ආ තමුංද මේක කරේ.වයසෙ හැටියට නෙවෙයි වැඩ.එනවා යන්න.විජේවර්ධන සර් තමුසෙට අනුකම්පා කරාට අපේ අලුත් ඕඅයිසී මහත්තයගෙන් නම් අනුකම්පාවක් බලාපොරොත්තු වෙන්න එපා………”😡😡

කිසිම අනුකම්පාවක් නැතුව එසේ කියමින් මහ හඩින් මට බැන වැදුනු එම පොලිස් කාන්තාව මගේ දෑතට මාංචු දමා ජීප් රියට මට ගොඩ වෙන්නයි පැවසුවාය. ගමේ සියලූම මිනිසුන් පාහේ අනුකම්පාව පිරුනු දෑස් මා වෙත යොමුව තිබිණි.මේ නම් පෙර ආත්මයක කරපු පාපයක් පල දීමකි.එසේ කියා මා මාගේ ගිය ආත්මයට සාප කර පලක් නැත.මගේ දෑස් වලට ඉනූ කදුලු පිටි අත්ලෙන් පිස දමා ගත් මා නිහඬව කල්පනා කරන්නට වීමි.

මම හර්ෂි මන්දාරා.මට ඉන්නෙ අම්මා විතරයි.මගේ තාත්තා මාව උපදින්නත් පෙර අම්මාව දාලා ගිහින්.මං තාත්තාව දැකලා තියෙන්නෙ ෆොටෝ එකකින් විතරයි.මට දැන් අවුරුදු විසි එකයි.මගේ අම්මා එක්තැන් වෙලා ඉන්නෙ.මීට මාස නවයකට විතර කලින් මගේ අම්මා ගමේ මුදලාලි මහත්තයගේ පුතාගෙ බයික් එකට හැප්පුනා.

ඒ අනතුරින් මගේ අම්මගෙ කොදු ඇට පේලියට හුගාක් හානි වෙලා අම්මා සදාකාලිකව ඇදටම සීමා වුනා.මගේ ජීවිතයේ මට හිටපු එකම හයිය මගේ රත්තරං අම්මා.අම්මව ඇදට වැටුනාට මගෙ ජීවිතේ එහෙම් පිටින්ම වෙනස් වුනා.අම්මාව මොන තරම් බෙහෙත් හේත් කරත් සනීප කරගන්න බැරි වුනා. අල්ලපු ගමේ වෙද ගෙදරින් බෙහෙත් ගෙනල්ලා අම්මට දෙනවා.

අම්මට නැගිටින්නවත් බැරි හින්දා මට අම්මව දාලා රස්සාවකටවත් යන්න පුලුවන්කමක් නෑ.අම්මව බයික් එකේ හප්පපු මුදලාලිගෙ පුතා අපිට කිසිම වන්දියක් දුන්නෙ නෑ.මං පොලීසි යන්න හැදුවත් එයාලා මට තර්ජනේ කරා පොලීසි ගියොත් අම්මවයි මාවයි ගේ ඇතුලට දාලා ගිනි තියනවා කියලා.අම්මගෙ බෙහෙත් වලට සෑහෙන මුදලක් වැය වෙනවා.ඒ මුදල් මං හොයා ගත්තෙ මට තිබ්බ රත්තරං බඩු උගස් කරලා.අපිට දැන් වටින දේකට තියෙන්නේ අපි ඉන්න මේ ගෙදරයි ඉඩමයි විතරයි.ඒක විකුණලා මං අම්මව අරන් කොහේ යන්නද?අම්මගෙ බෙහෙත් වලට සල්ලි කීයක් හරි ඉල්ල ගන්න මං මුදලාලිගෙ පුතාව හම්බෙන්න එයාගෙ ගෙදරට ගියා.

ඌ මට සල්ලි දෙන්න පොරොන්දු වුනා.ඒත් ඒ වෙනුවට මගෙන් බලාපොරොත්තු වුනේ වෙන වෙන දේවල්.මගේ අම්මා මාව හැදුවේ ගොඩාක් පරිස්සම් කරලා.උගෙ අවලං යෝජනාව ප්‍රතික්ෂේප කරපු මං ආපහු ගෙදර ආවා.කල්පනා කරලා කරලා අන්තිමට මං තීරණයක් ගත්තා. මේ හැම දේකටම වඩා මට වටින්නෙ මගෙ රත්තරං අම්මව.අම්මා වෙනුවෙන් ඕනම අවදානමක් ගන්න ලෑස්තියි.ඒ හින්දා එක දවසක් රාත්‍රී නවයට විතර මුදලාලි මහත්තයගේ ගෙදරට කුස්සිය පැත්තෙන් හොරෙන් පැනලා සේප්පුවේ තිබිච්ච රුපියල් පන්දාහක් හොරකම් කර ගත්තා.තවත් සල්ලි ඒ සේප්පුවේ තිබ්බත් මං ගත්තෙ නෑ.

මට ඕනි අම්මගෙ බෙහෙත් ටික ගන්න සල්ලි විතරයි.එදා මට ලේසියෙන්ම මුදලාලි මහත්තයගේ ගෙදරට පනින්න පුලුවන් වුනේ එදා මුදලාලි මහත්තයයි එයාගෙ පුතා මේනක යි ගෙදර හිටියෙ නෑ.එදා ගෙදර හිටියෙ මුදලාලි මහත්තයගේ නෝනයි ගෙදර වැඩකාරියි විතරයි.

මගේ කරුමෙට ඒ හොරකමෙන් දවස් දෙකකට පස්සෙ මාව පොලීසියෙන් ඇල්ලුවා.එදා මං සේප්පුවෙන් සල්ලි හොරකම් කරනකොට මගේ ලේන්සුව එතන බිම වැටිලා.මාව පොලීසියට ගෙනිච්චට පස්සෙ ඕඅයිසී විජේවර්ධන මහත්තයා මට අවවාද කරලා මට යන්න දුන්නා.ඊට පස්සෙ මං අම්මගෙ බෙහෙත් වලට සල්ලි හොයා ගත්තෙ කුලී වැඩ කරලා.අපේ වත්තෙ හිටෝපු පලා වර්ග පලතුරු වර්ග පොලට ගෙනියලා විකුණලායි.මං විදින දුක දැකලා අම්මගෙ ඇස් වල හැමදාම කදුලු පිරිලා තියනවා.

ඊයෙ හවස මං කඩේට ගිහින් එද්දී මුදලාලි මහත්තයගේ පුතා මේනකව මට මගදි මුණ ගැහුනා.ඒ මිනිහා හිටියේ බීමතින් කියලා මට හිතාගන්න අපහසු වුනේ නෑ.එවලෙ මේනක මගෙ අතින් අල්ලලා මට එදා වගේ අවලං යෝජනාවක් කරා.මං එකපයින්ම ඒ අවලං යෝජනාව ප්‍රතික්ෂේප කරේ අත පුරෝලා හොද කනේ පාරකුත් දෙන ගමන්.👋ඒ පාරින් නොසිතූ විදියට කෝප වුනු මේනක මගෙ පිටිපස්සෙන් මාව පන්නන්න වුනා.මං කැලේ මැද්දෙන් දුවගෙන දුවගෙන ගියා. අන්තිමේදි මාව කකුල පැටලිලා වැටුනා. මේනක මට කරදර කරන්න හැදුවා. බොහොම අමාරුවෙන් මං උගෙන් බේරුනේ ලග තිබ්බ ලොකු ගලකින් මේනකගේ ඔලුව හරලා පාරක් දීලයි.ඒ ගල් පාර කාගෙන මේනක බිම වැටුනා. පසු නොබලා මං දුවගෙන ගෙදර ආවා. කැලේ මැද්දෙන් ආපු මනුස්සයෙක් මේනකව දැකලා හොස්පිටල් එකට ගෙනිහිල්ලා.අද උදේ පොලීසියෙන් මාව හොයාගෙන ආවෙ මං අම්මගෙ කොන්දෙ බෙහෙත් තෙල් ගගා ඉන්නකොටයි.

“බහිනවා දැන්……..”😡😡

එම පොලිස් කාන්තාවගේ කටහඩින් මං පියවි ලෝකෙට එද්දී මාව රැගත් ජීප් රථය පොලිස් ස්ටේෂන් එකට ඇවිල්ලත් ඉවරයි.බිමට බැහැපු මාව ඒ පොලිස් නිළදාරිනිය පොලීසිය ඇතුලට එක්කන් ගියා.

“දීප්ති…..ඕඅයිසී මහත්තයා පොඩ්ඩක් එලියට ගියා.දැන් එයි………”

තවත් පොලිස් නිළදාරියෙක් එහෙම කිව්වා.මට එහා පැත්තෙ බංකුවෙන් වාඩි වෙන්න කියපු ඒ පොලිස් නිළදාරිනිය මගේ මාංචු ගැලෙව්වා.පැය බාගයක් විතර යද්දී මං ජනේලෙන් දැක්කා ඕඅයිසී මහත්තයා පොලීසිය ඇතුළට එනවා.ඕඅයිසී මහත්තයා අවුරුදු පනහක විතර තලෙලු මහත නිළදාරියෙක් කියලයි මං හිතුවෙ. මේ ඕඅයිසී මහත්තයා අවුරුදු තිහකට විතර ලං වුනු සුදු උස ටිකක් මහත කඩවසම් නිළදාරියෙක්.හරිම නපුරු පාටයි.එවලෙම අර පොලිස් නිළදාරිනිය ඇවිත් මාව ඕඅයිසී මහත්තයා ලගට එක්ක ආවා.

“මොකක්ද තමුංගෙ නම?……..”😡😡

“හර්ෂි මන්දාරා……..”

බිම බලාගෙන මං එහෙම මිමිණුවා.මට බයක් දැනුනෙම නැතුවම නෙවෙයි.මට මතක් වුනේම මගෙ අහිංසක අසරණ අම්මව.මං මෙතම මෙහෙමවත් ඉන්නෙ මාව ජීප් එකට දා ගත්තු වෙලාවෙ අල්ලපු ගෙදර ඇග්නස් ආච්චි මගෙ අම්මව බලා ගන්න්ම් කියලා කියපු නිසායි.ඒක මට ටිකක් හරි සැනසීමක් වුනා.

“තමුන්ගෙ වයස කීයද?……..”😡😡

“අ…අවුරුදු විසිඑකයි……..”

“තමුංගෙ දෙමව්පියෝ මොකද කරන්නෙ?………”😡😡

“මට……මට තාත්තා නෑ.අම්මා විතරයි ඉන්නෙ.අම්මව එක්තැන් වෙලා දැං මාස නවයක් විතර වෙනවා……..”😥😥

“දීප්ති මෙයාගෙ කලින් මොකවත් කේසස් එහෙම තියනවද?……..”

ඕඅයිසී මහත්තයා අර පොලිස් නිළදාරිනියගෙන් එහෙම ඇහුවා.කලින් මුදලාලි මහත්තයගේ ගෙදරින් සල්ලි හොරකම් කරපු කේස් එක ඒ පොලිස් නිළදාරිනිය ඕඅයිසී මහත්තයාට කිව්වා.
ඕඅයිසී මහත්තයා මට නීතිය ගැනයි කියලා හොදටම බැන්නා.නීතිය ඉදිරියේ මං වැරදිකාරයෙක් තමයි.ඒත් මං ඒ තත්වෙට පත් වුනේ කවුරු හින්දද?මේ සමාජයේ අපි වගේ අසාදාරණේට ලක් වෙච්ච දුප්පත් මිනිසුන්ට කවදාවත් නීතියෙන්වත් සාදාරණයක් ඉශ්ට වෙන්නෙ නෑ.

“තමුං හිතන්න එපා ඕඅයිසී විජේවර්ධනගෙන් තමුංට සමාව ලැබුනට මේ ධනුෂ්කගෙන් සමාව ලැබෙයි කියලා. හොරකම,මනුෂ්‍යෙයෙකුට බරපතළ තුවාල වෙන්න පහර දීපු එක දඩුවම් ලැබෙන වරදක්……..”😡😡

නීතිය සල්ලි බලයට යටයි කියලා මට අද හරියට දෑස් ඉදිරිපිටම ඔප්පු වුනා.මං මේනකට ගලෙන් ගැහුවෙ ඌ මට කරදර කරන්න හදපු නිසා.ඒත් පොලීසිය ඉන්නෙ මේනකගෙ පැත්තෙ.

“මං සල්ලි හොරකම් කරේ මගෙ අම්මගෙ බෙහෙත් වලට.ඒකට මං මේනකගේ ගෙදරින් සල්ලි හොරකම් කරපු එක වරදක් විදියට මං දකින්නෙ නෑ සර්. මේනක මගෙ අම්මව බයික් එකට හප්පලා පැනලා ගියා.අඩුම තරමෙ ඌ මගෙ අම්මව හොස්පිටල් එකටවත් අරන් ගියේ නෑ සර්.අම්මට බෙහෙත් ගන්න සල්ලි ඉල්ලගන්න මං ඌ ගාවට ගියාම ඌ මට අවලං යෝජනාවක් කරා.මං ඒකට අකමැති වුනා.ඊයෙ හවස මං ගෙදර එනකොට ඌ මගෙ අතින් ඇල්ලුවා.මං උගෙන් බේරිලා කැලේ මැද්දෙන් දුවනකොට කකුල පැටලිලා මාව වැටුනා.ඌ මට කරදර කරන්න හැදුවා.උගෙන් බේරෙන්නයි මං ඌට ගලකින් ගැහුවෙ.සර් කියන්න මං ආත්මාරක්ෂාව තකා මං කරේ වරදක්ද?………”😢😢

වියරුවෙන් වගේ මං ඕඅයිසී සර්ගෙන් එහෙම ඇහුවා.එයා ටිකක් වෙලා කල්පනා කරා.ඒත් නීතියෙන් කවදාවත් අපි වගේ අහිංසක මිනිස්සුන්ට සාදාරණයක් ඉශ්ට වෙන්නෙ නෑ.

“තමුංට මේනකගෙන් කරදරයක් වෙලා නෑනෙ?……..”

“නෑ සර්……..”

“එහෙනම් ඇයි ඒ මිනිහගෙ ඔලුවට ගලකින් ගැහුවෙ?……..”

“තමුසෙට පිස්ස……සර්ට පිස්සුද?සර් කියන්නෙ ඌට ඕනි දේ කරගන්න දෙනකල් මට බලන් ඉදලා ඊට පස්සෙ පොලීසියට එන්න කියලද?……..”

“දීප්ති….මෙයාව ගිහින් කූඩුවට දාන්න……..”

මතු සම්බන්දයි