මං ඩොක්ටර්ගෙ ගෙදරට ඇවිත් දැන් මාස තුනක් විතර ඇති.ඩොක්ටර් මට ගොඩාක් හොදට සැළකුවා.එයා මට සැලකුවේ එයාගෙම සහෝදරියකට, දරුවෙකුට වගේ.ඒත් මගෙ හිත ඊට වඩා දෙයක් ඉල්ලුවා.මගෙ හිතේ ඩොක්ටර් සුධාර වෙනුවෙන් ආදරයක් ඇති වෙලා ඉවරයි.ඒත් මට ඩොක්ටර්ට ඒ ගැන කියන්න ශක්තියක් තිබ්බෙ නෑ.මගෙ හිත ඩොක්ටර් වෙනුවෙන් පිස්සු වැටිලයි තිබුනෙ.ඒ කටහඬට ඒ රූපයට ඒ ගතිගුණ වලට මං පිස්සුවෙන් වගේ ආදරේ කරා.ඒත් ඩොක්ටර් කවදාවත් මං දිහා ආදර හිතකින් බලලා නෑ.

“සංජානා………”

“සුධාර අයියෙ………”

ඩොක්ටර් මගේ කාමරේට ආවා.මගේ හිත අමුතු මිහිරකින් පිරුනා.ආදරෙයි කියලා නොකිව්වත් ඩොක්ටර්ගෙ මුහුණ දකින එක පවා මගේ හිතට සැනසීමක් දැනුනා.

“මට සංජානාත් එක්ක ටිකක් කතා කරන්න ඕනි.පොඩ්ඩක් එලියට එනවද?………”

“කමක් නෑ අයියෙ මෙතන ඉදන් කතා කරමු………”

ම්ං එහෙම කිව්වම ඩොක්ටර් මං ගාවින් වාඩි වුනා.එයා හිටියේ ගොඩාක් බර කල්පනාවකින්.

“මට ඔයාගෙ හිතේ තියන හැගීම් තේරුම් ගන්න පුලුවන් සංජානා.මාත් මනුස්සයෙක්.ඒත් මට කොහෙත්ම බැහැ ඔයාට අසාදාරණයක් කරන්න.මට ආදරේ කරන්න එපා සංජානා.මං දරුවො දෙන්නෙක් එක්ක තනි වෙච්චි මිනිහෙක්……….”

අනේ දෙයියනේ මොකක්ද මේ සිද්ද වෙන්නෙ?😭😭හා හා පුරා කියලා මගේ හිතේ උපන් පලවෙනි ආදරේ කොහොමද මං අමතක කරලා දාන්නෙ?මට ඩොක්ටර් සුධාරව අමතක කරන්න බෑ දෙයියනේ. මං ඒ උරහිසේ ඔලුව තියාගෙන හොදටම ඇඩුවා.ටිකක් වෙලා ගියාට පස්සෙ ඩොක්ටර් මාව අයින් කරලා ඇදෙන් නැගිට්ටා.

“මං ලබන මාසෙ මැරි කරනවා සංජානා.ඒ අපේ අම්මගෙ යාලුවෙකුගෙ දුවෙක්. වෙඩින් එකක් ගන්නෙ නෑ.අනුත්තරා මැරිලා තාම මාස හතරක් ගත වුනා විතරයි.මං මේ කසාදෙට කැමති වුනේ දරුවො දෙන්නා ගැන හිතලා.අමාෂි කියන්නෙ කවදාවත් අම්මා කෙනෙක් වෙන්න බැරි කෙනෙක්.එයා ඒ හින්දාම මගෙ දරුවො දෙන්නට පණ වගේ ආදරේ කරයි……….”

ඩොක්ටර් සුධාරගේ වචන මගෙ පපුවට පිහි පාරවල් අනිනවා වගේ මට දැනුනා. නොලැබෙන දේකට ආදරේ කරලා මං කර ගත්තෙ ලොකු වරදක්.මං කොහොමද දෙයියනේ ඩොක්ටර් සුධාරව මගෙ හිතින් අයින් කරලා දාන්නෙ?මගෙ පපුව පැලිලා මාව මැරෙයි.😭😭

“මට…..මට සමාවෙන්න සුධාර අයියෙ……..”😭🙏

“ඒකට කමක් නෑ සංජානා.තරුණ හිත් මේ වයසට එහෙ මෙහෙ යනවා තමයි. ඒත් ඔයා ආදරේ කරන්න ඕනි මට නෙවෙයි.එයා වෙන කෙනෙක්.එයා ඔයාට ගොඩාක් ආදරෙයි………”

මොකක්??ඩොක්ටර් සුධාර කවුරු ගැනද මේ කියන්නෙ?එයා හදන්නෙ මාව කාටහරි කසාද බන්දලා දෙන්නද?එයා ගැන හිතලා මං ජීවිතේ විනාශ කර ගනියි කියලා හිතලා මට හොද විවාහයක් කරලා දෙන්නද හදන්නෙ?

“සු…..සුධාර අයියා මොනවද මේ කියන්නෙ?මට මේ මොකුත්ම තේරෙන්නෙ නෑ………”

“මං තේරුම් කරලා දෙන්නම්.ඔයා…..ඔයා ශෂීන්ද්‍රව කසාද බදින්න ඕනි සංජානා………”⚡⚡

මොකක් ශෂීන්ද්‍ර කියන්නෙ මාව කිඩ්නැප් කරලා හිරකරගෙන හිටපු මිනිහා නේද? ඩොක්ටර් සුධාරට පිස්සුද මාව ආපහු ඒ මිනිහා ගාවට යවන්න හදන්නෙ?අනේ දෙයියනේ ඩොක්ටර්ට ආදරේ කරපු වරදට ඇයි මට මෙච්චර ලොකු දඩුවමක් දෙන්න හදන්නෙ?😥😥

“ප්ලීස් සුධාර අයියෙ මට එච්චර ලොකු දඩුවමක් නම් දෙන්න එපා.ඔයාට ආදරේ කරාට මට සමාවෙන්න.අනේ මාව ඒ තිරිසනා ගාවට යවන්න නම් එපා.මාව මරයි අයියෙ………”😭😭🙏

“සංජානා මං ඔයාව එයා ගාවට යවන්න හදන්නෙ ඔයා මට ආදරේ කරපු හින්දා නෙවෙයි.ඔයා මේ හැම දෙයක්ම තේරුම් අරන් තියෙන්නෙ වැරදි විදියට.කොටින්ම කියනවා නම් ශෂීන්ද්‍ර ඔයා හිතන් ඉන්න ජාතියෙ මනුස්සයෙක් නෙවෙයි.ශෂීන්ද්‍ර දැන් ජීවත් වෙන හැටි දැක්කා නම් ඔයා ඔහොම හිතන්නෑ………”

එහෙම කියලා ඩොක්ටර් සුධාර මට එයාගෙ ෆෝන් එකේ තිබිච්ච ෆොටෝ වගයක් පෙන්නුවා.ඒ ෆොටෝ වල හිටියෙ ශෂීන්ද්‍ර.ඌ හොදටම බීලා.මූණ පුරාම රැව්ල වැවිලා.කොණ්ඩෙත් වැවිලා.හරියට පිස්සෙක් වගේ.

“ශෂීන්ද්‍ර මෙහෙම ජීවත් වුනා කියලා ඒකට මං මොනවා කරන්නද සුධාර අයියෙ.ඔයාට මං මෙහෙ ඉන්න එක වදයක් නම් කියන්න මං කොහේ හරි යන්නම්.මට බෑ මේ තිරිසනා ගාවට යන්න………”😭😭

“සංජානා……😡😡සුධාර මෙහෙම විදවන්නෙ ඔයා හින්දා.ඌ ඔයාට පිස්සුවෙන් වගේ ආදරේ කරා.ඌ ඔයාව එදා ඔයාගෙ ගෙදරින් බලෙන් උස්සන් ආවෙ ඔයාගෙ අම්මගෙන් ඔයාව ඉල්ලුවට කවදාවත් අම්මා ඔයාව ඌට කසාද බන්දලා දෙන්න කැමති වෙන්නෑනෙ.මොකද ශෂීන්ද්‍ර ඔයාට වඩා අවුරුදු පහලවක් වැඩිමහල්.ආදරේට වයස බාධාවක් නෙවෙයිනෙ සංජානා……..”

ඩොක්ටර් සුධාර කතා කරේ කේන්තියෙන් වගේ.ඒත් ශෂීන්ද්‍ර මට ආදරේ කරා කියලා මට විශ්වාස කරන්න බෑ.මගෙ හිතේ ශෂීන්ද්‍ර ගැන තියෙන්නෙ වෛරයක්.😡😡😡😡😡😡😡😡😡😡

“මට කවදාවත් ශෂීන්ද්‍රට ආදරේ කරන්න බෑ සුධාර අයියෙ.මාසයක් තිස්සෙ ඌ මාව අර කාමරේ හිරකරගෙන හිටියා.ඒ මට තියන ආදරේටද?ඌ මහා ජරා මිනිහෙක්………”😭😡

“මාසයක් ඔයාව හිරගෙන හිටියා කියලා උගෙන් ඔයාට අබමල් රේණුවක තරම්වත් වර්දක් වුනාද?ඔයාගෙන් සැප ගන්න හිතාගෙන ඌ ඔයාව පැහැර ගත්තා නම් මාසයක් ඔයාට ඔහොම ඉන්න දෙන්නෑ.ඔයාට ඇත්තටම පිස්සු හැදිලා කියලා හිතලා ඌ ගොඩාක් බය වුනා සංජානා.මගෙ කකුල් දෙක ගාව වැටිලා ඇඩුවා ඔයාව සනීප කරලා දෙන්න කියලා.ඔයා හොස්පිටල් එකෙන් පැනලා ගියා කියලා දැනගෙන ඌ ජීවත් වුනේ පිස්සෙක් වගේ.හැමතැනකම ඌ ඔයාව හොයනවා.ඔයාව හිරකරගෙන තියාගෙන හිටියෙ ඔයාව මරන්න නෙමෙයි.කවදා හරි එයාගෙ ආදරේ ඔයා තේරුම් ගන්නකල් එයා ඔයාගෙ ඇගටවත් අත තියනෙකක් නෑ……..”

ඩොක්ටර් සුධාර මොනවා කිව්වත් මගෙ හිතේ ශෂීන්ද්‍ර ගැන නම් කවදාවත් ආදරයක් ඉපදෙන්නෙ නෑ.මං ඌට ගොඩාක් වෛර කරනවා.

“මට කවදාවත් ශෂීන්ද්‍රට ආදරේ කරන්න බෑ සුධාර අයියෙ.ආදරේ කියන දේ කවදාවත් බලෙන් ලබා ගන්න බෑ.මං මෙහෙන් යනවා………”

“මෙහෙන් කොහෙ යන්නද?ඔයාට ආපහු ගමට යන්න බෑනෙ.ශෂීන්ද්‍රට අහු නොවී ඔයාට යන්න තැනක් නෑ සංජානා.ප්ලීස් තේරුම් ගන්න ඔයාට කවදාවත් ශෂීන්ද්‍ර වගේ ආදරේ කරන කෙනෙක් ලැබෙන්නෙ නෑ.මං ඔයාව කොහොම හරි ශෂීන්ද්‍ර ගාවට යවන්න හදන්නෙ ඔයාට ලස්සන අනාගතයක් හදලා දෙන්න.ඔයා මට මගේම නංගි කෙනෙක් වගේ……….”

“එහෙනම් මට ශෂීන්ද්‍ර ගාවට යන්න කියන්න එපා සුධාර අයියෙ.මං ඌට වෛර කරනවා………”😡😡

“ඇයි ඔයා ශෂීන්ද්‍රට වෛර කරන්නෙ?ඔයා වෛර කරනවාට වඩා ඌ ඔයාට ආදරේ කරනවා.ඔයාව හොයා ගන්න බැරි වුනොත් ඌ මැරෙයි සංජානා……….”

“ඉතිං මැරිච්ච දෙන්………”

👋චටාස්…..
ඩොක්ටර් සුධාර අත දිගෑරලා මගෙ කම්මුලට ගැහුවා.ඊට පස්සෙ ටිකක් වෙලා මං දිහා බලාගෙන හිටියා.අත් දෙකෙන්ම ඔලුව අල්ලගෙන ඇදෙන් වාඩි වුනා.

“අ….අයැම් වෙරි සොරි සංජානා……….”

“ක…..කමක් නෑ සුධාර අයියෙ.ඇති තරම් මට ගහන්න.මං ඔයත් එක්ක තරහ නෑ……….”😭😭

කදුලු ගලන කම්මුලත් අල්ලගෙන මං අඩමින්ම එහෙම කිව්වා.

“තේරුම් ගන්න නංගී ශෂීන්ද්‍ර ඔයාව මලක් වගේ පරිස්සමට බලා ගනියි.උගෙ ආදරේ තේරුම් ගන්න.මට ඕනි ඔයාව ඌට ලස්සනට මනමාලියක් කරලා කසාද බන්දලා දෙන්න………”

“මට දැන්ම කසාද බදින්න බෑ සුධාර අයියෙ.තාම මට වයස අවුරුදු දහ අටයි………”

“ඔයා දන්නවද,අනුත්තරා මාව කසාද බදිද්දීත් එයාට අවුරුදු දහ අටයි………”

“මට බෑ අයියෙ ශෂීන්ද්‍රව කසාද බදින්න. මං එයාට කැමති නෑ………”

“ඔයා ගැන හිතලාම ඌ මැරෙයි.ඒ පාපෙන් නම් ඔයාට ලේසියෙන් ගැලවෙන්න බැරි වෙයි.දැනටමත් ඌ ඔයා ගැනම හිතලා බාගෙට මැරිලයි ඉන්නෙ……….”

“ඔයා කියන්නෙ මට ශෂීන්ද්‍ර ගාවට යන්නම කියලද?………”

ඩොක්ටර් සුධාරගෙ ඇස් දෙක දිහා බලාගෙන මං එහෙම ඇහුවා.

“ඔව් සංජානා………”

“හරි මං යන්නම් සුධාර අයියෙ………”

“ඔයා ඉක්මනටම ශෂීන්ද්‍රගෙ ආදරේ තේරුම් ගනියි නංගි.ඔයාලා දෙන්නට ලස්සනට ජීවත් වෙන්න පුලුවන්.මං දැන්මම ශෂීන්ද්‍රට කතා කරන්නම්………”

ශෂීන්ද්‍ර……😡😡මං උඹෙන් පලි ගන්නවා. උඹට කවදාවත් බෑ මාව උඹේ කසාද ගෑනි කරගන්න……😡😡😡

එදා මගෙ හිතේ ශෂීන්ද්‍රට තිබිච්ච බය වෙනුවට අද මගෙ හිතේ තියෙන්නෙ වෛරයක්.තරහක්.පලි ගැන්මක්.

“මං ශෂීන්ද්‍රට කතා කරලා වෙච්චි දේවල් ඌට පැහැදිලි කරලා දුන්නා.මට ඕනි කම තිබ්බෙ ඔයාව ලස්සන මනමාලියක් කරලාම ඌට බාර දෙන්න.ඒත් ඔයාට දැන්මම කසාද බදින්න බෑ කිව්වනෙ. ශෂීන්ද්‍ර ඔයා කැමතියි කියන දවසක ඔයාව කසාද බදියි.එතකක් ඌ ඔයාට මොකුත්ම කරනෙකක් නෑ………”

මගෙ ඔලුව අත ගාලා ඩොක්ටර් සුධාර එහෙම කිව්වා.

පැය දෙකක් විතර යනකොට ශෂීන්ද්‍ර ඩොක්ටර් සුධාරගෙ නිවසට ආවා. ඩොක්ටර් සුධාර මගෙ අතින් අල්ලගෙන පල්ලෙහාට ආවා.

“සංජානා…..මගෙ රත්තරං………”

ශෂීන්ද්‍ර මාව තද කරලා එයාගෙ පපුවට තුරුල් කර ගත්තා.විනාඩි දෙකතුනක් විතර ගෙවෙන්න ඇති.මාව අතෑරපු ශෂීන්ද්‍ර එයාගෙ අත් දෙකෙන්ම මගෙ මුහුණ අල්ල ගත්තා.

“මං උඹට මගෙ පණටත් වඩා ආදරෙයි මගෙ රත්තරං.ආයෙ නම් මාව දාලා යන්න එපා………”


ශෂීන්ද්‍ර මාව කලින් හිටපු ගෙදරටම එක්කන් ආවා.එදා බයෙන් වෙව්ලපු මම අද වෙව්ලුවේ වෛරයෙන් තරහින්.😡😡

“ආයෙ මාව දාලා යන්නෙ නෑ නේද රත්තරං………”

කාමරේට ආපු ගමන්ම මගෙන් ශෂීන්ද්‍ර එහෙම ඇහුවා.

“නෑ මං උඹව දාලා යන්නෙ නෑ.ජීවිතේ තියෙනකල් උඹෙන් පලි ගන්නවා.උඹේ හිතේ තියන දේවල් කවදාවත් ඉශ්ට වෙන්නෙ නෑ ශෂීන්ද්‍ර.මං උඹට ආදරේ නෑ……….”😡😡😡

මතු සම්බන්දයි✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️

ළමායි බනින්න එපා ඉතිං මට ඩොක්ටර්ට සංජානාව අයිති වෙන්න දුන්නෙ නෑ කියලා.කතාවක පොඩි පොඩි ප්‍රශ්න තිබ්බෙ නැත්නම් කුතුහලයක් තිබ්බෙ නැත්නම් ලස්සනකුත් නෑනෙ. කමක් නෑ ඔයාලා කැමති දෙයක් කියන්න මං තරහා නෑ