කල්පනා කරලා කරලා මං පුංචි පොටක් පාද ගත්තා මෙතනින් පැනලා යන්න.මගෙ ඒ ප්ලෑන් එක හරි ගියොත් මේ මිනිහාම මාව මට ඕනි තැනටම ගිහින් දායි.ඒත් එකපාරටම ඒ වැඩේ කරන්න බෑ.ටිකෙන් ටික තමයි කරන්න ඕනි.දැන් සුමනා මට උදේ කෑම ගෙනෙයි. එතකොට වැඩේ පටන් ගන්න ඕනි. එහෙම හිතලා විනාඩි පහක් ගියේ නෑ. සුමනා මට උදේ කෑම අරන් ආවා. නොදන්න විදියට මං බිම ඉදගෙන කබඩ් එකේ ඉරි අදින්න වුනා.
“නෝනා කෑම ගෙනාවා………”
ඒත් මං හැරිලා බැලුවේ නෑ.සුමනා මං ගාවට ඇවිත් මගෙ උරහිසට අත තිබ්බා.
“එපා මගෙ ඇගට අත තියන්න.මං ඔයාත් එක්ක තරහම තරහයි………”👎👎
කොන්ඩෙත් කඩාගෙන පොඩි එකෙක් වගේ මං එහෙම කියද්දී සුමනාගෙ මුහුණ අමුතු වුනා.
“ඇ…..ඇයි නෝනට මොකද මේ වෙලා තියෙන්නෙ.එන්න කෑම කන්න………”
ඊට පස්සෙ සුමනා කෑම පිගාන අරන් මගෙ අතට දුන්නා.මං පිගාන දිහා පිස්සු කෙල්ලෙක් වගේ හිනා වෙලා බලලා බත් ඇට එකින් එක අහුලලා කාලා බිමට දැම්මා.දැන් නම් සුමනා හොදටම බය වෙලයි ඉන්නෙ.සුමනාට දැන් හිතෙනවා ඇති මට ඇත්තටම පිස්සු හැදීගෙන එනවා කියලා.මං බත් එක දිහා බල බල හිනා වෙවී බත් ටික අත දෙකෙන්ම අනලා බිමට දැම්මා.සුමනා බය වෙලා කාමරෙන් දිව්වා.මේ පිස්සු ඇක්ටින් එක දිගටම කරන්න ඕනි.සුමනා දැන් අනිවාර්යයෙන්ම අර මිනිහාට කියයි මට පිස්සු කියලා.මට එකපාරටම හිතුණා ඒ මිනිහා මේ කාමරේ කොහෙ හරි සීසීටීවි කැමරා හයි කරලා මං දිහා බලාගෙන ඉන්නවද දන්නෑ.ඒ හින්දා හැම වෙලේම පිස්සු වගේ ඉන්න ඕනි.විනාඩි කිහිපයක් යද්දී සුමනා ඒ මිනිහත් එක්ක කාමරේට ආවා.මාව දැකලා ඒ මිනිහා පුදුම වුනා. කිසිම වෙනසක් නොකර මං අර පිස්සු ඇක්ට් එකම කරා.අප්පිරියාවෙන් වුනත් බිම වැටිලා තියන බත් මං අත් දෙකෙන්ම අරන් කෑවා.
“මං කිව්වෙ බොරුද මහත්තයා.මේ නෝනගෙ මොලේ හොද නැති වීගෙන එනවා.ඒකයි මේ.දැන් මාසයක් තිස්සෙ මේ කාමරේ හිර වෙලා වගේනෙ හිටියෙ……..”
සුමනා එහෙම කිව්වත් ඒ මිනිහා මං දිහා බැලුවෙ සැකෙන් වගේ.මට බය හිතුණා මං කරන්නෙ බොරුවක් කියලා අහුවෙයිද කියලා.ඒත් මං උත්සහය අත් හැරියෙ නෑ.ටිකක් වෙලා මං දිහා බලාගෙන හිටපු ඒ මනුස්සයා බිමට නැවිලා මං දිහා බලාගෙන හිටියා.මං හී……හී……කියලා පොඩි එකෙක් වගේ හිනා වුනා.එකපාරටම ඒ මිනිහා මගෙ කම්මුලට පාරක් ගැහුවා.මං කම්මුල අල්ලගෙන ඒ බත් ගොඩේම බිම වැතිරිලා දගල දගල ඇඩුවා.
“මහත්තයා අපි දැන් මොකද කරන්නෙ?………”
සුමනා හිටියෙ නම් හොදටම බය වෙලා. ඒ මනුස්සයා මාව අල්ලලා බිම වාඩි කෙරෙව්වා.මං පොඩි එකෙක් වගේ ඇඩුවා.
“ඕ…මයි ගෝඩ් මේකිට නම් ඇත්තටම පිස්සු වගේ.සුමනා ඔයා ගිහින් ඩොක්ටර් සුධාරට කෝල් කරන්න………”
“හා මහත්තයා……….”
දෙයියනේ ඩොක්ටර් කෙනෙක් ගෙන්නුවොත් මං කරන්නෙ බොරුවක් කියලා අහු වෙයිනෙ.අනේ දැන් මං මොකද කරන්නෙ?😫😫මං හිටියෙ හොදටම බයෙනුයි.
“මහත්තයා ඩොක්ටර් දැන් එයි………”
“මේ ටික අස් කරලා මෙයාගෙ ඇදුම් මාරු කරවන්න………”
“හා මහත්තයා………”
සුමනා කාමරේ අස් කරලා මගෙ ඇදුම් මාරු කෙරෙව්වා.ඩොක්ටර් ආවම හොද අඩව්වක් අල්ලන්න වෙයි.නැත්නම් මට මෙතනින් පැනලා යන්න බැරි වෙයි.
විනාඩි පහලවක් විතර යද්දී ඩොක්ටර් කාමරේට ආවා.ඩොක්ටර්ව දැක්කට පස්සෙ මං බයෙන් වගේ පැනලා සුමනාගෙ පිටි පස්සෙ හැංගුනා.
“මොකද වුනේ මිස්ට ශෂීන්ද්‍ර?………”
එහෙනම් මේ මිනිහගෙ නම ශෂීන්ද්‍ර ද?කියන්න අවශ්‍ය දේ කෙටියෙන් ඒ මිනිහා ඩොක්ටර්ට කිව්වා.හැබැයි මාව ගෙනාවෙ බලෙන් කියලා කිව්වෙ නෑ.
“මෙ…මෙයා කව්ද?……..”
මං පුංචි එකෙක් වගේ කට උල් කර කර සුමනා නැන්දගෙන් ඇහුවා.
“මේ…..මේ දොස්තර මහත්තයා………”
සුමනා මාව පුටුවෙන් වාඩි කෙරෙව්වා. මාව නම් හොදටම වෙව්ලනවා.ඩොක්ටර් දැනගත්තොත් මං කරන්නෙ බොරුවක් කියලා…මට මොනවා වෙයිද?😫😫ඩොක්ටර් මාව චෙක් කරා.මං ඩොක්ටර්ගෙ වෙද නලාව ඇදලා විසික් කරා.අර මිනිහයි සුමනායි හොදටම කලබල වුනා.
“කලබල වෙන්න එපා මිස්ටර් ශෂීන්ද්‍ර. මෙයාව ඉක්මනට මෙන්ටල් හොස්පිටල් එකට ඇතුල් කරන්න.මේ විදියට ගියොත් මෙයා සුවිසයිඩ් කරගන්න වුනත් පුලුවන්.ලෙඩේ ගොඩාක් දරුණු වෙලා තියෙන්නෙ.ලොකු මානසික පීඩනේකට මෙයා අහුවෙලා තියෙන්නෙ.දැන්මම මෙයාව මෙන්ටල් හොස්පිටල් එකට මෙයාව එක්කන් යන්න……….”
“මයි ගෝඩ්.හරි ඩොක්ටර් මං දැන්මම එක්කන් යන්නම්………”
“ඉන්න මං මෙයාට ඉන්ජෙක්ෂන් එකක් දෙන්නම්.ඒකට මෙයාට පැය දෙක තුනක් නින්ද යයි………”
නින්ද යන්න විතරක් නම් ඉන්ජෙක්ෂන් එකක් දුන්නට කමක් නෑ.නැත්නම් මට ඇත්තටම පිස්සු නැති හින්දා මොනවා වෙයිද දන්නෑ ඉන්ජෙක්ෂන් ගහලා.💉
ඩොක්ටර් මට ඉන්ජෙක්ෂන් එකක් ගැහුවා.ඊට පස්සෙ මොනවා වුනාද කියලා දන්නෑ.
ආපහු මට සිහිය එනකොට මං හිටියෙ හොස්පිටල් එකේ ඇදක් උඩ.මං ගාවින්ම ඩොක්ටර් සුධාරත් හිටියා.අර ශෂීන්ද්‍ර කියන මිනිහයි සුමනායි හිටියෙ නෑ. සමහර විට එයාලා එලියෙ ඇති.ඇදෙන් නැගිටලා මං ආපහු අර පිස්සු මොංගල් ගතිය ඇගට ගත්තා.
“මිස්ට ශෂීන්ද්‍රයි ඒ සවන්ට් ගෙදර ගියා. ඔය රගපෑවා ඇති.දැන් ඕක නවත්තනවා………”
අනේ දෙයියනේ ඒ කියන්නෙ ඩොක්ටර් දන්නවද මං කරන්නෙ බොරුවක් කියලා. මගෙ ඇස් වලට කදුලුත් පිරුනා😥😥ඒ ඩොක්ටර් පුටුවක් අරන් මං ගාවින් වාඩි වුනා.
“ඇයි මෙහෙම හැසිරෙන්නෙ?කරුණාකරලා මට ඇත්ත කියන්න.මං ඩොක්ටර් කෙනෙක්.ඔයාව දැක්ක පලවෙනි පාරම මට තේරුනා ඔයා කරන්නෙ බොරුවක් කියලා………”
බොහොම කරුණාවෙන් ඒ ඩොක්ටර් මගෙන් එහෙම ඇහුවා.ඩොක්ටර් ශෂීන්ද්‍රට කිව්වොත් මං කරන්නෙ බොරුවක් කියලා.😥😥නෑ සමහර විට ඩොක්ටර් මට උදව් කරයි.මං කරන්නෙ බොරුවක් කියලා ඩොක්ටර්ට උවමනාවක් තිබ්බා නම් ශෂීන්ද්‍රට කියනවනෙ කලින්ම.මං සිද්ද වෙච්චි හැම දෙයක්ම අකුරක් නෑරම ඩොක්ටර්ට කිව්වා.ඩොක්ටර් ගොඩාක් වෙලා කල්පනා කරා.
“ඔයාට ශෂීන්ද්‍ර මොකුත් කරදරයක් එහෙම කරාද?………”
මං ඔලුව දෙපැත්තට වනලා නෑ කිව්වා.
“අනේ පින් සිද්ද වෙයි ඩොක්ටර් මට උදව් කරන්න.අනේ එයාලට මාව බාර දෙන්න නම් එපා.මාව මරයි දෙයියනේ………”😭😭
මං ඩොක්ටර්ගෙ කකුල් දෙකම අල්ලලා එහෙම කිව්වා.ඩොක්ටර් මාව නැගිට්ටෙව්වා.
“මං ඔයාට උදව් කරන්නම් දරුවො.ඔයා බය වෙන්න එපා……….”
“මං දැන් මොකක්ද කරන්න ඕනි ඩොක්ටර්.අම්මා ගාවට ගියොත් එහෙම ඒ මිනිහා ආපහු මාව හොයා ගනියි……..”😢😢
“ඔයා අම්මා ගාවට යන්න ඕන්නෑ දරුවො. ඔයා යමුකො අපේ ගෙදරට.ඊට පස්සෙ අපි බලමු අපි කරන්න පුලුවන් මොනවද කියලා………”
“ඩොක්ටර්ට ගොඩාක් පිං මගෙ ජීවිතේ බේර ගත්තට………”
“ඔයා තව විනාඩි විස්සකින් විතර මේ ජනේලෙන් පැනලා අර අඹ ගහ යට තියන කාර් එකට නැගලා සීට් එක යට හැංගෙන්න.හොස්පිටල් එකෙන් කියයි ඔයා පැනලා ගිහින් කියලා.දැන් රෑ දොළහට කිට්ටු නිසා.ඔයා කාර් එක ඇතුලෙ නිදා ගන්න.ඔයාව එලියට පේන්නෙ නෑ………”
ඩොක්ටර් කියපු විදියටම මං විනාඩි විස්සකට පස්සෙ ඒ ජනේලෙන් පැනලා අඹ ගහ යට තිබුණු ඩොක්ටර් සුධාරගෙ කාර් එකට නැග්ගා.දැන් වෙලාව රෑ දොළහයි විස්සයි නිසා මං ඒ කාර් එකේ පිට් පස්සෙ බිමම නිදා ගත්තා.
“දරුවො……..”
ඩොක්ටර් ඇවිත් මට කතා කරා.එවලෙයි මට ඇහැරුනේ.ඩොක්ටර් මට අතින් කිව්වා පාත් වෙලාම ඉන්න කියලා.මං ඒ විදියට හිටියා.
“බය වෙන්න එපා.තාම වෙලාව පාන්දර පහයි හතලිස් පහයි.මෙයාලා ඔයාව හැම තැනකම හොයනවා.අපි ඉක්මනට යමු………”
ඩොක්ටර් සුධාර එහෙම කියලා කාර් එක පදවගෙන ගියා.
“දැන් නැගිටින්න දරුවො………”
මං නැගිටලා කාර් එකේ පිටි පස්සෙම වාඩි වුනා.පැයක් විතර යනකොට අපි ඩොක්ටර් සුධාරගේ ගෙදරට ආවා.තට්ටු දෙකේ හරිම ලස්සන ගෙයක්.කාර් එක මිදුලෙන් නවත්තලා ඩොක්ටර් මාවත් එක්කරගෙන ගේ ඇතුලට ගියා.
“තාත්තී…..ආනෙ කව්ද තාත්ති මේ අක්කි?………”
අවුරුදු පහක විතර පුංචි ගෑනු ළමේක් ඇවිත් ඩොක්ටර්ගෙ ඇගේ එල්ලිලා එහෙම ඇහුවා.
“මේ අක්කි අද ඉදන් මෙහෙ ඉන්නවා දූත් එක්ක.දුව කැමතියිද මේ අක්කිට………”
මාව පෙන්නලා ඩොක්ටර් ඒ ළමයගෙන් එහෙම ඇහුවා.
“අනේ ශෝක්නෙ තාත්තී.මං ගොඩාරියක් කැමතියි මේ අක්කිට.අක්කි එන්න අපි යමූ……….”
“දුව ගිහිල්ලා විමලා ආච්චිට කියන්නකෝ තේ ලෑස්ති කරන්න කියලා.මං මේ අක්කිට එයාගෙ කාමරේ පෙන්නන්නම්………”
කිව්ව පමාවට ඒ ළමයා දුවලා ගියා.
“ඒ මගෙ ලොකු දුව.තාම ඉස්කෝලෙ එක වසරෙ ඉන්නෙ.එන්නකො දරුවො මං ඔයාට කාමරේ පෙන්නන්නම්………”
ඩොක්ටර් මාව උඩ තට්ටුවෙ කාමරේකට එක්කන් ගියා.ඒ කාමරේ ගොඩාක් ලස්සනයි.
“ඔයා මේ කාමරේ පාවිච්චි කරන්න.දැන් බාතෲම් එකට ගිහිල්ලා වොශ් එකක් දාගන්න.මං ලොකු දුව අතේ ඇදුමක් එවන්නම්………”
ඩොක්ටර් මට ගොඩාක් කාරුණික වුනා. ඒත් මං මෙහෙ ඉන්නවට ඩොක්ටර්ගෙ නෝනා අකමැති වුනොත් එහෙම.මං ඒ ගැන ඩොක්ටර්ගෙන් ඇහුවා.ඩොක්ටර් දුකින් වගේ ටිකක් වෙලා කල්පනා කරා. මං වැරදි දෙයක්ද ඇහුවෙ කියලා හිතුණා.
“ඔයා වොශ් එකක් දාගෙන එන්නකො දරුවො………”
මං ඒ කාමරේට ගිහින් බාතෲම් එකට ගිහිල්ලා හොදට නා ගත්තා.එතකොට ඩොක්ටර්ගෙ ලොකු දුව කාමරේට ආවා ඇදුම් ගොඩකුත් උස්සගෙන.
“අක්කි මේ ඇදුම් අදින්න………”
“මේ ඇදුම් කාගෙද පැටියො?………”
“මේවා අපෙ අම්මිගෙ………”
එහෙම කියලා ඒ ළමයා ඇදුම් ටික ඇද උඩින් දාලා දිව්වා.මං ඒ අතරින් ලා නිල් පාට සායකුත් ලා දම් පාට බ්ලව්ස් එකකුත් අතට ගත්තා.ඒක ඇදගන්න ටවල් එක ලෙහන්න හදද්දී ඩොක්ටර් සුධාර කාමරේට ආවා.ඒත් එකපාරටම “අයැම් සොරි”කියලා කියාගෙන ඩොක්ටර් කාමරෙන් එලියට ගියා.මං ඒ ඇදුම ඇදගෙන එලියට එද්දී ඩොක්ටර් සුධාර බැල්කනියට වෙලා හිටියා.මං එතෙන්ට ගියා.
“ඩොක්ටර්………”
“ආ……..”
ඩොක්ටර් මං දිහා බැලුවෙ පුදුම වෙලා වගෙයි.
“ඔයා ඔය ඇදුමට ගොඩාක් ලස්සනයි………”
මං හිනා වෙලා බිම බලාගත්තා. ඩොක්ටර් මාත් එක්ක එයාලගෙ කාමරේට ආවා.මං හිතුවා ඩොක්ටර් එයාගෙ වයිෆ්ට මාව අදුන්වලා දෙන්න හදනවා කියලා.ඩොක්ටර්ගෙ කාමරේ ඇතුලෙ එයාගෙ වයිෆ් හිටියෙ නෑ.කාමරේ ඇද උඩ රෝස පාට නෙට් එකක් ඇතුලෙ පුංචිම පුංචි රෝස පාට දරු පැටියෙක් නිදාගෙන හිටියා.මේ ඩොක්ටර්ගෙ බබා වෙන්න ඇති.පෙනුමෙන් නම් මාසයක්වත් නෑ ඒ බබාට.අනේ හරිම හුරු බුහුටි දරු පැටියෙක්.
“මේ මගෙ චූටි දුව.මෙයාව හම්බෙන්න ගිහින් තමයි මගෙ වයිෆ් නැති වුනේ.අදට හරියටම මාසයයි.තාම ඒ දේවල් හීනයක් වගේ දරුවො………”😢😢
අනේ දෙයියනේ😥😥මට ඇති වුනේ ලොකු දුකක්.ඩොක්ටර්ගෙ ඇස් වලට කදුලු පිරුනා.ඒ කදුලු පිහදාගෙන ඩොක්ටර් මාත් එක්ක කතා කරා.
“ඔය දරුවා කැමති කාලයක් මෙහෙ ඉන්න.ඒක මට ප්‍රශ්නයක් නෑ.කවුරුවත් දැන ගන්නෙ නෑ ඔය ළමයා මෙහෙ ඉන්නවා කියලා………”
“ඩොක්ටර්ට ගොඩාක් පිං මට මේ කරන උදව් වලට.මං ඩොක්ටර්ට සදාකාලිකවම ණයගැතියි………”😥🙏
“මට ඩොක්ටර් කියන්න එපා.කැමති නම් අංකල් කියන්න………”
“අනේ…..අංකල් කියන්න තරම් වයසක් පේන්නෑනෙ ඩොක්ටර්ට……..”
මං එහෙම කිව්වම ඩොක්ටර් හිනා වුනා.
“ඔව් වෙන්න ඇති.මට තාම අවුරුදු විසි නවයයි.එහෙනම් සුධාර අයියා කියන්න………”
“හා………”
“ඒක නෙවෙයි ඔයාගෙ නම මොකක්ද කිව්වෙ?මට මතක නෑනෙ………”
“මගෙ නම සංජානා………”
“වයස කීයද?………”
“ලබන මාසෙට අවුරුදු දහ අටයි………”
“එහෙනම් දැන් ගිහින් තේ බීලා ඉන්න………”
මතු සම්බන්දයි❤️❤️❤️