දැන් නම් ශෂීන්ද්‍රට ගොඩාක් සනීපයි. තනියම එයාගෙ වැඩ කරගන්න පුලුවන්. සනීප වුනා විතරයි මේ මළ යකාට එක තැනක ඉන්න බෑ ඇවිදින්නමයි හදන්නෙ.
“ශෂී ඔන්න මං නොකිව්වයි කියන්න එපා. මාස හයක්වත් යනකල් ඔයාට මහන්සි වෙන්න එපා කියලා ඩොක්ටර් කිව්වා.ඒ හින්දා වෙනදා වගේ රෑ වෙනකල් කොහේවත් ගිහින් ඉන්න බෑ.හවස හය වෙන්න කලින් ගෙදර එන්න ඕනි . තේරුනාද?……….”
මං ශෂීන්ද්‍ර ඒ විදියට ටිකක් විතර සැරෙන් කිව්වා.හොදින් කියලා නම් මේ යකාව හදාගන්න බෑ.
“අනේ මැණික මට දැන් හොදටම සනීපයි. ඔයා බය වෙන්න එපා ඉතිං………”
“සනීපයි තමයි ඒත් මාස හයක්වත් යනකල් මහන්සි වෙලා වැඩ කරන්න එපා කියලා ඩොක්ටර් කිව්වා ඔයාට මතකයිනෙ……….”
“මට මතක නෑනෙ………”😁🤔
“මොකක්ද කිව්වෙ?මතක නැද්ද ආ?………”
මං ටිකක් හයියෙන් ශෂීන්ද්‍රගෙ කණ අල්ලලා මිරිකුවා.හැම දෙයක්ම විහිලුවට ගන්නයි මේ මනුස්සයා දන්නෙ.
“ආව්….රිදෙනවා යස්සනියේ අතෑරපන් මගෙ කණ.අතෑරපං යකෝ.මං හය වෙන්න කලින් ගෙදර එන්නම්………”
එහෙම කිව්වට පස්සෙයි මං කණ අතෑරියෙ.පව් ඉතිං මට ටිකක් දුකත් හිතුණා.ශෂීන්ද්‍රගෙ කණත් හොදටම රතු වෙලා තිබුනා.
“තරහද මහත්තයෝ?……….”😁😉
මං කොලොප්පමට වගේ ශෂීගෙ අතේ එල්ලිලා එහෙම ඇහුවා.අම්මෝ😱මේ යකාගෙ මුහුණෙ තියන නපුරු කම. හොදටම තරහ ගිහින් වගේ.මට නම් බයකුත් දැනුනා.කණ අත ගගා ශෂීන්ද්‍ර මං දිහා බැලුවේ මහා නපුරු විදියට.තව ටිකක් වෙලා මෙතන හිටියොත් මේකා මගෙ කොහෙන් අල්ලලා මිරිකයිද දන්නෑ. මං ටක්ගාලා ටවල් එක අරන් බාතෲම් එකට ගිහින් දොර වග ගත්තා.අයියෝ……. සංජානා ඔයා නම් අද ඉවරයි.අර යකාගෙ තරහ නිවුනෙ නැත්නම් මං ඔයාව රෑ කෑමට ගනියි.😩😩
බයටම මං පැයක් විතර නා ගත්තා. සැහැල්ලු ගව්මක් ඇදගෙන කොණ්ඩෙත් පිහ දා ගත්තු මං බැලුවා ශෂීන්ද්‍ර කොහෙද කියලා.කොහෙ ගියාද දන්නෑ.වහින්න වගේ.වටපිටාව හොදටම කලුවරයි. මේකා මාත් එක්ක ඇත්තටම තරහා වුනාද දන්නෑ.අයියෝ ඉතිං මාත් හයියෙන්ම කණ මිරිකුවනේ.පව් ගොඩාක් රිදෙන්න ඇති.එකපාරටම මහ හයියෙන් වැස්සක් වහින්න පටන් ගත්‍තා. ඒත් මං වැස්ස දිහා බලාගෙන බැල්කනියටම වෙලා හිටියා.ටික වෙලාවකින් මං දැක්කා ශෂීන්ද්‍ර කාමරේට එනවා.මං නොදැක්ක ගානට හිටියා.මගෙ පපුවත් ගැහෙන්න ගත්තා.හුලං අල්ල අල්ල වහින්න පටන් ගත්තා.
“ඇස් පේන්නැද්ද ඕයි එලියෙ වහිනවා.ඔය ජනේල් ටික වහලා දානවා………”
ශෂීන්ද්‍ර කාමරේ ඉදන්ම මට කෑ ගැහුවා. මං ඉක්මනටම ජනේල් ටික වැහුවා.මං දෙයියො සිහි කර කර කාමරේට ආවා.🙏😩කබඩ් එක ඇරලා පොරවන්න සීට් එකක් අරගෙන මං හිමිහිට ශෂීන්ද්‍ර දිහා බැලුවා.ශෂීන්ද්‍ර මට රවලා අහක බලා ගත්තා.රවනකොටත් මෙයාගෙ අමුතු ලස්සනක් තියනවා.හපන්න හිතෙනවා කට😁😁කබඩ් එක වහලා මං ඇදෙන් ඇල වුනා.මොකුත් හිතන්න කාලයක් තිබුනෙ නෑ.මං දිහාට හැරුනු ශෂීන්ද්‍ර මගෙ සිරුරට බර වෙලා අත් දෙක ඇද මෙට්ටෙට තියලා තද කර ගත්තා.
“දැන් මොකද කියන්නෙ ආ?……….”😁😉
“අනේ එපා ශෂීන්ද්‍ර……….”
මට එහාට හැරෙන්නත් බෑ.මෙහාට හැරෙන්නත් බෑ.ඒ මදිවට හුස්ම ගන්නත් අමාරුයි මේ යකා මෙහෙම ඉන්නකොට.
“අනේ එහාට යන්නකො ශෂීන්ද්‍ර.මට හුස්ම ගන්න බෑ……….”
මං අමාරුවෙන් වගේ එහෙම කියද්දී ශෂීන්ද්‍ර ටිකක් එහාට වුනා.ඒ ඇසිල්ලෙම මං නැගිටලා ඇදෙන් ඉදගත්තා.
“කොටි දෙන.බලනවා තමුසෙ කණ අල්ලපු පාරට තාමත් දැවිල්ලයි………”
“අනේ සොරි ශෂී………”
මං බිම බලාගෙන සොරි කිව්වා.
“සොරි??සොරි නෙවෙයි තමුසෙට මේකට හොද දඩුවමක් දෙන්න ඕනි.කෝ පහු ගිය කාලෙ මට ඇදෙන් බහින්නවත් හම්බුන්නෑනෙ මේ ඔපරේෂන් එක හින්දා………”
ඔව් ඉතිං.ඒ මාස ගානටම හරියන්න මාව අච්චාරු දායි.😁😁😉මං දන්නවන්නෙ මූට තියෙන්නෙ එසේ මෙසේ ගායක් නෙවෙයිනෙ.ඊළගට මාව තමයි ඔපරේෂන් කරන්න වෙන්නෙ.😁😄😄
“මොනවද කුටු කුටු ගාන්නෙ ආ?අද නම් මගෙන් බේරෙන්න හම්බෙන්නෙ නෑ නංගි තමුසෙට.එනවා මෙහාට?………”
මගේ පිටුපසින් හිටපු ශෂීන්ද්‍ර මගේ බඩ වටේට අත් දෙක යවලා ඒ පපුවට හේත්තු කර ගත්තා.ඒ ඇගිලි තුඩු වලින් මගේ හිසකෙස් පසෙකට කල ශෂීන්ද්‍ර මගෙ ගෙල පිටුපස සිප ගත්තා.ඒ කම්මුල් තොල්පෙති මගේ ගෙලෙහි දගකාරකම් කරද්දී නම් මටත් ඉවසන්න බෑ.මං හිමින් හිමින් ශෂීන්ද්‍රගෙ හිස් කෙස් අතර මගේ දෑගිලි යැව්වා.සෙමින් සෙමින් මා ඇද උන් ගව්මේ පටි දෙක පැන්නූ ශෂීන්ද්‍ර මාව සයනය මත සතපවා මගේ නෙත් වලට එබුනා.මට ඒ දෙනෙත් දෙස බලා ඉන්නට බැරි අපහසුතාවයක් දැනුනා.මං අහක බලා ගත්තා.ඒ ඇසිල්ලේම මගේ නෙත් දෙසම බලා හුන් ඔහු මගේ පපුව මත ඒ දෙතොල් තැබුවා.
ඔහුගේ ග්‍රහණය දැඩි වද්දී නම් මට වේදනාවක් දැනෙන්නට වුනා.
“ඌයි මෝඩයෝ රිදෙනවා හපන්න එපා………”
අයියෝ සංසාරේ…..භූමිකම්පාවක් වත් එනවා නම් දැන්.😁😆😄😉
🌨️🌧️⛅
දැන් නම් වැස්ස පායලා වගේ. ඔරලෝසුවේ වෙලාව උදෑසන හත ලෙස සටහන්ව තිබුණා.🕖ශෂීන්ද්‍ර නම් දැන්ම නැගිටින පාටක් නෑ.මගේ බඩට උඩින් අතකුත් දාගෙන ඇග උඩින් කකුලකුත් දාගෙන එයා හොදටම නිදි.මං හිමිහිට ඒ අතයි කකුලයි පැත්තට කරලා ඇදුමත් හදාගෙන ඇදෙන් නැගිටලා බාතෲම් එකට ගියා.මුහුණ කට හෝදගෙන ඉවර වෙලා ඉවර වෙලා ඔලුවත් පීර ගත්තා. කණ්ණාඩියෙන් මගේ රූපය දකිද්දී මට අමුත්තක් දැනුනා.පපුව පුරාම රත් පැහැ ගැන්වූ සළකුණුයි දත් පාරවලුයි හිටලා තිබ්බා.ඒ මතින් ඇගිලි තුඩු යවමින් මං ශෂීන්ද්‍ර දිහා බැලුවා.එයා තවමත් හොදටම නිදි.මට හිතුණා එයාව ඇහැරවන්න.මං ගිහින් ඇදෙන් වාඩි වෙලා ශෂීන්ද්‍රගෙ මුහුණ දිහාම බලාගෙන හිටියා.මටත් වඩා ශෂීන්ද්‍ර සුදු නිසාද මන්දා ඒ මුහුණ රතු වෙනකල් සිපගන්න හිතුණා.ඒ හැගීමට ඉඩ දුන් මං පාත් වෙලා ඒ මුහුණ ටිකක් තද කරලා සිප ගත්තා.ඒත් මේකා නැගිටින්නෙ නෑනෙ.මට තරහකුත් දැනුනා.හිමින් හිමින් ඒ මුහුණේ හිනාවක් මතු වෙලා ආවා.යකෝ🤭🤭මූට නින්ද ගිහින් නෙවෙයිද හිටියෙ?විලි ලැජ්ජාවෙ බෑ දැන් නම්?
“මොකද මගේ මැණිකට මොනවා හරි ඕනි වෙලාද උදේ පාන්දරම?………”🤭😁
“මොකුත් ඕන්නෑ.ඊයෙ රෑ දීපුවා හොදටම ඇති.බලන්න පිස්සු බල්ලෙක් වගේ මාව හපලා කරන තියන දේ………”🤭😁😩😄
ගව්ම චුට්ටක් පාත් කරලා මං එහෙම කිව්වා.
“අනේ සොරි පැටියෝ.තරහ වෙන්න එපා මැණික ඉතිං.කෝ ඔහොම ඉන්නකෝ……….”😉😉
එහෙම කියලා ශෂීන්ද්‍ර ඒ පාරවල් වල ඒ දෙතොල් වල පහස රැන්දුවා.
“ඇති ඇති දැන් ගිහින් මූණ කට හෝදගෙන තේ බොන්න………”
“හෝදවන්න බැරිද?………”😄😄
“ශෂී………”😠😠
බොරුවට මටත් ඔරවලා ශෂීන්ද්‍ර බාතෲම් එකට රිංග ගත්තා.මටත් හිනා මේ පිස්සාගෙ වැඩ වලට ඉතිං.
💜️💜️💜️
දැන් දවස් කීපයක ඉදන් මගෙ හිතට මහා අමුත්තක් දැනෙන්න පටන් ගත්තා. මට මේ ගැන ශෂීට කියන්නත් බෑ.මේ යකා ඇත්තටම එහෙම හිතුවොත් එහෙම.බැරි වෙලාවත් එහෙම දෙයක් නෙවෙයි නම් එහෙම?🤔🤔කෝකටත් සුමනා නැන්දට කියලා බලනවා.එයා ඉතිං මගෙ අම්මා වගේනෙ.එහෙම හිතලා මං සුමනා නැන්දව හම්බෙන්න කුස්සිය පැත්තට ගියා.
“නැන්දෙ………”
“ආ නෝනෙ ඉන්න මං ටක්ගාලා කෑම ලෑස්ති කරන්නම්……….”
“නැන්දෙ මට නැන්දගෙන් දෙයක් අහන්න තියනවා……….”
“අනේ නෝනෙ ඕනම දෙයක් අහන්න……….”
“මේකයි නැන්දෙ……….”
මං සුමනා නැන්දට විස්තරේ කිව්වා.
“නැන්දෙ අපි හොස්පිටල් එකට ගිහින් බලමුද?……….”
“නෝනා මේ ගැන මහත්තයට කිව්වද?………”
“නෑ නැන්දෙ.ඩොක්ටර් හම්බෙලාම එන්න ඕනි………..”
“එහෙනම් අපි දැන්මම යමු නෝනෙ………”
ශෂීන්ද්‍රට බොරුවක් කියලා මායි සුමනා නැන්දයි හොස්පිටල් එකට ගියා.හොද වෙලාවට ඩොක්ටර් සුධාර හොස්පිටල් එකට ඇවිල්ලයි හිටියෙ.සුමනා නැන්දට එලියෙන් ඉන්න කියලා මං ඇතුළට ගියා.
“ඇයි නංගි ශෂීන්ද්‍රත් එක්කනෙ එන්න තිබ්බෙ………”
මං ඒකට මොකුත් කිව්වෙ නෑ හිනා වුනා විතරයි.
පැයකට පසුව👇👇👇
“සංජානා දැන් පරිස්සමින් ගෙදර ගිහින් ඉක්මනට මේ සුභ ආරංචිය ශෂීන්ද්‍රට කියන්න.හිමීට කියන්න.නැත්නම් ඌට සතුට දරාගන්න බැරුව හාට්ටැක් එකක් හැදෙයි………”
මං සුමනා නැන්දත් එක්ක ගෙදර ආවා.
“ඉක්මනට මේ සුභ ආරංචිය මහත්තයට කියන්න නෝනෙ.මහත්තයා ගොඩාක් සන්තෝශ වෙයි………”
“ශෂී………”
මං පිටි පස්සෙන් ගිහින් ශෂීන්ද්‍රගෙ බෙල්ල වටේට අත් දෙක යවලා තුරුල් වුනා.
“ඇයි මැණික?………”
“ඔයාට කියන්න දෙයක් තියනවා………”
“කියන්නකො සුදූ………”
“මං……ප්‍රෙග්නන්ට්……..”
“ඉතිං?……..”
මතු සම්බන්දයි❤️❤️❤️
ළමායී…..මොකද කියන්නෙ.බාල්දියක් පෙරලන්නද?අපිට නැති ලව් මොකටද උන්ට.🤭😆😂😁😄…….ඕන් දැන් කට්ටිය මට හොදටම බනිනවා ඇති ඉරිසියාකාරි කියලා