හලෝ අනුරාධපුර පොලිස් ස්ටේෂන්..

Yes, spikng anuradapura police ස්ටේෂන්

සර්,දවසක විතරව් පොඩි කිරි සප්පයෙක් මහ පාරට පොඩ්ඩක් එහාට වෙන්න දලා ගිහින්..

දරුවා තත්වය කොහොමද?

දරුවා හොදින් සර්.. දරුවා දලා ගිහින් වැඩි වෙලාවක් නෑ වගේ

ඕකේ මිස්ට අපි දැන්මම ඔතනට එන්නම්.

මේ දරුවා දලා යනවා කවුරුත් දැක්කේ නැද්ද?

දරුවා දාලා යනවා නම් දැක්කේ නෑ සර්,එත් ගෑණු කෙනෙක් නම් මෙතනට වෙලා කැරකි කැරකී හිටියා,මට හිතෙන්නේ ඒ ගෑණු කෙනාගේ අතේ හිටපු දරුවා වෙන්න ඕනී..

මොනවා වගේ ගෑණු කෙනෙක්ද? කලින් මෙහෙදී ඒ ගෑණු කෙනාව දැකලා තියේද? දැක්කොත් අදුරගන්න පුලුවන්ද?

ප්‍රශ්න වැලක් මන් ඇහුවේ වීල් පාර්ක් එකේ හයර් දුවන මනුස්සයාගෙන්

ඔව් සර් පුලුවන්…

ඩිලානි දරුවා අපි අරන් ගිහින් අනාත නිවාසයක දෙමු

ඕකේ සර්

හලෝ සර් අර දරුවා දලා ගියා කියලා කියපු ගෑණු කෙනා මේ ටවුන් එකේ ඉන්නවා..

ඒදා සාක්ෂි දුන්නු වීල් පාර්ක් එකේ මනුස්සයා කෝල් එකක් දුන්නු ගමන් අපි එතනට ගියේ රාජකාරීය දේවකාරීයටවත් වඩා වැදගත් නිසා..

ඇත්ත කියනවා තමුන්ගේ නේද අර පාරේ දලා ගිය දරුවා..

සර් හරියට කියන්නේ කොහොමද මගේ දරුවා කියලා..

ඕනී ජරා වැඩක් කරලා මන් කලේ නෑ කියන,අපිට හම්බ වෙච්ච පළවෙනි ගෑණු තමුන් නෙමෙයි නිසා..

ඩිලානි… අර දරුවාව අරන් එන්න…

දරුවා අඩද්දී ඇයි එහෙනම් තමුන්ගේ කිරි එරෙන්නේ තමුන්ගේ නිසා නෙමෙයිද?

මගේ නෙමේ සර් දරුවා..

හරි තමුන් ඇත්ත කියන්නේ නෑ නේ..

මන් එහෙම කියද්දී ඇස් දෙකෙන් කදුලු පෙරන් වචන පිට කරන්න කට හැදු ඇය අවුරුදු 18,19 ක මගේ දරුවා වගේ..

සුපුනි මට මේ සම්බන්දේ එපා වෙලා හලෝ,

ඇයි මගේ අයියේ ඔහොම කියන්නේ

සුපුනි මේ හලෝ තමුසෙගේ ඔය මහත්තයෝ කියන වචන මන්තරේ වගේ හැමවෙලේම,කිවුවාට,මට ආදරේ දැනෙන්නේ නෑ ඕයි..

මගේ අයියා කියන ඒවා මට තේරෙන්නේ නෑ

සුපුනි තමුසේ එක්ක යාලු වෙලා දැන් අවුරුද්දක් විතරයි තමුන් මන් මාව මීට් වෙන්න ඇවිත් තියෙන්නේ කී දවස අනික එකත් අර මගුලේ බස් හෝල්ට් එකට. මටත් පිරිමියෙක් ඕයි,

අනේ අයියේ මන් තව ඉස්කෝලේ යනවානේ

සුපුනි තමුසෙ බබා අනිත් කෙල්ලො කොල්ලෝ එක්ක ඇවිදින්න යන්නේ ඉස්කෝලේ නොගිහින්ද ඕයි

අයියා කියන්නත් කලින්,පෝන් එක කට් කරලා,කොච්චර කතා කරලත් නෝ රෙප්ලයි

මේ මගේ අවුරුද්ද ආදරේ බිසර,තරමක් රස්තියාදුකාර පෙනුමක් තිබ්බ ඒ දුන්නු ආදරේ නිසා මට පෙනුනේ මට මවපු එකම පිරිමියා බිසර කියලා

12 වසරේ ඉන්න මන් මගේ ජිවිතේ අංක එක උනේ බිසර,ඔව් මගේ පෙම්වතා, කවදාත් නැතිව හැමදාම රණ්ඩු වෙද්දී මට දැනුනේ පුදුමක්..

සුදු මාත් ආසයි ඔයා ළගට වෙලා ඉන්න.එකයි මන් දැන් හැමදාම රණ්ඩු වෙන්නේ ඔයා එක්ක..

මගේ අයියේ මට තෙරෙනවා එත් මේක එක කාලේ නෙමේ..ඉවසන් ඉමු

අනේ මේ ඕයි මන් රහත් වෙලා නෑ. තමුසේ ඕනී මගුලක් කරගන්නවා.මේ සම්බන්දේ මෙතනින් ඉවරයි..

අනේ අයියේ මට ඔයා නැතුව ඉන්න බෑ දෙයියෝ මන් මැරෙයි ඔයා කියන ඕනීම දෙයක් කරන්නම්

එහෙනම් හෙට අපි මීට් වෙමු

හා මගේ අයියේ

මේ කොහේද අයියේ අපි යන්නේ.

අනේ මැට්ටී බය වෙන්න එපා, මන් ඉන්නවානේ

එදා මගේ පිරිසිදුකම නාදුන බිත්ති හතරක් යට බිසර කෙලසත්දී දහ අතේ වැදුම් වැද වැද මන් බිසරගෙන් ඉල්ලුවේ “අනේ මගේ අයියේ මාව ඔයාගේ කරගන්නවා කියලා නේද? “

ඔව් මැණික ඔයා මගේ කියලා මගේ නළ ඉබිද්දී, හිතුනේ නෑ අපරාදේ මන් බිසරට කෙල්ලෙගේ වටිනාම දේ දුන්නේ කියලා..පසුතැවෙන්න ඕනී වෙලාවකට මන් සතුටු උනා ඒ ආදර බස් නිසා..

අයියේ මට අසනීප උනේ නෑ..

සතියකින් විතර මන් කීයද්දී,මන් දුන්න ටැබ්ලට් එක හරියට ගත්තේ නැද්ද ඕයි කියලා විතරයි ඇහුවේ..

අසනීප නොවුනු නිසා.. මන් දැනගත්තා මන් pregnt කියලා.. මගේ අයියේ මන් pregnt

තමුසෙට මන් එක්ක ආවා වගේ කී දෙනෙක් එක්ක ඉන්න ඇතිද? ඕයි තමුසේ කියන්නේ ඔය ළමයා මට භාර ගන්න කියලාද?

ඒ බිසර මට කතා කරපු අන්තිම දවස ගෙදර ඉන්න බැරි නිසා ගෙදර ඇවිත් හොරෙන් යලුවෙකු ගෙදර හිටියේ සමාජය මුහුණ දෙන්න බැරි නිසා..

දරුවාව නැති කරන්න හිත දුන්නේම නෑ සර්.. එකයි පාරට පෙන තැනක තියලා ගියේ කවුරු හරි අරන් හදාගනි කියලා..

පැයක් විතර ඒ කතාව අහන් හිටපු මාත් පිරිමියෙක් උනත් මටත් ඇති උනේ පිරිමි ගැන පිලිකුලක්..

අපි ඔය ළමයා ගෙදරට කතා කරලා ඔය ළමයාව මේ දරුවා එක්ක භාර දෙන්නම්..

තාත්තා මට ගහයි සර්..

අපි ඒවා බලාගන්නම්..

හා සර්..

එහෙම කියලා ඔලුව වනද්දී මේ හිතේ අනුකම්පාවක් ඇති උනේ නෑ කිවුවොත් බොරු..

හැමදේම තෙරුම් කරලා දරුවා එක්ක දෙමාපියන්ට භාර දුන්නේ කරන්න තියෙන හොදම දේ එක නිසා.

—නිමි—***

ආදරේ අතීතෙත් තිබ්බා වර්තමානෙත් තියේ අනගතෙත් තියෙයි.. හැබැයි ඒ කාලේ ආදරේ අද කාලේ ආදරේයි බැලුවොත් සමාන වචනේ අකුර හර විතරයි බන්..

ඒ කාලේ මාස ගණන් යවපු ලිවුමට පිළිතුරු ලිවුමක් එනකන් බලන් හිටියා කියන මිනිස්සු හිටියා කිවුවාම හරි පුදුමයි නේද?

ඔව් අද කාලේ ආදර කතා එක්ක බලද්දී එක පුදුම හතෙන් එකක් වෙන්නත් බැරි නෑ.. මන් කියන්නේ නෑ හැම ආදර කතාවක්ම ඒ වගේ කියලා ඒදා හිටිය සාලිය අශෝකමාලාවන්, අදත් ඇති එත අත් ඇගිලි තරමට ස්වල්පයක් බන්.

මගේ පණ එකී ඌ කියලා ස්ටේසස් දාන උන්ගේ ඉන්බොක්ස් ඇතුලේ තව හත් පණවල් තියේ බන්.
මට තෙරෙන්නේ නෑ..උන්ගෙන් වැරදිද,දියුණු ලොකේ වැරැද්ද කියලා..

මොනවා උනත් කොල්ලනේ මේ ටික ටිකක් හිතපන් උබලාට සමහර විට හම්බ වෙයි යශෝදරා වගේ කෙල්ලෝ ගෑණු, මන් දන්නවා උබට යශෝදරාවක් නෙමේ කුවේණියක් උනත් උබට වැඩක් නෑ උබට ඕනි දත් තියෙන කාලේ මස් කරන්න..

ඔව් කාපන් හැමදාම කන්න බෑනේ දත් තියෙනකන් විතරනේ,එත් මතක තියාගනින් ඔය මස් කාපු උබට කවදාහරි විදවලා ඒ කාපු මස් ආයේ සිහි නොවුනොත් බුදුදහම බොරු බන්.

තවත් දෙයක් අද ලව් කරලා හෙට රෑම් ගෙනිහින් ජිවිතේ විනාශ කරන එක නෙමේ බන් පිරිම්කම..

” මන් පට්ට පොරක්නේ යකෝ මන් මෙච්ච ගාණක් රෑම් ඇද්ද කියලා” උබ මහා පොරක් කියලා හිතනවා නම් බත් කන එක නවත්තලා කාපන් තණකොල

තමන්ගේ පණ වගේ ආදරේ කරන කොල්ලාට තමන්ගේ වටිනාම දේ දෙන්නේ ඇයි? ඒ එකීම අවංකම වෙන්නත් පුලුවන් ගොන්කම වෙන්නත් පුලුවන්,උබ විශ්වාස කරලා උබ එක්ක යහන් ගත වෙන්න එන්නේ ඇයි,කියලා උබට තප්පරයක් හිතන්න බැරි නම් උබ නිවටයෙක් බන්..

උබ කියයි ඒකීට තියෙන අමාරුව නිසා කියලා,මන් මේ කියන්නේ ඒ වගේ උන ගැන නෙමේ..උබ වෙනුවෙන් උබ මත්තෙම නැහැවෙන,උබ නැත්තම මන් මැරෙයි අයියේ කියලා 24 පැයම හොටු පෙරන් අඩන අහිංසක කෙල්ලෝ ගැන..

ඒ දීලා ඒ කෙල්ල උබෙන් බලාපොරොත්තු වෙන්නේ උබේ ආදරය,උබ එකීගේම වෙයි කියලා, ඒ ගෑණු අපේ මෝඩකම වෙන්න ඇති බන්.. ආදරේ ඉස්සරහා ගෑණු බොදලයි උබලා අහලා ඇතිනේ..

ඒ කෙල්ලගෙන් උබට ඕනී හැමදේම අරන් උබ තෘප්තිමත් වෙලා,ඒ කෙල්ලව වෙන උන්ට පවලා දෙනවා නම් නැත්තම් එකීව බය කරන් එකීගෙන් වැඩ ගන්නවා නම් එහෙමත් නැත්තම් එකීව උබේ වැඩේ උනාට පස්සේ එකීව හලනවා නම් උබ පිරිමියෙක් නෙමේ බන්.. උබ ………… හිස්තැන පුරවගනින්…

මේකත් මතක තියාගනින්.. කෙල්ලෙක්ගේ සුදු රෙද්ද උඩ මවපු ලේ පැල්ලම උබටත් මැවුවානම් අද කෙල්ලන්ට වැඩිය උබලා අසරණයි….

රිදෙන උන්ට රිදෙයි එත් කරන්න දෙයක් නැත… සමාවෙයල්ලා…කොන්ද පණ ඇති උන් කියයි මන් හරි කියලා…

මම චතූ චතූ

Advertisment