වෙන මොනවා කරන්නද අම්මෙ? මේක අපි ලබා උපන්න හැටි වෙන්න ඇති.අපේ තාත්තා හිටියා නම් අපිට මෙහෙම වෙන එකක් නෑ……….”

“මතක් කරන්න එපා ඔය මනුස්සයා ගැන.ඌ හින්දා තමයි අද උඹයි මමයි මෙහෙම දුක් විදින්නෙ………..”

ඒ අම්මාගෙ හැටි.ඇය පියා ගැන මතක් කරන්නවත් කැමති නැත.එක අතකට ඇගේ මේ කේන්තිය සාදාරණය.මගේ පියා ගුණ යහපත් හොද පුද්ගලයෙක් වූවා නම් අද අපි මෙසේ දුක් විදින්නේ නැත.මට ඉන්නේ අම්මා පමණකි.පියා ගැන මා කිසිදෙයක් දන්නේ නැත.මා ඔහුව කවදාවත් දැක නැත.අඩුම තරමේ මා ඔහුගේ නමවත් දන්නේ නැත.අම්මා මට පියා ගැන සුළු විස්තරයක් පමණක් පවසා ඇත.මීට වසර විස්සකට පමණ පෙර මගේ පියා සහ මව මුණගැසී තිබේ.

එවකට මගේ පියා විවාහක දෙදරු පියෙකි.එහෙත් ඔහු මගේ මවට පවසා ඇත්තේ ඔහු අවිවාහකයෙකු බවයි.ඉතා සූක්ෂම අයුරින් පියා විසින් මාගේ මවව රවටා ඇත.මගේ අම්මා පියා ගැන සත්‍ය දැන ගන්නා විටදී මා කුසට පැමිණ මාස දෙකක්ම ගතවී තිබුණි.මගේ මව හැරදා පියා හිතක් පපුවක් නැති පුද්ගලයෙකු සේ පලා ගොස් තිබුණි.මේ ප්‍රශ්නය නිසා මගේ අම්මාව ඇගේ පව්ලෙන් පවා පන්නා දමා තිබුණි.

දරු ගැබක් කුස දරා සිටි මගේ අම්මා සිහි විකල් වූ අයෙකු ලෙස පාර පුරාම ඇවිද ගොස් තිබුණි.එසේ යන අතරතුරදී සිල් මෑණිවරුන් කිහිප දෙනෙක් ගමන් ගන්නා රථයක් මගේ මවට හමු වී ඇත.

එදා ඒ සිල් මෑණිවරුන් මාගේ අම්මාව ඔවුන්ගේ ආරාමයට රැගෙන ගොස් ඇත.මා උපදිනා තෙක්ම ඔවුන් මාගේ අම්මාව රැකබලාගෙන ඇත.මා ඉපදුනායින් පසුව ඒ ආරාමයේ ප්‍රධාන සිල් මෑණියන්ට අයත්ව තිබූ මෙම ඉඩම මාගේ මවගේ නමට ලියා දී තිබුණි.

මට දැන් වයස අවුරුදු දහනවයකි. සාමාන්‍ය පෙළ දක්වා ඉගන ගත් මා ඉන් පසු ඉගෙනීම අත් හැරියේ අධ්‍යාපනය සදහා වියදම් දැරීමට මාගේ මවට ශක්තියක් නොමැති නිසාය.මගේ අම්මා නිතරම පාහේ අසනීප වේ.ඇයට හතිය, පපුවේ කැක්කුම නිතරම ඇති වේ.ඒ නිසා ඇයට මහන්සි වී වැඩපළ කිරීමට අමාරුය.මට ඇයව දමා රස්සාවකට පවා යාමට අමාරුය.රස්සාවක් නොකර ජීවත් වීමටද නොහැකිය.රස්සාවක් කරොත් අම්මා ගැන බැලීමට කාලයක් නොමැතිය.

අම්මාත් බලාගෙන කරන්නට පුලුවන් රස්සාවක් සොයා ගැනීමට මං ගොඩාක් මහන්සි වුනා.මේ අතරතුර සැම්සන් ගුණවර්ධණ මහත්තයගේ නෝනා වන ධම්මි ගුණවර්ධණ නෝනා අපේ ගෙදර ආවා. ඒ නෝනා මට එයාලගෙ බංගලාවෙ වැඩට එන්න කියලා කතා කරා. අම්මාගෙ බෙහෙත් ගන්නත් ඒ නෝනා මට සල්ලි දුන්නා.මට මාසෙකට හොද මුදලකුත් දෙන්නම් කිව්වා.

මාව ගෙදරක වැඩකාරකමකට යවන්න අම්මා එච්චර කැමති වුනේ නැහැ.ඒත් මං බොහොම අමාරුවෙන් කැමති කර ගත්තා.උදේ හත වෙද්දී මං ගුණවර්ධන මහත්තයලාගෙ බංගලාවට යනවා. හවස පහ වෙද්දී මං ආපහු ගෙදර එනවා.ඒ ගෙදර වැඩට ඉන්න සිරියාවතී නැන්දා මාව ගෙදරටම ගෙනත් දානවා.

“අම්මා බය වෙන්නවත් දුක් වෙන්නවත් එපා.අම්මට මං ඉන්නවනේ.මං ගිහින් එන්නම් අම්මෙ.කෑම බෙදලා තියෙන්නෙ.අම්මා කාලා ඉවර වෙලා ටිකක් නිදා ගන්න.ගෙදර වැඩ කරන්න මහන්සි වෙන්න එපා……….”

එහෙම කියලා දණ ගහලා වැදලා මං බංගලාවට එන්න පිටත් වුනා. ගුණවර්ධන බංගලාව තමයි මේ පැත්තෙ තියන ලොකුම බංගලාව. බංගලාවක් කිව්වට මේක නවීන තාලෙට හදපු තුන් මහල් නිවසක්. හරියට තරු පහේ හෝටලයක් වගේ.

නිවස වටේටම ලොකූ තාප්පයක්.මේ වගේ නිවසක් මං කවදාවත් දැකලා තිබුනේ නෑ.ගේට්ටුවත් ඇරගෙන මං වත්ත ඇතුළට ගියා.ඊට පස්සෙ ගෙයි පිටි පස්ස පැත්තෙන් ගිහින් කුස්සියට ඇතුල් වුනා.මං යද්දි සිරියාවතී නැන්දා උදේට කෑම උයනවා.

“ආ දුවේ අද කලින්ම ඇවිල්ලා වගේ?මං මේ දැනුයි කෑම හදන්න පටන් ගත්තෙ………..”

“අද ටිකක් උදෙන්ම නැගිට්ටා නැන්දෙ. කෝ දෙන්නකො නැන්දෙ මං පොල් ගාන්නම්……….”

“මං මේක කරන්නම් දුවේ.උඹට ධම්මි නෝනා කතා කරා.ආපු හැටියෙම එයාව ඇවිල්ලා හම්බෙන්න කිව්වා……….”

“එහෙනම් මං ගිහිල්ලා ධම්මි නෝනව හම්බෙලාම එන්නම්……….”

එහෙම කියලා මං ගේ ඇතුලට ගියා ධම්මි නෝනව හොයාගෙන.ධම්මි නෝනගෙ කාමරේ තියෙන්නෙ දෙවෙනි තට්ටුවේ එහා කෙළවරේ.මං ඒ කාමරේට යන්න පඩිපෙළ නගින්න හදනකොටම,

“මේ තමුසෙ කව්ද?කොහෙද ඔය යන්නෙ?මේක තමුසෙගෙ ගෙදර කියලා හිතුවද?……….”😡😡

වෙඩි පුපුරනවා වගේ එකපාරටම මගේ පිටිපස්සෙන් ඇහුනු ඒ කටහඩට මං ගැස්සිලා වගේ පිටිපස්ස බැලුවා. ඩෙනිම් කොට කලිසමකුයි ලා නිල් පාට ටී ෂර්ට් එකකුයි ඇදන් හිටපු ඒ කෙනා සැම්සන් ගුණවර්ධණගෙයි ධම්මි ගුණවර්ධණගෙයි බාල පුතා සුරාජ් රජිව් ගුණවර්ධණ කියලා අදුරගන්න ඒ හැටි වෙලාවක් ගියේ නෑ.ඒ කතා කරපු විදියට මට බයකුත් ඇති වුනා.

“මෙ….මේ….මං යන්නෙ නෝනව හම්බෙන්න.නෝනා මට එන්න කිව්වා……….”😫😫

“තමුසෙ කව්ද?මොනවද මෙහෙ කරන්නෙ?………”

“මෙ….මං මෙහෙ වැඩ කරන්න ආවෙ මහත්තයා……….”

“මොකක්ද තමුසෙගෙ නම?……….”

“දෙව්ලි සනුත්තරා……….”

“හ්ම්ම්.දැන් යනවා මමී උඩ ඉන්නවා……….”

මං ඉක්මනට පඩිපෙළ නැගලා ධම්මි නෝනා ඉන්න කාමරේට ආවා.

“නෝනා මං ඇතුළට එන්නද?……….”

“ආ එන්න දෙව්ලි……….”

“නෝනා මට එන්න කිව්වෙ?……….”

“ඊයෙ රෑ සුරාජ් පුතා ලංකාවට ආවා.අද පුතාගෙ උපන් දිනේ.යාලුවො වගේකට පාර්ටියක් තියනවා.දෙව්ලිට පුලුවන්ද අද මෙහෙ නවතින්න.මං කියන්නම් කරුණාදාසට අම්මට පණිවිඩේ යවන්න කියලා………..”

“හ…හා නෝනා.මං ඉන්නම්……….”

“හොදයි එහෙනම්.දෙව්ලි දැන් කුස්සියට යන්න ඕන්නෑ.අපේ යක්ෂ පැටියගෙ කාමරේ අතුගාලා අස් කරලා දෙන්නකෝ……….”😁😄

යක්ෂ පැටියා🤔🤔ධම්මි නෝනා කාටද යක්ෂ පැටියා කියලා කිව්වෙ?මං ඒ ගැන නෝනගෙන් ඇහුවා.

“ආහ්….මං යක්ෂ පැටියා කිව්වෙ අපෙ පොඩි පුතා සුරාජ්ට.ලොකු පුතා මනෝජ් නෙවෙයි පොඩි පුතා යකෙක්ම තමයි. හරිම මුරණ්ඩුයි කියන දේ බිංදුවක්වත් අහන්නෙ නෑ…..පල්ලෙහා අයිනෙ තියන කාමරේ තමයි පොඩි පුතාගෙ කාමරේ.දෙව්ලිට පිස්සු හැදෙයිද දන්නෑ කාමරේ දැකලා.යක්කු නටපු පිට්ටනිය වගේ ඇති කාමරේ………..”

“මං ගිහින් කාමරේ අස් කරන්නම් නෝනා……….”

“හා දෙව්ලි……….”

පඩිපෙළ බැහැලා මං සුරාජ් මහත්තයගෙ කාමරේ ගාවට ආවා. ඉස්සෙලා සුරාජ් මහත්තයා මට බැනපු හැටි මතක් වෙලා බය හිතුණා එකපාරටම කාමරේට යන්නත්.ඒත් කමක් නෑ මට ධම්මි නෝනනෙ කිව්වෙ කාමරේ අස් කරන්න කියලා.බාගෙට ඇරලා තිබ්බ කාමරේ දොර මං ඇරියා.

“තමුසෙට පිස්සුද ඕයි?කාමරේකට එනකොට කතා කරගෙන එන්න දන්නැද්ද?එකපාරටම දොර අරින්නෙ?……….”😡😡

“අනේ සමාවෙන්න මහත්තයා.මට නෝනා කිව්වා මහත්තයගෙ කාමරේ අස් කරන්න කියලා.ඒකයි මං ආවෙ……….”

“ඉතිං ඇවිල්ලා අස් කරනවා………”😡😡

මං හිතුවෙ මං කාමරේ අස් කරන්න ආවා කිව්වම සුරාජ් මජත්තයා කාමරෙන් එළියට යයි කියලා.එයා ඇදේ හාන්සි වෙලා කකුලක් පිට කකුලක් දාගෙන ගඩොලක් විතර සයිස් ෆෝන් එක ඔබ ඔබා ඉන්නවා.මං කාමරේ දොර ගාවට වෙලා හිටියා සුරාජ් මහත්තයා කොයි වෙලේ හරි කාමරෙන් එළියට යයි කියලා.

“තමුසෙ දැන් ආවෙ කාමරේ අස් කරන්නෙ.එහෙනම් ඇවිල්ලා අස් කරනවා බලාගෙන ඉන්නැතුව……….”😡😡

“මහත්තයා එ….එළි…..එළියට යන්නකො ඉතිං……….”

“තමුසෙ ආවෙ ඇදුම් මාරු කරගන්න නෙවෙයිනෙ.කාමරේ අස් කරන්නනෙ. මං හිටියම මොකෝ?ඇවිත් අස් කරනවා……….”😡😡

ඊට පස්සෙ මං කොස්සත් අරගෙන ඒ කාමරේ ඇතුළට ගියා.මනුස්සයෙක් ඉන්න කාමරයක් කියලා හිතන්නවත් බෑ.ඇත්තටම යක්කු නටපු පිට්ටනියක් වගේමයි.කාමරේ තැනින් තැන ඇදුම්. සපත්තු.කොනක ඉදන් මං කාමරේ අස් කරලා අතු ගාන්න පටන් ගත්තා.ටිකක් වෙලා යද්දී සුරාජ් මහත්තයා කාමරෙන් එළියට ගියා.

හෝදන්න තියන රෙදි ටික වෙනම තියලා හෝදලා වනපු රෙදි ටික කබඩ් එකට දාලා ඇදටත් අලුත් සීට් එකක් දාලා කොට්ට වලටත් අලුත් උර දැම්මා.දැන් නම් කාමරේ හොදට පිළිවෙලයි.පැය දෙකක් විතර ගියා කාමරේ අස් කරන්න.ඒක ඉවර වෙලා මං කුස්සියට ගියා.

“අද සුරාජ් මහත්තයගෙ උපන් දිනේලු නැන්දෙ.මට ධම්මි නෝනා කිව්වා අද රෑට මෙහෙ නවතින්න කියලා.ගොඩාක් වැඩ තියනවලු……….”

“එහෙනම් කරුණාදාස අතේ පණිවිඩයක් යැව්වා නම් හරි ගෙදරට. නැත්නම් අම්මා බලාගෙන ඉදියි………..”

“ඔව් නැන්දෙ……….”

දවස ඉක්මනින් ගෙවීගෙන ගියා.මමයි සිරියාවතී නැන්දයි කෑම හැදුවා.කහ බත් උයලා,බටු මෝජු,මාළු බැදලා, පරිප්පු හදලා,කුකුල් මස් කරි හදලා, පපඩම් බැදලා,සැමන් තෙල් දාලා, බෝංචි මාළුව,කංකුන් තෙල් දාලා……… ඔක්කොම දේවල් හදලා මේසෙට ඇරියා.ඊට පස්සෙ මායි සිරියාවතී නැන්දයි කුස්සිය අස් කරලා ඇග හෝද ගත්තා.

රෑ හත අට විතර වෙද්දී පාර්ටිය පටන් ගත්තා.ගොඩාක් සෙනග ඇවිත් හිටියා. සුරාජ් මහත්තයගෙ යාලුවො ගොඩාක් ඇවිත් හිටියා.එයාලා සාලෙට වෙලා කාලා බීලා සිංදු කිය කියා නැටුවා.

“දෙව්ලි………”

කුස්සියට ඇවිත් මට කතා කරේ සුරාජ් මහත්තයගෙ අයියා මනෝජ් රන්දිව් ගුණවර්ධණ.මල්ලි වගේ නෙවෙයි අයියා හරිම හොදයි.අහිංසකයි.

“ඇයි මහත්තයා?………..”

“ෆෘට් සැලට් ටික කප් වලට දැම්මද?……….”

“ඔව් මහත්තයා ඒ ටික හරි.ඉන්න මං අරන් එන්නම්…………”

“එපා.එපා.දෙව්ලි සාලෙ පැත්තට එන්න එපා.ඔය ටික මං අරන් යන්නම්………..”

“අනේ මහත්තයා ලොකු නෝනා මට බනියි ඔය ටික මහත්තයට අරන් යන්න දුන්නා කියලා……….”

“අම්මා තමයි කිව්වෙ දෙවිලිට සාලෙට යන්න දෙන්න එපා කියලා.මල්ලිගෙ යාලුවො බීලා බීලා ඉන්නෙ.ඔයා ගෑණු ළමේක්නෙ.උන්ට කෙල්ලො පේන්න බෑ. ඔයා කුස්සියටම වෙලා ඉන්න………”

“හා මහත්තයා……….”

රෑ එකොළහ විතර වෙනකොට පාර්ටිය ඉවර වුනා.සිරියාවතී නැන්දයි මමයි සාලෙ අස් කරලා සුද්ද කරන්න පටන් ගත්තා.අපිට ධම්මි නෝනත් උදව් කරා. පාන්දර එක විතර වුනා නිදා ගනිද්දී.

පහුවදා හයට විතර නැගිටලා මං කුස්සියට ගිහින් වතුර ලිපේ තිබ්බා. පැයක් විතර යද්දී ලොකු නෝනා කුස්සියට ආවා.

“දෙව්ලි……ඔයා දරුවො ඊයෙ ගොඩාක් වෙලා ඇහැරිලා හිටියනේ.ගොඩාක් මහන්සි වුනානෙ.අද හවස් වෙනකල් ඉන්න ඕන්නෑ.දෙකහමාරට විතර ගෙදර යන්න……….”

“හා නෝනා……….”

“සුරාජ් මහත්තයගෙයි මනෝජ් මහත්තයගෙයි කිරි එක කාමරෙන් ගිහින් තියලා මිදුල අතුගාලා දාන්න………..”🥛🥛

“හරි නෝනා………..”

ලොකු නෝනා ගියාට පස්සෙ මං කිරි හදලා කෝප්ප දෙකට දැම්මා.🥛🥛

“දුවේ ඔය සුරාජ් මහත්තයෙගෙන් පරිස්සම් වෙලා ඉදපන්.මනෝජ් මහත්තයා වගේ නෙවෙයි සුරාජ් මහත්තයා ඇහැට කනට පේන්න ඉන්න කෙල්ලෙක් පේන්න බෑ…………”

“හරි නැන්දෙ.මං දන්නවා පරිස්සම් වෙලා ඉන්න හැටි………..”

එහෙම කියලා මං කිරි කෝප්ප දෙක අරගෙන මුලින්ම ගියේ මනෝජ් මහත්තයා ඉන්න කාමරේට.කාමරේ ගාවට ගිහින් දොරට තට්ටු කරා.

“එන්න……….”

“මහත්තයා මේ කිරි එක……….”🥛

“ආ තැන්ක්යු දෙව්ලි………..”

අනික් කිරු වීදුරුව අරන් මං සුරාජ් මහත්තයා ඉන්න කාමරේට ආවා.සුරාජ් මහත්තයා හිටියේ නිදාගෙන.මං කිරි එක කණ්ණාඩි මේසෙ උඩින් තිබ්බා.

“මහත්තයා කිරි එක ගෙනාවා……….”

“එහෙන්ම් තියලා යනවා මට නිදා ගන්න දීලා.මළ කරදරේට එනවා උදේ පාන්දරම………..”😡😡

ට්‍රේ එක අරගෙන මං කුස්සියට ගියා.ඊට පස්සෙ මිදුල අතු ගෑවා.අතු ගාලා ඉවර වෙලා කුස්සියට ගිහින් දවල්ට කෑම උයලා ඉවර වෙලා දෙකයි හතලිස් පහ විතර වෙද්දී ගෙදර යන්න ලෑස්ති වුනා.
රෙදි බෑග් එකත් කරේ දාගෙන කුස්සිය පැත්තෙන් එලියට බහිනකොටම😱😱

මතු සම්බන්දයි💖