මගේ ඉදිරිපිටට ආවෙ සුරාජ් මහත්තයා
ආපු විදියට මට බයකුත් දැනුනා.මං දිහා බලාගෙන හිටියෙ සතෙක් දිහා බලනවා වගෙයි.මං එයාව ගනං ගන්නෙ නැතුව යන්න හැදුවත් සුරාජ් මහත්තයා මගෙ අතින් අල්ල ගත්තා. මට බයකුත් දැනුනා.

“අනේ සුරාජ් මහත්තයා මගෙ අත අතාරින්න………..”

“ඇයි මොකෝ බය හිතුනද?මං තමුසෙව කන්නෙ නෑ.තමුසෙ හරිම ලස්සනයි……….”

බොහොම අමාරුවෙන් මං එතනින් පැනලා ගේට් එකෙන් එලියට ආවා. සුරාජ් මහත්තයා අල්ලපු පාරට මගෙ අත රතු වෙලා ඇගිලි පාර හොදටම හිටලා.මට එකපාරටම මතක් වුනේ සිරියාවතී නැන්දා කියපු දේ.ඇහැට කනට පේන්න ඉන්න ගෑනු ළමයින්ව සුරාජ් මහත්තයට පේන්න බෑ කියපු කතාව.මට ඉස්සරහට සුරාජ් මහත්තයව ප්‍රශ්නයක් වෙයිද?එහෙම කල්පනා කර කරම මං ගෙදරට ආවා. ගෙයි පිළ උඩ ඉදගෙන අම්මා මං එනකල් මග බලාගෙන හිටියා.

“අම්මෙ මට ධම්මි නෝනා අද කලින් ගෙදර යන්න කියලා.ඊයෙත් ගොඩාක් රැ වෙනකල් වැඩ කරානෙ.අම්මා දවල්ට මොකුත් කෑවද?………..”

“මං ඉව්වා දුවේ.උඹ කාලද ඉන්නෙ?මං බත් එකක් බෙදලා ගේන්නද?……….”

“එපා අම්මෙ දැන්ම කන්න බෑ.මං ගිහිල්ලා නාගෙන එහෙම එන්නම්කො………..”

වත්ත අයිනෙ තියන ළිදට ගිහිල්ලා මං හොදට නාගෙන රෙදි ටිකත් හෝදලා ගෙදර ආවා.අම්මා පපුව අල්ලගෙන අමාරුවෙන් හුස්ම ගන්නවා.මට හොදටම බය හිතුණා.මං ටක්ගාලා කෑ ගහගෙන අම්මා ගාවට දුවගෙන ගියා.

“අනේ අම්මෙ ඔයාට මොකද වුනේ?……….”😭😭

“මට….ටිකක්…..අමාරුයි……වගේ.හුස්මගන්න බෑ දුවේ……….”

අනේ දෙයියනේ මගෙ අම්මව බේරලා දෙන්න😭🙏සියලු දෙවියන්ව සිහිපත් කරගෙන අම්මාව හොස්පිටල් ගෙනියන්න ත්‍රීවිලර් එකක් ගේන්න මං දුවගෙන ගියා.හොද වෙලාවට අල්ලපු ගෙදර සුමනෙ මාමගෙ ත්‍රීවිලර් එක තිබුනා.මං අම්මවත් වාරු කරගෙන ත්‍රීවිලර් එකට ගොඩ වුනා.අම්මා හිටියේ ගොඩාක් අමාරුවෙන් වගේ.තිස් තුන් දෙවියන්ගෙන් මං කදුලු සලමින් ඉල්ලා සිටියේ මගෙ රත්තරං අම්මව බේරලා දෙන්න කියලයි.😭😭🙏🙏

ත්‍රීවිලර් එකට හයර් එක දෙන්න හැදුවත් සුමනෙ මාමා සල්ලි ගත්තෙ නෑ.මං අම්මව එක්කරගෙන හොස්පිටල් එකට ගියා.අම්මව දැඩි සත්කාර ඒකකයට ගත්තා.මං දොර ගාව පුටුවෙන් වාඩි වුනා. නොනවත්වාම මගෙ දෑස් වලින් කදුලු පොකුරු පිටින් කඩාගෙන හැලුනා.😭😭උපන් දා ඉදලම තාත්තා නැති ගෙදර මාව ඇස් දෙක වගේ රැකපු මගෙ අහිංසක අසරණ අම්මව මට අහිමි කරන්න එපා දෙවියනේ😭🙏අසල තිබූ බුදු පිළිමය දෙස බලාගෙන මං එහෙම ඉල්ලුවා.පැය කිහිපයක්ම ගෙවිලා ගියා. එක්වරම දැඩි සත්කාර ඒකකයේ දොර ඇරගෙන එලියට ආවේ වෛද්‍යවරයෙක්.ඔහුගේ මුහුණේ මහා ශෝකානුකූල බවක්.

“අනේ ඩොක්ටර් මගෙ අම්මට කොහොමද?එයා හොදින් නේද?………”😭🙏

දෑත් එකතු කරගෙන වැදගෙනම මං එතුමාගෙන් එහෙම ඇහුවා.ඩොක්ටර් මගෙ ඔලුව අත ගෑවා.

“අයැම් වෙරි සොරි දුව……….”⚡⚡⚡⚡

අනේ අම්මා⚡⚡😭😭මගෙ ඇස් නිලංකාර වීගෙන යද්දී ඩොක්ටර් මාව අල්ල ගත්තා.ඊට පස්සෙ මොනවා වුනාද දන්නෑ.

මාස තුනකට පසුව👇👇👇👇👇

අම්මගේ මරණෙ සියලූම වියදම් දැරුවේ සැම්සන් ගුණවර්ධන මහත්තයයි ධම්මි ගුණවර්ධන මහත්මියයි.මං ජීවත් වුනේ ප්‍රාණය ගිය මළ කදක් වගෙයි.මේ මාස තුනේම මං ගාව මගෙ තනි නොතනියට සිරියාවතී නැන්දා ගෙදරම හිටියා.අඩලා අඩලාම මගේ ඇස් වල කදුලු වේවිලා.

“දැන් හිත හදාගන්න බලන්න දරුවො. අපි ඔයා වෙනුවෙන් ඉන්නවා.ඔයාව කවදාවත් අපි තනි කරන්නෙ නෑ.ඔයා මේ ගෙදර තනියෙම ඉන්න එපා.ගෑණු ළමේක්ට කාගෙවත් ආරක්ෂාවක් නැතුව තනියම ඉන්න බෑ.ඔය දරුවා අපේ ගෙදර යමු……….”

එහෙම කියලා ධම්මි නෝනා මගෙ ඔලුව අත ගෑවා.සැම්සන් මහත්තයත් මං ගාවට ආවා.

“ඔව් ළමයො ඔයා අපේ ගෙදර යමු………”

“මාව නෝනලාට බරක් වෙයිද?………”

“කොහෙත්ම නෑ දරුවො.ඔයාට මීට පස්සෙ අපි ඉන්නවා.අපි ඔයාගෙ අනාගතේ ගැන බලනවා.දැන් ඔයාගෙ ඇදුම් ටික එහෙම ගන්නකො………..”

කබඩ් එකේ තිබුනු මගේ ඇදුම් ටික අරගෙන ලොකු බෑග් එකකට දා ගත්තා.අම්මාගේ රාමු කරපු ෆොටෝ එකයි මගේ පර්ස් එකයිත් ඒ බෑග් එකට දා ගත්තා.

🔥❤️🔥

බංගලාවට ආවට පස්සෙ ඇදුම් බෑග් එකත් අරගෙන මං කුස්සිය පැත්තෙන්ම ඇතුළට යන්න හදද්දී ධම්මි නෝනා මාව ඉස්සරහ පැත්තෙන් ගේ ඇතුළට එක්කන් ගියා.

“මේක තමයි දරුවො ඔයාගෙ කාමරේ. අද ඔයා මොකුත් වැඩ කරන්න ඕන්නෑ. විවේකයෙන් ඉන්න.ඔයා මේ ගෙදර වැඩ කරාට අපි ඔයාගෙ අනාගතේ ගැනත් බලනවා.මහා ලොකූ වැඩක් ඔයා කරන්න ඕන්නෑ………..”

මං ධම්මි නෝනට දණ ගහලා වැන්දා. එයාලා නොහිටින්න මට මොනවා වෙයිද කියලා හිතාගන්න බෑ.ධම්මි නෝනා මගෙ උරහිසින් අල්ලලා නැගිට්ටෙව්වා.

“ඔයා මේ ගෙදර වැඩකාරියක් කියලා හිතන්න එපා.ඔයා මට මගේම දුවෙක් වගේ.දැන් විවේක ගන්න……….”

එහෙම කියලා ධම්මි නෝනා කාමරෙන් ගියා.මං කාමරේ වටපිට බැලුවා. කාමරේ අයිනෙ ඇදකුයි මේසෙකුයි පොඩි අල්මාරියකුයි තිබුනා.මගෙ බෑග් එකේ තිබුනු ඇදුම් ටික අල්මාරියට දාලා මං ඇදෙන් වාඩි වුනා.මහා හිස් බවක් ජීවිතේට දැනෙන්නට වුනා.

කාලය හිමිහිය ගලාගෙන ගියා. අම්මගෙ මරණෙ සිද්ද වෙලා මාස හයකුත් ගෙව්නා.මේ ගෙදර හැමෝම මට හොදින් සැළකුවා.සුරාජ් මහත්තයා නම් හරිම නපුරුයි.කොයි වෙලේ බැලුවත් මං දිහා බලන්නෙ හරිම නපුරු විදියට.ඒත් මට මොකෝ මං ඇවිත් ඉන්නෙ එයාගෙ නපුරුකම් බලන්න නෙවෙයිනෙ මේ ගෙදර වැඩ වලටනෙ.

🔥❤️🔥

“අයියෝ දෙයියනේ මේ මොකක්ද පුතේ කරගෙන තියෙන්නෙ?………..”

ධම්මි නෝනගෙ විලාපය ඇහිලා මායි සිරියාවතී නැන්දයි දෙන්නම සාලෙට දුවගෙන ගියා.

“අනේ ඇයි ලොකු නෝනා මොකද වෙලා තියෙන්නෙ?……….”

සිරියාවතී නැන්දයි මමයි දෙන්නම එක්වරම ධම්මි නෝනගෙන් එහෙම ඇහුවා.ධම්මි නෝනා විලාප තිය තියා කෑ ගහනවා.

“අයියෝ මමී කෑ ගහන්න එපා අනේ.මං මැරිලා නෑනෙ.බයික් එක පෙරලිලා අත පොඩ්ඩක් ඩැමේජ් වුනා එච්චරයි………..”

“මං කොච්චර කියලා තියනවද ඔය බයික් එකේ අස්ස රේස් තියන්න එපා කියලා.කොහෙද ඉතිං බයික් එකට නැග්ගම ඉගිලෙනවනෙ………..”😠😠

ධම්මි නෝනා සුරාජ් මහත්තයට බනින්න පටන් ගත්තා.සුරාජ් මහත්තයා ඒ බැනුම් ටිකත් අහගෙන කාමරේට ගියා.

“දෙව්ලි…..වෙනිවැල් ගැට කෝප්පයක් හදාගෙන සුරාජ් මහත්තයට ගිහින් දෙන්න.බොන්න බෑ කිව්වොත් ඇවිල්ලා මට කියන්න………..”

“හා නෝනා………..”

කුස්සියට ගිහින් වෙනිවැල්ගැට කෝප්පයක් හදාගෙන මං සුරාජ් මහත්තයා ඉන්න කාමරේට ගියා.

“මොනවද ඔය?………..”

“මෙ…..මේ වෙනිවැල්ගැට.ලොකු නෝනා දෙන්න කිව්වෙ……….”

“මට බෑ ඔය මළ ජරාව බොන්න.අරන් යනවා ඕක……….”😠😠

“ලොකු නෝනා බනියි මහත්තයට.මේක බොන්න………..”

“ඇයි තමුසෙට දුකයිද?………..”

මේ යකාට පිස්සුද?මං මොකටද දුක් වෙන්නෙ?

“අනේ මේක බොන්න මහත්තයා……….”

“තමුසෙ ඕක මෙතනින් අරන් යනවද? නැත්නම් මං ඕක හලනවා තමුසෙගෙ ඔලුවෙ……….”😠😠

මං ඒ වෙනිවැල්ගැට කෝප්පය අරගෙන ගිහින් ධම්මි නෝනට දීලා කිව්වා සුරාජ් මහත්තයා ඒක බොන්න බෑ කියනවා කියලා.ධම්මි නෝනා ඒ කෝප්පෙත් අරන් සුරාජ් මහත්තයගෙ කාමරේට ගියා.බොන්න බෑ කියපු එක දැන් යස අගේට බොයි.😆😁

🔥❤️🔥

දවල් කෑම එකත් අරගෙන මං සුරාජ් මහත්තයගෙ කාමරේට ගියා.

“මහත්තයා කෑම ගෙනාවා………..”

“මමී කෝ?……….”

“ධම්මි නෝනා කාන්තා සමීතියෙ රැස්වීමට යනවා කියලා ගියා………..”

“සිරියාවතී කෝ?………..”

“සිරියාවතී නැන්දා නානවා………..”

අද සුරාජ් මහත්තයට මොකද වෙලා තියෙන්නෙ?වෙනදා නම් මාව දැක්කත් නිකන් හරි බනිනවා.අද නම් හරිම වෙනස්.

“මෙතනින් වාඩි වෙනවා……….”

සුරාජ් මහත්තයා එහෙම කියලා ඇදෙන් නැගිටලා වාඩි වුනා.

“මහත්තයා කෑම එක කන්න.මං යන්නම්……….”

“මෙතනින් වාඩි වෙනවා……….”

මං කියපු දේ ගනං ගන්නෙ නැතුව සුරාජ් මහත්තයා මට ඇදෙන් වාඩි වෙන්න කියලා සැරෙන් කිව්වා.මං බය වෙලාම ඇදෙන් වාඩි වුනා.ඊට පස්සෙ ඇදෙන් නැගිටලා ගිහින් සුරාජ් මහත්තයා දොර ලොක් කරා.මගෙ පපුව ගැහෙන්න ගත්තා බය වැඩි කමටම.😥😥

“අනේ මහත්තයා ඇයි දොර වැහුවෙ? අනේ දොර අරින්න.මට බයයි…….”😭😭

“කෑ ගහන්න එපා ඕයි.කාට හරි ඇහුනොත් එහෙම හිතයි මං තමුසෙට බලහත්කාරකම් කරන්න හදනවා කියලා………..”😠😠

“අනේ මහත්තයා මොකටද දොර වැහුවෙ?………..”😥😥

“ඔහොම වාඩි වෙලා ඉන්නවා……….”

එහෙම කියපු සුරාජ් මහත්තයා ඇදේ දිගෑරිලා මගෙ ඔඩොක්කුවෙන් ඔලුව තියාගත්තා.දෙයියනේ මේ මොකද වෙන්නෙ?ඇයි සුරාජ් මහත්තයා මෙහෙම හැසිරෙන්නෙ?මට මේ මොකුත්ම හිතා ගන්නවත් බෑ.කවුරු හරි කාමරේට ආවොත් එහෙම ලොකු විනාශයක් වෙන්නෙ.මගෙ හිත බියෙන් වෙව්ලන්නට ගත්තා.

“ඔලුව ටිකක් මසාජ් කරනවකො………”

“අනේ මහත්තයා මට බයයි කවුරු හරි ආවොත් එහෙම.අනේ මට යන්න දෙන්න………”

“දොර ලොක් කරලා තියෙන්නෙ.ඔලුව මසාජ් කරනවා………..”😠😠

එවර සුරාජ් මහත්තයගෙ හඩ තරමක් දැඩි විය.මසිත වෙව්ලන්නට වූයේ බියෙනි.බියෙන්ම ගැහුනු සිතින් මං හෙමින් හෙමින් මගේ ඇගිලු තුඩු සුරාජ් මහත්තයගේ හිස මත එහා මෙහා යැව්වෙමි.

“හරිම සනීපයි දෙව්ලි……….”

“මං දැන් යන්නම් මහත්තයා……….”

“එපා තව චුට්ටක් ඉන්නවා.මං දෙයක් කියන්න තමුසෙ බය වෙන්නෑ නේද?………..”

“නෑ මහත්තයා කියන්න………..”

“මං තමුසෙට ආදරෙයි දෙව්ලි……….”⚡⚡❤️

දෙයියනේ😱😱සුරාජ් මහත්තයා මොනවද මේ කියන්නෙ?මහත්තයාට පිස්සු හැදීගෙනවත් එනවද?නැත්නම මාව විහිලුවකට අරගෙනද?

“අනෙ……අනේ සු…..සුරාජ් මහත්තයා මොනවද මේ කියන්නෙ?මහත්තයා මාව විහිලුවකට ගත්තද?………..”

“මං විහිලුවක් නෙවෙයි කරන්නෙ දෙව්ලි.මං තමුසෙට ඇත්තටම ආදරෙයි.මට තමුසෙ නැතුව ඉන්න බෑ……….”

“හීන මාලිගා හදන්න එපා මහත්තයා. අහසට පොළව කවදාවත් එකතු වෙන්නෙ නෑ……….”

“මට ඒවයෙන් වැඩක් නෑ.මට ඕනි තමුසෙගෙ ආදරේ විතරයි.කියනවා මට ආදරෙයි නේද?නෑ කියලා කිව්වොත් එහෙම හෙට උදේ වෙනකොට මේ ගෙදර හැමෝටම බලා ගන්න පුලුවන් වෙයි මගේ මිනිය මේ බාල්කෙ එල්ලිලා තියනවා.මට තමුසෙ නැතුව ඉන්න බෑ දෙව්ලි.මගෙ මැණික මට ආදරෙයි කියපන්………..”

සුරාජ් මහත්තය්ගෙ ඒ ආදරණීය වචන ඉස්සරහ මං ගොඩාක් අසරණ වුනා. මීට කලින් කවදාවත් කිසිම කෙනෙක් මට මෙහෙම කියලා නෑ.මගෙ මුහුණ දිහා බලන් හිටපු සුරාජ් මහත්තයා තුවාල වෙච්චි අත පැත්තකට හරෝලා මගෙ මුහුණට වැටිලා තිබ්බ කොණ්ඩ රැල්ලක් කනෙන් රැන්දුවා.ඊට පස්සෙ මගේ කුස මතට මුහුණ හොවාගෙන හිටියා.

එක්වරම කවුරුන් හෝ දොරට තට්ටු කරන්න පටන් ගත්තා.අනේ දෙයියනේ මං අද ඉවරයි