දෙව්ලි…..තමුසෙ ඉක්මන්ට ඇද යටින් හැංගෙනවා.නැගිටින්න එහෙම එපා………..”
සුරාජ් මහත්තයා මට රහසින් වගේ එහෙම කිව්වා.මං ඉක්මනට ඇද යටට රිංගුවා.ඊට පස්සෙ සුරාජ් මහත්තයා කිසිම දෙයක් නොවුනු ගානට ගිහින් දොර ඇරියා.අනේ දෙවියනේ මාව අහුවෙන්න නම් එපා.
එහෙම වුනොත් ධම්මි නෝනයි සැම්සන් මහත්තයයි මේ ගෙදරින් පන්නලා දායි.මං කිසිම වරදක් කරේ නෑ දෙවියනී මාව බේර ගන්න.😭🙏
“ඇයි මමී?…………”
දොරට තට්ටු කරලා තිබ්බෙ සුරාජ් මහත්තයගෙ අම්මා.දෙයියනේ ධම්මි නෝනා දැන් කාමරේටත් එයිද?😥😥
“පුතා,මායි සිරියාවතීයි දැන් පන්සලට යනවා.එන්න ටිකක් පරක්කු වෙයි. ඔයාට මොනවා හරි ඕනි නම් දෙව්ලිට කියන්න………..”
“හා මමී.මට මොකුත් ඕන්නෑ.ටිකක් නින්ද ගියා…………”
“එහෙනම් නිදා ගන්න පුතේ.අපි ගිහින් එන්නම්…………”
එහෙම කියලා ධම්මි නෝනා ගියා. සුරාජ් මහත්තයා දොර ළගට ගිහිල්ලා බලාගෙන හිටියා.ධම්මි නෝනලා ගිය වාහනේ සද්දෙත් ඇහුනා.මං බයෙන් ගැහි ගැහී ඇද යටට වෙලා හිටියෙ.ටික වෙලාවකින් සුරාජ් මහත්තයා දොර වහලා කාමරේට ආවා.
“දැන් එනවා එළියට.නැත්නම් ඇද යටටම වෙලා ඉන්නවා………..”
සුරාජ් මහත්තයා එහෙම කිව්වම මං ටක් ගාලා එලියට ආවා.දෙයියන්ගෙ පිහිටෙන් මං අද බේරුනා.ධම්මි නෝනට මාව අහු වුනා නම් වෙන්නෙ ලොකු විනාශයක්.මං ඉක්මනට දොර ඇරගෙන එළියට යන්න හැදුවා.සුරාජ් මහත්තයා මට යන්න දුන්නෙ නෑ.මගෙ අතින් අල්ලලා මාව නතර කර ගත්තා.
“මමීයි සිරියාවතීයි එන්න පැයකටත් වඩා යනවා.තමුසෙ කොහෙද මේ දුවන්න හදන්නෙ?ඔහොම ඉන්නවා ටිකක්………..”
“අනේ මහත්තයා මට යන්න දෙන්න. කවුරු හරි කාමරේට ආවොත් එහෙම මං ගැන වැරදියට හිතාවි.අනේ මට යන්න දෙන්න……….”
“හරි.යන්න දෙන්නම්.ඊට කලින් මං අහපු දේට උත්තරයක් දෙනවා.ඊට පස්සෙ යනවා………..”
“අනේ මට බෑ මහත්තයා කියන දේවල් වලට කැමති වෙන්න.අන්තිමට මට සිද්ද වෙන්නෙ රස්සාවත් නැති කරගන්න.කන්න දීපු අත හපා කනවා වගේ වැඩ කරන්න මට බෑ………..”😥😥
හැඩුම් අතරේම මං එහෙම කිව්වා.ඒත් සුරාජ් මහත්තයා ඒ දේවල් ගනන් ගත්ත පාටක් පේන්න තිබ්බෙ නෑ.එයා මගේ අතින් තද කරලා ඇල්ලුවා.
“තමුසෙට මේ ගෙදර වැඩකාරියක් විදියට ඉන්න මං ඉඩ තියන්නෙ නෑ. එකක් මතක තියා ගන්නවා දෙව්ලි. තමුසෙ තමයි මේ පව්ලෙ පොඩි ලේලි. මට තමුසෙව නැතුව ඉන්න බෑ………..”
“හැබෑ වෙන්නෙ නැති හීන මවන්න එපා සුරාජ් මහත්තයා.අපි දෙන්නා අහසයි පොළවයි වගේ.මේ දේවල් වලට කවදාවත් ධම්මි නෝනයි සැම්සන් මහත්තයයි කැමති වෙන්නෑ………..”
“මං කසාද බදින්නෙ මට ඕනි ගෑනියෙක්ව මිසක් අම්මලාට ඕනි විදියෙ ලේලි කෙනෙක්ව නෙමෙයි……….”
මොන තරම් තේරුම් කරලා දෙන්න හැදුවත් සුරාජ් මහත්තයා තේරුම් ගත්තෙම නෑ.එයා හිටියෙ එකම මතයේ.
“මං කැමති නෑ සුරාජ් මහත්තයා.මට මගෙ පාඩුවෙ ඉන්න දෙන්න……….”
“ඒ කියන්නෙ තමුසෙ කැමතියි මං මැරෙනවට……….”😠😠
“අනේ දෙයියනේ මං කිව්වෙ මැරෙන කතාවක් නෙවෙයි.අපි ආදරේ කරොත් ලොකු විනාශයක් සිද්ද වෙයි මහත්තයා.මං මේ ගෙදර වැඩකාරි. මහත්තයට මට වඩා හොද කෙනෙක්ව හොයා ගන්න පුලුවන්.මට ආදරේ කරන්න එපා මහත්තයා……….”
“මට වෙන එවුන් එපා.මට ඕනි තමුසෙව විතරයි.අම්මලා අකමැති වුනොත් මං තමුසෙව අරන් කොහාට හරි යනවා.එයාලට බෑ මාව පාලනය කරන්න.මට පුලුවන් තමුසෙව බලා ගන්න………..”
කට ගෙවෙනකල් කිව්වත් සුරාජ් මහත්තයා ඇත්ත තේරුම් ගත්තෙම නෑ.බිම බලාගෙන මං කදුලු හැලුවා. මගෙ නිකටෙන් උස්සලා මගෙ ඇස් දිහාම බලාගෙන හිටපු සුරාජ් මහත්තයා කටහඩ අවදි කරා.
“මට ඇත්ත කියනවා දෙව්ලි.තමුසෙ මට ආදරේ නැද්ද?තමුසෙට හිතෙනවද මේ සුරාජ් රජිව් ගුණවර්ධණ ජීවතුන් අතර හිටියා දැන් ඇති කියලා?……….”⚡
අනේ දෙවියනේ සුරාජ් මහත්තයා මොනවද මේ කියවන්නෙ?මං මොනවද දැන් කරන්නෙ?මං කැමති නෑ කිව්වොත් සුරාජ් මහත්තයා මැරෙයිද? එහෙම වුනොත් එහෙම මට ඒ පාපෙන් නම් කවදාවත්ම ගැළවෙන්න බැරි වෙයි.ඒත් මං සුරාජ් මහත්තයගෙ යෝජනාවට කැමති වුනොත්,මේ දේවල් මේ ගෙදර අනික් මිනිස්සු දැන ගත්තු දවසට මට මොනවා වෙයිද?😭😭😭😭
“හරි.තමුසෙ කැමති නෑනෙ.ඔහොම ඉන්නවා පොඩ්ඩක්………..”
එහෙම කියපු සුරාජ් මහත්තයා කණ්ණාඩි මේසෙ ලාච්චුව ඇරලා මොකක්දෝ මන්දා බෝතලයක් ගත්තා.
“මේකෙ තියෙන්නෙ වහ.මං මේක බොන්නද?එහෙම නැත්නම් මේ බාල්කෙ එල්ලිලා මැරෙන්නද?තමුසෙ කෝකටද කැමති?………..”😠😠
“අනේ මහත්තයා එහෙම කියන්න එපා……….”😥😥
“එහෙනම් කොහොමද කියන්න ඕනි? තමුසෙට මගෙ ආදරේ එපානෙ නේද?………”😠😠
“ඕනි……….”
මං එහෙම මිමිණුවා.සුරාජ් මහත්තයා මං දිහා බැලුවේ මගෙ මුවුන් පිට වුණු වචනෙ අදහගන්න බැරුව වගේ. එකපාරටම මං ලගට ආපු සුරාජ් මහත්තයා මගෙ දෙවුරෙන් අල්ලා ගත්තා.
“ආයෙ කියන්න දෙව්ලි.මට ආදරෙයි නේද?……….”
“ඔ…..ඔව් මහත්තයා………..”
මං එහෙම කිව්වා විතරයි සුරාජ් මහත්තයා මාව එයාගෙ පපුවට තුරුල් කර ගත්තා.මගෙ මුළු ඇගම සීතල වෙලා ගියා වගේ දැනුනා.ජීවිතේ පලමු වතාවට ලැබුනු මේ උණුසුමෙන් ඈත් වෙන්න හිත හදා ගන්න මට බැරි වුනා. මාව ඒ පපු තුරුලෙන් මෑත් කරපු සුරාජ් මහත්තයා දෝතින්ම මගෙ කම්මුල් අල්ලලා නලල සිප ගත්තා.කවදාවත්ම තාත්තාගෙ ආදරය රැකවරණය නොලැබූ මට සුරාජ් මහත්තයගෙ ආදරේ මහ මෙරක් තරමටම දැනුනා.
“මං යන්නම් මහත්තයා දැන්……..”
“මං තව වැඩි කාලයක් දෙව්ලිට දුක් විදින්න දෙන්නෑ.ඔයා මගේ විතරයි මැණික……….”
දොර ඇරගෙන මං ඉක්මනට කුස්සියට ආවා.වලං ටික හෝදලා දාලා කුස්සිය අස් කරලා මිදුලත් අතු ගාලා දැම්මා. හවස පහට විතර සිරියාවතී නැන්දයි ධම්මි නෝනයි ගෙදර ආවා.
“ඉස්සෙල්ලා කොහෙද දුවේ උඹ අතුරුදහන් වෙලා හිටියෙ.මං නාගෙන ඇවිත් උඹව හැම තැනකම හෙව්වා……….”
“අ…..මේ…..නැන්දෙ මං වත්ත පල්ලෙහා හිටියෙ.රෑට උයන්න ගොටුකොළ ටිකක් කඩාගෙන ආවා………”
“ඒක හොදයි.ලොකු නෝනා ගොඩාක් ආසයි ගොටුකොළ වලට………..”
මං කියපු බොරුව සිරියාවතී නැන්දා විශ්වාස කරා.ඒත් ඒක බොරුවක්ම නෙවෙයි.මං වත්ත පල්ලෙහාට ගිහින් ගොටුකොළ කඩාගෙන ආවා.
🔥❤️🔥
කාලය හෙමින් හෙමින් ගෙව්නා.සුරාජ් මහත්තයගෙයි මගෙයි ආදරේ ලස්සනට ගලාගෙන ගියා.කිසිම කෙනෙක් අපි ආදරේ කරන බව දැනගෙන හිටියෙ නෑ.
“දෙව්ලි……ආ තමුසෙට මගෙන් පුංචි තෑග්ගක්.මේක හැට්ටෙ අස්සෙ හංගගෙන ගිහින් තමුසෙගෙ කබඩ් එකෙන් දා ගන්නවා.නැත්නම් කවුරු හරි දකියි………..”
“මේ මොකක්ද මහත්තයා?………..”
“රෑ වෙලා හිමීට බලනවා මොකක්ද කියනවා.මෙතන කියෝ කියෝ ඉන්න බෑනෙ.අම්මා දකියි………..”
මං ඉක්මනට ඒක හැට්ටෙ අස්සෙන් දාගෙන මගේ කාමරේට ඇවිත් කබඩ් එකේ රෙදිගොඩ අස්සෙන් හැංගුවා.
“දෙව්ලි මට තේ එකක් හදාගෙන එන්නකෝ……….”
කුස්සියට එබෙමින් සුරාජ් මහත්තයගෙ අයියා මනෝජ් මහත්තයා එහෙම කිව්වා.මං ඉක්මනට තේ එකක් හදාගෙන මනෝජ් මහත්තයාට ගිහින් දුන්නා.
“දෙව්ලිට කොල්ලෙක් එහෙම නැද්ද?………”
මනෝජ් මහත්තයා මගෙන් අහපු ඒ ප්‍රශ්නෙට මාව එකපාරටම ගැස්සිලා ගියා.දෙයියනේ මනෝජ් මහත්තයා මොනවා හරි දැනගෙනවත්ද?😫😫
“ඔච්චර කල්පනා කරන්න දෙයක්ද මං ඇහුවෙ?………”
“අනේ…..නෑ මහත්තයා මට එහෙම කෙනෙක් නෑ………”
“හ්ම්ම්.මං එහෙනම් පොඩි උපදෙසක් දෙන්නම්.ඔයා තරුණ ගෑනු ළමේක්නෙ. ජීවිතේට හරි මාර්ගෙ පෙන්නන්න වැඩිහිටියෙක් ඉන්න ඕනිනෙ.මං මේ කියන දේ හොදට අහගන්න දරුවො. ඔයා ගොඩාක් ලස්සනයි.
මේ කාලෙදි ඔය ආදරේ කියන දේ හිතේ ඇති වෙන්න පුලුවන්.ඒ වගේම ඔයාලා වගේ අහිංසක ගෑණු ළමයි ඔය ආදරේ ඉස්සරහ රැවටීම් වලට අනන්තවත් ලක් වෙනවා.කිසිම කෙනෙක්ව ඕනවත් වඩා විශ්වාස කරන්න එපා.ගෑණු ළමේක්ට තියන වටිනාම වස්තුව තමයි එයාගෙ චරිතෙ.ඒක විනාශ කරගන්න එපා.තමන් ආදරේ කරන කෙනාගෙ ආදර බස් වලට රැවටිලා ජීවිතේ විනාශ කර ගන්න එපා.බුද්ධිමත්ව හිතලා බලලා තීරණ ගන්න.හදවතින් නෙවෙයි මොළෙන් හිතලා තීරණ ගන්න………..”
“මට තේරුණා මහත්තයා……….”
“කටින් විතරක් කිව්වට මදියි.මං කියපුවා හොදට මතක තියා ගන්න.මං ඔයාගෙ අයියා කියලා හිතන්නකෝ………..”
හිස් වෙච්චි තේ කෝප්පෙත් අරගෙන මං කුස්සියට ආවා.මනෝජ් මහත්තයා කියපු දේවල් නිසා මට සැකයක් දැනුනා එයා මගෙයි සුරාජ් මහත්තයගෙයි සම්බන්දෙ ගැන මොනවා හරි දන්නවද කියලා.ඒත් එහෙම දන්නෙ නැතුව ඇති. දන්නවා නම් මට අර විදියට උපදෙස් නොදී කෙලින්ම කියනවනේ මේ සම්බන්දෙ නතර කරන්න කියලා.
රෑට කැමත් කාලා වැඩත් ඉවර කරලා කාමරේට ආවා.කබඩ් එක ඇරලා සුරාජ් මහත්තයා දීපු තෑග්ග අරන් බැලුවා.
😱😱දෙයියනේ රත්තරං මාලයක්.මට හිතා ගන්නත් බැරි වුනා.කවදාවත් මට මෙහෙම තෑග්ගක් ලැබිලා නෑ.මං හරිම ආසාවෙන් ඒ මාලය අතට අරගෙන බැලුවා.📿අනේ හරිම ලස්සනයි.😚😚
🔥❤️🔥
“දෙව්ලි………..”
“ඇයි නෝනා?………..”
“මමයි මහත්තයයි හෙට උදෙන්ම බණ්ඩාරවෙල වත්තට යනවා.ආයෙ එන්නෙ දවස් තුන හතරකින් විතර. ලොකු පුතා ත් ට්‍රිප් එකක් යනවා.ඔයයි සිරියාවතීයි පරිස්සමින් ඉන්න ඕනි තේරුනාද?පොඩි පුතා නම් කොයි වෙලේ බැලුවත් ගෙදර නෑනෙ.තාත්තා ගෙදර නෑ කියලා දැන ගත්තම එයා යාලුවොත් එක්ක රව්ම් ගහන්න යයි. ගේත් බලාගෙන ඔයාලත් පරිස්සමින් ඉන්න…………”
“හරි ලොකු නෝනා.නෝනලා පරිස්සමින් ගිහින් එන්න………..”
පහුවදා උදෙන්ම ධම්මි නෝනයි සැම්සන් මහත්තයයි බණ්ඩාරවෙල වත්තට ගියා.මිදුල අතු ගාලා රෙදිත් හෝදලා ඉවර වෙලා මං කුස්සියට ඇවිත් සිරියාවතී නැන්දත් එක්ක කතා කර කර හිටියා.සුරාජ් මහත්තයා ගෙදර හිටියෙ නෑ.එයා කොහෙදෝ මන්දා ගිහිල්ලා.දවල්ට සුරාජ් මහත්තයා ගෙදර ඉන්නෙ නෑ.මට කම්මැලිකමක් දැනුනා.කරන්න කියලා වැඩකුත් නෑ.මායි සිරියාවතී නැන්දයි ටව්මට ගිහිල්ලා එළවළු අරන් ගෙදර ආවා.දවල් දෙකට විතර නාගෙන ඇවිල්ලා. මං එළවළු ටිකත් ෆ්‍රිජ් එකට දැම්මා.
“අද නම් වහින්න වගේ දුවේ………..”
එහෙම කියාගෙන සිරියාවතී නැන්දා කුස්සියට ආවා.
“ඒක තමා නැන්දෙ.රෑ වෙලා ලොකුවටම වහියි වගේ.අහසත් කළු කරලා………..”
ලොකු නෝනලාත් හිටපු නැති හින්දා ඒ හැටි වැඩකුත් තිබ්බෙ නෑ.පලාතම දෙදරාගෙන අකුණු ගගහා හොදටම වහිනවා.සිරියාවතී නැන්දා ඉන්නෙ කුස්සිය අයිනෙ තියන පුංචි කාමරේක. මටත් කාමරේට ගිහින් නිදා ගන්න කියලා සිරියාවතී නැන්දාත් එයාගෙ කාමරේට ගියා නිදා ගන්න.මාත් මගේ කාමරේට ඇවිත් නිදා ගන්න ලෑස්ති වුනා.එකපාරටම ගහපු අකුණක් නිසා ලයිය් ඕෆ් වුනා.මං ඉක්මනට මේස ලාච්චුවෙ තිබුනු ඉටිපන්දමක් අරගෙන ඒක පත්තු කරා.දැන් නම් ටිකක් එළියයි.
දැන්මම ලයිට් එන පාටක් නෑ වගේ.ඉටි පන්දම මේසෙ උඩින් ගහලා මං සීට් එකත් පොරවා ගත්තා නිදා ගන්න හැදුවා.ඒත් කාමරේ දොර ගාව කවුරුහරි ඉන්න බවක් මට දැනුනා. මගෙ පපුවත් ගැහෙන්න ගත්තා බයට. ටිකක් වෙලා යද්දී එතන හිටපු කවුරු හරි දොරට තට්ටු කරන්න පටන් ගත්තා.බියෙන් ගැහි ගැහීම දොර ගාවට ගිහින් මං කන් දුන්නා කව්ද එලියෙ ඉන්නෙ කියලා.
“ක…..කව්ද…..ඔතන…..ඉන්නෙ?………..”
“දෙව්ලි මං සුරාජ්.දොර අරින්නකො………..”
දෙයියනේ සුරාජ් මහත්තයා මොකටද මේ වෙලාවෙ මං ඉන්න කාමරේට එන්නෙ?මගෙ හිතට චකිතයකුත් දැනුනා.බියෙන්ම මං දොරේ අගුල කැරකෙව්වා.
මතු සම්බන්දයි🔥