සදරෑ”

“ඔව් කියන්න සුදූ, මම මේ මිදුලේ”

“මොකද අනේ ඔය? බලන්නකෝ හැටියක්”

“ඇයි ඇයි? දැන් මට මොකෝ වෙලා තියෙන්නේ.? මේ යස අපූරැවට ඉන්නේ සුදු බෝලේ වගේ”

“හැම තැනම මජන් ගාගෙන සුදු මූණ පුරාම කලු පුල්ලි පුල්ලි හී”

“අහ්හ් ඒකද ? ඇයි දැන් මෙහෙම මං ඔයාට කැතයිද සුදූ?”

“නෑ නෑ කැතම කැතයි”

“ඔහොම ඉන්නවා අද නම් කරනවා මං හොද වැඩක්. කොහෙද ඔය දුවන්නේ? දුවල නම් බේරෙන්න බෑ මැණික ඔයාට මගෙන්..”

“අහ් බලමුකෝ මැණික…”

ඇයි මොකෝ බැරි ? ආදරේ දීලා අල්ල ගත්ත එකෙව් මේක මොකක්ද මැණික? කිරි කජු වැඩක් නෙහ්?”

“කවුද කිව්වේ ඔයා මාව අල්ල ගත්තා කියලා?”

කවුරුත් කියන්න ඕන නෑ. ඒක මං දන්නාවා… අහ්හ්හ් දැන් මොකෝ කියන්නේ කොහොම හරි අල්ල ගත්තා නෙහ් මම”

“අනේ සදරෑ මට උයන්න යන්නත් තියෙනවා. අත අරින්නකෝ පැටියෝ.”

“අහ් මහන්සි වෙලා අල්ල ගත්තට පස්සේ නිකන්ම අත අරින්නේ කොහොමද? මේ මජන් ටිකක් ඔයා සුදු නහය උඩ ගාලම යවන්නම්. නැත්නම් මගේ හිතටත් මදි මදි වගේ”

“අනේ මං පව් නෙහ්.. “

“නෑ නෑ මට අතන ඉන්නකන් කිව්ව ඒව මට මතකයි සුදු “

“හරි හරි ආයේ කියන්නේ නෑමයි..මගේ මැණික කොහොම උන්නත් ලස්සනයි නෙහ්. “

“අහ් ඔය ගෑණු මායම් වලින් නම් මාව අන්දවන්න ලේසි නෑ සුදූ.”

“හරි මන් ඒ කිව්ව දේවල් ඉල්ලා අස් කර ගන්නම්.. යන්න දෙන්නකො සුදු මහත්තයෝ.. උයන්න පරක්කු උනොත් ඔන්න කෑම පරක්කු වෙයි”

“ම්ම්ම් කමක් නෑ. නිකන් ඉල්ලා අස් කර ගන්න බෑ..ඒක බරපතල වරදක් හී”

“අහ් මෙයාගේ කෝලම්.”

” ඕව මට වැඩක් නෑ”

“එහෙනම්?”

” මට ඕන………. “

“ඔව් කියන්නකො, තවත් පරක්කු කරනවා නෙහ් ඔයා”

” හරි හරි ඉතින් ඔයා එක්ක කෝලම් නොකර එහා ගෙදර තරැෂි එක්ක කරන්නයැ”

“මොකක්ද කිව්වේ? ඒ පැත්තවත් බලලා අහු වෙන්නෑ මට..අම්ම්පා උගුල්ලනවා ඔය ඇස් දෙකම සුදූ මහත්තයෝ .ඔන්න නොකිව්වා කියන්න එපා.”

“හී හී තියෙන ඊරිසියාව හී. කෙල්ලගේ නම විතරයි කිව්වේ මුලු මූණම රතු වෙලත් ඉවරයි”

” යනවා යන්න . නපුරා.. තව එනවා හිනා වෙන්නත්”

” හරි ඉතින් විහිලුවක් නෙහ් කරේ මගෙ මැණිකට. කෝ දැන් අර වචන ටික ඉල්ලා අස් කර ගන්න මට මූණ පිරෙන්න ලොකූ හාද්දක් දීලා යන්නකෝ මැණික?”

“මට බෑ. තරැෂිගෙන්ම ඉල්ල ගන්න”

“අනේ මෙන්න මෙහෙට එන්න. ඔය බොරැ තරහව මන් දන්නේ නැතුවයැ”

“හී හී .. අහ් දැන් යාලුයි නේද?”

“ම්ම්ම්ම්ම්ම් ඔව්ව් මැණික❤”

“අම්මෝ මේ කෙල්ලො නම් මහ කපටියි. මුලින්ම හාද්දක් ඉල්ලුවේ මමයි. එයා බොරැ තරහක් අරන් මගෙන්ම ඉල්ල ගත්තා.”

“එහෙන තමා අපි හූ හූ.. “

“අහ් ඒකත් එහෙමද? මේ මොහොතේ ඉදං මාත් එහෙමයි”

“අනේ මං අහු වෙයි ඕවට..”

“අහ් නැද්ද?”

“නෑ තමයි. අනේ මේ මං උයන්න ඕන 12ටත් ළඟයි. ඊට පස්සේ “සුදූ බඩගිනියි”
“තාම උයනවද ඔයා” මන්තරේ වගේ කියවන්න ගනී.”

“හරි මැණික ඔයා යන්න. මං මේක ඉවර කරලා එන්නම්කෝ උදව් කරන්න ඔයාට”

“නෑ නෑ ඕන නෑ . වැඩ වැඩි කරන්න තමා ඔය”

ඔන්න ඔය විදියට තමා සදරැගෙයි අහිංසගෙයි ආදරය හැම මොහොතකම ගලා යන්නේ..අඹු සැමියන් උනත් එයාලට ඒ දේ පවා අමතක වෙන තරමටම එයාල හරිම සතුටින්. වෙලාවකට යාලුවො වගේ. වෙලාවකට පුංචි ළමයි වගේ පොඩි පොඩි ඕනම නැති දේකට හුරතල් රණ්ඩුවක්. කවදාවත් ඒ රණ්ඩු දුරදිග යාමක් බහින් බස් වීමකට නම් පෙරලෙන්නේ නෑ..මොකද එයාලා වටා හොඳ අවබෝධයක් , අවංකකමක් , විශ්වාසයක් වගේම ශක්තිමත් ආදරයක් එතිලා තියෙනවා . එහෙම ආදරයක් බිදින්නවත් බිදෙන්නවත් අවස්ථාවක් නම් ඇත්තේම නෑ.

අපි හැම කෙනාටම සදරැ සහ අහිංසාගේ ආදරය වගේ ආදරයක් ලැබෙනව නම් කොයි කවුරුත් කැමතියි..හැමෝගෙම හිත ඉල්ලන්නෙත් ඒ වගේ ලස්සන ආදරයක් නෙහ්. ආදරයක් ලැබිලා තියෙන අය මේ වගේ ලස්සන ආදරයක් ඇති කර ගන්න බලන්න..ලැබිලා නැති අයට ඒ වගේ ආදරයක් ඉක්මනින්ම ඔයාව හොයාගෙන ඒවී. බලාපොරොත්තුවෙන් සතුටින් ඉන්න ඒ වෙනතුරු…

ස්තුතියි
අමාලි විජයන්ති