හෙලෝ …. අකිල … මම …”

” මහී.. කියන්න මට ආරංචි වෙඩින් එකට ඩේට් දාගෙන කියලා . “

” හ්ම්…….. ඔයා එනවා නේද?? මම වෙඩින් එක කියන්න ගත්තේ… මම බලන් ඉන්නවා ඔයා එනකන්.. “

” මම කොහොමද මහී ඔයා වෙන කෙනෙකුගේ වෙනවා බලන්න එන්නේ.. මට බෑ මහී ඒක කරන්න.. මට බෑ… “

” ප්ලීස් අකිල ඔයා එන්න . මම බලන් ඉන්නවා…”

” මතක ද මහී මම ඔයාගේ හිතේ ඉඩක් ඉල්ලපු වෙලේ ඔයා කියපු වචන ටික. ඒ වෙද්දී ඔයාට හසිදු අයියා හම්බ වෙලා තිබුනෙත් නෑ …”

” හ්ම්….. මට මතකයී .මම කීවා හිතේ ඉඩක් නෑ.. කියලා . ඔයා ඇහුවා ඇයි කියලා එතකොට මම කීවා ගිරා සංදේශය, මලගිය ඇත්තෝ, පුරාතන ගද්‍ය, සිතියම් පොත් හිත ඇතුලේ ඉඩ අරන් කියලා .”

” හ්ම්… එදා ඔයා මට කැමති උනා නම් අද අපි අපේ වෙලා ගොඩක් කල් මහී…”

” දැන් ඔව්වා ගැන කියලා වැඩක් නෑ. අකිල .ඒ අතීතය මතකයන් විතරයි . අතීතේ ගෙවිලා ඉවරයි. වර්තමානය , අනාගතය ගැන හිතලා ජීවත් වෙන්න .. මම තියනවා . ඔයා වෙඩින් එකට එනකන් මම මඟ බලන් ඉන්නවා..”

දුරකථනය විසන්ධි කර දෑසින් නොනවත්වා ගලන කදුළු පිහමින් මම කොට්ටේ මූණ හොවාගෙන ඉකි ගසමින් ඇඩුවා. කොච්චර ඇඩුවත් හිතේ වේදනාව අඩු උනේ නෑ..

පණ වගේ ආදරය කරන හසිදු අයියා ඉද්දී ඇයි මම මේ අකිල ගැන හිත හිත අඩන්නේ.. මගේ සිතෙන් මම ම විමසුවා . අම්මාගේ හඩට දෑසේ කදුලු පිස දමමින් කාමරයෙන් එළියට ගියා.

මම මහීමා සුගන්දීනී. අම්මා , අප්පච්චී අක්කාගේ සෙවනේ හැදුනු මම පවුලේ බාලයා උනා. වෘත්තීයෙන් උපාධිධාරී ගුරුවරියක් උනු මම අම්මාගේ අසීමිත ආදරය අප්පච්චී ගේ රැකවරණය සමඟ අක්කාගේ සැර පරුෂ ගතිගුණ මැද හැදුනේ ගොඩක් නිදහසේ. මගේ හැම වැරැද්දක් පිටුපස ම හිටියේ අම්මා, අප්පච්චී ටත් වඩා මගේ අක්කා. අද මම මේ තැන ඉන්නේ අක්කාගේ බැනුම්වලට බයේ ගොඩක් කරපු නරක වැඩ අතෑරපු නිසා .අක්කා කවදාවත් ඇගේ සෙනෙහස මට නොපෙන්නුවත් සතුටේ දී නැතත් දුකේ දී සැර කරමින් බැන වදිමින් මගෙ ළඟින් හිටියා. ඒක අදටත් එහෙන්ම තමයි .

මගේ සරසවි ආදරේ ජය ගනිමින් අපේ වෙඩින් එකට දිනෙන් දින ළං උනා. ඒත් මට දාලා යන්න අපහසු අමතක කරන්න බැරි මගේ නොවන හිමිවීමක් අහිමි වීමක් නැති බැදීමක් ළඟ අසරණ වෙලා.

ඒ අකිල . ඒ ඇස් දෙකට මම පුදුම තරම් ආදරය කලා. ටියුෂන් පංතියේදී අපි ඇස් වලින් කතා කලා. උසස් පෙළ ටියුෂන් ජීවිතේ මගේ මිතුරා .
එකල ඔහුගේ ආදරේ මට දැනුනත් ඔහු ඒ බව නිසි ආකාරව ප්‍රකාශ කරද්දී මම හසිදු අයියා ට කැමැත්ත දී අවසානයී.ඒ වෙන විට මට කරන්න කිසිම දෙයක් ඉතුරු වී නොමැත.

” චූටි දුව ඔයා ඔයාගේ වැඩ ටික හරියට කර ගන්න. අප්පච්චී මමයි අනිත් දේවල් බලා ගනී.. අක්කාත් හවස අයියා එක්ක එයී..”

” හරි අම්මා මම දැන් නංගිත් එක්ක සැලෝන් ගිහින් වැඩ ටික කර ගන්නම්.. යාලුවන්ටත් කීවා. හැමදෙයක් ම හරී…”

” චූටි අක්කී… හරි යමූ… අපොයී.. කෝ ඔයා තාම රෙඩි වෙලා නෑනේ… මේ තමුසෙ ඇඩුවා නේද… කියන්න ඇඩුවා නේද?? “

” කෑ ගහන්න එපා මෝඩියේ… මම ඇඩුවේ නෑ… ඉන්න ඉක්මනට ලෑස්ති වෙන්නම්..”

” ඇත්ත කියන්න චූටි අක්කා ඇයි ඇඩුවේ… ගෙදර දාලා යන්න දුකට ද??”

ඒ අපේ නැන්දාගේ නංගී. හැමෝටම ප්‍රශ්න හැංගුවත් එයාට හංගන්න බෑ.. පුදුම ඉවක් තියෙන්නේ.. දැන් ඉතිං අඩපු හේතුව නොකියා බේරෙන්න බෑ..කියන්නම වෙනවා .
මගෙ හැම දෙයක් ම නංගි දන්නවා. නංගිගේ ප්‍රශ්න වගේ ම මගේ ප්‍රශ්නත් අපි දෙන්නා බෙදා ගන්නවා.අපි දුකේ දී අඩනවා සතුටෙදී හිනා වෙනවා .

” අකිල අයියා ට වෙඩින් එක කීවා. එයාට එන්න බෑලු නංගී.. මට දුකයි . ඉතිං ඒත්… මොනවා කරන්න ද හසිදු අයියා මගෙ පණ. අකිල අයියා ගැන මට කොහොමත් හිතන බෑ…”

” හ්ම්….. ඇයි ඉතිං අකිල අයියා ඔයාගේ කැමැත්ත අහද්දී ඇයි ඇත්ත ට ම ඔයා බෑ කීවේ..”

” එයා මුලින්ම මගෙන් ඇහුවේ ඒ ලෙවල් එක්සෑම් කිට්ටුව. හැම දේටම වඩා මට එක්සෑම් එක ගොඩ දාගන්න ඕනි නිසා මම බෑ කීවා …”

” ඉතිං … “

” ඊට පස්සේ මම කැම්පස් යද්දී දවසක් ස්ටේෂන් එකට එන්න කීවා මීට් වෙන්න . මම හිතුවේ එදා එයා මාව මීට් වෙලා මට ආදරෙයි කියයි කියලා . එතකොට එයා නේවි ගිහින්. ඒත් මම ගොඩක් වෙලා ස්ටේෂන් එකට වෙලා හිටියා එයා ආවේ නෑ…මම එයාගේ කෝල් මැසේජ් ඔක්කොම බ්ලොක් කරලා අඬ අඬ ම කැම්පස් එකට ගියා. ඒ වෙද්දී හසිදු අයියා හොද ම යාලුවෙක් විදිහට මට ගොඩක් සමීප වෙලා හිටියේ. කැම්පස් එකේ ටික දවසක් යද්දී හසිදු අයියා එයාගේ හිතේ මම ගැන අදහසක් තියනවා කියලා මගෙන් ඇහුවා. හසිදු අයියා ගොඩක් හොද අහිංසක බුද්ධිමත් කොල්ලෙක්. ඉතිං කැමති උනා.

” අයේ අකිල අයියා ගැන කොහොමද දැන ගත්තේ… ඔයට මීට් උනද??”

” ඔව් දවසක් කැම්පස් එකේ නිවාඩු දවසක මම ගෙදර ඉන්නවා කියලා දැනගෙන එයා අපේ ගෙදර ආවා. එදා ස්ටේෂන් එකට එන්න බැරි උනේ එයට නින්ද ගියාලූ.. කෑම්ප් එකේ ඉදන් ගෙදර ඇවිත් මහන්සියට.සොරි කීවා.මැසේජ් , කෝල් අන්බ්ලොක් කරලා හොද ම යාලුවෙක් වෙන්න කීවා. හොද ම යාලුවෙක් විදිහට හරි එයා ආයෙමත් මගේ ජීවිතේට ඇවිත් …”

” අතීතය සිහිනයාක් පමණයි අක්කේ… බලන්න ඉතිං ඔය අකිල වගේ ද අපේ මස්සිනා … කොච්චර හොද ද ?? ඔයා හැම වෙලේම අකිල අයියාගේ වැරදි මතක් කරන්න එතකොට අමතක කරන්න ලේසී.එයාට හොද කෙනෙක් හම්බ වෙයි. අනික ඉතිං දෛවය වෙනස් කරන්න අපිට බෑ… අපි දෙන්නා සැලුන් ගිහින් ෂොපිං පාරක් දාලා එමු.. යමූ… යමූ…”

” පණ්ඩිත ආච්චි … ඉන්න මම ඉක්මනට ලැස්ති වෙන්නම්…”

” මේ අපි අකිල අයියා ට සිංදුවක් කියන්න කියමූ.. එදාට ..”

” අනේ ඌ දන්න සිංදු..”

” පමා වූ අතීතේ තාමත් හිත යට හඩන්නේ
තනිවෙනා වෙලාවේ තනියට කදුලයි තියෙන්නේ..
මංගල පෝරුව සමීපයේ ඔබ ඔහු අත ගත් නිමේෂේ..
පවසන්නට බැරි සෙනේහේ තාමත් තනිහිත පෙනෙන්නේ…”

නංගී කැරකි කැරකි කියනවා. අඩ අඩ හිටපු මට ඒ පිස්සු කෝලම් දැකලා හිනා ගියා.කවදත් එහෙම තමයි . ඩන හැම මොහොතකම හිනස්සවලා කදුළු නැති කරන්න ඇයට පුදුම හැකියාවක් තියෙන්නේ .නංගි උනාට ඉතිං අක්කාටයි මටයි පණ්ඩිතකමට උපදෙස් දෙන්නේ හරියට ඉතිං අපි දෙන්නාගෙම අක්කා වගේ.

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

දින සති ගෙවෙමින් මංගල දිනය උදා උනා. මම වගේ ම හසිදු අයියාත් ගොඩක් ලස්සනයි කියලා මට හිතුනා.නෑදෑ හැමෝගෙම ආශිර්වාද මැද්දේ පෝරුවේ චාරිත්‍ර කරද්දී ඈත ඉදන් මම දිහා බලාගෙන හිටපු අකිල අයියාගේ අහිංසක ඇස් දෙක දැක්කා.
මේ වෙද්දී මට කරන්න කිසිම දෙයක් ඉතුරු වෙලා නෑ.. මම හසිදු අයියා ට අසීමිත ව ආදරය කරන්න පටන් අරන්. හසිදු අයියා මගෙ ජීවිතේ ම වෙලා .

පෝරුවේ චාරිත්‍ර වලින් පස්සේ අපි දෙන්නා පැමිණි සිටි හැමෝටම කතා කරමින් හෝටලය පුරා ඇවිද්දා.. ඔව් ඒ ඇස් ළඟ මම නතර උනා.
ඒ වෙද්දීත් අකිල ව හසිදු අයියා ගොඩක් හොදට දැනගෙන හිටියා.

” අයියා මේ.. අකිල …”

” ඔව්.. මට ඔයා මේ මල්ලි ගැන නේද කිවේ දවසක් …”

” හ්ම්…. එයා තමයි ..”

” මහී අද ඔයා ගොඩක් ලස්සනයි .. මම සුභ පතනවා …”

” ස්තූතිය අකිල…”

මම අකමැති උනොත්, නේවි එකට යන්න බැරි උනොත් මහණ වෙනවා කියපු අකිල අද මට සුභ පතනවා. දෛවය කොතරම් මිනිස්සුන්ගේ ජීවිත සමඟ සෙල්ලම් කරනවද?? අකිලගේ හිතේ කියා ගන්න බැරි දුකක් තියනවා කියලා මම ඒ ඇස් දෙකෙන් දැක්කා. ඒ දුක බෙදා ගන්න මට හැකියාවක් නෑ.. මොකද මට පණ වගේ ආදරය කරන මහත්තයෙක් මම ළඟ ඉන්නවා .

වෙඩින් එකේ කටයුතු නිමා වෙලා හැමෝටම මම සමු දී හසිදු අයියා සමඟ වාහනයට නැග්ගේ අතීත සිදුවීම් සියල්ල අමතක කරමින් ලස්සන ජීවිතයකට සිහින මවමින්…

……… අවසානයී……
💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

කතෲ අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම් …..

මගේ සොයුරියකගේ ඉල්ලීමට මේ කතාව ලීව්වේ. සත්‍ය කතාවක් යාලුවනේ .. සැබෑ ජීවිතේ මේ වගේ කතා කොතරම් නම් තිබේ ද?? මේ වගේ ආදරණීය අක්කලා නංගිලාත් ඉන්නවා කියලා මතක තියා ගන්න