“චරන්‍යා දොර ඇරපන්.මොකක්ද උඹ කරන්නේ ගෑනියේ”

ඒ හඬත් එක්කම මාව වෙවුලන්න පටන් ගත්තේ දිනපතා ලැබෙන ගුටි පූජාව මතක් වෙලා.

” ඇරපන් ගෑනියේ දොර”

ආයෙත් ඒ හඬත් එක්කම මම ඉක්මන් කරලා ගිහින් දොර ඇරියේ බයත් හිත පුරා පුරවන්මයි.දොර අරිනවත් එක්කම ගෙට ආව සහාන්

” තෝ මොකක්ද යකෝ කරේ මෙච්චර වෙලා”

” න් නෑ නෑ ස….ස….හා..න්….මම….කු…ස්සි…යේ හිටියේ”

” ඇයි අරූ ආවද”

කිසිම හිතක් පපුවක් නැතුව මං දිහා බලන් සමච්චල් හිනාවක් එක්ක එහෙම අහාන සහාන් දිහා මම බලන් හිටියේ ඇස් වල කඳුළු පුරවන්.

මම චරන්‍යා……….වයස තාමත් 20ක් වෙච්ච කඳුළුම විතරක් උරුම වුණ කෙනෙක්.අම්මා තාත්තාගේ හුරතලි වෙලා මාලිගාවක් වන් ගෙදරක සැපට හැදුන මට දුක කඳුළ කියන්නේ මොකක්ද කියලවත් දන්නේ නෑ.ඒත් අද කඳුළ ඇර කිසිම දෙයක් උරුම නැති වෙලා තියෙන්නේ මගේම වැරදි නිසා

” චරන්‍යා මෙහෙ වරෙන්”

කල්පනාවෙ හිටිය මං පියවි සිහියට ආවේ ඒ හඬින්.ඔහු මගේ නීත්‍යානුකූල ස්වාමියා සහාන්.කලක් මං ආදරෙන් මත් වෙච්ච රූපය.මවුපියන්ට පිටුපාලා ලස්සන ආදරයකට පයින් ගහාලා සහාන්ට මත් වුණේ ඔහුගේ හැඩිදැඩි සිරුරත් ඕනිම කෙල්ලෙක් දෙවරක් හැරිලා බලන කඩවසම් පිරිමි රුවට.

හිමින් මං ගියේ සහාන්ගේ හඬ ඇසුන දෙසට.මං යනකොටත් ඇඳට වැටිලා හිටිය සහාන්

” මෙහෙ වරෙන්”

බලෙන්ම වගේ මාව එයා ළඟට ඇදලා ගද්දි මම සහාන්ව තල්ලු කරේ මේ දිනවල තියෙන මාසික වේදනාව නිසාමයි.

” ඇයි තෝ තල්ලු කරේ මාව? අද අරූ ආවද”

” මොනාද සහාන් මේ කියවන්නේ.තේරුම් ගන්නකෝ මට බෑ”

මගේ කොණ්ඩෙන් අල්ලගත්ත සහාන්

” ඇයි තොට බැරි තෝ මගේ ගෑණි වරෙන්”

” සහාන් තේරුම් ගන්නකෝ මට මෙන්සස් ඇයි වද දෙන්නේ”

” ෂිට් උඹ නම්”..

අප්පිරියාවෙන් වගේ මාව තල්ලු කරපූ සහාන් බාත් රූම් එකට රිංගුවේ මට පයින් පහාරකුත් ගහාලමයි.දෑස් පුරා රූරා වැටුණ කඳුළු කැට පිටි අත්ලෙන් පිහිදගෙනම මම හිමිට.. නැගිට්ටේ සහාන්ට කෑම එක බෙදලා දෙන්න ඕනි නිසාමයි…….නාලා ආව සහාන්ගේ අතට බත් එක බෙදලා දුන්නේ වෙවුලමින් වුණත් හිත හයිය කරන්.ඒත් සිද්ද වුණේ මං නොහිතුව දෙයක්.බත් පිඟාන පොළවේ ගහාපූ සහාන්

” යකෝ මේවා බල්ලෙක්ට හරි කන්න පුළුවන්ද”

” ඇ…ඇයි සහාන්”

” ඇයි අහාන්නේ.මිරිස් රහාක්වත් නෑ.ඇයි දැන් උඹට උයන්නත් අමාරුද”

” න්………න්…………නෑ සහාන් මට”

කියන්න ගිය වචන ටික කියලා ඉවර කරන්නත් කලින්ම සහාන්ගෙන් වැදුණ කම්මුල් පහාර නිසාම බිමට ඇදගෙන වැටුණේ ඇඟටත් පණක් නොතිබුණ නිසාමයි.බිම වැටුණ මට සහාන් ආයෙත් පයින් ගැහුව්වේ කිසිම හිතක් පපුවක් නැති ගාණට.

පැයක් විතර බිම වැටිලා හිටිය මං හිමින් සීරුවේ නැගිට්ටේ ගතේ අමාරුවටත් වඩා දැනුණ හිතේ අමාරුව එක්ක.

මගේ ජීවිතේ දින ගෙවුණේ එහෙමයි.දවසින් දවස ජීවිතේ අපායක් වුණෙත් මගේම වැරදි ගොන්නක් නිසා…ඒ මතකෙට හිත ඇදීලා ගියෙත් මටත් හොරාමයි……..අවුරුදු 17දී උසස් පෙළ කරන්න ගිය දවස්වල තමයි මට ශනිල්කව හම්බවුණේ.ශනිල්ක කියන්නේ අයෝමය පුරුෂයෙක්වත් මිස්ටර් ශ්‍රී ලංකාවත් නෙමෙයි.සාමාන්‍ය දුප්පත් කොල්ලේක්.තාත්තා විතරක් හිටිය ශනිල්ක ආදරේ හොයපූ කොල්ලෙක්.ඒ දවස්වල මං ගිය ක්ලාස් එකටමයි ශනිල්කත් ආවේ.සල්ලි බාගේ සැප සම්පත් ලස්සන අඩුවක් නැතුව තිබුණ මට ශනිල්කව නිකම්ම කුණුගොඩක් වගෙයි පෙනුනේ.ආදරේ ඉල්ලන් මගේ පස්සෙන් ආව කොල්ලොන්ගේන් ශනිල්කත් කෙනෙක්.ඒත් ශනික්ල ප්‍රසිද්ධියේ ආදරේ ප්‍රකාශ කරපූ කෙනෙකුත් නෙමෙයි.

ශනික්ල තමයි ක්ලාස් එකේම හිටිය දක්ෂම ළමයා.ඒ නිසාම ශනිල්කව වට්ටන්න මම ශනිල්කට ආදරයක් දුන්නේ බොරු මවාපෑමක් විදිහට.ඒත් ශනිල්කගේ ආදරේ පුදුමාකාර දෙයක්…….

” හෙලෝ ගුඩ් මෝනිම් ශනිල්ක”

” ගුඩ් මෝනිම් චූටි මැණික”

” මේ අද කොහේ හරි යමු.මං එන්නම් ඔයා ෆුඩ්සිටි එක ළඟ ඉන්න”

” ඒත් චූටි මැණික මගේ අතේ අද නම් සල්ලි නෑනේ.ක්ලාස් ෆීස් විතරයි තියෙන්නේ”

” අයියෝ මොකක්ද ශනිල්ක.ෂිට් වැඩක් නෑ ඕයි.තමුසෙට කවද්ද තිබුණේ”

ශනිල්කට බැන්න මං ෆෝන් එක කට් කරේ මගේ තිබුණ උඬගුකම නිසාමයි.මං ශනිල්කට කොච්චර බැන්නත් කවදාකවත් ශනිල්ක මට වචනෙකින්වත් බැනලා හිත රිද්දලා තිබුණේ නෑ.ඔය කාලෙදීමයි මට සහාන්ව හම්බවුණෙත්.සහාන් කියන්නේ කාගේ කවුද කියලා නොදැන හිටියත් සහාන්ගේ කඩවසම් රුවට මං වශී වුණේ පුදුම විදිහට.මගේ තිබුණ ලස්සන නිසාම මට සහාන්ව මගේ වසඟයට ගන්න පුළුවන් වුණා.දවසින් දවස ක්ලාස් කට් කරලා සහාන් එක්ක ඇවිදින්න යන එක මම පුරුද්දක් කරන් තිබුණේ.මට ශනිල්කව අමතක වෙලා වෙලා තිබුණත් ශනිල්කට නම් මාව අමතක වෙලා තිබුණේ නෑ.

එදා මගේ උපන්දිනේ දවසේ.හැමෝම විෂ්කරලා තෑගි දෙනකොට ශනිල්කත් ලස්සන හිනාවක් එක්කම මං ළඟට ආවා.

” චූටි මැණික හැපි බර්ත්ඩේ”

විෂ්කල ශනිල්ක පුංචි ගිෆ්ට් පැක් එකක් මගේ අතින් තිබ්බේ ඇස්වලින් පුංචි බලාපොරොත්තුවක් තියාගෙනමයි.හැමෝම ඉස්සරහා ශනිල්කගේ ගිෆ්ට් එක බැලුව මං දැක්කේ පුංචි කෙල්ලෙකුයි කොල්ලෙකුයි රෝසමල්ක් අතින් අල්ලන් ඉන්නවා.ඒකේ ප්‍රමාණේ මට ලැජ්ජාවක් වගේ දැණුනේ එදා මගේ තිබුණ උඩඟුකම නිසාම වෙන්න ඇති.ඒක ශනිල්ක බලා ඉද්දීම විසි කෙරුවේ කිසිම හිතක් පපුවක් නැති ගාණට.

” ශනිල්ක මොකක්ද හලො ලොකු ගිෆ්ට් එකක්වත් ගේන්න බැරිද? ඒ තරම්ම හිඟන්නෙක්ද”

එදා ශනිල්කගේ ඇස්වලින් කඳුළු වැටෙද්දි මං කරේ එයට හිනාවුණ එක මිසක් ඒ කඳුළු පිහදාපු එක නම් නෙමෙයි.ඇත්තටම එදා ඉඳලා මාස දෙකක් විතර මං ශනිල්කව දැක්කේ නෑ.මට එයා ගැන හොයන්න ඕනි වුණෙත් නෑ මොකද මං සහාන්ගේ ආදරෙන් මත් වෙලා හිටිය නිසා.

දවසක් පාර්ක් එකේ ගහාකට මුවා වෙලා සහාන්ගේ පෙම්පහාස විඳිනකොට මං ළඟට ආවේ වෙන කවුරුත් නෙමෙයි මගේ හොඳම යාළුවා චායා.

” චරන්‍යා මට උඹත් එක්ක පොඩ්ඩක් කතා කරන්න ඕනි”

” මොකක්ද බන් මෙතනම කියපන්”

” බෑ බන් වරෙන්කෝ”

එදා මම චායා එක්ක යද්දි කවදාවත් නොදුටු ලෙසට චායාගේ මුහුණ දුකින් පිරිලා තිබුණේ.

” ඇයි බන් මොකද වුණේ”

” චරන්‍යා උඹට ශනිල්ක ගැන ආරංචියක් හම්බවුණාද”

” පිස්සුද බන් උඹට.ශනිල්ක කියන්නේ මහා හිඟන්නෙක්.ශනිල්කව වට්ටන්න ඕනි නිසයි මං ආදරෙයි කියලත් කිව්වේ”

ඒ ටික කියලා ඉවර වෙනවත් එක්කම මගේ ඉස්සරාහාට ආවේ ශනිල්ක.ඇස් වල කඳුළු පුරවන් මං ලඟටම ආව ශනිල්ක

” චූටි මැණික…මං ඔයාට ආදරේ කලේ ඔයාගේ සල්ලි නිසාවත් ලස්සන නිසාවත් නෙමෙයි.ඔයාව මේ හිතට දැනුණ නිසා.ඒ…….ඒත් ඔ…..ඔයා”

මං කරේ ශනිල්කගේ කඳුළු වලට සමච්චල් හිනාවක් පාලා තව තවත් එයාව අසරණ කරපු එක.

” මං අවංකවමයි චූටි මැණික ආදරේ කලේ.ඔයා සතුටින් ඉන්න”

මට පිටුපාලා යන ශනිල්ක දෙස බලා සිටි චායා

” චරන්‍යා උඹත් කෙල්ලෙක්ද බන්”

” ඇයි”

” උඹට ඇත්තටම ශනිල්කගේ ආදරේ දැණුනේ නැද්ද”

“පිස්සුද බන්.බලපන්කෝ ඌ දිහා ඒකට සහාන් අම්මෝ පිස්සු හැදෙනවා බන්”

මට ශනිල්කගේ ආදරේවත් කඳුළුවත් පෙණුනේ නෑ.ඒ හැමදෙයක්ම සහාන්ගේ ආදරෙන් වැහිලා තිබුණේ.මට ශනිල්ක ගිය එක ගැන පොඩි දුකක්වත් තිබුණේ නෑ.මට ශනිල්කග ගැන මතකයක්වත් තිබුණේ නෑ.ශනිල්ක ගියාට පස්සේ මං මගේ නිදහාස උපරිමයෙන්ම වින්දා.මොකද ශනිල්ක කවදාකවත් මට වැරැද්දක් කරලවත් වැරදි වචනයක් කියලවත් නෑ.අතින් අල්ලන්ත් ශනිල්ක බයයි.

ශනිල්ක මගෙන් ඈත් වෙලා ගියාට පස්සේ මට සහාන් එක්ක ඕනිම තැනකට යන්න පුළුවන් වුණා.

උසස් පෙළ විභාගයේ අන්තිම දවස ඔව් එදා ශනිල්ක ආවා මාව බලන්න.මගේ ජීවිතේ මං මෝඩම තීරණය ගත්ත දවස එදා මං ඉස්සරහට ආව ශනිල්ක

” චූටි මැණික…….”

” ඇයි මොකද”

“මගේ ජීවිතේ ලැබුණා එකම ආදරේ.දන්නවද චූටි මැණික ඔයාව මං බලාගත්තේ ඇස් දෙක වගේ.ඔයා මට ආදරේ නැති වුණාට කමක් නෑ.මං අවංකවම ආදරේ කරා.මගේ අම්මාට තරම් ගරු කරා.ඒ නිසා පරිස්සමෙන් ඉන්න”

ශනිල්ක කිව්ව වචනව බරපතල කමක් මට තේරුණේ නම් නෑ.මොකද මගේ තිබ්බ උඬගුකම ඒ වචන ගැන් හිතන්න ඉඩ දුන්නේ නෑ.

ශනිල්ක යනවත් එක්කම මං ලඟට ආව සහාන්

” චරන්‍යා ඩාලිං”

” සහාන් කියන්න”

” යමුද ගමනක්”

” යමු යමු”

යන්නේ කොහෙද කියලවත් අහාන්නේ නැතුව මං ගියේ අපායකට මගේම කැමැත්තෙන්.එදා මෝඩකමට කෙල්ලෙක් වෙලා සහාන් එක්ක ගිය මං ආයෙත් ආවේ ගෑණියෙක් වෙලා.ඒත් මට පොඩ්ඩවත් දුකක් දැනුනේ නෑ.මොකද මං ඒ වෙලාවේ හිතුවේ මහා ලොකු හපන් කමක් කරා කියලා.

ඒත් නොහිතපු වෙලාවක සිදු වුණේ නොහිතපු දෙයක්.විභාග ප්‍රතිඵල එන්න කලින්ම ලැබුණේ කරපු වැරැද්දේ ප්‍රතිඵලය.අවුරුදු 19ක් වෙන්නත් කලින්ම බඩට ළමයෙක් ඇවිත්.සහාන හොයන් ගිය මං එදා තමයි සහාන්ගේ ඇත්ත ස්වරූපය පෙනුණේ.නගරයේ වීදි ගණිකාවකගේ පුතෙක් තමයි සහාන් කියන්නේ.සහාන් කියන්නෙත් ලෝකේ තියන හැම වැරැද්දම කරන පහාත්ම මිනිහෙක්.

“සහාන් අයියේ”

“මොකෙක්ද පාන්දරම”

එළියට ආව සහාන් මං දිහා බැලුවේ සමච්චල් හිනාවක් එක්ක.

” ආ උඹද ඇයි”

” අයියේ ම……..ම……මං ප්‍රෙග්නනට්”

” මොකක් පිස්සුද ඕයි ලමයාව නැති කරනවා”

” අයියේ”

හැමදෙයක්ම තේරුම් ගද්දි මං පරක්කු වැඩි.ඒ වෙලාවෙයි මට ශනිල්කගේ ආදරේ දැණුනේ.වැස්ස වෙලාවක ශනිල්කගේ ගෙදර මාව එකන් ගිය ශනිල්ක වැස්ස පායනකල් එළියට වෙලා හිටිය හැටි මැවිලා පෙනුණා.එදා බලෙන්ම වගේ මං සහාන්ගේ ගෙදර නතර වුණේ අම්මාලටත් හොරෙන්මයි.

මගේ බඩේ හිටිය කිරි කැටියාට මාස තුනක් විතර වෙද්දී සහාන්ගේම වැරදි නිසා එයා යන්නම ගියා.දින සති මාස ගෙවිලා ගියේ ජීවිතේ අපායක් කරමින්.

ඒ අතීතයෙන් මං මිදුණේ සහාන්ගේ හඩින්.දවසින් දවස එදා ශනිල්ක දුන්න ආදරේ ඇස් ඉස්සරහා මැවිලා පෙනුණේ නොහිතපු විදිහට.ඉක්මනට කම්මුල් දිගේ රූරා වැටුණ කඳුළු පිහදාගත්ත මං ගියේ සහාන් ළඟට.මං යනකොටත් පොඩි ළමයෙක් වගේ නිදාගෙන ඉන්න සහාන්ව දැක්කාම ඇස් වල තිබුණ කඳුළු අලුත් වුණේ මටත් හොරාමයි.

මගේ හිතුවක්කාර ජීවිතේට අවුරුද්දක්ම ගෙවුණේ කඳුළු විතරක් ඉතුරු කරලා.ජීවිතේ කඳුළු විතරක්ම වෙද්දී තීරණයක් අරන් ගෙදරින් එළියට බැස්සේ අම්මලාගෙන් සමාව අරන් එයාලා එක්ක ඉන්න.මං හිතුවත් වගේම මගේ අම්මායි තාත්තායි සමාව දුන්නා.එයාලට බරක් වෙන්න බැරි නිසාම මං ගාර්මන්ට් ගියේ හිතේ දුකත් පොඩ්ඩක් තුනී වෙන නිසා.

ඒත් දවසක් අවුරුද්දකට විතර පස්සේ දැක්ක රැවින් මුළු ඇඟම සීතල කරලා ඇස්වලට කඳුළු ඉනුවේ මටත් හොරාමයි.ශනිල්ක පිළිවෙළ කොල්ලෙක්.එදා අන්තිම දවසේ දැක්කා වගේමයි.මං කකුල ඉක්මන් කරලා ගියේ ශනිල්ක එක්ක වචනයක් කතා කරන්න ඕනි නිසාමයි.ඒත් ශනිල්කට ලං වෙනවත් එක්කම එතනට ආව චායාව දැකලා මාව ගල් ගැහුනේ හිතාගන්නවත් බැරි විදිහට.ඇස් වල කඳුළු අලුත් වෙද්දී හිතට හයියක් අරන් මං ගියේ ශනිල්ක ලඟට.

” ශ……..ශ…..ශනිල්ක”

මං දිහා හැරිලා බැලුව ශනිල්කගේ මුවේ හරි ලස්සන හීනි හිනාවක් ඇඳුනා.අහිංසක බැල්මකින් මං දිහා බැලුව ශනිල්ක

” චරන්‍යා ඔයා”

මගේ කඳුළු ආයෙත් අලුත් වුණා.එදා හරි ලස්සනට මට චූටි මැණික කිව්ව ශනිල්ක අද චරන්‍යා කියලා නම කතා කරනවා.

” ශනිල්ක හොඳින් ඉන්නවාද”

” ඔව් චරන්‍යා තැන්ක්ස් එදා ගියාට.මොකද ඔයා ගිය නිසයි මට අම්මෙක් ලැබුණේ චායා”

ඒ කියන්නේ ශනිල්ක චායට ආදරෙයි.මං තමයි ඒ ආදරේ නැතිකරගත්තේ

” චරන්‍යා උඹ දන්නවාද බන්.ශනිල්ක කැම්පස් පාස්.එදා උඹ වට්ටන්න හැදුව ඒ හිඟන්නාම තමයි අද අයිලන්ඩ් ෆස්ට්.ඉස්සෙල්ලා ආදරේට ආදරේ කරපන්.ලස්සනට නෙමෙයි”

චායා ඒ වචන ටික කියලා ශනිල්කගේ අත අල්ලන් ඈතට යද්දි දුකක් වගේම ඉරිසියාවකුත් ඇති වුණා.ඒක එහෙම නෑ කිව්වොත් බොරුවක්.පාර මැදම ඉඳලා මං අඬනකොට මං ලඟට දුවගෙන ආව ශනිල්ක

” චරන්‍යා මං එදා ඔයාට ආදරේ කරේ ඇත්තටමයි.මේ හිත අද්දර හැමදාමත් ඔයා ඉන්නවා.මොකද ඒ මගේ පළවෙනි ආදරේ නිසා.ඒත් අද මගේ ජීවිතේ ඔයාගේ යාළුවා වුණ චායා.පරිස්සමෙන් ඉන්න”

ශනිල්ක ඒ වචන ටික කියලා යන්නම ගියේ ආයෙත් නොඑන්නමයි කියලා මට හොඳටම තේරුණා.

” ඇත්ත ශනිල්ක හිත අස්සේ ඔයා ඉන්නවා.මට ඒක තේරුම් ගන්නයි බැරි වුණේ.එදා මගේ උඬගුකමයි අහංකාරකමයි නිසා ආදරේ විසික් කරලා රාගය පස්සෙන් දිව්වා.අද ජීවිතේ වරද්දගත්ත කෙනෙක් වෙලා සමාජයේන් ඈත් වෙලා ජීවත් වෙනවා.ඔයාට කවදාවත් වරදින්නේ නෑ ශනිල්ක”

ඈතට යන ශනිල්ක දිහා ගොඩාක් වෙලා බලන් හිටිය මං කම්මුල් දිගේ කඳුළු ගලද්දිම ගියේ මං ගැනම කලකිරිලා.

නැවතුමයි හිත්මානේ

මං නිහඬ සඳවතිය (රෂී