නොපැතූ ප්‍රේමයක්

💟”කෝ ඔහොම ඉන්නකො ඉතිං.බලන්න මේ කකුල් ඉදිමිලා……..”

ධනුෂ්ක උණු වතුරෙන් මගෙ කකුල් දෙක තවන්න වුනා.

“අනේ ඇති මහත්තයෝ.ඔයාට පව් සිද්ද වෙයි රත්තරං.මේ කාලෙට ඔහොම තමයි ඉතිං………”

“ඔයා ඔහොම ඉන්නකො හර්ෂි.මං කෑම අරගෙන එන්නම්………”

ධනුෂ්ක මට කිසිම දේකට මහන්සි වෙන්න දුන්නෙ නෑ.ගෙදර හැම වැඩක්ම පුලුවන් විදියට එයා කරා.ඒත් මං නිකන් හිටියෙ නෑ මිදුල අතුගාන ගේ අතු ගාන එක කරා.මාව පරිස්සමට බාතෲම් එකට එක්කන් ගිහිල්ලා නෑව්වෙත් ධනුෂ්ක.

“මෙච්චර ගොඩාක් කන්න බෑ ධනුෂ්ක. ඔයත් කන්නකො මේකෙන්………”

“මේ කාලෙදි දෙන්නෙකුට ඇති වෙන්න කන්න ඕනි.පණ්ඩිතයා වෙන්නෙ නැතුව මේ ඔක්කොම ටික කනවා……..”

කොහොමහරි මං ඒ බත් එකෙන් බාගයක් විතර කෑවා.

“අනේ දැන් නම් ඇති ධනුෂ්ක.මේ බලන්න බඩ ගොඩාක් පිරිලා……..”

“හවසට කන්න මොනවද ඕනි?……..”

“අම්මෝ හවසට නම් මොකුත් කන්න බෑ. මේ කාපු ටික ඇති.මට ඉස්මුරුත්තාවට වගේ………”

😘🤰

හවස ඇග හෝදලා ඉවර වෙලා මං ලා රෝස පාට ගව්මක් ඇද ගත්තා.දරුවා ලැබෙන්න දින තියෙන්නෙ තව දවස් හතරයි.මේ දවස් ටිකේ හිටියේ ගොඩාක් කල්පනාවෙන්.දරුවා ලැබුනාට පස්සෙ අනෝමා නැන්දා ටික දවසකට අපිත් එක්ක නවතින්න එන්නම් කිව්වා.

“ඔයා ගොඩාක් ලස්සන වෙලා මැණික. මහත් වෙලා.හරිම සිරියාවන්ත පාටයි………”😘😘

මගෙ ඔලුව පීරන ගමන් ධනුෂ්ක එහෙම කිව්වා.මං ගොඩාක් වාසනාවන්තයි ධනුෂ්ක වගේ සැමියෙක් ලබන්න.මං අනික් පැත්ත හැරිලා ධනුෂ්කගෙ මුහුණ සිප ගත්තා.ඒ පපුවට තුරුල් වෙලා ගොඩාක් වෙලා හිටියා.

“ධනුෂ්ක ඔයා ආස දුවෙකුටද පුතෙකුටද?……..”

“එහෙම භේදයක් නෑ මැණික.ඒත් මං ආසයි ඔයා වගේ කටකාර හැඩකාර කෙල්ලෙකුට………”

මගේ කම්මුලක් සිහින්ව මිරිකන ගමන් ධනුෂ්ක එහෙම කිව්වා.මගෙ හිතෙත් ආසාව තියෙන්නෙ දුවෙකුට.

“කෝ දැන් නිදා ගන්නකො මැණික………”

ලයිට් නිවලා අපි දෙන්නම නිදා ගත්තා. ටිකක් වෙලා යද්දී මගෙ කොන්ද පැත්තෙන් වේදනාවක් දැනුනා.ධනුෂ්කට නම් හොදටම නින්ද ගිහින්.මට බයකුත් දැනුනා.

“ධනුෂ්ක…..ධනුෂ්ක………”

ටිකක් වෙලා යද්දී ධනුෂ්කට ඇහැරුනා.

“ඇ….ඇයි මැණික ඔයාට අමාරුද?……..”

“මට ටිකක් අමාරුයි වගේ ධනුෂ්ක.අනේ රම්‍යා ඇන්ටිට කතා කරන්නකො……..”

ධනුෂ්ක ඉක්මනට කකුලත් හයි කරගෙන අල්ලපු ගෙදරට ගියා.මට බය හිතුණා මෙච්චර හයියෙන් ගිහිල්ලා ධනුෂ්ක වැටුනොත් එහෙම.විනාඩි පහක් යන්නත් කලින් රම්‍යා ඇන්ටියි එයාගෙ දුවයි අපේ ගෙදරට ආවා.

“පුතා ඔයා ගිහින් වාහනේට නගින්න.මං අංකල්ට කිව්වා වාහනේ වත්තට ගන්න කියලා……..”

විනාඩි දහයක් විතර යද්දී මාව හොස්පිටල් එකට ගෙනාවා.එන්න එන්නම අමාරුව වැඩි වුනා.මං හොදටම බය වෙලා ඇඩුවා.

🤱😘

“නර්ස්…..කෝ මගෙ දරුවා……..”

සිහිය ආපු ගමන්ම මං ලග හිටපු නර්ස්ගෙන් මං එහෙම ඇහුවෙ දරුවා මං ලග හිටපු නැති හින්දයි.

“ආ…..අම්මට සිහිය ආවද?ඔහොම ඉන්නකෝ මං දරුවව ගෙනත් දෙන්නම්……..”

එහෙම කියලා ඒ නර්ස් මට ටිකක් එහා පැත්තෙන් තිබුනු තොටිල්ලට නැවිලා දරු පැටියව අතට ගත්තා.

“මෙන්න අම්මට ලස්සනම ලස්සන දූ කුමාරියක්………”

එහෙම කියලා නර්ස් මගේ පුංචි රෝස මල මගෙ තුරුලෙන් තිබ්බා.රෝසම රෝස පාට පුලුං බෝලයක් වගේ මගේ පුංචි සුරංගනාවි.අනේ මට ඒ රෝස පාට කම්මුල් දෙක රතු වෙනකල් සිපගන්න හිතුණා.

“දැන් බබාට කිරි දෙන්න අම්මා………”

මං මගේ පුංචි රෝස මලට කිරි දුන්නා. පැයක් විතර යද්දී ධනුෂ්ක ආවා.මුලු ලෝකෙම ජය ගත්තා වැනි අභිමානයක් සන්තෝශයක් ධනුෂ්කගේ මුහුණේ තිබුනා.😀😀මං ධනුෂ්කගේ අතට දුවව දුන්නා.ධනුෂ්කගේ ඇස් වල සතුටු කදුලු.

“ඔයාට ලොකු අමාරුවක් වුනේ නෑනෙ මැණික………”

“නෑ ධනුෂ්ක.කොච්චර අමාරුවක් වුනත් මෙයාගෙ මුහුණ දැක්කට පස්සෙ ඒ හැම අමාරුවක්ම නැති වෙලා ගියා………”

“බබාට දාන්න නමක් හිතුවද හර්ෂි?………”

“ඔව් ධනුෂ්ක……..”

“මොකක්ද?……..”

“ධනූෂා හර්ෂණී………”

“ඒ නම නම් ලස්සනයි මැණික………”


දවස් තුනකට පස්සේ මගෙ ටිකට් කපලා මාවයි දුවවයි ගෙදරට එක්කන් ආවා. අපිත් එක්ක ටික දවසක් ඉන්න අනෝමා නැන්දත් ආවා.

“පුතා ඔයාට වැඩට යන්න තියෙන්නෙ කවද්ද?………”

අනෝමා නැන්දා ධනුෂ්කගෙන් එහෙම ඇහුවා.

“ලබන සතියෙ යන්න තියෙන්නෙ නැන්දෙ…….”

❤️😘

“තාත්ති වැඩට ගියාට පස්සෙ දෝණි නැතුව පාලු දැනෙයි.අම්මා කුක්කු බීලා හබුං කාලා මගෙ මැණික ඉක්මනට ලොකු වෙන්න ඕනි……..”

ධනුෂ්ක දෝණිව හුරතල් කර කර ඉන්නවා.මටත් වඩා ධනුෂ්ක දැන් දෝණිට ආදරෙයි.

“ධනුෂ්ක………”

“ඇයි හර්ෂි?……..”

“ඔයා දැන් දුවට විතරයි නේද ආදරේ?මට ආදරේ නෑනෙ?……..”😊😊

“ඔන්න බලන්න දෝණි අම්මිගෙ තියන පැහැදිලි ඉරිසියාව.මං ආදරේ දෝණිට විතරලු.අම්මිට ආදරේ නැතිලු.නෑ…… තාත්ති අම්මිටත් ගොඩාක් ආදරෙයි……..”

වසරකට පසුව👇👇👇

අපේ චූටි මැණිකට දැන් අවුරුද්දයි. ධනුෂ්ක ඔෆිස් එකේ ඉදන් ගෙදර එනකල් දෝණි බලාගෙන ඉන්නවා.ආපු ගමන්ම තාත්තී කියාගෙන ධනුෂ්ක ගාවට දුවනවා.ධනුෂ්කගෙ වැඩේම ඉතිං කෙල්ලව හුරතල් කරන එකයි.සමහර දවස් වලට ධනුෂ්ක ගෙදර එද්දී රෑත් වෙනවා.මං ඒ දවස් වලට කෙල්ලව නිදි කරවන්නෙ බොහොම අමාරුවෙන්.මොන තරම් වැඩ රාජකාරි තිබ්බත් ධනුෂ්කගෙ ලෝකෙම වුනේ මායි දුවයි.එයා අපි දෙන්නට ගොඩාක් ආදරෙයි.

“කෝ දෝණි නිදිද?……..”

කාමරේට එබෙමින් ධනුෂ්ක එහෙම ඇහුවා.

“ඔව් ධනුෂ්ක ඔයා එනකල් පුටුවෙ වාඩි වෙලා බලාගෙන ඉදලා පුටුව උඩම නින්ද ගියා……..”

“මොකද මේ කකුල රතු වෙලා……..”

“ගේ වටේටම දුවනවා කියන දෙයක් අහන්නෙ නෑ.අද ඉස්තෝප්පු කෑල්ලෙ ලිස්සලා වැටුනා……..”

“පව් අනේ…….”

“තාත්ති කෙල්ලට ගොඩාක් ආදරෙයි වගේ.ඔන්න තවත් එක්කෙනෙක් එන්නයි හදන්නෙ……..”

“ඒ කොහෙද හර්ෂි?……..”

“කොහෙවත් නෙවෙයි අනේ අපේ දෝණිට අක්කි කෙනෙක් වෙන්නයි යන්නෙ………”

“ෂා…..මරුනෙ………”

ධනුෂ්ක මාව එයාගෙ තුරුලට ගත්තා.

“මැණිකට පිං මට මෙහෙම ජීවිතයක් දුන්නට.ඔයයි දරුවො දෙන්නයි හින්දා මං අද ගොඩාක් සතුටින්…….”

මගේ නලල සිපගෙන ධනුෂ්ක එහෙම කිව්වා.

අවසානයි