20 අවසාන කොටස
🌷මැර හිතකට ලං වී
🌷දේෂාන් මහත්තයගෙ අම්මගෙ වැඩේම මං කන්න ආස කෑම හදලා දෙන එක.මාත් ඉතිං ලද අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන අරගෙන ආස හැම දෙයක්ම අම්මට කියලා හදාගෙන කනවා.මුල් මාස වලදි වගේ ලොකූවට කෑම අප්පිරියාවක් දැනෙන්නෙ නෑ.දැන් නම් ටික ටික කන්න පුලුවන්.
“පුතේ මං ගෙදර යන්න කියලා බැලුවෙ. දුලීකා ඉන්නවනෙ දුවව බලා ගන්න. දරුවා ලැබුනට පස්සෙ මං එන්නම් ටික කාලයක් නවතින්න……….”
දේෂාන් මහත්තයගෙ අම්මා ගෙදර යන්න ගියා.මට පාලුවක් වගේ දැනුනා. මොකද,මං එයාගෙන් දැක්කෙ මගෙ අම්මව.මේ දවස් ටිකේම දේෂාන් මහත්තයා හිටියෙ ගෙදර.මං ප්‍රෙග්නන්ට් කියලා දැන ගත්තට පස්සෙ කොහෙවත් දුරක ගියේ නෑ.
“මොනවද තනියම කල්පනා කරන්නෙ? අම්මා ගිය එකට දුකයි වගේද?……..”
“දුකයි නම් තමයි ඉතිං………”
“අම්මා ගියාට කමක් නෑ ඔයාට ඕනි දෙයක් තියනවා නම් කියන්න මං ගෙනත් දෙන්නම්………”
“එහෙම මොකුත් එපා මහත්තයා.මට ආසයි අපේ ගමට ගිහින් එන්න………”
“බබා හම්බුනාට පස්සෙ ගිහින් එමුකො. දැන් ඔයාට දුර ගමන් යන්න අමාරුයිනෙ……….”
“මැණික,මට හදිස්සි බිස්නස් වැඩකට රට යන්න වෙලා තියනවා.මේක කල් දා ගන්නත් බෑ.මං ගිහින් එනකල් මැණික පරිස්සමින් ඉන්නවද?………”
“කොච්චර දවසකටද මහත්තයා?………”
“සතියකට………”
අනේ මං කොහොමද දේෂාන් මහත්තයා නැතුව සතියක් ඉන්නෙ?😥😥අම්මත් ගමේ ගියානෙ.ඒත් ඉතිං බිස්නස් වැඩේ හදිස්සියි නම් මොනවා කරන්නද?
“කමක් නෑ මහත්තයා ගිහිල්ලා එන්න.මං මහත්තයා එනකල් බලන් ඉන්නවා………”
🌷🌷
දේෂාන් මහත්තයා බිස්නස් වැඩේට රට යන්න ලෑස්ති වුනා.පාන්දර හතරට නැගිටලා සූදානම් වුනා.මාත් ඇහැරිලයි හිටියෙ.කලු කෝට් එකයි කලිසමයි ඇදලා මගෙ හබියගෙ ලස්සන😚😚
“දැන් ඇතිද මැණික හැඩ බැලුවා?………”
මං ඇදෙන් නැගිටලා ගිහින් දේෂාන් මහත්තයගෙ කම්මුල් සිප ගත්තා.😘
“මහත්තයා ගියාට පස්සෙ මට කෝල් කරන්න මං බලාගෙන ඉන්නවා………”
“මචං වෙලාව හරි දැන් වරෙන්………”
දොර ගාවට ඇවිත් යාලුවා රොශාන් එහෙම කිව්වා.මං දේෂාන් මහත්තයට දණ ගහලා වැන්දා.🙏
“තෙරුවන් සරණයි මගෙ මැණික පැටියත් එක්ක පරිස්සමින් ඉන්න.මං සතියකින් ආපහු එනවා………”
එහෙම කියලා මගෙ නලල සිපගෙන දේෂාන් මහත්තයා කාමරෙන් ගියා. එලියෙ ටිකක් වහින හින්දා මහත්තයා මට මිදුලට යන්න දුන්නෙ නෑ.මං බැල්කනියට ගිහින් දේෂාන් මහත්තයට අත වැනුවා.දේෂාන් මහත්තයගෙ කාරෙක ගියාට පස්සෙත් මං බැල්කනියට වෙලාම හිටියා.මගෙ හිත අමුතු පාලුවකින් වගේ හැගීමකින් වෙලිලා ගියා.සතියක් තනියම කොහොම ඉන්නද මන්දා.
ඔරලෝසුවේ වෙලාව වෙනදාටත් වඩා හිමින් යන්නෙ කියලා හිතුණා.මේ සතිය ගෙවෙනකල් මං නොඉවසිල්ලෙන් බලාගෙන හිටියා.දේෂාන් මහත්තයා රට යන්න කලින් මට උපදෙස් ගොඩාරියක් දීලයි ගියේ.මට තනියම නාන්නත් එපා කිව්වා.මගෙ තියන දැගලිල්ලට ලිස්සුවොත් එහෙම?එයා මාව ගොඩාක් හොදට පරිස්සම් කරනවා.
දවසට දෙපාරක් විතර දේෂාන් මහත්තයා මට කතා කරනවා.මට ගොඩාක් පාලුයි මහත්තයා නැතුව.සමහර වෙලාවට මට ඇඩෙනවත් එක්ක.
කොහොමින් කොහොම හරි ඒ දවස් හතත් ගෙවිලා ගියා.අද තමයි දේෂාන් මහත්තයා ගෙදර එන්නෙ.උදේ කෝල් කරා එහෙන් ප්ලේන් එකට නැග්ගා කියලා.දැන් පැටියාත් ටික ටික දගලනවා. මං කුසට අත් දෙකම තියලා බැලුවා.
“පැටියෝ ඔයාගෙ තාත්ති අද එනවා. බලමුකො තාත්ති මොනවද අම්මිට ගෙනත් තියෙන්නෙ කියලා………”
රෑ දහයට විතර දේෂාන් මහත්තයා ගෙදර ආවා.
“මහත්තයා……..”
මං දුවලා වගේ ගිහින් දේෂාන් මහත්තයව බදා ගත්තා.මහත්තයත් මාව තුරුල් කරගෙන ඔලුව අත ගෑවා.
“ඇයි මැණික මෙච්චර වෙලා ඇහැරිලා හිටියෙ?මං කොහොමත් රෑ වෙලා හරි එනවනේ………”
“මහත්තයා නැතුව මං හිටියෙ ගොඩාක් පාලුවෙන්………”
“හරි ඉතිං දැන් මං ආවනෙ.මැණික ඔහොම ඉන්නකො.මං ටක්ගාලා වොශ් එකක් දාගෙන එන්නම්.තාම මේ උදේ ඇදපු ඇදුම පිටින් ඉන්නෙ………”
දේෂාන් මහත්තයා නාගෙන එනකක් මං ඇදට වෙලා හිටියා.මේ දවස් වල හරියකට නින්ද යන්නෙත් නෑ.
“නිදිමත නැද්ද අහිංසා පොඩ්ඩක්වත්?………”
“නෑ මහත්තයා………”
“මං ගොඩාක් බඩු ගෙනාවා මැණිකට. උදේට බලමුකො……..”
😘🤰
දැන් මගෙ කුසට මාස නවයයි.දින ගොඩාක් ලග හින්දා මං හිටියෙ ගොඩාක් කල්පනාවෙන්.දේෂාන් මහත්තයත් මේ දවස්වල ගෙදරමයි ඉන්නෙ.දේෂාන් මහත්තයගෙ අම්මත් දරුවා ලැබුනම මෙහාට එනවා කියලා කිව්වා.අපි හැමෝම ඇගිලි ගැන බලන් හිටියේ අලුත් අමුත්තව පිලි ගන්න.මං හිටියෙම ඇදට වෙලා විවේකයෙන්මයි.මාව නාවන්නෙත් මට කවන්නෙත් දේෂාන් මහත්තයමයි.
“මහත්තයා පොඩ්ඩක් බලන්නකො අත තියනවා පැටියා හොදටම පයින් ගහනවා……..”
දේෂාන් මහත්තයා මං ගාවට ඇවිල්ලා බඩට අත් දෙකම තියලා බැලුවා.පැටියා දගලන හැටි හොදට දැනෙනවා.තාත්තා වගේම චන්ඩියෙක්ද කොහෙද?දගලන දැගලිල්ලට සමහර වෙලාවට මට එක පැත්තකට හැරිලා ඉන්නත් බෑ.
“ගොඩාක් අමාරුයි නේද මැණිකට පැටියා පයින් ගහනකොට?………”
“ටිකක් විතර අමාරුයි මහත්තයා.එක පැත්තකට හැරිලා ඉන්නම බෑ……..”
“මේ මාස ගාන ඉවසුවා වගේ තව ටික දවසක් ඉවසන්නකො මැණික………”
ටික දවසක් ඉවසන්න වුනේ නෑ එදා රෑම මට අමාරු වුනා.දේෂාන් මහත්තයා මාව හරහට වඩාගෙන කාරෙකේම හොස්පිටල් එකට එක්කන් ආවෙ. වේදනාව ඉවසගන්න බැරුව මං හොදටම ඇඩුවා.දුලීකා නැන්දයි දේෂාන් මහත්තයයි මහතතයයි දෙන්නම මගෙ බය නැති කරන්න ගොඩාක් උත්සහ කරා.දරුවා ලැබෙනකොට දේෂාන් මහත්තයත් මගෙ ලගින්ම හිටියා.මං දේෂාන් මහත්තයගෙ අත් දෙකෙන්ම අල්ලගෙන කෑ ගැහුවා.
🤱❤️
“මගේ සුභ පැතුම් මැණික.අපිට පුතෙක්………”
මගේ පුංචි පුතාව දේෂාන් මහත්තයා මගෙ තුරුලෙන් තිබ්බා.රෝසම රෝස පාට බෝලයක් වගේ මගේ පුතු පැටියා. මං හරිම ආසාවෙන් පුතාව තුරුල් කර ගත්තා.
“මගේ සුභ පැතුම් දෙන්නටම.මචං ඔන්න උඹත් දැන් තාත්තා කෙනෙක්……..”🤝🤝
ඩොක්ටර් රංජීව අපි දෙන්නට සුභ පැතුවා.දේෂාන් මහත්තයා පුතාව වඩාගෙන හුරතල් කරනවා.දේෂාන් මහත්තයගෙ ඇස් වල සතුටු කදුලු පිරිලා.දැන් නම් ජීවිතේට ලොකු වගකීමක් දැනෙනවා පුතා නිසා.පුතා දේෂාන් මහත්තයා වගේමයි.
ගෙදර ආවට පස්සෙ දේෂාන් මහත්තයගෙ අම්මත් ඇවිල්ලා හිටියා. ආච්චි අම්මා මුණුපුරාව වඩා ගත්තෙ කියා ගන්න බැරි තරම් සන්තෝශෙකින්. අපි දෙන්නා පුතාට නම දැම්මෙ “කේෂාන් ආදිත්‍ය” කියලයි.
“තමුසෙ නාන්නැද්ද?………”😠
ඕන් පටන් ගත්තා පරණ පුරුදු නම් සෙට් එක😄😁😀මේ යකාව නම් මකලාවත් හදන්න බෑ.පුතා බඩේ ඉන්න කාලෙ විතරයි ආදරෙන් කතා කරේ.පුතා ඉපදුනා විතරයි ඕයි,තමුසෙ,ගෑනි කියන්න පටන් ගත්තා මේ ගල් ඉබ්බා.😠😠
“මහත්තයා………”
“හ්ම්ම්………”
“අපි තව දරුවෙක් හදමු……..”
“මොකක්??ඕයි මොංගලේ මේ ළමයට තාම දවස් පහයි.ඉවසන්න පුරුදු වෙනවා………”😠😁😁🤣
“නෑ…..ඉතිං මං කිව්වෙ මහත්තයා මට ආදරෙන් කතා කරන්නෙ මං බඩ වෙලා ඉන්නකොට විතරයිනෙ………”
“ආ…..ඒකද මේ?මං තරහට නෙවෙයි මැණික එහෙම කියන්නෙ.මං උඹට එදා වගේම අදත් ආදරෙයි වස්තුවෙ………”
“එහෙනම් කමක් නෑ………”
වසර හයකට පසුව👇👇👇👇
දැන් අපේ පුතාට අවුරුදු හයයි.පුතා ඉගන ගන්නෙ එක වසරෙ.පුතාගෙන් පස්සෙ දුවෙකුත් ඊට පස්සෙ තව පුතෙකුත් ඉන්නවා.දුවට නම් අවුරුදු හතරයි.පොඩි පුතාට අවුරුදු දෙකයි. ඔක්කොටම හපං ලොකු පුතා.රණ්ඩු කෙක්කක් ඉස්කෝලෙදි.
“මහත්තයා………”
“ඇයි?………”
“හෙට ලොකු පුතාගෙ ටීචර් අපි දෙන්නගෙන් කාට හරි ඉස්කෝලෙට එන්න කිව්වලු………”
“ඒ ඇයි?……..”
“අහගන්නකො ඇයි කියලා මෙයාගෙන්ම?………”😠😠
“සුදු පුතා ඇයි මොකද වුනේ?ඔයා යාලුවොත් එක්ක රණ්ඩු වුනාද?………”
“ඉක්කෝලෙට අලුතින් ආපු ලාලුවෙක් ඉන්නවා.එයා මාත් ඒත්ක කතා කලේ නෑ. මං එයාත පාලක් ගැව්වා………”
“ඒ කෙල්ලට ගහලා මෙයා නිකන් ඉදලා නෑ.කියලා තියන දේ දන්නවද?………”😠😠
“ඇයි මොකක්ද කියලා තියෙන්නෙ?………”
“ඊයෙ මෙයාට අලුතින් අරන් දීපු බෙල්ට් එකෙන් ඒ කෙල්ලගෙ කොන්ද කැඩෙන්න ගහනවා කිව්වලු………”😠😠😁
ඊට පස්සේ නම් දේෂාන් මහත්තයා ටිකක් අමුතු වුනා.මූට මොනවා හරි මතක් වෙන්න ඇති.
“එහෙම කියන්න එපා පුතේ.ඒ යාලුවා පව්නෙ.තාම අලුත්නෙ ඉස්කෝලෙට………”
“තාත්තා වගේ නැතෑ පුතාත්.ගහේ කටු උල් කරන්න ඕන්නෑනෙ………”😁😀😠
❤️සමාප්තයි❤️
කොටස් විස්සක් එක්ක මේ කතාව පුරාවටම මාත් එක්ක රැදිලා හිටපු ඔයාලා හැමෝටම ගොඩාක් ආදරෙයි ගොඩාක් ස්තූතියි යාලුවනේ.”රතු ලේ දහරා” කතාවෙන් පටන් අරගෙන මේ ලිව්වෙ මගේ විසි නමවෙනි කතාව.මුලදි මං හිතුවෙ නෑ මෙච්චර ප්‍රතිචාර ලැබෙයි කියලා.ඔයාලගෙ කමෙන්ට්ස් කියවද්දී මට ලොකූ සතුටක් දැනෙනවා.හැමෝටම ගොඩාක් ස්තූතියි