිරිකිලා මගෙ කට ඇතුලෙන් රේ රසයක් දැනුනා.මගෙ ඇස් වලින් කදුලු වැටුනා.

“අනේ මහත්තයා මං කවදාවත් ඔයාව රැවැට්ටුවෙ නෑ.මං ආදරේ මහත්තයට විතරයි.ඒත් මට බයයි………..”😭😭

“බය වෙන්න එපා දෙව්ලි මේ දේවල් කලින් සිද්ද වුනා කියලා මං තමුසෙව දාලා යන්නෑ.මං තමුසෙට ආදරෙයි දෙව්ලි.මේ ඇස් දෙකෙන් එහා ලෝකයක් මට නෑ.මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් මං ඔයාව කසාද බදිනවා.මාව විශ්වාසයි නේද?කියන්න………..”

දෝතින්ම මගේ මුහුණ මැදි කරගෙන සුරාජ් මහත්තයා එහෙම අහද්දී මට ඒ ඇස් දිහා බැලුනා.වෙනදා නොදුටු අමුතු ආකර්ශනයක් අද ඒ දෑස් තුලින් මං දැක්කා.ඒ ආදරණීය බැල්ම අතරේ තව දුරටත් හිර වෙලා ඉන්න මට පුලුවන් කමක් නැති වුනා.ඔලුව වනලා ඔව් කියපු මං ඒ පපු තුරුලේ උණුසුමට ගුලි වුනා.මා ඇද උන් ගව්ම ඇගෙන් ඉවත් කර බිම පතිත වන්නට ඉඩ හැරි සුරාජ් මහත්තයා මාව හරහට ඔසවාගෙන සයනය මතින් තිබ්බා.ඇගලාගෙන සිටි ටවල් එක ගලවා පැත්තකට දැමූ සුරාජ් මහත්තයා මගේ සිරුරට බර වුනා.

මොහොතින් මොහොත ගෙවිලා.අපගේ කෙදිරිලි හඩවල් කාමරය පුරාම රැව් දෙන්නට ඇති.මට මගෙ රත්තරං අම්මාගේ අහිංසක මුහුණ මැවිලා පෙනුනා.ඇය කදුලු පිරි දෙනෙතින් මං දිහා බලාගෙන හිටියා.ඒත් මං දැන් පරක්කු වැඩියි.කාමරයේ බිත්ති ඔරලෝසුවේ පාන්දර එකයි තිහ ලෙස වේලාව සටහන්ව තිබුනා.මේසය මත දැල්වූ ඉටි පන්දමද නිවිලා ගිහින්.සුරාජ් මහත්තයා මගේ නිරුවත් පපුව මත හිස තබාගෙන හොදටම නිදි.දැන් නම් කරන්ට් ඇවිල්ලා වගේ.කාමරේ කුඩා විදුලු බල්බය දැල්වූ මං සුරාජ් මහත්තයාව අවදි කරා.

“මහත්තයා නැගිටින්නකෝ……….”

දෙතුන් සැරයක් කතා කරාට පස්සෙයි සුරාජ් මහත්තයා නැගිට්ටෙ.ඇද මතම වාඩි වූ සුරාජ් මහත්තයා මගෙ දෑස් දිහාම බැලුවා.මගෙ ඇස් වලට කදුලු පිරෙන්න ඒ හැටි වෙලාවක් ගියෙ නෑ. මං හොදටම ඇඩුවා.😭😭සුරාජ් මහත්තයා මගෙ ඇස් වල කදුලු පිහදාලා කටහඩ අවදි කරා.

“අඩන්න එපා දෙව්ලි.මං ඉක්මනටම තමුසෙව කසාද බදිනවා.දැන් මං මගෙ කාමරේට යන්නම්.ඔයා ඉක්මනට මේක ඇද ගන්න……….”

ඇද පාමුල වැටී තිබූ ගව්ම අරන් මං ගාවට දාපු සුරාජ් මහත්තයා එහෙම කිව්වා.ඇදෙන් නැගිටපු සුරාජ් මහත්තයා එයාගෙ ඇදුම් ටික ඇද ගත්තා.අමාරුවෙන් හරි ගව්ම ඇද ගත්තු මං ඇදෙන් බහින්න හදද්දිම දැක්කේ බෙඩ්ශීට් එකේ තැනින් තැන සටහන්ව තිබූ රුධිර පැල්ලම්.ඒක සුරාජ් මහත්තයාත් දැක්කා.මට ඒක දැකලා මහ හයියෙන් ඇඩුනා.😭😭සුරාජ් මහත්තයා ඇදෙන් වාඩි වෙලා මාව එයාගෙ පැත්තට හරවගෙන මගෙ නලල සිපගෙන”අයි ලව් යූ දෙව්ලි” කියලා කිව්වා.

“මං කාමරේට යනවා.ඔයා දැන් නිදා ගන්න………..”

එහෙම කියපු සුරාජ් මහත්තයා දොර ඇරගෙන එයාගෙ කාමරේට ගියා. නිදා ගන්න නින්ද අහලකටවත් ආවෙ නෑ. ජීවිතේ ගැන මට දැනුනේ අවිනිශ්චිත බියක්.සුරාජ් මහත්තයා මාව කසාද බදිනවා කියලා පොරොන්දු වුනානෙ. මට මහත්තයව විශ්වාසයි…………ඒත් එහෙම විශ්වාසයි කියලා හිතුවත් මගෙ හිතට මහා අමුත්තක් දැනුනා.ඇදෙන් නැගිටපු මං කාමරේ ලයිට් එක දැම්මා.

දැන් වෙලාව පාන්දර හතරයි විස්සයි. ඇදේ බෙඩ් ශීට් එක මාරු කරපු මං කණ්ණාඩි මේසෙ ගාවට ගිහින් කොණ්ඩෙ පීර ගත්තා.කොණ්ඩෙ එක ගුලියකට ගැට ගහගන්නකොටයි මං දැක්කෙ බෙල්ලෙ දකුණු පැත්තෙයි පපුව පුරාමයි රත් පැහැ ගැන්විච්ච සළකුණු.වෙන ගව්මක් ඇද ගත්තු මං දත් මැදලා මූණ කට හෝදගෙන කුස්සියට යද්දී සිරියාවතී නැන්දා වතුර ලිපේ තියනවා.

“ආ උඹ නැගිට්ටද දුවේ?මං මේ දැනුයි වතුර ලිපේ තිබ්බෙ………..”

“ටිකක් නින්ද ගියා නැන්දෙ.දැන් නම් වැස්ස පායලා වගේ………..”

“ආ දුවේ මේ තේ එක පුංචි මහත්තයට දීලා ඉක්මනට වරෙන්.වැඩි වෙලා පුංචි මහත්තයගෙ කාමරේ ඉන්න එපා……….”

“ඒ……ඇයි නැන්දෙ?………..”

“මං උඹට කලින් කියලා තියනවනේ ඔය අයියා වගේ නෙවෙයි මල්ලි මහ කුපාඩියා.ඇහැට කනට පේන්න ඉන්න කෙල්ලෙක්ව දකින්න බෑ ඇඹලයා වගේ.උඹ පරිස්සම් වෙලා ඉදපන්.මං දැක්කා කීප වතාවක්ම උඹ දිහාත් අමුතු තාලෙකට බලනවා………..”

අනේ දෙයියනේ සුරාජ් මහත්තයා ඇත්තටම එහෙම මනුස්සයෙක්ද?අනේ එහෙම නම් වෙන්න එපා.දැන් මට කොහොමටත් සුරාජ් මහත්තයගෙන් ඈත් වෙන්න බෑ.එහෙම හිතපු මං තේ එක අරගෙන සුරාජ් මහත්තයා ඉන්න කාමරේට ගියා.මහත්තයා නිදාගෙන හිටියෙ.

“මහත්තයා තේ ගෙනාවා………..”

පාත් වෙලා සුරාජ් මහත්තයගෙ උරහිසට අත තියලා හොලවලා එහෙම කියද්දී එකපාරටම සුරාජ් මහත්තයා මගෙ අතින් ඇද්දා.ඒ ඇදපු පාරට මාව සුරාජ් මහත්තයගෙ පපුව උඩටම වැටුනා.මට නැගිටින්න නොදීම දෑත් මගේ පිට හරහා යවපු සුරාජ් මහත්තයා මාව ඒ පපුවට තුරුල් කර ගත්තා.

“අනේ මාව අතාරින්න මහත්තයා. සිරියාවතී නැන්දා ආවොත් එහෙම දකියි…………”

“එහෙනම් කිස් එකක් දෙනවා……….”

“අනේ මහත්තයා……….”

“එහෙනම් යන්න දෙන්නෑ………..”

මං හිමිහිට පාත් වෙලා සුරාජ් මහත්තයගේ කම්මුලක් සිපගත්තා. ඊට පස්සෙයි සුරාජ් මහත්තයා මාව අතෑරියේ.

“දෙව්ලි……….”

කාමරේ දොර ගාවට යද්දී සුරාජ් මහත්තයා මට ආපහු කතා කරා.

“ඇයි මහත්තයා?………..”

“රෑට දොර ලොක් කරන්න එපා………..”

මං ඒකට උත්තරයක් නොදී කුස්සියට ආවා.

🔥❤️🔥

ධම්මි නෝනයි සැම්සන් මහත්තයයි ගෙදර නැති දවස් වලට විතරක් නෙවෙයි අනික් දවස් වලට පවා සුරාජ් මහත්තයා රෑට හොරෙන්ම මගේ කාමරේට ආවා.මුලදි මං අකමැත්තෙන් වගේ සුරාජ් මහත්තයත් එක්ක හිටියත් පස්සෙ පස්සෙ මට සුරාජ් මහත්තයගෙ ඒ උණුසුම නැතුවම බැරි වුනා.මේ විදියට ටික කාලයක් ගෙවිලා ගියා.

අපි හැමෝටම හොරෙන් ආදරේ කරා. කවුරුවත් අපි ගැන දැන ගත්තෙ නෑ. ඒත් එක දවසක් ධම්මි නෝනා කියපු දෙයින් මගෙ ඔලුවට අකුණක් වැදුනා වගේ දැනුනා.

“පොඩි පුතා හරිම හිතුවක්කාරයි. කියන කිසිම දෙයක් අහන්නෙ නෑ.මායි මහත්තයයි මේ කතා වුනේ දෙව්ලි පොඩි පුතාට කසාදයක් කරලා දෙන්න. අපි කෙල්ලෙක්ව හොයලයි තියෙන්නෙ. එයාලා හෙට උදේ මෙහෙ එනවා.ඔයයි සිරියාවතීයි කෑම ලෑස්ති කරන්නකො………..”

ධම්මි නෝනා ඒ කියපු දෙයින් මගෙ හුස්ම නතර වෙනවා වගේ මට දැනුනා. අනේ දෙවියනේ සුරාජ් මහත්තයව මට අහිමි වෙයිද?අනේ මං කොහොමද එයාව නැතුව ජීවත් වෙන්නෙ?😥😥නෑ……සුරාජ් මහත්තයා මට පොරොන්දු වුනා මාව තනිකරන්නෙ නෑ කියලා.

🔥❤️🔥

“තමුසෙ බය වෙන්නැතුව ඉන්නවා දෙව්ලි.මං තමුසෙව ඇරෙන්න වෙන කෙල්ලෙක්ව කසාද බදින්නෙ නෑ.ඔය මගුල කවදාවත් සිද්ද වෙන්නෙ නෑ……….”

“මට සුරාජ් මහත්තයව විශ්වාසයි.ඒත් මට බයක් දැනෙනවා.ලොකු නෝනයි මහත්තයයි මොන වගේ තීරණයක් ගනීද දන්නෑ……….”

“එයාලා මොන තීරණේ ගත්තත් මං තමුසෙත් එක්ක ඉන්නවා……….”

පහුවදා උදේම මායි සිරියාවතී නැන්දයි එකතු වෙලා කෑම හැදුවා.සුරාජ් මහත්තයාට බලපු මනමාලිගෙ කට්ටිය උදේ අට වෙද්දී ආවා.මං හිටියේ දරා ගන්න බැරි තරම් දුකකින් වගේම වේදනාවකින්.ටික වෙලාවක් යද්දී මනෝජ් මහත්තයා කුස්සියට ආවා.

“තේ ටික අරන් එන්න දෙව්ලි………”

“හ්….හා මහත්තයා……….”

“මොකෝ දරුවො මේ බය වෙලා වගේ……….”

“න්…..නෑ…..මොකුත් නෑ මහත්තයා……….”

“වේදනාවක් දැනුනම ඒක දරා ගන්න පුරුදු වෙන්න.පිච්චෙන බව දැන දැනත් ගින්දර ලං කර ගත්තෙ ඇයි?……..”🔥🔥

දෙයියනේ මනෝජ් මහත්තයා මොනවද මේ කියන්නෙ?එයා මගෙයි සුරාජ් මහත්තයගෙයි සම්බන්දෙ ගැන මොනවා හරි දැනගෙනද?මං දිහා බලන් හිටපු සුරාජ් මහත්තයා තේ ටික අරන් එන්න කියලා කුස්සියෙන් ගියා.

තේ ටික ට්‍රේ එකේ තියාගෙන මං සාලෙට ගියා.එක්වරම මගෙ නෙත් වලට අසු වුනේ සුරාජ් මහත්තයා අර ගෑනු ළමයත් එක්ක හිනා වෙවී කතා කර කර හිටපු හැටියි.මගේ හිත මහා අමුතු දුකකින් දැවිලා ගියා.මාව දැකපු සුරාජ් මහත්තයා ගැස්සුනා වගේ වුනා.
මං එතන හිටපු හැමෝටම තේ ඇල්ලුවා.

“මෙච්චර ලස්සන කෙල්ලෙක් සවන්ට් කෙනෙක් වුනා කිව්වම පුදුමයිනෙ. මොකක්ද පුතේ ඔයාගෙ නම?………..”

එහෙම ඇහුවෙ මනමාලිගෙ අම්මා. එයාලා හරිම කරුණාවන්ත මිනිස්සු කියලා මට තේරුණා.

“මගෙ නම දෙව්ලි……….”

“ඔය දරුවගෙ අම්මයි තාත්තයි නැද්ද?…………”

මං නෑ කියලා දුකින්ම ඔලුව වැනුවා.ඊට පස්සෙ කිසිම දෙයක් ඒ ගෑනු කෙනා මගෙන් ඇහුවෙ නෑ.මගෙ ඇස් වලට කදුලු පිරුනා.මං ට්‍රේ එකත් අරගෙන කුස්සියට ආවා.

කෑම ටික මේසෙට යවලා ඉවර වෙලා මං කුස්සිය අස් කරන්න පටන් ගත්තා.

“දුවේ ඔයත් කාලා ඉන්න………”

“මං පස්සෙ කන්නම් නැන්දෙ.නැන්දා කන්නකෝ………..”

එහෙම කියලා සිරියාවතී නැන්දා මිදුලට ගියා.

“පුතේ මට වතුර එකක් දෙන්න……….”

එහෙම කියාගෙන කුස්සියට ආවෙ සුරාජ් මහත්තයට බලපු මනමාලිගෙ තාත්තා.මං ඒ මනුස්සයට වතුර වීදුරුවක් දුන්නා.ඒ මනුස්සයා මං දිහා අමුතු විදියකට බලන් හිටියා.ඒ ජරා විදියටවත් නරක විදියටවත් නෙවෙයි. මටත් ඒ මනුස්සයව දැක්කම මහ අමුත්තක් දැනුනා.ඒත් ඒක මොකක්ද කියලා කියාගන්න මට තේරෙන්නෙ නෑ.

“ඔය ළමයගෙ අම්මා ජීවතුන් අතර නැද්ද?………..”

“නෑ මහත්තයා…………”

“එයාගෙ නම මොකක්ද?………..”

ඒත් ඇයි මේ මනුස්සයා මගෙ අම්මා ගැන අහන්නෙ?🤔🤔

“දිල්රාණි………..”

මං එහෙම කිව්වම ඒ මනුසයා නිකටට අත තියාගෙන කල්පනා කර කරම කුස්සියෙන් ගියා.ඒ ගැන නොහිතා මං කෑම එකක් බෙදාගෙනම කුස්සියට වෙලා කෑවා.

🔥❤️🔥

දුකින් වේදනාවෙන්ම ජීවත් වුනු මගෙ හිස මතට හෙනයක් වැදුනා වගේ💥⚡ දැනුනේ සුරාජ් මහත්තයා ඒ කසාදෙට කැමැත්ත දුන්නා කියලා ධම්මි නෝනා කියද්දී.දෙයියනේ ඒ කියන්නෙ සුරාජ් මහත්තයා මට පෙන්නුවෙ බොරු ආදරයක්ද?😭😭

“තමුසෙට මං කියන ගානක් දෙන්නම් මගෙන් ඈත් වෙලා ඉන්නවා.මං නිම්මි ව මැරි කරනවා.ඒක නවත්තන්න ආවොත් එහෙම මං තමුසෙව අම්මා ගිය ලෝකෙටම යවනවා.වැඩ කාර හිගන්නි ආවා මෙතන ගුණවර්ධණ පව්ලෙ ලේලි වෙන්න……….”😡😡

හිතක් පපුවක් නැති විදියට සුරාජ් මහත්තයා එහෙම කියද්දී මගෙ පපුව සත් කඩකට කැඩිලා යනවා වගේ මට දැනුනා.සිරියාවතී නැන්දා මට කියපු දේවල් ඇත්ත එහෙනම් සුරාජ් මහත්තයා හොද මනුස්සයෙක් නෙවෙයි.ඒත් දැන් මං පරක්කු වැඩියි.

“තමුසෙට දැන්ද සුරාජ් මහත්තයා මාව හිගන්නියක් කියලා පේන්නෙ?මගෙ රෙදි ගලෝනකොට මතක් වුනේ නැද්ද මං වැඩකාර හිගන්නි කියලා.තමුසෙ මගෙ ජීවිතේ විනාශ කරා.බය වෙන්න එපා මං ඔයාගෙ මගුල කඩන්නෙ නෑ සුරාජ් මහත්තයා.මැරෙන්න මොහොතක් තියලා හරි තමුසෙට මෙ කරපු අපරාධෙට දඩුවම් ලැබෙයි………..”😠😭😭😭

ඊට මාසෙකට පස්සෙ සුරාජ් මහත්තයගෙයි නිම්මි නෝනගෙයි වෙඩින් එක දා ගන්න දින නියම කර ගත්තා.මාස එකහමාරක බඩකුත් උස්සගෙන මං සුරාජ් මහත්තයගෙ දෙපා ළග වැද වැටිලා බැගෑපත් වෙලා ඉල්ලුවා දරුවා ගැන හිතලාවත් මාව කසාද බදින්න කියලා.ඒත් ඒ දේවල් වලින් වැඩක් වුනේ නෑ.තවත් මං එයාගෙ පස්සෙන් ආවොත් මාව මරණවා කියලා තරජනේ කරා.සුරාජ් මහත්තයා මට කීප වතාවක්ම තර්ජනේ කරා දරුවා නැති කරන්න කියලා.ඒත් මං ඒක එකපාරින්ම ප්‍රතික්ෂේප කරා.අන්තිමේදි සුරාජ් මහත්තයා කිව්වෙ👇👇👇

“එහෙනම් උඹ ඔය හිගන පැටියව හදා ගනිං.හැබැයි මේ කාළකණ්ණියා මගේ කියලා කාටහරි කියලා තිබ්බොත් මං උඹව ඕකාත් එක්කම පර ලෝකෙට යවනවා……….”😡😡

හිතක් පපුවක් නැති තමන්ගෙම ලේ වලටයි සුරාජ් මහත්තයා එහෙම කිව්වෙ.

ඒ දවස් ටිකත් ගෙවිලා ගියා.අද සුරාජ් මහත්තයගෙයි නිම්මි නෝනගෙයි වෙඩින් එක.මං කාමරේ මුල්ලට වෙලා ඇති තරම් කදුලු හැලුවා.

මල් පිපුනා ඔබේ මංගල දිනයේ……..
ඒ මල් සුවදයි මා හඩවන්නේ………
හසරැලි මාලා සුදු මුව කමලේ………
කවදාදෝ මා යලි දැක ගන්නේ……..

මල්වැහි පල්න්දා එදා කූඩුවේහී……..
තැලි පිලි අන්දා ගැයුවෙ නෑ සිලෝ ගී……
මහදේ නැගෙනා ගැයූ ගී අතීතේ……..
කදුලක් වූවා සදා මේ කිරිල්ලී……..

මුවගින් හිනැහී මවා සිනා රැලී………
මනසින් හැඩුවා සදා මේ කිරිල්ලී………
😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭

නැවත හමුවෙමු