හර්ෂි…..හර්ෂි….ඔයා හොදින් නේද? කතා කරන්නකො………”
“මට…..මොකද….ඉස්සෙල්ලා වුනේ?………”
ඔලුවත් අල්ලගෙන මං ධනුෂ්කගෙන් එහෙම ඇහුවා.ඒත් එකපාරටම මං ලග වාඩි වෙලා හිටපු ගෑනු කෙනාව දැක්කට පස්සෙ මට කරන්ට් එක වැදුනා වගේ දැනුනා.මගෙ පපුවත් වේගයෙන් ගැහෙන්න වුනා.
“දුව,බය වෙන්න එපා මං ඔයාගෙ අම්මගෙ නංගි.එයාගෙ නිවුන් සහෝදරී. මම තමයි ඔයාලගෙ ගමේ ගෙදර සල්ලි වලට ගත්තෙ……….”
දෙයියනේ😢😢ඒක තමයි මට ඉස්සෙලා කලන්තෙ හැදුනෙ.මගෙ අම්මයි එයාගෙ නංගියි දෙන්නම එක වගේ.මං ඉස්සෙලා රැවටුනේ මගෙ ඉස්සරහා හිටියෙ මගෙ අම්මා කියලා.මට මොකුත්ම හිතා ගන්න බැරුව ගියා.අමුතු බියකින් මගෙ හිත වෙව්ලලා ගියා.මෙච්චර කාලෙකට මගෙ අම්මට හිටිය නැති සහෝදරියක් අද කොහෙන්ද පාත් වුනේ???
“මං දන්නවා දුවේ ඔයා කල්පනා කරන දේ.ඔයාගෙ අම්මයි මායි ඉපදිලා අවුරුදු අටක් ගියාට පස්සෙ අපේ අම්මා මැරුනා. අපේ තාත්තා අපිව ගොඩාක් හොදට රැක බලා ගත්තා.අපිට ගොඩාක් නීති දැම්මා. ඔයාගෙ අම්මා අවුරුදු දහ අටේදි ගමට ආපු කොල්ලෙක් එක්ක සම්බන්දයක් පටන් ගත්තා.තාත්තා කොයි තරම් කිව්වත් එයා ඒ සම්බන්දෙ නැවැත්තුවේ නෑ.අන්තිමට සිද්ද වුනේ ඒ කොල්ලා අතින් අක්කා අමාරුවෙ වැටිච්ච එක.අපි හැම තැනකම ඒ කොල්ලව හෙව්වා.ඌ පැනලා ගිහිල්ලා.අක්කට ඔයාව ලැබෙන්න ඉන්නවා කියලා තාත්තා දැනගෙන එයා යකෙක් වගේ ආරූඪ වෙලා අක්කට බැනලා බැනලා එයාව ගෙදරින් එලෙව්වා.ඊට පස්සෙ අපි කවදාවත් අක්කව දැක්කෙ නෑ……..”
“එතකොට කෝ දැන් සීයා?……..”
“එයා මීට අවුරුදු දහයකට කලින් මැරුනා.දුවේ… ඔයාලා ගැන හැම විස්තරයක්ම අර අනෝමා නෝනයි මේ ධනුෂ්ක පුතායි කිව්වා.මං ලක්ශ හතලිහකට ඔයාගෙ ගෙදරයි ඉඩමයි ගත්තා.ඔයා කිසිම දේකට බය වෙන්න ඕනිම උදව්වකට මට කතා කරන්න……..”
“මං තාම ඔයාගෙ නම දන්නෙත් නෑනෙ පුංචි අම්මෙ?……..”
“මගෙ නම ඉන්ද්‍රානි.එහෙනම් මං ගිහින් එන්නම්……..”
පුංචි අම්මා ගියාට පස්සෙ මං ගෙදර අස්පස් කරලා නා ගත්තා.දවල්ටත් ටිකක් සීතල නිසා අත් දිගට තිබුනු ගව්මක් ඇද ගත්තා.තව ටිකකින් ධනුෂ්කවත් නාවන්න ඕනි නිසා මං දවල්ට කෑම හැදුවා.
“ධනුෂ්ක….ඔයා මොකද කරන්නෙ?…….”
එහෙම අහගෙනම මං කාමරේට ගියා. ධනුෂ්ක වීල් චෙයාර් එකේ ඉදගෙනම පොතක් කියව කියව හිටියා.මට ධනුෂ්ක ගැන දුකත් හිතුණා.කොයි තරම් හොදට දුවලා පැනලා වැඩ කරපු කෙනෙක්ද අද මෙහෙම වෙලා ඉන්නෙ?😢😢
“මං මේ පොතක් කියව කියව හිටියෙ හර්ෂි.කම්මැලියි අප්පා මෙහෙම ඉන්න ගියාම…….”
“යමු නාන්න.ඊයෙත් නෑවෙ නෑනෙ……..”
“ඔයාට මහන්සි වෙන්න හොද නෑ මැණික.මං කොහොම හරි තනියම නා ගන්නම්……..”
“මං ඔයාව වඩාගෙන යන්නෙ නෑනෙ ධනුෂ්ක මහන්සි වෙනවා කියන්නෙ.කෝ එන්නකො……..”
මං ධනුෂ්කව වීල් චෙයාර් එකේම තල්ලු කරගෙන බාතෲම් එකට ගිහිල්ලා පුටුවෙන් වාඩි කෙරෙව්වා.
“අපි මොනවද හර්ෂි දැන් ඉස්සරහට කරන්න හිතාගෙන ඉන්නෙ?මට ජොබ් එකක්වත් කරන්න පුලුවන්කමක් තිබ්බා නම් ඔයාට මෙහෙම දුක් විදින්න දෙන්නෙ නෑ………”
“අපි හිමීට කල්පනා කරලා මොනවා හරි කරන්න බලමු ධනුෂ්ක.දරුවා ලැබුනාට පස්සෙවත් මට ජොබ් එකක් කරගන්න පුලුවන් වෙයි……..”
“ඔයා කොහොමද හර්ෂි ජොබ් එකක් කරන්නෙ?අනේ මං ඔයාට දෙන වදයක්. මේ කරුමක්කාර මිනිහව බැදගෙන ඔයා ගොඩාක් දුක් විදිනවා මැණික……..”
ධනුෂ්ක ඒ කියපු කතාවට නම් මට කේන්ති ගියා.මං කවදාවත් ධනුෂ්ක වදයක් කරුමයක් කියලා හිතුවෙ නෑ.මං ධනුෂ්කගේ කන අල්ලලා හයියෙන් මිරිකුවා.
“ඌයි යකෝ මගෙ කන…….”
“ආයෙ එහෙම ඔය වගේ කතා කතා කියන්න එපා ඔන්න.මං කවදාවත් ඔයාව වදයක් කරුමයක් කියලා හිතුවෙ නෑ. ඔයා මගෙ ජීවිතේ මහත්තයො…….”
එහෙම කියලා මං ධනුෂ්කගේ කම්මුලක් සිප ගත්තා.නාවලා ඉවර වෙලා ධනුෂ්කත් එක්ක මිදුලට ආවා.
“හර්ෂි…..මට බොරු කකුලක් හයි කරගන්න කීයක් විතර යයිද?………”
“මං ඒ ගැන අනෝමා නැන්දගෙන් ඇහුවා ධනුෂ්ක.එයා කිව්වා තව මාස දෙකකින් විතර ඔයාට කකුලක් ගන්න පුලුවන් කියලා.නැන්දා අදුරන මහත්තයෙක් ඉන්නවලු.එයා ඔය ඇවිදින්න බැරි අයට රෝද පුටු කිහිලි කරු බොරු කකුල් එහෙම නොමිලේ දෙනවලු.අපි එතෙන්ට යමු………”
“මේක නම් මං ගිය ආත්මෙ කරපු පවක් හර්ෂි.එපා වෙලා තියෙන්නෙ අප්පා මේ රෝද පුටුවටම වෙලා ඉන්න ගියාම……..”
“ටිකක් ඉවසලා ඉන්නකො ධනුෂ්ක.ඒ කකුල හයි කරාට පස්සෙ ඔයාට චුට්ට චුට්ට ඇවිදින්න පුලුවන් වෙයි………”
ධනුෂ්කව වීල් චෙයාර් එකේ පැත්තකට තියලා මං මිදුල අතු ගාන්න පටන් ගත්තා.ධනුෂ්ක මං අතු ගාන දිහාම බලන් ඉන්නවා.පව් එයාට මං ගැන දුක ඇති.එයාට ඇවිදින්න පුලුවන් කමක් තිබ්බා නම් මට මෙහෙම වැඩක්වත් කරන්න දෙන්නෙ නෑ.මං අතුගාලා ඉවර වෙලා ඉදල පැත්තකින් තියලා ධනුෂ්ක ගාවට ගියා.
“මොනවද මගෙ මහත්තයා කල්පනා කරන්නේ?………”😚
“ඔයා ලස්සන වෙලා මැණික.චීස් බෝලයක් වගේ.ආස හිතෙනවා ඔහොම දකිද්දී.හරිම සිරියාවන්තයි………”😚😚
“බඩගිනියි නේද දැන්?………”
“තාම නෑ.පස්සෙ කමු………”
මං වීල් එක තල්ලු කරගෙන ගේ ඇතුලට එක්කන් ආවා.
“මේ අඹ කැඩුවෙ කව්ද ධනුෂ්ක?………”
සාලෙ කැබිනට් එක උඩ තිබ්බ අඹ ගෙඩි ටික දැකලා මං ධනුෂ්කගෙන් එහෙම ඇහුවා.
“මං කැඩුවෙ කෙක්කෙන්.ඔයා කන්න ආසයිනෙ.ඔහොමවත් ඔයා ආස දෙයක් දෙන්න පුලුවන් වෙච්චි එක ලොකු දෙයක් මැණික.ඇවිදින්න පුලුවන් කමක් තිබ්බා නම් මං ඔයාට හැම දෙයක්ම ගෙනත් දෙනවා……..”
පව් ධනුෂ්ක මං ගැන ගොඩාක් හිතනවා. මං ධනුෂ්ක ගාවට බිමින් වාඩි වෙලා අනික් කකුලට ඔලුව තියා ගත්තා. ධනුෂ්ක මගෙ හිස අතගෑවා.
“ඔයා මං ගැන ගොඩාක් හිතනවා ධනුෂ්ක.මං ගොඩාක් වාසනාවන්තයි මේ වගේ ආදරයක් ලබන්න………”
“ඔයා විතරක් නෙවෙයි මැණික.මාත් ගොඩාක් වාසනාවන්තයි.මං හිතුවෙ නෑ ඔයා මාව මෙහෙම ඉන්නැද්දී කසාද බදියි කියලා……..”
“ආ…..ඔයා එහෙමද හිතං ඉන්නෙ ධනුෂ්ක.මං ඔයාට ආදරේ කරේ කරදරේකදි ඔයාව දාලා යන්න නෙවෙයි. මං හැමදාම ඔයත් එක්කම ඉන්නවා……..”
මාස දෙකකට පසුව👇👇👇👇
ධනුෂ්කට හොස්පිටල් එකට ගිහිල්ලා ඩොක්ටර්ගෙ උපදෙස් මත බොරු කකුලක් සවි කරා.ඒකෙන් එයාට ටික ටික ඇවිදින්න පුලුවන්.
දැන් මට මාස අටයි.ධනුෂ්ක මට කිසිම දේකට මහන්සි වෙන්න දෙන්නෙ නෑ. ගෙදර ගොඩාක් වැඩ කරන්නෙ ධනුෂ්ක.
“හර්ෂි…..බබාට ඕනි කරන තව මොනවහරි ගන්න තියනවද?……..”
“නෑ ධනුෂ්ක.හැම දෙයක්ම අපි ගත්තනෙ……..”
“කවුරු හරි ආවා වගේ…….”
අපි දෙන්න්ම සාලෙට ගිහින් බැලුවා කව්ද ආවෙ කියලා.ඇවිත් හිටියෙ ධනුෂ්කගේ යාලුවෙක්.තේනුජ.එයා නුවරඑළියේ ඔෆිස් එකක වැඩ කරන්නෙ.
“මචං ඔන්න සුභ ආරංචියකුත් අරගෙනයි මං ආවෙ?…….”
එහෙම කියාගෙනම තේනුජ පුටුවකින් වාඩි වුනා.
“ආ….උඹ මැරි කරන්නවත් යනවද?……..”😀😀
“ඒක කොහොමද බං සුභ ආරංචියක් වෙන්නෙ?……..”😁😁
“ආ ඇත්තද?එහෙනම් කියපන්කො බලන්න ඔය සුභ ආරංචිය මොකක්ද කියලා……..”
“තව මාස තුනකින් අපෙ ඇසිස්ටන් මැනේජර් අස් වෙලා යනවා.මං කැමතියි උඹ ඒ පෝස්ට් එක බාර ගන්නවා නම්. අමාරුවක් නැතුව උඹට වැඩ ටික කරගන්න පුලුවන්.මාත් ඉන්නවනෙ හෙල්ප් කරන්න……..”
ඒකට නම් ධනුෂ්ක සෑහෙන්න සන්තෝශ වුනා.එයා හිටියේ ලොකූ සතුටකින්.
😍😍
“ඇති යාන්තං හර්ෂි මට කරන්න පුලුවන් ජොබ් එකක් හම්බෙච්චි එක……..”
“අනේ පරිස්සමින් මහත්තයෝ.මට බයයි. කකුල පරිස්සම් කරගෙන රස්සාව කරන්න……..”
“බය වෙන්න එපා හර්ෂි.මට පුලුවන් ඒ රස්සාව කරන්න……..”
“ධනුෂ්ක මට මතක් වුනා ඔයාව දැකපු මුල්ම දවස.”දීප්ති මෙයාව ගිහින් කූඩුවට දාන්න” අම්මෝ ඕඅයිසී මහත්තයගේ කටේ සද්දෙ.😁😂කොහොම හරි කූඩුවට දාපු කෙල්ලව කසාද බදින්න වුනා නේද?……..”😂😆😁
“අපොයි කියලා වැඩක් නෑ.අන්තිමට මාව හිරේට වැටුනා වගේ……..”😂🤣
“මොකක්ද කිව්වෙ?……..”😁😠
“අනේ මොකුත් නෑ මැණික.තරහ ගියොත් ඔයා නාකි වෙයි………”🤣😆
“තරහ ගියේ නෑ.තරහ ආවා………”😠😁
“මේ හෙට යමුද පන්සල්.ගොඩ කාලෙකින් පන්සලට ගියේ නෑ………”
මතු සම්බන්දයි.