මේ මනුස්සයා මෙච්චර වෙලා මේක ඇතුලෙ මොනවා කරනවද?දැන් පැය බාගයක් විතර වෙනවා ශෂීන්ද්‍ර බාතෲම් එකට ගිහින්.තාම එලියට එන පාටක් නෑ.
“ශෂීන්ද්‍ර……ශෂීන්ද්‍ර………”
මං ටිකක් හයියෙන් දොරට තට්ටු කරා. ඒත් ශෂීන්ද්‍රගෙ සද්දයක් නෑ.මට බයකුත් දැනුනා.ඕනි දෙයක් වෙච්චාවෙ කියලා හිතාගෙන මං බාතෲම් එකේ දොර ඇරියා.දෙයියනේ😱😱ශෂීන්ද්‍ර බාත්ටබ් එක ළග ඉදගෙන පපුවට අත තියාගෙන කෙදිරි ගානවා.මං ඉක්මනට ශෂීන්ද්‍ර ගාවට දුවගෙන ගියා.
“ශෂීන්ද්‍ර…..ඔයාට මොකද වුනේ?අනේ කතා කරන්නකෝ?……….”😥😥
“පපුව…..ටිකක්……රිදෙනවා සංජානා……. මට කාමරේට……යන්න උදව් කරන්නකො………”
මං ශෂීන්ද්‍රව අල්ලගෙන කාමරේට එක්කන් ඇවිත් ඇදෙන් හාන්සි කෙරෙව්වා.මං හිටියෙ හොදටම බය වෙලා.අනේ😢එකපාරටම ශෂීන්ද්‍රට මොකද වුනේ?
“ශෂීන්ද්‍ර…..අනේ ඔයාට ගොඩාක් අමාරුද?ඔහොම චුට්ටක් ඉන්න.මං ටක්ගාලා සුධාර අයියට කතා කරන්නම්………”
“එපා සංජානා……අර කබඩ් එකේ……යට තට්ටුවෙ තියන බෙහෙත් ටික අරන් දෙන්න……ඒක බිව්වම හරියනවා………”
මං ඉක්මනට ඒ බෙහෙත් ටික තෝරලා දීලා වතුර එකකුත් ශෂීන්ද්‍රගෙ අතට දුන්නා.එකපාරටම මොකක්ද ශෂීන්ද්‍රට හැදිච්ච ලෙඩේ?මට නම් හරිම බයයි. බෙහෙත් ටික බිව්වට පස්සෙ ශෂීන්ද්‍ර මගෙ අතින් අල්ලගත්තා ලගින් වාඩි වෙන්න කිව්වා.
“බය වුනාද?………”
“අනේ ඔව් ශෂීන්ද්‍ර.ඔයාට අමාරුයි වගේ. අනේ අපි හොස්පිටල් එකට යමු.මං වජිර අයියට කියන්නම් වෑන් එක ගන්න කියලා………”
“පිස්සු කෙල්ල හොදටම බය වෙලා.මට එහෙම ලොකු අමාරුවක් නෑ.බෙහෙත් ටික බිව්වම අඩු වෙනවා.ඊයෙ බොන්න බැරි වුනානෙ බෙහෙත්.ඒකයි මේ කැක්කුම ආවෙ.පහුගිය කාලෙ ගොඩාක් මහන්සි වුනා මේ බිස්නස් වැඩ වලට.බය වෙන්න එපා.ටිකක් රෙස්ට් කරාම හරි යයි………”
“ඔය තරම් මහන්සි වෙන්න එපා ශෂීන්ද්‍ර. මං ඉස්සෙල්ලා හොදටම බය වුනා ඔයා පපුව අල්ලන් ඉන්න හැටි දැක්කම.දවස් දෙක තුනක් යනකල් කොහෙවත් යන්න එපා.දැන් ටිකක් නිදා ගන්න………”
ශෂීන්ද්‍රට සීට් එක පොරවලා ටිකක් වෙලා යනකල් මං එයාගෙ ඔලුව අත ගෑවා. ආසාවටවත් මේ මනුස්සයා පන්සලකටවත් යන්නෑ.කොච්චරවත් බිස්නස් බිස්නස් බිස්නස්ම තමයි.මේ විදියට නැහෙන්න ගියොත් එහෙම තව ලෙඩක් හදා ගන්නවා ශුවර්.මලක් පහනක් පූජා කරලා පිනක් දහමක් කරගන්නවත් පන්සලට යන්නෑ.බාර් එකටනම් යනවා.හිටපන්කො මීට පස්සෙ පලකො බලන්න.එපා කියද්දී මහන්සි වෙන්න ගියොත් කකුල් දෙක කඩනවා.😡😡
කෝකටත් කමක් නෑ කියලා හිතාගෙන ශෂීන්ද්‍රට නින්ද ගිය අතරෙ ඩොක්ටර් සුධාරට කෝල් එකක් අරන් බැලුවා. ශෂීන්ද්‍රගෙ ඩොක්ටර්නෙ එයා.
“අනේ මට බයයි සුධාර අයියෙ.උදේ ශෂීන්ද්‍ර පපුව අල්ලගෙන කෙදිරි ගාපු හැටියට තව පොඩ්ඩෙක් මට හාට්ටැක් එකක් හැදෙනවා ශුවර්………”📲
“පිස්සු කෙල්ල ඔයා ඕනවටත් වඩා බය වෙලා නංගි.ශෂීන්ද්‍ර හරියට බෙහෙත් ටික ගත්තොත් ඔය අමාරුව ආයෙ එන්නෙ නෑ.ඌට ඔය නිදිමරාගෙන ඕනවටත් වඩා මහන්සි වෙන්න දෙන්න එපා………”📲
“හරි අයියෙ.අනේ අයියට පුලුවන් නම් අද මේ පැත්තෙ ඇවිත් යන්න එන්න.ලොකු දෙයක්………”📲
“හරි මං එන්නම් නංගි……..”📲
කෝල් එක කට් කරලා මං කාමරේට ආවා ශෂීන්ද්‍රට කෑම කන්න දෙන්න.මේ මනුස්සයා තාමත් නිදි.නිදා ගන්නම තමයි ඉපදිලා තියෙන්නෙ.
“ශෂීන්ද්‍ර…..නැගිටින්නකො අනේ දැන් හොදටම හවස් වෙලා.ඔහොම නිදා ගන්න එපා………”
“ගොඩාක් හවස් වෙලාද සංජානා?……….”
“ගොඩාක් හවස් වෙලා නෑ.දැන් හතරයි විස්සයි වෙලාව.මූණ කට හෝදගෙන මේ කෑම ටික කන්න.නිදා ගන්න ගියොත් රැයක් දවාලක් නෑ.නිදි කුබ්බා………”😠😁
ටිකක් විතර සැරෙන් මං එහෙම කියලා මං බත් පිගාන මේසෙ උඩින් තිබ්බා. ශෂීන්ද්‍ර මූණ කට හෝදගෙන ඇවිල්ලා පිගාන අතට ගත්තා.
“කවන්නකො මැණික.අනේ………”
ශෂීන්ද්‍ර ඒක කියපු විදියට මට දුකකුත් ඇති වුනා.මං බත් පිගාන අතට අරගෙන ඇදෙන් වාඩි වුනා.මං ශෂීන්ද්‍රට කවන්න පටන් ගත්තා.ශෂීන්ද්‍රත් කට ඇරලා පුංචි එකෙක් වගේ බත් කෑවා.මට පව් කියලත් හිතුණා.ශෂීන්ද්‍රට එයාගෙ අම්මා හිටියාට අම්මගෙ ආදරේ ලැබිලා නෑ.ශෂීන්ද්‍ර ජීවත් වෙලා තියෙන්නෙ අම්මගෙන් වෙන් වෙලා.
රෑ හතට විතර ඩොක්ටර් සුධාර ගෙදරට ආවා.
“ආ….මචං වරෙන් වරෙන්.උඹ ගෙදර යන ගමන්ද?……….”
“ඔව් බං.උඹට එකපාරටම මොකද වුනේ? සංජානා මට කෝල් කරලා කිව්වෙ.පව් බන් කෙල්ල හිටියෙ අඩන්න ඔන්න මෙන්න.උඹට ගොඩක් අමාරු වුනාද?………”
“එච්චර අමාරු වුනේ නෑ බං……..”
“ඔය බොරු සුධාර අයියෙ.බාත්ටබ් එක ගාව ඉදගෙන පපුව අල්ලගෙන කෙදිරි ගගා හිටියා.කතා කරෙත් අමාරුවෙන් වගේ……….”
මං සුධාර අයියට එහෙම කිව්වා.
“හරියට බෙහෙත් ටික බීපන්.නැත්නම් උඹට ඕක සැරින් සැරේ ඔය පපුවෙ කැක්කුම අල්ලයි.උඹට වඩා සංජානා බය වෙලා තියෙන්නෙ.ඒකි උඹට ගොඩාක් ආදරෙයි බං.පහු ගිය කාලෙ ඒකිට උඹව නයාට අදුකොල වගේනෙ හිටියෙ……….”
“අඩන්න ඕනිලුනෙ බං කිරි එරෙන්න………”
“ඒක නෙවෙයි බං දැන් කවද්ද අපිට සුබ ආරංචියක් ගේන්නෙ?………”😚
“ළගදීම.නේද සංජානා?………”
මං හිනා වෙලා බිම බලා ගත්තා. ඇත්තටම පහු ගිය කාලෙ වෙච්චි දේවල් නිසා මං හිතුවෙ ශෂීන්ද්‍ර දරුවන්ට කැමති නෑ කියලා.ඒත් දැන් මං දන්නවා ශෂීන්ද්‍ර දරුවන්ට ගොඩාක් ආදරෙයි.
රෑ වෙලා ඩොක්ටර් සුධාර ගෙදර ගියා. ශෂීන්ද්‍ර හිටියෙ ෆෝන් එකේ ඔබ ඔබා.මං ශෂීන්ද්‍ර ළගට ගිහින් ෆෝන් එක අරන් පැත්තකින් තිබ්බා.එයා මං දිහා ආදරෙන් බලාගෙන හිටියා.
“දවල් ඔයා ගොඩාක් බය වුනාද මැණික?………”
මගේ පපු තුරුලේ ඇගිලිතුඩු යවමින් ශෂීන්ද්‍ර එහෙම ඇහුවා.
“අනේ ඔව් ශෂීන්ද්‍ර.මං ගොඩාක් බය වෙලයි හිටියෙ.තාමත් මගෙ බඩ පපුව ගැහෙනවා ඔයා කෙදිරි ගගා හිටපු හැටි මතක් වෙද්දි………”
“ගොඩක් ගැහෙනවද?කෝ බලන්න………”
ශෂීන්ද්‍ර මං ඇදගෙන හිටපු බ්ලව්ස් එක ගලවලා බඩටයි පපුවටයි කන තියලා බැලුවා.මට නම් ලැජ්ජයිත් කිචිත් එක්ක.
ඒත් මෙයාට නම් ගානක්වත් නෑ.මොනවා කරන්නද ඉතිං මේ යකා දැකපු නැති දේවල් නෙවෙයිනෙ.😊🙂😁
“මැණික………”
“ශෂී………”
මං ආදරේට ශෂීන්ද්‍රට කතා කරන්නෙ ශෂී කියලා.එයා මට කතා කරන්නෙ සංජු කියලා.
“බබෙක් ගේමු………”
“කඩෙන්ද?……….”😁😁
“නෑ බං.මේ බණ්ඩියට බබෙක් ගේමුකො. මැණික කැමතියි නේද?……….”
“මං කැමතියි ශෂී.ඒත් මං හිතුවෙ ඔයා කැමති නෑ කියලා දරුවන්ට.පහු ගිය කාලෙ……….”
“ඒ කාලෙ ඔයා මාත් එක්ක ගොඩාක් තරහින්නෙ හිටියෙ මැණික.ඔයාට මාව පේන්න බැහැනෙ.බැරි වෙලාවත් ඔයාට මගෙන් දරුවෙක් ලැබෙන්න ආවොත් ඔයා ඒ දරුවට කරදරයක් කරයි කියලා හිතුණා රත්තරං………”
“මට සමාවෙන්න ශෂී.මං ඔයාට ගොඩාක් වැරදි කරා………”
“මං තරහ නෑ මැණික.ඔයා දැන් මාව තේරුම් අරගෙනනෙ ඉන්නෙ.කෝ චුට්ටක් ළගට එන්නකෝ.ආ……ආව්……. මගෙ පපුව අයියෝ……….”😁😁😆
අනේ දෙයියනේ ආයෙමත් ශෂීන්ද්‍රට පපුවෙ කැක්කුම හැදිලා නේද?😥😥
“අනේ ශෂී ඔයා ආයෙත් පපුව කැක්කුමද? අනේ ඔයාට ගොඩාක් අමාරුද?අනේ කතා කරන්න ශෂී………”😭😭
පපුවට අත තියාගෙන ශෂීන්ද්‍ර කෙදිරි ගාපු හැටි දැක්කම මට හොදටම බය හිතුණා.මට,මං ඉන්න හැටිත් අමතක වුනා.මං ශෂීන්ද්‍රගෙ පපුව අත ගෑවා.ඒ පාර ශෂීන්ද්‍රගෙ මුහුණින් හිනාවක් මතු වෙලා ආවා.දෙයියනේ මේකා මේ බොරුවක්ද මේ කරේ?😠😠මං හොදටම බය වුනා.මං රවලා බැලුවා ශෂීන්ද්‍ර දිහා. මනමාල හිනාවකින් මුව සරසාගෙන ශෂීන්ද්‍ර මං දිහාම බලාගෙන හිටියා. අපොයි දෙයියනේ🤦🤦එතකොටයි මට තේරුනේ මං මෙච්චර වෙලා ඉදලා තියෙන්නෙ මෙහෙමනෙ කියලා.මං ටක්ගාලා සීට් එක අරන් පපුව වහ ගත්තා.ශෂීන්ද්‍ර අනික් පැත්ත හැරිලා මගෙ සිරුරට බර වුනා.මට ලැජ්ජාවට ඇස් දෙකම තද කරලා වහ ගත්තා.
“ඒයි මොකෝ මේ ඇස්දෙක වහගෙන. ලැජ්ජ හිතුනද මැණිකට?ආ…..ලැජ්ජ හිතුනද මේ කම්මුල් දෙක ජම්බු වගේ රතු වෙලා………”
එහෙම කියපු ශෂීන්ද්‍ර පාත් වෙලා මගෙ කම්මුල් සිප ගත්තා.
මතු සම්බන්දයි