අම්මගේ මරණෙ සිද්ද වෙලා මාසයක් ගත වෙලා ගියා.බාහිර ලෝකයට අම්මගේ මරණය කෙමෙන් කෙමෙන් අමතකව ගියත් මට එය කිසිදාවක අමතක කල නොහැක.මට මෙලොව සිටි එකම වස්තුව ඇයයි.අම්මාට,තාත්තාට, නෑදෑයෙකුට,සහෝදර සහෝදරියකට කියා මට සිටියේ අම්මා පමණකි.ඇය මගේ ලෝකයේම රැජින වී සිටියාය. ජීවිතයේ මට ආ සියලූම බාධා වලදී ඇය මට ශක්තියක් වූවාය.අද ඒ ශක්තිය මට සදාකාලිකවම අහිමිව ගොස් අවසානය. ඉතිං දැන් මේ ජීවන සටනට මා තනිවම මුහුණ දිය යුතුය.
රැකියාවක් නොකර මා හට ජීවත් විය නොහැකිය.එහෙත් දැන්මම රැකියාවක් කිරීමට හිත හදා ගැනීමට අමාරුය.මට නිතරම මගෙ රත්තරං අම්මාව සිහිපත් වේ.ඇය කුස්සියේ ආහාර පිසිනා හැටි මිදුල අතුගාන හැටි රෙදි සෝදන හැටි මට මැවි මැවි පෙනේ.ඒ උත්තරීතර මව් සෙනෙහස මගෙන් දුර ඈතට ගොස් ඇත. කුස්සියට ගොස් බත් උයා පොල් සම්බෝලයක් සෑදූ මා ගේ අස් කර අතු ගෑවෙමි.අම්මා මිය ගිය පසු රස බොජුන් සාදා කෑමට මට සිත දුන්නේ නැත. කුසගින්න නිවා ගන්නට ලුණුයි බතුයි වුවද මට සෑහේ.
රෑට බත් කෑ පසු මා නිදා ගන්නට සූදානම් වූයෙමි.එක්වරම කවුරුන් හෝ දොරට තට්ටු කරන සද්දයක් ඇහුනු නිසා මා දොර ළගට ගියෙමි.අද ඇග්නස් ආච්චිත් නැති නිසා මසිතට තිගැස්මක් ඇති වූයේ මේ මහ රෑ කවුරුන් කවුරුන්ද පැමිණියේ කියාය.
“කව්ද?…….”
“මේ….මම…….”
“කව්ද මම කියන්නේ?……..”
“දොර අරින්න……..”
මට බියක් දැනුනි.මා තනිවම සිටින බව දැන කවුරුන් හෝ රස්තියාදුකාරයෙක් පැමිණෙන්නට ඇත.මා දොර අරින පාටක් නොමැති නිසා ඒ පුද්ගලයා දොර කඩන්නට මෙන් දොරට ගැසුවේය.බිය වූ මා කුස්සියට දුව ගොස් මන්නා පිහිය අතට ගත්තෙමි🔪.මා එය රැගෙන දොර අසලට දුව එද්දී එලියේ උන් දොර කඩා නිවස තුලට පැන්නේය.
“දෙයියනේ මේනක……..”
එහෙනම් මෙච්චර වෙලා දොරට තට්ටු කරේ මේනකද?තව මාසයක් තියෙද්දී මූ කොහොමද නිදහස් වුනේ?මේනක හිටියේ හොදටම බීමත්ව කියලා මට පෙනුනා.අනේ දෙයියනේ මේනක ඇවිත් තියෙන්නේ මට කරදර කරන්නද?😭😭 ගොදුරකට ඉව අල්ලන කොටියෙකු සේ මේනක මා ලගට කිට්ටු වුනා.අතේ තිබූ මන්නය ඉදිරියට ගත් මා,
“හොද හිතින් බැහැපිය වනචරයා එලියට.අම්මපා මං උඹට මේ මන්නෙන් කෙලින්න කලින් පලයන් මෙතනින්. අම්මත් නැති මට උඹට කොටලා හිරේ යන එක අමාරු වැඩක් නෙවෙයි………”😡😡
හිතුවෙවත් නැති විදියට මගේ ඒ වචන වලට මේනක මෙල්ල වුනා.බීමතින් වෙරි වෙලා හිටපු මේනක හොදටම බය වුනා මං ඌට මන්නෙන් කොටයි කියලා.
“උඹ…..උඹ එකක් හොදට මතක තියා……. ගනිං හර්ෂි.මං උඹව හොයාගෙන එනවා. උඹට බෑ…..උඹට බෑ මේ මේනකගෙන් බේරිලා ඉන්න………”
වෙරිමර ගාතේ එහෙම කියපු මේනක එහෙම කියලා මිදුලට බැහැලා ගියා. අල්ලපු ගෙදර අංකලුයි ඇන්ටියි අපේ ගෙදරට ඉක්මනට දුවලා ආවා.මං එයාලට වෙච්චි දේවල් කිව්වා.
“දුව යමු අපේ ගෙදර.ගෑනු ළමේකුට තනියම ඉන්න අමාරුයි…….”
මං එදා රෑ ඒ ගෙදරට ගියා.මගේ ජීවිතේ තියෙන්නෙ ලොකු අනතුරක.කොයි වෙලේ හරි මේනකගෙන් මට අනතුරක් වෙයි.මං හිටියේ ගොඩාක් බයෙන්.
දින කිහිපයකට පසු👇👇👇
මේනක කිහිප වතාවක්ම මගේ ගෙදරට ඇවිත් මට තර්ජනේ කරා.ඉවසලා බැරිම තැන මං පොලීසි ගියා.මේනක හිරේ ගියත් ඉක්මනට නිදහස් වෙලා ආවා. මේනකගේ තාත්තයි අම්මයි දෙන්නම මට තර්ජනේ කරා මේනකට විරුද්ධව පොලීසියට ගියොත් මගේ ගෙදරට ගිනි තියනවා කියලා.අනේ දෙවියනේ මං විදින දුක ඔබ වහන්සේට පේන්නෙ නැද්ද?😭😭
ඕඅයිසී ධනුෂ්ක මහත්තයා කිහිප වතාවක්ම ගෙදර ඇවිත් මගෙ දුක සැප හොයලා බලලා ගියා.ඒකත් ගමේ මිනිස්සුන්ට ප්‍රශ්නයක් වෙලා තිබ්බා. අම්මා මැරුනට පස්සෙ දුව රෑට රෑට මිනිස්සුන්ව ගෙදරට ගෙන්න ගන්නවා කියලා මේනකලාගෙ ගෙදරින් ගම පුරාම බොරු කට කතා හදලා තිබ්බා.මං ඒ හැම දෙයක්ම ඉවසගෙන දරාගෙන ජීවත් වුනා.ධනුෂ්ක සර් අපේ ගෙදරට එන්නේ රෑ හතට විතර වගේ.පොලීසියේ ඩියුටි ඕෆ් වෙලා ගෙදර ගිහිල්ලා එයාගෙ පෞද්ගලික වාහනෙන් අපේ ගෙදරට ආවේ.රෑ වෙලා එන නිසා ඒ ධනුෂ්ක සර් කියලා කවුරුවත්ම දන්නෙ නෑ.මට සර්ට කියන්නත් බෑ මෙහෙ එන එක නවත්තන්න මට මිනිස්සුන්ගෙන් කතා අහන්න බෑ කියලා.ඒත් මාව හිරෙන් නිදහස් කරගන්න සර් කොයිතරම් කැප වුනාද?එහෙම උදව් කරපු කෙනෙක්ට මං කොහොමද ගෙදරට එන්න එපා කියලා කියන්නේ?
අම්මගේ තුන්මාසෙන් දානෙ ගමේ පන්සලට ගිහින් දුන්නා.ඒ හැම දේකටම මට ධනුෂ්ක සර් ගොඩාක් උදව් කරා.මට හිතා ගන්න බැරි වුනා ධනුෂ්ක සර් මං වෙනුවෙන් මේ තරම් වෙහෙසෙන්නෙ කියලා.සමහර විට මට වගේම එයාටත් දෙමව්පියෝ දෙන්නම නැති හින්දා වෙන්න ඇති.
අම්මා නැතිවෙලා මාස හතරක්ම ගෙවිලා ගියා.මං තීරණය කරා රස්සාවක් කරන්න.ටව්මෙ ගාමන්ට් ෆැක්ට්‍රි එකක රස්සාවක් හොයාගන්න පුලුවන් වෙයි. ධනුෂ්ක සර් ගෙදර ආපු වෙලාවෙ මං ඒ ගැන ධනුෂ්ක සර්ට කිව්වා.
“ඔයා ජොබ් එකක් කරන්න ඕන්නෑ හර්ෂි. මං ඔයාට වියදමට සල්ලි දෙන්නම්……..”
ධනුෂ්ක සර් කොහොමද මගේ ජීවිතේ ගැන මෙහෙම තීරණ ගන්නෙ?අනික මං කොහොමද ගෙදරට වෙලා ධනුෂ්ක සර්ගෙ සල්ලි වලින් කකා බිබී ඉන්නෙ?
“එපා සර්.මට ඒක හැමදාම කරන්න බෑනෙ.ජීවත් වෙන්න නම් රස්සාවක් කරන්නම ඕනි.මහ ලොකු රස්සාවක් නැතුවට කමක් නෑ.ජීවත් වෙන්න පුලුවන් පඩියක් ලැබෙන රස්සාවක් කරන්න ලැබුනොත් ඇති………”
මං එහෙම කිව්වම ධනුෂ්ක සර් ටිකක් වෙලා කල්පනා කරන්න පටන් ගත්තා.
“මං දෙයක් කියන්න හර්ෂි මං ගැන වැරදියට හිතන්නෙ නෑ නේද?මීට කලින් මේ ගැන කියන්න හිතුවත් හර්ෂි හිටපු මානසිකත්වය උඩ මෙහෙම දෙයක් කියන එක හරි නෑනෙ……..”
“කමක් නෑ කියන්න සර්……..”
“මං කැමතියි හර්ෂිව කසාද බදින්න…….”
⚡⚡අනේ දෙයියනේ ධනුෂ්ක සර් මොනවද මේ කියන්නේ?මං කවදාවත් ධනුෂ්ක සර්ගෙන් මෙහෙම දෙයක් බලාපොරොත්තු වුනේ නෑ.මං හිතුවෙ සර් මගෙ දුක සැප හොයලා බලන්නේ මාත් සර් වගේම දෙමව්පියෝ නැති තනි වෙච්චි කෙනෙක් හින්දා කියලා.
“අනේ සර්….මං….මං කවදාවත් සර්ගෙන් මෙහෙම දෙයක් බලාපොරොත්තු වුනේ නෑ.මං….මං අම්මා තාත්තා නැති අසරණ කෙල්ලෙක් සර්……..”😥😥
“ඉතිං මටත් ඒ කවුරුත්ම නෑනෙ හර්ෂි. ඔයයි මායි දෙන්නම කාත් කවුරුවත්ම නැති තනි වෙච්චි දෙන්නෙක්.අපි දෙන්නට එකතු වෙන්න කාගෙන්වත් බාධාවක් ඇති වෙන්නෙ නෑ.ඔයා අසරණ වෙලා ඉන්න වෙලාවෙ මං ඔයාව කොටු කරගන්න හදනවා කියලා හිතන්න එපා. මට ඒ දේ කරගන්න උවමනාවක් තිබ්බා නම් මීට කලින්ම කරගන්නවා.මට ඔයා ගැන මුලින්ම ආදරයක් ඇති වුනේ එදා අම්මගෙ මිනිය බලන්න ඔයාව ගෙදරට එක්කන් ආපු පලවෙනි දවසෙදිමයි.එදා ඔයා බිම වැටිලා අඩපු හැටි දැකලා මගෙ පපුවට මොකක්ද වුනා වගේ දැනුනා. අම්මගෙ තුන්මාසෙ දානෙ දෙනකලුයි හිටියෙ මං මේ ගැන ඔයාට කියන්න……..”
“අම්මගෙ මරණෙ මට අමතක කරන්න බෑ සර්.ඒ මරණෙ උණුසුම යන්නත් කලින් මං කොහොමද ආදරයක් ගැන හිතන්නෙ?……..”
“අත් වැල් පටලගෙන පාරවල් වල පාක් වල බීච් වල ඇවිදින්න යන්න මං ඔයාට කතා කරේ නෑ හර්ෂි.අපි දෙන්නම එකම විදියට තනි වෙලා.ගෑනු ළමේකුට මේ සමාජෙ තනියෙම ජීවත් වෙන්න අමාරුයි. අපි ඉක්මනටම කසාද බදිමු.මං ඔයාට කාගෙන්වත් කරදරයක් වෙන්න ඉඩ තියන්නෙ නෑ………”
🌺🌺
දින කිහිපයක් ගත වුනා.මං ධනුෂ්ක සර්ගෙ යෝජනාවට කැමති වුනා.එයා මට ගොඩාක් ආදරේ කරා.කවදාවත් මට අයුතු යෝජනාවල් කරේ නෑ.පාර්ක්,බීච් යන්න කතා කරේ නෑ.අම්මගේ මරණෙන් පස්සේ මගේ ජීවිතේට ටිකක් හරි සැනසීමක් ගෙනාවේ ධනුෂ්ක සර්.
ධනුෂ්ක සර් සතියකට දෙවතාවක් විතර අපේ ගෙදර ආවා.හැබැයි ඒ රෑ වෙලා.ඒ ඇවිත් මාත් එක්ක ගොඩාක් වෙලා කතා කර කර ඉන්නවා.කතා කරලා රෑට කාලා ඉවර වෙලා යනවා.අම්මගේ මරණෙන් පස්සේ තනිවෙලා ජීවත් වෙච්චි ජීවිතේ ගැන බයෙන් හිටපු මට ධනුෂ්ක සර්ගෙන් ලොකූ ආරක්ෂාවක් ලැබුනා.
මේ අවුරුද්දේ අන්තිමට මායි ධනුෂ්ක සරුයි කසාද බදිනවා.අම්මා නැතිවෙලා තාම මාස මාස අටක් වුනා විතරයි.ඒ හින්දා ලොකුවට වෙඩින් එකක් ගන්න ඕන්නෑ කියලා මං ධනුෂ්ක සර්ට කිව්වා. එයා ඒකට කැමති වුනා.
හවස් වෙලා මං මිදුල අතුගාලා දාලා නාගන්න හදනකොටම ලොකූ වැස්සක් වැස්සා.ඒ හින්දා වැස්සෙම නා ගත්තා.හත විතර වෙද්දී නාගෙන කුස්සිය පැත්තෙන්ම ගෙට ඇවිත් වතුර කේතලේ ලිපේ තියලා කාමරේට ගියා ඇද ගන්න. එවලෙම කව්දෝ මන්දා දොරට තට්ටු කරලා කතා කරන සද්දයක් ඇහුනා. වැස්සෙ සද්දෙ වැඩිකමට කව්ද කියලා මට ඇහුනෙ නෑ.මං ඉක්මනට ඇදුමක් ඇදගෙන ගිහින් දොර ඇරියා.
“ධනුෂ්ක සර්………”
ධනුෂ්ක සර් හොදටම තෙමිලා නාගෙන ගේ දොරකඩ වෙව්ලමින් හිටියා.
“සර් ඉක්මනට ගේ ඇතුලට එන්න. දෙයියනේ ඇයි මේ හොදටම තෙමිලා?කෝ වාහනේ නෙවෙයිද ආවෙ?………”
“කාරෙක බ්‍රේක් ඩවුන් වෙලා ගරාජ් එකට දැම්මා හර්ෂි.කුඩයක්වත් ගෙනාවෙ නෑ. මාව හොදටම තෙමුනා……..”
“ඉන්න සර්.මං සර්ට ටවල් එකක් ගෙනත් දෙන්නම්………”
මං ටක්ගාලා කාමරේට දුවලා ගිහින් ටවල් එකක් ගෙනත් දුන්නා.
“ඉක්මනට පිහදාගන්න ඔයා හොදටම තෙමිලා.මේ…….සර්ට ඇදගන්න දෙන්න මෙහෙ ඇදුම් නෑනෙ………”
“ඒකට කමක් නෑ හර්ෂි.මෙහෙ අයන් එකක් තියෙයිද?………”
“ආ ඔව්………”
“එහෙනම් මගෙ කලිසමයි ටී ෂර්ට් එකයි දෙන්නම්.අයන් කරලා දෙනවද?මං එතකල් මේ ටවල් එක ඇදගෙන ඉන්නම්……….”
“හා සර්.මං සර්ට කෝපි එකක් හදාගෙන එන්නම්………”
මං කුස්සියට ගිහින් කෝපි එකක් හදලා ධනුෂ්ක සර්ට ගෙනල්ලා දුන්නා.
“ආ මේක අයන් කරලා දෙන්නකො………”
මං කාමරේට ගිහින් ඒ කලිසමයි ටී ෂර්ට් එකයි අයන් කරා.හොදටම තෙත හින්දා ඇදුම හරියට වේලුනේ නෑ.
“සර්…..මේක වේලෙන්න ගොඩාක් වෙලා යයි.ගොඩාක් තෙතයිනෙ.සර් දැන් ගෙදර යන්නෙ කොහොමද?කාරෙකත් උදේනෙ ගන්න වෙන්නෙ.දැන් යන්න ගියොත් හොදටම තෙමෙයි………”
“අද මං මෙහෙ ඉන්නද?……….”
ධනුෂ්ක සර් මගෙ කනට කරලා ඒක අහපු විදියට මගෙ ඇගත් එක්ක හිරි වැටිලා ගියා.පිරිමියෙක් එක්ක එක රැයක් මං කොහොමද තනියම ගෙදර ඉන්නෙ. ඒත් මට ධනුෂ්ක සර් ගැන අවිශ්වාසයක් ඇති වුනේ නෑ.එයා මට ගොඩාක් ආදරෙයි.අපි මේ අවුරුද්දේ අන්තිමට කසාද බදින්නනෙ ඉන්නෙත්.ඒත් මගෙ හිත අමුතු බියකින් වැහිලා ගියා.ඒක බියක්ද ලැජ්ජාවක්ද කියලා හිතා ගන්න බැරි වුනා.
“ඇයි……හර්ෂි කැමති නැද්ද මං අද මෙහෙ
ඉන්නවට?ඔයාට මාව අවිශ්වාසද?……..”
“අ….අනේ නෑ සර්.මට සර්ව මටත් වඩා විශ්වාසයි……..”
“මං ගොඩාක් ආදරෙයි මැණික ඔයාට………”😚
ධනුෂ්ක සර් මාව එයාගෙ නිරුවත් පපුවට තුරුල් කර ගත්තා.තාමත් එලියෙ හොදටම වහිනවා.🌧️🌧️⛈️
“මාත් ගොඩාක් ආදරෙයි සර්ට………”
“මට දැන් ඔය සර් කියන කෑල්ල අයින් කරලා ධනුෂ්ක කියලා විතරක් කතා කරන්න හර්ෂි.මං කැමති එහෙම කතා කරනවට……..”
“ඉන්න මං කෑම අරන් එන්නම්……..”
කෑම කාලා ඉවර වෙනකොට රෑ අටහමාර විතර වුනා.තාමත් එලියෙ හොදටම වැස්ස.පව් මට ධනුෂ්ක ගැන ගොඩාක් දුක හිතුණා.සීතලට එයාව වෙව්ලනවා. මගේ ඇදුම් අදින්න බෑනෙ එයාට.මං කබඩ් එක ඇරලා ලොකු බෙඩ්ශීට් එකක් අරන් ධනුෂ්කට දුන්නා.
“මං දැන් නිදා ගන්නෙ බිමද මැඩම්?………”😁😉
“න්…..නෑ ඇදෙන් නිදා ගන්න………”
එදා රෑ අපි අතර ගොඩාක් දේවල් සිද්ද වුනා.අපි දෙන්නගෙන් කාටවත්ම හැගීම් වලට වහල් නොවී ඉන්න බැරි වුනා.උදේ පාන්දර ඇහැරෙද්දී ඇදේ අනික් පසින් ධනුෂ්ක මගේ පපුව උඩින් එයාගෙ අතකුත් දමාගෙන එක් කකුලක් මගේ බඩ මැද්දෙන් දමාගෙන මාවත් තුරුල් කරගෙන නිදාගෙන හිටියා.මං හිමිහිට ඒ කකුලයි අතයි අයින් කරලා ඇදුමත් හදාගෙන ඇදෙන් නැගිට්ටා.වෙච්චි දේවල් ගැන දුක් වෙලා අඩලා පලක් නෑ.ඒ හැම දෙයක්ම සිද්ද වුනේ අපි දෙන්නගෙම කැමැත්තටනෙ.ඒත් මට ගොඩාක් දුක හිතුණා.
කුස්සියට ගිහින් වතුර ලිපේ තියලා තේ හැදුවා.තාම එලිය වැටිලා නෑ.එලිය වැටෙන්න කලින් ධනුෂ්කට කතා කරලා යවන්න ඕනි.කවුරු හරි දැක්කොත් එහෙම හොද නෑනෙ.දැනටමත් මේ ගමේ මිනිස්සු මං ගැන ගොඩාක් නරක විදියට හිතන්නේ.තේ එකක් හදාගෙන මං කාමරේට ආවා.ධනුෂ්ක තාමත් නිදි.
“ධනුෂ්ක……ධනුෂ්ක………”
දෙතුන් පාරක් කතා කරලා මං ධනුෂ්කව ඇහැරව ගත්තා.මට ඒ මුහුණ දිහා කෙලින් බලන්න බැරි මොකක්දෝ මන්දා නුහුරු හැගීමක් දැනුනා.මං බිම බලාගෙනම හිටියා.ධනුෂ්ක නැගිටලා මං ගාවට කිට්ටු වෙලා මගේ නිකටෙන් අල්ලලා ඉස්සුවා.මගෙ ඇස් දෙකට කදුලු පිරුනා.
“මට සමාවෙන්න රත්තරං.මං ඔයාගෙ ජීවිතේ වටිනාම දවසක් උදුර ගත්තා.මේ දේවල් මීට වැඩිය ලස්සනට වෙන්න තිබුනා.මං ගැන හිතේ වෛරයක් තියා ගන්න එපා මැණික.අවුරුද්දේ අන්තිම වෙනකල් ඉන්න ඕන්නෑ.අපි ඉක්මනටම කසාද බදිමු……..”
මාව ඒ පපුවට තුරුල් කරගෙන ධනුෂ්ක එහෙම කිව්වා.මං ධනුෂ්කට තේ එක දීලා එයාගෙ ඇදුම් දෙක ගෙනත් දුන්නා.තේ බීලා ඉවර වෙලා ධනුෂ්ක යන්න ලෑස්ති වුනා.
“මං ගිහින් එන්නම් මැණික.පරිස්සමින් ඉන්න……..”
මගේ නලල සිපගෙන ධනුෂ්ක ගියා. නොපෙනෙන දුර යනතෙක් බලා සිටි මම කාමරේට ආවා.උදේට උයන්නත් හිතුණෙ නෑ.ඇද අස් කරන්න හිතාගෙන සීට් එක අතට ගනිද්දී එහි කොනක තිබූ රත් පැහැ ගැන්වී තිබූ සලකුණු දුටු මගේ නෙතට කදුලක් ඉනුවා.
මතු සම්බන්දයි