මැර හිතකට ලං වී 2

❤️”උඹ නැතුව මං විදපු දුක උඹේ ඇස් දෙකෙන් දැකලා වත් උඹට මං ගැන අනුකම්පාවක්වත් නැද්ද සංජානා………”

පුදුම වෙලා වගේ මං දිහා බලාගෙන හිටපු ශෂීන්ද්‍ර මගෙන් එහෙම ඇහුවේ කලකිරුනු ස්වරයෙන්.

“නෑ ශෂීන්ද්‍ර මගෙ හිතේ තමුසෙ ගැන කිසිම අනුකම්පාවක් නෑ.මට තමුසෙව අප්පිරියයි.තමුසෙ මාව මගෙ අම්මගෙන් වෙන් කෙරුවා.මට මගෙ අම්මා ගාවට යන්න ඕනි……….”

මං එහෙම කියද්දී ශෂීන්ද්‍ර ගොඩාක් වෙනස් වුනා.එයාගෙ මුහුණෙ තිබ්බ හැගීම මට තේරුම් ගන්න බැරි වුනා.ටික වෙලාවක් මං දිහා බලන් හිටපු ශෂීන්ද්‍ර කාමරෙන් එලියට ගිහින් විනාඩි පහක් යන්නත් කලින් පත්තරයක් අතේ තියාගෙන කාමරේට ආවා. අනුකම්පාවෙන් වගේ මං දිහා බලන් හිටපු ශෂීන්ද්‍ර ඒ පත්තරේ මට දික් කෙරුවා.

“මේ මොකටද?………”

මං ඒ පත්තරේ අතට නොගෙනම ශෂීන්ද්‍රගෙන් එහෙම ඇහුවා.

“මේකෙ තියන දේ කියවලා බලන්න සංජානා.මේ දේවල් අපි දැන ගන්නකොට ගොඩාක් පරක්කුයි.ඒකයි ඔයාට නොකිව්වෙ………”

එහෙම කියලා ශෂීන්ද්‍ර පත්තරේ මගෙ අතින් තිබ්බා.පිටුවෙන් පිටුව ඒ පත්තරේ පෙරලපු මගෙ නෙත් දිව ගියේ හය වෙනි පිටුවේ ඉහළින්ම තිබුනු හෙඩ් ලයින් එකට👇👇
“සය හැවිරිදි සිය පුත්‍රයා සමග ඇලේ නාන්නට ගිය දෙදරු මව කිඹුලාට බිලි”

“අනේ අම්මා……….”😭😭😭😭

දෑස් නිලංකාර කරගෙන මාව ඇදගෙන වැටෙද්දී ශෂීන්ද්‍ර මාව අල්ලා ගන්නවා පමණයි මට මතකයට තිබුනේ.යලිත් මා හට සිහිය එන විටදී මං සිටියේ නිවසේ මෙහෙකාරිය වූ සුමනාගේ ඔඩොක්කුව මතය.අඩලා අඩලාම මගෙ නෙත් කදුලින් තෙත් වී ගොසිනි.අනේ දෙයියනේ මගෙ රත්තරං අම්මා.මා සිහිමෙකින්වත් මෙවැනි දෙයක් බලාපොරොත්තු වූයේ නැත.😭😭පියා මිය ගිය දා පටන්ම ඇය මාත් මල්ලීත් හදා වඩා ගත්තේ සිය දෑස් මෙන් රැකගෙනය.තාත්තත් නැති මටයි මල්ලිටයි සිටියේ ඇය පමණි.මල්ලි…….. කෝ මගේ පුංචි මල්ලී.

“අනේ මගෙ මල්ලි.කෝ මගෙ චූටි මල්ලි?……….”😭😭

“සංජානා ඔයා කලබල වෙන්න එපා. ඔයාගෙ මල්ලි ගොඩාක් හොදින් ඉන්නවා……….”

ශෂීන්ද්‍ර එසේ කිව්වත් මගෙ හිතේ ඇති දුක මෙතෙක් යැයි කිව නොහැක. ආදරණීය අම්මාගේ මරණය මට කිසිසේත්ම දරාගත නොහැකි විය.හැඩූ කදුලින්ම මම දවස් ගානක්ම ගත කලෙමි.නොකා නොබී ඇඩුවෙමි.මගේ දුක නැති කිරීමට මා ලගින්ම සිටියේ නිවසේ මෙහෙකාරිය වූ සුමනා ය.

සති කිහිපයකට පසුව👇👇👇

මගේ මල්ලී කොළඹ ප්‍රධාන පෙලේ පෞද්ගලික පාසලක නේවාසිකව ඉගෙනුම ලබයි.ඔහු වෙනුවෙන් සියලූම වියදම් දරන්නේ ශෂීන්ද්‍රයි.එහෙත් මගේ හිතේ නම් ශෂීන්ද්‍ර වෙනුවෙන් ඇති තරහව කෝපය කවදාවත් නිවෙන්නේ නැත.ඔහු මාව මෙහි සිර කරගෙන මගේ ආදරය ඉල්ලයි.එය කවදාවත් ඔහුට ලැබෙන්නේ නැත.

“නෝනා කෑම ගෙනාවා………”

“මට ඕන්නැති කෑමක් නෑ.කරුණාකරලා ඕක මෙතනින් අරන් යන්න………”😠😠

මගේ එම විධානයෙන් සුමනා කෑම පිගාන රැගෙන කාමරෙන් ගියායා.මා කාමරේ දොරත් එලියට යන්න හදද්දී ශෂීන්ද්‍ර මගේ අතින් අල්ලා මා නැවැත්තුවේය.

“ඇයි සංජානා තමුසෙ මට මෙහෙම කරන්නෙ?තමුසෙගෙ හිතේ මං ගැන අඩුම තරමෙ අනුකම්පාවක්වත් නැද්ද?……..”

“නෑ නෑ නෑ.මට තමුසෙව පේන්න බෑ ශෂීන්ද්‍ර.මගෙන් ඈත් වෙලා ඉන්නවා………”😡😡

කෑ ගහලා වියරුවෙන් වගේ මං එහෙම කියද්දී ශෂීන්ද්‍ර කාමරෙන් ගියා.මෙහෙම ජීවත් වෙලා වැඩක් නෑ.මට ජීවිතේ නැති කරගන්න හිතුණු වාර අනන්තයි.ඒත් මං ජීවත් වුනේ මගෙ පුංචි මල්ලි ගැන හිතලා.ජීවිතේ අවශ්‍යම කාලෙදී එයාට අම්මගෙ ආදරේ අහිමි වුනා.තාත්තා ගැන මල්ලිට මතකයක් නෑ.දැන් මල්ලිට ඉන්නෙ මං විතරයි.මල්ලි හින්දයි මං ජීවත් වුනේ.

💚💚

හවස පහට විතර මං නාලා ටවල් එකත් ඇදගෙන කාමරේට ආවා.කණ්ණාඩි මේසෙ ගාව ඉදන් කොණ්ඩෙත් ගුලියක් කරලා ගැටගහගෙන ඉවර වෙද්දීම එකපාරටම කාමරේ දොර ඇරෙන සද්දයක් ඇහුනා.ඔලුව හරෝලා බලද්දී මං දැක්කෙ ශෂීන්ද්‍රව.මගෙ පපුවත් ගැහෙන්න ගත්තා.ශෂීන්ද්‍ර මං දිහා බලාගෙන හිටියේ පුදුමයත් ආසාවත් මිශ්‍ර වෙච්චි හැගීමකින්.

“කරුණාකරලා කාමරෙන් එලියට යන්න ශෂීන්ද්‍ර ප්ලීස්……….”😠😠

මං බියත් තරහත් කැටු වූ ස්වරයෙන් ඒ විදියට කිව්වත් ශෂීන්ද්‍ර කාමරෙන් ගියේ නෑ.මං ඇදුම් ටික අරන් ආපහු බාතෲම් එකට යන්න හැරෙද්දිම මං ඇදන් හිටපු ටවල් එකේ කොනක් කණ්ණාඩි මේසෙ ගහලා තිබ්බ ඇණේක පැටලිලා ටවල් එක කඩාගෙන බිමටම වැටුනා.මං ගොඩාක් බය වෙලා අසරණ වුනා.පාත් වෙලා ටවල් එක අරගෙන නිරුවත් වූ ළමැද වහගත්තා.ශෂීන්ද්‍ර පියවරෙන් පියවර මං ගාවට කිට්ටු වෙද්දී මාව ඉබේම පිටිපස්සට ගියා.

“අනේ පින් සිද්ද වෙයි ශෂීන්ද්‍ර මෙතනින් යන්න.අනේ යන්න.එන්න එපා මං ගාවට. මං කෑ ගහනවා……….”

මගේ කෑගැසීමත් බියත් මායිම් නොකල ශෂීන්ද්‍ර මාව බිත්තියට හේත්තු කර ගත්තා.එක් අතකින් ටවල් එක අල්ල ගත්තු මං අනික් අතින් ශෂීන්ද්‍රව අහකට තල්ලු කරන්න උත්සහ කරත් මගෙ උත්සය වතුරෙ ගියා.මගේ අත් දෙකම බිත්තියට තියලා තද කරලා අල්ල ගත්තු ශෂීන්ද්‍ර උමතුවෙන් වගේ මාව සිප ගත්තා.කොයි තරම් දැගලුවත් මට ඒ හැඩි දැඩි ශරීරයත් එක්ක ඔට්ටු වෙන්න බැරි වුනා.පුරා පැය කිහිපයක්ම සිය ආශාවල් බලහත්කාරයෙන් මගෙ සිරුරෙන් ඉශ්ට කර ගත් ශෂීන්ද්‍ර මාව අතහැර පැත්තකට වූයේය.වේදනාවත් දරාගෙන මං කොට්ටෙත් තුරුල් කරගෙන මහ හයියෙන් ඉකි බින්දා.මේ දේ කොයි වෙලේ හරි වෙයි කියලා මං බලාපොරොත්තු වුනා.ඒත් එදා ඩොක්ටර් සුධාර කිව්වෙ මං ශෂීන්ද්‍රට ආදරේ කරනකල් එයා මට මොකුත් කරන්නෙ නෑ කියලා.ඒත් අද ඒ දේවල් බොරුවක් වුනා.ඉවසගන්න බැරි තරම් වේදනාවක් මට දැනුනේ.මං කෑ ගහලා ඇඩුවා. බාතෲම් එකේ ඉදන් එලියට ආපු ශෂීන්ද්‍ර මං ගාවට ආවා.

“තමුසෙට ඕනි වුනේ මේ දේ කරගන්නනෙ.ඒකනෙ හැම තිස්සෙම මාව පිළිකුල් කරේ.මං ගොඩාක් ඉවසුවා සංජානා.ඒත් කවදාවත් උඹ මාව තේරුම් ගත්තෙ නෑ.මගෙ හිතේ උඹ වෙනුවෙන් මහ සාගරයක් තරම් ආදරයක් පිරිලා තියනවා.උඹට ඒක දැනෙන්නෙ නෑනෙ. මට ඕනි වුනේ උඹ කවදාහරි මගේ ආදරේ තේරුම් ගන්නකල් ඉන්න.ඒත් උඹ කවදාවත් මගෙ ආදරේ තේරුම් ගන්නෙ නෑ.ලෑස්ති වෙයන් හෙට මං උඹව කසාද බදිනවා………”😡😡

මගේ නිකට අල්ලන් එහෙම කියපු ශෂීන්ද්‍ර පැත්තක තිබුනු එයාගෙ ටීෂර්ට් එක ඇදගත්තා.සයනයේ තැවරී තිබුනු රුධිර පැල්ලම් දුටු ශෂීන්ද්‍ර කලබල වුනා.

“ඔයාට ගොඩාක් අමාරුද සංජානා?………”

මං ඔලුව වනලා ඔව් කිව්වා.ශෂීන්ද්‍ර ඊට පස්සෙ කාටදෝ මන්දා කෝල් එකක් ගත්තා.

“මං ගොඩාක් ඉවසුවා බං.ඒත් මං රහත් වෙලා නෑනෙ.මාත් හැගීම් දැනීම් තියන මනුස්සයෙක්.ඩොක්ටර් ශාරදීටවත් පොඩ්ඩක් එන්න කියපන්කෝ.සංජානා මෙතන මර ලතෝනි දීලා කෑ ගහනවා……….”📲

දුරකථනය විසන්ධි කරපු ශෂීන්ද්‍ර මං ගාවට ඇවිත් කබඩ් එක ඇරලා මට ඇදුමක් අන්දෝලා ඇදට වෙන ඇතිරිල්ලක් දැම්මා.මං හිටියෙ බගෙට පණ ගිහින් වගේ.ටිකක් වෙලා යද්දී ඩොක්ටර් ආවා.එයා මාව පරීක්ෂා කරනකල් ශෂීන්ද්‍ර එලියට වෙලා හිටියා. ඩොක්ටර් ශෂීන්ද්‍ර එක්ක මොනවා කතා කරාද කියලා මට ඇහුනෙ නෑ.ටිකක් වෙලා යද්දී මට නින්ද ගිහින් තිබුනා.

💚💚

පහුවදා ශෂීන්ද්‍ර රෙජිස්ටාර් කෙනෙක්ව නිවසට ගෙන්නුවා මාව කසාද බදින්න.

“මට තමුසෙව කසාද බදින්න බෑ ශෂීන්ද්‍ර. මං තමුසෙට කැමති නෑ………”

අඩාගෙනම මං එහෙම කිව්වා.ඒත් මගේ ඒ වදන් ශෂීන්ද්‍ර ගනං ගත්තෙ නෑ.මගෙ අතින් ඇදගෙන මාව සාලෙට එක්කන් ගියා.

“දැන් මනමාලි මං මේ කියන වාක්‍ය කියන්න………”

“මට බෑ මං මේකට කැමති නෑ………”

එහෙම කියලා මං කෑ ගැහුවා.ශෂීන්ද්‍ර මගෙ අතින් අල්ලලා තද කරලා එයා ගාවට ඇදලා ගත්තා.ශෂීන්ද්‍ර හිටියේ හොදටම කේන්තියෙන්.

“මගෙන් මැරුං නොකා මං කියන විදියට හිටපන් සංජානා……..”

“ඇයි මනමාලි මේ කසාදෙට කැමති නැද්ද මිස්ටර් ශෂීන්ද්‍ර?………”

රෙජිස්ටර් ශෂීන්ද්‍රගෙන් එහෙම ඇහුවා.

“ඔය මගුල් කියවන්න ඕන්නෑ.අතසන් කරපං.ඒ ඇති……….”

ගැහි ගැහී වෙව්ල වෙවල මං ඒ කොල වල අතසන් කරා.මට දැනුනේ මං ඒ අත්සන් කරේ මගේ මරණ සහතිකේට කියලයි. රෙජිස්ටාර් ගියාට පස්සෙ ශෂීන්ද්‍ර වාහනෙන් කොහෙදෝ මන්දා ගියා.

මං කාමරේට ගිහිල්ලා ඇදට වෙලා හොදටම ඇඩුවා.ඒ අඩන වාරයක් වාරයක් ගානෙම මං ශෂීන්ද්‍රට වෛර කරා.

“අක්කේ………”

ඇදේ වැතිරිලා ඉන්නකොට මට කාමරේ ලගින් කටහඬක් ඇහුනා.ඔලුව උස්සලා බලද්දී කාමරේ දොරකට හිටියෙ මගෙ පුංචි මල්ලි හසිත.

“අනේ දෙයියනේ මල්ලී.ඔයා….ඔයා කොහොමද ආවෙ?අනේ කොච්චර කාලෙකටද පස්සෙද මං ඔයාව දැක්කෙ?මගෙ චූටි මල්ලි හොදින් නේද?………”

මං මල්ලිව මගෙ පපුවට තුරුල් කරගෙන ඔලුව අත ගෑවා.

“අක්කෙ මේ මාමා හරිම හොදයි.එයා තමයි මාව ඉස්කෝලෙ යවන්නෙ.මට ගොඩාක් සෙල්ලම් බඩු චොක්ලට් අරන් දුන්නා………”

කට උල් කර කර එහෙම කියපු මල්ලි මට ශෂීන්ද්‍රව පෙන්නුවා ශෂීන්ද්‍ර මල්ලි ගාවට ඇවිත් එයාව වඩා ගත්තා.

“පුතා එහෙනම් මේ දවස් ටිකේ අක්කා ගාව ඉන්නකො.ඉස්කෝලේ පටන් ගන්න තව සතියක්ම තියනවනේ.සංජානා ඔයා මේ දවස් ටිකේ මල්ලිව හොදට බලා ගන්න.මෙතන එයාගෙ ස්කෝලෙ පොත් ටික ඇති……….”

එහෙම කියලා ශෂීන්ද්‍ර මල්ලිව මං ගාවින් තියලා කාමරෙන් ගියා.මල්ලි හිටියේ ගොඩාක් සතුටින්.ශෂීන්ද්‍ර අරන් දීපු චොක්ලට් එකක් මල්ලිගෙ අතේ තිබුනා.

මතු සම්බන්දයි