මැර හිතකට ලං වී 2
🌹”මට…..මට සමාවෙන්න ශෂීන්ද්‍ර………”😭
“ඇයි මැණික මගෙන් සමාව ඉල්ලන්නෙ?………”
කිසිම වෙනසක් නොපෙන්වා ශෂීන්ද්‍ර මට සුප් එක පොවන්න ගත්තා.මගෙ ඇස් වලට කදුලුත් පිරුනා.ශෂීන්ද්‍රගේ මේ ආදරේ මට දරාගන්න බෑ.
“මොකුත් දන්නෑ වගේ ඔහොම අහන්න එපා ශෂීන්ද්‍ර.මං ඔයාට ගොඩාක් වැරදි කරා.සමාවක් දෙන්න බැරි තරම් වැරදි ඒවා………”😭😭
ශෂීන්ද්‍ර සුප් එක මේසෙ උඩින් තියලා මගෙ ඇස් දෙකේ කදුලු පිස දැම්මා. ශෂීන්ද්‍රගෙ අත අල්ලලා මුවට තියලා මං සිප ගත්තා.
“කියන්න ශෂීන්ද්‍ර ඔයා මට සමාව දෙනවා නේද?………”😭😭
අඩාගෙනම මං ශෂීන්ද්‍රගේ පපුවට තුරුල් වුනා.ශෂීන්ද්‍ර මගේ ඔලුව අත ගෑවා.මං ශෂීන්ද්‍රට කරපු වැරදි වලට මගෙ හිත මටම සමාවක් දුන්නෙ නෑ.
“මං ඔයත් එක්ක තරහ නෑ මැණික. ඔයාගෙ අතින් සිද්ද වෙච්චි වැරදි මං ගනං ගන්නෙ නෑ……..”
“හෝව්….හෝව් මේක හොස්පිටල් එක. ඔය සරුයි මිසුයි ගෙදර ගිහිල්ලා ලව් කරන්න……..”😁😁😂
එහෙම කියාගෙන කාමරේ ඇතුළට ආවෙ ඩොක්ටර් සුධාර.මං ටක්ගාලා ශෂීන්ද්‍රගේ පපු තුරුලෙන් ඔලුව අහකට ගත්තා.
“ආ උඹද කඩාගෙන බිදගෙන ආවෙ?……..”
“යකෝ ඔය ලෙඩාට ඉන්න දීපන්.නැත්නම් ඊලගට ලෙඩ වෙනෙ උඹ………”😁😁
“සුධාර අයියෙ මට හෙට ගෙදර යන්න පුලුවන්ද?……..”
“අම්මෝ බං සංජානාට ගෙදර යන්න තියන හදිස්සිය😁😀හෙට ටිකට් කපන්න පුලුවන් නංගි………”
ඩොක්ටර් සුධාර කාමරෙන් ගියාට පස්සෙ ශෂීන්ද්‍ර මට සුප් එක පොවන්න පටන් ගත්තා.හැබැයි ඒකත් මං බිව්වෙ ගොඩාක්
අමාරුවෙන්.ඒ තරමටම කට තිත්තයි.
“දැන් ඇති ශෂීන්ද්‍ර.කට තිත්තයි වගේ අප්පා……..”
“කන්න පුලුවන් දෙයක් කියන්න සංජානා. නොකා හිටියොත් ඔයා ලෙඩ වෙයි. බලන්න උණ හැදිලා හිටපු මේ ටික දවසට මූණත් එක්ක ඇදිලා ගිහින් හොදටම කෙට්ටු වෙලා……..”
“මේ උණ හරියට හොද වෙනකල් කන්න බෑ ශෂීන්ද්‍ර……..”
පහුවදා මගෙ ටිකට් කපලා තිබුනා. ශෂීන්ද්‍ර ඇවිත් මාව ගෙදර එක්කන් ගියා. මගේ හැම වැඩක්ම කරේ ශෂීන්ද්‍ර.එයා හිටියේ ගොඩාක්
සන්තෝශෙන්.
“ශෂීන්ද්‍ර……..”
“ඇයි මැණික………”
“අනේ මං අද නාන්නං………”
“ඩොක්ටර් කිව්වෙ අදයි හෙටයි උණු වතුරෙන් ඇග හෝදන්න කියලා.ඊට පස්සෙ නාමු……..”
“අනේ අප්පා දැන් කී දවසක්ද?මට නම් නාන්නැතුව ඉන්න බෑ අනේ………”
“දැන් මෙතන කියන දේ අහන්නැතුව නාලා ආයෙමත් ලෙඩ වෙන්නද හදන්නෙ? එනවා මං ඇග හෝදවන්නම්……..”
ඒ පාර නම් ශෂීන්ද්‍රට කේන්ති ගියා. කේන්ති ගියාමත් මෙයාට අමුතුම ලස්සනක් තියෙන්නෙ.මාවත් අල්ලගෙන බාතෲම් එකට ගිහිල්ලා උණු වතුරෙන් මගෙ ඇග හේදෙව්වා.දවස් ගානකට පස්සෙ ඇගට වතුර ටිකක් වැටුනම පුදුම සනීපයක් දැනුනේ.ඇග හෝදගෙන ඉවර වුනාට පස්සෙ සුමනා නැන්දා ගෙනත් දීපු උණුම උණු කෝපි එක බිව්වා.
මං ශෂීන්ද්‍රව කසාද බැන්දට මං තාම එයා ගැන මොකුත්ම දන්නෙ නෑ.එයාගෙ අම්මා තාත්තා ගැනවත් මං දන්නෙ නෑ.
“ශෂීන්ද්‍ර….ඔයාගෙ අම්මා තාත්තා ඉන්නවද?……..”
“අම්මා ඉන්නවා.තාත්තා නැති වෙලා දැන් අවුරුදු දහයක් විතර වෙනවා.මට එක මල්ලි කෙනෙක් ඉන්නවා……..”
“අපේ මල්ලි වගේ පොඩි එක්කෙනෙක්ද?………”
මං එහෙම ඇහුවම ශෂීන්ද්‍ර මහ හයියෙන් හිනා වුනා.එච්චර හිනා වෙන්න දෙයක්ද මං ඇහුවෙ?🤔🤔
“අම්මෝ නෑ සංජානා.මල්ලිට දැන් අවුරුදු විසි අටක් වෙනවා.ඔයාගෙ මල්ලිගෙ වයස ළමයි දෙන්නෙක්ම ඉන්නවා……..”
“සංජානා…..මැණික මාත් එක්ක තරහද?………”
“ඒ ඇයි මං ශෂීන්ද්‍ර මං ඔයත් එක්ක තරහ වෙන්නෙ?……..”
“මං වගේ නාකි මිනිහෙක්ව කසාද බදින්න වුනාට.මං ඔයාට වඩා අවුරුදු පහලවක් වැඩි මහල්නෙ………”
“කවදාවත්ම නෑ ශෂීන්ද්‍ර.ඔයා නාකි නෑනෙ. තාම අවුරුදු තිස්තුනයිනෙ……….”
ශෂීන්ද්‍රගේ හිසකෙස් අතරින් ඇගිලිතුඩු යවමින් මං එහෙම කිව්වා.ඇත්තටම ශෂීන්ද්‍රට අවුරුදු තිස් තුනක් වුනාට තියෙන්නේ අවුරුදු විසි හයක හතක පෙනුම.
“ඒකනෙ මං තාම කොල්ලා වගේනෙ……..”😀😀
“අපොයි ඔව් ඔව්………”😁😀
එදා ඩොක්ටර් සුධාර කියපු දේ හරියටම හරි කියලා මට දැන් තේරෙනවා.මං ගොඩාක් වාසනාවන්තයි ශෂීන්ද්‍රගේ ආදරේ ලබන්න.ශෂීන්ද්‍ර මට පිස්සුවෙන් වගේ ආදරේ කරනවා.මාව ගොඩාක් පරිස්සම් කරනවා.
“ඔයා මට ආදරේ කරන්න ගත්තෙ කොයි කාලෙද ශෂීන්ද්‍ර?……..”
“ඔයාට එදා මතකද අපි ඉඩමක් හොයන්න කියලා ඔයාලගෙ ගෙවල් පැත්තෙ ආවා……..”
“ඔව්ව්.මතකයි.ඊට පස්සෙ?……..”
“ඉඩමක් හොයන්න නෙවෙයි.මට ඕනි වුනේ ඔයාව බලන්න.හැබැයි එතකොට ඔයා පොඩියිනෙ……..”
“එතකොට ඔයා මාව මුලින්ම දැක්කෙ එදා නෙවෙයිද ශෂීන්ද්‍ර?……..”
“නෑ සංජානා.ඔයා ඕලෙවල් එක්සෑම් කරන කාලෙ තමයි මං ඔයාව මුලින්ම දැක්කෙ.මං ආවා ඔයාලගෙ ගමේ ගගේ නාන්න.ඒ ආපු වෙලාවෙ කිහිප සැරයක්ම ඔයාව දැක්කා.මං ධනා ට කිව්වා ඔයා ගැන විස්තර හොයන්න කියලා.ඌ මට ඔයා ගැන විස්තර හොයලා කිව්වා.ඔයා ඕලෙවල් කරලත් නැති හින්දා මං කාලයක් තිස්සේ බලාගෙන හිටියා.ඒ අතරතුරේ තමයි ඔයාලගෙ ඉඩම ගමේ පොලී මුදලාලිට සින්න වෙන්න යනවා කියලා දැන ගත්තෙ.මං සල්ලි දීලා ඉඩම බේරලා දුන්නෙ ඔයා ගැන බලාපොරොත්තුවෙන් මැණික………”
“ඉතිං ඔයාට තිබ්බෙ අම්මගෙන් මාව ඉල්ලන්නනෙ.ඇයි මාව බලෙන් ගෙනාවෙ?……..”
“අම්මා ඔයාව මට දෙයිද මැණික.ඔයාට එතකොට අවුරුදු දහ හතයි.මට තිස් දෙකයි.ඒකයි මං ඔයාව බලෙන් අරන් ආවෙ………”
“මෝඩයා…..ඒ හින්දම තමයි මට තරහ හිතුනෙ……….”
එකපාරටම ශෂීන්ද්‍ර බඩත් අල්ලගෙන හිනා වෙන්න පටන් ගත්තා.😀😃 නොනවත්වාම එක දිගටම හිනා වෙන්න ගත්තා.දෙයියනේ මේ මනුස්සයට එකපාරටම මොකද වුනේ?
“අනේ ඇයි ශෂීන්ද්‍ර ඔය?මොකද ඔයාට වෙලා තියෙන්නෙ?අනේ කියන්නකෝ ඇයි ඔහොම හිනා වෙන්නෙ?………”
“මට….මට මැවි මැවි පේනවා…..අයියෝ….. අම්මෝ…..අනේ………”😁😂🤣😃😆😄😀
“අනේ කියන්නකෝ ශෂීන්ද්‍ර මොනවද ඔයාට මැවි මැවී පෙන්නෙ?ඇයි මෙහෙම හයියෙන් හිනා වෙන්නෙ?පිස්සු හැදීගෙන එනවද ශෂීන්ද්‍ර ඔයාට?………”😠😠
දැන් නම් මට කේන්තිත් එක්ක ශෂීන්ද්‍රගෙ මේ හිනාවට.අතින් පයින් ගහමින් මාව කොනිත්ත කොනිත්ත ශෂීන්ද්‍ර හිනා වෙනවා.😁😊😂🤣😆😃😄
“පිස්සු……පිස්සු……තමයි.මට මැවි මැවි පේනවා හලෝ තමුසෙ එදා මෙතන පිස්සියෙක් වගේ බත් ගොඩේ දගලපු හැටි.අයියෝ මතක් වෙනකොටත් හිනා අප්පා……..”😁🤣😂😀😊😄😃😆
“ආ…..ඒකද මේ?කොහොමද එදා මගෙ ඇක්ට් එක?ඇත්තටම හිතුවා නේද මට පිස්සු කියලා?……….”
“ඇත්තමයි සංජානා මං එදා ගොඩාක් බය වුනා ඔයා ගැන.මං හිතුවෙ ඔයාට ඇත්තටම මොනවා හරි වෙලා කියලා………”
“මට එච්චරම ආදරෙයිද ශෂීන්ද්‍ර?……..”
“ඔව් මැණික.මං උඹට මගෙ පණටත් වඩා ආදරෙයි………”
ඇත්තටම මං කවදාවත් බලාපොරොත්තු වුනේ නෑ මේ වගේ ආදරයක්.පහු ගිය කාලෙ මගෙ අතින් ශෂීන්ද්‍රට වෙච්චි වැරදි මතක් වෙලා මට ගොඩාක් දුක හිතුණා. වෙන මනුස්සයෙක් නම් එහෙම මාව මෙලහකත් ඩිවෝස් කරලා.ශෂීන්ද්‍රගෙ ඉවසීම කැපවීම ගැන මට පුදුමත් හිතුණා.
“මොනවද කල්පනා කරන්නෙ මැණික?……..”
“පහුගිය කාලෙ ඔයා ඉවසපු ඉවසීම ගැන මට මහ පුදුමයි ශෂීන්ද්‍ර………”
“ඒකනෙ ඉතිං හැමෝම හිතන්නෙ ගෑනුන්ට විතරයි ඉවසන්න පුලුවන් කියලා………”
මං ටිකක් ඇස් දෙක හීනි කරලා ලස්සනට ශෂීන්ද්‍ර දිහා බැලුවා.
“අම්මෝ ඔහොම බලන්න එපා මැණික. මට නිකන් කරන්ට් එක වැදුනා වගේ.ඔය බැල්ම තමයි මාව පිස්සෙක් කරේ……….”
මාව ඇදේ පෙරලගත්තු ශෂීන්ද්‍ර මගෙ ඇස් වලට එබුනා.මුහුණට වැටිලා තිබුනු කෙස් රොදක් ඇගිලි තුඩින් පසෙකට කල ශෂීන්ද්‍ර සෙමින් සෙමින් පහත් වෙලා මගේ දෙතොල් මත ඒ දෙතොල් තැබුවා. මට නිකන් කරන්ට් වැදුනා වගේ.ඒ දෙතොල් මගේ මුහුණත් ගෙල පුරාත් ඉන් පහලටත් දිව යද්දී මා තව තවත් ඒ උණුසුමට ගුලි වුනා.මගේ පපුව හොදටම ගැහෙනවා.
ඒත් මේ ආදරණීය හෝරාවෙන් මිදෙන්න නම් නෙවෙයි. ශෂීන්ද්‍රගේ ප්‍රේමය උණුසුම මසිත ආතම ගානකට ආයාචනා කරා.අනුරාගී හෝරාවන් කිහිපයකට පසුව අප දෙදෙනාම නින්දට වැටුනෙමු.
මතු සම්බන්දයි