කොයි තරම් උත්සහ කරත් මට ධනුෂ්ක ගැන කිසිම හෝඩුවාවක් හොයා ගන්න බැරි වුනා.අම්මා නැති වුනාට පස්සෙ අසරණ වෙලා තනි වෙච්චි මට ධනුෂ්ක ඉන්නවා නේද කියලා හිතලා අමාරුවෙන් හරි හිත හදාගෙන හිටියා.මං හීනෙකින්වත් හිතුවෙ නෑ ධනුෂ්ක මට මෙහෙම කරයි කියලා.මං එයාට මොන තරම් ආදරේ කරාද?මගේ විශ්වාසෙ උපරිමයටම දිනාගෙන හිටපු ධනුෂ්ක මාව රැවැට්ටුවා නේද?ධනුෂ්ක වගේ පොලිස් නිළදාරියෙක්ගේ ආදරේ ලබන්න මං ගොඩාක් වාසනාවන්තයි කියලයි මං හිතුවෙ.ඒත් ඒ හැම දෙයක්ම විනාශ වෙලා ගියා.

“දුවේ?………”

ඇග්නස් ආච්චි මං ළගටම ඇවිල්ලා කතා කරනකල් මං දැක්කෙ නෑ.කදුලු පිහදාගෙන මං පඩිය උඩින් නැගිට්ටා.

“ආච්චි……එන්න ගේ ඇතුලට?……..”

ඇග්නස් ආච්චි ගේ ඇතුලට ඇවිත් පුටුවක් උඩින් වාඩි වුනා.මාත් ලග තිබුනු පුටුවකින් වාඩි වුනා.සිල්වා ඇන්ටි මට එදා බැන්නට ඇග්නස් ආච්චි මට මොකුත්ම කිව්වෙ නෑ.මේ ගමේ මාත් එක්ක කෙනෙක් හොදින් කතා කරනවා නම් ඒ ඇග්නස් ආආච්චි විතරයි.

“දුවේ මෙතන රුපියල් තුන්දාහක් තියනවා.මේක දුව තියා ගන්න.දුවට වෙච්චි දේ ගැන මට හරිම දුකයි.ඒත් දැන් මොනවා කරන්නද?………”

“අනේ ආච්චි ඔයා මට මේ සල්ලි දුන්නා කියලා සිල්වා නැන්දා දැන ගත්තොත් බනියි……..”

“දුව දන්නෑ.එයා දැන ගන්නෙ අපි දෙන්නගෙන් කෙනෙක් කිව්වොත්නෙ.මේ කාලෙදි හොදට කන්න බොන්න ඕනි. හොද පෝෂ්‍යදායී කෑම කන්න ඕනි.ඔය සල්ලි වලින් මොනව හරි අරන් කන්න දුවේ.මං එහෙනම් දැන් ගිහින් එන්නම්……..”

එහෙම කියලා ඇග්නස් ආච්චි ගියා.මේ වෙලාවෙ හැටියට මට මේ රුපියල් තුන්දාහ ලක්ෂයකට වඩා වටිනවා. වත්තෙ හැදෙන එලවලු පළතුරු ටික විකුණලා ගන්න සල්ලි වලින් බොහොම අමාරුවෙන් ජීවත් වෙන්නෙ.දරුවෙක් ලැබෙන්න ඉන්න නිසා රස්සාවකට යන්නත් අමාරුයි.රස්සාවක් ඉල්ලුවත් මං ඉන්න තත්වෙ හැටියට කිසිම තැනකින් රස්සාවක් දෙන්න කැමති නැහැ.

වෙච්චි දේවල් ගැන පසු තැව්නා කියලා දැන් කිසිම වැඩක් නෑ.හැගීම් වලට වහල් වෙලා මං මගෙ මුලු ජීවිතේම අදුරෙ දා ගත්තා.මං මෝඩ වුනා වැඩියි.බඩට අත තියාගෙන මං කල්පනා කරා.අනේ ඇයි ධනුෂ්ක ඔයා මට මෙහෙම ගින්දරක් දුන්නෙ😭😭ඔයා මට මොන තරම් පොරොන්දු කන්දරාවක් දුන්නද මාව කවදාවත් අමතක කරන්නෑ කියලා.ඔයා කියපු හැම දෙයක්ම මං විශ්වාස කරා. අනේ මං හීනෙකින්වත් හිතුවෙ නෑ මට මෙහෙම දෙයක් වෙයි කියලා.😭😭

බත් ටිකක් බෙදාගෙන කන්න හැදුවත් කන්න පුලුවන් කමක් නෑ.පුදුම අප්පිරියාවක් දැනෙන්නෙ.ගොඩාක් වමනෙත් යනවා.අමාරුවෙන් වගේ නැගිටලා ඉදුනු අඹ ගෙඩියක් කපාගෙන ලුණු කුඩුයි දාගෙන කෑවා.ඒක කෑවට පස්සෙ කටේ තිබ්බ සෙවල ගතිය අප්පිරිය ගතිය අඩු වුනා.වමනෙ යන වෙලාවට පිට අත ගාලා වතුර ටිකක් පොවන්න,ආදරෙන් කෑම ටිකක් කවුරුවත් මට නෑ.රෝහලේ සායනයට මං හැම මාසයකම නොවරදවාම සහභාගී වුනා.දරුවගෙ තාත්තා ගැන අහන වෙලාවකම මං නිරුත්තර වුනා.හැම බඩ දරු අම්මා කෙනෙක්ම තමන්ගෙ මනුස්සයගෙ අතේ එල්ලිලා සිනා මුසු මුහුණින් ක්ලීනින් එකට එනකොට කාත් කවුරුවත් නැති මම ආවෙ ගියේ දහසක් දුක් ගින්දර කන්දරාවක් හිතේ පුරවාගෙන තනියම.

ගමේ මිනිස්සු මං දිහා බලන්නේ අමුතු සතෙක් දිහා බලනවා වගේ.එයාලා හැමෝගෙම ජරා කතා මට දැන් අහලා හොදට පුරුදුයි.මුලු ගමෙන්ම මං දැන් කොන් වෙලා තනිවෙලා.😭😭මට දැන් දැනෙනවා දරුපැටියා ටික ටික දගලනවා. අනේ මං වගේම මගෙ දරුවටත් දුක් විදින්න සිද්ද වෙයිද?😢😢මගේ මගෙ දරුවගෙ අනාගතේ ගැන දැනෙන්නෙ ලොකු බයක්.කුසට අත තියාගෙන කල්පනා කර කර ඉද්දී එක්වරම මට වාහනේක හඩක් මිදුලෙන් ඇහුනා.මං නැගිටලා මිදුලට බැහැලා බැලුවා කව්ද ආවෙ කියලා.කලු පාට කාර් එකකින් අවුරුදු තිහක විතර පෙනුමක් තියන පිරිමි කෙනෙක් ඇවිත් බැස්සා.මාව දැකලා ඒ මනුස්සයා පුදුම වුනා.ඒ මනුස්සයව මට ටිකක් දැකලා පුරුදු ගතියක් දැනුනා.ඒත් එකපාරටම මතක් වුනේ නෑ.

“මේ හර්ෂි නේද?මාව මතකද?……..”

ඒ තරුණයා බොහොම විනීතව මගෙන් එහෙම ඇහුවා.එතකොටයි මට මතක් වුනේ මේ එදා මං මේනකගේ ඔලුවට ගලෙන් ගහපු වෙලාවෙ මාව හිරේ ගිහින් උසාවි දැම්මට පස්සෙ මං වෙනුවෙන් කතා කරපු ලෝයර් කියලා.

“ආ ඔව් සර්.මේ නිවන්ත සර්නෙ………”

නිවන්ත සර් ධනුෂ්කගේ යාලුවෙක්නෙ. සමහර විට මට ධනුෂ්ක ගැන නිවන්ත සර්ගෙන් අහගන්න පුලුවන් වෙයි.මං ඒ ගැන අහන්න හදනකොටම නිවන්ත සර් කතා කරා.

“මං දන්නවා හර්ෂි අහන්නෙ ධනුෂ්ක ගැන නේද?……..”

“ඔ….ඔව් සර්.අනේ මට කියන්න ධනුෂ්ක කොහෙද ඉන්නෙ?එයා රට ගියා කියලා කිව්වෙ බොරුවට නේද?……..”😥😥

නිවන්ත සර් මාත් එක්කම ගේ ඇතුළට ඇවිත් වාඩි වුනා.මගෙ ඇස් වල කදුලු පිරිලා තිබ්බා.ඒ බව නිවන්ත සර් දකින්න ඇති.

“මට ඉස්සෙල්ලා කියන්න හර්ෂි මේ දරුවා……..”

මට නිවන්ත සර්ට බොරුවක් කියන්න උවමනාවක් නෑ.ඒ හින්දා මං ඇත්තම කිව්වා.මේ දරුවගෙ තාත්තා ධනුෂ්ක කියලා කිව්වට පස්සෙ නිවන්ත සර් ඔලුවෙ අත ගහ ගත්තා.

“මට ඇත්ත කියන්න සර්.අනේ මට ධනුෂ්ක ඉන්නෙ කොහෙද කියලා කියන්න.මං ගැන නෙවෙයි මට බඩේ ඉන්න දරුවා වෙනුවෙන්වත් මට ධනුෂ්කව හොයලා දෙන්න……..”😭😭🙏

“මට මේ ගැන කියන්නෙ කොහොමද කියලා හිතා ගන්න බෑ හර්ෂි.ඔයා තාමත් ධනුෂ්ක ගැන හිතනවද?……..”

“මං ධනුෂ්කට ආදරේ කරේ මගෙ මුලු හදවතින්මයි සර්.මං බලන් ඉන්නවා කවදා හරි ධනුෂ්ක මාව හොයාගෙන එයි කියලා.මට ධනුෂ්කව නැති ඉන්න බෑ සර්. අනේ මං හීනෙකින්වත් හිතුවෙ නෑ ධනුෂ්ක මට මෙහෙම කරයි කියලා……..”😭😭

නෙත් වලින් ගලන කදුලු පිටි අත්ලෙන් පිස දමාගෙන මං නිවන්ත සර්ට එහෙම කිව්වා.මං කියපු හැම දෙයක්ම නිවන්ත සර් හොදටම අහගෙන හිටියා.මං අත් දෙකම එකතු කරලා නිවන්ත සර්ගෙන් ඉල්ලුවෙ ධනුෂ්කව මට හොයලා දෙන්න කියලයි.

“දැන් මාස කීයද හර්ෂි?………”

“මාස පහයි සර්.අනේ මට කියන්න ධනුෂ්ක ඇයි මාව දාලා ගියේ?මං කවදාවත් ධනුෂ්කට දැනුවත්ව කිසිම වරදක් කරලා නෑ.මට විශ්වාස කරන්න බෑ එයා මාව දාලා රට ගියා කියලා.මේ දරුවා ගැන හිතලාවත් ධනුෂ්කට එන්න කියන්න සර්……..”😢😢

“අනේ මන්දා හර්ෂි.මට කියන්න බෑ ධනුෂ්ක ඔයා ගාවට එයි කියලා.එයා රට ගියා.ආපහු ලංකාවට එයි කියලා හිතන්න අමාරුයි……..”

“අනේ දෙයියනේ😭😭මට ඒක කොහෙත්ම විශ්වාස කරන්න බෑ සර්. අනේ පින් සිද්ද වෙයි ධනුෂ්කට එන්න කියන්න.මට මෙහෙම කරන්න එපා කියන්න සර්.මං ගොඩක් අසරණ වෙලා ඉන්නෙ………”😭😭🙏

“මං ගිහින් එන්නම් හර්ෂි.ඔයා පරිස්සමින් ඉන්න……..”

එහෙම කියලා නිවන්ත සර් වාහනේ නැගලා යන්න ගියා.මං හොදටම ඇඩුවා. ඉකි ගගහා ඇඩුවා.මාව සනසවන්න කිසිම කෙනෙක් හිටියෙ නෑ.අනේ මගෙ අම්මා හිටියා නම් මට මෙහෙම වෙන්නෙ නෑ.මොන පාපයක් කරාටද දෙයියනේ මට මෙහෙම වුනේ?ධනුෂ්ක කවදාවත් මාව හොයාගෙන ආවෙ නැත්නම් මං මොනවද මගෙ දරුවට කියන්නෙ එයා තාත්තා ගැන අහනකොට කියන්නෙ😭😭ධනුෂ්ක මට මෙහෙම කරන්න හේතුව මොකක්ද කියලා මට හිතා ගන්න බැරි වුනා.


ගම පුරාම මං මහ ජරා ගෑනියෙක් කියලා හංවඩු ගැහිලා තියන වෙලාවෙ දවසක මගේ දරුවටත් මිනිස්සු අවජාතකයා කියලා කියයි නේද දෙයියනේ😢😢මොන දේ සිද්ද වුනත් මට බෑ මගෙ දරුවගෙ අනාගතේ විනාශ වෙන්න දෙන්න. කවදාවත් මං මගෙ තාත්තව දැකලා නෑ. මගෙ ජීවිතේ හැමදාම ලගින් හිටියෙ මගෙ අම්මා විතරයි.තාත්තගෙ උණුසුම මං කවදාවත් විදලා නෑ.මගෙ දරුවටත් මට සිද්ද වෙච්චි දේම වෙයිද?මට වගේම එයාටත් එයාගෙ තාත්තව නැති වෙයිද?

💔💔

මගේ ෆෝන් එකට කෝල් එකක් එනවා ඇහුනු නිසා මං කාමරේට ගිහින් බැලුවා කව්ද කියලා.අදුරන්නෙ නැති නම්බර් එකක් නිසා මං හිතුවා ධනුෂ්ක වෙන්න ඇති කියලා.මං ඉක්මනින් ඒ කෝල් එක ආන්සර් කරා.

“හෙලෝ……..”📲

“හෙලෝ මේ හර්ෂිද?……..”📲

කතා කරේ ගෑනු කෙනෙක් කියලා මට කටහඩින්ම දැනුනා.

“ඔ…..ඔව් මං හර්ෂි තමයි.ඔය කව්ද?………”📲

“මං අනෝමා වික්‍රමනායක කතා කරන්නෙ. ඔයා ධනුෂ්ක එදිරිමාන්නගෙ වයිෆ් නේද?……..”📲

අනේ කව්ද මේ?🤔🤔මං ධනුෂ්ක එදිරිමාන්නගෙ බිරිඳ වෙන්න හීන මැව්වා.ඒ වෙනුවෙන් මං මගෙ හැම දෙයක්ම ආදරයේ නාමයෙන් ඔහුට පරිත්‍යාග කරා.එයා පැදුරටත් නොකියාම මගෙ ජීවිතේ ලොකු අවධානමක දාලා පැනලා ගියා.

“හෙලෝ…..හෙලෝ………”📲

මං නිශ්ශබ්දව හිටපු නිසා ඒ ගෑනු කෙනා ආයෙමත් කතා කරා.

“අ…..කියන්න මං අහගෙන ඉන්නෙ. ඔයා…..ධනුෂ්කගෙ කව්ද?……..”📲

“මං ධනුෂ්කගෙ නැන්දා.එයාගෙ තාත්තගෙ නංගි.මට ඔයා ගැන කිව්වෙ ලෝයර් නිවන්ත ප්‍රනාන්දු.මට දරුවො ඔයාව හම්බෙන්න ඕනි.මට ඔයාගෙ එඩ්‍රස් එක දෙනවද?මං ඔයාට කිසිම කරදරයක වෙන්න දෙන්නෙ නෑ………”📲

“අනේ…..මට කියන්න ධනුෂ්ක කොහෙද ඉන්නෙ?අනේ පින් සිද්ද වෙයි මට ධනුෂ්කව මුණ ගස්සන්න……..”😭📲

ෆෝන් එක කනේ තියාගෙනම මං අඩන්න පටන් ගත්තා.ධනුෂ්කගෙ නැන්දටවත් මගේ තත්වෙ තේරුම් ගන්න පුලුවන් වුනොත් ඒක ලොකු දෙයක්.මං එයාට ගෙදර ඇඩ්‍රස් එක දුන්නා.

💔💔

පහුවදා උදේම මං ධනුෂ්කගේ නැන්දව බලාපොරොත්තුවෙන් මග බලාගෙන හිටියා.උදේ දහය විතර වෙනකොට වෑන් එකක් අපේ මිදුලේ නතර කෙරුනා. ඒකෙන් බැහැලා ආවේ අවුරුදු පනහකට ආසන්න ප්‍රියමනාප ගෑනු කෙනෙක්.පඩිය උඩ වාඩි වෙලා හිටපු මං ඉනට අත තියාගෙන නැගිටලා ඒ ගෑනු කෙනා ගාවට ගියා.

“හර්ෂි නේද ඔයා?……..”

“ඔව් නෝනා.ඔයා නේද මට ඊයෙ කතා කරපු අනෝමා නෝනා?………”

“ඔව් හර්ෂි.මට නෝනා කියන්න එපා……..”

“අපි ගේ ඇතුලට යමු……..”

මං එහෙම කියනකොට අනෝමා නෝනා පිටි පස්ස හැරිලා වෑන් එක දිහා බලලා මං දිහා බැලුවා.මට මහ අමුත්තක් දැනුනා.

මතු සම්බන්දයි

Advertisment