ශෂීන්ද්‍රව ඔපරේෂන් එකට අරගෙන දැන් පැය තුනකුත් ගෙව්නා.මං තාම ඒ රූම් එකේ දොර දිහා බලාගෙන ඉන්නවා. දැන් මගෙ ඇගට කිසිම පනක් නෑ.ඊයෙ රෑ ඉදන් වතුර උගුරක්වත් බීලා නෙවෙයි මං හිටියෙ.

දැන් වෙලාව දහයයි කාලයි. පුටුවෙ වාඩි වෙලා මං ඇසිපිය නොහෙලා ඔපරේෂන් තියටර් එක දිහා බලාගෙනම හිටියා.දැන් නම් කලන්තෙයි වගේ. එකපාරටම ඔපරේෂන් තියටර් එකේ දොර ඇරුනා.මං ටක්ගාලා නැගිටලා ඩොක්ටර් සුධාර ගාවට දුවන්න හදද්දී මාව එහෙම්මම ඇදගෙන වැටුනා. ඩොක්ටරුයි නර්ස්ලා දෙන්නෙකුයි මාව නැගිට්ටවලා පුටුවෙන් වාඩි කෙරෙව්වා.

“අනේ සුධාර අයියෙ ශෂීට කොහොමද?……..”

“කලබල වෙන්න එපා නංගි.ඔපරේෂන් එක සාර්ථකයි.හැබැයි සිහිය එන්න තව වෙලා යයි.ඔයා උදේ ඉදන් මොකුත් කාලා නෑ නේද?………”

මං නෑ කියලා ඔලුව දෙපැත්තට වැනුවා.

“අයියෙ මට ශෂීව බලන්න ඕනි………”

“හරි.හැබැයි ඉස්සෙල්ලා ඔයා මොනවහරි කාලා ඉන්න ඕනි.ඔය විදියට නොකා ඉන්න ගියොත් ඊලගට ඔයා ලෙඩ වුනොත් කව්ද ශෂීන්ද්‍රව බලා ගන්නෙ?එන්න මාත් එක්ක කැන්ටින් එකට………”

ඩොක්ටර් සුධාර මාව කැන්ටින් එකට එක්කන් ගියා.මගෙ අත පය වෙව්ලනවා බඩගින්න වැඩිකමට.ඉදිආප්ප කාලා කිරි එකක් බිව්වට පස්සෙ නම් දෙයියනේ කියලා ඇගට පණක් ලැබුනා.

“සුධාර අයියෙ,ශෂීට සිහිය එන්න තව ගොඩක් වෙලා යයිද?……….”

“කොහොමත් පැය බාගයක් විතර යයි නංගි.අපි දැන් යමුකො………”

මායි ඩොක්ටර් සුධාරයි ශෂීන්ද්‍ර ඉන්න වාට්ටුවට ආවා.ඔපරේෂන් එක ඉවර වෙලා තිබුනා.ශෂීන්ද්‍රගේ පපුව වටේටම සුදු පාටින් බැන්ඩේජ් ලොකුවට ඔතලා තිබුනා.අතට සේලයින් සවි කරලයි තිබුනේ.දෙවියන්ට පින් සිද්ද වෙන්න ඉක්මනට මගෙ ශෂීට සිහිය එන්න ඕනි. මං ඩොක්ටර් සුධාරගේ කකුල් දෙක අල්ලලා වැන්දා.🙏🙏

“ඔයාට ගොඩාක් පිං අයියෙ මගෙ ශෂීව බේරලා දුන්නට………”🙏🙏

“කෝ නැගිටින්න නංගි.ඩොක්ටර් කෙනෙක් විදියට මේක මගෙ රාජකාරිය. ඔයා බය වෙන්න එපා.තව ටිකකින් ශෂීන්ද්‍රට සිහිය එයි.මේ වගේ බරපතළ ඔපරේෂන් එකකින් පස්සෙ සනීප වෙන්නෙ ටිකෙන් ටික.ශෂීන්ද්‍රට තව සතියක් විතර හොස්පිටල් එකේ ඉන්න වෙයි.හැබැයි එයාව හොදට බලා ගන්න ඕනි………”

“මං ශෂීන්ද්‍රව හොදට බලා ගන්නම් අයියෙ………”

“දැන් ඔයා ගෙදර ගිහින් ශෂීන්ද්‍රට ඕනි කරන ඇදුම් ටිකක් අරන් එන්න.කෑම මෙහෙන් දෙනවා.ගෙදරින් ගේනවා නම් සුප් වගේ දියර ජාති ගේන්න.සැර වැඩි කෑම එහෙම දෙන්න එපා………”

“හා අයියෙ මං ගිහින් ඉක්මනට එන්නම්………”

මං ඉක්මනට ගෙදර ඇවිත් ශෂීන්ද්‍රට සරම් තුනකුයි පොරවන්න බෙඩ්ශීට් දෙකකුයි තවත් උවමනා කරන බඩු ටිකකුයි සූදානම් කරගෙන හොස්පිටල් එකට ආවා.

“ආ සංජානා…..ශෂීන්ද්‍රට සිහිය ආවා……..”

හොස්පිටල් එකට යනකොටම මට ඒ සුබ ආරංචිය කිව්වෙ ඩොක්ටර් සුධාර. දෙවියන්ට පිං දිදී මං ඩොක්ටර් සුධාර එක්ක ශෂීන්ද්‍ර ඉන්න වාට්ටුවට ආවා.

“ශෂී………”

මං ශෂීන්ද්‍රගෙ අතින් හිමිහිට අල්ල ගත්තා.එයාගෙ මුහුණින් හිනාවක් මතු වෙලා ආවා.ඒ මුහුණෙ තිබුනේ මහන්සි පාටක්.ඇසුත් රතු වෙලා වගේ.

“ඔයාට ගොඩාක් අමාරුද රත්තරං?………”

“ටි….ක….ක්…..අමාරුයි සං……ජු………”

බොහොම අමාරුවෙන් අපහසුවෙන් වගේ ශෂීන්ද්‍ර එඑහෙම කිව්වා.මට බයකුත් හිතුණා.

“අනේ සුධාර අයියෙ ශෂීන්ද්‍රට ගොඩාක් අමාරුයි වගේ………”😥😥

“බය වෙන්න එපා නංගි.මේක බරපතළ ඔපරේෂන් එකක්.එකපාරටම නෙවෙයි ටිකෙක් ටික හොද වෙන්නෙ………”

“මචං ශෂී,උඹ වැඩිය කතා කරන්න එපා. උඹට තාම සනීප නෑ.ඒ හින්දා කතා කරන්න මහන්සි වෙන්න එපා………”

ඩොක්ටර් සුධාර ශෂීන්ද්‍රට එහෙම කිව්වා. ශෂීන්ද්‍ර හිනා වෙලා මං දිහා බැලුවා.අනේ දෙවියනේ🙏🙏ඉක්මනට මගෙ ශෂීව සනීප කරලා දෙන්න.මොන විදියකට ජීවත් වෙච්චි කෙනෙක්ද අද මෙහෙම ඉන්නෙ?චන්ඩියෙක්,මැරයෙක් විදියට ජීවත් වෙච්චි සොදුරු හිතක් තියන මනුස්සයෙක්.

“සුධාර අයියෙ,මං අද ශෂීන්ද්‍ර ගාව ඉන්නද?………”

“එපා නංගි.ඔයාට තාම ශෂීන්ද්‍රව බලා ගන්න අමාරුයි.අපි ඉන්නවා එයාව බලා ගන්න.ඔයා බය වෙන්න එපා.දැන් ගෙදර යන්න.ගිහින් හෙට උදේට එන්නකො………”

මං ශෂීන්ද්‍ර ගාවට ගිහින් එයාගෙ නලල සිපගෙන එලියට ඇවිත් ගෙදර ආවා.

💗💗

ගෙදර ආවත් මට මතක් වුනේම ශෂීන්ද්‍රවමයි.වෙනදාට මොනවා හරි කියලා මාව අවුස්සලා හිනාගස්සවන ශෂීන්ද්‍ර අද හොස්පිටල් එකේ අමාරුවෙන් ඉන්නවා.හවස සුමනා එක්ක පන්සලට ගිහින් බෝධි පූජාවක් තියන්න ලෑස්ති කරා.

“නෝනා බය වෙන්න එපා.ඔපරේෂන් එක සාර්ථක වෙච්චි එකේ මහත්තයා ඉක්මනට සනීප වෙයි.නෝනගෙ කැපවීම මහන්සිය මහත්තයා දැක්කම ගොඩාක් සතුටු වෙයි………”

ආපහු ගෙදර එන අතරෙ සුමනා නැන්දා මට එහෙම කිව්වා.

බාතෲම් එකට ගිහින් පැයක් විතර අරන් මං හොදට නා ගත්තා.ඇගට ලොකු තෙහෙට්ටුවක් දැනුනෙ.උදේ ඉදන්ම මහන්සියෙන් හිටපු නිසා වෙන්න ඇති. කාමරේට ඇවිත් ඇදෙන් ඇල වුනා.අනේ මේ වෙලාවෙ ශෂීන්ද්‍ර මෙතන හිටියානම්. මොනවා හරි වල් කතාවක් කියලා මාව අවුස්සයි.😁🤭🤪මට ශෂීන්ද්‍රගෙ ඒ උණුසුම දැනුනා.රෑ නින්ද ගියේම නෑ. ශෂීන්ද්‍ර ගැන මතක් කරකරම ඉදලා මට නින්ද ගියේ පාන්දර යාමයේ.

උදේ හතට විතර නැගිටලා මං ඉක්මනට ලෑස්ති වෙලා හොස්පිටල් එකට ගියා. ඊයෙ වගේම තමයි.ශෂීන්ද්‍රගෙ තත්වෙ වෙනසක් තිබ්බෙ නෑ.ඩොක්ටර් සුධාර කිව්වෙ ශෂීන්ද්‍රට සනීප වෙන්න ටික කාලයක් යයි කියලයි.

සතියකට පසු👇👇👇👇

දැන් නම් ශෂීන්ද්‍රගෙ ත්ත්වෙ ගොඩාක් හොදයි.හොදට කතා කරන්නත් පුලුවන්.

“සුධාර අයියෙ,කවද්ද ශෂීන්ද්‍රගෙ ටිකට් කපන්නෙ?………”

“තව දවස් දෙකතුනකින් පුලුවන් වෙයි නංගි.හැබැයි මේකාව ඇස් දෙක වගේ පරිස්සමට බලා ගන්න වෙයි.මොකද මූ එකතැනක ඉන්න පුලුවන් කෙනෙක් නෙවෙයිනෙ.තුවාලෙ පෑරුනොත් එහෙම ගොඩක් අමාරු වෙයි.

ඒ හින්දා නාවන්න කවන්න පොවන්න ඔක්කොටම උදව් කරන්න වෙයි.අඩුම තරමෙ මාස දෙකක්වත් යනකල් ඇදටම වෙලා ඉන්න. මස්,මාලු වගේ දේවල් කන්න දෙන්න එපා.තෙල් ජාති නම් මාසයක්වත් යනකල් දෙන්න එපා.එලවලු පළතුරු වගේ කෑම කන්න දෙන්න……….”

“අනේ බං……..”😢😣😩

“ඇයි උඹට අහගෙන ඉන්න බෑ වගේද මං කියන ඒවා?………”😁😀

“මීට වඩා හොදයි බං මැරුණා නම්………”

“ශෂී………”😡😡

මං ටිකක් හයියෙන් ශෂීන්ද්‍රට සැර වුනා. ඩිංගක් සනීප වෙනකල් ඉදලා මූ ඇවිදින්න බලයි.හිටපන්කෝ කියන දේ ඇහුවෙ නැත්නම් එහෙම මං හොද වැඩක් කරන්නම්කො.😁😁

“පරිස්සමින් ඉදපන් මචං.මෙයා උඹව හොදට බලා ගනියි.නැත්නම් උඹට ආයෙ හොස්පිටල් එකට එන්න වෙයි……….”😁😁

තවත් දවස් තුනක් ගෙව්නාට පස්සෙ ශෂීන්ද්‍රව ගෙදරට එක්කන් ආවා.ශෂීන්ද්‍ර හිටියෙ ගොඩාක් අපහසුවෙන් වගේ.මං ශෂීන්ද්‍රව ඇදෙන් තිබ්බා.

“ඔයා කෑවද සංජු?………”

“පස්සෙ කන්නම් ශෂී.ඉන්න මං ඔයාට කෑම අරන් එන්නම්………”

“දැන්ම කන්න බෑ පස්සෙ කමු……..”

මං ශෂීන්ද්‍ර ගාවින් වාඩි වුනා.මේ දවස් ටිකට ශෂීන්ද්‍රගෙ රැව්ලයි කොණ්ඩෙයිත් වැවිලා.

“ඔයා පව් මැණික.මං හින්දා ගොඩාක් මහන්සි වෙනවා.මේ දවස් ටිකේ හරියට කෑවෙත් නෑ නේද?……..”

ශෂීන්ද්‍ර ආදරෙන් මගෙ අත අල්ලලා එයාගෙ මුවට තියලා සිප ගත්තා.

“ඉතිං ඔයා මගෙ මහත්තයනෙ වස්තුවේ. ඔයා වෙනුවෙන් මට ඕනිම දෙයක් කරන්න පුලුවන්…….”

“එහෙනම් කිස් එකක් දෙන්න…….”😚😀

දගකාර විදියට ශෂීන්ද්‍ර එහෙම කිව්වා.මං එයාගෙ මුහුණට පාත් වෙලා ඒ කම්මුල් සිපගත්තා.ඒ දෙතොල් මත පරිස්සමින් දෙතොල් තැබූ මම ඒ සුදු මූණ පුරාම සිප ගත්තා.ශෂීන්ද්‍රගේ දෑත් මගේ පිට පුරාම රැගෙන ගියා.සෙමින් සෙමින් මගේ උරහිස දක්වා දෑත් රැගෙන ආ ශෂීන්ද්‍ර ඒ ඇගිලි තුඩු වලින් මගේ රෑ ඇදුමේ පටි උරහිසින් පැන්නුවා.

මං ටක්ගාලා නැගිටලා ඇදුමෙ පටි දෙක හරි ගස්ස ගත්තා.තව දුරටත් මෙහෙම හිටියොත් මට මාවම පාලනය කරගන්න බැරි වෙනවා.තාම ශෂීන්ද්‍රට හරියට සනීප නෑනෙ.

“කොහෙ යන්නද ඒ පාර නැගිට්ටෙ?චුට්ටක් ලගට එන්නකෝ……..”

“අනේ එපා ශෂීන්ද්‍ර.ඔයාට තාම සනීප නෑනෙ.තුවාලෙ පෑරෙයි.ඔයාට සනීප වෙනකල් මං බිමින් බිමින් නිදා ගන්නම්. රෑට මං නින්දෙන් එහාට මෙහාට දගලන දැගලිල්ලට අතක් හරි කකුලක් හරි තුවාලෙ වැදුනොත් එහෙම………”

“අනේ චුට්ටක් එන්නකෝ අප්පා ලගට……..”

“ශෂී….මං ඔයාට එක සැරයක් කිව්වා. සනීප වෙනකල් ඉන්න කියලා……..”😠😠

මං ටිකක් සැරෙන් ශෂීන්ද්‍රට එහෙම කිව්වා.ඒ පාර ශෂීන්ද්‍ර හිනා වුනා.😀😀

“ඉන්නවකෝ නංගී…..මට හරියකට සනීප වෙනකල්.ඊට පස්සෙ නම් මං තමුසෙව අතාරින්නෙ නෑ……..”😁😁🤭

අහක බලාගෙන මං හිනාවෙලා කොට්ටෙයි සීට් එකයි එලාගෙන බිමින් නිදා ගත්තා.

මතු සම්බන්දයි