මැර හිතකට ලං වී 😘

“මේ බත් ටිකක් හරි කන්න දුවේ.මේ කාලෙ නොකා නොබී ඉන්න හොද නෑනෙ………”

දේෂාන් මහත්තයගෙ අම්මා බත් පිගානක් කාමරේටම ගෙනල්ලා මට කවන්න හැදුවා.ඒ වුනාට මට කන්න බෑ අප්පිරියයි.කෑම සුවද එද්දිත් මට යන්න වගේ එනවා.

“අනේ මට කන්න බෑ අම්මෙ.අප්පිරියයි……..”

“අම්මේ……..”

දේෂාන් මහත්තයා අම්මට කතා කරගෙනම කාමරේට ආවා.

“අනේ බලන්නකො පුතා මේ ළමයා කියන දේ අහන්නෙම නෑනෙ.බත් කටක්වත් කන්නෙ නෑ.මෙහෙම නොකා නොබී ඉදලා හොද නෑ………”

“කෝ දෙන්නකො මං කවන්නම්.අම්මත් ගිහින් කන්නකො……….”

දේෂාන් මහත්තයා අම්මගෙ අතින් බත් පිගාන අරගෙන ඇදෙන් වාඩි වුනා.අම්මා මගෙ ඔලුව අත ගාලා කාමරෙන් ගියා.

“ඇයි කන්න බැරි?………”

“අනේ මට බත් කන්න බෑ මහත්තයා………”😥😥

“එහෙනම් මොනවද කන්න පුලුවන්?………”😠😠

“අයිස්ක්‍රීම් ඕනි………”

“අයිස්ක්‍රීම් ලොරියක් හරි ගෙනත් දෙන්නම්.ඉස්සෙල්ලා බත් ටිකක් කාලා ඉන්න.දෙන්නෙකුට ඇති වෙන්න කන්න ඕනි මේ කාලෙ………”

“මට කන්න බෑ……….”😠😠

එහෙම කියලා මං අනික් පැත්තට හැරුනා.ඒ පාර නම් දේෂාන් මහත්තයට කේන්ති ගියා.

“මගෙන් ගුටි කන්නෙ නැතුව මේ ටික කනවා.මතකනෙ කලින් කෑම කන්න බෑ ගුටි කාපු පාරවල්?………”😠😠

මේ යකා හදන්නෙ මට ඒක මතක් කරලා දීලා මේ ටික කවාගන්න.කන්න බෑ අප්පිරියයි කිව්වට මූට ඒක තේරුම් ගන්න බෑනෙ.බලෙන්ම වගේ මට බත් කටවල් තුන හතරක් කැව්වා.කාලා බෙහෙත් ටික බිව්වා.

“අයිස්ක්‍රීම් ඕනිද?……..”

“එපා………”😠😠

මං තරහින්ම එහෙම කිව්වා.වමනෙ යන්න වගේ ආවත් ගියේ නෑ.මං ඇදේ ඇල වෙලාම හිටියා.

😘😘

“අහිංසා………”

දේෂාන් මහත්තයා ඇවිත් මගෙ ඔලුව අත ගාලා මට ආදරෙන් කතා කරා.ඔව් ඉතිං මේ යකාට මට ආදරෙන් කතා කරන්න මතක් වුනේ මං බඩ වුනාට පස්සෙ තමයි.😀😀😄

“ඇයි මහත්තයා?………”

“තරහද මැණික දවල් මං දවල් කන්න කියලා බැනපු එකට?………”

“නෑ මහත්තයා.ඒත් මට අප්පිරියාවෙන් කන්න බෑ.එපා වෙනවා………”

“තරහට නෙවෙයිනෙ රත්තරං කන්න කිව්වෙ.ඔයාට බඩගින්නෙ ඉදලා හොද නෑනෙ.ඔයා බඩගින්නෙ හිටියොත් අපේ පැටියා පව්නෙ……..”😚😚

මගේ කුස අතගාමින් දේෂාන් මහත්තයා එහෙම කිව්වා.දරුවෙක් ලැබෙන්න ඉන්නැද්දී අම්මා කෙනෙක් මොන තරම් දුක් වේදනා විදිනවද?මාස දහයක් තිස්සෙ විදින්නෙ සුලු පටු දුකක් නෙවෙයි. මට මගෙ අම්මව මතක් වුනා.අනේ අම්මා හිටියා නම් අද මං ලගින් ඉන්නවනේ.

“මැණික මොනවද කල්පනා කරන්නෙ?හොර කෙල්ල කොහොම හරි මාව බෑණා කරලා මේකි දුව වුනා නේද?………”

“මහත්තයාට නම් අම්මා හරි ඉන්නවා. මට අම්මයි තාත්තයි දෙන්නම නෑ.එයාලා නැති වෙද්දී මට අවුරුදු හතරයි. මහත්තයගෙ අම්මා මං ගාව ඉන්නැද්දි මට මගෙ අම්මා ලග ඉන්නවා වගේ දැනෙන්නෙ………”

“දැන් දුක් වෙන්න එපා රත්තරං.මගෙ අම්මා ඔයාගෙ අම්මා කියලා හිතා ගන්නකෝ.තව ටික කාලෙකින් මැණිකත් අම්මා කෙනෙක්නෙ………”

“දැන් ගොඩාක් රෑ වෙලා.මහත්තයා නිදා ගන්න………”

“ඇයි ඔයා නිදා ගන්නෙ නැද්ද?………”

“මට නින්ද යන්නෙ නෑ මහත්තයා රෑට………”

“ඒකනෙ ඔයා දවල්ට නිදා ගන්නවනෙ. ඒක හින්දා වෙන්න ඇති රෑට නින්ද යන්නෙ නැත්තෙ………”

දේෂාන් මහත්තයා මගෙ උඩොක්කුවට ඔලුව තියාගෙන හිටියා.මං මහත්තයගෙ ඔලුව අතගෑවා.ටිකක් වෙලා යද්දී දේෂාන් මහත්තයට සනීපෙට මගෙ ඔඩොක්කුව උඩම නින්ද ගියා.නිදාගෙන ඉන්නැද්දී නම් පූස් පැටියෙක් වගේ😁ඇහැරිලා ඉන්නැද්දී පොඩ්ඩක් අවුස්සලා බලන්න ඕනි.😀එතකොට කොටි පැටියෙක් වගේ.😁😄 දැන් මගෙ ඔඩොක්කුව උඩ නිදාගෙන ඉන්න අපූරුව.හරිම ලස්සනයි.මං හිමිහිට ෆෝන් එක අරන් සෙල්ෆියක් ගත්තා.මට වඩා දේෂාන් මහත්තයා සුදුයි. කම්මුලේ තැනින් තැන රැව්ල් කොට වැවිලා තිබුනා.කොන්ඩෙත් ටිකක් වැවිලා.මට හිතුණා පාත් වෙලා ඒ සුදු මූණ සිප ගන්න.ඒත් බෑ අප්පා.😁මේකාට ඇහැරුනොත් එහෙම ලැජ්ජාවෙ බෑ. අවුරුදු තිස්දෙකක් වුනාට අවුරුදු විසිපහක විතර පෙනුමක් තියෙන්නෙ දේෂාන් මහත්තයට.කව්ද දෙයියනේ හිතුවෙ මේ යකා මාව මෙහාට ගෙනාවෙ මේ වගේ ජීවත් වෙන්න කියලා.ඒ දවස් වල යකෙක් වගේ ආරූඪ වෙලා හිටියට දැන් නම් හරිම ආදරණීයයි.ඕනම චණ්ඩි පිරිමියෙක් මට්ටු කරලා ගන්න පුලුවන් ලස්සන ආදරේකට.😘😘


“අම්මෙ අපි පන්සල් යමුද?………”

මට හරිම ආස හිතුණා පන්සල් යන්න. දේෂාන් මහත්තයා මාව දෙතුන් සැරයක් විතරයි පන්සල් එක්කන් ගිහින් තියෙන්නෙ.

“හා දුවේ.මං පොල්තෙල් පහන්තිර හදුන්කූරු ලෑස්ති කරගන්නම්……….”

හවස තුනට විතර ලෑස්ති වෙලා දේෂාන් මහත්තයගෙ අම්මයි මමයි පන්සල් ආවා. මේ වෙලාවට පන්සලේ ගොඩාක් සෙනග හිටියෙ නැති හින්දා අපි නිදහසේ වැද පුදා ගත්තා.ආපහු අපි ගෙදර එන්න පිටත් වුනේ පැයක් විතර පන්සලේ ඉදලයි.

ආපහු එන අතරෙ දේෂාන් මහත්තයගෙ අම්මා මගින් වාහනේ නවත්තලා එලවලු වගයක් ගත්තා.මාත් වාහනෙන් බැහැලා කඩේට ගියා.නිකමට වගේ වටපිට බලද්දී මං දැක්කා දේෂාන් මහත්තයා තවත් ගෑනු කෙනෙක් එක්ක කාරෙකට නගිනවා.එයාලා හිටියෙ පාරෙන් එහා පැත්තෙ.වාහනේ තවත් පිරිමි කෙනෙක් හිටියා.මං එයාලව දැක්කත් එයාලා මාව දැක්කෙ නෑ.දේෂාන් මහත්තයයි ඒ ගෑනු කෙනයි කාරෙකට නැග්ගා.ඊට පස්සෙ මට එයාලව පෙනුනෙ නෑ.පාරෙ තවත් වාහන ගොඩාක් ගිය නිසා.මගෙ හිත අමුතු කලබලේකින් පිරුනා.🤔🤔කව්ද දේෂාන් මහත්තයත් එක්ක හිටපු ඒ ගෑනු කෙනා.ඇමැන්ඩා වෙනුවට දැන් තවත් සක්කරවට්ටමක් කරේ එල්ලගෙනද?😡😡ගෙදර ආවට පස්සෙ මං අහන්නම්කො.😠😠

“යමු දුවේ?ඇයි මේ බය වෙලා වගේ?……..”

“මො…..මොකුත් නෑ අම්මෙ.අපි යමු……..”

දේෂාන් මහත්තයගෙ අම්මට මං මොකුත්ම කිව්වෙ නෑ.මට බයකුත් දැනුනා දේෂාන් මහත්තයා අර ගෑනු කෙනාත් එක්ක මේ රෙදි ශොප් එකට ගියේ ඇයි කියලා.ගෙදර එනකල්ම මං කල්පනා කරේ ඒ ගැනයි.

😍😍

මං කාමරේට එද්දී කාමරේ ඇද උඩ තිබිච්ච දේවල් දැකලා මගෙ ඇස් උඩ ගියා.අලුත උපන් දරුවෙකුට අවශ්‍ය කරන ඇදුම්,දරුවව නාවන බේසමක්, මදුරු දැලක්,දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මා කෙනෙක් අදින ගව්ම්,චීත්ත,බෙඩ් ජැකට්……ආදී ගොඩාක් දේවල් තිබුනා.මං හරිම ආසාවෙන් ඒ ඇදුම් එකින් එක අතට අරන් බැලුවා.දරුවෙකුට අන්දන නැපි ගොඩාක් තිබුනා.චූටි චූටි ගව්ම් පොඩිති අනේ…..😘😘මට හරිම ආස හිතුණා.මං ඒ ගව්මක් අතට අරන් බැලුවා.

“ලස්සනයිද මැණික……..”

දේෂාන් මහත්තයා පිටි පස්සෙන් ඇවිත් එහෙම ඇහුවා.

“අනේ ගොඩාක් ලස්සනයි මහත්තයා. ආසාවෙ බෑ මේවා දකිද්දී.මහත්තයාද ගෙනාවෙ?…….”

“ඔව් මැණික මට ඕවා හරියට තෝරන්න තේරෙන්නෙ නෑ.රොශානුයි උගෙ වයිෆ් එක්කයි ගිහින් තෝර ගත්තෙ…….”

අපොයි🤦🤦මං ඉස්සෙල්ලා දැක්කෙ ඒ දෙන්නවද?මං ගිය දුර.මාව සතුටින් තියන්න දේෂාන් මහත්තයා ඕනිම දෙයක් කරයි.

දේෂාන් මහත්තයයි මමයි දෙන්නාම එකතු වෙලා අලුතින් ගෙනාපු බේබි කබඩ් එකට ඒ ඇදුම් බඩු සේරම ලස්සනට අහුරලා දැම්මා.


“අහිංසා……..”

“ඇයි මහත්තයා?……..”

“පැටියා පයින් ගහන්නෙ නැද්ද තාම?…….”

“අනේ මහත්තයා තාම මාස දෙකයිනෙ. තව කල් තියනවා පැටියා දගලන්න……..”

“මෝඩි…..බඩ තියෙද්දී කලිසම් ඇදලා.අර මං ගෙනත් දීපු ගව්ම් අදිනවා.මේවා ඇදලා බඩට හිරයිනෙ……..”

මං ඇදගෙන හිටපු සැහැල්ලු කලිසම ටිකක් පහලට අදින ගමන් දේෂාන් මහත්තයා එහෙම කිව්වා.මට හරිම ලෝබ හිතුණා ඒ ආදරේට.මනමාල බැල්මක් මුහුණ පුරා තවරාගත් දේෂාන් මගෙ මාව ඒ පපුතුරුලට ගත්තා.

“අනේ එපා මහත්තයා……..”

“අනේ මෝඩියෙ ලගට ගත්තෙ මොකුත් කරන්න නෙවෙයි.ටිකක් තුරුල් කරගන්න.මට හිතෙනවා මේ සුදු මූණ රතු වෙනකල් ඉඹින්න……..”

යකෝ මූ මාරයිනෙ😀😁මට ඊයෙ හිතුනු දේ මූට අද හිතිලා.මට හිනා ගියා.

“ඇයි හිනා වෙන්නෙ?…….”

“මොකුත් නෑ මහත්තයා……..”😁😁

“එහෙනම් නිදා ගන්න…….”

මාව නිදි කරවලා දේෂාන් මහත්තයා මට සීට් එක පෙරෙව්වා.


“ගුඩ් මෝනිං මහත්තයෝ……..”☕

තේ කෝප්පෙත් අරගෙන මේසෙ උඩින් තියලා මං දේෂාන් මහත්තයව ඇහැරෙව්වා.

හිමීට ඇස් ඇරලා දේෂාන් මහත්තයා මං දිහා බැලුවේ පුදුම වෙලා වගේ.මං උදෙන්ම නැගිටලා ඇදගත්තෙ ඊයෙ දේෂාන් මහත්තයා ගෙනත් දීපු ලා රෝස පාට ලස්සන ගව්මක්.ඒ ගව්ම මට ගොඩාක් ලස්සනයි කියලා හිතුණා.🤰🤰
“ගුඩ් මෝනිං අම්මී…….”

එහෙම කියලා දේෂාන් මහත්තයා මාව බදා ගත්තා.අනේ මට හරිම ආස හිතුණා දේෂාන් මහත්තයා මට අම්මී කියලා කියනකොට.

“අනේ මැණික ඔයා මේ ගව්මට ගොඩාක් ලස්සනයි.හරිම ආස හිතෙනවා මැණිකව මෙහෙම දකිද්දී.වඩා ගන්න හිතෙනවා මගෙ සුදු බෝලෙව……..”😘😘

වෙනදා ඕයි,තමුසෙ,ගෑනි,හරකි,එළදෙන, පිස්සු මොංගලී කියපු කටින් අද මට ලස්සනට මැණික,සුදු බෝලෙ,වස්තුවේ කියලා කතා කරනවා.😀😚😀

“කට හෝදගෙන තේ එක බොන්න මහත්තයා…….”

කියපු පරක්කුවට දේෂාන් මහත්තයා මූණ කට හෝදගෙන ඇවිත් තේ එක බිව්වා.මං ගිහින් ජනේල් ටික ඇරියා.

“මහත්තයා……..”

“හ්ම්ම්……..”

“මහත්තයා කැමති දුවෙකුටද පුතෙකුටද?……..”

“එහෙම නෙවෙයි.මට ඕනි පුතාලා තුන් දෙනයි දුවලා දෙන්නයි……..”

“අනෙ අම්මෝ……..”😱😱

“ඇයි මදිද?……..”

“අනේ පස් දෙනෙක් වැඩි නැද්ද මහත්තයා?……..”

“කොහෙ වැඩියක්ද?මට නම් දරුවො කොච්චර හිටියත් වැඩි නෑ……..”

“මහත්තයා නම් කියයි.මංනෙ මාස දහයක් තිස්සෙ බඩේ තියාගෙන දුක් විදින්න ඕනි……..”

මතු සම්බන්දයි