මැර හිතකට ලං වී 2
🌹”ශෂී…..ඔයාගෙ අම්මට කියන්න වෙයිද මේ ගැන?………”
“මොකක් ගැනද?……..”
“නෑ….මං මේ කිව්වෙ ඔයාව ඔපරේෂන් කරපු බව……..”
“එපා සංජු.හොදින් ඉන්න කාලෙ මං උන්නද මලාද කියලා හොයලා බලපු නැති අම්මා මේවා කිව්වා කියලා එන්නෙ නෑ……..”
පව්.මට ශෂීන්ද්‍ර ගැන දුක හිතුණා. දෙමව්පියන්ගෙ ආදරේ නැතුව දරුවො මොන තරම් දුක් වෙනවද?මොන තරම් අසරණ වෙනවද?
“ඉන්නකො මං ඔයාට කෑම අරන් එන්නම්………”
මං ශෂීන්ද්‍රට කෑමයි වතුරයි අරන් ඇවිල්ලා කවන්න පටන් ගත්තා.අද තියෙන්නෙ බත් එක්ක අලයි කැරට් බෝංචි.😁😀ශෂීන්ද්‍ර කෑම ටික කන්න ගත්තෙ ඕනවට එපාවට වගෙයි.
“මොකද ශෂී නිකන් වහ කනවා වගේ කන්නෙ?ඕක හරියට කන්නකො අනේ………”😠😠
“අනේ මට මේවා කන්න බෑ අප්පා………”
“එහෙම කියලා බෑ.ඩොක්ටර් කියපු කෑම ජාති ඇරෙන්න වෙන කිසිම දෙයක් දෙන්නෑ.සනීප වෙන්න නම් මේවා තමයි කන්න ඕනි එච්චරයි………”😠😠
“දැන් ඇති.වෙන නම් කන්න බෑ………”
අත හෝදගෙන ඇවිත් මං ශෂීන්ද්‍රට බෙහෙත් ටික බොන්න දුන්නා.
“ඔයා කෑවෙ නැද්ද සංජු?……..”
“දැන්ම කන්න බෑ වගේ.තව ටිකකින් කනවා………”
“මැණික………”
“හ්ම්ම්……….”
“පොඩ්ඩක් ඔලුව මසාජ් කරන්නකො……….”
මං ඇදේ වාඩිවෙලා ශෂීගෙ ඔලුව මගෙ ඔඩොක්කුවෙන් තියාගත්තා.ඊට පස්සෙ ඒ හිසකෙස් අතර සිහින්ව ඇගිලි තුඩු යවන්න පටන් ගත්තා.
“හරිම සනීපයක් දැනෙනවා ඔලුවට………”
“අපි දවල් වෙලා උණු වතුරෙන් නාමුකො ශෂී………”
“මැණිකට පුලුවන්ද මාව නාවන්න?………”
“පුලුවන් පුලුවන්………”
“ඔයාට ගොඩාක් පිං රත්තරං මාව මෙහෙම බලා ගන්නවට.මං හින්දා ඔයා ගොඩාක් මහන්සි වෙනවා………”
“මට ඉන්නෙ ඔයා විතරයිනෙ මහත්තයෝ………”
“ඇත්තද?මට නම් තව ගොඩාක් කට්ටිය ඉන්නවා………”😁😄😉
“මොකක්ද කිව්වෙ?………”😡
මං ශෂීන්ද්‍රගෙ කණ මිරිකුවා.
“ඌයි ගෑනියෙ කණ අතෑරපං.විහිලුවක් කරේ………”
කියව කියව ඉදලම ශෂීන්ද්‍රට මගෙ ඔඩොක්කුවෙම නින්ද ගියා.තව කී දවසක් මෙහෙම එකතැනටම වෙලා ඉන්න වෙයිද දන්නෑ.මගේ කටේ බලේටමයි ශෂීන්ද්‍ර මේ විදියට ඉන්නෙ. නැත්නම් මෙලහකටත් හැමතැනකම ඇවිදින්න ගිහින් තුවාලෙ පාරගෙන.මං හිමිහිට ඇදෙන් නැගිටලා ඔලුවට කොට්ටයක් තියලා නැගිට්ටා.හෝදන්න තියන සේරම රෙදි ටික හෝදලා වනලා ඉවර වෙලා වේලුනු රෙදි ටික නවලා කබඩ් එකට දැම්මා.
“නෝනා……කව්ද මහත්තයෙක් ඇවිල්ලා ශෂීන්ද්‍ර මහත්තයව හම්බවෙන්න ඕනි කියනවා.නෝනා පොඩ්ඩක් පල්ලෙහාට ඇවිත් බලන්නකෝ………”
මං පඩිපෙළ බැහැලා මිදුලට ඇවිත් ගේට් එක ලගට ගියා.කවුරු හරි කෙනෙක් කාර් එකක ඉදන් එලියට බැස්සා.
“ඔයා කව්ද?………”
ඒ මනුස්සයා මගෙන් එහෙම ඇහුවා.මං නම් මේ මනුස්සයව මීට කලින් දැකලා නෑ.අදයි පළවෙනි වතාවට දැක්කෙ.
“මං ශෂීන්ද්‍රගෙ වයිෆ්.ඔයා කව්ද?……….”
මාත් බොහොම ගරුසරුවෙන් එහෙම ඇහුවා.
“මොකක්??ඔයාද අපෙ අයියව කසාද බැන්දෙ?……….”
ආ….මේ ශෂීන්ද්‍රගෙ මල්ලිද?මට ශෂීන්ද්‍ර එක දවසක් මෙයා ගැන කියලා තියනවා.
“ඔ…..ඔව් ඇයි?………”
“අයියා කසාද බැන්දා කියලා අපිටත් ආරංචි වුනා.ඒත් මෙච්චර පුංචි කෙල්ලෙක් කියලා හිතුවෙ නෑ.කෝ අයියා?……….”
“ශෂීන්ද්‍රට සනීප නෑ.ඔපරේෂන් එකක් කර්ලා තියෙන්නෙ.අයියා එන්න ගේ ඇතුලට?………”
ශෂීන්ද්‍රගෙ මල්ලි මට වඩා අවුරුදු එකොලහක් වැඩිමහල්.ඉතිං මට එයාට මල්ලි කියන්න බෑනෙ.ශෂීන්ද්‍රගෙ මල්ලිත් එක්කම මං කාමරේට ආවා.සුමනාට කිව්වා බොන්න මොනවහරි හදාගෙන එන්න කියලා.
“ශෂී……ශෂී……පොඩ්ඩක් නැගිටින්නකෝ………”
“නිදා ගන්න දීපන්කො ගෑනියෙ.මට දැන්ම නාන්න බෑ යකෝ……….”😠😁😄
ශෂීගෙ මල්ලි අහක බලාගෙන හිනා වෙනවා මූ කියන ඒවට.මට ලැජ්ජාවෙ බෑ.
“ශෂී…..මේ මල්ලි ඇවිල්ලා………”
එතකොටයි ශෂීන්ද්‍ර ඇස් දෙක ඇරලා හරියට බැලුවෙ.මං ශෂීන්ද්‍රගෙ ඔලුවට කොට්ටයක් ඇදෙන් වාඩි කෙරෙව්වා.
“මල්ලි මේ පැත්තෙ?……….”
“අයියට මොකද වුනේ?මං මේ ලොකු පුතාගෙ යාලුවෙක්ගෙ උපන් දින පාටියට පෙරේදා මේ පැත්තෙ ආවා.මගෙ ෆෝන් එක එහෙ දාලා ඇවිල්ලා.ඒක අරගෙන යන ගමන් මං මේ අයියව බලන්න ආවෙ……….”
“ඔපරේෂන් එක එක කරලා දැන් සති දෙකක් විතර වෙනවා මල්ලි.කෝ නංගියි කොල්ලො දෙන්නයි?………”
“එයාලා ගෙදර ඉන්නවා.අයියා මැරි කරා කියලා මං දැන ගත්තෙ දැන් මාසෙකට කලින්.මං මේ අයියවයි අක්කවයි බලලා යන්නත් එක්ක ආවෙ………”
“මෙයා අක්කා නෙවෙයි නංගි………”
“ඒකනෙ.අම්මාත් අයියා ගැන මතක් කරා……..”
“එයාට මාත් එක්ක තරහ වෙලා ඉන්න තරම් මං වරදක් කරලා නෑ මල්ලි.පුංචි කාලෙ ඉදන්ම එයා මට සැළකුවේ පිට කෙනෙකුට වගේ………”
ශෂීන්ද්‍රගේ ඒ කතා වලින් මට හිතුණා අම්මා ශෂින්ද්රව අරන් හදාගෙනද කියලත්.
“අයියා දැන් ඒවට දුක් වෙන්න එපා. ජීවිතේ තනි නොතනියට කෙනෙක් ලගම ඉන්නවනේ……….”
“ඒක නම් ඇත්ත මල්ලි.සංජු හින්දා තමයි මට ජීවත් වෙන්න බලාපොරොත්තුවක් ඇති වුනේ……….”
“එහෙනම් අයියෙ මං ගිහින් එන්නම්………”
🌹🌹🌹
සුමනා නැන්දගේ උදව්වෙන් ශෂීන්ද්‍රව බාතෲම් එකට එක්කන් ගියා.බංකුවක් වගේ පුටුවක එයාව තියලා ඔලුව මගෙ ඔඩොක්කුවෙන් තියාගෙන පපුවෙ තුවාලෙ තෙමෙන්නෙ නැති වෙන්න නෑව්වා.
“ඔයාවත් තෙමෙනවනේ මැණික මාව නාවන්න ගිහිල්ලා………”
“එහෙම තමයි ඉතිං ලෙඩෙක්ව නාවනකොට………”
“මං හින්දා ඔයාට කරදරේ නේද සංජු?……..”
“අනිනවා ටොක්කක් ඔලුව හිල් වෙන්න. මට ඔයාව කරදරයක් නෙවෙයි ශෂී………”😠😠
නාවලා ඉවර වෙලා ශෂීන්ද්‍රව පුටුවෙන් වාඩි කරවලා ටවල් එකක් අරගෙන ඔලුව පිහදැම්මා.
“ඔයත් නාන්නකෝ……..”
“ඔහොම ඉන්නකෝ ඔයාව කාමරේට එක්කන් යනකල්………”
“ඇයි මං ඉන්න තැන නාන්න ලැජ්ජයිද?……..”😁😁
මං ශෂීන්ද්‍ර දිහා රවලා බැලුවා.මනමාල විදියට හිනා වෙමින් ශෂීන්ද්‍ර මං දිහාම බලාගෙන හිටියා.මට අමුත්තක් දැනුනා. ශෂීන්ද්‍ර එයාගෙ ඇස් වලින් මට යමක් පෙන්නුවා😉😁😀ශෂීන්ද්‍රව නාවනකොට මාත් තෙමිලා මං ඇදන් හිටපු ගව්ම ඇගටම ඇලිලා හොදට පේනවා.🤭😊😁 චික්…..මේ යකාගෙ ඇස් යන්නෙම මේ වගේ තැන්වලටනෙ.මං ටවල් එක ඇදගත්තා.
“මං දැක්කා………”😁😁
ශෂීන්ද්‍රට ටීෂර්ට් එක අන්දවලා සරමකුත් ඇන්දෙව්වා.
“මොකද රවන්නෙ?……..”
“ආසාවට……..”😏
මං ශෂීන්ද්‍රව අල්ලගෙන කාමරෙන් ගිහින් තියලා මාත් බාතෲම් එකට ගිහින් හොදට නා ගත්තා.මේ යකාව නාවන්න ගිහින් මාවත් හොදටම තෙමුනා.
🌹🌹🌹
දැන් නම් ශෂීන්ද්‍රට ටිකක් සනීපයි.දවස් තුනෙන් තුන බෙහෙත් දාන්න හොස්පිටල් එකට එක්කන් යනවා.
“ශෂී,දැන් ටිකක් සනීප වුනාට ඇවිදින්න එහෙම යන්න ලෑස්ති වෙන්න එපා තේරුනාද?ඩොක්ටර් කියපු විදියට තව මාසයක් විතර යනකල් ගෙදරටම වෙලා ඉන්න……….”
“එපා වෙනවා අප්පා.දැන් කී කාලයක්ද එකතැනටම වෙලා ඉදලා……….”
“එහෙම තමයි ඉතිං.හරියට සනීප වෙන්න නම් පරිස්සම් වෙන්න ඕනි……….”
“ආදරෙයි මැණිකට………”
ශෂීන්ද්‍ර මගෙ කම්මුල මත එයාගෙ කම්මුල තෙරපවමින් එහෙම කිව්වා.
“මාත් ආදරෙයි ශෂී……….”
ශෂී මගේ හිසකෙස් අතර ඇගිලි තුඩු යවමින් මගේ නෙත් දිහාම බලාගෙන හිටියා.ඒ බැල්ම අතරේ මට හිර වෙලා ඉන්න බැරි වුනා.මං දෑස් පියා ගත්තා.
“ඒයි මොකද නිදිමතද ඇස් පියා ගත්තෙ?………”
ශෂීන්ද්‍ර මගෙ කම්මුලට තට්ටු කරමින් එහෙම ඇහුවා.
“න්…..නෑ……නිකන්………”
“නෑ නිකන් වෙන්න බෑ……….”
“මෝඩයා………”
“මට මෙහෙම ඉන්න අමාරුයි අප්පා. පොඩ්ඩක් එහාට යන්නකො………”
මං ටිකක් එහාට ගිහින් ශෂීන්ද්‍රට ඉඩ දුන්නා.
“ඒයි පොඩ්ඩයි එහාට යන්න කිව්වෙ. මෙහාට එනවා………”😀😄
ශෂීන්ද්‍ර මගෙ අතින් ඇද්දා.තව පොඩ්ඩෙන් ඒ ඇදපු පාරට මං ශෂීගෙ පපුව උඩටම වැටෙනවා.මේ යකාට නම් පොඩ්ඩක් සනීප වීගෙන එද්දී විසේ ගහලා.😁😁
“ශෂී ඔයාට නම් තියෙන්නෙ පුදුම විසයක් තමයි.චුට්ටක් හරියට සනීප වුනා විතරයි නටන්න ලෑස්ති වෙනවා.ගුටි කන්න එපා මගෙන්……….”😠😁😁
මං බොරුවට වගේ ශෂීන්ද්‍රට සැර කරා.
“මං බය වෙයි.ඉන්නවකෝ ඔහොම ඉවසලා තව ටික දවසක්……….”😀😁
මතු සම්බන්දයි