මැර හිතකට ලං වී 2

😍”අනේ අපි දැන්වත් ගොඩට යමු ශෂී………”

ස්විම්පූල් එකේ ඉදන්ම මං ශෂීන්ද්‍රට එහෙම කිව්වා.පීනන්න පුලුවන් වුනාට මට නම් හරිම බයයි මේකෙ ඉන්න.ඊටත් වැඩිය මේ මගුල ඇදගෙන ඉන්නත් බෑ.

“යමු එහෙනම්.පිස්සු කෙල්ල………”

ශෂීන්ද්‍ර මාවත් ඇදගෙන ගොඩට ආවා. ඇදුම් මාරු කරගෙන අපි දෙන්නා ගෙදර එන්න පිටත් වුනා.අද ශෂීන්ද්‍රගේ බර්ත්ඩේ එකනෙ.මං මොනවද මෙයාට දෙන්නෙ?🤔🤔

“ශෂී……මගෙන් ඔයාට මොනවද ඕනි බර්ත්ඩේ එකට?………”

මං එහෙම ඇහුවම ශෂීන්ද්‍ර ටිකක් වෙලා කල්පනා කරා.මොනවා ඉල්ලයිද දන්නෑ.

“අද මගේ යාලුවො සෙට් එකට හොටෙල් එකේ පොඩි පාටියක් තියනවා.මොකුත් ඕන්නෑ.පාටියට යන්න අවසර දුන්නොත් ඇති………”

“හැම දෙයක්ම ලෑස්ති කරලද මගෙන් අවසර ඉල්ලන්නෙ?………”😠😠

“අයියෝ ඕකටත් ඉතිං මූණ එල්ල ගන්නවද ඒ පාර?බර්ත්ඩේ එක හින්දනෙ මැණික.ගොඩාක් බොන්නෑ ටිකයිනෙ………”

“හා ඉතිං කමක් නෑ.පිරිමි යාලුවො විතරයිනෙ එන්නෙ?………”😁😆

“ඔව් බං………”😁😃

❤️❤️

හවස හයාමාරට විතර ශෂීන්ද්‍ර හොටෙල් එකට ගියා.මට කම්මැලි හිතුණා.රෑ නවයත් පහු වුනා ශෂීන්ද්‍ර ගෙදර ආවෙ නෑ.එයා ආවත් එන්නෙ හොද සිහියෙන් නෙවෙයිනෙ.ඒ හින්දා මං නිදා ගත්තා.

උදේ පාන්දර නැගිටලා බලද්දී ශෂීන්ද්‍ර ඇදේ අනික් පැත්තේ නිදාගෙන හිටියා.මට කිව්වට පොඩ්ඩක් බොනවා කියලා මෙයා ඊයෙ අරක්කු බෝතලයක් විතර බීලා වගේ.තාමත් ශෂීන්ද්‍ර ලගින් මත්පැන් ගද ආවා.ඕනි වෙලාවක් නිදා ගන්නතෑ.මං නම් ඇහැරවන්නෙ නෑ.උදේ තේ එක බීපු මං ජනේල් ටික ඇරලා දාලා පල්ලෙහාට ගියා.අද නම් උදේ ටිකක් සීතලයි වගේ. පින්නත් වැටිලා.සෙරෙප්පු දාන්නැතුව තණකොල බිස්සේ ඇවිදිද්දී නම් මාර කූල් කකුල් දෙකට.පැයක් විතර ඇවිද ඇවිද ඉදලා මං කුස්සියට ගියා.

“ආ…..නෝනෙ මං මේ කෑම ටික ලෑස්ති කරා………”

“දැන්ම බඩගින්නක් නෑ නැන්දෙ.අද නම් පින්නත් වැටිලා සීතලයි වගේ………”

උණු වතුර වීදුරුවක් බීපු මං ආපහු කාමරේට ගියා ශෂීන්ද්‍ර නැගිටලාද කියලා බලන්න.කණ්ණාඩි මේසෙ ඉස්සරහා ඔලුව පීර පීර හිටියෙ.

“ඔයා කොහෙ හරි යන්නද ශෂී?………”

“ඔව් සංජු.ෆැක්ට්‍රි එකේ පොඩි හදිස්සියක්.මං ගිහින් ඉක්මනට බලලා එන්නම්……….”

මට එහෙම කියලා ඉක්මනට කාමරෙන් ගිහින් ශෂීන්ද්‍ර කාර් එකේ නැගලා ගියා. අනේ මන්දා වෙලාවකට මට නම් මේ මනුස්සයව තේරුම් ගන්න බෑ.ශෂීන්ද්‍ර ගෙදර නැති වෙලාවට කතා බහ කරන්නවත් කවුරුවත් නෑ.හරිම කම්මැලියි වගේම පාලුයි.නවකතා පොත අතට අරගෙන ඊයෙ නවත්තපු තැන ඉදන් කියවන්න පටන් ගත්තා.

පැය දෙකක් විතර යද්දී ශෂීන්ද්‍ර ගෙදර ආවා.

“මොකද ශෂීන්ද්‍ර ෆැක්ට්‍රියෙ වෙලා තියෙන්නෙ?………”

“ආ…..ඒක ලොකු ප්‍රශ්නයක් නෙවෙයි.මේ කන්ට්‍රැක් එකක් ගැන පොඩි ප්‍රශ්නයක්……..”

මට හිතුණා ශෂීන්ද්‍ර ඒ කිව්වෙ බොරුවක් කියලා.ඇත්ත මොකක්ද කියලා අහන්න හිතුනත් මං ඇහුවෙ නෑ.බැරි වෙලාවත් මේ යකාට කේන්ති ගියොත් එහෙම.

“මං දෙයක් අහන්න මැණික මට ඇත්තම කියනවද?………”

“ඕන දෙයක් අහන්න ශෂී………”

“හදිස්සියෙවත් මොකක් හරි අනතුරක් වෙලා මං මැරුනොත් ඔයා මොකද කරන්නෙ?………”

අනේ දෙයියනේ ශෂීන්ද්‍ර ඇයි මගෙන් එකපාරටම මේ වගේ දෙයක් අහන්නෙ?😢😢මෙයාට මේ මොනවද වෙලා තියෙන්නෙ?ඇයි මේ මැරෙන කතා කියන්නෙ?මං ශෂීන්ද්‍රගේ කම්මුල් දෙකම දෝතට මැදි කරගත්තා.ඒ ඇස් වල මට මහා අමුත්තක් පෙනුනා.

“අනේ මට ඇත්ත කියන්න ශෂී.ඔයාට මොකද මේ වෙලා තියෙන්නෙ?ඇයි මේ මැරෙන කතා කියන්නෙ?අනේ මට නම් ඔයා නැතුව ඉන්න බෑ.ඔයා මැරුනොත් මාත් මැරෙයි………”

“පිස්සු කෙල්ල…..මං මේ කියන දේ අහලා කලබල වෙන්න නම් එපා.ඊයෙ පාර්ටි එකට ගිහින් එද්දීත් මට පපුවෙ කැක්කුමක් ආවා.බීලා හිටපු හින්දා මට හොස්පිටල් එකට යන්නත් හිතුනෙ නෑ. අද උදේ මං ගියේ ෆැක්ට්‍රියට නෙවෙයි හොස්පිටල් එකට………”

“අනේ මට කියන්න ශෂී ඔයාට මොකක්ද තියන අසනීපෙ?අනේ ඔයා හොදින් නේද? ඩොක්ටර් මොකද ඔයාට කිව්වෙ?………”😭😭

“මාසයක් ඇතුලත ඔපරේෂන් එකක් නොකරොත් ඔයාට මාව නැති වෙන්න උනත් පුලුවන් මැණික………”

අනේ දෙයියනේ😭😭ශෂීන්ද්‍රගේ ඇස් වල කදුලු පිරිලා තිබ්බා.මට හොදටම බය හිතුණා ශෂීන්ද්‍ර ගැන.

“අනේ එහෙම කියන්න එපා ශෂී.ඔයාට මොකුත් වෙන්නෙ නෑ.දෙයියන්ගෙ පිහිටෙන් මගෙ මහත්තයට ඉක්මනටම සනීප වෙනවා.ඩොක්ටර්ට කියලා ඒ ඔපරේෂන් එක ඉක්මනට කරමු…..”😭😭

“ඒක ගොඩාක් බරපතළ ඔපරේෂන් එකක් සංජු.සමහර විට මට සනීප වෙන්න ගොඩාක් කල් යයි.ඉස්සර වගේ නෙවෙයි දැන් සැරින් සැරේට පපුවෙ කැක්කුම එනවා.ඒ වෙලාවට හුස්ම ගන්නත් ගොඩාක් අමාරුයි………”

අනේ දෙවියනේ මගෙ ශෂීන්ද්‍රට මොකුත් කරදරයක් නම් වෙන්න එපා.එහෙම වුනොත් මං එක මොහොතක් වත් ජීවත් වෙන්නෙ නෑ.😭🙏🙏

“ලබන සතියෙ ඔපරේෂන් එක කරන්න කියලා මං සුධාරට කිව්වා.තනිකඩව හිටියා නම් මට මැරෙන්න බයක් නෑ මැණික.දැන් මට ඔයාව තනි කරලා යන්න බෑ.අඩුම තරමෙ මේ බණ්ඩියට පුංචි පැටියෙක්වත් එනකල් ඉන්න ඕනි………”

“ඔයාට මොකුත් කරදරයක් වෙන්නෙ නෑ ශෂී.මං ඉන්නවනෙ ඔයාව බලා ගන්න. දෙවියන්ගෙ පිහිටෙන් ඔයාට ඉක්මනටම සනීප වෙනවා………”

ශෂීන්ද්‍රත් එක්කම පන්සල් ගිහින් බෝධි පූජාවක් තියලා මං ප්‍රාර්ථනා කරා ශෂීන්ද්‍රගේ ඔපරේෂන් එක සාර්ථක වෙන්න කියලා.ශෂීන්ද්‍ර මං දිහා බලාගෙන හිටියෙ උතුරා යන තරම් ආදරයකින්.

“ඔහොම බලන්න එපා මේක පන්සල……..”😊😃

“ඔයා හරිම පිං පාටයි සංජු.මේක පන්සල නෙවෙයි නම් මං ඔය සුදු මූණ රතු වෙනකල් ඉඹිනවා………”

“ශෂී……කට වහගෙන මේ පහන් ටික පත්තු කරන්න.පන්සලේ ඉදගෙනත් මේ මනුස්සයා කියන ඒවා………”

“ලැජ්ජ හිතුනද?……..”😁😁

“ශෂී………”😠😠

ඊට පස්සෙ නම් ශෂී සද්දෙ නැතුව හිටියා. මල් පහන් පත්තු කරලා ලොකු හාමුදුරුවන්ට කියලා පිරිත් නූල් බැදගෙන අපි ගෙදර ආවා.

😍😍

“ශෂී……ඒ පාර ඔය කොහෙද යන්න හදන්නෙ?………”😠😠

පන්සල් ගිහින් ගෙදර ආපු ගමන්ම ශෂී කොහෙ හරි යන්න ලෑස්ති වුනා.මේ මනුස්සයා නම් කියන දේ බිංදුවක්වත් අහන්නෑනෙ.

“පොඩි ගමනම් යන්නෙ………”

“මං ඇහුවෙ කොහෙද යන්නෙ කියලා………”😠😠

“යාලුවෙකුගෙ වැඩකට………”

“යාලුවට වැඩේ තනියම කර ගන්න කියලා ඔයා ගෙදර ඉන්න.ඩොක්ටර් කිව්වා මතක නැද්ද මේ දවස් ට්කේ රෙස්ට් කරන්න කියලා.යන්න එපා කොහෙවත්………”😡😡

කාරෙකේ යතුර පැත්තකට දාලා මං දොර ලොක් කරලා දොර ගාවින් හිට ගත්තා. දැන් පලයන්කො කෙහේට හරි.කඩනවා කකුල් දෙක.

“අනේ මැණික මං ගිහිල්ලා ඉක්මනට එනවා………”

“යන්න දෙන්නෙ නෑ.ගියොත් දෙන්නෙ දත් ටික බඩට යන්න………”😁😆

“මොකක්?මොකක්ද කිව්වෙ?………”😠😠

“ඇයි ඇහුන්නැද්ද කියපු දේ?………”😁😠

“නෑ.ආයෙ පාරක් කියනවා බලන්න………”😠😠

ශෂීන්ද්‍ර මං ගාවටම කිට්ටු වුනා.මාව බිත්තියටම හේත්තු වුනා.බිත්තිය දෙපැත්තෙන් අත් දෙක තියා ගත්තු ශෂීන්ද්‍ර මගෙ මුහුණට එබුනා.අනේ දැන් නම් මට හිතෙනවා මේ මනුස්සයට අර යන්න හදපු ගමන යන්න දුන්නා නම් හොදයි කියලා.😁😄මගෙ පපුවත් එකසිය ගානට ගැහෙනවා.දැන් නම් ඔපරේෂන් කරන්න මේකාගෙ පපුව නෙවෙයි මගෙ පපුව.😂😁😀

“මොකක්ද ඒ කිව්වෙ?දැන් කියනවා බලන්න………”

“න්……නෑ……මො…….මොකුත් නෑ………”

“එහෙනම් කිව්වෙ දත් ටික බඩට යන්න දෙනවා කියලා මට……….”😁😁😠

ශෂීන්ද්‍රගේ මුහුණ තව තවත් ලං වුනා.මං තද කරලා ඇස් දෙක පියා ගත්තා.සෙමින් සෙමින් ලං වුනු ශෂීන්ද්‍ර මගෙ තොල හැපුවා.මට ඌයි කියලා කෑ ගැස්සුනා.

“අනේ ඒක නම් රිදුනා මට.බලන්න ලේත් එනවද කොහෙද?………”

“කෝ බොරු කියන්න එපා.පාර හිටලා විතරයි ලේ එන්නෙ නෑ………”

ශෂීන්ද්‍ර එයාගෙ ඇගිලි තුඩු වලින් මගෙ දෙතොල් පිස දැම්මා.ඊට පස්සෙ හපපු ඒ දෙතොල් පරිස්සමට සිප ගත්තා.මගේ දෑත් ඒ පිට පුරා දිව යද්දී ශෂීන්ද්‍ර මං ඇදන් හිටපු ස්කිනි එකේ පටි දෙක පාත් කරලා ඒ මත සිප ගත්තා.හිමින් සීරුවේ මාව ඒ සිරුරට තෙරපා ගත් ශෂීන්ද්‍ර මගෙ පිට පුරා ඒ දෑගිලි වලින් පිරි මදින්නට වුනා.

“එපා ශෂී.ඔයාට ආයෙමත් පපුවෙ කැක්කුම එයි………”

“එහෙම එන්නෑ මැණික.ඉස්සෙල්ලා බෙහෙත් බිව්වනේ……….”

“එහෙනම් දැන් නිදා ගම්මු………”

“බෑ…….බෑ…….හොර කෙල්ල මාව අවුස්සලා දැන් නිදා ගන්න හදනවා.වරෙන් මෙහාට……….”

😍😍

හෙට තමයි ශෂීන්ද්‍රගෙ ඔපරේෂන් එක කරන දවස.අද දවල්ට ශෂීන්ද්‍රව හොස්පිටල් එකට එක්කන් යන්න ඕනි. නාලා,කාලා එහෙම ලෑස්ති වුනා හොස්පිටල් යන්න.මට නම් හොදටම බයත් හිතෙනවා.ඒත් දෙයියො බුදුන් සිහි කරලා ඉල්ලුවේ ඔපරේෂන් එක සාර්ථක වෙන්න කියලයි.දෙකහමාර‍ට විතර අපි හොස්පිටල් එකට ආවා.

“ශෂීන්ද්‍ර,හෙට උදේ හතට උඹව ඔපරේෂන් එකට ගන්නවා බං.බයක් නැතුව හිටපං උඹට කිසිම කරදරයක් වෙන්නෙ නෑ.හිතට ධෛර්යය ගනිං………”

ඩොක්ටර් සුධාර එහෙම කියලා ශෂීන්ද්‍රගෙ පිටට තට්ටුවක් දැම්මා.ශෂීන්ද්‍රට නම් කිසිම ගානක් නෑ. මගෙ කකුල් දෙකත් එක්ක වෙව්ලනවා. අත පය පණ නෑ.කොයි වෙලේ හරි මාව මෙතන ඇදගෙන වැටෙනවා.

“මට නම් බයක් නෑ බං.ඒත් සංජානා නම් ඉන්නෙ හොදටම බය වෙලා……….”

ශෂීන්ද්‍ර ඩොක්ටර් සුධාරට මාව පෙන්නලා එහෙම කිව්වා.

“බය වෙන්න එපා නංගි.ඔපරේෂන් එක ටිකක් සීරියස් වුනාට අපි මූට මොකුත් වෙන්න දෙන්නෙ නෑ.බය නැතුව ඉන්න……….”

හවස හය විතර වෙනකල් ඉදලා මං ගෙදර ආවා.ඒත් ආවෙ හිතකින් නම් නෙවෙයි.මගෙ හිත පුරාම බයක් තිබුනා. හැබැයි දෛවය අකාරුණික වෙලා ශෂීන්ද්‍රගෙ ජීවිතේට අනතුරක් වුනොත් එහෙම මං නම් එක මොහොතක්වත් ජීවත් වෙන්නෙ නෑ.

😍😍

පහුවදා උදේ හය වෙනකොට මං හොස්පිටල් එකට ගියා.ශෂීන්ද්‍රව ඔපරේෂන් එකට ගන්න ලෑස්ති කරලයි තිබුනා.මං ගිහින් ශෂීන්ද්‍රගෙ අත් දෙකෙන්ම අල්ලගෙන නලල සිප ගත්තා.

“දෙවියන්ගෙ පිහිටෙන් ඔපරේෂන් එක සාර්ථක වෙන්න ඕනි මගෙ ශෂී………”

“බය වෙන්න එපා මැණික මට මොකුත් වෙන්නෙ නෑ………”

“ස්ංජානා……මේ ඔපරේෂන් එක ඉවර වෙන්න පැය තුනක්වත් යයි.ඔයා ගෙදර යන්න………”

“බෑ සුධාර අයියෙ.කීය වුනත් කමක් නෑ. මං ඉන්නවා.මට ශෂී ව දාලා ගෙදර යන්න බෑ……….”

ශෂීන්ද්‍රව ඔපරේෂන් එකට ගත්තා.මං එලියෙ පුටුවකින් වාඩි වෙලා හිටියා. මොන හේතුවක් හින්දද මන්දා මං හිටියේ හොදටම බය වෙලා.මගෙ මුලු ඇගටම දාඩිය දාලා.අත පය වෙව්ලනවා.පුටුවෙන් නැගිට ගන්නවත් බෑ.උදේට තේ එකවත් නොබී ආපු නිසාද මන්දා පුදුම බඩගින්නක් දැනුනේ.

මතු සම්බන්දයි.