මැර හිතකට ලං වී 2
❣️”කව්ද මගෙ චූටි මල්ලිට චොක්ලට් අරන් දුන්නෙ?………”
“ඒ මාමා තමයි අරන් දුන්නෙ.එයා ගොඩාක් හොදයි අක්කෙ.මට ගොඩාරියක් ආදරෙයි………”
මල්ලිට නම් ශෂීන්ද්‍රව ගොඩාක් හිතට අල්ලලා වගේ.සමහර විට මගෙ හිත දිනා ගන්න වෙන්න ඇති මල්ලිට මෙහෙම ආදරෙන් සළකන්නෙ.එයාගෙ වැඩ වලට මම නම් අහුවෙන්නෙ නෑ.මල්ලිව නාවලා ඇදුමක් අන්දෝලා බත් කැව්වා.
“මේ ගෙදර හලිම ශෝක් අක්කෙ.හලීම ලස්සනයි………”
මේ වගේ ගෙදරක ඉන්න තියා කවදාවත් මල්ලිවත් මමත් මේ වගේ මාලිගාවක් පත්තරේකින්වත් දැකලා තිබුනෙ නෑ.
“පුතා එනවද ක්‍රිකට් ගහන්න?………”🏏
ශෂීන්ද්‍ර බැට් එකකුයි බැට් එකකුයි🏏 ටෙනිස් බෝලෙකුයි අරගෙන මල්ලිව හොයාගෙන ආවා.මල්ලි නම් උඩපැනලා හා කිව්වා.
“අක්කත් එන්නකො බෝල ගහන්න……….”
“මට බෑ මල්ලි ඔයා ගිහින් ගහන්න……….”
ටික වෙලාවකින් පස්සෙ මං බැල්කනියට ගිහින් බැලුවා මල්ලියි ශෂීන්ද්‍රයි සෙල්ලම් කරන දිහා.එකපාරටම ශෂීන්ද්‍ර ගහපු හයේ පාරක් බැල්කනියෙ වැදිලා මගෙ ඇගේ වැදුනා.🏏ශෂීන්ද්‍රටයි මල්ලිටයි හොදට හිනා.මං බෝලෙ අරන් පල්ලෙහාට දැම්මා.ටිකක් වෙලා මල්ලියි ශෂීන්ද්‍රයි ඔන්චිල්ලාව පැද පැද හිටියා. ශෂීන්ද්‍ර හිටියෙ මල්ලිගෙ කරේ අත දාගෙන.මොනවදෝ මන්දා කියෝ කියෝ දෙන්නා හොදටම හිනා වෙනවා.මගෙ හිත මහා හිස් හැගීමකින් පිරිලා ගියා.ඒ දිහා නොබලා මං ඇදට වැටිලා කල්පනා කරන්න පටන් ගත්තා.
💓💓
මේ දවස් ටිකේම ශෂීන්ද්‍ර රෑට නිදා ගත්තෙ එයාගෙ කාමරේ.මල්ලි මං ගාවින් තියා ගත්තා.මල්ලිගෙ ඉස්කොලෙ නිවාඩු කාලෙ ඉවර නිසා ශෂීන්ද්‍ර එයාව හොස්ටල් එකට ඇරලවලා එන්න ගියා. මට මහා පාලුවක් දැනුනා.මං තනිවෙලා කියලයි මට හිතුනෙ.
“සංජානා හෙට සුධාරගෙයි අමාෂිගෙයි වෙඩින් එක.අපි දෙන්නටත් ඉන්වයිට් කරා………”
“මට බෑ.ඔයා යන්න………”
“ඒ ඇයි ඔයාට යන්න බැරි?………”
ශෂීන්ද්‍ර මගෙන් එහෙම ඇහුවෙ පුදුම වෙලා වගෙයි.ඒත් මං මගේ තීරණේ නම් වෙනස් කරන්නෙ නෑ.
“මට යන්න බැරි නිසයි බෑ කිව්වෙ.මං එන්නෑ………”
ශෂීන්ද්‍රට තේරුනා මං කොහොමටත් වෙඩින් එකට යන්න එන්නෙ නෑ කියලා. ඊට පස්සෙ ඒ ගැන කියලා බල කරේ නෑ. ඒත් මං හිතුවෙ ශෂීන්ද්‍ර වෙඩින් එකට යයි කියලා.එයා ගියෙත් නෑ.
“සංජානා………”
“ඇයි?………”
ශෂීන්ද්‍ර මගෙ ඉන වටා අත් දෙක යවමින් මාව එයාගෙ ඇගට තුරුල් කර ගන්න හැදුවා.මං බොහොම අමාරුවෙන් ශෂීන්ද්‍රව අහකට තල්ලු කරා.
“ප්ලීස් ශෂීන්ද්‍ර මට මගෙ පාඩුවෙ ඉන්න දෙන්න………”
“සංජානා…..😠😠මං උඹේ කසාද මිනිහා. මටත් අයිතියක් තියනවා………”
“මේ ශෂීන්ද්‍ර,තමුසෙ මාව තමුසෙගෙ ගෑනි කරගත්තෙ තමුසෙගෙ කැමැත්තට මිසක් මගේ කැමැත්තට නෙවෙයි………”😠😠
ඊට පස්සෙ ශෂීන්ද්‍ර මාව අතෑරලා කාමරෙන් එලියට ගියා.ගොඩාක් වෙලා ගියත් ආපහු ආවෙ නෑ.මං හිමිහිට කාමරේ දොර ඇරගෙන උඩ සාලෙට ආවා. ඒ සාලෙ බැල්කනියෙ ශෂීන්ද්‍ර මත්පැන් බොමින් හිටියා.ඒ තනියම නෙවෙයි එයාගෙ යාලුවා උදාර ත් එක්ක.
“මට තේරෙන්නෙ නෑ මචං ඇයි ඒකි මට එච්චරටම අකමැති කියලා.මට සංජානා නැතුව ජීවත් වෙන්න බෑ බං.මං…මං ඒකිට ගොඩාක් ආදරෙයි බං……..”
වෙරිමර ගාතේ ශෂීන්ද්‍ර උදාර ත් එක්ක කියන ඒවා මං අහගෙනයි හිටියෙ.
“ඒකි…..ඒකි කවදාවත්….මාව තේරුම්….. ගන්නෙ නෑ බං.මාත්….ආසයි බං ඒකි……. වගේම බෝනික්කියක් වගේ…..දුවෙකුට තාත්තා කෙනෙක් වෙන්න.ඒත්…..සංජානා කවදාවත් මට තාත්තා…..කෙනෙක් වෙන්න ඉඩ…..දෙන්නෙ නෑ බං…….ඒ තරමටම ඒකිට මාව පිළිකුල්………”
“දැන් ඇති බං බිව්වා.කෝ නැගිටපන් දැන් උඹට හොදටම වැඩියි………”
උදාර බොහොම අමාරුවෙන් ශෂීන්ද්‍රව නැගිට්ටව ගත්තා.මං කාමරේට ඇවිත් දොර වහගෙන නිදා ගත්තා.ටික වෙලාවකින් ශෂීන්ද්‍ර කාමරේ දොර ඇරගෙන ඇවිත් වැනි වැනීම ඇදට වැටිලා නිදා ගත්තා.
උදේ ඉදන් ඉවසගන්න බැරි තරම් ඔලුවෙ කැක්කුමක් හැදුනා.සුමනාට කියලා පෙනඩෝල් පෙති දෙකක් ගෙන්නගෙන බිව්වත් හරි ගියේ නෑ.ඕනි දෙයක් වුනාවෙ මැරුනත් කමක් නෑ කියලා හිතාගෙන මං දවල් දෙකට විතර සීතල වතුරෙන් හොදට නෑවා.හවස් වීගෙන එද්දී හොදටම උණ හැදුනා.අත පය වෙව්ලගෙන ඇගත් රිදෙන්න ගත්තා උණ වැඩි කමට.කොහෙ ගිහිල්ලද දන්නෑ දවස් දෙකතුනකින් ශෂීන්ද්‍ර ගෙදර ආවෙත් නෑ. නැගිටලා ඇවිදගන්න බැරි තරම් මට උණ වැඩි වෙලයි තිබ්බෙ.ශෂීන්ද්‍රට කියන්න බෑ.කිව්වත් එයා කොහොමටත් මාව හොස්පිටල් එකට එක්කන් යන එකක් නෑ.මං උණ වේදනාවෙන් දගල දගල හිටියා.රෑ අටට විතර ශෂීන්ද්‍ර ගෙදර ආවා.උණ හැදිලා මං විදවන හැටි දැකලා ශෂීන්ද්‍ර අනිවාර්යයෙන්ම සන්තෝශ වෙයි.
“සංජානා……සංජානා……ඔයාට සනීප නැද්ද?……….”
ශෂීන්ද්‍ර මගෙ බෙල්ලටයි නලලටයි අත තියලා බලලා නලලෙ අත ගහ ගත්තා.
“ඇයි…..ඇයි සංජානා මාත් එක්ක තියන තරහට ඔයා ඔයාගෙන්ම පලි ගන්න හදන්නෙ?මෙච්චර අමාරුවක් තියෙද්දිත් ඇයි ඔයා මට කෝල් එකක්වත් නොදුන්නෙ?අපි ඉක්මනට හොස්පිටල් එකට යමු……….”
මාව නැගිට්ටවලා මගෙ ඇදුම් මාරු කරවපු ශෂීන්ද්‍ර මාව ඉක්මනටම හොස්පිටල් එකට එක්කන් ආවා.මට ඇවිදගන්නවත් පණ නෑ.ඒ තරමටම උණ වැඩිවෙලයි තිබ්බෙ.මාව හරහට වඩාගෙනම ශෂීන්ද්‍ර හොස්පිටල් එකට ගෙනාවා.කලබලෙන් වගේ අපි ඉස්සරහට ආවෙ ඩොක්ටර් සුධාර.
“ඇයි…..ඇයි මචං සංජානා ට මොකද වුනේ?……….”
“අනේ ඉක්මන් කරපං සුධාර සංජානාට හොදටම අමාරුයි උණ වැඩි වෙලා.අනේ සංජානාව බේරලා දීපන් සුධාර……..”😢😢
💓💓
මං හොස්පිටල් එකේ හිටපු හැම දවසකම ශෂීන්ද්‍ර ආවා මාව බලන්න.මට කැව්වෙ පෙව්වෙ මගෙ හැම වැඩක්ම කරේ ශෂීන්ද්‍ර.එක දවසක් අප්පිරියාවෙන් කාලා මට වමනෙ ගිය වෙලාවෙ ශෂීන්ද්‍රගෙ ඇගටත් වමනෙ හැලුනා. ශෂීන්ද්‍ර එයා ඇදන් හිටපු ඇදුමෙන්ම මගෙ මූණයි කටයි බෙල්ලයි පිහ දැම්මා. මං ශෂීන්ද්‍රට මෙච්චර වෛර කරද්දී ශෂීන්ද්‍ර ඒවා ගනං නොගෙන මට හැම සාත්තු සප්පායමක්ම කරා.
“ළමයා මොනවද කල්පනා කරන්නෙ?………”
එහෙම අහගෙන ඩොක්ටර් සුධාර මං හිටපු කාමරේට ආවා.එයා ගාවින් නර්ස් කෙනෙකුත් හිටියා.ඒ නර්ස් මට බෙහෙත් පෙති වගයක් දීලා කාමරෙන් ගියා.
“ම්….මෙ….මොකුත් නෑ සුධාර අයියෙ……..”
“දැන් නම් ඔයාට ගොඩාක් සනීපයි.හෙට ගෙදර යන්න පුලුවන් වෙයි………”
“අනේ ඒක නම් හොදයි………”
“ඒක නෙවෙයි සංජානා,ඔයා තාමත් ශෂීන්ද්‍ර එක්ක තරහද?ඔයා මහ පුදුම කෙල්ලෙක්.ඒ මනුස්සයා ඔයාට මෙච්චර ආදරෙන් සළකද්දී ඔයා ඒ මනුස්සයා දිහා බලන්නෙ හතුරෙක් දිහා බලනවා වගේ. වෙන මනුස්සයෙක් එහෙම නම් ඔයාව එදා මැරෙන්න අරිනවා මිසක් එදා රෑ හොස්පිටල් එකට එක්කන් එන්නෙ නෑ……….”
මට තවත් ගොඩාක් උපදෙස් දීපු ඩොක්ටර් සුධාර මං ගාවින් ගියා.දවල් දෙකහාමාරට විතර ශෂීන්ද්‍ර ආවා මාව බලන්න.
“හෙට ඔයාගෙ ටිකට් කපනවා කිව්වා සංජානා.දැන් සනීපයි නේද?හැබැයි ටික දවසක් යනකල් ඔයාට රෙස්ට් කරන්න වෙයි.දවස් දෙකක් විතර යනකල් උණු වතුරෙන් ඇග හෝදන්න කිව්වා.මේ සුමනා ඔයාට සුප් එකක් හදලා දුන්නා ඒක බොමු………”
“මට…..මට සමාවෙන්න ශෂීන්ද්‍ර……..”😭
මතු සම්බන්දයි💓