නොපැතූ ප්‍රේමයක්
💔ඊයේ රෑ වැහැපු වැස්සට මිදුල පුරාම හොදටම කොල රොඩු පිරිලා.ඉදල අරගෙන මුලු මිදුලම අතු ගාලා දැම්මා. එතකොටම මං දැක්කා අල්ලපු ගෙදර සිල්වා නැන්දයි ඇග්නස් ආච්චියි කඩුල්ල පැනලා මං ඉන්න දිහාවට එනවා.
“ආ….එන්න ගේ ඇතුලට.මං මේ කව්ද කියලා බැලුවේ……..”
“නෑ ගේ ඇතුළට එන්න ඕන්නෑ.මං මේ ආවේ ඔය ළමයට අවවාද කරලා යන්න. මල්ලිකා ඔය ළමයව පරිස්සම් කරේ ඇහැක් වගේ.කාගෙන්වත් කතාවක් අහගන්නෙ නැති විදියට ඔය ළමයව හැදුවා.ඒ අහිංසක ගෑනි මැරුනා විතරයි ඔය ළමයා මේ කරන දේ හරිද?……..”😠😠
මට හිතා ගන්න පුලුවන් වුනා සිල්වා නැන්දා මේ බනින්නෙ මොනවටද කියලා. ධනුෂ්කව ගමේ හැමෝටම වගේ ප්‍රශ්නයක් වෙලානෙ තිබ්බෙ.
“අනේ මං ගැන වැරදියට හිතන්න එපා නැන්දෙ.මං එහෙම ජරා කෙල්ලෙක් නෙවෙයි………”😥😥
“අපොයි ඒ ගැන කියලා මොකටද?අම්මා මැරුණා විතරයි රෑට රෑට මිනිහෙක් ගෙදරට එනවා.ඔය ළමයා මේ තරම් ජරා කෙල්ලෙක් කියලා අපි හිතුවෙ නෑ. වැදගත් විදියට හැදුනු අහිංසක කෙල්ලෙක් කියලා හිතලයි මගේ අම්මව රෑට තනියට එව්වෙත්.කරුණාකරලා මීට පස්සෙ කිසිම දේකට අපිට කතා කරන්න එපා……..”😠😠
මට බැනලා බැනලා ඒ දෙන්නම යන්න ගියා.ඇයි දෙවියනේ අම්මා තාත්තා නැති අසරණ මටම මෙහෙම වෙන්නෙ?මං මොන තරම් පව්කාරයෙක්ද?මේ ගමේ හැමෝම මාව ගණිකාවකගේ තත්වෙට ඇදලා දාලා.😢😢මීට වැඩිය හොදයි මාත් අම්මා ගිය ලෝකෙටම ගියා නම්.ගමේ කඩේට යන්න නෑ පාරෙ යන්න නෑ හැමෝම මට ඇනුම් පද කිය කියා බනින්න පටන් ගන්නවා.😢😢
“ඔය ඉන්නෙ දැන් පත්තිනි අම්මා වගේ තුක් නොදකින් මෙහෙමත් ජරා ගෑනු. අපේ ගෑනු දරුවෙක්වත් වැදගත් විදියට හදා ගන්න නෑ මේ වගේ අවලං වේ## යෝ හින්දා……..”😡😡
“තව ටික දවසකින් බලා ගන්න පුලුවන් වෙයි අවලමේ ගිහිල්ලා වැඩ වරද්දගෙන තියන හැටි………”😡😡
හැම තැනකින්ම පාහේ මගේ කනට ඇහෙන්නට පටන් ගත්තේ එවැනි වදන් ය.මගෙ හිතේ පත්තු වෙන ගින්දර නිවාගන්න ඇලට පැන්නත් බෑ. කල්පනාවෙ ඉදලම මං ධනුෂ්කට කෝල් එකක් ගත්තා.පළවෙනි පාර කෝල් එක ආන්සර් නොකරපු හින්දා දෙවනි පාරටත් ගත්තා.
“හෙලෝ……..”📲
ධනුෂ්ක කෝල් එක ආන්සර් කරේ අමාරුවෙන් වගේ.
“ධනුෂ්ක මං හර්ෂි……..”📲
“අනේ මැණික සොරි.ඊයෙ වැස්සට තෙමිලා තෙමිලා මට උණ වගේ.ඒ හින්දා අද නිවාඩුවක් දැම්මා.නින්ද ගිහින් හිටියේ……..”📲
උණ හැදිලා අමාරුවෙන් ඉන්නැද්දී මං කොහොමද මට තියන ප්‍රශ්න ධනුෂ්කත් එක්ක කියන්නෙ.
“අනේ ගොඩක් අමාරුයිද ධනුෂ්ක?මං එන්නද ඔයාව බලන්න……..”📲
“අනේ පුලුවන් නම් ලොකු දෙයක් හර්ෂි. තේ ටිකක් හදා ගන්න වතුර ටික ලිපේ තියාගන්න නැගිටගන්නවත් බෑ.මුලු ඇගම රස්නෙයි……..”📲
“මං ඉක්මනට එන්නම් ධනුෂ්ක.මට ඔයා එන පාර කියන්නකො……..”📲
ධනුෂ්ක කියපු ඇඩ්‍රස් එක මං කොලේක ලියා ගත්තා.උදේ උයපු කෑම වලින් බත් එකකුත් බැදගෙන මං ධනුෂ්කව බලන්න යන්න එලියට බැස්සා.
“කුමාරිහාමි අවලමේ යනවා වගේ. කොහේ හරි හෝටලේකට යනවා ඇති. වල් වේ### යෝ………”
මගින් මගට ඇහුනු ඒ කතා කිසිම දෙයක් අහන්නෙ නැතුව බස් එකේ නැගලා මං ධනුෂ්ක කියපු විදියටම පාර දිගේ ඇවිත් එයා කියපු ගේ හොයා ගත්තා. ගේට්ටුවෙන් ඇතුල් වෙලා ගිහින් දොරට තට්ටු කරා.
“කව්ද?……..”
ඇතුලෙ කාමරේකින් ධනුෂ්කගේ කටහඬ ඇහුනා.
“ධනුෂ්ක මං හර්ෂි………”
“එන්න හර්ෂි ඇතුලට……..”
මං දොර ඇරගෙන ගේ ඇතුළට ගියා.ඒ ගෙදර ගොඩාක් පිලිවෙලට පිරිසිදුවට තිබුනා.සාලෙ කැබිනට් එක උඩ ධනුෂ්කගේ චායා රූප කිහිපයක්ම තිබුනා.ඒ දිහා බලමින් මං ධනුෂ්ක හිටපු කාමරේට අඩිය තිබ්බා.ධනුෂ්ක හිටියේ බෙල්ල ගාවටම සීට් එක පොරවගෙනයි. ඇසුත් රතු වෙලා තිබුනා.ස්ටූල් එක උඩ බෙහෙත් කවර කීපයක්ම තිබුනා.
“වාඩි වෙන්න හර්ෂි……..”
බොහොම අපහසුවෙන් ධනුෂ්ක එහෙම කිව්වා.මං හෑන්ඩ් බෑග් එක පැත්තකින් තියලා ඇදෙන් වාඩි වෙලා ධනුෂ්කගේ නලලටයි බෙල්ලටයි අත තියලා බැලුවා. ඇග ගිනි කබල වගේ රස්නෙයි.
“ඔයාට ගොඩාක් උණ වගේ ධනුෂ්ක.අද පාන්දරත් ඔයා හොදට හිටියනේ එකපාරටම කොහොමද මෙහෙම උණ ගත්තෙ?………”
“ඊයෙ හවස ටිකක් ඔලුව කැක්කුම වගේ තිබුනා.ඒත් මං ඒක වැඩිය ගනං ගත්තෙ නෑ.පාන්දර ටිකක් උණ ගතිය තිබ්බා. ඇවිත් නෑවට පස්සෙ උණ වැඩි වුනා.ලග තැනකට ගිහින් බෙහෙත් අරන් ආවා……..”
“ඔයා කාලද ඉන්නෙ ධනුෂ්ක?……..”
“කන්න බෑ හර්ෂි.අප්පිරියයි……..”
“නොකා බෙහෙත් බොන්න හොද නෑ ධනුෂ්ක.මං බත් එකක් ගෙනාවා.චුට්ටක් හරි කමු.බෙහෙත් ටික බොන්නවත්……..”
කුස්සියට ගිහින් පිගානකුයි වතුර එකකුයි අරන් ඇවිල්ලා මං ධනුෂ්කට කවන්න පටන් ගත්තා.කටයි දෙකයි කෑවෙ.කටත් අල්ලගෙන බාතෲම් එකට දිව්වා.පිගාන පැත්තකින් තියලා මාත් බාතෲම් එකට දුවලා ගියා.ධනුෂ්කට හොදටම වමනෙ යනවා.මං ගිහින් පිටයි පපුවයි පිරිමැදලා මූණ කට හේදෙව්වා.
“අනේ අපි හොස්පිටල් එකට යමු ධනුෂ්ක.ඔයාට ගොඩාක් අමාරුයි වගේ. වෙව්ලනවත් එක්ක………”
මං ධනුෂ්කව අල්ලගෙන ඇවිත් ඇදෙන් තිබ්බා.ඇදුම් මාරු කරගන්න උදව් කරලා ටැක්සි එකකට කතා කරලා ධනුෂ්කව ප්‍රයිවට් හොස්පිටල් එකකට එක්කන් ආවා.
වෛද්‍යවරයා ධනුෂ්කව පරීක්ෂා කරලා බෙහෙත් වගයක් ලියලා දුන්නා.
“දවස් තුනක් ඇතුලත උණ තත්වෙ අඩුවක් නොවුනොත් මහත්තයව එක්කන් ඇවිල්ලා ලේ එකක් චෙක් කරලා බලන්න.මේ බෙහෙත් වලට අඩු වෙයි බය වෙන්න එපා.හොදට රෙස්ට් කරන්න. කාලා ඉවර වෙලා බෙහෙත් ටික බොන්න……..”
මං ධනුෂ්කව එක්කරගෙන ආවා.බත් කන්න අමාරු හින්දා මගදි පාන් ගත්තා. කුස්සියට ගිහින් ලුණු මිරිසක් හදලා අරන් ආවා.
“මේක ටිකක් හරි කාලා ඉන්න ධනුෂ්ක. බෙහෙත් ටිකවත් බොන්න……..”
බොහොම අමාරුවෙන් මං ධනුෂ්කට පාන් ලුණු මිරිස් එක්ක කවා ගත්තා.ඊට පස්සෙ බෙහෙත් ටික බොන්න දුන්නා. හෝදන්න තිබ්බ රෙදි ටිකත් හෝදලා වනලා ඉවර වෙලා මං කාමරේට ආවා. ධනුෂ්කට හොදටම නින්ද ගිහින්. බෙහෙත් වල සැරටම නින්ද යන්න ඇති. මං ටිකක් වෙලා ඒ මුහුණ දිහා බලාගෙන හිටියා.දැන් වෙලාව පහයි විස්සයි. ධනුෂ්කට නොකියා ගෙදර යන්න බෑනෙ. ඒත් රෑට ආයෙමත් උණ වැඩි වෙලා අමාරුවක් එහෙම වුනොත්.කාමරේ අතු ගාලා ඉවර වෙලා මං කම්මැලි හින්දා පුටුවක් උඩ වාඩි වෙලා හිටියා.මං ගෙදර නොගිහින් හිටියොත් අහල පහල ගෙවල් වල අය එක එක කතා හදයි.එහෙම හදන්න දෙයක් නෑනෙ.දැනටමත් මං ජරා කෙල්ලෙක් කියලා හංවඩු ගැහිලා ඉවරයිනෙ.හයට විතර මං ධනුෂ්ක ගාවට ගිහින් නලලටයි බෙල්ලටයි අත තියලා බැලුවා.දැන් නම් උණ ගොඩාක් අඩුයි වගේ.ඇගටත් දාඩිය දාලා.ධනුෂ්ක ඇස් ඇරලා මං දිහා බැලුවා.
“මං හිතුවෙ ඔයා ගිහිල්ලා කියලා……..”
“ඔයාට නොකියා යනවද එහෙම?දැන් උණ අඩුයිද ධනුෂ්ක?……..”
“දැන් නම් ඔලුවෙ බර ගතිය අඩුයි හර්ෂි. ඒ බෙහෙත් වලට හොද ගුණයක් තියෙයි වගේ.දැන් හයහමාරටත් කිට්ටුයි.මේ මහ රෑ වෙලා ඔයා ගෙදර යන්න එපා.හෙට උදේට මං ගිහින් දාන්නම්……..”
මං හා කියන්න ඔලුව වැනුවා.මට බයක් දැනුනෙ නෑ ධනුෂ්ක එක්ක ගෙදර ඉන්න. නීතිය ඉදිරියේ කොල කෑල්ලක අත්සන් කරලා දිවුරුම් නොදුන්නට ධනුෂ්ක දැන් මගේ සැමිය යි.
“ඔයාට රෑට කන්න මොනවද ඕනි ධනුෂ්ක?……..”
“ඔයාව……..”😁
“මොකක්?…….”
“මං විහිලුවක් කරේ මැණික.උණ ගතිය අඩු වුනාට කට තාම ගොඩාක් තිත්තයි……..”
“එහම කියලා බෑනෙ ඉතිං.මොනවහරි කන්න ඕනිනෙ බෙහෙත් බොන්න……..”
“එහෙනම් සැරට පොල් සම්බෝලත් හදලා රොටී හදලා දෙන්න.බත් නම් කන්න බෑ……..”
“හා මං හදලා දෙන්නම්……..”
මං කුස්සියට යන්න හැදුවා.ධනුෂ්ක මගෙ අතින් අල්ලලා මාව නතර කරා.
“ඊයෙ වෙච්චි දේවල් වලට මාත් එක්ක තරහයිද මැණික……..”
මං නිහඬවම බිම බලාගෙන හිටියා. ධනුෂ්ක මගෙ මුහුණ එයාගෙ පැත්තට හරව ගත්තා.
“මට සමාවෙන්න හර්ෂි……..”
“ඔයා සමාව ඉල්ලන්න එපා ධනුෂ්ක.ඒක සිද්ද වුනේ අපි දෙන්නගෙම කැමැත්තෙන්නෙ.මට ඔයාව විශ්වාසයි……..”
මං ධනුෂ්කගේ පපුවට ඔලුව තියාගත්තා. එයා මගෙ හිස පිරිමදින්න ගත්තා.
“දැන් මැණිකෙටත් උණ බෝ වෙයි……..”
“කමක් නෑ එතකොට ඔයාට ඉක්මනට සනීප වෙයිනෙ………”
“ආපහු මේනකගෙන් මොකුත් ප්‍රශ්නයක් ආවෙ නෑ නේද?……..”
“නෑ ධනුෂ්ක.මේනක කසාද බැන්දනේ. ඒ යකා ගෑනිට බයයි වගේ……..”😁😆
“මටත් එහෙම වෙයිද?……..”🤣😁
“ම්ම්ම් කියන්න බෑ එහෙම වෙයි වගේ……..”😁😉
“ඔයා මොකක් හරි ප්‍රශ්නෙකින් නේද ඉන්නෙ?මොකක්ද ප්‍රශ්නෙ?……..”
ටිකක් වෙලා කල්පනා කරලා ගමේ මිනිස්සු මං ගැන හදලා තියන කටකතා සේරම දේවල් මං ධනුෂ්කට කිව්වා.
“එයාලා හැමෝගෙම කටවල් ලගදීම වැහෙයි හර්ෂි.ඔයා බය වෙන්න එපා.අපි ඉක්මනටම මැරි කරමු.මේ මාසෙ අන්තිමට……..”
“එයාලා මට කරන අපහස සේරම මං දරාගෙන ඉන්නෙ ඔයාට තියන ආදරේ හින්දා ධනුෂ්ක.මං හීනෙකින්වත් හිතුවෙ නෑ ඔයා මට ආදරේ කරයි කියලා……..”
“ඔයා ගොඩක් අහිංසකයි මැණික.ඒ අහිංසක කමටම තමයි මගෙ හිත ගියේ………”
“හෙට වැඩට යන්න එපා.නිවාඩු දාලා ගෙදර ඉන්න……..”
“මං දවස් දෙකක් නිවාඩු දැම්මා හර්ෂි……..”
දින කිහිපයකට පසු👇👇👇👇👇
මේ මාසෙ අන්තිමට මායි ධනුෂ්කයි කසාද බදින්න හිටියෙ.ඒත් එකපාරටම මට ධනුෂ්ක ගැන කිසිම ආරංචියක් නැතුව ගියා.එයාගෙ ෆෝන් එකවත් වැඩ කරේ නෑ.දවස් දෙකතුනක් ගත වෙලා ගියා ධනුෂ්ක මට කතා කරේ නෑ. අන්තිමට මං ධනුෂ්කගේ ගෙදරට ගියා. ගිහින් ගේට්ටුවට තට්ටු කරා.ගේට් එක ඇරියෙ වයසක මනුස්සයෙක්.
“අ…මේ…..ධනුෂ්ක එදිරිමාන්න සර් ගෙදර ඉන්නවද?……..”
මං එහෙම ඇහුවම ඒ මනුස්සයා පුදුමයෙන් වගේ මං දිහා බැලුවා.
“මහත්තයා දැන් දවස් දෙකතුනකට වගේ කලින් රට ගියානෙ.මට යතුරු බාර දීලයි ගියේ……..”
අනේ දෙයියනේ😭😭මේ මොකක්ද සිද්ද වුනේ?ධනුෂ්ක රට ගියා??නෑ…..මට ඒක විශ්වාස කරන්න කොහෙත්ම බෑ.ධනුෂ්ක එහෙම තීරණයක් ගත්තා නම් මට කියනවා.එයා මාව දාලා කොහෙවත් යන්නෙ නෑ.මේක මොකක් හරු ලොකු බොරුවක්.මගෙ ඇස් දෙකෙන් කදුලු ගලාගෙන ගියා.😭😭මං ඒ වයසක මනුස්සයගෙන් තවත් විස්තර ඇහුවා.
“එහෙම වැඩි විස්තරයක් නම් කියන්න දන්නෑ නෝනා.මහත්තයා මට ගේ බාර දීලා රට ගියා.එච්චරයි මං දන්නෙ……..”
ඇස් දෙකෙන් වැටුනු කදුලුත් පිහදාගෙන මං පිස්සියෙක් වගේ ගෙදර ආවා.ධනුෂ්ක ගැන මොකුත් විස්තරයක් අහන්න කියලා කවුරුත්ම හිටියේ නෑ.මං පොලීසියට කෝල් කරලා බැලුවා.දැන් පොලීසියේ ඕඅයිසී විදියට හිටියේ වෙන කෙනෙක්.කොයි තරම් උත්සහ කරත් මට ධනුෂ්ක ගැන කිසිම විස්තරයක් හොයා ගන්න බැරි වුනා.ඇයි දෙයියනේ ඔයා මට මෙහෙම කරේ ධනුෂ්ක?😭😭මං ඔයාව මොන තරම් විශ්වාස කරාද?මගේ අම්මගෙන් පස්සෙ මං මේ ලෝකෙ කෙනෙක්ව විශ්වාස කරා නම් ඒ ඔයා විතරයි.😥😥ඔයා මගෙ විශ්වාසෙ කඩයි කියලා මං හීනෙකින්වත් හිතුවෙ නෑ.
මාස හතරකට පසු👇👇👇
මට ධනුෂ්ක ගැන කිසිම ආරංචියක් හොයා ගන්න බැරි වුනා.මාස තුනක බඩකුත් උස්සගෙන මං හැම තැනකම ඇවිද්දා.ගමේ මිනිස්සු හැමෝම මට හිනා වෙනවා.ධනුෂ්ක රට ගියා කියලා මට හිතා ගන්න බෑ.මගෙ හිත කියන්නෙම
කවදා හරි එයා මාව හොයාගෙන එයි කියලා.වත්තෙ වවන එළවළු පලතුරු ටික කඩාගෙන පොලට ගෙනිහිල්ලා විකුණලායි මං ජීවත් වෙන්නෙ.දරු පැටියා හින්දා ජීවත් වුනා මිසක් මට මැරෙන්නයි හිතිලා තියෙන්නෙ.
“ඔය කරගෙන තියෙන්නෙ.මං නම් හිතුවා ඔය ටික වෙයි කියලා.කාගෙද මන්දා ඔය දරුවා.අප්පා නැති අවජාතක දරුවෙක්……..”
ගමේ හැමෝගෙම කටවල් වලින් ඇහුනේ ඒ වගේ කතා.මං ඒ හැම දෙයක්ම විද දරාගෙන ජීවත් වුනා.අම්මා මැරුනට මගෙ ජීවිතේ විනාශ වුනා.එයා හිටියා නම් මට කවදාවත් මෙහෙම වෙන්නෙ නෑ.
මතු සම්බන්දයි