නොපැතූ ප්‍රේමයක්
💔අනෝමා නෝනා වෑන් එක දිහා බලලා මං දිහා බලපු විදියට මට මහ අමුත්තක් දැනුනා.වෑන් එක ඇතුලෙ හිටපු කෙනෙක් එලියට බැස්සා.ඒ ලෝයර් නිවන්ත ප්‍රනාන්දු.
“යමුකො අපි ගේ ඇතුළට ගිහින් කතා කරමු……..”
නිවන්ත සර් අපි දෙන්නත් එක්කම ගේ ඇතුලට ආවා.මගෙ හිත කිව්වෙම අර වෑන් එක ඇතුලෙ තව කවුරුහරි ඉන්නවා කියලයි.ඇතුලෙ ඉන්න කෙනෙක්ව පිටට පෙනුනෙ නෑ.මං ඒ පැත්ත බලලා ආපහු ගේ ඇතුලට ආවා.
“ධනුෂ්ක කොහෙද ඉන්නෙ නෝනා?අනේ එයා මාව බලන්න එනවා නේද?………”
මං එහෙම කිව්වම අනෝමා නෝනා හිනා වෙලා මගෙ ඔලුව අත ගෑවා.
“ඉස්සෙල්ලා ඔයා මට නෝනා කියන එක නවත්තන්නකො.මට ඔයා නැන්දා කියලා කියන්න………”
“අනේ නැන්දෙ මට කියන්න කෝ මගෙ ධනුෂ්ක.ඇයි එයා මට මෙහෙම කරන්නෙ?මං මොකක්ද එයාට කරපු වරද?……..”😭😭
එකපාරටම අනෝමා නෝනට කැස්සක් ආවා.එයා හයියෙන් කහින්න පටන් ගත්තා.
“මං නැන්දට උණු වතුර වීදුරුවක් අරන් එන්නම්……..”
මං නැගිටලා කුස්සියට ගිහින් වීදුරුවක් හෝදලා උණු වතුර එකකුයි තේ දෙකකුයි හදාගෙන ආවා.ඒ ටිකත් ට්‍රේ එකක දාගෙන සාලෙට එද්දී සාලෙ සෙටිය උඩ වාඩි වෙලා හිටපු කෙනා දැකලා මගෙ අතේ තිබිච්ච ට්‍රේ එකත් බිමට වැටිලා වීදුරු තුනම් කෑලි කෑලි වලට කුඩු වුනා. ⚡⚡අනෝමා නැන්දා ටක්ගාලා මං ලගට දිව්වා
“අනේ දරුවො ඔයාව පිච්චුනාද උණු වතුර හැලිලා……..”
මගෙ ඇස් වලට වැරදුනේ නෑ.ඒ සෙටිය උඩ වාඩි වෙලා හිටියෙ ධනුෂ්ක කියලා හොයා ගන්න මට වැඩි වෙලා ගියේ නෑ. දෙයියනේ මං මේ දකින්නේ හීනයක්ද? ධනුෂ්ක ඇස් දෙකේ කදුලු පුරවගෙන මං දිහා බලාගෙන හිටියා.නිවන්ත සර් නැගිටලා වීදුරු කටු ටික අයින් කරා.ඒත් ධනුෂ්ක නැගිටලා මං ගාවට ආවෙ නෑ.මං අඩාගෙනම ධනුෂ්කගෙ දෙපා මුල බිම වාඩි වුනා.
“ඔයා කොහෙද ධනුෂ්ක මෙච්චර කාලයක් මාව දාලා ගිහින් හිටියෙ?😭😭අනේ මං හැමතැනකම ඇවිද්දා ඔයාව හොය හොයා.ඇයි ඔයා මට මෙහෙම කරන්නෙ ධනුෂ්ක?ඔයාට මං ගැන පොඩ්ඩක්වත් දුක නැද්ද?ඇයි මට බොරු කරේ ඔයා රට ගියා කියලා?………”😭😭
“මට…..මට සමාවෙන්න හර්ෂි.මට වෙන කරන්න දෙයක් තිබුනෙ නෑ.මං ඔයාව රැවැට්ටුවෙ නෑ.මට වෙච්චි කිසිම දෙයක් ඔයා තාම දන්නෙ නෑ……..”
මගෙ ඔලුව අත ගාමින් දුක්බරව ධනුෂ්ක කියපු ඒ වචන ටික මගෙ හිත ඇඩෙව්වා.
“එහෙනම් ඇයි ධනුෂ්ක ඔයා මාව දාලා ගියේ?ඇයි මට කතා කරේවත් නැත්තෙ?……..”😭😭
මං ධනුෂ්කගෙ කකුල් දෙකම අල්ලගෙන ඇඩුවා.නෑ…..ඒත් මගෙ දෑත් වලට අහු වුනේ එක කකුලයි.දෙයියනේ…….කෝ ධනුෂ්කගේ අනික් කකුල?ඒ කකුලට මොකද වුනේ?😢😢
“අනේ ධනුෂ්ක ඔයාගෙ කකුලට මොකද වුනේ?අනේ දෙයියනේ කෝ ඔයාගෙ කකුල?……..”😥😥
“ඔයාට මතකද හර්ෂි මං ඔයාට අන්තිමට කතා කරපු දවස?………”
“ඔව්…ඔව් ධනුෂ්ක………”
“එදා උදේ මං නුවරඑළි ගියා.අපේ වෙඩින් එකෙන් පස්සෙ මං හිතාගෙන හිටියෙ නුවරඑළියේ පොලිස්ටේෂන් එකට මාරුවක් ගන්න.ඒ ගැන නුවරඑළියේ ඩීඅයිජී සර් එක්ක කතා කරගන්නයි මං එදා හදිස්සියෙන්ම වගේ නුවරඑළියෙ ගියේ.එහෙ යද්දී රාගල කිට්ටුවෙදි මගෙ කාරෙක ලොරියක ඇක්සිඩන්ට් වෙලා දවස් දෙකකට පස්සෙයි මට සිහිය ආවෙ. ඒ වෙනකොටත් මගෙ වම් කකුල දණිස්ස ගාවින් අයින් කරලා………”
අනේ දෙවියනේ😢😢මං හීනෙකින්වත් හිතුවෙ නෑ ධනුෂ්කට මෙහෙම දෙයක් වෙලා ඇති කියලා.ධනුෂ්කගේ කකුල බදාගෙන මං හොදටම ඇඩුවා.අනෝමා නැන්දා මාව නැගිට්ටවලා සෙටියෙන් වාඩි කෙරෙව්වා.
“ඔයාට ඔය විදියට අඩන්න හොද නෑ දරුවො.දැන් අඩන එක නවත්තන්න……..”
මං ධනුෂ්ක ගාවින් වාඩි වුනා.
“ඇයි ධනුෂ්ක ඔයා මට මෙච්චර දෙයක් වෙලත් නොකිව්වෙ?දෙයියනේ මට පිස්සු හැදිලා වගේ හිටියේ ඔයා ගැන ආරංචියක් නැතුව……..”😥😥
“මට සිහිය ආවට පස්සෙ කකුලක් නෑ දැන ගත්තට පස්සෙ ජීවිතෙත් එක්ක එපා වුනා.කකුලක් නැති අබ්බගාත වෙච්චි මං කොහොමද ඔයාව බලා ගන්නෙ.මාව කසාද බැදලා ඔයාට කවදාවත් සතුටින් ඉන්න බැරි වෙයි හර්ෂි මොකද මං අබ්බගාතයෙක්.ඔයාට මාව අමතක කරලා සතුටින් ඉන්න දෙන්න හිතාගෙනයි මං රට ගියා කියලා ඔයාට බොරු කිව්වෙ.ඒත් මං කොහෙත්ම දැනගෙන හිටියෙ නෑ හර්ෂි ඔයා ප්‍රෙග්නන්ට් කියලා……..”
“ඔයා කොහොමද ඒක දැන ගත්තෙ?නිවන්ත සර්ද කිව්වෙ?……..”
“එදා මං නිවන්තව මෙහාට එව්වෙ මං රට ගියා කියලා මං ගැන ඔයාගෙ හිතේ තරහක් ඇති කරවලා මාව අමතක කරවන්න.ඒත් ඔයා ප්‍රෙග්නන්ට් කියලා දැනගතතට පස්සෙ නිවන්ත ඒ කිසිම දෙයක් ඔයාට කියලා නැහැ.ඔයා කවදා හරි මං ආපහු එනකල් බලාගෙන ඉන්නවා කියලා නිවන්ත මට කිව්වා.ඔයා ප්‍රෙග්නන්ට් කියලා දැන ගත්තට පස්සෙ මට ලොකු ආසාවක් ඇති වුනා ඔයාව දකින්න.මට සමාවෙන්න හර්ෂි මං හිතුවෙ නෑ ඔයා මං නැතුව මෙච්චර දුකක් විදියි කියලා……..”
“ඔයාගෙ හිතේ ඉස්සර වගේ මං ගැන ආදරයක් නැද්ද ධනුෂ්ක?……..”😥😥
ධනුෂ්කගේ උරහිසේ හිස තියාගෙන මං එහෙම ඇහුවා.
“හෝව් හෝව් අපිත් මෙතන ඉන්නවා……..”😁😂
නිවන්ත සර් එහෙම කියනවත් එක්කම මං ටක්ගාලා ධනුෂ්කගේ උරහිසින් ඔලුව අහකට ගත්තා.
“අනේ පලයන් බන් යන්න.මං දන්නවනෙ උඹෙත් හැටි.එදා වගේම අදත් මං ඔයාට ආදරෙයි හර්ෂි………”😘
“ඇන්‍ටි අපි ඉක්මනට මුන් දෙන්නව කසාද බන්දලා දෙමු……..”
නිවන්ත සර් එහෙම කිව්වෙ අනෝමා නැන්දට.අනෝමා නැන්දත් ඒකට එකගත්වය පල කරා.
“දැන් එතකොට කසාද බැන්දට පස්සෙ උඹලා දෙන්නා කොහෙද ඉන්න බලාපොරොත්තු වෙන්නෙ?……..”
“ඒ ගැන බය වෙන්න එපා නිවන්ත පුතා ධනුෂ්ක පුතාටයි හර්ෂි දූටයි නුවරඑළියේ අර් ගෙදර ඉන්න පුලුවන්නෙ.ඒ ගේ තිබ්බෙ ධනුෂ්කගේ සීයගෙ නමට.දැන් ඒක තියෙන්නෙ මගෙ නමට.මං කැමතියි ඒ ගෙදර ධනුෂ්ක පුතාගෙ නමට ලියන්න……..”
අනෝමා නෝනා එහෙම කියද්දී මායි ධනුෂ්කයි දෙන්නම අනෝමා නෝනට ස්තූති වන්ත වුනා.මගේ මේ ගෙදර පදිංචි වෙන්න අපි කැමති වුනේ නැත්තෙ මේ ගමේ තව දුරටත් ඉන්න හිත නොදුන්න නිසායි.
“එතකොට මේ ගෙදරට මොකද කරන්නෙ?……..”
එහෙම ඇහුවෙ නිවන්ත සර්.
“මේ ගේ විකුණලා දානවා සර්.ඒ සල්ලි වලින් මොකක් හරි ප්‍රයෝජනයක් ගන්න පුලුවන්නෙ………”
“එහෙනම් ළමයිනේ දැන් කතා කරා ඇතිනෙ.අපි කට්ටියම දැන් යමු.හවස් වෙන්න කලින් අපිට නුවරඑළියට යන්න පුලුවන්.අපිට පස්සෙ ඇවිල්ලා ගේ ගැන බලන්න පුලුවන්නෙ………”
මගේ ඇදුම් ටිකයි තවත් උවමනාව කරන බඩු ටිකයි වෑන් එකට දා ගත්තා.ගෙදර තිබ්බ ඇදයි අල්මාරියයි පුටු සෙටි දෙකයි කෝප්ප පිගාන් ටිකයි තවත් බඩු ටිකකුයි ලොරියකට දාගෙන නුවරඑළියට ගෙනිච්චා.
දවල් දෙක විතර වෙනකොට අපි නුවරඑළියෙ ධනුෂ්කගේ ගෙදරට ආවා. එක දිගටම වාහනේකින් ගොඩාක් දුර ආපු නිසා මට ලොකු මහන්සියක් දැනුනා. කොන්දටත් අත තියාගෙන මං පුටුවකින් වාඩි වුනා.
“ඔයාට ගොඩක් මහන්සිද හර්ෂි?……..”
රෝද පුටුව තල්ලු කරමින් ධනුෂ්ක මං ඉන්න තැනට ආවා.
“එච්චරම මහන්සියක් නෑ ධනුෂ්ක. ගොඩක් දුර ආවනෙ ඒකයි චුට්ටක් විතර කොන්ද රිදෙනවා……..”
එතකොටම නිවන්ත සරුයි අනෝමා නැන්දයි ධනුෂ්කගේ යාලුවෙකුයි අපි ලගට ආවා.
“මචං…..හෙට උදේ දහයට රෙජිස්ටාර්ව එක්කන් එනවා.පොඩි පාටියක් මං ඇරේන්ජ් කරලා තියනවා……..”
“ඇයි බං එච්චර හදිස්සියෙන් ඉක්මන් වුනේ?තාම ගේ අස් කරගන්නවත් බැරි වුනා……..”
“අනේ පල යන්න.උඹට කසාද බදින්න හදිස්සියක් නැති වුනාට අනික් දේවල් වලට නම් හදිස්සි වෙලා……..”😁😁
මාව පෙන්නලා ධනුෂ්කගේ යාලුවා එහෙම කියද්දී මට ලැජ්ජත් හිතුණා.
💔💔
අනෝමා නැන්දයි තව තුන් හතර දෙනෙකුයි එකතු වෙලා ගේ හොදට අස් කරා.මාත් එයාලට උදව් වුනා.ධනුෂ්කත් පුලුවන් විදියට වැඩට උදව් කරා.රෑ අට නවය වෙද්දී ඔක්කොම වැඩ ටික ඉවර වුනා.ගේ හරිම ලස්සනට තිබුනා.සාලෙයි කුස්සියයි බාතෲම් එකයි කාමර දෙකයි දිගු ඉස්තෝප්පුවයි ගෙදර තිබුනේ.
“වැඩ ටික නම් හරි දුව.හෙට උදෙන්ම අපි එන්නම්.දැන් ඔයාලා නිදා ගන්න……..”
අනෝමා නැන්දා ගියාට පස්සේ මං කාමරේට ආවා.ධනුෂ්ක හිටියේ වීල් චෙයාර් එකට වෙලා පත්තරයක් බල බල.
“ධනුෂ්ක,දැන් නවයත් පහු වෙලා.එන්න අපි නිදා ගම්මු……..”
මං ධනුෂ්කව අල්ලගෙන ඇදෙන් තිබ්බා. ධනුෂ්ක බොහොම පරිස්සමින් මාව අල්ල ගත්තෙ.මට අපහසුවක් දැනෙයි කියලා ධනුෂ්ක හිටියෙ බයෙන්.
“මාත් එක්ක තරහයිද මැණික?…….”
“කවදාවත්ම නෑ ධනුෂ්ක.මං හිතුවෙ මට වගේම මගෙ දරුවටත් එයාගෙ තාත්තව නැති වෙයි කියලා……..”
ධනුෂ්කගේ නිරුවත් පපුතුරුලේ උණුසුමට ලං වෙමින් මං එහෙම කිව්වා.
“දැන් මාස කීයද මැණික………”
“මාස හයයි දැන්………”
“කෝ බලන්න තාත්තිගෙ චූටි මැණික…….”
ධනුෂ්ක මගෙ ගව්මෙ බොත්තම් දෙක තුනක් ගලවලා මගෙ කුස හිමිහිට අත ගෑවා.
“කෙල්ල පයින් ගහනවද කොහෙද හර්ෂි………”
“කෙල්ල??ඔයා කොහොමද දන්නෙ කෙල්ලෙක්ද කොල්ලෙක්ද කියලා?……..”
“මට නිකමට හිතුණා කෙල්ලෙක් ඉන්නෙ කියලා…….”
එහෙම කියලා ධනුෂ්ක මගේ නිරුවත් කුස සිප ගත්තා.
“මැණික,ඔයාට කන්න ආස මොන වගේ දේවල්ද?………”
“මුලදි නම් මේ ලෝකෙ දෙයක් කන්න බෑ. දැන් නම් ඕන දෙයක් කන්න පුලුවන්……..”
“හ්ම්ම්.දැන් නිදා ගම්මු……..”
පහුවදා උදේ දහයයි කාලට යෙදුණු සුබ මොහොතින් ධනුෂ්කගේත් මගේත් විවාහය සිද්ද වුනා.ඒ වෙනුවෙන් පුංචි සාදයකුත් නිවසේම පැවැත්වුනා.අනෝමා නැන්දයි නිවන්ත සර් ධනුෂ්කගේ යාලුවෝ කීප දෙනෙක් අපේ විවාහයට සහභාගී වුනා.
සාදය ඉවර වුනාට පස්සෙ මං කුස්සියට ගිහින් කුස්සිය අස් කරනකොට කව්දෝ දොරට තට්ටු කරන සද්දයක් ඇහුනා.අත් දෙක පිහදාගෙන දොර ඇරලා බලද්දී මගෙ ඉස්සරහ හිටගෙන හිටපු කෙනාව දැකලා මගෙ ඇස් නිලංකාර වෙලා ගිහින් මාව ඇදගෙන වැටෙන්න යද්දී ඒ කෙනා පැනලා මාව අල්ල ගත්තා.
මතු සම්බන්දයි