10 අවසාන කොටස
💗පලිගත් විවාහය

💗අද ඉරිදා නිවාඩු දවස හින්දා මං ටිකක් වැඩිපුර වෙලා නිදා ගත්තා.ඒත් ඉතිං අට විතර වෙද්දි නැගිටලා බාතෲම් එකට ගියා.ආපහු එලියට ඇවිත් මං බැලුවා රවිශ්ක කෝ කියලා.

“රවිශ්ක……රවිශ්ක……ඔයා කොහෙද අනේ……….”

“මොකද ඕයි බෙරිහන් දෙන්නෙ?මං හිටියෙ කෝල් එකක………”

“මොකුත් නෑ………”😠😠

මං තරහින්ම එහෙම කිව්වා.රවිශ්කට තේරුණා මට තරහ ගිහින් කියලා.එයා මං ලගට කිට්ටු වුනා.

“තරහ ගියාද මැණිකෙට?සොරි පැටියෝ……..”

“තරහ ගියෙ නෑ තරහා ආවා……..”😠😠

“මහත්තයා……මහත්තයා……….”

කාමරේ දොර ගාවට ඇවිත් ගුණසීලි නැන්දා රවිශ්කට කතා.

“ඇයි නැන්දෙ?එන්න ඇතුලට………”

“මහත්තයවයි නෝනවයි හම්බෙන්න කව්ද ඇවිල්ලා………”

“ඒ කව්ද?නමක් කිව්වෙ නැද්ද?………”

“මේ කව්ද🤔🤔ආ…..රශ්මික කියලා කෙනෙක්………”

එහෙම කියලා ගුණසීලි නැන්දා කාමරෙන් එලියට ගියා.දෙයියනේ රශ්මික මොකටද මාව හොයාගෙන එන්නෙ?ඒ පාර මොන ප්‍රශ්නයක්ද?මං දැක්කා රවිශ්කගෙ මුහුණ තරහින් පිරෙනවා.කේන්තියෙන්ම එයා එලියට යද්දී මාත් ඒ පිටි පස්සෙන් ගියා.රශ්මික සාලෙ පුටුවක වාඩි වෙලා හිටියා.මං රවිශ්ක ලගින්ම වාඩි වුනා.

“ඇයි ආවෙ?………”😠😠

රවිශ්ක රශ්මිකගෙන් එහෙම ඇහුවා.

“මට දිනේත්‍රාත් ටිකක් කතා කරන්න ඕනි……….”

“තමුසෙට මොනවද මගෙ ගෑනිත් එක්ක කතා කරන්න තියෙන්නෙ?………”😠😠

“මෙයා තමුසෙගෙ ගෑනි වුනාට මෙයා ආදරේ කරේ මට.මං දන්නවා මං ඔයාට ගොඩාක් වැරදි කරා.මට දැන් ඒක තේරෙනවා.ඔයා මට කොච්චර ආදරේ කරාද?මං ඔයාට ගොඩාක් දුක් දුන්නා. ඔයා ඉස්සර බලාපොරොත්තු වෙච්චි විදියටම අපි දෙන්නට සතුටින් ඉන්න පුලුවන්.මං ඔයාට ගොඩාක් ආදරෙයි දිනේත්‍රා.ඔයා ආපහු මං ගාවට එන්න……….”

මට රශ්මික ගැන දැනුනේ දරා ගත නොහැකි කෝපයක්.රවිශ්ක ඌ ලගට යන්න කලින් මං ගියා.ගිහින් අත දිගෑරලා හොද කම්මුල් පාරක් දුන්නා.

“මේක හොදට අහගන්නවා රශ්මික.මං තමුසෙට පණ වගේ කරද්දී තමුසෙ මට සැලකුවේ තිරිසනෙකුට වගේ.උඹ මට ආදරේ කරේ නෑ.උඹ මාව රැවැට්ටුවා. එදා හැම අතෑරලා උඹත් එක්ක ආපු එක ගැන මං ගොඩාක් පසුතැවෙනවා. දැන් තමුසෙ කරුණාකරලා මෙතනින් යනවා.මං ආදරේ මගෙ රවිශ්කට විතරයි.රවිශ්ක දාලා මං උඹ ගාවට එයි කියලා හිතන්න එපා.තෝ මහ වනචරයෙක්………..”😡😡

වියරුවෙන් වගේ මං එහෙම කෑ ගහලා රශ්මිකගෙ කොලර් එකෙන් අල්ලලා තල්ලු කෙරුවා.රවිශ්ක මාව අල්ලගෙන පැත්තකට කරලා රශ්මික ගාවට කිට්ටු වුනා.

“ඇහුනනෙ දැන් තමුසෙට දිනේත්‍රා කියපුවා.මං මෙච්චර වෙලා ඉවසුවා. බල්ලෙක් අපේ කකුල හැපුවට අපි ඒ බල්ලගෙ කකුල හපන්නෑනෙ.දිනේත්‍රා මගේ ගෑනි.කරුණාකරලා උඹ මෙතනින් පලයං දැන්………”😡😡

රවිශ්කගෙ ඉවසීම ගැන මට පුදුම හිතුණා.ඒත් රශ්මික මෙතනින් යන පාටක් නෑ.

“නෑ.මං මෙතනින් යන්නෙ මේකිවත් අරගෙන.මෙහාට වරෙන් දිනේත්‍රා………”😡😡

“මගේ ගෙදරට ඇවිල්ලා මගේ ගෑණිට මෙහෙම කතා කරන්න.හිටපිය තෝව අද මං ඉතුරු කරන්නෑ………”😡😡

පැනපු ගමන් රවිශ්ක රශ්මිකට හොදටම ගැහුවා.මං කෑ ගැහුවා. රශ්මිකත් රවිශ්කට ගැහුවා.මං කෑ ගහලා සිරිදාස මාමට කතා කරත් සිරිදාස මාමා ගෙදර හිටියෙ නෑ.දෙන්නා හොදටම ගහ ගන්නවා.

“අනේ ඕක නවත්තන්න රශ්මික.ප්ලීස් ඕක නවත්තන්න රවිශ්ක……….”

කොච්චර උත්සහ කරත් දෙන්නගෙ රණ්ඩුව නවත්තන්න බැරුව ගියා.නොසිතූ විදියට රශ්මික ගහපු පාරකට රවිශ්ක පුටු සෙටියට ඇදගෙන වැටුනා.ඉනේ තිබුනු පිහියක් අරගෙන ඒක කොපුවෙන් ගලවපු රශ්මික ඒකෙන් රවිශ්කට අනින්න පැන්නා.මං කෑ ගහගෙන රවිශ්ක ගාවට පැන්නා.ඒ පිහිපාර වැදුනේ මගෙ දකුණු අතේ වැලමිට ලගටමයි.

“ආව්…..ආ…..අම්මා………”😭😭

මං අත අල්ලගෙන කෑ ගැහුවා.රශ්මික ටක්ගාලා එතනින් පැනලා දිව්වා. රවිශ්ක ටක්ගාලා රශ්මිකගෙ පස්සෙන් දුවන්න හැදුවත් මගෙ කෑ ගැහිල්ලට මගට දුවලා ආපහු හැරිලා මං ගාවට හැරුණා.මගෙ අතින් හොදටම ලේ ගලනවා.රවිශ්ක ටක්ගාලා ලොකු රෙදි පටියක් ගෙනල්ලා අත ගැට ගැහුවා.

“ඔහොම ඉන්න මැණික මං ඔයාව ඉක්මනට හොස්පිටල් එකට ගෙනියන්නම්.අර කාලකණ්ණිය අද මගෙන් බේරුණා.😡😡ඌට මං යහතින් ඉන්න දෙන්නෑ………”😡😡

රවිශ්ක ටක්ගාලා මාව මං වැඩ කරන හොස්පිටල් එකටම අරන් ආවා.මං හයියෙන් කෑ ගහලා ඇඩුවා.රවිශ්ක හිටියෙ ගොඩාක් කලබලයෙන්. ඉවසගන්න බැරි තරම් අත රිදෙනවා.

“දෙයියනේ කව්ද දිනේත්‍රා මෙච්චර ලොකුවට තුවාල වෙන්න පිහියෙන් ඇන්නෙ?……….”

තුවාලෙ සෝදන ගමන් පියුමි මගෙන් එහෙම ඇහුවා.එයා මාත් එක්ක එකට වැඩ කරන නර්ස් කෙනෙක්.ඒකට උත්තරයක් දෙන්නවත් මට පුලුවන් කමක් නෑ මං කෑ ගැහුවා.ඒ තරමටම තුවාලෙ දැවිල්ලයි රිදෙනවා.

ඩොක්ටර් ඇවිත් තුවාලෙට බෙහෙත් දැම්මා.මැහුම් හයකුත් දාන්න වුනා.අත හොලවන්න බෑ රිදෙනවා.සිද්ද වෙච්චි දේ කෙටියෙන් මං ඩොක්ටර්ට කිව්වා.

“අපි යමු ගෙදර.මං බෙහෙත් ටික ගත්තා………”

රවිශ්ක මාව ගෙදර එක්කන් ආවා.

“අත ගොඩාක් රිදෙනවද දිනූ?……….”

“ඔව් රවී.හොලවන්නවත් බෑ………”

“මගෙ මැණික මාව බේර ගන්න ගිහිල්ලනෙ පිහිපාර කෑවෙ………”

“ඔයා වෙනුවෙන් මට ඕනම දෙයක් කරන්න පුලුවන් රවී.රශ්මිකත් එක්ක පැටලෙන්න යන්න එපා.මට ඔයාවත් නැති වෙයි කියලා බයයි රත්තරං………”

“ඔයා බය නැතුව ඉන්නකො මැණික මාව ඔයාට නැති වෙන්නෑ.ඒත් මේ කරපු දේට ඌට රිටන් එක දෙන්නම ඕනි.නැත්නම් වැඩක් නෑ……….”😡😡

එහෙම කියලා රවිශ්ක කාමරෙන් එලියට ගිහිල්ලා ආපහු ආවෙ බත් පිගානකුත් අතේ තියාගෙන.

“ඔයාට කන්න අමාරුයිනෙ.මං කවන්නම්.කෝ නැගිටින්නකො………”

රවිශ්ක මට බත් අනලා කවන්න පටන් ගත්තා.කටවල් හතරක් පහක් කෑවට පස්සෙ ඇති කිව්වත් මට සැර කරලා බැනලා බත් පිගානම කැව්වා.

“අම්මෝ ඉස්මුරුත්තාවට වගේ රවී……..”

“වැඩිපුර කෑවා කියලා මැරෙන්නෑ බං. මේ වතුර එක බීලා නිදා ගන්නවා………”

🌹🌹

හොස්පිටල් එකට කතා කරලා සතියක නිවාඩුවක් අනුමත කර ගත්තා.රවිශ්ක ගෙදර නැති වෙලාවට මට කවන්නෙ මට නාන්න උදව් කරන්නෙ ගුණසීලි නැන්දා.

මේ ගැන මං අම්මට කෝල් කරලා කිව්වා.එයාලා රශ්මිකට විරුද්ධව පොලීසි ගිහිල්ලා.දැන් ඌ ඉන්නෙ හිරේ.ඒ වුනාට ටික දවසකින් ඌ නිදහස් වෙයි.

“රවී……..”

“හ්ම්ම්………”

“ආදරෙයි ගොඩාක්………”😘😘

එහෙම කියලා මං ටිකක් ඉස්සිලා රවිශ්කගේ කම්මුලක් සිප ගත්තා.ඒ පපුතුරේ හිස හොවාගෙන හිටියා.රවී එයාගෙ ඇගිලි තුඩු වලින් මගේ හිස පිරිමැද්දා.

“මාත් මගෙ වස්තුවට ගොඩාක් ආදරෙයි.ඒත් මට එදා බය හිතුණා……….”

“ඒ ඇයි?……….”

“රශ්මිකයා ඌ කරපු වැරදි තේරුම් ගත්තා කියලා කිව්වම මට බය හිතුණා ඔයා ඌ ගාවට යයි කියලා………”

රවිශ්කගෙ ඒ කතාවට නම් මට හොදටම කේන්ති ගියා.ඇයි යකෝ මෙච්චර ආදරේ කරලා මූට මාව විශ්වාස නැද්ද?හිටපන්කො හොද වැඩක් කරන්න.😁😆එහෙම හිතලා මං එකපාරටම ඉස්සිලා ඒ තොල් හැපුවා රිදෙන්නම.

“ඌයි…..මොකක්ද හු#### යෙ තෝ ඒ කරේ?රිදෙනවා යකෝ.ගලෝනවා තොගෙ දත් ඇන්දම………”

“රිදෙන්න තමයි හැපුවෙ.ඇයි යකෝ මේ තරම් ආදරේ කරන මං ගැන ඔහොම හිතනකොට මට කේන්ති ගියා.මෙච්චර හොද මනුස්සයෙක් ඉන්නැද්දී මං මොකටද අර වගේ එවුන් ගාවට යන්නෙ.ආයෙ එහෙම ඔහොම කතා කිව්වොත් බලාගන්නම්කො………”😁😠

බැන්නට මොකෝ මට පව් කියලත් හිතුණා.රවිශ්කගෙ තොල ගාව ලේ පාට වෙලා.හොදටම පාර හිටලා.

“අම්මපා උඹේ අත හින්දා මං ඉවසුවෙ මැණිකෙ.නැත්නම් මං හපන්නෙ උඹේ ඔතන නෙවෙයි.බලපන් මගෙ කටින් ලේ එනවද කොහෙද?………”😁😠

“අනේ සොරි රවී.ඒත් මටත් කේන්ති ගියා ඔයා එහෙම මං ගැන එහෙම කියද්දී……….”😥😥

“මං හිතලා එහෙම කිව්වෙ නෑ දිනූ.මං දන්නවා ඔයා මාව දාලා යන්නෑ කියලා………”

“ආයෙ එහෙම කියන්න එපා මහත්තයෝ මං පව්නෙ………”

එහෙම කියපු මං මගේ ඇගිලි තුඩු වලින් රවිශ්කගේ දෙතොල් පිස දැම්මා.
අනික් පැත්ත හැරිලා නිදා ගන්න හදද්දි රවිශ්ක මගේ පැත්තට හැරිලා මාව තුරුල් කර ගත්තා.මං ඇදන් හිටපු බ්ලව්ස් එක යටින් අත දාලා හිමිහිට මගෙ කුස පිරි මැද්දා.

“මැණික මං දෙයක් ඉල්ලුවොත් දෙනවද?……..”

මං දන්නවා රවිශ්ක මගෙන් ඉල්ලන්න හදන දේ.කාලයක් තිස්සෙ මගෙ හිතේ ඒ ආශාව තිබුනා.ඒත් රවිශ්ක මට ඒ ගැන මොකුත්ම නොකියපු හින්දා එයා අහනකල් මං සද්දෙ නැතුව හිටියා.

“හ්ම්ම් කියන්නකො ඉතිං?……..”

“නෑ එක්කො දැන්ම ඕන්නෑ………”

මගෙ හිත කෑලි කෑලි වලට කැඩිලා ගියා රවිශ්ක එහෙම කියද්දී.ඇස් වලට කදුලු පිරීගෙන එද්දී මං සද්දෙ නැතුව මොකුත් නොකියා නිදා ගත්තා.

🌹🌹

නිවාඩු ඉල්ලපු සතියෙන් දවස් තුනක්ම ගෙවිලා ගියා.ඒ වුනාට අත තාම ගොඩාක් රිදෙනවා.වැලමිට ගාවම හින්දා වෙන්න ඇති.දවස් දෙකෙන් දෙකට හොස්පිටල් ගිහින් බෙහෙත් දානවා.

“නෝනා…..කෑම ලෑස්තියි………”

“මට දැන්ම බඩගිනි නෑ නැන්දෙ.මං පස්සෙ කන්නම්……..”

කාමරේට ඇවිත් මං අම්මට කෝල් එකක් ගත්තා.

“හෙලෝ අම්මි මං දිනේත්‍රා………”📲

“ආනේ දූ ගොඩ කාලෙකින් අපිව මතක් වෙලා තියෙන්නෙ.දැන් කොහොමද අත සනීපයිද?……….”📲

“තාම හරියකට සනීප නෑ අම්මා.අත නවනකොට ගොඩාක් රිදෙනවා.කෝ අප්පච්චි?………”📲

“අප්පච්චි මාතර ගිහින් දූ.බිස්නස් වැඩකට………”📲

“මං නිවාඩුව ඉවර වෙන්න කලින් එන්නම් අම්මලාව බලලා යන්න………”📲

“ම්ම් ඒක හොදයි දූ.ඉතිං දැන් කවද්ද අපිට මුණුපුරෙක් මිනිපිරියක් ගේන්නෙ?……..”📲

“මං තියන්නම් අම්මා.බුදු සරණයි……..”📲

එහෙම කියලා මං ෆෝන් එක කට් කරා.
එතකොටම ලගට ආවෙ රවිශ්ක.

“කව්ද කෝල් කරේ?………”

“අම්මා………”

“මොකද කිව්වෙ?………”

“එහෙම විශේෂයක් නෑ.නිවාඩුව ඉවර වෙන්න කලින් අපි එහෙ ගිහින් එන්න යමුකො………”

“හෙට දවල් ගිහිල්ලා අනින්දා හවස් වෙලා එමු………”

“හ්ම්ම්………”

“මොකෝ මේ නිකන් ගහගන්න වගේ කතා කරන්නෙ?………”

“නෑ මොකුත් නෑ……….”

“ඇත්ත කියනවා දිනූ.තමුසෙට මොකද වෙලා තියෙන්නෙ?………”

“මට මොකුත් වෙලා නෑ රවී………”

ඒ දවස් කිහිපයත් ඉක්මනට ගෙවිලා ගියා.රවිශ්කයි මායි අම්මලාගෙ ගෙදර ගිහිල්ලා දවස් දෙකක් ඉදලා ආපහු ආවා.මගේ නිවාඩුවත් ඉවරයි.දැන් නම් අත ගොඩාක් දුරට සනීපයි.ඒත් තව දවස් හතර පහක්ම බෙහෙත් දාන්න වෙයි කියලා ඩොක්ටර් කිව්වා.මං උදෙන්ම නැගිටලා ලෑස්ති වුනා වැඩට යන්න.

“රවී…..ඔයා අද ෆැක්ට්‍රියට යනවද?……..”

“දවල් වෙලා යනවා………”

කුස්සියට ගිහින් මං අපි දෙන්නගෙ තේ දෙක අරන් ආවා.තව වෙලාව තියන හින්දා මං හිමිහිට තේ එක බොන්න ගත්තා.ඒක බීලා විනාඩි පහක් ගියේ බඩ කලතගෙන ඇග සීතල වෙලා වමනෙ යන්න වගේ ආවා.🤢🤢මං බඩයි කටයි අල්ලගෙන බාතෲම් එකට දිව්වා.බීපු තේ ටික සේරම වමනෙ ගියා.🤮🤮පුදුම අප්පිරියාවක් සෙවල ගතියක් දැනුනේ.කලබලෙන් වගේ රවිශ්කත් බාතෲම් එකට දුවගෙන ආවා.

“ඇ….ඇයි දිනූ ඔයාට මොකද වුනේ?ඇයි මේ වමනෙ යන්නෙ?………”

රවිශ්ක මාව එයාගෙ ඇගට වාරු කර ගත්තා.ඇගට පණත් නෑ.වෙවලනවා වගේ.මගෙ මූණයි කටයි හෝදවගෙන රවිශ්ක මාව කාමරේට එක්කන් ඇවිත් ඇදෙන් හාන්සි කෙරෙව්වා.

“ඔයාට ගොඩාක් අමාරුයිද දිනූ?අපි යමු බෙහෙත් ටිකක් ගන්න.මොනවා හරි අප්පිරියාවෙන් කෑවද වමනෙ යන්නෙ?………”

මට දැනුනා මං අම්මා කෙනෙක් වෙන්න යන්නෙ කියලා.ඒත් මං ඒක රවීට කිව්වෙ නෑ.හොස්පිටල් එකට ගිහිල්ලා ටෙස්ට් එකක් කරලා බලලාම කියනවා කියලා හිතා ගත්තා.

“දැන් නම් හරි වගේ රවී.බෙහෙත් ගන්න ඕන්නෑ.මං හොස්පිටල් එකටනෙ යන්නෙ.පරක්කුත් වෙනවා………”

“ඔයාට ඔහොම වැඩට යන්න පුලුවන්ද? අද ඉදලා හෙට යන්න………”

“අනේ පිස්සු කොල්ලා.මට අමාරුවක් නෑ මහත්තයෝ.දැන් යමු මට පරක්කු වෙනවා……..”

හොස්පිටල් එකට ගිය ගමන්ම මං පියුමිට මේ ගැන කිව්වා.

“එහෙනම් කෙල්ලෙ උඹට බබෙක් වගේ.අපි ටෙස්ට් එකක් කරලා බලමු. උඹ රවිශ්කට කිව්වද?………”

“නෑ බං.ටෙස්ට් එක කරලා බලලම කියනවා.තාම හරියටම දන්නෙත් නෑනෙ……….”

“මේකෙ රිපෝට් එක එන්න පැයක් විතර යයි.උඹට අමාරුයි නම් රෙස්ට් රූම් එකට ගිහිල්ලා ටිකක් රෙස්ට් කරපං.මං ඒ වාට්ටුව බලන්නම්………”

“එච්චර අමාරුවක් නෑ පියුමි.මං එන්නම්………”

ඇගට යම් යම් අපහසුතාවයන් දැනුනත් මං වෙනදා වගේම උනන්දුවෙන් කැපවීමෙන් වැඩ කරා. හවස තුනට විතර පියුමි හිනා වෙලා මං ගාවට ආවා.

“කන්ග්‍රැජුලේෂන් දිනේත්‍රා.උඹට බබෙක්. ඉක්මනට ගෙදර ගිහින් අර මනුස්සයට ඔය සුබ ආරංචිය කියපං.ආ රිපෝට් එක……….”

මට නම් දැනුනේ උඩ පැන පැන නටන්න තරම් සතුටක්.හවස රවිශ්ක ඇවිත් හිටියා මාව එක්කන් යන්න.

“දැන් හොදයිද දිනූ?………”

“ම්ම්ම්.දැන් හොදයි රවී………”

“බෙහෙත් ගත්තද?……….”

“බෙහෙත් ඕන්නෑ රවී.මට අමාරුවක් නෑ……….”

ගෙදර ආපු ගමන්ම මං බාතෲම් එකට ගිහින් හොදට නා ගත්තා.රවිශ්කත් බාතෲම් එකට ගියාට පස්සෙ මං රිපෝට් එක අතට අරන් කොට්ටෙ උඩින් තියලා කණ්ණාඩි මේසෙ ගාවින් හැංගිලා බලන් හිටියා.ටිකක් වෙලා යද්දී රවිශ්ක බාතෲම් එකේ ඉදන් එලියට ආවා.ඇදෙන් වාඩි වෙලා ෆොන් එක අතට ගත්තා.එතකොටයි දැක්කෙ කොට්ටෙ උඩ තිබුනු රිපෝට් එක.

ඒක අතට අරගෙන දිගෑරලා බලපු රවීගෙ මුහුණ වෙනස් වෙන්න එච්චර වෙලා ගියේ නෑ.යස් කියලා සන්තෝශෙන් උඩ පැනපු රවිශ්ක ඇදට පැනලා අත පය ගස්සමින් නැටුවා.රවිශ්කගෙ මේ පිස්සු වැඩ බලන් ඉදලා මටත් හොදටම හිනා.😃😃

“දිනූ……දිනූ……ඔයා කොහෙද මගෙ වස්තුවේ.එන්නකෝ මගෙ පැටියෝ………”

මං හිමිහිට ගිහින් රවිශ්කගේ උරහිසෙන් නිකට තියාගෙන එයාව තුරුල් කර ගත්තා.ක්ෂණිකව මගේ පැත්තට හැරුණු රවිශ්ක මාව හරහට වඩාගෙන කැරකුණා.මට බයත් හිතුණා මේ යකාගෙ අතින් මං වැටුනොත්.

“අනේ රවී මාව බිමින් තියන්න.මාව වැටෙයි………”

මාව ඇදෙන් තියපු රවිශ්ක මගේ මුහුණට බර වෙලා උමතුවෙන් වගේ හැම තැනකම සිප ගත්තා.අන්තිමට ඒ දෙතොල් නතර වුනේ මගේ කුස මතින්. මගේ කුස මතට ඒ දෙතොල් වල පහස එක් කල රවිශ්ක මගේ මුහුණට නැඹුරු වුනා.

“මං දෙයක් කියන්න මැණික ඒක කරනවද?……….”

“ඒ මොකක්ද රවී?……….”

“ඔයා ඔය ජොබ් එකෙන් අයින් වෙන්න. මං කැමති නෑ මැණික ඔයා බඩකුත් උස්සගෙන ඔහොම මහන්සි වෙලා වැඩ කරනවට……….”

මහෙ හිත හීල්ලුනා රවිශ්කගේ ඒ වදන් වලට.මං කියන්න පුලුවන් හැම විදියකින්ම රවිශ්කට කිව්වා මට මහන්සියක් නෑ මං මේ රස්සාවට ගොඩාක් ආදරෙයි කියලා.ඒත් රවී මං කියන දේ ඇහුවෙ නෑ.

“මං මෙච්චර වෙලා තමුසෙට හොදින් කිව්වා දිනේත්‍රා.මගෙ යකා අවුස්සන්නෙ නැතුව හෙටම අස්වීම බාර දෙනවා.මං කැමති නෑ තමුසෙ ඔය රස්සාව කරනවට.මෙච්චර දවසක් කරන්න දුන්නෙ තමුසෙ පව් හින්දා……….”😡😡

“අනේ රවී ප්ලීස්🙏🙏දරුවා ලැබෙනකල්වත් මං මේ ජොබ් එකට යන්නම්.ඊට පස්සෙ අයින් වෙන්නම්………”😭😭

“තමුසෙට සිංහල තේරෙන්නෙ නැද්ද ඕයි.එපා කිව්වම එපා එච්චරයි……….”😡😡

“අනේ රවී ඔයාට මගෙ සතුට වැදගත් නැද්ද?……….”😭😭

“ඇයි තමුසෙට ඔය රස්සාවට වඩා දරුවාවා වටින්නෙ නැද්ද?………”😡😡

රවිශ්ක එහෙම ඇහුවෙ මගෙ කට හයියෙන් තද කරලා මිරිකගෙන.මගෙ ඇස් වලින් කදුලු වැටුනා.රවිශ්ක මට ගොඩාක් ආදරෙයි.එයා කැමති නෑ මං බඩකුත් උස්සගෙන මහන්සි වෙලා රස්සාව කරනවට.රස්සාව හින්දා මට බෑ රවිශ්කත් එක්ක රණ්ඩු කරන්න.ඒ හින්දා මං හෙටම රස්සාවෙන් අයින් වෙනවා.

“මං……මං හෙටම අස්වීම බාර දෙන්නම් රවී.අනේ මට ඔහොම බනින්න එපා.මං පව් කියලා ඔයාට හිතෙන්නැද්ද?………”😭😭

“මං බනින්නෙ ඔයා කියන දේ අහන්නෙ නැති හින්දා දිනේත්‍රා.හෙටම අස්වීම බාර දෙන්න……….”😠😠

එහෙම කියලා රවිශ්ක කාමරෙන් ගියා. මං නැගිටලා ගිහින් අරමුණකින් තොරව ජනේලෙන් එපිට බලාගෙන හිටියා.කණ්ණාඩි මේසෙ උඩ තිබුනු මගේ යුනිෆෝම් එක මං අතට ගත්තා. ඒක අතේ තියාගෙන මං කදුලු හැලුවා.😭😭

“මැණික……..”

රවිශ්ක ඇවිත් මගේ පිට වටේට අත් දෙක යවලා මට තුරුල් වුනා.එයා දැක්කා මගෙ ඇස් වල කදුලු.😥😥😥😥

“අඩන්නෙ ඇයි සුදු මැණිකේ කියන්න පණ මාගේ……🎵🎵
හෙලන්නෙ ඇයි කදුලැලි ආදර නිල්මිණි
දෑසේ……🎵🎵

ඔයාව ජීවිතයේ මට හමුවුනු මුල් දවසේ……🎵🎵
සිනහවයි දෑසේ අහිංසක ආදරයයි
තිබුනේ……🎵🎵

ඇස් නටව නටව රවිශ්ක මාවත් තුරුල් කරගෙන සිංදුවක් කියන්න පටන් ගත්තා.මටත් හිනා මේ පිස්සගෙ කෝලම් වලට😃😃😃

“මැණික එහෙනම් බබා හම්බෙනකල් විතරක් ඔයා ජොබ් එක කරන්න. හැබැයි ඊට පස්සෙ නම් ඔයා අයින් වෙන්නම ඕනි.නැත්නම් මං බලාගන්නම්කො……….”

“අනේ ඔය ඇත්තමද රවී?………”😃😃

“ඔව් මැණික………”😚😚

මං සතුට වැඩිකමට රවිශ්කගෙ ගෙල බදා ගත්තා.

වසරකට පසු👇👇👇👇

මං දැන් පුතාලා දෙන්නෙකුගේ අම්මා කෙනෙක්.දෙන්නම නිවුන්නු.රවිශ්ක මටයි පුතාලටයි ගොඩාක් ආදරෙයි.අපි ගොඩාක් සතුටින් ජීවත් වෙනවා. රශ්මික විනාශ කරපු පලිගත් විවාහය රවිශ්ක මට සදාකාලික සැනාසුම ගෙනත් දුන්නා.🌹🌹🌹🌹

අවසානයි

Advertisment