“අනේ මහත්ටයට පින් සිද්ද වෙනවා අපේ ගේයි ඉඩමයි බේරලා දුන්නට. නැත්නම් මටයි මේ කෙල්ලටයි කොල්ලටයි පාරට බහින්නයි වෙන්නෙ. අපි හුගාක් අසරණ වෙලයි හිටියේ………”

“ඒ ගැන බය වෙන්න එපා.මගෙ වැඩේ මං කරා.දැන් මට වෙච්චි පොරොන්දුව ඉශ්ට කරලා ඉන්න………”

ඒ පුද්ගලයා අම්මාට එසේ කියා අත් දෙක බැදගෙන අප දෙස බලා සිටින්නට විය. අම්මා මේ මනුස්සයට මොනවා දෙන්න පොරොන්දු වුනාද දන්නෑ.
මට ඉන්නෙ අම්මයි මල්ලියි විතරයි.මගෙ තාත්‍තා ජීවතුන් අතර නෑ.තාත්තගේ ඔපරේෂන් එකට අපිට වියදම් කරන්න සල්ලි නැතුව අපි රුපියල් ලක්ශ විසිපහක් ණයට ගත්තෙ ගමේ පොලී මුදලාලිට ඉඩමෙ ඔප්පුව උගස් කරලා.අන්තිමට ඔපරේෂන් එකෙන් තාත්තා මැරුණා.ණය ගෙවාගන්න බැරුව අපිව ගෙදරින් එලවන්න පොලී මුදලාලි ආවා.අම්මා වැදලා ඉල්ලුවා තව ටික කාලයක් දෙයක් කියලා.එදා අම්මා අඩ අඩා ඉන්නකොට දැන් මේ ඇවිල්ලා ඉන්න මහත්තයයි තව දෙතුන් දෙනෙකුයි අපේ ගෙදරට ආවා ඉඩමක් ගන්න තැනක් තියනවද කියලා බලන්න.එවලෙ අම්මා මේ විස්තරේ මේ මහත්තයට කිව්වා.මහත්තයා පොරොන්දු වුනා ලක්ශ විසිපහ ගෙවලා ඉඩම බේරලා දෙන්න.අපි දුප්පත් මිනිස්සු.අම්මා මේ මහත්තයව දැක්කෙ අපිට උදව් කරන්න ආපු දෙවි කෙනෙක් විදියට.අන්තිමට ලක්ශ විසිපහ ගෙවලා මේ මහත්තයා අපිට ගේයි ඉඩමයි බේරලා දුන්නා.

“මහත්තයා කියන්න මහත්තයට මොනවද ඕනි?………”

“මට මේකිව ගෙනියන්න ඕනි………”⚡⚡

මං දෙසට අත දිගු කර එසේ කියන විට මගෙ හිස මතට අකුණක් වැදුනා සේ දැනුනා.දෙයියනේ මේ මනුස්සයා මොනවද මේ කියන්නෙ?😢😢

“අනේ මහත්තයා,මේ මොනවද මහත්තයා මේ කියන්නෙ?අනේ මගෙ කෙල්ලව මොකටද මහත්තයට?………”😥😥

මාවයි මල්ලිවයි බදාගෙන අම්මා කදුලු හලන්නට වුනා.අම්මයි මමයි හිටියෙ ගොඩාක් බය වෙලා.මල්ලිට මේ මොකුත් තාම තේරෙන්නෙ නෑ.එයාට තාම අවුරුදු පහයි.

“මේ අහනවා තමුං මට පොරොන්දු වුනා මේ ගේයි ඉඩමයි මං බේරලා දුන්නම මං ඉල්ලන ඕනිම දෙයක් දෙනවා කියලා.දැන් මං ඉල්ලන දේ මට දීපන්.මේකිව මට දෙනවද?නැත්නම් මං මේකිව අරන් යන්නද?………”😡😡

“අනේ මං එහෙම කිව්වෙ මං හිතුවෙ මහත්තයා මේ ඉඩමෙන් කොටසක් කියලා.අනික මහත්තයලා ආවෙත් ඉඩමක් හොයාගෙනනෙ.අනේ මගෙ කෙල්ලව ගෙනියන්න එපා මහත්තයො………”😭😭

අම්මා ඒ මනුස්සයගෙ දෙපා මුල වැද වැටිලා අඩන්නට වුනා😭😭මාත් හිටියේ හොදටම බය වෙලා.බය වැඩිකමට මාව වෙව්ලන්න ගත්තා.පැනලා දුවන්න විදියකුත් නෑ.ඒ මිනිහගේ මැරයො කිහිප දෙනෙක්ම අපිව වට කරගෙනයි හිටියෙ. අනේ දෙයියනේ මොනවද මේ සිද්ද වෙන්නෙ.මීට වඩා හොදයි පොලී මුදලාලිට ගේයි ඉඩමයි සින්න වෙලා අපිට පාරට බහින්න සිද්ද වුනා නම්.😥😥

“මං මේකිව අරන් යන්නෙ මරන්න නෙවෙයි.මට තවත් මෙතෙන්ට වෙලා කාලෙ කන්න බෑ.ධනා…..දා ගනිං මේකිව වාහනේට………”😡😡

“අනේ අම්මේ මාව බේර ගන්න.අනේ මට යන්න බෑ.මාව අතාරින්න………”😭😭

මං කොච්චර කෑ ගැහුවත් වැඩක් වුනේ නෑ.ඒ එක මැරයෙක් මාව වෑන් එකට දාගෙන කට ගැට ගැහුවා.අම්මා පොලවෙ හැපි හැපි අඩනවා😭😭අම්මා මේ විදියට අඩනවා දැකලා මට වාවගන්න බැරි වුනා.

“මේක හොදට අහ ගනිං,මේ ගැන කාට හරි කියලා තිබුනොත්,පොලීසියට එහෙම ගියොත් ඊට පහුවදාට උඹට දකින්න ලැබෙන්නෙ උඹේ දුවගෙ මළකඳ තමයි. වලක් කපලා තියා ගනිං උඹේ දරුවො දෙන්නවම දාන්න………”😡😡

අම්මගෙ කදුලු අතරේ ඇද හැදුනු පොද වැස්ස මැදින්ම ඒ වෑන් එක ඉදිරියට ඇදෙන්නට වුනා.හෙලවෙන්නත් බැරි තරමට මාව හැඩි දැඩි දෑත් කිහිපයකටම මැදි වෙලයි තිබ්බෙ.ඒ දෑත් වලින් මිදෙන්න දගලලා දගලලා මට දැනුනේ පුදුම මහන්සියක්.පොදයක් සේ ඇද හැලුනු වර්ෂාව දැන් මහා ධාරානිපාත වර්ශාවකට පෙරලී ඇත.රාත්‍රියට අත ලග නිසාත් වැහි කලුවර නිසාත් පරිසරයම අන්ධකාරයෙන් වෙලාගෙන ඇත.පැය ගනනාවකට පසු ඔවුන් මාව කොහාටදෝ මන්දා රැගෙන ආවා.මගේ දෑස් ගැට ගසා තිබුන නිසා මට ඒ ස්ථානය කුමක්දැයි කියා හරියට දැන ගැනීමට නොහැකි වුනා.උඩු මහලක කාමරයකට මාව රැගෙන විත් මගේ අත් දෙකත්,කටත්,ඇස් දෙකත් ගැට ගැසූ රෙදි කැබලි ලිහා දැමූ ඔහු කාමරේ විදුලි බුබුලු දැල්වූවා.ඇස් දෙකත් පොඩි කරමින් මං කාමරේ වටපිට බැලුවා.නවීන මාදිලියට තනා තිබූ එම කාමරය හෝටල් කාමරයක් වැනිය.මා ඉදිරිපිට සිටියේ අපේ ඉඩමත් නිවසත් බේරා ගැනීමට මුදල් දුන් පුද්ගලයාය. මනුෂ්‍යවේශයෙන් ආ දෙවියෙකු ලෙසයි මා මොහුව පෙරදි දුටුවේ.දැන් නම් මා හට මොහුව පෙනෙනුයේ කාමාතුරයෙකු ලෙසයි.බියත් කෝපයත් මගේ සිතේ ගින්දර ලෙසින් ඇවිලෙමින් තිබුනි.😡😡

“ඔතනින් ඉදගන්නවා……..”😡😡

ඔහුගේ විධානය අනුව මා එහි ඉදගත්තා නොව ඉන්දුනා කිව්වොත් හරි.

“තමුසෙගෙ නම මොකක්ද?………”😡

“මෙ….මේ………”

“ඇයි තමුසෙට නම මතක නැද්ද?……..”😡

“සංජානා මනෝභාශිණී………”

“තමුසෙගෙ උපන් දෙනේ කවද්ද?………”😡

“2004.03.12……..”

ඉන් පසු ඔහු මදක් කල්පනා කරන්නට විය.මා මේ පුද්ගලයා කවුරුන්දැයි කියා දන්නේ නැත.මා මෙහි රැගෙනා ආ හේතුවද මා දන්නේ නැත.නමුත් ඔහු මා මෙහි ගෙන එන්නට ඇත්තේ හොදකට නම් නොවන වග ඉතාමත් පැහැදිලිය. මගේ නෙත් කදුලින් පිරුනේ සැනෙකිනි.

“අනේ මට ගෙදර යන්න දෙන්න.ඔයාලා මොකටද මාව මෙහාට ගෙනාවෙ?මං ඔයාලට කිසිම වරදක් කරලා නෑ.මං හරිම අහිංසකයි………”😭😭

“හරි මං තමුසෙව ගෙදර ගිහි දාන්නම්. එහෙනම් ගේයි ඉඩමයි බේර ගන්න මං දීපු ලක්ශ විසිපහ දවස් දෙකක් ඇතුලත් මට හොයලා දෙනවා.අන්න එතකොට මං තමුසෙව බොහොම පරිස්සමට ගිහින් දාන්නම්……….”😠😠

ලක්ශ විසිපහක් අපිට තියනවා නම් ගේයි ඉඩමයි පොලී මුදලාලිට විකුණන්නෙ නෑනෙ.මනුශ්‍ය වෙසින් තිරිසනෙක් මූ නම්.අනේ මගෙ අම්මා මං නැතුව මොන තරම් දුක් වෙනවා ඇතිද? මගේ චූටි මල්ලි අක්කා අක්කා කිය කියා මාව හොයනවා ඇති.😭😭දුකත්, කෝපයත්,භීතියෙනුත් මාව වෙව්ලන්නට වුනා.

“මොකද තමුං කල්පනා කරන්නෙ?ලක්ශ විසිපහක් තියා තමුසෙට රුපියල් දහදාහක්වත් දවස් දෙකක් ඇතුලත හොයා ගන්න බෑ.ඒ හින්දා ගෙදර යන්න තියන ආසාව හිතින් අතෑරලා දානවා.මං තමුසෙව මරන්නෑ.ඒ හින්දා බය නැතුව ඉන්නවා……….”😡😡

“මං…..මං මේ කොහෙද ඉන්නෙ.ඔයා කව්ද?………”😥😥

මං එහෙම අහද්දී ඒ මනුස්සයා මගෙ අතේ බාහුවෙන් අල්ලලා මාව නැගිට්ටවලා කාමරේ පිටිපස්සෙ දොර ඇරලා ලයිට් එක දාලා මාව බැල්කනියට එක්කන් ගියා.

“හොදට බලපං පල්ලෙහා………”😡😡

මං හොදට වටපිට බැලුවා.රෑ වෙලා තිබ්බත් ලයිට් එලිය නිසා අවට හොදට පෙනුනා.ගේට්ටුව අයිනෙ මුරකුටියෙ මුරකාරයො තුන් දෙනෙක් හිටියා. ගේට්ටුව උසයි අඩි පහලවක් විතර. වත්ත වටේටම උසම උස තාප්පෙ.

“මෙතනින් පැනලා යන්න නම් බොරුවට උත්සහ කරන්න එපා.ඒක තමුසෙට කවදාවත් කරන්න බෑ.එහෙම උත්සහ කරොත් අතන කූඩුවෙ ඉන්න බල්ලට තමුසෙව කෑමට දානවා………”😠😠

ඒ බල්ලව දැකලා ඔක්කොටම වැඩිය මං බය වුනා.හරියට කොටියෙක් වගේ.😭😭

“ඔයා කව්ද?ඇයි මාව මෙහෙම හිර කරගෙන ඉන්නෙ?……….”😢😢

“තමුසෙ මගෙන් ප්‍රශ්න අහන්න එපා. අඩන්න තියාගන්නත් එපා.මොකද උඹේ ඔය කදුලු වලට මාව තම්බන්න නම් බෑ.අන්න ඒක මතක තියා ගනිං…….”😡😡
එහෙම කියලා මාව පැත්තකට ඇදලා දාපු ඒ මිනිහා ජනේල් ටිකයි දොරයි වහලා දැම්මා.මට හොදටම බය හිතුණා මේ මිනිහා මට කරදරයක් කරයි කියලා. මගෙ වෙලාවට එහෙම දෙයක් වුනේ නෑ.

“තමුසෙට හදිස්සියක් වුනොත් මෙතන බාතෲම් එක තියනවා ඒකට යනවා.දැන් කෑම ගෙනෙයි සුමනා කියලා කෙනෙක්. තමුසෙට ඕනි දෙයක් තියනවා නම් එයාට කියනවා………”😠😠

එහෙම කියලා ඒ මිනිහා දොරත් ලොක් කරගෙන යන්න ගියා.සිද්ද වුනේ මං හීනෙකින්වත් හිතුවෙ නැති දෙයක්.මාව මේ මිනිහා මෙතනට ගෙනාවෙ මොකටද?නිධානෙකටවත් බිල්ලට දෙන්නද?මගෙ හිතට මහා අමුතු අමුතු දේවල් මතක් වෙලා බියෙන් වෙව්ලන්න පටන් ගත්තා.ටික වෙලාවක් යද්දී කව්දොඉ ගෑනු කෙනෙක් ඇවිත් රෑට කෑමයි වතුරයි ගෙනත් දීලා ගියා.

කෑම කන්නවත් හිතුනෙ නෑ මගෙ හිත බියෙන් පිරිලයි තිබ්බෙ.බඩගින්න ඉවසගන්න බැරුව ගියා.ඒ හින්දම මං ඒ කෑම පිගාන ඇරලා බැලුවා.ඒකෙන් ආපු කෑම සුවදට මගෙ බඩගින්න තවත් වැඩි වුනා.ඕනි දෙයක් වෙච්චාවෙ කියලා හිතලා මං ඒ බත් එකේ එක ඇටයක්වත් ඉතුරු නොකර කෑවා.කාලා වතුර බිව්වට පස්සෙ තමයි ඇගට පණක් දැනුනෙ.

මුලු රාත්‍රිය තිස්සෙම මං අවදිව කල්පනා කරේ කොහොමද මෙතනින් ගැලවිලා යන්නෙ කියලයි.කල්පනාම කර කර ඉදලා මට නින්ද ගිහින් තිබුනේ පාන්දර හතරට විතර වගෙයි.රෑ මට තාත්තව හීනෙන් පෙනුනා මං ගාවට ඇවිත් මගෙ ඔලුව අත ගාලා යනවා.තාත්තා මැරුනට පස්සෙ එදා තමයි මං පලවෙනි පාරට තාත්තව හීනෙන් දැක්කෙ.මං උදේ නැගිටිද්දීත් මට මතක් වුනේ ඒ හීනෙමයි.

“ආ නෝනා නැගිට්ටද?මං නෝනට කිරි එකක් හදාගෙන එන්නම්………”

ඊයෙ රෑ මට කෑම ගෙනත් දීපු ඒ ගෑනු කෙනා එහෙම කියලා විනාඩි කිහිපයකට පස්සෙ කිරි වීදුරුවක් අරගෙන මං ගාවට ආවා.මට හිතුණා මේ ගෑනු කෙනාගෙන් අර මනුස්සයා ගැන අහන්න.

“මෙ….මේ මාව මෙහාට ගෙනාපු කෙනා කව්ද?මේ ගෙදර කාගෙද?ඇයි මාව මෙහෙ තියාගෙන ඉන්නෙ?………”

“මේක ඒ මහත්තයගෙ ගෙදර.මට මොකුත්ම මහත්තයා ගැන කියන්න බෑ. නෝනා මහත්තයගෙන් අහන්න………”

“අනේ මට බයයි දෙයියනේ.ඒ මිනිහා මාව මරන්නද අරන් ආවෙ?………”

“මං දන්නෙ නෝනෙ ඒවා.මහත්තගෙන් අහගන්න.නෝනට මොනවහරි ගෙනත් ඕනිද?……….”

“මට වහ බෝතලයක් ගෙනත් දෙන්න………”

මං වහ බෝතලයක් ඉල්ලුවම ඒ ගෑනු කෙනා පුදුම වෙලා වගේ මං දිහා බලලා කාමරෙන් ගියා.

මතු සම්බන්දයි⚡🔥😍💜️

යාලුවනේ මැර “හිතකට ලං වී” කතාවට මට හිතා ගන්නවත් බැරි තරම් ඔයාලගෙන් ප්‍රථිචාර ලැබුනා.ඉතිං මං හිතුවා ඒකෙ දෙවෙනි අදියරත් ලියන්න. මේ කතාවෙ කලින් කතාවෙ වගේ කෙල්ල කොල්ලට ආදරේ කරන්නෙ නෑ මුලදී.මේ කතාවෙ දෙවෙනි අදියරෙ කලින් කතාවට වැඩිය වෙනස්.ඔයාලා මේ කතාවට කැමතියිද?ඉතිං ඔයාලගෙ අදහස් කියන්න.ඔයාලා අකමැතියි නම් මං මේ කතාව කලින් වගේ දිගට ගෙනියන්නෙ නැතුව කොටස් දෙකතුනකින් ඉවර කරන්නම්.