.

දීප්‍ති…මෙයාව ගිහින් කූඩුවට දාන්න………”

ඕඅයිසී මහත්තයගේ විධානය අනුව එම පොලිස් කාන්තාව මාව රැගෙන ගොස් කූඩුවට දමා දොර වැසුවාය.ඒ සිමෙන්ති පොලව මත වාඩි වී මා කදුලු සැලුවා.මහා හයියෙන් ඉකි බිද කෑ ගසා නොඇඩුවත් මගේ හදවත වේදනාවෙන් හඩා වැලපෙන්නට වුනා.මට මතක් වුනේ අම්මව.ඇග්නස් ආච්චි අම්මව බලා ගනියි.ඒත් එයා කොහොමද අම්මට බෙහෙත් දෙන්නෙ?තෙල් ගාන්නෙ?අනේ මගෙ අම්මා මං නැතුව ගොඩාක් දුකින් අඩ අඩා ඇති.දුප්පත් අපිට කවදාවත් නීතියෙන් සාදාරණයක් නම් ඉශ්ට වෙන්නෙ නෑ.මේනක වගේ සල්ලි කාරයන්ගේ බලය ඉස්සරහ නීතියත් දෙකට නැවෙනවා.ඒ රාත්‍රිය පුරාම මගෙ මනස පුරාම මැව්නේ මගෙ රත්තරං අම්මව.අනේ දෙවියනේ ඔබ වහන්සේටවත් පේන්නැද්ද මට වෙලා තියන අසාදාරණය.😥😥

සීතලේ ගැහි ගැහී මං ඒ රාත්‍රිය පුරාම නිදි වර්ජිතව කල්පනා කරා.මට නින්ද ගියේ පාන්දර යාමයේ.උදේ නවයට විතර මට ඇහැරුනේ අර පොලිස් කාන්තාවගේ කටහඩින්.ඇස් දෙක පොඩි කර කරම මං නැගිට්ටා.නපුරු දුෂ්ඨ බවක් වෙනුවට ඒ පොලිස් කාන්තාවගේ මුහුණේ තිබුනේ අනුකම්පාවක සේයාවක්.

“ඔයාට ඕඅයිසී මහත්තයා කතා කරනවා. එන්න මාත් එක්ක………”

ඉතාම කාරුණිකව මට එලෙස කියූ ඇය මගේ අතින් අල්ලගෙන ඕඅයිසී මහත්තයා ඉන්න කාමරේට එක්කන් ගියා.පෙරදා මට ඉතාමත් සැරෙන් කතා ඇයගේ මේ හදිසි වෙනස් වීම ගැන මට හිතා ගන්න බැරි වුනා.ඒ ගැන මං වැඩිය හිතන්න ගියේ නෑ.

“ඔයාගෙ නම මොකක්ද කිව්වෙ?……..”

පෙරදා මට තමුසෙ,තමුං යැයි ආමන්ත්‍රණය කර ඔහු අද මට ඔයා යැයි ආමන්ත්‍රණය කිරීම ගැන මට මහත් පුදුමයක් ඇති වුනා.සමහර විට මේනකගේ ඇත්ත තත්වෙ ගැන මෙයාලා හොයාගෙනද?🤷🤷

“හර්ෂි මන්දාරා………”

“මේකයි හර්ෂි ඔයා හිතන්න එපා අපි ඔයාට මෙහෙම හොදින් කතා කරන්නෙ ඔයා නිදහස් වෙලා එහෙම කියලා.ඔයා තාම නිදහස් වෙලා නෑ.දීප්ති….මෙයාව ගෙදර එක්කන් ගිහින් ආපහු එක්කන් එන්න.මං කියපු විදියට වැඩ ටික කරන්න……..”

එම පොලිස් කාන්තාවට එහෙම කියූ ඕඅයිසී මහත්තයා කාටදෝ මන්දා දුරකතනයෙන් කතා කරා.මොනවද මේ සිද්ද වෙන්නෙ?ඇයි මෙයාලා මාව ගෙදර එක්කන් යන්නෙ?අනේ දෙයියනේ මගෙ අම්මට මොකක් හරි කරදරයක්ද?අනේ එහෙම නම් වෙන්න එපා.මගේ අහිංසක අම්මව දෙවියොම රකින්න ඕනි.🙏🙏මං එම පොලිස් නිළදාරිනියගෙන් කෙතරම් විමසුවත් මාව ගෙදර එක්කන් යන්නෙ ඇයි කියලා එයා මට මොකුතම කිව්වෙ නෑ.කිහිප වතාවක්ම මං එහෙම ඇහුවත් ඇය කේන්ති ගත්තෙවත් නෑ ඒ වෙනුවට ඇය සිනහ වී නිශ්ශබ්දව සිටියා පමණයි. පොලිස් ස්ථානයේ මිදුලේ පිහිටි ජීප් රියට මාව නැංවූ ඇයද මා අසලින්ම වාඩු වූවා. එවිටම ඕඅයිසී ධනුෂ්ක මහත්තයා පැමිණ ඉදිරිපස අසුනට ගොඩ වූවා. විනාඩි කිහිපයකින් පසුව ජීප් රිය ඉදිරියට ඇදෙන්නට වුනා.අවට වටපිටාවෙ කිසිම දෙයක් මට නොපෙනුනේ ජීප් රියේ දොර වැසූ නිසාවෙනි.පැයක් පමණ ගත වූ විට ජීප් රිය නතර කෙරුනි.මගෙ අතින් අල්ලාගෙන රියෙන් බිමට බැස්ස පොලිස් නිළදාරිනිය අනුකම්පාවකින් මං දිහා බැලුවා.ඇයගේ දෑස් වලින් මිදුනු මා මාගෙ නිවස දෙසට නෙත් යොමු කරා. නිවස ඉදිරිපිට වැටේ එල්ලා තිබූ බැනර් එක දුටු මගේ හිස මතට අකුණක් වැදුනා සේ දැනුනා.එහි තිබුනේ “මල්ලිකා ප්‍රේමරත්න මහත්මියට නිවන් සැප ලැබේවා”යනුවෙනි😭😭අනේ දෙයියනේ මගෙ
රත්තරං අම්මා😭😭එක් වරම නිවස තුලට දුවගිය මාගේ නෙත් වලට අසු වූයේ සාලයේ හරි මැද්දට වන්නට පිහිටි මගෙ රත්තරං අම්මාගෙ නිසල සිරුර තැන්පත් කල මිනී පෙට්ටියයි.😭😭මොකක්ද දෙයියනේ මේ සිද්ද වුනේ?අනේ අම්මා…….😭😭අම්මාගේ නිසල සිරුර අසල බිම වැතිරී මා මහ හයියෙන් ඇඩුවා.කෙතරම් හයියෙන් කෑ ගසමින් පපුවට ගසමිම්න් ඇඩුවත් අම්මාගේ මුව තුල රැදි මදහස බිදක්වත් වෙනස් වූයේ නැත.අසල්වැසි කාන්තාවක් පැමිණ මාව නැගිට්ටවා ඇයගේ පපුවට හේත්තු කර ගත්තා.

“දැන් ඇඩුවා කියලා පලක් නෑ රත්තරං දුවේ.ඔයාව පොලීසියෙන් අරන් ගිහින් විනාඩි දහයක් ගෙව්නේ නෑ.අම්මගෙ හුස්ම ටික ගියා.අඩන්න එපා දුවේ.ඔයාට අපි ඉන්නවා………”😢😢

මාව සනසන්නට ඇය කෙතරම් දේවල් පැවසුවත් මගේ හිතේ තිබූ දුක පහව ගියේ නෑ.තාත්තත් නැති මට මේ ලෝකෙ හිටියෙ මගෙ අම්මා විතරයි.අද ඉදන් ඒ ශක්තියත් මට නෑ.තාත්තා නැති ගෙදර මාව හදා ගන්න මගෙ රත්තරං අම්මා මොන තරම් දුකක් විදින්න ඇත්ද?😭😭 කිහිප වතාවක්ම මා ක්ලාන්තය වී ඇද වැටුනි.අද ඉදන් මං මේ ලෝකෙ තනි වෙනවා නේද?😭😭අනේ මගේ අම්මේ මාවත් ඔයා ගාවට ගන්න අම්මෙ😭😭

“මාව මේ ලෝකෙ තනි වුනා නැන්දෙ.මට හිටියෙ මගෙ අම්මා විතරයි.දැන් එයත් මාව දාලා ගියා……..”😭😭

“අපි දැන් යමු………”

පොලිස් කාන්තාව මගෙ අතින් අල්ලගෙන එලියට යන්න හැදුවා.අනේ මගෙ අම්මව දාලා යන්න බෑ කියලා මං බිම වැටි වැටි හොදටම ඇඩුවා.අවසන් වතාවට මගේ ආදරණීය අම්මාගේ දෙපා අල්ලා වැන්ද මා එම පොලිස් නිළදාරිනිය සමග පොලිස් ස්ථානයට ඒමට පිටත් වුනා.ජීවිතයම කඩන් වැටී අවසන්‍ ය.මට දැන් මාගේ කියා කිසිවෙක් මිහිපිට නැත. ජීවිතයේ උන් ලොකුම හයිය මගෙන් යලි කිසිදු දිනක ලගා නොවන තරමටම ඈත් වී ගොස් අවසානය.අම්මාව මතක් වන වාරයක් වාරයක් පාසා මගේ පපුව පිච්චී අලු වී යයි.😢😢

දින දහයකට පසුව👇👇👇👇

අම්මාගේ අවසන් කටයුතු අසල්වාසීන්ගේ උදව් උපකාර ඇතුව සිදු කෙරුනි.පොලිස් නිළදාරිනියක් සමග මට අම්මාගේ අවසන් කටයුතු වලට සහභාගී වීමට අවස්ථාව උදා විය.

අද මාගේ නඩු දිනයයි.මං දන්නවා මාව නිදහස් කරන්න මං වෙනුවෙන් කතා කරන්න කවුරුවත්ම දැන් නැහැ.නිහඬව

උසාවි භූමියට ඇතුල් වූ මා ඔහේ සිටියෙමි.මේනක වෙනුවෙන් ලෝයර් කෙනෙකු පෙනී සිටියේය.මා වෙනුවෙන් කිසිම කෙනෙකු නොසිටී නිසා මා නිහඬව බිම බලාගෙන සිටියෙමි.😱😱අදහන්න…..මගේ සිතට දැනුනේ දැඩි පුදුමයකි.මා වෙනුවෙන් පෙනී සිටි ලෝයර්වරයා ඉතා දක්ශ අන්දමින් කතා කරේය.මේනකගේ සියලූම වැරදි උසාවිය ඉදිරියේදී ප්‍රකාශ කල ඔහු මා නිවැරදි බව ඔප්පු කරේය.නඩුව අවසානයේදී මා නිදහස් වූ අතර මේනක මාස දෙකක් රක්ෂිත බන්ධනාගාර ගත විය.උසාවි භූමියෙන් පිටතට පැමිණි මා වටපිට බැලුවෙමි.මා වෙනුවෙන් කතා කල ලෝයර්වරයා උසාවි භූමියේ සිටිනවා මම දුටුවෙමි.මා ඉක්මනින් ඔහු වෙත දුව ගියෙමි.

“මහත්තයා,ඔබතුමාට ගොඩාක් පිං මං වෙනුවෙන් කතා කරාට…….”

මං ඔහු ඉදිරියේ දණ ගසා ඒ දෙපා අල්ලා වැන්දෙමි.ඔහු මගෙ උරහිසින් අල්ලා මාව නැගිට්ටවූයේය.

“දැන් ඔයා නිදහස්නෙ හර්ෂි.අම්මට සිද්ද වෙච්චි දේ ගැන අපිට ගොඩාක් කණගාටුයි.දැන් ඒ මත්තෙම හඩා වැටෙන්නෙ නැතුව හොදින් ජීවත් වෙන්න බලන්න.දැන් පරිස්සමින් ගෙදර යන්න…….”

නැවතත් ඔහුට ස්තූති වන්ත වූ මා එන්නට සැරසුනි.

“ආ පොඩ්ඩක් ඉන්න…….”

“ඇයි මහත්තයා?…….”

ඔහු මා අසලට පැමිණියේය.

“ඔයා දන්නෑනෙ ඔයා වෙනුවෙන් වෙනුවෙන් කතා කරන්න කියපු කෙනා.එයා ඔයාව බේර ගන්න ගොඩාක් මහන්සි වුනා…….”

“අනේ…..ඒ කව්ද මහත්තයා?…….”

“එයා තමයි ඕඅයිසී ධනුෂ්ක එදිරිමාන්න…….”

“මොකක්?……..”

මට හිතාගන්න බැරි වුනා ඕඅයිසී මහත්තයා මාව නිදහස් කරගන්න උත්සහ කරා කිව්වම.

“ඔව් හර්ෂි.ඔයා වැරදි නෑ කියලා දැන ගත්තට පස්සෙ ධනුෂ්ක ඇවිත් මාත් එක්ක කතා කරා.ඔයා ගැන හැම විස්තරයක්ම මට කිව්වා.එයා නිවාඩු දාලා මාව හොයාගෙන නුවරඑළියටම ආවා ඔයා ගැන මාත් එක්ක කතා කරන්න…….”

මට ඕඅයිසී මහත්තයා ගැන ඇති වූයේ පුදුමයකි.මටත් නොකියා මා නිදහස් කර ගැනීමට ඔහු විශාල උත්සහයක් ගෙන ඇත.මා ඔහු ගැන සිතා සිටියේ වැරදියටය .මා සිතුවේ ඔහු පගාවට යට වූ නිළදාරියෙක් කියාය.නැත…ඔහු අවංක පොලිස් නිළදාරියෙකි.

“අනේ මහත්තයා ඕඅයිසී මහත්තයට කියන්න මං එයාට ගොඩාක් ස්තූති කරා කියලා.මට ඕඅයිසී මහත්තයා එක්ක කතා කරන්න ඕනි.ඒත් රාජකාරි වෙලාවෙදි කතා කරන එක හොද නෑනෙ…….”

“ඒකට කමක් නෑ හර්ෂි.මං ධනුෂ්කට කියන්නම්.ඔයා ගෙදර යන්න……..”


දින එකොළහකට පසුව මා නිවසට පැමිණියෙමි.නිවසේ සෑම තැනකින්ම පාහේ මට දැනෙන්නට වූයේ අම්මාගේ ජීවන සුවදමය.අම්මා මං ගාවින්ම ඉන්නවා යයි මට දැනේ.කාමරයේ අම්මා සිටි ඇද මත මා වාඩි වූයෙමි.එය බෙහෙවින් වෙනස් වී ඇත.අහල පහල උදවිය නිවස අස්පස් කරන්නට ඇත.අදින් පසුව මා මේ නිවසේ සදහටම තනි වේ. යලිත් කිසිම දිනෙක මගෙ දුවේ කියා මා අමතන්නට මගෙ රත්තරං අම්මා එන්නේ නැත.මා මේ තනිකමට පුරුදු විය යුතුය.

කුස්සියට ගොස් කේතලය ලිප තබා වතුර උණු කර තේ ටිකක් බිවු මා ළිදට ගොස් නා ගත්තෙමි.එවිටම වාගේ අල්ලපු ගෙදර ඇග්නස් ආච්චී කෑම පිගානක් රැගෙන මා අසලට පැමිණියේය.

“දුව ආවා කියලා මට අපේ දුව කිව්වා.මං මේ දුවට බත් එකක් අරන් ආවා.කාලා ඉන්න දුවේ…….”

“ආච්චිට ගොඩාක් පිං.දවස් ගානකට පස්සෙ අදයි වතුර එකක් ලිපේ තිබ්බෙ. මේ හැම දෙයක්ම මට හීනයක් වගේ. අම්මා නැති පාලුව මට දර ගන්න බෑ…….”😥😥

හිස් අහස දෙස බලා ශෝකය මුසු කටහඩින් මා එලෙස පැවසූවෙමි. ඇග්නස් ආච්චි මා සමග නිවස තුලට පැමිණියාය.

“දුවගෙ තනියට මං රෑට මෙහෙ ඉන්නම්. තරුණ ගෑනු දැරිවියකට තනියම ඉන්න දෙන්න හොද නෑ……..”

✍️✍️✍️

දින කිහිපයක් ගත වුවත් මං ඔහේ කල්පනා කරමින් නිවසට වී උන්නෙමි. මොනවා කරන්නද කියා සිතා ගැනීමටවත් මට නොහැකි විය.සවස් යාමයේ මිදුල අතු ගා මා නිවසේ පඩිය උඩට වී උන්නෙමි.කාරෙකක් වත්තට ඇතුල් වනු දුටු මා නැගිට ඒ දෙස විපරම් කලෙමි.එහි ඉදිරිපස දොර විවෘත කර පැමිණි පුද්ගලයාව මට එක්වරම අදුනා ගැනීමට අසීරු විය.ඒ ඔහු අව් කණ්ණාඩි පැලද සිටි හෙයිනි.එය ගැලවූ පසු නම් මා ඔහුව අදුනා ගත්තෙමි.ඒ පොලීසියේ ඕඅයිසී මහත්තයා වූ ධනුෂ්ක එදිරිමාන්න මහතාය.බඩු මලු කිහිපයක් රැගෙන මගේ අවසරයකින් තොරවම ඔහු නිවස ඇතුලට ගොස් ඒ බඩු මලු කිහිපය පුටුවක් උඩින් තැබුවේය.

“වාඩි වෙන්න සර්…….”

“ඉතිං කොහොමද හර්ෂි?…….”

“ඔහේ ඉන්නවා සර්…….”

“මං දන්නවා හර්ෂි ඉන්නේ ගොඩාක් දුකින් කියලා.හිත හදාගන්න දරුවො.මං අම්මා ගැන අහලා ඔයාගෙ හිත පාරවන්නෙ නෑ.මේ ලෝකෙ කවුරුවත් අමරණීය නැහැ.අපි හැමෝටම දවසක මේ හැම දෙයක්ම දාලා යන්න වෙනවා…….”

“මට හිටියෙ අම්මා විතරයි සර්.දැන් මං තනිවුනා.රස්සාවක් කරන්නවත් හිත හදාගන්න අමාරුයි.හැම වෙලේම මට අම්මව මතක් වෙනවා…….”

“මටත් තියෙන්නෙ ඔය දුකමයි හර්ෂි. මටත් අම්මයි තාත්තයි දෙන්නම නෑ.මාත් ඔයා වගේම කාලයක් දුක් වින්දා.අන්තිමට කොහොම හරි කට්ට කාලා මෙච්චර දුරක් ආවා…….”

“මං සර්ට තේ එකක් හදාගෙන එන්නම්…….”

කුස්සියට ගිහින් තේ එකක් හදාගෙන මං සර්ට දුන්නා.

“දැන් හර්ෂි මොනවද කරන්න බලාපොරොත්තු වෙන්නෙ?ජොබ් එකක් කරනවද?…….”

“හිත හදාගෙන දැන්ම රස්සාවකට යන්න අමාරුයි සර්.තව ටික දවසක් මෙහෙම ඉදලා රස්සාවක් හොයාගන්නවා……..”

“ඔයා ගෙදර ඉන්නෙ තනියමද?……..”

“රෑට ඇග්නස් ආච්චි එනවා.ඒ හින්දා බයක් නෑ සර්……..”

“උවමනාවක් වුනොත් මට කතා කරන්න මේ මගෙ නම්බර් එක.ආ…මේ සල්ලි ටික තියා ගන්න……..”

මං එපාම කියද්දී බලෙන්ම වගේ ධනුෂ්ක සර් මගෙ අතට රුපියල් විසිදාහක් දීලා ගියා.

මතු සම්බන්දයි

Advertisment