මැර හිතකට ලං වී 2
❤️”සංජු…..සංජු…..නැගිටිනවකෝ ඕයි………”
“අනේ තව ටිකක් නිදා ගන්න දෙන්නකෝ අප්පා………”
“දැන් හතත් පහු වෙලා.නැගිටිනවකෝ. ගමනක් යන්න තියනවා………”
“ඉතිං ඔයා යන්නකෝ ශෂී.මට නම් බෑ වගේ අප්පා නිදි මතයි………”
මං තව තවත් පොරෝනය තුලට ගුලි වන්නට වූයෙමි.ඒත් ශෂීන්ද්‍ර මට නිදා ගන්න දුන්නෙ නෑ.සීට් එක ඇදලා පැත්තකට දාලා මාව බිමටම ඇදලා ගත්තා.
“මොකද මේ හිටගෙන නිදි?නැගිටිනවා. අවුරුදු ගානකින් නිදාගෙන නෑ වගේනෙ………”
“දැන් කොහෙද අපි යන්නෙ?……..”
නිදිමරගාතෙන්ම මං එහෙම ඇහුවා. ශෂීන්ද්‍ර හිටියේ මාව දෑතින්ම අල්ලගෙනයි.
“කොහෙවත් යන්නෑ………”
“ඈ…….එහෙනම් දැන් කිව්වෙ ගමනක් යන්න තියෙනවා.නැගිටින්න කියලා. එතකොට බොරුද මට කිව්වෙ?මං යනවා නිදා ගන්න………”
මං ආපහු ඇදට යන්න හැදුවා.ශෂීන්ද්‍ර මාව ඇදලා එයා ගාවට ගත්තා.මං ඇස් ඇරලා ශෂීන්ද්‍ර දිහා බැලුවා.ශෂීන්ද්‍ර මගෙ මුහුණ දිහාම බලාගෙන හිටියා.අද නම් මෙයාගෙ මුහුණ හරිම අමුතුයි.මොකක්ද දන්නෑ.🤔🤔
“ඔයා අද හරිම අමුතුයි ශෂීන්ද්‍ර?මොකද වුනේ?………”
“අද දවස දන්නවද?………”
“ම්ම්ම්🤔🤔අද හය වෙනිදා බ්‍රහස්පතින්දා……..”
“අද දවසෙ විශේෂත්වය දන්නවද?………”
මං ටිකක් වෙලා කල්පනා කරා.එහෙම විශේෂත්වයක් මතක නෑනෙ.මොකක්ද අද දවසෙ තියන විශේෂ බව??🤔🤔
“මට මතක නෑනෙ ශෂී………”
“හොදට මතක් කරලා බලන්න……..”
හුටා🤦🤦අද ශෂීගෙ බර්ත්ඩේ එක නේද?මට දැනුයිනෙ දෙයියනේ ඒක මතක් වුනේ.අයියෝ දැන් ශෂීට මොනවද මං බර්ත්ඩේ එකට දෙන්නෙ?
“හැපි බර්ත්ඩේ ශෂී.අනේ සොරි මට අමතක වුනා………”
දෝතින්ම අල්ලලා ඒ කම්මුල් සිපගෙන මං ශෂීන්ද්‍රට සුබ පැතුවා.
“ඒ වුනාට ඔයා මගෙ බර්ත්ඩේ එක අමතක කරානෙ සංජු.මං හිතුවෙ නෑ ඔයාට ඒකත් අමතක වෙයි කියලා………”
ශෂීන්ද්‍ර ඒක කිව්වෙ දුකින් වගේ.ශික්…….. මං වගේ ගෑනියෙක්.තමන්ගෙ මිනිහගෙ උපන්දිනේ අමතක වුනානෙ.මං මීට වඩා සිහි කල්පනාවෙන් ඉන්න ඕනි.ඉස්සරහට තව මොනවා මොනවා අමතක වෙයිද දන්නෑ.මං හිමිහිට ශෂීන්ද්‍රගේ මුහුණ දිහා බැලුවා.එයා තේ එක අතේ තියාගෙන බැල්කනියට ගියා.මං බාතෲම් එකට ගිහින් මූණ කට හෝදගෙන දත් මැදලා ඇවිත් ශෂීන්ද්‍ර ගාවට ගියා.එයා ලොකූ කල්පනාවකින් හිටියෙ.මං පිටි පස්සෙන් ගිහින් එයාගෙ බඩ වටේට අත යවලා එයාගෙ පිටට හේත්තු වුනා.ඒත් ශෂීන්ද්‍රට නම් කිසිම ගානක් නෑ.ඔහේ හිටියා.මං හැරිලා එයාගෙ මුහුණ දිහා බැලුවා.
“අනේ ප්ලීස් ශෂී මාත් එක්ක තරහ වෙන්න එපා.අනේ මට සමාවෙන්න.ආයෙ කවදාවත් මං කිසිම දෙයක් අමතක කරන්නෙ නෑ.අනේ තරහ වෙලා නම් ඉන්න එපා………”😥😥
මං අඩන්න ඔන්න මෙන්න එහෙම කියද්දී ශෂීන්ද්‍ර හිනා වෙලා මගේ කර වටේට අත යවලා මාව තුරුල් කර ගත්තා.
“මං තරහ නෑ මැණික.ඒත් මට චුට්ටක් දුක හිතුණා ඔයාට මගෙ උපන් දිනේ අමතක වුනා කිව්වම………”
“මට සමාවෙන්න රත්තරං.ආයෙ නම් මං කවදාවත් ඔයාගෙ උපන්දිනේ අමතක කරන්නෑ………”
“අද අපි යමු ඔයාගෙ මල්ලිව බලන්න.අද ස්කෝලෙත් නිවාඩු දවසක්නෙ………”
“අනේ හා………”
“එහෙනම් ගිහින් ලෑස්ති වෙන්න………”
මං කාමරේට ඇවිත් ඉක්මනට ලෑස්ති වුනා.මං මීට කලින් කවදාවත් මල්ලිව බලන්න හොස්ටල් එකට ගිහින් නෑ. ශෂීන්ද්‍ර නිවාඩු කාලෙට මල්ලිව ගෙදර එක්කන් එනවා.
අපි දෙන්නා ලෑස්ති වෙලා මල්ලිව බලන්න යන්න ලෑස්ති වුනා.ඉස්කෝලෙ ළගමයි හොස්ටල් එක තිබුනේ.අපිව දැකපු ගමන්ම මල්ලි දුවගෙන ආවා.
“අක්කේ…..අනේ අංකලුත් ඇවිල්ලා මාව බලන්න………”
මල්ලි ගොඩාක් සන්තෝශ වුනා මාවයි ශෂීන්ද්‍රවයි දැකලා.හැබැයි මල්ලි ශෂීන්ද්‍රට අංකල් කියන එක නවත්තන්න ඕනි.
“මල්ලී….මෙයා ඔයාගෙ අංකල් නෙවෙයි. අද ඉදන් ඔයා මෙයාට කියන්න ඕනි අයියා කියලා.තේරුනාද?……….”
“ආ ඔව් මට තේරුණා……….”
මල්ලි ඉන්න නේවාසිකාගාරය බාර වෙලා ඉන්න මැඩම්වත් හම්බවෙලා අපි ආපහු එන්න ලෑස්ති වුනා.
“දැන් අපි කොහෙද යන්නෙ ශෂී?……….”
“යමුකෝ……….”
කොහෙද යන්නෙ කියලා ශෂීන්ද්‍ර මට කිව්වෙ නෑ.මාත් බලාගෙන හිටියා මෙයා කොහෙද මාව එක්කන් යන්නෙ කියලා. කාරෙක හැරෙව්වේ ලොකු හොටෙල් එකකට.
“ලන්ච් එක අරගෙන ටිකක් වෙලා ඉදලා යමු.මොනවද කන්නෙ?………”
ටේබල් එකකට යන ගමන් ශෂීන්ද්‍ර මගෙන් එහෙම ඇහුවා.මං කල්පනා කරා. මේ වගේ තැන්වල මොන මොන ජාති කන්න තියනවද?
“ඔයා කන දෙයක් කමු………”
“එහෙනම් අපි රයිස් කමු……….”
අපි දෙන්නා රයිස් කාලා කොකා කෝලා බිව්වා.
“පල්ලෙහා ස්විම් පූල් එකක් තියනවා.අපි නාමුද සංජු……….”
“අනේ හා……….”
හොටෙල් එකෙන් එලියට බැහැලා අපි දෙන්නා ඒ ස්විම්පූල් එක පැත්තට ආවා. ගොඩාක් කපල්ස් ඒ පැත්තෙ හිටියා.
“පොඩ්ඩක් ඔහොම ඉන්නකො.මං එන්නම්……….”
ශෂීන්ද්‍ර මාව එලියෙ තියලා ඇතුලට ගියා. මං වටපිට බැලුවා.කියා ගන්න බැරි තරම් පුදුම ලස්සනක් තිබ්බෙ ඒ හොටෙල් එක. මං මේ වගේ තැනක් පින්තූරෙකින්වත් දැකලා නෑ.හරියට මාලිගාවක් වගේ.
“ආ මේක ඇදගෙන එන්නකො………”
ශෂීන්ද්‍ර මගෙ අතට මොකක්දෝ මන්දා ඇදුමක් දුන්න.ශෂීන්ද්‍ර හිටියෙ උඩට ඇදුමක් නැතුව වියතක් විතර කොට කලිසමක් ඇදගෙන.චික්….මේ මනුස්සයට පිස්සුද මන්දා මිනිස්සු ඉන්න තැනක මේ වගේ ඇදුමක් ඇදගෙන ඉන්නෙ.ලැජ්ජා නැද්ද මන්දා.
“මොකද ඔහොම බලන්නෙ?ආස හිතුනද කොල්ලව මෙහෙම දැකලා……….”😁😁
ශෂී එහෙම ඇහුවෙ රහසින් වගේ මගෙ කනට කරලයි.හොද කොල්ලා😁🤭හිතේ ඇති තාම අවුරුදු විසි පහයි කියලා.
“ආ ගිහින් මේක ඇදන් එන්න නාන්න……..”
මං ඒ ඇදුම අතට අරන් බැලුවා.බුදු අම්මෝ🤭🤭මං කොහොමද මේ මගුල අදින්නේ.මේක ඇන්දොත් ඔක්කොම එලියෙ.
“අනේ මට නම් මේක අදින්න බෑ ශෂී. බලන්නකො අනේ මේකෙ කොට.මීට වඩා දිග ඇදුමක් නැද්ද?……..”
“මීට වඩා දිග ඇදුම් නෑ සංජු.ස්විම්පූල් එකේ නාන්නෙ මේවා ඇදගෙන.ගිහින් හොද ළමයා වගේ මේක ඇදගෙන එන්නකෝ……..”
“අනේ බෑ ශෂී.මට ලැජ්ජයි මේක අදින්න. බලන්නකෝ අනේ මේක ගොඩාක් කොටයිනේ……..”
“අයියෝ මගුල…..මේක අදිනවා ඕයි. ලැජ්ජ වෙන්න එපා.මාත් එක්කනෙ ඉන්නෙ……..”
“අනේ ශෂී……..”
ඒ පාර නම් ශෂීන්ද්‍රට කේන්ති ගියා.මං ඒ ඇදුම අතේ තියාගෙන බලාගෙන හිටියා. දෙයියනේ මං කොහොමද මෙහෙම ඇදුමක් අදින්නෙ ලැජ්ජ නැතුව.
“කන පලාගන්නෙ නැතුව ගිහින් මේක ඇදගෙන එනවා……..”
මං ඒ ඇදුමත් අරගෙන ඒ රූම් එක ඇතුලට ගියා.බොහොම අමාරුවෙන් වගේ ඇද ගත්තා.අයියෝ සංසාරේ🤭🤭 මං කොහොමද දැන් මේක ඇදගෙන එලියට යන්නෙ?😁😊😃ශික්😁😁ලැජ්ජාවෙ බෑ අප්පා.🤭🤭මං ටිකක් වෙලා හිටියා එලියට යන්නෙ නැතුව.මං පරක්කුයි කියලා දැනුනොත් ශෂී කඩාගෙන බිදගෙන මේක ඇතුළට දුවගෙන එයිද දන්නෑ.ඕනි දෙයක් වෙච්චාවෙ කියලා හිතලා මං හිමීට එලියට ගියා.ශෂීන්ද්‍ර හිටියෙ අහක බලාගෙන.මං එයා ලගටම ගියා.
“ශ……..ෂී………”
ශෂීන්ද්‍ර එකපාරටම හැරිලා මං දිහා බැලුවා.මං ලැජ්ජාවෙන් බිම බලාගත්තා.
“අම්මෝ මැණික😱😱සුද්දියෙක් වගේ. ශා…….මාර ලස්සනයි හැඩයි………”
“අනේ ශෂී මට ලැජ්ජයි අනේ මේක ඇදගෙන ඇවිදින්න………”
“ඕක ඇදගෙන පාර දිගේ යන්න කිව්වෙ නෑනෙ.එනවා නාන්න.තමුසෙට පීනන්න පුලුවන්ද?……..”
මං ඔව් කියලා කිව්වා.ශෂීන්ද්‍ර මගෙ අතින් අල්ලගෙන ගිහින් ස්විම්පූල් එකට පැන්නා.මට බයටම කෑ ගැස්සුනා.මං හයියෙන් ශෂීන්ද්‍රගේ අතින් අල්ල ගත්තා.
“අනේ මට බයයි ශෂී.මාව මේකෙ ගිලෙයි. අනේ අතාරින්න නම් එපා……..”
“ඒයි මෝඩ කෙල්ල.ගිලෙන්නෙ නෑ මැණික මේකෙ.මේ හරියෙ වතුර තියෙන්නෙ ඔයාගෙ පපුව ගාවට විතරයි……..”
ඒත් මට බය හිතුණා.ජීවිතේ පළවෙනි පාරටයි අද මං මේ ස්විම්පූල් එකක් දැක්කෙ.මං හිටියෙ ශෂීන්ද්‍රගෙ පපුවටම තුරුල් වෙලා.දිය යටින් අත දාලා ශෂීන්ද්‍ර මගෙ ඉන කෙනිත්තුවා.මට ඌයි කියලා කෑ ගැස්සුනා.
“මහ ලොකුවට කිව්වා පීනන්න පුලුවන් කියලා.දැන් මෙතන බයේ මාව බදාගෙන ඉන්නවා……..”
මතු සම්බන්දයි